Katha Ahura

සීතල නත්තලේ බිහිසුණු මාරයා|හොල්මන් කෙටි කතා|කතා අහුර රචක

5/5 - (1 vote)

? සීතල නත්තලේ බිහිසුණු මාරයා ?

“ඔලිවියා…. ඔලිවියා … ඉක්මන් කරන්නකෝ..”ඉවෝන් බෙරිහන් දෙනවා.

ඒ කෑ ගැහුවෙ මට. අපේ සෙට් එකේ ඉන්න කටකාරම කෙල්ල තමා ඉවෝන් කියන්නේ . මේ පාරත් අපි නත්තලට ට්‍රිප් එකක් යන්නයි ලෑස්ති . වෙනදාට නම් පවුලේ හැමෝම යනවා. ඒත් මේ පාර යන්නේ යාලුවො සෙට් එකත් එක්ක.

“මේ එනවෝ…”කියලා දුවගෙන ගිහිං වාහනේට නැග්ගේ අනික් හැමෝම මං එනකල් වාහනේට වෙලා බලං හිටිය නිසා .

මමයි, ඉවෝන් , ඈන්, ටියාරා, ෂේන් , ක්‍රිස්ට්, ජෙහාන් , ටෝනි වගේම ජැක් මේ ගමනට එකතු වුණා . අපේ සෙට් එකේ ලස්සනම කෙල්ල ඈන් . ඈන් ෂේන් එක්ක එන්ගේජ් වෙලා හිටියේ. ඉවෝන් ක්‍රිස්ටි එක්ක යාලුවෙලා හිටියා . ජැක් ටියාරට කැමැත්තෙන් හිටියත් එයා ඒකට උත්තරයක් දීලා හිටියේ නෑ. ටෝනි කියන්නේ ජෙහාන්ගේ මල්ලී . ජෙහාන් තමා මට ප්‍රපෝස් කරලා ඉන්නේ .

මේ දේවල් අපේ ගෙවල් වලින් දැනගෙන හිටිය නිසාත්, අපි සෙට් එකම අවුරුදු 24,25 වයස්වල හිටිය නිසාත් තනියම අපට යන්න අවසර ලැබුණා . ෂේන්ගේ වෑන් එකේ අපි යන්න පිටත් වුණේ නුවරඑළියේ . උදේ පාන්දරින්ම අපි ගමන පටන් ගත්තේ ජා ඇල ඉදලා නුවරඑළියේ යද්දී වෙලා යන නිසා . අපේ සෙට් එක දකින දකින තැන්වලින් කන්න බොන්න සෙල්ෆි ගන්න ගියාම ආයෙ ගලවගන්න හරි අමාරුයි ..

“පට්ට සීතලක් බං තියෙන්නේ . නුවරඑළියේ කොහොම ඇත්ද ?” ක්‍රිස්ටි කිව්වේ වෙව්ලන ගමන් සීතල යන්න අත් දෙක පිරිමදින ගමන් .

“ඉතිං බං අපිට කියන්නේ ඉවෝන් තුරුළු කරගත්තා නම් හරිනේ” ෂේන් කිව්වේ වාහනේ එළවන ගමන් .

අපි හැමෝම හිනාවෙද්දි ඉවෝන් ලැජ්ජාවෙන් රතු වෙලා හිටියා

කොහොම හරි විහිලු කර කර, කකා බිබී, ෆොටෝස් ගගහා අපි නුවරඑළියට යද්දී 1.30 වෙලා තිබුණා. අපි 23,24,25 වගේම 26ත් උදේ වරුව ඉදලා 26 වෙනිදා දවල් ගෙදර එන්න පිටත් වෙනවා කියලා තමා හිතාගෙන ආවේ.

නත්තල් දේව මෙහෙයට xt. Saviour church එකට යන්න අපි කට්ටියම ප්ලෑන් කරපු නිසා ඒකට ළගපාත tealeaf හොටෙල් එකේ අපේ නිවාඩුව ගතා කරන්න අපි කලින්ම තීරණය කළේ ඒ හොටෙල් එකේ තිබුණ වටපිටාවට අපි කවුරුත් කැමති වුණ නිසා .

මමයි , ටියාරයි බෞද්ධ . අනෙක් අය ක්‍රිස්තියානි . අපේ ගෙවල් වලින් මේ දෙකම එක වගේ විශ්වාස කරලා අදහනවා. ඒ නිසා මටයි ජෙහාන්ටයි ආගම ප්‍රශ්නයක් වුණේ නෑ මැරි කරන එක තීන්දු වෙන්න . ඉතින් ජෙහාන් ප්‍රපෝස් කරපු දා ඉදලා මාත් නත්තලට චර්ච් එකට යනවා. ඒ වගේම මට බෞද්ධ යාලුවො වගේම ක්‍රිස්තියානි යාලුවොත් ඉන්න නිසා නත්තල් අමුතු දෙයක් නෙවෙයි .

කොහොම හරි මහන්සි වෙලා අන්තිමට අපි ආවේ tealeaf හොටෙල් එකට. වාහනෙන් බැහැලා හරිම ආශාවෙන් ඇදුම් බෑග් එහෙම අරගෙන බැහැලා හොටෙල් එක ඇතුළට ගිහිං රෙෂිප්සනිස්ට් එකෙන් විස්තර ඇහුවා .

“සොරි සර්. කලින් බුක් කරලා නැති නිසා රූම්ස් ගන්න අමාරුයි . මේ ක්‍රිස්මස් සීසන් එක නිසා කොහේවත් නවතින්න හොයාගන්න බැරිවෙයි” කියලා කිව්වම අපි කට්ටියම බැලුවේ ක්‍රිස්ටි දිහා.

