Katha Ahura

හිතුවක්කාරයෝ |එකොළොස් වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.6/5 - (7 votes)

එකොළොස් වැනි කොටස

උදේ ඇහැරිලා බැලින්නං තාම කට්ටිය හොදටම නිදි…නිම්සරා සැහැසිව බදාගෙන…මං බැලුවෙ දෙනුවන් කොහෙද ඉන්නෙ බලන්න..දෙනුවන් හිටියෙ එයාගෙ යාලුවො ලග….කොල්ලො සෙට් එකේ කෙලවරේම එයා බුදි ශාක්‍යව බදාගෙන…රහලුත් හොදටම නිදි නිර්වාන්ව බදාගෙන…පල්ලෙහා බිම වතුර එකයි…දැනුයි ගුහාව ඇතුල හරියටම දැක්කෙ..මහ කැලේ මැද ගුහාව හරිම ලස්සනට දැක්කෙ මං…මෙච්චර කාලෙකට මගේ ලස්සනම අත්දැකීම මේ trip එක තමයි..

මං කට්ටියවම ඇහැරෙව්වා..වෙලාව උදේ 7යි..හැමෝම නැගිටලා බෑග් ලෙන ඇතුලෙම තියලා ගුහාවෙන් එලියට ආවා …පොඩ්ඩක් වටපිටාවට ගිහින් බැලුවා අපි…ගල්ගුහාවට තරමක එහායින් තිබ්බා පොඩි දිය කඩිත්තක්…අපි කට්ටියම මූණයි අත පයයි හෝදගත්තා ඒ වතුරෙන්..උදේම නිසයි ඊයෙ රෑ වැස්ස නිසයි දිය කඩිත්තෙ වතුර මාරම සීතලයි..අයිස් කැට වගේ…ඒ අවට පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිදලා සියලු අවශ්‍යතා සපුරා ගෙන ආයෙම අපි ආවෙ ගල්ලෙන ඇතුලට…හැමෝම උදේට කෑවෙ අපි ගෙනාපු බිස්කට් දෙක තුනක්…කට්ටියම අලුතින්ම fresh වෙලා වගේ බෑග් ටිකත් එල්ලගෙන ගල් ගුහාවෙන් එලියට ආවෙ අදවත් පාර හොයාගෙන මේ මූකලානෙන් එලියට යන්න ඕන කියලා හිතලා…

” ඊයෙ රෑ උබලා දෙන්නට කතා කලා කතා කලා ..ඇහැරුන්නෑනේ…” ඉස්සරහට යනගමන් මං මගේ යාලුවො දෙන්නට කඩන් පැන්නෙ දෙනුවන්ව මතක් වෙලා..

” හොදට නින්ද ගියා බං…ඇයි උබ කතා කලේ…” සැහැසි එහෙම ඇහුවම මං ඊයෙ වෙච්ච සිද්දිය කිව්වා…දෙන්නම කට ඇරන් මා දිහා බලන් හිටියෙ..

” අම්මට හුඩු…මං හිතන්නෙ බං…” නිම්සරා කියන්න ගිය එක වැලැක්කුනේ දෙනුවන් කතා කරන්න ගත්තැයින්..

” අඩෝ…අර දිය කඩිත්තක් තිබ්බෙ….ඒ හරියෙ වතුර තියෙනවා කියන්නෙ දිය ඇල්ල ලගම ඇති…නේද…”

” ඔව් නේහ් බං..දැනුයි ඒක මීටර් උනේ…ඒ දිය කඩිත්ත ඇල්ලෙන් එන වතුර වලින් හැදුන එකක් නං…එහෙනං ඒ හරියෙම ඇති ඇල්ල….” රහලුත් කිව්වා…ඒ කියන කතාවත් ඇත්ත…හැබැයි ඒක එහෙම නෙවේනං..ඒ දිය කඩිත්ත නිකන්ම නිකන් දිය උල්පතකින් එන එකක් නං…ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැති එකේ ඇල්ල මේ ලගමයි කියලා හිතාගෙනවත් ඇවිදන් යන්න තියෙන්නෙ…කට්ටියම ආපිට හැරිලා ගියේ දිය කඩිත්ත ලගට…දිය කඩිත්ත ලගින් තියෙන ගස්කොලන් අතරින් අපි ඉස්සරහට ගියේ කොහොමහරි අපිට දිය ඇල්ල හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කර කර..

