Katha Ahura

හිතුවක්කාරයෝ |දොළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

4.8/5 - (29 votes)

දොළොස්වැනි කොටස

පිටිපස්ස හැරිලා බලපු අපි දැක්කෙ අපිට තරමක් එහායින් රූස්ස ගස් දෙකක් මැද හිටගෙන ඉන්න කොල්ලෙක්ව..කලු පාට ටී එකකුයි කලු කලිසමකුයි ඇදන් අපි දිහා බලා ඉන්නෙ රවාගෙන වගේ….මං ටිකක් බය උනා ඒ රූපෙට..අනේ මංදා ඇයි කියලා හිතාගන්න බෑ මට තේරෙන්නෙ එයා ඉන්නෙ කේන්තියෙන් වගේ කියලා…ටිකක් ඈත ඉන්න නිසා මූණ පැහැදිලිව මට පේන්නෑ….එයාව දැක්කත් හරි එකපාරටම අපි වටා හමා යන්න ගත්තෙ ලොමු ඩැහැගන්වන තරමේ සීතලම සීතල හුලගක්…අවට ගස්කොලන් අඹරවගෙන හමා ගිය ඒ හුලගට මගේ ඇගේ හිරිගඩුත් පිපුනා…හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගනිද්දි මං එකපාරටම ගැස්සිලා ගිහින් මගේ ඉස්සරහින් හිටපු දෙනුවන්ගෙ අතින් අල්ලගත්තෙ මට ඇහුන වදුරන්ගෙ අමුතු කෑගැහිල්ලට බය වෙලා…

” ක..ක..කවුද …කවුද ඒ…” මං ගොත ගගහා වගේ ඇහුවෙ…කවුරුවත් සද්දයක් නැතුව ඒ දිහා බලා ඉන්නවා..

” දන්නෑ….” දෙනුවන් රහසින් වගේ කියලා මං අල්ලන් හිටිය එයාගෙ අතින් මගේ අත තවත් තද කරලා අල්ලගත්තා..ඒ අත සීතලම සීතලයි..වෙව්ලනවත් එක්ක..මට තේරුනේ මං වගේම එයත් ඉන්නෙ හොදටම බයවෙලා කියලා…

” ඔයා කවුද …..” එකපාරටම මං ආයෙම ගැස්සිලා ගියේ ඒ කටහඩට..බැලින්නං රහල් කතාකලේ අපි ඉස්සරහින් ඉන්න කොල්ලාට..එයා මුකුත්ම නොකියා බලා ඉන්නවා..මට මහ අමුතු හැගීමක් දැනෙන්නෙ…

” ඔයා කවුද …” ඒ පාර සදුනුත් ඇහුවා තරමක හයියෙන්…

” හිතුවක්කාරයෙක්…..කැලේ බලන්න ආව උබලා වගේම හිතුවක්කාරයෙක්….” අමුතු ගොරහැඩි කටහඩකින් එයා කතා කලේ…හරිම බය හිතෙන කටහඩක්…මං වෙව්ල වෙව්ල දෙනුවන්ගෙ පිටිපස්සෙ හැංගුනේ බයටම..

” දුවපං….නැවතෙන්නැතිව දුවපං…හති වැටුනත් නතර වෙන්නැතුවම දුවපං ….හුස්ම ගන්නවත් වෙලාවක් ගන්නැතුව දුවපං …දුවපං ..දුවපං..දුවලා පලයං..දිව්වෙ නැත්තං මේ කැලෙන් බේරිලා යන්න බෑ….අපි වගේ උබලටත් මැරෙන්නයි වෙන්නෙ…දුවපං…දුවලා පලයාං..” ඒ කොල්ලා මහ සද්දෙන් එහෙම කෑගහන්න ගත්තා…මං හොරෙන් වගේ ඒ දිහා බලා ඉද්දි මං දැක්කෙ එයා කියවනකොට එන්න එන්නම එයාගෙ රූපෙ විරූපී වෙලා යනවා…තලෙලු හම එන්න එන්නම කලු ගැහිලා රැලි වැටිලා කැතම කැත අප්‍රසන්න පෙනුමක් ගත්තා….එයා කතා කරලා ඉවර වෙනවත් එක්කම මුලු ඇගම පණ නැතිවෙලා වගේ බිම වැටිලා අතුරුදහන් උනේ අපේ ඇස් ඉස්සරහමයි….