මොකද ක්‍රිස්ටි තමා හොටෙල් එක ඔන්ලයින් බුක් කරන්න භාරගත්තේ..

“අඩේ මචං සොරි බං… මට අමතක වුණා” ක්‍රිස්ටි කිව්වේ අසරණ විදියට අපේ දිහා බලලා..

“මොනාද යකෝ මේ කියවන්නේ? උඹට අපි දවස් කීයක් නම් මතක් කරාද? හරි හරි ගෑවා. මුකුත් කරලා නෑනේ.. අම්මපා මට කුණුහරුප මතක් වෙන්නේ” කොයි දේටත් ඉක්මන් තරහ ගන්න ජැක් කිව්වේ දත් මිටි කන ගමන් .

“අපි එළියට යමුකෝ… මේක රණ්ඩු වෙන වෙලාවක් නෙවෙයිනේ” කියලා ටියාරා ජැක් ඇදගෙන එළියට ගියේ අපිටත් එළියට එන්න කියලා ඇස්වලින් කියලා .

“මොකද බං.. උඹ අපිට කලින් කිව්වා නම් බුක් කරගන්න තිබ්බනේ” ජෙහාන් කිව්වේ ක්‍රිස්ටිගේ උරහිසට තට්ටුවක් දාලා එළියට එන ගමන්

“ඇත්තටම මට අමතක වුණා ජෙහා.. මෙතනට එනකල්ම ගානක් ගියේ නෑ” ක්‍රිස්ටි කිව්වේ කනස්සල්ලෙන් .

“ඔහොම ගිහිං ඔයාට මාවත් අමතක වෙයිද දන්නේ නෑ” ඉවෝන් කිව්වේ නොරිස්සුම් විදියට .

“හා…හා වැරදි කා අතිනුත් වෙනවා. ඕකට දැන් රණ්ඩු වෙන්න ඕනි නෑ. අපි මේ ආවේ ට්‍රිප් එකක්. අපි ගිහිං නවතින්න තැනක් හොයා ගමු” මං මැදින් පැනලා කිව්වේ කතාව තව ටිකක් දුර ගියොත් ලොකු රණ්ඩුවකට මුල් වෙයි කියලා හිතලා.

“ඔව් එහෙම කරමු. ඒත් ලේසි වෙන එකක් නෑ මේ සීසන් කාලේනේ” කියලා ෂේන් කිව්වා .

අපි හැමෝම බෑග් අරං වාහනේට නගින්න හදද්දී,

“සර්… සර්… සර්ලා නවතින්න තැනක් හොයනවා නේද ?”කියලා අපට කතා කරේ හොටෙල් එකේ වේටර් කෙනෙක් .

“ආ… ඔව්. ඔයා දන්න තැනක් තියෙනවා ද” ජෙහාන් ඇහුවේ නොඉවසිල්ලෙන් .

“තැනක් නම් තියෙනවා සර්. ටිකක් කැලේට වෙන්න . මේ මැඩම්ලාත් ඉන්න නිසා.. කියලා එයා කතාව නතර කරා.

“කැලයක් ළග නම් කොච්චර ෂෝක්ද? අපි ඉද්දි මේ මැඩම්ලා බය වෙන්නේ නෑ” ටෝනි කිව්වේ හිනා වෙවී.

ටෝනි කොහොමත් ෆොරස්ට්වලට කැමති. හයිකින්, ෆොටෝග්‍රපි පිස්සෙක්.

“හරි සර්.. පිදුරුතලාගල රෙස්ට් එකේ තමා ඉඩ තියෙන්නේ … හැබැයි සර් මොන රූම් ගත්තත් 16 රූම් එක නම් ගන්න එපා..” වේටර් කිව්වේ වටපිට බලලා හෙමීට .

“ඒ මොකද ඒ” ඈන් ඇහුවේ පුදුමයෙන් .

“මැඩම්ලගේ හොදට තමා” කියලා වේටර් යන්න ගියා .

“තෑන්ක් යූ මල්ලී.ගොඩක් ලොකු හෙල්ප් එකක් කරේ” ෂේන් කෑ ගහලා කිව්වේ ඒ වෙනකොටත් ඔහු සෑහෙන දුරක් ගිහිං හිටපු නිසා

“යමු මචං .. ටෝනි බලහං ගූගල් මැප් එකේ අර මෑන් කිව්ව පොට් එක සර්ච් කරලා” කියලා ෂේන් වාහනේට නැග්ගා.

“අඩෝ බඩ පණුවෝ පිනුම් ගහනවා දැන් නම්…” ක්‍රිස්ටි කිව්වා විතරයි

“උඹ තමා මේ සේරටම මුල. කිසිම දෙයක් හරියට කරන්න බෑ..” කියලා ජැක් පටන් ගත්තා කියවන්න.

“මේ… ඒක නෙවෙයි ඇයි දන්නේ නෑ නේද රූම් නම්බර් 16 ගන්න එපා කිව්වේ ?” මං ඇහුවේ මෙච්චර වෙලා හිතට වද දුන්නු දෙයක් නිසා .

“ඒකේ හොල්මන් ඉන්නනවද දන්නේ නෑ” ටියාරා කිව්වේ අඩන්න ඔන්න මෙන්න ඉන්න පොඩි ළමයෙක් වගේ.

“විකාර… හොල්මන් කියලා දෙයක් නෑ.. ඌ නිකං අපිව බය කරන්න කියන්නේ ඇත්තේ.” ක්‍රිස්ටි කිව්වා .

