Katha Ahura

සොදුරු ආත්මය | විසි හයවන හමුවීම

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසි හයවන හමුවීම..

————————————————————————————————————————————-

මං පහළට වැටෙද්දිම මට දැනුනේ මාව පා වෙනවා වගේ.. ඔව් මළ හොල්මන මගේ අතකින් අල්ලගෙන..

මට හිතෙන්නේ මට මෙයාව මළ හොල්මනක් වගේ පෙනුනට බලවත් ආත්මයක් වගේ..

“සාහී.. ඉක්මන් කරන්න..”

එයා මාව ඇඳගෙන පාර දිගේ දිව්වා..

මං දන්නවා අරුන් ටික මං පැනලා ගිහින් කියලා ඉක්මනට දැන ගනී.. මං පුලුවන් ඉක්මනටම හැංගෙන්න ඕනි..

මං හිතන්නේ දැං රෑ දහයත් පහු වෙලා ඇති.. ශිට්ට් මොකක්ද මං කරන්නේ..

මං දුවන එක නතර කරා සාමාන්‍ය විදියට හුස්ම ගන්න ගත්තා..

“සාහි මොකද කරන්නේ..?? දුවලා යමු..”

“මේ මිනිස්සු අස්සේ සාමන්‍ය විදියට යමු..”

මං හෙමීට මිමුණුවා.. මේ ජනාකීර්ණ නගරේ තාමත් මිනිස්සු එහාට මෙහාට යනවා..

මං හෙමීට අත් දෙකෙන් කම්බුල් දෙක පිහිදා ගත්තා.. තාමත් කම්බුල් රිදේනවා..

මැදැයි ආදරේ කරා.. හොල්මන් වෙලා තමයි නවතින්න වුණේ..

මං කොහෙද යන්නේ..??

මට ඕන වුණා කෑ ගහලා අඬන්න.. හිතේ ඉවරයක් නැතුව ගිනි ගන්න මේ වේදනාව කඳුලු වලින් දිය කරලා දාන්න.. මං තරම් මෝඩියක්…!!!!

ඒ අස්සෙත් වැහි දෙයියොත් මාත් එක්ක තරහ වගේ.. වැහි බිංදු එක දෙක පොළවට වැටෙනන්න ගත්තා..

ඕඕඕ කඩවලේ..!! යන්න තැනක් නැතුව පාරේ තනි වෙලා ඉද්දි කොහොමද වැස්සක් වැස්සොත්..

ඔක්කොම වෙන්නේ මටමයි…!!

මාව පාස් කරන් වාහන වේගයෙන් ඇදිලා යනවා. මං දන්නවා තව ටිකකින් ගලන්න වහී. ඒත් මං මොකක්ද කරන්නේ..??

මං අර පෙන් එක හොයා ගන්න ඕනි.. එදා මං ඒක බෑග් එකේ දාගත්තා.. ඒත් අද ඒක බෑග් එකේ නැත්නම්..??

දෙයියනේ මං කොහේ කොහේ ඒකත් අරන් ගියාද..??

ඕඕඕඕ ශිට්..!! වැස්ස..

මං එදා වගේම දිව්වේ ගහක් යටට.. මට මතක් වුණේ මං සර් එනකම් බලන් හිටපු දවස.. එදත් සර් ශාකි එක්ක හිටියේ. එදත් මං මෝඩයා වගේ රැවටුණා..

එදා රන්වීර් නාව නම්..??

ඔව්… මං යන්න ඕනි රන්වීර් ගාවට.. එයත් සර්ගේ කෙනෙක්ද..?? නෑ නෑ.. ඒත් දවසක් එයත් ශාකි එක්ක කතා කර කර හිටියා..

එදා මාව අර මදාවියොන්ගේ බේරගෙන එක්කන් ගිය දවසේ.. එදා පෙන් එක තිබ්බේ මගේ බෑග් එකේ..

මගේ අතින් ගරජ් එක ඇතුළෙදි බෑග් එක වැටුණා..

