Katha Ahura

නොපැතූ සෙනෙහෙ | තිස්හත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️

~තිස්හත්වන දිගහැරුම~

මං දේව්ට අමුතුම ජාතියේ cool drink එකක් දෙන්න තීරණය කලා.. ඇත්තම කිවුවොත් මං දෙන්න යන එකේ පෙනුම විතරයි cool.. නැත්තන් ගැලපෙන්නේ hot drink කියලා..

මං ඒ drink එක හැදුවෙ උණුවතුරෙන්.. සීනෙ නම් දැම්මෙම නෑ.. ලුණු ටිකක් දැම්මා.. තව දේවල් දාන්න ගියෙ නෑ ඉතිං.. මොන උනත් පව්නේ..

කේක්,බිස්කට් වගේ දේවලුත් ට්‍රේකෙන් තියලා මං අරන් ගිහින් සාලෙන් තියලා කතා කලා..

දේව් මං දිහා බලලා අර එයාගෙ ලස්සන හිනාව දැම්මා.. අනේ එතකොටනම් මං අරම කලේ පව් කියලා හිතුනා.. ඒත් දැන් කරන්න දෙයක් නෑනේ..

දේව් වීදුරුව අතට අරන් එක උගුරක් බිවුවා.. පව් දෙයියනේ.. එයාගෙ මූණ නිකන් කජුලෙල්ලක් වගේ උනේ මං බලාඉද්දිමයි..

හෙන ගේමක් දීලා එයා ඒ උගුර ගිලගන්නවාඅං හොදට බලාගෙන හිටියේ..

එක පාරම දේව් මං දිහා බැලුවනේ.. මේ අහිංසක මං මොනා කරන්නද.. මං ඉතිං හිනාවක් දැම්මා..

හැබයි ඒ බලපු බැල්මට මට හැගීගියේනම් පස්සේ අල්ලගන්නම් වගේ එකක්..

තාත්තා අපි දෙන්නට කතා කර කර ඉන්න කියලා ගියානේ.. මාත් ඉතිං එයාට ඉස්සරහින්ම වාඩිඋනා..

මෙන්න බොලේ මෙයා අනිමිස ලෝචන පූජාවද කොහේද.. මාව ගිලින්න වගේ බලාගෙන ඉන්නව්නේ..

දැන්නම් පොඩ්ඩක් විතර මට බයක් දැනෙනවා.. මේකේ රිටන් එක ගත්තොත් කොහොමගනීද දන්නෙ නෑ..

මොන උනත් පව්නේ.. මං කලින්ම හොද cool drink එකකුත් හදලා තිබ්බේ.. ඒක ගෙනල්ලා දේව්ට දික්කලා.. දේව් අර drink එක පැත්තකින් තියලා මං දේව් දිහාට දික් කරන් හිටපු එක් ගන්න හැදුවා..

මෙන්න බොලේ මෙයා මගෙ අතින් අල්ලගත්තා.. මට නිකන් දැනුනේ මට කරන්ට් එක වැදුනා වගේ.. ඉබේම මගේ ඇස් ගිහින් නතර උනේ ඒ ඇස් දෙක ලග..

මං ඉන්නේ කොහේද එතකොට දේව් මගෙ අතින් අල්ලන් ඉන්න එක ගැන මට වගක්වත් නෑ.. මං නිකන් ඒ ඇස් වලට ආකර්ශනය උනා වගේ..

“හෙලෝව්.. ඔයා හොදින්ද..”

මං පියවි සිහියට ආවේ ඒ කටහඩ ඇහිලා.. එතකොට තමා මට මතක් උනේ මේ ඉන්නේ ගෙදර කියලා.. අනිත් එක තමා දේව් තාම මගෙ අතින් අල්ලන් ඉන්න එක ගැන.. මං ඉක්මනට මගේ අත අහකට ගත්තා..

දේව් ඉස්සරහදි මට මේ මොනාද වෙන්නේ.. ඇයි දෙයියනේ මාව එයා ඉස්සරහම chater කරන්නේ.. හපොයි.. මං එයා දිහා මෙලෝ සිහියක් නතුවනෙ බලාගෙන හිටියේ.. කාත් ඇරගෙනද දන්නේ නෑ බලාගෙන හිටියේ..

ශිට්.. එයාව නෝන්ඩි කරන්න ගියාට අන්තිමට මමමයි නෝන්ඩිවෙන්නේ..

ඒත් එක්කම එයා ලග තිබ්බ මගේ SFT පොත එයා මට දික්කලා.. මං හිනාවෙලා ඒක අරගෙන ආයිමත් බිමබලාගත්තා..

මෙන්න මෙයා මංලගින් ඇවිත් වාඩිඋනා.. අද නම් දේව් ගෙදර යන්න් හදන්නේ එයත් ගුටි කාලා මටත් ගස්සෝලම තමා.. ඇයි අනේ ගෙදර ඉද්දි මෙහෙම ලගින් ඇවිල්ල ඉදගන්න එක හිද නෑනේ..