“ඒත්… හැමතැනම බුක් වෙලා එතන විතරක් ඉඩ තියෙන්න මොක්ක හරි හේතුවක් තියෙන්න එපැයි” ඈන් කිව්වා .

“ඉන්නකෝ මං නෙට් එකේ සර්ච් කරලා බලන්න ” කියලා කිව්වේ ටෝනි .

“මේ කට්ටිය බය වෙන්නෙපා… ඒකේ පොඩි පොඩි අවුල් ටිකක් නම් තියෙනවා” ටෝනි කිව්වේ බැරෑරුම් විදියට .

“අනේ ඇයි මොකද?” මං ඇහුවේ තැතිගෙන.

“ඒක බ්‍රිටිෂ් කාලේ ජෙනරාල් කෙනෙක්ගේ බන්ගලෝ එකක්. දැන් රෙස්ට් හවුස් එකක්. ඒකේ අභිරහස් විදියට ෆොරීන්ග් ලේඩි කෙනෙක් මැරිලා . එල්ලිලා . එයාම මැරිලද කවුරුත් මරලද කියලා හරියටම හොයාගෙන නෑ. එදා ඉදන් මේ වෙනකල් ඒකට යන අය බය වෙනවලු” ටෝනි එකදිගට කියෙව්වෙ මායි ඉවෝනුයි බයට එකිනෙකා බදාගද්දි.

අනේ මොන බොරුද බං? ඔහොම හොල්මන් ඇත්තටම තියේ නම් ඕක නෙට් එකේ දායිද? ඕක කට්ටිය වැඩියෙන් ගෙන්නගන්න කරන උපක්‍රමයක් ..ෂේන් කිව්වේ හිනා වෙවී.

අනේ මන්දා බං. ගිහිංම බලමුකෝ… ක්‍රිස්ටි කිව්වා

අපි එක්කෝ ගෙදර යමුකෝ… ඉවෝන් කිව්වේ බය වෙලා .

පිස්සුද අනේ? මෙච්චර දුර ඇවිත්? අපරාදේ නිවාඩුව කියලා කෑ ගැහුවෙ ජැක්.

කතාවෙන් කතාව අපි පිදුරුතලාගල රෙස්ට් එකට ආවා. කදු පංතියක් උඩ තේ වත්තක් මැද තිබුණු ඒ රෙස්ට් හවුස් එක අමුතු ලස්සනක් වගේම අමුතු ගුප්ත බවකිනුත් වෙලාගත්තා.

අම්මෝ මාර සීතලක් … ෂේන් කිව්වේ ඈන් දිහා බලලා ඇහැක් ගහන ගමන් .

හරි… හරි … අපි කාමර තුනක් ගමු. උඹලා දෙන්නට එකයි, ගර්ල්ස්ලට එකයි, බෝයිස්ලට එකයි කියලා කෑ ගැහුවෙ ජැක් .

එක ළග කාමර තුනක් ඉල්ලුව අපිට ලැබුණේ 15,16,17 කියන කාමර . 16 රූම් එක මාරු කරන්න බැරිද කියලා මං ඇහුවත් එක ළග ගන්න පුලුවන් වෙන කාමර නැති නිසා අපි එක එක්කෙනාගේ මූණු දිහා බලාගෙන ඒ කාමරවලට ගියා .

ෂේන් ඈන් එක්ක 15 කාමරේට, පිරිමි කට්ටිය 16 කාමරේට වගේම ගැහැණු අය 17 කාමරේට ගියා .

බය වෙන්නෙපා ළමයිනේ . පේන්නැද්ද ඉන්න ක්‍රවුඩ් එක… අපට කරදරයක් වෙන්නේ නෑ. මේ ක්‍රිස්මස් පාර්ටි ටයිම්…ජෙහාන් කිව්වේ හිනාවෙවී.

අපි හැමෝම තමන්ගේ කාමරවලට ගිහිං වොෂ් එහෙම දාගෙන කෑම එහෙම කැවා. අද හොටෙල් එකේ ක්‍රිස්මස් පාටි එකක්. ඉතින් හොටෙල් එකෙන් කස්ටමස්ලා හැමෝටම ඉන්වයිට් කරා වගේම නත්තල් සීයාගෙන් ඕනි තෑගි ඉල්ලලා එතන තිබුනු බොක්ස් එකකට චිට්ස් දාන්න කිව්වා .

අපිත් ඒක ආශාවෙන් කරේ පොඩි කාලේ තෑගි ගත්තට පස්සේ මේ නත්තල් සීයාගෙන් ගන්න ලැබෙන පළවෙනි තෑග්ග නිසා.

කට්ටියම හොරෙන් ලියලා චිට්ස් දාලා ගියේ ලෑස්ති වෙන්න . රෑ 7.30 ට පාටි එක පටන් ගන්නවා කිව්ව නිසා.

කෝ ජැක්? හැමෝම එළියට ආවත් ජැක් පේන්න නැති නිසා ටියාරා ඇහුවේ ජෙහාන්ගෙන්

ආ… මිනිහා බාත් රූම් එකේ ලිස්සලා වැටිලා කකුල පෙරලුණා . ඌ ටිකක් හාන්සිවෙලා ඉන්න ඕනි කිව්වා.. ජෙහාන් කිව්වේ හිනා වෙවී.

තනියම? ටියාරා ඇහුවේ පුදුමයෙන් .

මෙච්චර මියුසික් තියෙද්දි , කට්ටිය ඉද්දි මොන තනියක්ද?& ටෝනි ඇහුවේ වයින් බොන ගමන් .
###############################

පාටි එකේ ඩාන්ස් කර කර ඉද්දි මං දැක්කේ නත්තල් සීයා එනවා..

