Katha Ahura

හිතුවක්කාරයෝ |අටවෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.5/5 - (11 votes)

අටවෙනි දිගහැරුම

ගස්කොලන් අතරින් අපි ටික ටික ඉස්සරහට එද්දි මට දැනුනෙ තරමක අපහසු බවක්…ඇත්තටම කිව්වොත් මට toilet යන්න ඕන….ඉවසන් ඉන්නම බෑ….පිටිපස්සෙන්ම එන්නෙ මායි මගේ යාලුවො තුන් දෙනයි රහලුයි…රහල්ව ටිකක් මග ඇරලා මං මගේ යාලුවො ලගට කිට්ටු උනා..

” සැහැසි ….නිම්…මේහ්…මට toilet යන්න ඕන බං….හොදටම චූ බරයි…” ඉවසන්නම බෑ මුත්‍රා බර..උදේ ඉදන් හිරකරගෙනනෙ ඉන්නෙ….මං එහෙම කිව්වම උන් දෙන්නා මගේ දිහා ඇලුවෙ මූණ ඇඹුල් කරගෙන..

” මටත් ඕයි….”

” ඇයි මට..මටත් චූ බරයි හොදටම….” දෙන්නම කිව්වෙ මූණ ඇඹුල් කරගෙන..

” මොකද්ද බං කරන්නෙ දැන්….මේ කැලේ toilet නෑනෙ….” මං කිව්වෙ අමාරුවෙන් හිනාවෙලා.මොකද හයියෙන් හිනා උනොත් අබ සරණයි….මට ඇගේ යයි…

” toilet නෙවේ බං..මේ කැලේ ගහක් අස්සට තමා යන්න වෙන්නෙ….” සැහැසි කිව්වෙ හිනා වෙවී…අයියෝ….මොනාද අප්පා දැන් අපි කරන්නෙ..මේ කොල්ලො එක්ක යද්දි අපි කොහොමද අපේ වැඩක්වත් කරගන්නෙ..අනේ ගණදෙවියනේ..අපිට නුවන දෙන්නකෝ..මොකද්ද කරන්නෙ..කොහොමද කරන්නෙ..හිත හිතම ඉද්දි සැහැසි කතා කලේ.

” මේ..මේ..රහල්..මේ මෙයාට මොනාද කියන්න තියෙනවලු…” එහෙම කියලා මේ බැ@$% මාව ඉස්සරහට තල්ලු කරපි..කොල්ලො ටික ඔක්කොම නතර වෙලා බැලුවෙ මං දිහා..ලැජ්ජාවේ බෑ..ශික්..

” ඇයි ආදි..මොනාද කියන්න තියෙන්නෙ…” රහල් ඇහුවෙ පුදුමයෙන් .අයියෝ ..දැන් මොනාද මං මෙයාට කියන්නෙ…හී..

” ආම්…මේ….ඕගොල්ලො පොඩ්ඩක්…ඉස්සරහින් යන්න….අ..අ..අපිට ටිකක්..අපි ටිකක් මෙතන නැවතිලා එන්නං…ඔයාලා ඉස්සරහට යන්නකො…” මං ඇඹරි ඇඹරි කිව්වෙ ගොන් කතාවක්…

” මොකක්…මෙතන නැවතිලා එන්න…ඔයාලට පිස්සුද..” රහල් කිව්වා…

” නෑ..අපි එන්නං ඉක්මන්ට …ඔයාලා යන්නකො…” මං කිව්වා..හැමෝම අපි දිහා පුදුමයෙන් වගේ බලා ඉද්දි මං දැක්කෙ දෙනුවන් ඇවිත් රහසින් රහල්ට මොනාදෝ මංදා කියනවා…මේ බූරුවා ඒ ගමන මොන කුනුහරුපයක් කියනවද දන්නෑ…

” ආහ්…හරි හරි ඒනං …ඔයාලා එන්නකො…අපි ඉස්සරහට යන්නං….” රහල් එහෙම කියාගෙන කට්ටිය එක්ක විග විගහට ඉස්සරහට ගියා..

” ඇයි බං…”

” මුකුත් නෑ යංකො…” සදුන් ඇහුවත් රහල් මුකුත් කියන්නැතිව කට්ටියව එක්කගෙන ඉස්සරහට ගියා…අපි එකතැන නතර වෙලා බලාගෙන හිටියෙ ඒ අය ටික ටික නොපෙනී යනකන්..