” ආආආආආආඅ ….” කට්ටියම මුලු කැලේම දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑගහගෙන දුවන්න ගත්තෙ ආපිට හැරිලා..දෙනුවන් මාව අල්ලගෙන හිටිය හින්දා එයා මාවත් ඇදන් ඉස්සරහට ඉස්සරහට දිව්වෙ පුදුම වේගෙකින් …ඇත්තටම මං මෙච්චර වේගෙකින් දුවලම නෑ…ගස්කොළන්වල හැපි හැපි අසිහියෙන් වගේ ඉස්සරහට දුවගෙන ගියේ කෑගගහා….ටික දුරක් දුවලා දුවලා අපේ දිවිල්ල එකපාරටම නතර උනේ අපි ආවෙ තරමක එලි පෙහෙළි වෙච්ච තැනකට….එතන බිම තණබිස්සෙ පුරාවට තිබුනෙ එක එක සත්තුන්ගෙ ඇටකටු .. …

” අනේ…අනේ මේ මොනාද ….ඈ..” කට්ටියම එහෙට මෙහෙට උනේ ඇටකටු නොපෑගී ඉන්න උත්සාහ කර කර…මං දෙනුවන් ලගම හිටියෙ එයා තවමත් මගේ අත අතෑරලා නෑ…මං වටපිට බැලුවෙ අර කොල්ලා ඉන්නවද අපි පස්සෙ පැන්නුවද බලන්න….නෑ…එයා පේන්න නෑ…නෑ..එයා කොල්ලෙක් උනත් මනුස්සයෙක් නෙවේ…ඒ…ඒ අමනුෂ්‍ය ආත්මයක්…ඔව්…ඔව්..ඒ හොල්මනක්…බුදු අම්මෝ….අනේ මේ කැලේ හොල්මනුත් ඉන්නවද…අලි මදිවට කොටි කියන්නෙ ඕවට තමා…හම්මෝ..කකුල් පුපුරු ගහනවා..හැමෝම තැන් තැන්වල වැටිලා හති අරිනවා….

” මොකද්ද …හහ්..මොකද්ද ..මොකද්ද අපි ඒ දැක්කෙ…ආ…හහ්…” මං හති ඇර ඇර කතාකලේ…හැමෝම හොදටම හෙම්බත් වෙලා වගේ ඉන්නෙ..

” අනේ මංදා…හිතාගන්න බෑ….හහ්…හම්මෝ…” දෙනුවන් කිව්වෙ මගේ අත අතෑරලා හති දදා..

” මචං…මේ..මෙතන සොහොනක්ද බං….” නිර්වාන් ඇහුවෙ බිම පෙන්නලා…අපි ඉන්න තැන බිම පුරාම සත්ත්ව ඇටකටු පිරිලා…

” නෑ…මචං….මෙතන ගොඩක් සත්තු මැරිච්ච තැනක්…” සදුන් එහෙම කිව්වා..මොකක්..

” එක්කො මැරිච්ච තැනක්…නැත්තං මරපු තැනක්…ඔව්..මට හිතෙන්නෙ…අපි ඇවිත් තියෙන්නෙ හොද තැනකට වෙන්න බෑ….” රහල් එහෙම කිව්වා..ඇයි එයා එහෙම කියන්නෙ…දැන්නං මං ඉන්නෙ තවත් බයවෙලා..

” ඔහ් ගෝඩ්..අර..අර බලන්න…” ශාක්‍ය පෙන්නුවෙ ටිකක් එහාට වෙන්න ගහක් ලග තිබ්බ ඇටකටු ටික..දෙවියනේ …ඒ මනුස්ස ඇටකටු ටිකක්…හිස් කබල පේන්නම තිබුන නිසා අදුනගන්න අමාරු උනේ නෑ….

” අනේ..මොනාද මේ..මට බයයි…” නිම්සරා අඩන්න ගනිද්දි මටයි සැහැසිටයිත් ඇඩුනා හොදටම….

