Katha Ahura

සඳලතා |10 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

සඳලතා නිසා 10 කොටස

තවත් ගොඩක් දේවල් කතාකර කර හිටපු පාල ගුරුන්නාන්සේට සමුදීල යනවා මම අහගෙන.

පලමු දවස නිසාම ගුරුන්නාන්සේගෙන් මම අර වශී මන්තරය අහන්න ගියෙත් නෑ. අඩුම එක දවසක් හරි ගුරුන්නාන්සේ කරන වැඩකට ආවතේවකාරයා වෙලා ඊට පස්සේ ඒ ගැන අහන්න කියලයි මගෙ හිත කිව්වේ.

තවත් දවසක් උදාවුනා.

” කොල්ලෝ මේ ගමේ මළ ගෙයක් වෙලා තියෙනවා… මම පොඩ්ඩක් එහේට ගිහින් එන්නම්…උබ එතකම් ගෙදර ඉදපන්.”

උදේ අට හමාරට විතර ගුරුන්නාන්සේ ඒක කිව්වම මටත් හිතුනා ඒ මලගෙදර යන්ඩ.

” මාත් එන්ඩද ගුරුන්නාන්සේ මාමේ ඔය මලගෙදර යන්ඩ, ගෙදරට වෙලා ඉන්නත් හරි කම්මැලියි.”

සමහරවිට ඔය කියන මලගෙදරට ,සදලතා මේ ගමේ ඉන්නවනම් එන්නත් පුලුවන්. ඒ ගැන හෝඩුවාවකුත් දැනගන්නත් පුලුවන් වෙයි.

මම අර දේ ගුරුන්නාන්සේ ට කිව්වේ එහෙම අදහසකුත් හිතේ තියාගෙන.

” හ්ම්ම්ම්ම්ම්ම්, එහෙමනනම් උබත් වරෙන්කෝ…….”

ගුරුන්නාන්සේගේ ඒකට විරුද්ධ තවයක් තිබ්බේ නැති හින්දා මට ඇතිවුනේ සතුටක්.

” හැබයි කවුරුහරි උබ කවුද කින්ද මන්ද කියල ඇහුවොත් කියපන්, මම ගුරුන්නාන්සේ ගේ නෑදෑ කෙනෙක්. ගුරුන්නාන්සේ න් යන්ත්‍ර මන්ත්‍ර සාස්තරේ ඉගෙන ගන්න ආවා කියලත් කියාපන්. තේරුනාද”

” තේරුනා ගුරුන්නාන්සේ මාමේ මම එහෙම කියන්නම්”

මම ගුරුන්නාන්සේ කියපු දේට කැමති වුන.

මමයි ගුරුන්නාන්සේ යි ඒ මළගෙදර ගියේ පයින්. මලගෙදර නිසා මිනීපිටියට යනකම් පාර වීසී ගහන ,සුදු කොඩි හිටවන අය අපිට හම්බවුනා. ඒ හැම කෙනෙක්ම ගුරුන්නාන්සේ දැක්කට පස්සේ හිස නමලා වගේ හිනා වුනෙ ගුරුන්නාන්සේ සෑහෙන්න බලවතෙක් වගේ කියාපාමින්. මම දිහාත් ඔවුන් බලන් උන්නේ හරිම ඕනාකමින් කරන වැඩ පවා නවත්වමින්. මම දිහා බලල ” මෙයා කවුද ” කියල අහන්න වගේ ඔවුන් මූනෙන් මූන ඉගි ලබාදෙනවත් මම බලාගෙන.

” සුජාතා කුමාරී ,තරුන මහත්මියට නිවන් සුව පතමු”

මලගෙදර ඉස්සරහ පාර ලග ඒක ගහල තිබ්බා. මැරිලා තියෙන්නේ තරුන කෙනෙක් හින්ද වෙන්න් ඇතී මලගෙදර හිටියා සෑහෙන්න පිරිසක්.