” දෙනුවන්ට තේරුනා….ඌ රහල්ට රහසින් කිව්වෙ ඒකයි…” නිම්සරා කිව්වා..ඔව්..මටත් ඒක තේරුනා…අනේ එහෙම හරි කාටහරි අපේ අපහසුව තේරුන එක ලොකු දෙයක්…කොල්ලො ටික එහාට යද්දි අපිත් අපේ වැඩේ ශේප් එකේ කරගෙන ආයෙම ඉස්සරහට දුවලා ගියේ කවුරුවත් පේන්නවත් හිටියෙ නැති නිසා…වටෙන්ම කලුවර අරක්ගනිද්දි අපි තුන්දෙනා දුවගෙන ගියේ ඉස්සරහට කොල්ලො සෙට් එක අල්ලගන්න…අපි යද්දි මෙන්න ඉන්නවා කට්ටියම එකතැනක එකතු වෙලා කුටු කුටු ගගා..අපිව දැක්ක හැටිය ඒ අය කතාව නතර කලා…

“ආ..දැන් හරිද…යං එහෙනං….” දෙනුවන් එහෙම කිව්වහම අපිට දැනුනෙ එසේ මෙසේ ලැජ්ජාවක් නෙවේ…කමක් නෑ ඉතින්..පොඩි කාලෙ ඉදන් එකට ඉගෙනගත්තු යාලුවොනෙ අපි..ඒ හින්දා ගානක් නෑ…කට්ටියම මුකුත් නොකියා ඉස්සරහට ඇවිදන් ගියේ ටිකක් පය ඉක්මන් කරලා..මොකද කලුවර වැටෙන්න වැටෙන්න ඒ සමගාමීව අපේ බයත් එන්න එන්නම වැඩිවෙනවා…දැන්නං වටපිට බල බල සුන්දරත්වය නරඹ නරඹ යන්නෑ අපි..මට නං ඕන මේ කැලෙන් කොහොමහරි එලියට යන්න…තව කිලෝමීටර් දෙකක් විතර ඉස්සරහට ඇවිදන් ගියත්..ම්හු…අපිට දිය ඇල්ල නං හම්බුන්නෑ….මේ පාරත් අපිට පාර වැරදුනාද කොහෙද..ඒත් මොනා කරන්නද…ඔන්න ඔහෙ ඉස්සරහට යනවා..වෙන දෙයක් වෙයිනෙ..අන්තිමට මං එහෙම හිතලා ඔක්කොම බලාපොරොත්තු අත ඇරියා…ටික ටික කලුවර වැටෙද්දි හවස හයත් උනා…කැලේ හින්දා මාරම කලුවරක් තිබ්බෙ…හැමෝම එක ලග එක ලග යන්න ගත්තෙ අත අල්ලන්…කොල්ලො ටික අපි තුන්දෙනාව මැද්දෙන් වගේ තියන් ඉස්සරහට ගියේ..වටපිට බලන්නැතිව ගිය මං මට එකපාරටම ඇහුනෙ පිටිපස්සෙන් අඩි සද්දයක්…පිටිපස්ස හැරිලා බලද්දි මං දැක්කෙ කලු ඇදගත්ත මනුස්සයෙක් වගේ ජායාවක් අපිට ටිකක් පිටිපස්සෙන් ඉදගෙන ගස් අතරින් එහෙට මෙහෙට යනවා …කලුවරේ ඒ කලුපාට ජායාව දකිද්දි මගේ හිත එකපාරටම ගැස්සුනා…මං අම්බානක බය උනා ඒක දැකලා…

” අර…අර…අර කවුද …?” මං ගොත ගගහා අහද්දි කට්ටියම පිටිපස්ස හැරිලා බැලුවෙ මං බලන් ඉන්න දිහා…

” කෝ…කවුද …..??” හැමෝම පිටිපස්ස බලද්දි ඒ ජායාව නොපෙනී ගියා..

” ආම්…දැන් නෑනෙ…මට ඇහුනා අපේ පිටිපස්සෙන් අඩි සද්දයක් …හැරිලා බැලුවම දැක්කෙ කලු ඇදගත්තු කවුරුහරි ගස් අතරින් එහාට යනවා ….දැන් බලද්දි නෑනෙ…” මං කිව්වෙ ගොතගගහා…මං ඉන්නෙ හොදටම බය වෙලා…අනික මාව හොදටම වෙව්ලනවත් එක්ක…මං මොකද්ද දෙයියනේ ඒ දැක්කෙ..

