Katha Ahura

සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව

4.5/5 - (2 votes)

03

ඉදින් මෙතෙක් දිනක් තමා විදි මානසික පීඩනය නිදහස් කර ගැනීමට දිහස් හට අවස්තාව උදාවූයේ….දහවල් වරුවේ අහම්බෙන් පාරේ අයිනේ උන් තම සහෝදරයා දුටුවායින් අනතුරුවයි…
ඔහු ගැන හොදා කාරවම දන්නා දිහස් අද මේ තරුනිය පිටුපසින් නුවර ආවේද ඇයගේ විස්තර ලබා ගැනීමටයි…මන්දයක් මෙතැනින් පටන් ගන්නා ක්‍රීඩාවේ තව දුරත් ඔහු රූකඩයක් නොවන නිසත් … අදින් පසු එලබෙන කාලය තම සොහොයුරාට එනම් තෙසිත් හට සුභ නොවන නිසාවෙනි.

ඉදින් ඒ ගැන සිතට දැනෙන විට දිහස්ගේ මුවේ ඇදී ගිය සමච්චල් සහගත සිනහව අහම්බෙන් දුටු මිගාරට වැටහුනේ…” නිදාවුන් සිංහයා අවදිව දඩයමට සැරසෙන බවයි….”
……………………………….

දින දෙකක් සතුටින් ගෙවා දමා දේවි යලිත් සිය බෝඩිම බලා පිටත් වෙන්නට විය.

කාලය හිමින් සීරුවේ ගලා ගියේය ..නමුදු සෑම සිකුරාදාවකම දෙවී ජූස් බා එකට යෑමට හුරු වූයේ න් දිනෙන් දින ඇගේ හදවත තෙසිත් නමින් හැගීම් දලුලාවැඩෙමින් තිබුනි. තෙසිද්ද ඈහා කතා බහ කිරීමට තිබුන එකදු අවස්තාවක් මග හැර නොගත්තේ ඇගේ දසුනින්ම තෙසිත් දැනටමත් ඇ කෙරේ ආදරයෙන් බැදෙමින් උන් නිසයි.

………………………………………………..
” කොහෙද බන් ගියේ………..”
මිගාර ඇසුවේ දිහස් දෙස බලා සුගරට්ටුවේ දුම් උඩට ඇද ගනිමිනි.

” මන් ගියා මගෙ නෑනා පොඩ්ඩව හම්බෙන්න……….”

” මොකක් කිව්වා….”
මිගාර පුදුමයට පත් විය.
නමුදු මිගාරට උත්තරයක් නොදීම ඔහුගෙ පිටට තට්ටුවක් දා දිහස් අසල තිබු අනෙක් පුටුවට බර උනේ මිගාර මුවේ රදවන් වුන් සිගරට්ටුව උදුරාගෙන ඔහුද උගුරක් උරමිනි.

” උඹ මොන මගුලක් කරන්න හදනවද කියලා මට තේරෙන්නෑ බන්………”

” උඹට තියා මටවත් තේරෙන්නෑ.. ඒත් මන් දන්න එකම දේ ඌ මන් නිසා විදවන්න ඕන එච්චරයි…..”

” අර කෙල්ල…..”

“බලමු………..”

” බලමු කියන්නේ….”
මුගාර පැවසූවට උත්තර දීමට දිහස් සැරසුනද ඒ කතා බහට බාදා කරමින් දිහස් ගෙ දුරකතනය නාද වෙන්නට විය.

” ගයියා……..”
එසේ කියමින් දුරකතනයට සම්බන්ද වූ දිහස් පුටුවෙන් නැගී සිටියේ කොපයෙන් පුටුවද පසෙකට පෙරලා දමමිනි .

” කොහෙද……….”

එසේ ඇසු ඔහු දුරකතනය විසන්දි කර සාක්කුව තුල රුවා ගත්තේ මිගාරටද නවතින්න යැයි අතින් සංඥා කරමිනි.

විනාඩී 5 ඇතුලත කියූ ස්තානයට ලගා වුන දිහස් බයිසි කලයෙන් බැස ගත්තේ දිග අත් කමිසයයේ කෙලවර උඩට ඇද නවමිනි. රන්ඩුව පවතින ස්තානයට ඔහු වේගවත අඩි තබමින් ලගා වූයේ කෝපයෙන් දැවෙමිනි.