ආ… සැන්ටා ආවා… අපට ගිෆ්ට්ස් දුන්නොත් හොදය…. මං කිව්වේ ඉවෝන් ට.

එක්කෙනෙක් නෙවෙයි අනේ අර බලන්නකෝ ගොඩක් අය ඉන්නවා .. සැන්ටා කොස්ටියුම්ස් යූස් කරල ගොඩක් අය… ඉවෝන් හිනාවෙවී කියද්දී මං දැක්කේ ඒක ඇත්ත කියලා .

ඒක නෙවෙයි ඔයා මොනාද ඉල්ලුවේ ?ඉවෝන් ඇහුවා .

ජෙහාන් හැමදාම මගේ කරලා දෙන්න. අපි දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං කිව්වේ හිනාවෙවී .

අයියෝ ඔලී… පොඩි ළමයෙක් වගේනේ… මං නම් ඉල්ලුවේ සැන්ටා එක්ක ඩාන්ස් කරන්න ලැබෙන්න කියලා ඉවෝන් කිව්වේ මගේ කනට කරලා .

මං නම් ඉල්ලුවේ ජැක්ගේ අතේ හැමවෙලාවෙම එල්ලිලා ඉන්න ලැබෙන්න කියලා ටියාරා කිව්වේ අපි පුදුම කරලා .

එහෙනම් උඹ ජැක්ට කැමති… අපි කිව්වේ හිනාවෙවී .

හ්ම්… ඒක තමා මං මේ පාර එයාට ක්‍රිස්මස් එකට දෙන තෑග්ග ..ටියාරා කිව්වේ හිනාවෙවී .

ක්‍රිස්ට් ඉල්ලුවේ ජේසුස් වහන්සේ වගේ ප්‍රසිද්ධ වෙන්න ලැබෙන්න කියලා ඉවෝන් හිනාවෙවී කිව්වා

ඔය අතරෙයි සැන්ටා ඇවිත් ඉවෝන් ඇදගෙන ගිහිං ඩාන්ස් කරේ.

ඉවෝන් හරිම සතුටින් ඩාන්ස් කර කර සැන්ටා එක්ක නොපෙනී ගියා.

ඊට ටික වෙලාවකට පස්සේ සැන්ටා ඇවිත් ටියාරට බොක්ස් එකක් දුන්නා. ටියාරා පැත්තකට වෙලා ඒක ඕපන් කරනවා මාත් බලාගෙනහිටියා .

හෑ…… ටියාරා කෑ ගහලා බොක්ස් එක බිමට අතෑරියා .

අනේ දෙයියනේ මට කියවුණේ ඒ තරම් අප්‍රසන්න විදියේ දෙයක් ඒකේ තිබුණු නිසා..

මියුසික් සද්දේ නිසා කාටවත් ටියාරා කෑ ගහනවා ඇහුන් නෑ.

ඔලිවියා … අනේ මේක ජැක්ගේ අත.. මේ බලන්න ඩ්‍රැගන් ඉන්න ටැටූ එක… ලේ පිරුණු බිම වැටිලා තිබ්බ අත දිහා බලාගෙන ටියාරා කෑ ගැහුවා..

මං ඉක්මනින් ජෙහානුයි, ටෝනි ඇදගෙන එතනට ආවේ ඒක පෙන්නන්න.

හොලී ෂිට්… ටෝනි කිව්වේ ඔලුවෙ අත ගහගෙන.

මමයි වැරදි . මමයි සැන්ටගෙන් ඉල්ලුවේ ජැක්ගේ අත අල්ලගෙන ඉන්න ඕනි කියල ටියාරා ඇඩුවේ මාව බදාගෙන.

යන් අපි රූම් එකේ බලමු ජැක් ඉන්නවද කියලා . කලබල වෙන්න එපා .. ටෝනි කිව්ව නිසා අපි හතර දෙනා රූම් එකට ගියේ ජැක්ව බලන්න

ඕ… මයි ගොඩ්… ටෝනි කෑ ගැහුවෙ අපේ දිහා බලලා .

අ-නේ ජැ–ක්… ටියාරා ෆේන්ට් වුණා .

ජැක් රූම් එකේ එල්ලිලා මැරිලා හිටියා . මූණ විරූපී වෙන්න හූරලා. කපලා දාලා තිබ්බ අතින් ලේ ගලනවා.. දැක්කම බය හිතෙනවා.

අපි ටියාරා උස්සගෙන එළියට ආවේ පොලීසියට මේ දේ ඉන්ෆෝර්ම් කරන්න . එතකොටයි අපි දැක්කේ එළියේ කට්ටිය වටවෙලා ඉන්නවා. ළග පුටුවක ටියාරා ඉදගස්සලා මං ජෙහානුයි ටෝනි එක්ක එතනට ගිහිං බැලුවේ මොනාද වෙලා තියෙන්නේ කියලා .

ෂිට්… මොනාද අයියේ මේ වෙන්නේ… ටෝනි ඇහුවේ ජෙහාන්ගෙන් .

එතකොට මං දැක්කේ ක්‍රිස්ටි කුරුසයට ඇණ ගහලා හිටිය ජේසුස් වහන්සේ වගේ අත පයට ඇණ ගහලා හොටෙල් එකේ ගහක ඉන්නවා .

මූණ බැලුවම පේන්නේ හොදටම බය වෙලා වගේ…

අ-නේ ජෙහාන් .. මොනාද මේ වෙන්නේ.. මට බයයි…මං කිව්වේ ජෙහාන්ගෙ අත අල්ලගෙන .

මටත් හිතාගන්න බෑ. කෝ අපේ අනික් අය .
ජෙහාන් ඇහුවේ වටපිට බලන ගමන්.