” ඒත් ආදි…අපිට නං එහෙම කිසිම අඩි සද්දයක් ඇහුන්නෑ….” නිම්සරා කිව්වා..දෙවියනේ ..ඒ කියන්නෙ මේ විකාර බහුබූත ඔක්කොම මට විතරද..

” කවුරුහරි ඔතන ඉන්නවද…..ඉන්න හු@#% එලියට වරෙන් යකෝ මෙතන බය කරන්නැතුව…” දෙනුවන් ඇහුවෙ කෑගහලා…

” හූඌඌඌඌඌඌඌඌඌඌ ….” ඒත් එක්කම ඒ ජායාව දැක්ක හරියෙන් ඇහුනෙ ඒ හූ හඩ..අපි හැමෝම ගැස්සිලා ගිහින් එකට පොදි ගැහුනෙ බයෙන් බයෙන්..මට හිතුනෙම දැන් නරි එයි දැන් නරි එයි වගේ කියලා…

” මචං….අපි දුවමු..නරිද කොහෙද…..” සදුන් කෙදිරි ගානවා ඇහුනා..අපි තුන් දෙනාව මැද්දෙන් තියාගෙන කොල්ලො පස් දෙනා අපි වටේ හිටියෙ..ඒ හින්දා හිතේ බය ටිකක් අඩුයි..

” නෑ…මේ කැලේ නරි නෑ..ඒ වෙන මොකක් හරි…අපි යං ඉක්මන්ට …කෝ..යමු..මෙතන ඉන්න සුදුසු තැනක් නෙවේ…..” දෙනුවන් එහෙම කියාගෙන කට්ටියව ඉස්සරහට තල්ලු කලා..අපි හැමෝම පය ඉක්මන් කරලා ඉස්සරහට යන්න ගත්තෙ වටේ ගස්කොළන්වල ලැගලා හිටිය වදුරන්ගෙ කෑගැහිල්ල මැද්දෙන්….ඒ සද්දෙන් කන් පිරිලා තියෙද්දි රහල්ගෙ අස්සෙන්ම වගේ මං ඉස්සරහට ඇවිදන් ගියේ දවල් උනා වගේ වදුරෙක් ආයෙම මගේ ඇගට පනී කියලා බයෙන්…දෙනුවන් කිව්වත් වගේ ඒ හූ හඩ නරියෙක්ගෙ වෙන්න බෑ….එහෙනං මෙලහකටත් නරි රංචුවක් අපිව එලවනවා..ඒත් ටික දුරක් එනකන්ම එහෙම සතෙක් දැක්කෙ නෑ..අර නැහැදිච්ච අලු වදුරා හැරෙන්න….ගස්වල වහල ඉන්න එක එක ජාතියෙ කුරුල්ලොත් සද්ද කරන්න ගත්තෙ අපි කැලේ මැදින් යද්දි….වටපිට බලන්නැතිව ඉස්සරහම බලාගෙන මං ඇවිදන් ගියේ බයටමයි…හොදටම කලුවර වැටිලා දැන්…අදනං අපිට පාර හොයාගෙන මේ කැලෙන් එලියට යන්න බෑ….කිලෝමීටර් ගානක් ඇවිදලා ඇවිදලා මගේ කකුල් හොදටම රිදෙනවා ..හැමෝගෙම මූණු දැක්කම කියන්න පුලුවන් හැමෝම ඉන්නෙ හෙම්බත් වෙලා වගේ…මගේ යාලුවො දෙන්න නං මං වගේම බය වෙලා ඉන්නෙ කියලා දැක්කෙ දෙන්නගෙම ඇස් වල කදුලු පිරිලා තිබුනා…

” අනේ…දැන් කලුවරත් වෙලා….අපි අතරමං වෙලා නේද…හහ්….” මං එකතැන නතර වෙලා හති ඇර ඇර කිව්වා..ඒ ගමන හැමෝගෙම ගමන් නැවතිලා මං කිට්ටුවට ආවා..

” ඔව්…අපිට අද මේ කැලෙන් යන්න වෙන එකක් නැති වෙයි….” නිර්වාන් කිව්වෙ වටපිට බලලා..මටයි මගේ යාලුවො දෙන්නාටයි එකපාරටම ඇඩුනා..මට ගෙදර මතක් උනා…අම්මා…එයා බයවෙයි මං කැලේ ඇතුලෙ අතුරුදහන් වෙලා කියලා දැනගත්තම…අනේහ්…මට සමාවෙන්න අම්මෙ..හිතුවක්කාර නොවී ඉන්නයි තිබ්බෙ මට….මේ ඔක්කොම මගේ වැරදි..මේ අය කැලේ පනිද්දි අපිත් ඒ වැරැද්දම නොකර මිස්ලට අහුකරලා දුන්නනං මේ කිසිදෙයක් නෑනෙ මෙහෙම වෙන්නෙ..

