Katha Ahura

හිතුවක්කාරයෝ |දහවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

1.7/5 - (4 votes)

දහවැනි දිගහැරුම

” නිම්…යකෝ නිම්…නිම්සරා…නැගිටහන්කො බං….අයියෝ…” මං කතා කරාට මුන් නෙවේ ඇහැරුනේ…හොදටම බුදි දෙන්නම..

” සැහැසි….සැහැසි..” සැහැසිටත් කතා කලා..ඒත් ඒ සෙතේමයි…අනේහ්..ඌ එන්න එන්න පල්ලම් බහිනවා දෙවියනේ …කිචිත් වගේ…ඊක්කා…

” නැගිටහන්කො කවුරුහරි…හහ්…අනේහ්…” බැරිම තැන මට එකපාරටම ඇඩුනෙ මං ගොඩක් අසරණ වෙලා ඉන්න හින්දා..

” ආදි…මේ ඔයාද…” මට එකපාරටම ඇහුනෙ දෙනුවන්ගෙ කටහඩ…

” දෙනුවන්…”

” ඔව්..දෙනුවන් තමා බං..මොකෝ උබ මහ රෑ ඇහැරගෙන කරන්නෙ…” දෙනුවන් ඇහුවෙ ටිකක් කුතුහලයෙන් .මට එකපාරටම ඇඩුනා..

” අනේහ්…දෙනුවන්…මගේ පිට දිගේ මොකෙද්ද සතෙක් යනවා…හහ්…ඉහ්…මුන්ට කතා කලාට ඇහැරෙන්නෑනෙ….අනේ මට බයයි…හහ්…ඉහ්ම්…” මං කිව්වෙ අඩ අඩ…ඇස් වලින් වැටෙන කදුලු පිහිද පිහිද මං හිටියෙ…ඒත් එකපාරටම මං දැක්කෙ එලියක්…බැලින්නං දෙනුවන් එයාගෙ phone එකේ torch එක ගැහුවා..ඒ එලිය එච්චරම සාර්තක නැතිඋනත් මං දැක්කෙ එයා මං දිහාට එනවා..මං අඩ අඩම බලන් ඉද්දි දෙනුවන් ඇවිත් මට එහායින් වාඩි උනේ torch එක ඕෆ් කරලා…

” මොකද්ද දැන් ප්‍රශ්නෙ කියනවකො….” එයා ඇහුවා..

” ම..ම..මගේ..මගේ පිට දිගේ සතෙක් යනවා…මට ඇල්ලුනා…අනේ…ඌ කූඩැල්ලෙක්ද දන්නෑ….” මං එහෙම කිව්වම මෙන්න මෙයා මගේ පිට ඇල්ලුවා…මං ටිකක් මෙහාට එද්දි මෙයා මාව ආයෙම ඇල්ලුවා..මං තවත් ටිකක් මෙහාට ආවා..

” ඉතිං වරෙන් යකෝ අරන් දාන්න….” ඒ ගමන එයාට කේන්ති ගියාද කොහෙද…

” ඔ..ඔයා..ඔයා අරන් දාන්න…”

” ඔව්..ඇයි..මෙතන තව කවුරුහරි ඉන්නවද තමුසෙගෙ පිටේ ඉන්න සතාව අහක් කරන්න….”

” නෑ..මේ..ඒත්…ඒත් ඔයා කොල්ලෙක්නෙ….”

” ඒක තමයි ගෑනියෙ ලයිට් එක නිව්වෙ….ඕන්නං දෙනවා අරන් දාන්න..නැත්තං මං යනවා හොදේ….තමුසෙට උදව්වක් කරන්න හැදුවම ඒකෙත් වත ගොත හොයනවා…” දෙනුවන් කියවන්න ගත්තෙ හිමින්..අනේ දෙයියනේ මං මොකද්ද දැන් කරන්න ඕන…මේ ගෑනු එකෙක්වත් ඇහැරෙන්නෑනෙ…දෙන්න හිතෙනවා පොල්ලක් අරන් මකබෑවිලා යන්නම…හයියෝ සංසාරේ..මා කුමක් කරම්ද දෙයියනේ ….කමක් නෑ..කොල්ලෙක් උනත් මොකද ..හොද යාලුවෙක්නෙ…අනික මුකුත් පේන්නෙත් නෑනෙ..කමක් නෑ ඔන්න ඔහෙ…දෙනුවන් නැගිටින්න හදද්දිම මං ආයෙම එයාව අල්ලගත්තා..

