Katha Ahura

සොදුරු ආත්මය | විසිහත්වන හමුවීම

5/5 - (1 vote)

හෙට ඉදලා අයෙත් කතා අහුරේ කතා වැටෙනවා..
කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසිහත්වන හමුවීම..

————————————————————————————————————————————-

“සාහි මගේ නංගී..”

මොකක්..?? මාව නිකම් අඩි ගාණක් පස්සට විසි වුණා වගේ.. මොන කතාවක්ද අනේ ඒක..??

“නංගී..??”

මං ආයේ ඇහුවේ මට ඇහුණ විදිය තාමත් මට ශුවර් නැති හින්දා..

“ඔව් නංගි තමයි..”

කොහොමද ඒක වෙන්නේ..?? සාහි කොහොමද..?? ඕඕ කඩවලේ…!!! තව පාරක් මාව මරලා හොල්මනක් කරන්න…!!

ඊට පස්සේ අපි අතර තිබ්බේ නිහඬබවක්.. මං හයියෙන් හුස්ම ගන්න සද්දේ විතරයි ඇහුනේ..

“සාහි කියන්නේ මට මේ ලෝකේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම බැඳීම.. ඒත්.. ඒත් මට එයාව පරිස්සම් කරන්න බැරි වුණා..”

එයා තනියම දුක් වෙද්දි මං කල්පනා කරේ මේ කතාවේ මං නොදන්න තැන් කොච්චර තියෙනවද කියලා..

ඔක්කෝටම වඩා තව සප්‍රයිස් මට තියෙද..??

ඒත් මං විස්තර හොයපු විදියට සාහි කියන්නේ කොහෙද දුර අනාථ නිවාසෙක හිටපු අහිංසක කෙල්ලෙක්. මෙහෙට ඇවිත් තිබ්බේ රස්සාවක් කරන්න.. මෙහෙට ආවට පස්සේ සාහි ආයේ කොහේවත් ගියේ නෑලු. එහෙම තමයි මට ලැබුණු විස්තර වල තිබ්බේ..

ඒත් දැං..??

“සාහි හිටියේ නිවාසෙක. අනාථ නිවාසෙක. ,ඉතින් කොහොමද අක්කා කෙනෙක් හිටියේ..???”

මං ඇහුවේ මළ හොල්මන දිහාවට හැරිලා..

එයාගේ මූණේ යන්තම් හිනාවක් ඇදුණා..

“අපේ අම්මයි, තාත්තයි මැරෙනකොට සාහිට අවුරුදු පහයි.. මට අවුරුදු දොළහයි.. සාහි පොඩි බබෙක් එතකොට.. ඒත් අම්මයි, තාත්තයි අපි හිටපු කාමරේ බෙල්ලේ වැල දාන් මැරිලා ඉන්නවා මුලින්ම දැක්කේ එයා.. ”

“දන්නවද.. මගේ තාත්තා ඒ කාලේ මේ ටවුන් එකේ පොලිස් ස්ථානධිපති…? උන් තාත්තට තර්ජනේ කරා.. අම්මට තර්ජනේ කරා.. තාත්තා උන්ට බය වෙන්නේ නැතුව ඇති. ඒත් අන්තිමට වුණේ නොකරපු අපරාධ ගොඩකට වැරදිකාරයෝ වෙන්න..”

“ඉතින් දෙන්නම සියදිවි නසාගත්තා.. අවංකව ජීවත් වෙලත් ඔප්පු වෙච්ච චෝදනා දරා ගන්න බැරුව.. මං එදා ඇඬුවේ සාහිව බදා ගෙන.. එයාට ලොකුවට තේරුමක් තිබ්බෙත් නෑ.. ”

“අපිව අනාථ නිවාසයකට දුන්නා.. සාහිත් මාත් එක්කම ලොකු වුණා.. හැබැයි සාහිට මං අපේ අම්මලා, තාත්තලා ගැන ගොඩක් දේවල් කිව්වේ නෑ.. මං ඒ හැමදේම පොතක ලිව්වා.. ඒ කිසිම දෙයක් අමතක නොවෙන්න.”

එයා ලොකූ සුසුමක් පිට කරා.