මැරුන සුජාතා කියන කෙනා ඒ තරම් වයස කෙනෙක් නෙමේ ,මියගිය කෙනාගේ උපන් දිනය ගහල තිබ්බ අවමගුල් බැනර් එකේ තිබ්බ උපන් දිනේට අනුව ඇයට අවුරුදු විසිපහක්වත් නෑ..මිය ගිය සුජාතා කියන කෙනාට තිබ්බේ තලෙලු සමක් ,මීනීපෙට්ටියේ මිනිය හරියට තිබ්බේ සුජාතා කියන කෙනාට නින්ද ගිහිල්ලා වගේ.

මිනියට ආචාර කරල මමයි ගුරුන්නාන්සේ යි මලගෙදර රැස්වෙලා ඉන්න මිනිස්සු අතරට ගියා.ඔවුන ගමේ වෙන මොකක් හරි දෙයක් ගැන කතා කරමින් උන්නා.

” පෙරේදා බාලසූරිය මහත්තෙලාගේ ගෙට පැන්ලා ගෙදර අය බයකරලා රත්තරන් බඩුයි කන කර ඒවයි අරන් ගිහින් තියෙනවා….”

එක මිනිහෙක් කිව්වේ එතන හදල තිබ්බ තහඩු මඩුවර වියන් රෙද්ද බදිමින්.

” ඒකනේ ඔය මේ මාසෙට ගමට හොරු පැන්න තුන්වෙනි පාර ,ගිය සුමානේ හීබට්ලාගේ ගෙටත් පැනලා…මේකනම් බල බලා ඉදලනම් බෑ.. පොලිසියටත් බැරිවෙලානේ මේ හොරු කවුද කියලා හොයාගන්ඩ…..”

එතන උන්නු තව මිනිහෙක් කිව්වා.

” ඈ සීමියෝන් මාමේ මාමටවත් බැයිද ඔය දන්න සාත්තරෙන් මේ ගමට පනින හොරුන්ට මොනව හරි කරල දාන්ඩ…….”

එතන හිටපු තව මිනිහෙක් කිව්වේ ගුරුන්නාන්සේ දිහා බලාගෙන

” අන්න සීමියෝන් මාමේ කරනවනම් කරන්ඩකෝ ඔය හොරුන්ට හොද පාඩමක් ,ගුරුන්නාන්සේ මාමගේ හපන්කමත් එතකොට ආයේ පාරක් බලන්ඩ පුලුවන්නේ…..”

” හරි මම කරල දෙන්නම් ,ඕවා මට මහ ලොකු දේවල් නෙමේ… අදම මම කරන්නම්කෝ ඔවුන්ට වැඩක්…උබලට හෙටම ආරංචි වෙලා තියෙයි මේ ගමේ ගෙවල්වලට පනින හොරුන්ට මොකද වෙලා තියෙන්නේ කියල හහ් හහ හා…….””

ගුරුන්නාන්සේ කිව්වේ සුපුරුදු හිනාවෙන් කියල මම දිහ බැලුවා.

” කොල්ලෝ අර අතන ඉන්නව ගොලු උක්කුව.. ඌට පොඩි පනිවිඩයක් දීල එනකම් උබ මෙතන හිටපන්”

කියපු ගුරුන්නාන්සේ එතනින් ගියා. ගොලු උක්කුවා කියන්නෙත් පාල වගේම ගුරුන්නාන්සේ ඒක්ක ගුරුකම් වැඩවලට අත් උදව්දෙන කෙනෙක් කියල මම දැනගත්තේ ඊයේ හවස පාලයි ,ගුරුන්නාන්සේ ගෙයි කතාව ඇහුවට පස්සෙයි.

මල ගේ තහඩු හඩ් එකේ වියන් රෙද්ද බැද බැද හිටපු අය මාත් එක්ක කතාවට ඇවිල්ලා ඇහුව මම කවුද කියල. මම ඒවාට පිලිතුරු දුන්නේ ගුරුන්නාන්සේ ගේ නෑදෑ පුතෙක් ,ආවේ ගුරුන්නාන්සේ ගේ උදව්වට කියලා.