” අඩන්නෙපා ආදි ….අපි හැමෝම හෙට පාර හොයාගෙන යං….” රහල් ලගට ඇවිත් මගේ ඔලුව අතගෑවා…

” හ්ම්..මං උබලට කිව්වනෙ මේ කෙල්ලො අරන් එන්න බෑ කියලා..දැන් පේනවනෙ වැඩේ….” දෙනුවන් එකපාරටම කෑගහන්න ගත්තෙ කේන්තියෙන් .

” ඇයි…??” රහල් ඇහුවෙත් තරහින්..

” ඇයි අහන්නෙ…අපි වගේද මුන්…මුන් කෙල්ලො…හදිස්සියක් උනොත් මුන්ට දුවාගන්නවත් පුලුවන්ද ….බෑනෙ….” දෙනුවන් කියද්දි මට ආවෙ ලොකු කේන්තියක් ..එයා කියෝගෙන යද්දිම මාත් පැනලා එයාට බනින්න ගත්තා…

” ඇයි මෙච්චර වෙලා මේ කැලේ තමුසෙලත් එක්ක අපි දිව්වෙ නැද්ද…ආ..ඉස්සෙල්ලාම අර කුණ කටුවා එලවද්දි පිඹුරා එලවද්දි අලියා එලවද්දි තමුසෙලා විතරද දිව්වෙ….ඇයි අපි දිව්වෙ නැද්ද …ආ….” කදුලු පිහිද පිහිද ආවේගෙන් මං කතාකලේ…හැමෝම පුදුමයෙන් අපි දෙන්නා දිහා බලා ඉන්නවා මං දැක්කා…

” දිව්වා තමා..තව පොඩ්ඩෙන් තමුසෙ අලියට පෑගිලා මැරෙනවා අර වැටිච්ච වෙලේ….”

” හරි ඉතින් මුකුත් උන්නෑනෙ….මාව බේරගන්න කොහොමත් තමුසෙලා ආවෙ නෑනෙ….මාව කෙලින් කරෙත් මගේ යාලුවො දෙන්නනෙ….” මං කියලා දැම්මා…මේ අය හිතන් ඉන්නෙ හැමදේම පුලුවන් කොල්ලොන්ට විතරයි කෙල්ලොන්ට මෙලෝ දෙයක් බෑ කියලා ..

” එක තමයි ඕයි කියන්නෙ…තමුසෙලා යන යන තැන වැටෙනවා…තමුසෙලා දිහා ඇහැ ගහගෙන හිටියෙ ඇතිඋනොත් මොනවැයින් මොනාවෙයිද කියලා හිතාගන්න බෑ….තමුසෙලට හදිස්සියකදි ගහකට වත් නැගගතෑකිද…..බෑනෙ..සතෙක් එලවන් ආවත් ගස් නගින්න බෑනෙ තමුසෙලට….” දෙනුවන් එහෙම කියද්දි නං මගේ රතු කට්ට පැන්නා..

” ඇයි බැරි …තමුසෙලට වගේම අපිටත් පුලුවන් ගස් නගින්න….අපිත් ගස් නැගලා තියෙනවා…” මං කේන්තියෙන් කියලා දැම්මා…ඇත්තනෙ…මං පේර ගස් අඹ ගස් වල ඕන තරම් නැගලා තියෙනවා…

” යකෝ….අඹ ගස් පේර ගස් වගේද මේ රූස්ස ගස්….මෙච්චර ලොකු ගස් වලට නගින්න තියා හිතන්නවත් පුලුවන්ද ….” දෙනුවන් එහෙම කිව්වා..මං ආයෙම කතාකරන්න හදද්දිම රහල් කතාකලා..

” දෙන්නම ඕක නවත්තගන්න ….මෙතන රන්ඩු වෙලා හරියන්නෑනෙ දැන්….අපි දැන් බලන්නෝන මේ රෑ අපිට ආරක්ශිතව ඉන්න තැනක්…” රහල් කිව්වා..