” හරි හරි…කමක් නෑ…අරන් දාන්නකො…අනේහ්…ඉක්මන්ට …” මං එහෙම කියලා ඉස්සරහ බලාගත්තා..දෙනුවන් මගේ ඇදුම් වලට උඩින් පිට අතගාලා බැලුවෙ සතා ඉන්නවද කියලා..

” මේ ඉන්නෙ..මට හිතෙන විදිහට කූඩැල්ලෙක් තමා…පත කූඩැල්ලෙක් ….” දෙනුවන් එහෙම කිව්වම මට තවත් අප්පිරියයි ..

” මේ…ඔයාගෙ ඇදුම පොඩ්ඩක් උඩට උස්සනවද..මට ඒවත් කරන්න බෑ….” දෙනුවන් කිව්වෙ හිනාවෙවී…ශිකේයියා…මට නං ලැජ්ජාවේ බෑ…මට හිතෙනවා වලක් කපාගෙන වැලලෙන්න…ඒතරං ලැජ්ජයි..ශිට්….ඒත් මොනා කරන්නද…කුම්බලා මාලු කෑවනං විදවපන් බලලො කිව්වලු .මුන් එක්ක කැලේ පැන්නනං ඉතින් ආයෙ මක් කරන්නද…ඉවසනවා මිස…හිත හිතම මං scl ටී එකයි ජර්සි එකයි පිටිපස්සෙන් පොඩ්ඩල් උඩට ඉස්සුවෙ ඇස් දෙකත් පියාගෙන..

” හයියෝ දෙයියනේ …ඊඊඊඊඉ…” මට කියවුනා..

” යකෝ..කට පියාගනින්..නැත්තං මං මූව තොගේ කටට හලනවා බලාගනින්…මට මුකුත් පේන්නෑ යකෝ..දගලන්නැතුව හිටපන්…” දෙනුවන් දත්මිටි කකා කියවද්දියි මට තේරුනෙ මං දගල දගල නේද ඉන්නෙ කියලා…කොහොමහරි මට තේරුනෙ දෙනුවන්ගෙ සීතල අත් වලින් මගේ පිටේ හිටිය සතා අයින් උනා වගේ…

” බලමු මොකෙද්ද කියලා…” එහෙම කියලා එයා ටෝච් එක ගහලා බැලින්නං ඒ තඩි සයිස් හැකරැල්ලෙක්…ඊයා…

” ඈක්කා…” දෙනුවන් එහෙම කියාගෙන ඌව ගල්තලාවෙන් එහාට වීසි කලා හයියෙන්….ඊයා..ජරා සත්තු…දෙනුවන් මං දිහාට හැරෙනවත් එක්කම එයා ආයෙම ටෝච් එක ඕෆ් කලා ඉක්මන්ට ..

” යකෝ…ඕක වහගනින්…දැන් ඌව අරන් දැම්මනෙ….” දෙනුවන් එහෙම කියද්දියි මටත් මතක් උනේ ඒක..මෙච්චර වෙලා ඇදුම පිටිපස්සෙන් උඩට උස්සගෙනනෙ හිටියෙ…ශික්..මං පට ගාලා ඇදුම ආයෙම හදාගනිද්දි මට පිට නිකන් කසනවා කසනවා වගේ …

” අයියෝ…කසනවා..ඌ හිටපු තැන කසනවා අනේ…” අත පිටිපස්සට කරලා මං කලේ හැකරැල්ලා හිටපු තැන කසන්න ගත්තා….උන් විස සත්තුද දන්නෑ..

” කෝ හිටපිය ඉතින් ඒකත් කරන්න….” එහෙම කියලා දෙනුවන් මගේ පිට කසන්න ගත්තා…

” ඊ….කිචි කිචි…නවත්තනවා…” මං මෙහාට උනේ එයා පිට කසද්දි ඇත්තටම මට කිචි වගේ දැනුන හින්දා…එයාට නං හිනා..

” මං යනවා..තමුසෙ මගේ නින්දත් කෑවා…” එහෙම කියලා එයා යන්න හදද්දිම එකපාරටම උනේ ගල් ලෙනට ඉස්සරහින් ලොකූ අකුණක් ගහපු එක මහසද්දෙන් ….ඒ අකුණෙ එලියෙන් මං දැක්කෙ ලෙන් දොර මුල හරි මැද්දෙන් හිටගෙන ඉන්න කලුම කලු පාට පිරිමි රුවක්…

” හෑ..ම්ම්ම්ම්ම්..ම්ම්.” මට එකපාරටම කෑගැස්සෙන්න යද්දි මගේ කට තද කරලා අල්ලගත්තා කවුරුහරි …ඒ දෙනුවන් කියලා අදුනගන්න අමාරු උන්නෑ….