‘මේ අහන්න.. අපි යන්න ඕනි රන්වීර් ගාවට..”

“අර කොල්ලා නේද.. සාහිගේ බෝයිෆ්‍රෙන්ඩ්..”

“ඔයත් එයාව දන්නවද..?”

මට මුකුත් නොකියා එයා හිනා වුණා..

මං වීල් එකකක නැගලා රන්වීර් ඉන්න මුඩුක්කුවට ආවා.. ඇත්තම කිව්වොත් දෙන්න අතේ සල්ලි තිබ්බෙත් නෑ. රන්වීර්ගේ ගේ ගාවෛන් නැවැත්තුවම ඒ මනුස්සයා සල්ලි එපා කියලා ගියා..

අනේ මන්දා.. සමහරවිට එයා රන්වීර්ව දන්නවා ඇති..

වීල් එකෙන් බැහැලා තෙමී තෙමීම ගරජ් එකේ ලොකු දොර ඇරන් ඇතුළට ගියා.. හැමතැනම කළුවරයි…

ඒ කියන්නේ රන්වීර් නෑ.. දොර එහා පැත්තේ ටෝච් එකක් තිබ්බා.. ඒක මට දුන්නේ මළ හොල්මන..

එයාට නම් මොකෝ..?? කළුවරෙත් ඇස් පේනවනේ..

මං ටෝච් එක ගහන් වාහන අස්සේ ඉස්සරහට ගිහින් බිම බැලුවා.. කළුවරේ පරණ වාහනත් නිකම් යක්කු වගේ.

බිම කොහේවත් තිබ්බේ නෑ.. මං හුඟක් වෙලා බිම දණ ගාගෙන හෙව්වා..

ශිට්ට්ට්… මේ පෙන් එකක් මට වද දෙන තරමක්.. ඊටත් වඩා මේ තරම් දුක් විඳින්නද මං මනුස්සයෙක් වුණේ.

මං ටෝච් එක පැත්තකින් තියලා බිත්තියට හේත්තු වෙලා බිමින් වාඩි වුණා..

මං මොකක්ද මේ කරේ..?? එදා සාහිට මැරිලා යන්න දුන්නා නම් සමහරවිට අද සර්ට දඬුවම් ලැබිලා..

මං මේ කතාවක් මැද්දට පැනලා බලෙන් දුක් විඳිනවා..

සර්ව මතක් වෙන වාරයක් පසා මගේ ඇස් වල කඳුලු අලුත් වෙනවා.. ඇයි මගේ ඒ දුඹුරු ඇස් වලට ආදරේ කරේ..???

මං හිතුවේ මිනිස්සු මේ තරම් ලස්සනයි කියන ආදරේ විඳින්න විතරයි..

ඒත් මිස්සුන්ට වඩා ආදරේ හොල්මන් වෙනවා ආදරේ කරන මිනිස්සු හින්දා..

මං කඳුලු වලට ඔහේ ගලන් යන්න දීලා ඇස් පියා ගත්තා..

“තමුසේ ඔය අඬන්නේ අරූ හින්දද..?”

මං දන්නවා මෙයත් හදන්නේ මට බනින්න..??

මං දණිහිස් අතර මූණ හංග ගත්තා. ඇයි යකෝ අඬන්නවත් නිදහසක් නැති මනුස්ස ලෝකෙකට මොකට ආවද මං..??

“සාහි මැරුනේ එයාගේ වාසනාවට.. එයාට මෙච්චර දුකක් දරා ගන්න බෑ.. හැබැයි තමුසෙත් හරි වාසනාවන්තයි.. මට තමුසෙට උදව් කරන්න පුලුවන්..”

“සාහිට හැමදාම ඕන වුණේ යුක්තිය ඉශ්ඨ කරන්න.. කොච්චර අහිංසක කෙල්ලෙක් වුණත් එයා එයාගේ අරමුණ වෙනුවෙන් නිර්භීත වුණා..”