ආ… ජෙහාන් .. අපි… අපි සැන්ටගෙන් ඉල්ලලා චිට්ස් ලිව්වා නේද . ඒවා හොයාගමු. අපි ඉල්ලුව දේවල් මේ වෙන්නේ. මං කිව්වේ පිස්සුවෙන් වගේ.

අක්කා ඔයා මොනාද මේ කියන්නේ ?ටෝනි ඇහුවේ පුදුමයෙන් .

ක්‍රිස්ටි , ටියාරා වගේම ඉවෝන් ඉල්ලුව දේවල් ඒ විදියට වුණ හැටි එයාලට කිව්වා . ටියාරවත් අරගෙන අපි චිට්ස් දාපු බොක්ස් එක ඇදලා අනිත් අය දාල තියෙන්නේ මොනාද කියලා හොයාගන්න ට්‍රයි කරා.

මං ඉල්ලුවේ ජෙහාන් මගේ වෙන්න . ඔයා මොනාද ඉල්ලුවේ මං ඇහුවේ චිට්ස් බලන ගමන් ජෙහාන්ගෙන්

මං ඉල්ලුවේ මේ පාර වගේම සතුටින් මට ඔයා එක්ක නෙක්ස් ටයිම් මැරි කරලා ඔයත් එක්ක ක්‍රිස්මස් සෙලීබ්‍රේට් කරන්න ලැබෙන්න කියලා ජෙහාන් කිව්වා

ඕ මයි ගොඩ් … මං ඉල්ලුවේ මට රූම් එකේ ඉන්න හොල්මන් ලයිව් මීට් වෙලා, අපි දෙන්නා ෆොරස්ට් ගිහිං වයින් බොන්න ලැබෙන්න කියලා ටෝනි කිව්වේ බයෙන්.

මේ ජැක්ගේ අකුරු නේද? ජෙහාන් ඇහුවේ ටෝනිගෙන්.

මොනාද එයා ඉල්ලලා තියෙන්නේ ? ටියාරා බයෙන් බයෙන් ඇහුවා .

ටියාරගේ හදවත මගේම වෙන්න කියලා .. ටෝනි හයියෙන් කියෙව්වා.

මොකක්? ඒ කියන්නේ මට ජැක් ගිය දිහා යන්න වෙයි කියලද?ටියාරා ඇහුවේ අඩන ගමන් .

නෑ… නෑ..මුකුත් වෙන්නේ නෑ. මං කිව්වේ ටියාරා බදාගෙන .

ඈන් වගේම ෂේන් ඉල්ලලා තියෙන්නේ ඒ දෙන්නගේ ලෝකෙක තනිවෙන්න; ඒ දෙන්නගේ චිට්ස් හොයාගෙන ජෙහාන් කිව්වා .

මට තවත් මෙහේ ඉන්න බෑ. අපි යමු මෙහෙන් කියලා ටියාරා කෑ ගහගෙන දුවන්න ගත්තේ අපි නවතින්න කිව්වත් නවතින්නේ නැතුව

ටියාරා දිව්වේ තේ වත්ත මැදින් … අපි තුන් දෙනත් පුලුවන් තරම් වේගෙන් දිව්වේ ටියාරා අල්ලගන්න හිතාගෙන . ඒත් අමුතු පණක් ඇවිත් වගේ ටියාරා දිව්වේ හරිම ජව සම්පන්න විදියට .

දන්නෙම නැතුව අපි කැලේ ඇතුළට ඇවිත් තිබුණා . යන පාරක්වත් , හොටෙල් එකේ මියුසික්කවත්, එළියක්වත් නොපෙනෙන තරම් දුර අපි කලුවරේම ටියාරා පස්සෙන් ඇවිත් තිබුණා

එකපාරටම ඇහුණ හූ හඩත් එක්ක ආව සීතල සුළං පාර , සිලි සිලි ගාලා මුමුණන ගස් මගේ බය වැඩි කරා.

අ–නේ ඒ මොකක්ද? මං ඇහුවේ ජෙහාන්ගෙ අතේ එල්ලිලා .

නරියෙක් වගේ සතෙක් වෙන්න ඇති බය වෙන්නෙපා බබා.. ජෙහාන් කිව්වේ මාව තුරුළු කරගෙන .

ජෙහාන් සාක්කුවට අත දාලා එයාගේ ෆෝන් එක අරං ටෝච් එක පත්තු කරා… හද එළියත් ඒ වෙලාවේ තිබුණත් කැලේ ඇතුළේ තිබුණේ අමුතු කලුවරක්.

ටියාරා න-ව-තින්න…. මං කෑ ගැහුවෙ බිම ඉදගෙන.

පුදුමෙට වගෙ ටියාරා නැවතුනා . ඒත් ඉස්සරහ බලාගෙනම හිටියේ . අපේ පැත්තට හැරුණේ නෑ. ටෝනි ටියාරා ළගට ගිහිං උරහිසට අත තියලා අපේ පැත්තට හැරෙව්වේ ජෙහාන් මං වාඩි වෙලා හිටිය තැන හිටපු නිසා .

ඕ… වට්ද හෙල් ඊස් ගොයින් ඔන්..කියලා කෑ ගහපු ටෝනි ටියාරා අතෑරලා පස්සට පැන්නා .

ටියාරා දිහා බලන්න බැරි විදියේ පෙනුමක් තිබුණේ . කට ඇරිලා දිව එළියට පැනලා . ඇස් දෙක එළියට පැනලා ලේ ගලනවා . ඒ මදිවට බ්ලවුස් එකත් ඉරාගෙන එළියට ඇවිත් තිබ්බ හදවත වැටෙන්න ඔන්න මෙන්න වගෙ. මුලු ඇග පුරාම ලේ ගලනවා . ඒවගේ පණුවෝ සිලි සිලි ගාලා.