” කෑගහන්නෙපා ගෑනියෙ…” මගේ පිටිපස්සෙන් ඉදපු එයා කිව්වෙ කනට කරලා…කෑගහන්න එපා කියන්නෙ..දෙවියනේ ඒ අවතාරයක්ද හිටගෙන හිටියෙ…ආයෙම අකුණක් ගහද්දි ඒ එලියෙන් මං දැක්කෙ දැන් කවුරුවත් ලෙන් දොර ලග හිටියෙ නෑ…

” ඔ..ඔ..ඔයා..ඔයා දැක්කද දෙනුවන් …ආ..” මං රහසින් වගේ ඇහුවෙ..මං ඉන්නෙ හොදටම බය වෙලා…මේ මහ රෑ හද්දා කැලයක් මැද්දෙ මොරසූරන වැස්සක් මැද්දෙන් ගල් ගුහාවකට එන මනුස්ස ප්‍රාණියා කවුද …ඒ නං මනුස්සයෙක් වෙන්න බෑ….අමනුස්සයෙක්ම තමයි…මාව වෙව්ලනවා වගේ..මං බයටම දෙනුවන්ගෙ ඇගේ එල්ලුනෙ ඒකයි…

” ඔව් මං දැක්කා…ඒ ගැන හිතන්නැතුව ඔයා නිදාගන්න දැන්…” එයත් කිව්වෙ කැඩිච්ච කටහඩින්..මං වගේම මෙයත් ඉන්නෙ බයවෙලා කියලා මූණ නොදැක්කත් කියතෑකි…

” මට බයයි..ඒ හොල්මනක්ද….” මං ඇහුවෙ වෙව්ල වෙව්ල..

” පිස්සුද…ඒක නිකන් මේ..මේ…නිකන්…පොඩි..පොඩි ජායාවක් විතරයි…ඒ ගැන හිතන්නෙපා…ඇස් දෙක පියාගෙන නිදාගන්න….”

” ඇයි ඇස් දෙක ඇරගෙනත් නිදාගන්න පුලුවන්ද…” දෙනුවන් කිව්ව කතාවට මට බයේ හිටියත් එකපාරටම හිනාගිහින් මං එහෙම ඇහුවා..ඒ ගමන එයාටත් හිනා..ආයෙම එකපාරටම ලොකූ හෙණයක් ගහද්දි මට ඉස්සරහ බැලුනෙ අර ජායාව පෙනෙයිද බලන්න…ඒත් එතන ඊට පස්සෙ ජායාවක් මං දැක්කෙ නෑ….ඒත් එකපාරටම ආයෙම සැරයක් මහ සද්දෙන් අහස ගෙරෙව්වෙ මං බයවෙලා ගිහින් දෙනුවන්ව බදාගත්තෙ කෙදිරි ගාලා..එයත් මාව බදාගත්තෙ මං ඉන්නෙ හොදටම බය වෙලා කියලා හිතලා වෙන්නැති.කොහොමත් මං ගොරවනවට විදිලි කොටනවට පට්ට බයයි…ගෙදරදිත් මං අම්මව මෙහෙම බදාගන්නවා බයවෙලා..අනේහ්..මගේ අම්මා හොදටම බය වෙලා ඇති..මට එකපාරටම ඇඩුනා ගෙදර මතක් වෙලා..

” ආදි…ඔය ඇති හලෝ…ඔය…ඔය ඔයා අඩනවා නේද…” දෙනුවන් මාව අහක් කරලා මූණ ඇල්ලුවෙ හිමින් හිමින්…කලුවරේ මට මෙයාව පේන්නෙ නෑ….විදුලි කොටනකොට ඒ චූටි එලියෙන් තමයි ඒ මූණ මං දකින්නෙ…ඒ මූණෙ තිබ්බෙ වෙනදට දෙනුවන්ගෙ මූණෙ තියෙන පෙනුම නෙවේ..අද දෙනුවන් හරි වෙනස් කියලයි මට හිතුනෙ…ඒ ඇස් වල තියෙන බැල්ම අද හරි වෙනස්…අද මට රහල්ට වඩා මෙයාව දැනෙනවා වගේ හැගීමක් එන්නෙ..

” මට ගෙදර මතක් උනා…අම්මලා බය වෙලා ඇති …අපිට මෙහෙන් යන්න බැරිවෙයිද දෙනුවන් ….” මං ඇහුවෙ අඩ අඩමයි..