” ඒකතමා රහල් මාත් කියන්නෙ…මේ කැලේ රෑ ගෙවන්න නං ඉතින් ඉන්න වෙන්නෙ ගස් උඩ තමයි…මුන්ට ගහකටවත් නගින්න පුලුවන්ද ..” දෙනුවන් ආයෙම හදන්නෙ මා එක්ක රන්ඩු වෙන්න…

” ඔව් ඕයි…අපිට ගස් නගින්න පුලුවන් ..තමුසෙලට වගේම…නේද බං….” මං එහෙම කියාගෙන සැහැසියි නිම්සරායි දිහා බැලුවා..උන් මා දිහා බලලා හිනාවක් දැම්මා..මොකක්..මුන්ට ගස් නගින්න බැරිද ඒ කියන්නෙ…අපෝ වස නෝන්ඩිය..

” අපි උබ වගේ ගස් නගින්න දන්නෑනෙ බං…” සැහැසි කිව්වෙ හිමින්….

” හරි හරි…මේක මගේ වැරැද්ද …මං නෙ කෙල්ලො තුන්දෙනාට අපි එක්ක එන්න අඩගැහුවෙ…මං මෙයාලාව බලාගන්නං…” රහල් කිව්වා..

” නෑ…මේක මගේ වැරැද්ද …මට තිබුනා ඔයාලා කැලේ පනිද්දි මිස්ට කියලා අහු කරලා දෙන්න…එහෙම උනානං අපි කාටවත් මෙහෙම දෙයක් වෙන්නෑනෙ….” මට ආයෙම සැරයක් ඇඩුනා…ඇත්තටම අපි හැමෝම ඉන්නෙ ලොකු මහන්සියකින්…ඒ වගේම හැමෝම ඉන්නෙ අසරණ වෙලා…

” හ්ම්…අයියෝ ආදි…අඩන්නෙපා බං…මං කිව්වෙ උබලා ගැන කේන්තියෙන් නෙවේ…මං කිව්වෙ ඇත්ත….කොල්ලො වගේ නෙවේ බං කෙල්ලො…කැලේක අතරමං උනාම අපිට නං ඕන දෙයක් ඔට්ටුයි…උබලා එහෙමද…නෑනෙ…සතෙක් පන්නන්න ආවොත් අපිට වේගෙන් දුවන්න පුලුවන්..ඔයාලට එහෙම අමාරුයි….ගස් නගින්නත් බෑ හරියකට…අනික..අනික මොකක් හරි හදිස්සියක් උනොත්…ඔයාලට මොනාහරි උනොත් …මං කියන්නෙ ඒක..අපිට මොනා උනත් කමක් නෑ….ඔයාලට මොනාහරි උනොත්…ඒකයි මං කියන්නෙ…අද අපි කොච්චර දුර ඇවිද්දද…අපිට නං ගානක් වත් නෑ ඒ දුර…ඒත් මං දන්නවා උබලට මාර අමාරුයි කියලා කකුල් වලට..ඒ නිසයි මං කෑගැහුවෙ ඔයාලා අපි එක්ක ආවෙ අපරාදෙ කියලා….” දෙනුවන් ටිකක් සන්සුන්ව කිව්වෙ…එයා කියන කතාව සහතික ඇත්ත තමා..ඒත් ඉතින් දැන් මොනා කරන්නද..ගෙවුනු අතීතෙ ගැන හිතන්නැතිව එලබෙන අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕන…මේ කලුවරේ අද රෑ කැලේ රැය ගතකරන්න සුදුසු තැනක් හම්බෙන්න දෙවියනේ ..අපිට පිහිට වෙන්න….

**********************

කැලේ රැය ගතකරන්න මෙයාලට තැනක් හම්බෙයිද…නිතර නිතර ආරාධ්‍යා දකින කලු ඇදගත්ත මිනිහා කවුද …ඒවා දැනගමු ඉදිරියට .

M.Ashka Rashmi❤️

7 thoughts on “හිතුවක්කාරයෝ |අටවෙනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. ?K.Kanchana Damayanthi?

    ඕඕඕඕඕඕඕහ්……….හිතේ ප්‍රශ්න වැලයි…
    මොනා වුනත් කතාව ලස්සනයි අක්කියෝඔ……??

  2. Guhawakwath hambaweid eyalat… ara kalu pata chayawa ara klin atharaman una kollo 3ndenagen kenekwathd…

    Kathawa maru akkiyo..
    All the best!!!

  3. Thakshi Deepali Jayasuriya

    Kathawa nam gdk lassanai….mm denuwanda rahalda…. Ara holmanakda manussayekda… Prashna nam godak thiyanawa… Ikmanata uththara hambeine… Api balamuko neda… ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.