අ-නේ ටියාරා .. මං කෑ ගහලා අඩන්න ගත්තා .
ඔලිවියා…. අ-නේ මාව බේරගන්න … ටියාරා එහෙම කිය කිය අපි ළගට එන්න ආවා.

අනේ එ-යා-ට පණ තියෙනවා ජෙහාන් . අපි අපි කොහොමද එයාව බේරගන්නේ? මං ඇහුවේ ජෙහාන්ගෙ මූණ දිහා බලලා .

පිස්සිද ඔලී.. ඒ අපෙ ටියාරා නෙවෙයි . දුවමු. ටෝනි යන්…කියලා ජෙහාන් මාවත් ඇදගෙන දුවන්න ගත්තා.

මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැරුව ගස් ගල්වල හැප්පි හැප්පි දුවද්දී මං පස්සහ හැරිලා බැලුවේ ටියාරා දාලා ආව එක ගැන දුකෙන්.

ඒත් එහෙම බලනකොට මං දැක්කේ කාටවත්ම පේන්න ඕනි නැති දෙයක් . ටියාරා අපේ පස්සෙන් පන්නගෙන ආවේ පොළවට උඩින්. එන්න එන්නම එයාගේ රූපේ වෙනස් වෙනවා. එයාගෙම හදවත රස කර කර කකා ආවේ කට වටේම ලේ පෙරෙද්දි. එකපාරටම එයා ටෝනි අල්ලගත්තා.

එ–පා… අතෑරපං මාව…ටෝනි කෑ ගහන සද්දේ ඇහුණත් ජෙහාන් නතර වුණේ නෑ. අපි දෙන්නා දිගටම දිව්වා.

හෑ…… ටෝනි කෑ ගැහුවෙ ජෙහාන් වගේම මාවත් බය කරලා .

ඒ එක්කම අපි දෙන්නගෙ ඉස්සරහට වැටුණේ ටෝනි . බෙල්ල වෙනම ඇග වෙනම වෙන්න වෙන් වෙලා. කට දෙපැත්තේ වයින් බේරෙනවා. එකපාරටම ටෝනිගෙ අත මගෙ කකුල අල්ලගත්තා .

හෑ…. ජෙහාන් .. මං කෑ ගැහුවෙ මගේ කටහඬ කැලේ දෝංකාර දෙද්දි.

ටෝනිගෙ අත අයින් කරගෙන මාවත් ඇදගෙන ජෙහාන් දිව්වේ වේගෙන් . පැයක් විතර එක දිගට දිව්වත් අපි කැලේ ඇතුළේ . හෝටලේට යන පාරක්වත් අපට හොයාගන්න බැරි වුණා .

ජෙහාන්ටත් මහන්සි නිසා අපි ටිකක් නැවතුනේ මහන්සි අරින්න .

අනේ ජෙහාන් .. මේක ඇත්තක් නෙවෙයි නේද .. හීනයක් නේද . මං ඇහුවේ අඩ අඩ ඒ පපුවට තුරුළු වෙලා .

මේක ඇත්තක් ඔලී… ඉවෝන් , ඈන්, ෂේන් කොහෙද දන්නේ නෑ. ජෙහාන් කිව්වේ මාව තුරුළු කරන්.

අනේ අපට ගෙදර යන්න බැරිවෙයි… මං අඩන්න පටන් ගත්තේ මරණ බයෙන් .

ඔලී….කපාරටම ඇහුණේ ඉවෝන් කෑ ගහන සද්දේ .

ඉවෝන් ඔයා කොහෙද ? මං වටපිට බලන ගමන් ඇහුවා .

ජෙහාන් … අනේ මාව පහලට ගන්න . මං ගහ උඩ..ඉවෝන් පොඩි ළමයෙක් වගෙ කිව්වම අපි ගහ උඩ බැලුවා.

ගහ උඩ ගුලිවෙලා හිටිය ඉවෝන් ජෙහාන් ගහ උඩට නැගලා බැස්සුවා.

ඔයා කොහොමද කැලේට ආවේ ? මං ඇහුවේ පුදුමයෙන් .

මං…. මං සැන්ටා එක්ක ඩාන්ස් කර කර හිටියා . එකපාරටම සැන්ටා මාව වඩාගත්තා. මං හිතුවෙ ක්‍රිස්ටි සැන්ටා වගේ ඇදලා මාව සප්‍රයිස් කරන්න හදනවා කියලා . එයා මාව අරං කැලේ ලගට ආවා. එතන ක්‍රිස්ටි හිටියා . එයා මොකකට හරි බයවෙලා කතා කරන්න බැරිව හිටියා . ඒත් ඇස් වලින් මට කිව්වේ මෙතන ඉන්නෙපා කරදරයක් වෙයි පැනලා දුවන්න කියලා වගේ. මට ක්‍රිස්ටි දාලා යන්නත් බෑ. මං ඇහුවේ තමුසෙ කවුද කියලා සැන්ටගෙන් . එයා සැන්ටා කොස්ටියුම්ස් අයින් කරාම මං දැක්කේ ගොස්ට් කෙනෙක් . හරියට ඩ්‍රැකියුල වගේ. කට දෙපැත්තේ දත් දෙක .. මං ෆේන්ට් වුණා . ඈ…හෑ… ඉවොන් අඩ අඩම කතාව කියනවා .