“මොකද මට ඕන වුණා මේ හැමදේම කරපු එකාගෙන් දවසක පලි ගන්න.. ”

“මට එතනයි වැරදුනේ.. එදා මං පලි ගන්න හිතුවේ නැත්නන් අද සාහි මළ පෙරේතියක් වෙලා පලි ගන්න දුශ්ඨ ආත්මයක් වෙන්නේ නෑ..”

ඔව්.. සාහිටත් ඕන පලි ගන්න තමයි..

“මං ඉගෙන ගත්තා.. හොඳට ඉගෙන ගත්තා… සාහි ඒ කාලේ ඉගෙන ගත්තා හින්දා මං මෙහෙ එද්දි එයාව අරන් එන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.. සාහි නිවාසේ තනි වුණා. මං නිතරම එයාට කතා කරා.. මගේ පොඩි කෙල්ල ගොඩක් පාලුවෙන් හිටියේ නිවාසේ… ”

“කොහොමහරි මං මෙහෙට එද්දි මගේ තාත්තගේ, අම්මගේ මිනීමැරුවෝ ආසියාවේ ප්‍රසිද්ද බිස්නස් කාරයෙක්.. ඒත් මගේ පලි ගැනීම නතර වුණේ නෑ. මාත් ඒ කම්පැනියටම ජොබ් එකකට ආවා. ..”

“මං කරේ තමුසේ කරන ජොබ් එකමයි. මං හිටියේ තමුසේ හිටිය අපර්ට්මෙන්ට් එකේමයි.. මං ටිකෙන් ටික උන් ගැන හෙව්වා.. කම්පැනිය ගැන හෙව්වා… ”

“එතකොට තමයි මට හිතුනේ මං පලි ගන්න හිතපු එක හරි කියලා.. අපේ කම්පැණිය ලෝකෙට පේන්න බිස්නස් කරාට මුළු ලංකාවටම කුඩු ගේන්නේ අපේ කම්පැණිය හරහා.. පාතාල ලෝකෙට අවශ්‍ය ආයුධ පවා ගේන්නේ මුන්.. මං හැමදේම හොයා ගත්තා. ඒ අතරේ දවසක තමයි මට රන්වීර් හම්බුනේ..”

මොකක්..?? මේ කතාවේ රන්වීරුත් ඉන්නවද..??

“රන්වීර් කියන්නේ තාත්තගේ හොඳම යාලුවෙක්ගේ පුතෙක්. අපි එකම පන්තියේ ඉස්සර හිටියේ… එයා තමයි මට මේ ඔක්කොම විස්තර හොයා ගන්න උදව් වුණේ.. එයා මාස දෙක තුනකට සැරයක් නිවාසෙට යනවා මාත් එක්ක සාහි බලලා එන්න. ”

“ඊටත් වඩා එයා සීඅයිඩී නිළධාරියෙක්. කොහොමහරි මං මේ හැමදේකම මුල හොයා ගෙන රන්වීර්ගේ අතට දෙන්නයි හිටියේ.. ඒත් එදා තමයි හැමදේම වෙනස් වුණේ.. බොස්ගේ පුතා ඒ වෙද්දි හිටියේ ලංකාවේ. ඌත් තාත්තා වගේම අපරාධකාරයෙක්.. කොහෙන් හරි ඌට මං ගැන සැක හිතිලා මාව ෆලෝ කරලා..”

“ඔක්කොම විස්තර ෆයිල් කරලා ඒක සීයිඩී එකට යවන්න කලින් ඌ මාව අල්ලා ගත්තා.. අපේ අපර්ට්මෙන්ට් එකේම.. මගෙන් ඒ ෆයිල් එක අරගෙන ඌ මාව අර බැල්කනියෙන් පහළට තල්ලු කරා…”

ඒක අහද්දි නම් මගේ ඇඟේ හිරිගඩු පිපුණා…

“පත්තරේ නිවුස් වලට ගියේ පෙම්වතා හැර ගිය ශෝකයට මං සියදිවි නසා ගත්තා කියලා. ඒත් ඌ මාව මැරුවා.. මගේ සාහි.. මගේ අහිංසක කෙල්ල පොළවේ පස් නොකාපු එක විතරයි. සාහි අඬ අඬ ජීවත් වෙනවා බලන්න බැරි නිසාම මං මෙහෙස් හිටියා. මෙහේ වෙන හැමදේම බලා ගෙන. මොකද මං ගොඩක් ශක්තිමත් බලවත් ආත්මයක් නෙවෙයි. ”