කෙල්ලො අපිව ඉස්සරහටම දාලා කොල්ලො ටික මේ පාර පිටිපස්සෙන්ම ආවෙ..එකපාරටම ටික දුරක් ඇවිදන් එද්දි නිම්සරා යටිගිරියෙන් කෑගැහුවෙ ඈත පෙන්නලා…හැමෝම බයවෙලා වගේ එයා ලගට එකතු වෙද්දි මං බැලුවෙ නිම් අතදික්කරලා පෙන්නන දිහා…

” ආහ්..!!” කට්ටියම එකපාරටම නිකන් ශොක් උනා වගේ උනා…අපිට අඩි තුන හතරක් ඉස්සරහින් තිබුනෙ මිනිස් ඇටකටු ගොඩක්…කොල්ලො ටික ඒ දිහාට දුවලා යද්දි අපි තුන්දෙනත් හිමින් හිමින් ඒ දිහාට කිට්ටු උනා…එතන තිබ්බෙ ඇටකටු ඔලුවකුයි තව පර්ශු ටිකකුයි කොදු නාරටියයි තව තව කොටස් ටිකකුත් තිබ්බා…අම්මෝ..ඒක දැක්කම මට මාර බයක් දැනුනෙ…කකුල් පවා පණ නැති උනා ඒක දැකලා….

” මේ මොනාද බං මේ තියෙන්නෙ…මිනිස් ඇටකටු කොහෙන්ද මේ කැලේට…” දෙනුවන් ඇහුවෙ බයෙන් බයෙන්.. ඇත්තම තමා…මේ හද්දා කැලේ ඇටකටු කොහෙන්ද..කාගෙද මේවා..

” අනේ මංදා බං…හිතාගන්න බෑ….” රහල් එහෙම කිව්වා..අපි හැමෝම පුදුමයෙන් බලා හිටියෙ ඒ දිහා..

” මචං….ඔ…ඔ..ඔය…ඔය අර අවුරුද්දකට කලින් මෙහෙ හොරෙන් පැන්න කොල්ලො තුන් දෙනාගෙන් එකෙක්ගෙද දන්නෑ නෙද…” සදුන් කිව්වෙ කැඩිච්ච කටහඩින් .මොකක්..දෙවියනේ ..ඒක එහෙම නං…

” ඔව් නේ බං…මටත් හිතෙන්නෙ එහෙම තමයි…කැලේ සතෙක්ට අහුවෙලා මැරිලා ගිහින් වෙන්නැති….” නිර්වාන් එහෙම කියද්දි මං බයවෙලා ගිහින් සැහැසිව බදාගත්තා..

” අනේ…අපිටත් ඔය දේම වෙයිද…” නිම්සරා ඇහුවා..කට්ටිය මුකුත්ම කිව්වෙ නෑ…කට්ටියට මුකුත් හිතාගන්නවත් බෑ..

” නෑ…අපි කොහොමහරි පාර හොයන් යමු…” දෙනුවන් කිව්වා..

” මේ හරියෙ ඇටකටු තියෙනවා කියන්නෙ මේ පැත්තෙ නපුරු සත්තු ඇති…රහල්…මේ හරියෙ දිවියො එහෙම ඇති…අපි ආපිට යං අනේ…මට බයයි …” මං කිව්වා..

” ඔව් හැබැයි…..මේ හරියෙ දිවියො ඇති…මොකද්ද කරන්නෙ ගයිස්….” රහල් ඇහුවා..