මට සිහිය එනකොට එයා ක්‍රිස්ටි ට ඇණ ගහනවා පණ පිටින්. මං පුලුවන් තරම් වේගෙන් දුවගෙන ආවා. මටත් පුදුම මං ගහට නැග්ගේ කොහොමද කියලා. ඉවෝන් එහෙම කියලා අඩන්න ගත්තා.

හරි දැන් අඩන්න එපා ඉවෝන් .. අපි කොහොම හරි පාර හොයාගෙන යන්. මං කිව්වේ ඉවෝන් බදාගෙන .

අපි කැලේ ඉස්සරහට ගියේ මගදි ටෝනි ගැනයි, ජැක් වගේම ටියාරා ගැන ඉවෝන් ට කියන ගමන් .

ඈන්, ෂේන් එක්ක හොදින් ඇති නේද. ඉවෝන් ඇහුවේ බයෙන් .

ඔව් අපි එහෙම හිතමු කියලා ජෙහාන් කියනකොටම කොළ පොඩි වෙන සද්දයක් ඇහුනා.

මගේ හදවත දැන් නතරවෙයි කියලා හිතෙන තරමට මං බයවෙලා හිටියා . ඉවෝන් ගෙ පපුව ලබ්ඩබ් ගාලා ගැහෙන සද්දේ මට හොදට ඇහුණා.

ස්…. කියලා ජෙහාන් සද්ද නොකර කොළ පොඩි වෙන සද්දේ මොකක්ද කියලා බැලුවා .

එතකොට අපි දැක්කේ ඈන් එක්ක ෂේන්; කිස් කර කර ඉන්නවා .

එක්ස්කියුස්මි… ඩිස්ටර්බ් කරාට සොරි . උඹලා මෙහෙ පිස්සු කෙලිනවා. අපි මෙහේ නොමැරී මැරෙනවා . කට්ටියක් යන්නම ගිහිං. ජෙහාන් කෑ ගහලා කිව්වත් එයාලට ඇහුණේ නෑ.

කැන් යූ ඩිවෝස් යුව වයිෆ් ඇන්ඩ් ස්ටේ විත් මී ස්ටෙෆන්?ඈන් කතා කළේ ෂේන්ට.

නෝ.. අයි කාන්ට් සාරා… අයි වෝන්ට් මයි වයිෆ්. ෂී ඊස් මයි ඩෝටර්ස් මදර්.ෂේන් කිව්වා .

අපි කටත් ඇරගෙන බලාගෙන හිටියේ මොනාද මේ දෙන්නා කියවන්නේ කියලා .

නෝ.. නෝ… යූ කාන්ට් සේ දැට්.. ඩෝන්ට් යූ ලව් මී? ඈන් ඇහුවා .

අයි ලව් යූ සාරා. බට් අයි වෝන්ට් මයි වයිෆ් ටූ. එහෙම කියලා ෂේන් ඈන්ගේ මූණ ඇල්ලුවා .

ඩෝන්ට් ටච් මී. අයිල් කිල් යුව වයිෆ් ..; ඈන් කෑ ගැහුවෙ කේන්තියෙන් .

මොනාද මේ මෙයාලට වෙලා තියෙන්නේ ? ඉවෝන් ඇහුවේ රහසින්.

මට හිතෙන්නේ මෙයාලට ආත්මයක් වැහිලද කොහෙද .මං කිව්වේ මට හිතුණ දේ.

චීට… යූ මේක් මී කිලර්.. අයි හේට් යූ. අයිල් කිල් යූ ඇන්ඩ් අයිල් ගෝ ටු දහොටෙල් රූම්. දෙන් අයි කැන් කිල් යුව වයිෆ් ටූ…කියලා ඈන් ෂේන් තල්ලු කරා..

එතන තිබුණේ ප්‍රපාතයක්. ෂේන් කෑ ගහගෙන වැටුණු සද්දේ ඇහුණේ විලාපයක් එක්ක.

ඈන් මොකක්ද ඔයා ඒ කරේ? මං ඈන් ළගට ගියේ ඉබේටම .

එතකොට ඈන් මගේ බෙල්ල අල්ලගත්තා . එයා ටික ටික විරූපී වෙලා හහ්…. හහ්… හා… ගලා බය හිතෙන විදියට හිනා වෙන්න පටන් ගත්තා .

මං බේරෙන්න දගලද්දි ජෙහාන් එක්ක ඉවෝන් මගේ අතින් ඇද්දා.

ආමේන්… ප්ලීස් ජේසුස් හෙල්ප් අස්.. කියලා ජෙහාන් ප්‍රේ කරන්න පටන් ගත්තමයි මටත් බුදු ගුණ සිහි කරගන්න මතක් වුණේ .

ඉතිපිසෝ භගවා කියලා මාත් හයියෙන්ම ගාථා කිව්වේ ජීවත් වෙලා ඉන්න අපි තුන්දෙනාටවත් මෙතනින් පැනලා යන්න ලැබෙන්න කියලා හිතාගෙන

ආ….. ආ…. ගාලා ඈන් වගේ හිටිය කෙනත් කෑ ගහලා පහලට පැන්නා .

අපි තුන්දෙනාත් අත් අල්ලගෙන පණ එපා කියලා දුවන්න ගත්තා . අපේ වාසනාවකට වගේ අපි ඇවිත් තිබුණේ ප්‍රධාන පාරට.

එන වාහනවලට අත දැම්මත් ඒවා නතර කරේ නෑ. පැයක් විතර අපි සීතලේ වාඩි වෙලා ඉද්දි මාගේ ඇගේ තිබිලා සලාං ගාලා මොකක්ද වැටුණේ .

කී එකක්… කියලා ඉවෝන් ඒක අහුලලා ගත්තා.