“අවුරුදු ගාණක් ගත වෙද්දි මං හිතුවා ඒක ඉවරයි කියලා. ඒත් අවුරුදු අටකට පස්සේ සාහි මෙහෙටම ආවා.. මං කරපු ජොබ් එකටම.. මගේ අරමුණටම. සාහිට මං ලියපුවා හම්බෙලා. එයාටත් විශ්වාස කරා මං මැරුනේ නෑ. මාව මැරුවා කියලා. ඉතින් සාහි ආවෙත් පලි ගන්න. මං වෙනුවෙන්. අපේ අම්මයි, තාත්තයි වෙනුවෙන්..”

එතකොට සාහි මෙහෙට ආවෙත් පලි ගන්න..

“මං දුක් වුණා.. මට සාහිව නවත්වන්න ඕන වුණා. මොකද මට සාහිව මැරෙනවා බලන්න බැරි හින්දා.. මං මරණයට බය වුණේ නෑ. ඒත් සාහිට මුකුත් වෙනවට මං ගොඩක් බය වුණා. එයා රන්වීර් හම්බෙලා එයාගෙන් උදව් ඉල්ලලා. රන්වීර් අමාරුවෙන් කැමති කරගෙන එයත් විස්තර හොයන්න පටන් ගත්තා.. ”

“ඔයාට මෙහෙම කියනවා වගේ මට සාහිත් එක්ක කතා කරන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. එහෙම තිබ්බා නම් මේ තරම් දේවල් වෙන්නේ නෑ.. එයත් අවුරුදු දෙකකට පස්සේ හැමදේම හොයා ගත්තා. මුන්ගෙන් කුඩු අරන් ලංකාව පුරාම කුඩු බෙදන ජාලයම සාහි හොයා ගත්තා. හොර අවි ආයුද ගබඩා කරලා තියෙන ප්‍රදේශ හැමදේම. ඊටත් වඩා දෙයක් සාහි හොයා ගත්තා.. අවයව ජාවරම. පොඩි කෙල්ලෝ, කොල්ලෝ අරන් ගිහින් උන්ගේ අවයව ගන්නවා. ඊට කලින් උන්ව දූෂණය කරනවා. රටේ ලොකු ලොකු ඇමතිලා පොඩි කෙල්ලො එක්ක දාන සෙල්ලම් ගොඩකගේ වීඩියෝස් පවා සාහි එකතු කර ගත්තා..”

“ඒත් සාහිගේ රූම් මේට්.. තමුසෙව මුළ ඉඳලම රවට්ටපු ශාකි තමයි සාහි ගැන ඇත්ත හොයාගෙන මගේ සාහිව පාවලා දුන්නේ..”

“මට මගේ කෙල්ලව බේර ගන්න මුකුත් කරන්න බැරි වුණා.. අන්තිමේ සාහි මැරිලා ගියා.. මං වගේම..”

එයා කේන්තියෙන් උඩ බලන් ඉන්නවා..

“මගේ අම්මා, තාත්තා, මට, සාහිට කවදාවත් සාධාරණයක් ඉශ්ට වෙන්නේ නැද්ද..? හැමදාම අපරාධකාරයෝද දිනන්නේ..??”

“තමුසේ දන්නවද මාව මැරුවේ කවුද කියලා.. මගේ සාහිව මැරුවේ කවුද කියලා.. ”

“තමුසේ කඳුලු හල හල ලව් කරපු තමුසෙගේ සර්…”

දෙයියනේ…!!!!

සර් නරක කෙනෙක් බව මං දැනන් හිටියා.. මීට පැය ගාණක ඉඳන්.. ඒත් සර් මේ තරම් අපරාධකාරයෙක් කියලා දැනුනම මගේ වේදනාව අලුත් වුණා වගේ..

මිනිහෙක්ට මේ තරම් සාහසිකයෙක් වෙන්න පුළුවන්ද..??

ඒත් මං කොයි තරම් ආදරේ කරාද සර් ඔයාට..