” අපිට මෙහෙන් යන්න පුලුවන්..අපි මෙහෙන් යනවා…දැන් ඔයා නිදාගන්න….අඩන එක පැත්තකට දාලා..අපිට හෙටම ගෙදර යන්න පුලුවන්…කෝ..නිදාගන්න ඔයා…ඇස් දෙක පියාගෙනම ඉන්න…මොන දේ උනත් ඇස් ඇරලා බලන්නෙපා…දැන් නිදාගන්න…” මගේ පිටට තට්ටු කරලා එයා කිව්වෙ…එයා එහෙම කියලා නැගිටලා යන්න හැදුවෙ…ඒත් මං එයාව නවත්තගත්තා…ඒත් ඇයි..මං එයාව නැවැත්තුවෙ…

” ඔයා ඉන්න මං ලගින්..මට බයයි….” මට කියවුනා…

” හරි..ඔයා නිදාගන්නකො…ඔයාට නින්ද යනකන් මං ඇහැරිලා ඉන්නං…කෝ..ඔයා නිදාගන්න…” එයා එහෙම කිව්වමයි මට සැනසීමක් දැනුනෙ…මං නිම්සරා ලගින් ඇලවිලා එයාව බදාගත්තා…දෙනුවන් ටිකක් එහායින් වෙන්න ගල්තලාවෙ ඉදගෙන ඉන්නව මං දැක්කා…පව්..මං හින්දා නිදාගන්නත් නෑ එයාට…මං ඇස් දෙකත් තදින් පියාගත්තෙ දෙනුවන් ඇහැරිලානෙ ඉන්නෙ කියලා හිතලා හිතේ බය නැතිකරගෙන…ඒත් චුට්ටක් ඇස් පියාගෙන ඉද්දි මට දැනුනෙ මගේ කකුල කවුරුහරි අල්ලනවා වගේ කියලා…නැගිටලා බැලින්නං අඩ අදුරෙ මං දැක්කෙ දෙනුවන් මගේ යටිපතුල් මසාජ් කරනවා…

” මොකද්ද ඔයා ඔය කරන්නෙ….” මං කකුල් දෙක මෙහාට අරගෙන කිව්වෙ…

” ඇයි…ඔයාගෙ කකුල් රිදෙනවනේද….ඒකයි මං පොඩ්ඩක් මසාජ් කලේ…” එහෙම කියලා ආයෙම මෙයා මගේ කකුල් දෙක ලගට අරන් යටිපතුල් මසාජ් කරන්න ගත්තා…

” එපා…එපා දෙනුවන් ..ඒක හරි නෑ…වේදනාව දැන් අඩුයි…ඔයා…ඔයා මගේ කකුල් මසාජ් කරන්නෙපා..” මං හිමීට කිව්වෙ කකුල් දෙක ආයෙම පැත්තකට අරගෙන.

” ඇයි….යාලුවෙක්ට බැරිද තවත් යාලුවෙක්ගෙ කකුල් මසාජ් කරන්න….ආ…ගෑනු පිරිමි කියලා වෙනසක් හිතන්නෙපා ආදි…අපි දෙන්නා එක වසරෙ ඉදන්ම හොද යාලුවො නේද…එකට ඉගෙනගත්තා නං එකට සෙල්ලං කරානං එකට හැදුන වැඩුනනම් මේවා මහ ලොකු දේවල් නෙවේ හලෝ..මෙන්න මෙහාට දෙනවා..තමුසෙ නිදාගන්නවා..මං ඇහැරිලා ඉන්නං…” එහෙම කියාගෙන මෙයා බලෙන්ම මගේ කකුල් එයා ලගට කරලා මසාජ් කරා…ඇත්තටම මට යටිපතුල් පුදුම වේදනාවක් දුන්නෙ…දෙනුවන් පළපුරුදු නර්ස් කෙනෙක් වගේ මගේ යටිපතුල් මසාජ් කරනවා..ඇත්තටම හරිම සනීපයි ..වේදනාව කොහෙන් ගියාද මංදා…මං නිම්සරා ලගින් ආයෙම ඇලවිලා ඇස් පියාගත්තා….මට හොදටම නින්ද ගියා…

***************************

මේ අයට පහුවදාම කැලෙන් බේරිලා යතෑකිද…බලමු නේද ..

M.Ashka Rashmi❤️

4 thoughts on “හිතුවක්කාරයෝ |දහවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. දැන් කෙල්ල රහල්ගෙ ද නැත්තම් දෙනුවන්ගෙ ද….?
    අයියෝ මාව පැටලෙනවා… නින්ද යයිද මංදා…?

  2. Lakmali lakmali

    අනේ දෙනුවන්ට දෙමු නේද රහල් දැන ගත්තොත්නම් අවුල් වෙයි නේද කතාවනම් සුපර් ???????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.