රූම් නම්බර් 16. පිදුරුතලාගල රෙස්ට් ; කියලා ගහලා තිබුණු ඒ යතුර මලකඩ කාපු පරණ එකක්.

ජෙහාන් ඇදලා අරං යතුර විසිකරා.. එතකොට වාහනයක් ඇවිත් නතර කරා.

අපි ඒකේ හෝටලේට ගිහිං පොලීසියට වෙච්චි දේ ඉන්ෆෝර්ම් කරා. හොල්මන් කතාව නම් විශ්වාස කරේ නෑ එයාලා. ඒත් කවුරු හරි ප්ලෑන් කරලා අභිරහස් විදියට මර්ඩර් කරලා කියලා තමා එයාලා හිතුවෙ .

පුදුමෙ කියන්නේ ඈන් එක්ක ෂේන් මැරිලා හිටියේ වෑන් එකෙ. වෑන් එක ලයිට් කණුවක හැප්පිලා ඒක වෑන් එක උඩට කඩා වැටිලා ඒ දෙන්නා එතනම මැරිලා හිටියා .

ඒත් අපි යාලුවො දෙන්නා පැන්නා දැක්කා කිව්ව නිසා පොලීසියේ අය ඒ හරිය චෙක් කරා.. එතන ඇටකටු වගයක් තිබිලා හොයාගෙන අවුරුද්දකට කලින් විතර මැරුණ අයගෙ. ඒ ගැන පරීක්ෂණ කරනවා කියලා අපට දැනගන්න ලැබුණා .

කට උත්තර දීලා මායි ජෙහානුයි ඉවෝන් එක්ක ගෙදර එන්න ආවේ කැබ් එකක් හයර් කරන්. වුණ දේවල් තාමත් හිතාගන්න බෑ.

අපි කෙහෙල්මල් තෑගි සැන්ටාගෙන් ඉල්ලුවේ නැත්තම් අපි හැමෝටම බේරෙන්න තිබුණා . ඉවෝන් කිව්වේ අඩ අඩ.

හැමදේම වෙන්නේ දෙවියන්ගෙ කැමැත්තට. අපට කරන්න දෙයක් නෑ… ජෙහාන් කිව්වා .

කර්මය අපට වෙනස් කරන්න අමාරුයි . ඒත් ධර්මයට අනූව ජීවත් වෙන්න අපට පුලුවන් . එතකොට අපේ ආරක්ෂා වෙන්න පුලුවන් .. කියලා මටත් හිතුණා .

කොහොම වුණත් මේ නත්තල් නම් මං මැරෙන කල්ම මට අමතක කරන්න බැරිවෙයි කියලා මං ඇස් පියාගත්තේ හැමදේම අමතක වුණා නම් කොච්චර හොදද කියලා හිතලා.

—–නිමි——

– නයෝමී නදීරා ධීරසිංහ –

= බය හිතෙනවා මදි ඇති. වැරදි ඇත්නම් සමාවෙන්න … ඔයාලා යාලුවො එක්ක නත්තල් ට්‍රිප් යනවා නම් මෙහෙම සිද්ධි නොවේවා කියලා මං විෂ් කරනවා.. හැමෝටම සුබ නත්තලක් ??

17 thoughts on “සීතල නත්තලේ බිහිසුණු මාරයා|හොල්මන් කෙටි කතා|කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    අනේ අක්කියෝ ඔහොම බය කරන එපා මාව… ඇත්තටම බය හිතුනා.. නුවර එලිය පැත්තෙ යන්නත් බයයි…ඇත්තමයි කොහේ ගියත් හොටෙල් වල නවතිම්න කලින් හොදට හොයලා බලන්න නම් ඕනි.. නැත්නම් බය වෙලා පන යයි… ඔයාගෙ කතාවනම් මාරයි…
    පුලුවන් වෙලාවක කතාවක් දාන්න අක්කියෝ….??????????

    1
    1. nayomi nadeera

      Aththa ekak newe ? samahara welawata holman walatath e wage wada puluwan . Man wiswasa karanawa ? eth kaatawath waraddak karala nattam apiwa araksha wenawa

  2. කතාව ගොඩාක් ලස්සනයි…ඒ වගේම ගොඩක් බය හිතෙනවා …තවත් කතා ඕනී………..තවත් ලස්සනට ලියන්න සුබ පතනවා නයෝමි…….???????

  3. Thakshi Deepali Jayasuriya

    එ්ක නම් සුපිරිම කතාවක්….හිරිගඩුත් පිපුනා….නියමයි නයෝමි….එක හුස්මට කියවන් ගියේ මං….එ් වගේම කතා අහුරේ අයගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා…අදට අවුරුදු දාහතරකට කලින් සුනාමිය නිසා අප අතරින් වියෝවුනු…අසරණ වුනු…අවතැන් උනු අයව සිහිකරමු අද…අායේ කවදාවත් එ් වගේ විපතක් අපිට සිද්ධ නොවේවා කියලත් ප්‍රාර්ථනා කරමු…..ඊයේ ගොඩක් සතුටු උනා වගේම…පුංචි ඉල්ලීමක්

    1. nayomi nadeera

      ස්තූතියි නංගි ?? ඔව් ආයෙත් සුනාමියක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු

  4. Ashka Rashmi

    Ammo..akki eka mara lassanai..patteta baya hithuna matanm..ammo..santa gen thagi illala wechcha deyk…

    Thakshi kiwwath wage ada dhnta awurudu 14ta kalin una sunami anathuren jiwitha bili una hamowama mathakkarala pin demu..ayet e wage අවාසනාවන්ත siddiyak novewa kiyla prarthana karamu..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.