Katha Ahura

6 thoughts on “කතා අහුර 4 වන සංවත්සරය 2022”

  1. Sandu (kandy girl)

    Hi gys….කෝමද ඔයාලට????

    අවුරුදු ගැන නම් අහන් නෑ ඉතින් .හොදටම දන්නෝ නෙ ඌ අපිව කාලා ගියා කියලා …????

    එතකොට ආර්ථිකය ගැන නම් මීක් කියන්න එපා.
    වෙරි බෑඩ් සෝ සෑඩ් …??

    අම්මෝ මට කතා ගොඩක් කියවන්න තියේනේ..????

    ඔන්න ඔහේ තීන දෙයක් උයන් කාලා කතාවක් දෙකක් කියෝලා ඉමු අනේ. රටේ ප්‍රශ්න පව්ලෙ ප්‍රශ්න වෙලා තීන කාලෙ ඩිප්‍රෙශන් එකෙන් අපේ ඔලුගෙඩිටික පරිස්සම් කරගන්න තීන එකම බෙහෙත පොතක් කියෝන එක…

    පරිස්සමෙන් ඉන්න එහෙනම් කස්ටිය … තෙරුවන් සරණයි …

    ❤️❤️❤️❤️❤️

  2. රිතූ ?

    Congratulations කතා අහුර ???????
    අද ගොඩක් සතුටු දවසක්…. කතා අහුරේ 4 වෙනි උපන්දිනේ ??
    මාස ගාණකට කලින් අහම්බෙන් හම්බෙච්ච මේ ඇප් එක අද මගේ ජීවිතේ විශේෂ තැනක ඉන්නේ…

    යාලුවෝ නැතුව තනියම හිටපු මට මෙතනින් යාලුවෝ ගොඩාක් ලැබුණා… අක්කලා අයියලා නංගිලා මල්ලිලා ගොඩක් මට ලැබුණා…. ඒ හැමෝම මට මගේම සහෝදරයෝ කියලා හිතෙන තරමට අද වෙද්දි එයාලා මට ගොඩක් සමීප වෙලා…..

    මගේ තිබ්බ කියවීමේ පිස්සුවට බෙහෙතක් වුණේ මේ කතා අහුර…. ලස්සන කතා ගොඩක් මට මේ ඇප් එකෙන් කියවන්න ලැබුණා…

    ඒ වගේම ලියන්න බෑ කිය කිය හිටපු මමත් අද වෙද්දි කතා ලියනවා… ඒකට මාව දිරි ගන්වපු දඟ පවුලේ හැමෝටම ස්තූතියි ?

    මම ගොඩක් වෙලාවට අපේ පරණ කමෙන්ට් කියවනවා… කට්ටිය සින්දු කිව්වා, පාටි දැම්මා, ගොඩක් හිනා වුණා, රණ්ඩු කරා, පිස්සු නැටුවා….. ඒ හැමදේම මතක් වෙද්දි ආයේ ඒ දවස් වලට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා ?

    එක්සෑම් නිසා ටිකක් බිසී වුණ හින්දා මේ දවස් ටිකේ එන්න බැරි වුණා… ඒත් එක්සෑම් ඉවර වුණු ගමන් මම ආයේ ඇප් එකේ පදින්චියට එනවා අනිවාරෙන් …ඉතින් පුලුවන් වෙලාවට පුලුවන් හැමෝම ඇප් එකට එන්න… එක කමෙන්ට් එකක් හරි දාන්න…. අපි ආපහු පරණ තිබුණු විදිහටම ඇප් එක හදමු ?

    ඒ වගේම චන්දිම සර් ගොඩක් ස්තූතියි අපිට මේ වගේ තැනක් හදලා දුන්නට… ඉස්සරහටත් අනිවාරෙන් කතා අහුර එක්ක ඉන්නවා දිගටම…. ?වෙන්න ඕනි දෙයක් තියෙනවා නම් කියන්න… කතා අහුර වෙනුවෙන් මගේ දඟ පවුල වෙනුවෙන් පුලුවන් උපරිමෙන් උදව් කරන්න මම ලෑස්තියි ?

    ආයේ පාරක් චන්දිම සර්ට ස්තූති කරනවා අපේ හැකියාවන්ට , ආසාවන්ට තැනක් දෙන්න මේ වගේ ඇප් එකක් හැදුවට ?????

  3. Happy Birthday Katha Ahura….????????
    ගොඩක් ස්තූතියි සර් මේ වගේ ඇප් එකක් හැදුවට….. මේ ඇප් එක මාව හුඟක් වෙනස් කෙරුවා…. ඕනම දුකක් මැද්දෙ සතුටින් ඉන්න පුළුවන් කියලා මට කියලා දුන්නෙ මේ ඇප් එක…. ඒ වගේම සහෝදරයො වගේ යාලුවො කට්ටියක්ව මට මේ ඇප් එක නිසා හම්බුණා…… ජීවිතේ එපා වෙලා හිටපු ගොඩක් වෙලාවල මාව සතුටින් තිබ්බා….
    මං පොතක් දැක්කොත් අනිත් හැමදේම අමතක කරලා පොත කියවන කෙනෙක්…. මේ ඇප් එකට ආවෙත් කතන්දර කියවන්න තිබුණු ආසාව නිසයි…. මොන තරම් වැඩ ගොඩක් තිබුණත් ෆ්‍රී වුණු ගමන්ම ඇප් එකට එන්න තරම් මං මේකට ඇබ්බැහි වුණා….. ඒකට හේතුව පොත් විතරක්ම නෙමේ හිතපු නැති විදිහට මට හම්බවුණු සහෝදරයො…. ලංකාව පුරාම ඉන්න අයව එකතු කරලා මේ වගේ බැඳීමක් හැදුවට ගොඩක් ස්තූතියි සර්….
    අපිට අපේ අදහස් බෙදාගන්න, අපේ දක්ෂතා එළිදක්වන්න, වගේම අපේ රසවින්දනයට මේ වගේ ඇප් එකක් හැදුවට ගොඩක් පින් සර්….

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.