” අපි හිතුවේ සීමියෝන් මාම ඔය සාත්තරේ කාටවත් දෙන්නෙ නැති වෙයි කියලා…. කිසි කෙනෙකුට උන්දෑ ඔය සාත්තරේ දෙන්න කැමතී නෑ….”

මිනිහෙක් ඒක කියද්දී දැකපු දෙයින් මට දෙලො රත්වුනා. සදලතාට සමාන පෙනුමක් තිබ්බ කෙනෙක් බයිසිකල් පොල්ලේ වාඩි කරගෙන වයස අවුරුදු පනහ ඉක්මවූ පුද්ගලෙක් බයිසිකලේක මලගෙවල් පැත්තට ආවා.

” දෙයියනේ ඒ සදලතා වගේ නෙමේ…සදලතාමයි ”

ඇයව බයිසිලෙන් බැහල ටික ටික මට සමීප වෙද්දී මට ඇය්ව අදුරගන්න අමාරු වුනේ නෑ…

” ඒ කියන්නේ සදලතාගේ ලොකු අම්මගේ ගම වුන නිකවැවගම යි ,ගුරුන්නාන්සේ ගේ ගම වුන නිකවැවගම යි දෙකක් නෙමේ එකක්. සදලතා මාව දැක්කොත්….බෑ බෑ…සදලතාට මාව දකින්න දෙන්න හොද නෑ……”

මම සදලතා එන දිහා බලාගෙන හිතුවේ හොදටම කලබලෙන්.

” ඉක්මනින් මෙතනින් යන්න ඕනා. සදලතා මේ පැත්ත බැලුවොත් මාව හොදටම දකී….”

හිතපු මම එතන ඉන්න අයට මම ගුරුන්නාන්සේ මාම ගිය පැත්තට යනවා කියලා ඉක්මන් අඩියෙන් ඒ පැත්‍තට ගියා. හොරෙන් පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කා සදලතා මිනිය බලන්න මිනිය තිබ්බ ගේ ඇතුලට ඇතුල් වෙන හැටී.

ගුරුන්නාන්සේ කියපු ගොලු උක්කුවා මම පලමු පාරටදැක්කේ ගුරුන්නාන්සේ ඉන්න දිහාට ලංවෙද්දී. කලුම කලු මහත මිනිහෙක් වුන ගොලු උක්කුවට කතා කරන්න බැරි ගොලු කෙනෙක්. මම එතනට යද්දී ගුරුන්නාන්සේ ඔවුත් එක්ක ක්තා කර කර උන්නේ අත්වලින්.

ගුරුන්නාන්සේ හස්ත බාසාවෙන් අහන ඒවට ගොලු උක්කුවා පිලිතිරු දුන්නේ ඔලුවෙන්.

” ගුරුන්නාන්සේ මාමේ මලගෙදර තව වෙලා ඉන්න ඕනාද ”

මම එතනට ගිහින් ඇහුවා.

” නෑ ඕන නැ මාත් මේ උක්කු එක්ක කතාකරල ඉවර වෙලා යන්න හැදුව විතටයි උබ ආවේ…”

සදලතාට නොපෙනී කොහොම හරි මම ගුරුන්නාන්සේ ත් එක්ක ආපහු ආවා.

*****************************

ගුරුන්නාන්සේ ගෙදර ආවට පස්සේ ගුරුන්නාන්සේ ගේ ලග තිබ්බ වැවට පැනල නෑවා. ඊට පස්සේ සුදු ඇදුමක් ඇදල සැරසෙනවා මම බලාගෙන.

” කොල්ලෝ මම යනවා දේවාලේ ඇතුලට ,උබ ඒ පැත්තේ එන්ඩ එපා.. ගොලු උක්කුව හරි ,පාල උන් දෙන්නහෙන් එකෙක් ඇවිත් උබට තියල තියන්ඩ කියල බඩු වගයක් දෙයි.. ඒවා තියල තියාපන්…”

එහෙම මට අනකරලා ගුරුන්නාන්සේ ගෙයි ඉස්සර තිබ්බ හූනියම් දේවලේට ගියා.