” හිතාගන්න බෑ බං….අපිට ඇටෑක් එකක් ආවොත් බේරෙන්න විදිහකුත් නෑ…” සදුන් එහෙම කිව්වා…

” අපි ආපිට හැරිලා ගිහිල්ලා බං අපි කොහොමද අදවත් මේ කැලෙන් එලියට යන්නෙ…එහෙම උනොත් අදත් මේකෙම ලගින්න කියලද කියන්නෙ උබලා…” ශාක්‍ය එහෙම කිව්වා..ඔව් හැබැයි..ඔහොම ආපිට හැරිලා හැරිලා ගිහින් තමා අපි මේ විදිහට කැලේ ඇතුලෙ රස්තියාදු උනේ…

කට්ටියම කතාකරගෙන අපි තව ටිකක් ඉස්සරහට ගියේ හොද කල්පනාවෙන්…ගස්කොළන්වල වදුරො හරියට…අපිව දැකලා උඩ පැන පැන කෑගහන්න ගත්තෙ කන් බීරි වෙන සද්දෙන්…ඒ මදිවට රතු දෙමළිච්චොයි තවත් මහ සද්දෙන් කෑගහන කුරුල්ලොන්ගෙ සද්ද වලින් අපේ කන් අගුල් වැටිලා තිබුනෙ…යනවා යනවා යනවා ඉවරයක් නෑ…

” හෑ…..අර…” ඒ පාර සැහැසි කෑගහලා පෙන්නුවෙ අත දිග ඇරලා ඈත ගහක්…ඒදිහා බැලින්නං අපි දැක්කෙ මොකද්ද …දෙවියනේ …ගහේ අත්තක එල්ලිලා තියෙන සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක්….ඒක දැකලා අපි තුන්දෙනාම කැලේ දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑගැහුවෙ බයටමයි..

” කෑගහන්න එපා යකෝ…කටවල් වහගෙන ඉදපන්…මෙතෙන්ට සත්තු ගෙන්න ගන්නද තොපිට ඕන…” දෙනුවන් කෑගහද්දි අපි නිහඩ උනත් අපි ඉන්නෙ පුදුම විදිහට බයවෙලා..මගේ ඇස් වලින් කදුලු කඩන් පනිද්දි ඒවා පිහිදගන්න වත් මට උවමනාවක් උන්නෑ…

” මේ මොනාද බං…මට බයයි යකෝ…මෙහෙම උනේ කොහොමද ….” නිර්වාන් ඇහුවෙ ඇටසැකිල්ල දිහා බලාගෙන..මටත් තියෙන ප්‍රශ්නෙ ඒකමයි..කැලේ සතෙක්ට අහුවෙලා ජීවිතේ නැතිවෙන එක වෙනම දෙයක්..එත් මෙහෙම ගහක් උඩ අත්තක පහලට එල්ලිලා ඉන්නෙ කොහොමද ඇටසැකිල්ලක්…ඇටසැකිල්ලෙ බෙල්ල ලගින් ලාවට එතිලා තිබ්බෙ කැලේ රූස්ස ගස්වල අතු දිගේ පහලට බේරෙන වැල් ජාතියක්..ඒ වැලෙන් තමා බෙල්ල ලගින් ගහේ අත්තක එල්ලිලා ඉන්නෙ…මේක මෙහෙම දැක්කම මතක් වෙන්නෙ බෙල්ලෙ වැල දාගෙන මැරෙන අයව..ඒ වගේමයි මේකත්..වෙනසකට තියෙන්නෙ මෙතන ඇටසැකිල්ලක් විතරක් තියෙන එක..

” මං හිතන්නෙ මේක නං බෙල්ලෙ වැල දාගෙන මැරිච්ච එකක්…..” රහල් එහෙම කිව්වා..ඒත් ඒක එහෙම නං මොකද්ද හේතුව මෙහෙම මැරෙන්න තරම්..

” ඒත් ඇයි..”