කිසිවක් අසන්නේ සොයන්නේ බලන්නේ නැතිව තම යහලුවාට පහර දෙමින් උන් ඒ දේහ දාරියාගේ කමිස කොලරයෙන් ඇද පහර පිට පහර ගැසුවේ කෝපයෙන් දැවෙමිනි….මෙතෙක් වෙලා තුන් හතර දෙනෙකුට බිම වැටෙන්නම ගුටි බැට ලබා දුන් දේහහාරියා කෙසෙල් කදක් මෙන් බිමට ඇද දැමු දිහස් තව තවත් ඒ මුහුන මතට අත මිට මොලවා පහර ගැසුවේ වියරුවෙන් මෙනි…

” මගෙ යාලුවන්ට ගහන්න උඹට කොහෙන් ආව හයියක්ද #### ”
නමුදු එක් මොහොතක් තුල ඔහුව බිමට තල්ලු කර දැමු තරුනියක් වහා දේහදාරියාගේ මුහුනට තට්ටු කරන්නට විය.

” අතඇරපන් මිනිහෝ .තොපිලා හෙන චන්ඩිද තව ටිකකින් පොලීසිය ආවම කූරු ගනින්න ලෑස්ති වෙයල්ලා ඔක්කොම…….”
ඈ කෑසගන්නට වූයේ දිහස් දෙස බලාගෙනය..පසුව බිම වැටී උන් හැඩි දැඩි දේහදාරියාගේ මුහුනටඇ යලිත් තට්ටු කරන්නට විය…. නමුදු දිහස් කල්පනා කලේ ඇ කොහේ සිට පාත්වූයේ දැයි කියාය.

” බැල්ලී……..”

හොද හැටි පහර වැදී බිම වැටී උන් එකෙකු වහා ඇවිදින් තරුනියගේ කම්මුලට ගැසුවේ කෝපයෙන් වියරු වීය..

” තොව මරනවා අද….දිහා මේකී තමා අපේ එකාව පොලිස්සියට අල්ලලා දීලා තියෙන්නේ…විඩියෝ එක්කම…බැල්ලී…තොපේ පව්ලම බාවනවා………”

යලිත් ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ඇයට පහරවල් කිහිපයක් ගසද්දී..ඒ පහරවල් දරා ගත නොහැකිව තරුනිය බිමට ඇද වැටුනේ වේදනාදෙන් කෑ ගසමිනි.

” උබලා පිරිමිද….#### කෙල්ලෙකුට අත උස්සන…. උබලා අද මාව මැරුවත් මගේ පණ කෙන්ද තියනකන් ආයෙමත් මේ වගේ දෙයක් උනොත් මන් ආයෙම පොලිස්සියට තොපිලා අල්ලා දෙන්න දෙපාරක් හිතන්නෑ….”

” මොකක්ද උඹ කිව්වේ….”
එසේ කෑ සැසූ සතිශ් ඇගේ අත් තම සපත්තුවෙන් පාගා දැමුවේ කොපයෙනි.

” නංගිට යන්න දීපන් යකෝ…මරනවා තොපි සේරම….”
බිම වැටී උන් දේහදාරියා අමාරුවෙන් නැගිටීමට උස්සහ දරමින් කෑ ගැසුවේ දිහස් මේ සිදුවන සිදුවීම් කිසිවක් ගලපා ගත නොහැකිව හිස දෑතින් පිරි මදිදී..

” යකෝ ඔය මොකද කරන්නේ…අහකට වෙයන්….”

කා රතයෙන් හදිසියේම බැසගත් මිගාර එසේ කෑ ගහමින්ම සතීශ් ව කෙල්ල ගාවින් ඇද දැමුවේ කෝපයෙන් රතු කරගත් වතිනි.

” යකෝ මේ අර කෙල්ල නේද….තොපිලට පිස්සුද හු####….නන්ගී නන්ගී කෝ නැගිටින්න…අපි අපි හොස්පිටල් යමු…….”

” මිගා තොට පයිත්‍යන්ද මේකි නිසයි අපේ එකා තමා හිරේ…….”
සතිශ් කෑ ගසන්නට විය.

” ඌ අහින්සකද බල්ලෝ….තෝ කතා කරන්න එප….දිහා මගේ වාහනේ ගනින් කෙල්ලව අරන් යන්න වෙයි…….”

” මාව අත අරින්න මා…..”
තරුනියට මිගාර සුරතේ සිහිසුන් වුනේ දරාගත නොහැකි වේදනාව හමුවෙයි.

” කෙල්ලට ෆේන්ට් උනා…මන් හිතන්නේ ඇරහන් ඉක්මන්ට…දොර…අයියේ අයියේ නැගිටින්න අපි හොස්පිටල් යමු….”
අමාරුවෙන් උවද දේහ දාරියාව හා තරුනියව වහා පවුද්ගලික රෝහලකට බාරදීමට මිගාර කටයුතු කලේ ප්‍රශ්නය දුරදිග ගෙන යෑමට අවැසි නොවූ නිසාමයි..
නමුදු තවමත් නිහඩව මේ සියල්ල දෙස වගක් නොමැතිව බලා ඉන්න දිහාර ගැන මිගාරට දැනුනේද කෝපයකි.