පැයෙන් පැය ගෙවිලා ගියත් ගුරුන්නාන්සේ ඒ දේවාලෙන් පිටතට ආවේ නෑ..ගුරුන්නාන්සේ කියපු හින්දම මම ඒක ඇතුලට ගියෙත් නෑ.

හවස දෙක විතර වෙද්දී ගොලු උක්කුවා මොනවද මන්දා දාපු පෝර උරේකුත් අරන් ගුරුන්නාන්සේගේ ගේ පැත්‍තට ආවා.

ඒ ගෙනාපු දේවල් ගෙයින් තියන්ඩ කියල කලු උක්කුවා කිව්වේ අතින්. ඒව ගුරුන්නාන්සේ ගේ ගෙයින් තියල ආවට පස්සේ ගොලු උක්ක්වා අත එහාට මෙහාට කර කර උගුරෙන් හඩවල් පිට කර කර මගෙන් මොනවද ඇහෙව්වත් මට ඒ කිසිම දෙයක් තේරුනේ නෑ. ගොලු උක්ක්වා ආපු පාර ගියේ නෑ. ඒත් ඔහුගේ පෙනුම දකිද්දීනම් මට පෙනුනේ ඔහු ඉන්නේ මොනව හරි දෙයකට කලබලෙන් වගේ කියල.

උදේ දේවාලේට ගිය ගුරුන්නාන්සේ ඒකෙන් ආපහු ආවේ හවස ගොලු උක්කුවත් ඇවිත් පැයකට විතර පස්සෙ.

ගොලු උක්කුව ගුරුන්නාන්සේ දැක්කට පස්සේ හස්ත බසින් දෙයක් කියන්ඩ ගියේ කලබලෙන් වගේ.

” මොකක් පාලය පොලීසියට අහුවෙලා……….”

ගුරුන්නාන්සේ කිව්වේ අදහගන්නත් බෑ වගේ…..

” හ….හ…හ……හ…”

ගොලු උක්කුව උගුරෙන් එහම කියද්දී ගුරුන්නාන්සේ ත් හස්ත බසින් ගොලු උක්කුවගෙන් දෙයක් ඇහුවා. ගොලු උක්කුවා ඊට පිලිතුරක් විදිහට සුරුට්ටුවකින් දුම් පිටකරන විදිහට අගවල තවත් අතින් පයින් මොනවද කිව්වා.

” ශික්….. පාලයගේ ගංජා අද වගේ දවසකමනේ අල්ලලා තියෙන්නේ….දැන් මම කාත් එක්කද අද රෑ අර වැඩෙ කරන්නේ….”

ගුරුන්නාන්සේ තරහින් ඒක කියද්දී ,ඒ කියපු දේ තේරිලාද මන්දා ගොලු උක්කුවාගේ කලු මූන බලාගෙන ඉද්දීම සුදුමැලි වුනේ භීතියෙන්………………ඊලග කොටසට සඳලතා නිසා

ගුරුන්නාන්සේ කියපු අර වැඩේ කියල කිව්වේ මොකක්ද, ගුරුන්නාන්සේ කවුරුත් එක්ක රෑ ඒ වැඩේ කරයිද ? කියල බලමු ඊලග කොටසින්. අනුමාන කරන්න දක්ශ අය අනුමාන කරන්නකෝ එතකම්…….

මම හිතුවේ නෑ සදලාතා නිසා කතාව මේ තරම් දිගට ඇදෙයි කියලා. දැන් නම් කතාව ටයිප් කරන්නත් එපා වෙලා වගේ…..කියව්න අයටත් එපාවෙලා ඇති මේකේ අවසානය දැන ගන්න බැරිව… මම මොන කට්ටක් කාල හරි අනිවාර්යයෙන් තව කොටස් දෙකකින් මේ කතාව ඉවර කරලම දාන්නම්…..එතකම් මාත් එක්ක තරහ නොවී කතාව බලමු නේ….

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දෙන ඔක්කොටම ගොඩක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.