“සාහීටවත් යුක්තිය ඉශ්ඨ වෙයිද කියලත් දැං සැකයි..”

මළ හොල්මන මං ගාවින් වාඩි වුණා වගේ දැනුණා..

“සාහි මැරුණේ මගේ වැරැද්දෙන්.. මට තමුසෙගෙ වගේ සාහි ළඟින් ඉන්න බැරි වුණා. උන් ඒ අහිංසක කෙල්ලව මැරුවා.. තමුසෙත් සාහිගේ ඇඟටම රිංගලා උන්ටම ආදරේ කරා..”

“ඉතින් තමුසේ අඬන්නම ඕන..”

දැං නම් එයා කේන්තියෙන් වගේ..

“ඔයා කොහොමද සාහි ගැන ඔච්චර දන්නේ..??”

මං එහෙම ඇහුවේ මෙයා මේ තරම් සාහි ගැන දන්නේ කොහොමද කියන එකත් මට ප්‍රශ්නයක්..

“සාහි මගේ නංගි..!!!!”

———————————————————————

හුඟක් රහස් එලියට එන්නයි හදන්නේ…

සාහි දරා ගන්න… තව ටික දුරයි..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

30 thoughts on “සොදුරු ආත්මය | විසි හයවන හමුවීම”

      1. ගොඩක් ලස්සනයි කතාව එත් ඉවර වෙන්න ළඟයිනෙ ?
        තැන්කු පියුමි අක්කි රොස මල මට නෙද

      1. ඔව් කිඹුලො first උනා හැබැයි ඇයි මං first උනාම කිඹුලගෙ ඇහැක් වැහිලා දිව හැපුනෙ ☺️???

    1. හානේ නෙතුව අද එක වෙලානි…ඔන්න මගේ ගානෙ පාටි එකක් ????????????????????????????☕??????????????

      1. අනා තැන්කු හංසයො හැබැයි මං මතට තිත තියපු අහිංසක බොසත් චරිතයක් අප්පා

  1. අදත් කතාව ලස්සනයි??? .අයියෝ eth කතාව iwara වෙන්න lagai නේද .ඒකට nam දුකයි appa ???

    1. ගොඩාක් ලස්සනයි අක්කි කතාව ❤️❤️❤️❤️❤️❤️
      ඉස්සරහට මොනා වෙයිද දන්නෑ.සාහිගෙ අක්කව මැරුවෙත් සර්ද දන්නෑ.රන්වීර් සාහිට උදව් කරයි මේ හැමදේම විසදන්න.
      අනේ අක්කි අපිට ඔයාගෙන් නවකතාවක් දෙන්නකො ප්ලීස්
      සුභ පතනවා ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අක්කියෝ.
      ???? All the best ? ? ? ? ?????????

    1. හයියෝ සල්ලි.. මොකද මේ වෙන්නේ..මල හොල්මන සාහිගෙ අක්කනෙ බොලේ..?????
      හොල්මන් කෙල්ල සාහිට යුක්තිය ඉටු කරයි නේද..කෝ අනේ රන්වීර්..කෝ අර පෙන් එක.. මටනම් පිස්සු ඩබල් වෙලා..මාවත් හොල්මන් වෙලා වගේ..

      කතාව පට්ට පට පට..හෙටත් දිග කොටසක් අරගෙන එන්න හොඳද.. දෙවි පිහිටයි ඔයාට..????

      1. අක්කියො මං හොඳින් ඒත් අක්කිට පිස්සු ත්‍රිබල් වගෙ කොහෙවත් නැති සල්ලි කොහෙන්ද මෙකට වැඩිනම් කියන්න අපි දන්සලක් වත් දාමු

  2. අපොයි මේ මොකක්ද වුනේ… මට හිතුනා ඔහොම වෙයි කියලා…???????? සුපිරි කතාව.. ටිකක් දිගට කතාව දාන්න බැරිවෙයි ද…????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.