” තෝ කඩි කුලප්පුවෙන් මාවත් දාලා ආවේ මේ ගොන් ### උදව් කරන්නද….උඹට අමු කැවිලද …හිතන්නේ බලන්නේ නැතිව ඇයි බන් උඹ මේ වැඩ කරන්නේ…………”

” උන් මගෙ යාලුවෝ බන්…..”

” හරි ඒක හරි ……..ඒත් උඹ දන්නවද ඒ කෙල්ල කවුද කියලා අර ලගදී තරුශ හින්දා සූසයිඩ් කරගන්න ගියපු කෙල්ලගෙ යාලුවා……උඹට උබේ යාලුවො වෙනුවෙන් මෙහෙම කරන්න පුලුවන් වගේ තමා අරකිටත් ඒකිගේ යාලුවා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් ඇති.
උබ හොදටම දන්නවා අපේ එකා කොයි වගේද කියලා…ඉතින් ඌව හිරේ දාන එක සාදරනද නැද්ද කියලා උබත් හොදට දන්නවා.දවස් දාහතරකටයි ඌට හිරේ යන්න උනේ නැතුව අවුරුදූ ගානකට නෙමේ…අනික උබ තරුශව යාලු කමෙනුත් ඈත් කලේ ඒ නිස නේද….උබේ ඔය තරහා ටිකක් පාලනේ කරගනින් දිහා ….සතීශයා කතා කරපු ගමන් උබ උඩ දාගෙන ගියා….ඌ මොන ලබ්බක පැටලිලා උබට කතා කලාද කියන්න දන්නේ නෑ….මඩු වලිගෙන් තලන්න ගත්තා…මට එන තරහට උබට…….යකෝ අර කෙල්ලට මොනා හරි උනානත් තවත් කේස් එකක් එතන ….. මොලෙන් හිතලා වැඩ කරපන් ඔයිට වඩා කියන්න දෙයක් මන් දන්නෑ….”

මිගාර එසේ පවසා යන්නට හැරුනේය….

දිහස් ඒ සියල්ල අසා උන්නා වින වදනක් හෝ නොදොඩුවේය….
උන කිසිවක් පිලිබද ඒ හිතේ අල්ප මාත්‍රයක පසු තැවීමක්ද නොවුනී….

ඉදින් සුපුරුදු පරිදී තම කුඩා ඇනෙක්සිය වෙත ගිය දිහස් නින්දට වැටුනේ උන සිදුවීම් ගැන හිතීම පසෙකට කල් දමමිනි.

නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කරන් හඩ නිසාම අමාරුවෙන් දෑස් විවර කර දිහස් බිත්ති රැදි ඔරලෝසුවෙ වෙතට දෑස් යොමු කරන්නර විය..

” 2.45 …යකෝ දවලුත් වෙලා ඒ ඩින්ගට…හිටපන් දොර කඩන්නැතිව මන් එන්නම්….”

කෝපයෙන්ම එසෙ කියූ දිහස් හෑනුමක් අරිමින් දොර වෙතට ගමන් කලෙ නොනවත්වා දොරට තඩි බාන උන්ගේ අම්මා මුත්තා සිහි කරමිනි.

” මොකාද යකෝ දොර……….”

දිහස් එසේ කියමින් දොර විවර කරන්නට විය නමුදු දොර ඉස්සරහා පොලිස් නිල ඇදුමින් උන් කොස්තාපල් වරුන් දෙදෙනා දැක දිහස් නලල මදක් තදින් එක් අතකින් තෙරපා ගත්තේ තොල කොනක් සපා ගනිමිනි.

” ඇයිමේ…..”

” තමුන්ගේ යහලුවන්නට විරුද්දව චෝදනාවක් ගොනු කරලා තියනවා..ඒකේ ශාක්ශී කිහිපයක් ගන්න තමුන්ට අපි එක්ක යන්න එන්න වෙනවා……..”

“ආ එහෙමද ටිකක් ඉන්න…..”

දිහස් එසේ කියා මූන කට පොඩ්ඩක් තෙමාගෙන ඇද උන් කලිසමට උඩින් ටීශට් එකක් එක්ක බාට දෙක දමාගෙන පොලිස් කොස්තාපල් සමග පොලිසියට පැමිනියෙය…

ඉතින් තම සගයක් කිහිප දෙනෙකු දැනටමත් කූඩුවට දා ඇති බව දැනගැනීමට ලැබුනද මිගාරගේ වදන් හමුවේ දිහස් උන්නේ කෝපය පාලනය කර ගැනීමට උස්සහ දරමිනි.