මං ඉක්මනට නැගිටලා එලියට යමු කියලා මං එලියට ආවා..එයත් මගෙ පස්සෙන්ම එලියට එනවා මං දැක්කා.. මං ගිහින් බංකුවෙන් වාඩි උනාම එයත් මගෙ ලගින්ම වාඩිඋනා..

ඔන්න ඉතිං ආයිත් අනිමිසලෝචන පූජාවා.. මං දිහා බලාගෙන ඉන්නවා.. දැන්නම් මගේ මූණත් රතුවෙලා ඇති ලැජ්ජාවටම.. මං නම් එයා දිහා නොබලා ඉස්සරහම බලාගෙන හිටියා..

ඒ ගමන මගේ අතක් අරගෙන මගේ ඇගිලි එයාගෙ අතේ අගිලි වලට පටලෝගත්තා..

දැන්නම් මගෙ හදවත පුදුම වේගෙකින් ගැහෙන්නේ.. ඒ සද්දේ දේටත් ඇහෙනවා ඇති කියලා මට හිතුනා..

මට ඉබෙටම බැලුනේ ගෙදර දොර දිහා.. හපොයි.. තාත්තා එනවා..

මට බය වැඩිකමටම තාත්තා දිහා බලාගෙනම දේව්ගෙන් මගෙ අත ගන්න හැදුවේ.. කොහේ ගන්නද මගේ අත තද කරලා අල්ලගෙන..

“ද්..දේව්.. තා..ත්..”

මට කියාගන්න හම්බුනේ නෑ.. දේව් කතා කරන්න ගත්තා.

“ඇයි තෙනූ මේ බයවෙලා.. දාඩියත් දාලනේ.. මං ලග ඉන්න ඔච්චර බයද..”

“මගුලක් කතා කරනවා..” එහෙම කියන්න කටට ආවත් මං ඒක නොකියා හිටියා..

“තාත්තා එනවා..”

පුලුවන් උන වෙලේ මං කියලා දැම්මා.. දේව් එතකොටම දෙර දිහා බලලා මගෙ අත අතඇරලා ටිකක් එහාට ගියා..

“හෙට පංති එන්න.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..”

එහෙම කියලා එයා නැගිට්ටා..

“අහ් අංකල්.. මං මේ යන්න කියලා හැදුවේ.. ”

එතකොටම එතන්ට ආවේ අම්මා..

“දවල්ට කාලම ගියානම් හරිනෙ පුතා..”

“දැන් බෑ ආන්ටි.. අම්මාත් මං එනකන් බලාගෙන ඇති.. මං වෙන දවසක් එන්නම්කො ආන්ටි..”

එහෙම කියලා දේව් අම්මටයි තාත්තටයි වැන්දා.. මං වගේම ඒක දැකලා අම්මයි,තාත්තයිත් පුදුම උනා කියලා එයලගේ මූණුවලින්ම මං දැක්කා..

දේව් යන්න ගියා.. මං බලන් හිටියේ එයා යන දිහා.. එක පාරටම එයා මගේ දිහා හැරිලා ඇහැක් ඉගිමැරුවා..

ඉහලට ගත්ත හුස්ම පහලට නොදාම මං බැලුවෙ අම්මා,තාත්තා දිහා.. අම්මෝ.. එයාලා වෙන කතාවක.. ඒක දැක්කට පස්සෙ තමා හිස්ම ටික පහලට දැම්මේ..

මං දේව්ට වේව් පාරක් දාලා ගෙට ආවා..

එයා ගිහිපු වෙලේ ඉදන් මට පුදුම පාලුවක් දැනෙන්නේ.. මටනම් පිස්සු හැදීගෙන එනවාද කොහෙද..

ඕඕඕ.. මට දැන්නෙ මතක් උනේ.. මොනාද දන්නෙ නෑ දේව්ට කියන්න තියෙන්නේ..

දේව් එදා රෑ ඉදන්ම හරි අමුතුයිනේ.. කලින් මාව පෙන්න බෑ.. දැන් ගෙදරටම හොයාගෙන එනවා..

❤️❤️❤️

දේව් මොනාද තෙනුෂිට කියන්න හදන්නේ කියලා හෙට බලමු..

ඊළග කොටසින් හමුවෙමු..

?Nawanjanawa Dawanshi?

8 thoughts on “නොපැතූ සෙනෙහෙ | තිස්හත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක”

  1. ආයි සැරයක් මන් ඔයාට ආදරෙයි කියලද… නැත්නම් මන් කලේ බොරුවක්.. ඒක එහෙම කලේ ඔයා මට ආදරේද කියලා දැනගන්න ..ඒම කියයිද… අම්මෝහ්.. මරු… මරු….

  2. Mata hithenne devta kella ekka trip eka giya hinda parana mathakayan mathak wenna athi…kollata eda sure ektma hinen penna aththet thenuwa.ekane thenu thenu kiyla kagahuwe..itin thenu kwdakiyla kollata mathak wennathi..aaw..aaw..thenuta enna kiynwa atte ayema i lv u kiynna tama…annaaw..lassanai dr kathawa❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.