මගේ මුවින් ඉකියක් පිට වුණා.

“ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්… කවුද එනවා..”

මං ටෝච් එකත් ඕෆ් කරලා බිත්තියට තවත් ගුලි වුණා..

තප්පරින් තප්පරේ මට අඩි සද්දේ ළඟ ළඟින්ම ඇහුණා…

මං ඇස් තද කරලා පියා ගත්තා.. ඒත් එකපාරටම ලොකූ එළියක් මගේ මූණට වැටුණා..

මං අත් වලින්…

—————————————————————

රහස් ගොඩක් ඔන්න එළියට ආවා.. සාහී.. ඔයා හිතුවට වඩා රන්වීර් ඔයාට සමීපයි..

ආදරෙයි පැලෙන්න. හැමදාමත් මාත් එක්කම ඉන්න.

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!
27

37 thoughts on “සොදුරු ආත්මය | විසිහත්වන හමුවීම”

    1. මේ මොකක්ද වුනේ .. හිතුවෙ නැති විදියට කතාව වෙනස් වුනා. රන්වීර් officer කෙනෙක්. මරු හොදේ…?????

    1. අනේ මොකක්ද මේ වුණේ..මට ගොඩක් දුකයි අලේ..සාහිගෙ අක්කා..අම්මා..තාත්තා..සාහි ඔක්කොම මැරුණෙ මේ දේ නිසාද.සාකි හරි නරකයි නේද..
      අනේ අර මැරුණු අයට යුක්තිය හොල්මන් කෙල්ල ඉෂ්ට කරයි නේද..
      සර්ව බල්ලොම කාපිය..??????????
      සාකි හොල්මනක්ම වේවා..??????

      අනේ එතකොට රන්වීර් ට මොකද වෙන්නෙ..මට හිතාගන්න බෑ අලේ..හෙටත් දිගගග කොටසක් අරගෙන එන්න හොඳද.. දෙවි පිහිටයි ඔයාට..????

      1. කෝ අනේ කට්ටිය.. ලොකු අයියේ ඔයාට කොහොමද දැන්…අනේ ඉක්මනට සනීප වෙලා එන්න රත්තරං අයියෙ..අපි හැමෝම බලාගෙන ඉන්නවා.. දෙවි පිහිටයි ඔයාට.. ආදරෙයි පැලෙන්න..

    2. හොල්මනක් වුවත් මම
      පෙම් කෙරුවේ නුඹෙ හදට
      කඳුලැලිද උරුම මට
      ඒ ප්‍රේම සිතුවමට
      සිතු නමුත් නුඹ මටද
      ආදරය කළ බවට
      ඒ මවපු මිරිගුවකි
      මගේ සිත රවටන්න…

        1. අනේ තැන්කූ බබලා..
          ඔව් අනේ කතාවත් නෑ..ඇප් එකම පාළුවට ගිහින්..

  1. Oshani nimeshika

    කතාව නම් මරු අනේ සාහිට ඔච්චර දෙයක් වෙනකන් තෙරුනේ නෑනෙ මල හොල්මන හිටියෙ නැත්නම් ආයේ සාහි හොල්මනක් වෙනවා දැන් තමා කතාවෙ හොදම ටික හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ❤️?❤️?❤️?❤️

    කට්ටිය හැමෝම හොදින් නේද කෝ අද කට්ටිය අඩුයිනෙ කෝ ඔයාල එන්නකො?????

  2. ඔයින් බේරුනා මදෑ… රන්වීර්ට සාහී කැමති වෙයිද දන්නෙ නෑ… රන්වීර්නම් කැමතිවෙයි වගේ… එහෙම උනොත් හොදයි…

    අර සර් කාරයටයි ශාකිටයි හොදින් ඉන්න දෙන්න හොද නෑ… ???… මොකක් හරි කරන්න ඕනි …

    කතාව නම් මරු අක්කියෝ… දැන් ඉවරවෙන්න ළගයි නේද අක්කියෝ

  3. සදෙව්මි විහන්සා

    දිග කමෙන්ට් එකක් දාන්න බෑ අක්කිය්ඕ.. අසනීපෙන් ඉන්න නිසා.. ලස්සනයි කතාව.. සුභ පතනවා ඔයාට.. බුදුසරනයි???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.