” මචන් දිහා …..”
” අත ඇරපන් යකෝ මාව….”
” කේන්ති ගන්න එපා ### ඔහොම……”
පොලිස් ස්තානයෙන් පිටතට ආ හැටියේ තම යතුරු පැදියට නැගී ඉගිල්ලෙන්නට ගිය දිහස්ව නවතාලූයේ මිගාරයි….

” මන් බොරුද කිව්වේ ඊයේ කේස් එක නිසයි මේ ඔක්කොම…ඊයේ මන් නාවනම් උබත් අරුන් එක්කම කූඩුවේ………..”

” කටවහපන් යකෝ මට ඕක අලුත් තැනක් නෙමෙයි…. බැල්ලී අරකි තමා කියන්න ඇත්තේ මන් ඒකි ගැන බලා ගන්නම් …ලෝයව විතරක් එවලා නිකන් ඉදන්….අපේ උන්ව කූඩුවට දාලා ..ඒකිගේ ### …මන් බලා ගන්නම් ඒකි ගැනත්…..”

” උඹ ඔය හදන්නේ යට යන මේ කේස් එක ආයෙම උඩට අදින්න මචං….”
මිගාර තවත් බොහෝ දෑ පවසන්න තනන විට තම මුවට ඇගිල්ලක් තබමින් නිහඩ වන ලෙස සංයා කල දිහස් පොලිස් ස්තානයේ අදාල සිද්දිය සදහා චෝදනාව ගොනු කල නීතිඥයා කුමක් හෝ ෆයිල් එකල්ද රැගෙන කොහේදෝ සිට පැමිනි රතය වෙතට ඇවිද ගොස් එයට ගොඩ වන හැටි දිහස් බලා උන්නේ කුතු හලේනී..

” අනිවාර්‍යේන් නඩුව දාපු එකා වෙන්න ඇති ඇතුලේ ඉන්නේ…..ඉදහන් මන්……..”

එසේ කියමින් තම මෝටර් බයිසි කලයේන් බැසගත් දිහස් කා රතය වෙත ඇවිද යන්නට වූයේ නීතිඥ කා රතයෙන් බැස ගිය පසුවයි…

හයිබ්‍රිඩ් වර්ගයේ කා රතයේ පිටුපස කොටසේ කලු ශටරයට තට්ටු කල දිහස් එය පහලට එන තුරු මදක් බලා ඉන්නට විය ..

තමාගේ අනුමානය නිවැරදිය …මේ ඇයයි…පෙරදින තමාට බැන වැදු ඇයයි…

” ස්තූතී කරන්නනම් ආවේ…හරි මන් ඒක බාර ගත්තා…තමුන්ගේ යාලුවො නිදහස් කරගන්නනම් ආවේ ඒක වෙන්නේ නෑ දවස් දෙක තුනක් ඕකේ ලැගලා ඉද්දි මොලේ පෑදෙයි…ඒ වෙනුදෙන් සොරි…කොල්ලා දෙස නොබලාම උඩගු ස්වරයෙන් එසේ පැවසු ඈ තම දෑස් ඉදිරියටම යොමු කරගෙන උන්නේ සිනහවක් නොමැති වතින්ය…

නමුදු ඇයගේ වචන හමුවේ මහ මඩින් සිනාසුනු දිහස් ඈ දෙස බැලුවේ සමච්චල් සහගතවයි…

“ඔය දෙකෙන් එකක් වත් කියන්න නෙමෙයි නෝනා මන් ආවේ …මන් ආවේ මෙන්න මේ ටික කියලා යන්න ඔයකරපු වැඩේට විදවන්න වෙයි.ඒ වගේම හෙට වෙද්දී තමුන්ම ඔය චෝදනාව අයින් කරගනී….”

විශ්වාසයෙන් එසේ කී දිහස් ඈදෙසට අමුතු බැල්මක් පා කර ඉවතට යන්නට විය…

……………නැවත හමුවෙමු….

4 thoughts on “සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව”

  1. රිතූ ?

    අම්මෝ සෙව් අක්කේ ? දිහස් මොකක්ද මේ කරන්න හදන්නේ… දේවිට කරදරයක් කරයි ද ? එතකොට මොකක්ද මේ වෙන්නේ… හැබැයි දිහස් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමේ කියලා නම් තේරෙනවා… මොනා වෙයිද මන්දා ?
    කතාව ගොඩක් ලස්සනයි සෙව් අක්කේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.