” ඇයි අහන්නෙ ආදි…..ඔයාට මේක තාම තේරුන්නැද්ද…සැහැසි කිව්වෙ අවුරුද්දකට කලින් මෙහෙට ආව කොල්ලො තුන් දෙනා අතුරුදහන් උනා කියලා කැලේ ඇතුලෙ….අපිට කලින් හම්බුන ඇටසැකිලි කොටස් ටිකයි මේ දිහයි බැලුවහම තේරෙන්නෙ මේ ඒ කොල්ලො ටිකගෙ කියලා…එකෙක් අතන මැරිලා හිටියෙ…සමහරවිට ඌ නං මොකෙක් හරි සතෙක්ගෙ ගොදුරක් වෙන්නැති….මේ දිහා බැලුවහම නං හිතෙන්නෙ තව කොල්ලෙක් බෙල්ලෙ වැල දාගෙන මැරිලා…” දෙනුවන් කිව්වා..

” ඒත් මොකද්ද හේතුව…ඇයි මෙයා බෙල්ලෙ වැල දාගත්තෙ…” ඉදලා ඉදලා මාත් ගොන් ප්‍රශ්නයක් ඇහුවෙ..

” ඇයි අහන්නෙ බං….මේ කැලේ අතරමං උනාම ආයෙ පාර හොයන් යන්න මාර අමාරුයි…උන්ගෙ සෙට් එකේ එකෙක් සතෙක්ට අහුවෙලා මැරුනහම අනිත් උන්ට හිතාගන්න බෑ මොනාද කරන්නෙ කියලා….යන්න පාරකුත් හොයාගන්න බැරි එකේ කට්ටියට පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද..උමතු උනහම හිතෙන්නෙ මේ කැලේ සතෙක්ට අහුවෙලා මැරිලා යනවට වඩා බෙල්ලෙ වැල හරි දාගෙන suicide කරගන්න එක හොදයි කියලා….මං කියන්නෑ මං කියන දේමයි වෙලා ඇත්තෙ කියලා…මං කියන්නෙ මට හිතෙන දේ….” දෙනුවන් කිව්වා…

” අ…අ..අපිටත් එහෙම වෙයිද දෙනුවන්…” මං ඇහුවෙ අඩ අඩ…

” මං දන්නෑ….අපි යමු…” දෙනුවන් එහෙම කිව්වා..කට්ටියම ඉස්සරහට යන්න හැදුවෙ…ඒත් එකපාරටම අපිට පිටිපස්සෙන් ඇහුනෙ අඩි සද්දයක්…එකපාරටම මං පිටිපස්ස හැරෙද්දි අඩි සද්දය මට විතරක් නෙවේ අනිත් අයටත් ඇහිලා කියලා තේරුනෙ මං හැරෙද්දිම වගේ අනිත් අයත් පිටිපස්ස හැරිලා බලද්දි..

” ආහ්…” පිටිපස්ස හැරිලා බලපු අපි හැමෝටම කියවුනෙ අපි දැක්ක දෙයින්….

**************************

මොනාද කට්ටිය දකින්නැත්තෙ…අනුමාන කරන්න පුලුවන්ද …

M.Ashka Rashmi❤️

7 thoughts on “හිතුවක්කාරයෝ |එකොළොස් වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. කලු ඇදපු මිනිහ දකින්නැති…. නැත්තම් සතෙක්… ?

    ඉක්මනට කතාවෙ අවසානෙ දෙන්නකො දැන් ඉවසලාම ජය කොඩියත් පුස් කාලා…?

    පට්ට හදිස්සී ඔයාගෙ ලස්සන කතාව සේරම දැන ගන්න…?

    1
  2. Thakshi Deepali Jayasuriya

    ඉතුරු උනු එකම පිරිමි ලමයා වෙන්න අැති දකින්න අැත්තේ….වැඩ අස්සේ උනත් අපිට ලස්සනම ලස්සන කතා දෙකක් ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි රශ්මි අක්කේ….කැම්පස් එකේ මුල්ම අත්දැකීම් එකතු කරලා තව ලස්සන කතාවක් ඕනා මට නම් ??? බනින්න එපා ඉතිං…ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා….

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.