” මෙතන තැක් ගැහි ගැහි ඉන්න බෑ….අපි යමු මෙහෙන් ඉක්මන්ට …මෙතන ඇටකටු තියෙනවා කියන්නෙ මේ හරියෙ දරුණු සත්තු ඉන්නවා කියන එක…යං කට්ටියම…” දෙනුවන් එහෙම කිව්වා…

” දරුණු සත්තු කියන්නෙ …උබ කියන්නෙ දිවියොද බං…” සදුන් එහෙම අහද්දි මගේ ඇගේ මයිල් කෙලින් උනා..හත් දෙයියනේ ..මේ හරියෙ දිවියො ගැවසෙන තැනක් නං අපිට සදා සොත්ති තමා…අනේ…අපිව බේරගන්න කවුරුවත් නැද්ද..

සදුන් එහෙම කියද්දි මගේ ඇඩිල්ල තවත් වැඩි උනා…

” අඩන්නෙපා බං…අපි යං කොහොමහරි මේ කැලෙන් …” දෙනුවන් ඇවිල්ලා මගේ උරහිසට තට්ටු කලේ… දෙනුවන් කියලා කටගන්න හම්බුන්නෑ…අපිට ඇහුනෙ සරස් සරස් සද්දයක්…හඩ ඇහුන පැත්තට කට්ටියම හැරෙද්දි අපි දැක්ක දෙයින් කට්ටියම ගල් ගැහිලා වගේ බලා හිටියෙ….බයටම මට ආයෙම ඇල්ලුනෙ දෙනුවන්ගෙ අත..ඇස් ලොකූ කරගෙන මං බලා හිටියෙ අපි ඉස්සරහින් අපි දිහා බලා ඉන්න ටිකක් ලොකු දිවියෙක්…ඌ නැට්ට එහෙට මෙහෙට වන වන හුම් සද්දයක් නැතුව අපි දිහාම බලා ඉන්නවා…හරියට ගොදුරකට පනින්න ඉන්නවා වගේ ලෑස්තිය උගෙ….දෙවියනේ ..එතකොට මුගෙ ගොදුර මේ අපිද…මට දාඩියත් දැම්මා..ඒ මදිවට මාව නහුතෙටම වෙව්ලනවා…..ඇස් වල කදුලු ආයෙම අලුත් වෙද්දි කටේ කෙලත් හිදිලා ගියේ වචනයක්වත් කතා කරගන්න බැරි විදිහට ..

” හෙලවෙන්න එපා..” දෙනුවන් කෙදිරි ගෑවෙ මගේ අත ආපිට තද කරලා අල්ලගන්න ගමන්…යාලුවො කට්ටියම තැන් තැන් වල හිටගෙන දිවියා දිහා බලා හිටියෙ ගල් ගැහිලා වගේ…කවුරුවත් හෙලවෙන්නෙවත් නෑ..හුම් සද්දයක් නෑ…හරියට කුණාටුවකට කලින් එන නිහැඩියාව වගේ…හැබැයි මං ඇස් කරකෝලා හැමදෙනාම දිහා බැලින්නං කට්ටියම ඉන්නෙ පුදුමාකාර විදිහට බය වෙලා…අනේ දෙවියනේ මොනාද අපි කරන්නෙ…මේ සතා එක්ක හැප්පෙන්නෙ කොහොමද අපි…දෙනුවන් කිව්ව විදිහට මං හෙලවෙන්නෙවත් නැතුව හිටියෙ ඌ දිහාම බලාගෙන…දෙනුවන් මං ලගම ඉන්න හින්දා මට දැනුනෙ තරමක සැහැල්ලු බවක්…මොකද මට හිත කිව්වෙම එයා මාව ආරක්ෂා කරයි කියලා….මොහොතක් ගෙවුනා නිහැඩියාවෙන්ම..ඒත් මං දැක්කෙ ශාක්‍ය නං ඉන්නෙ හොදටම බයවෙලා කියලා…ඌ හොදටම අඩනවා…අපේ බය තවත් දෙගුන කරගෙන ඒ දිවියා අපි ඉස්සරහට ටික ටික එන්න ආවා….හද ගැස්ම තත්පරේට එකසිය ගානට ගැහෙද්දි මට එකපාරටම කෑගැහෙන්න ගියේ….ඒත් මට කලින්ම ශාක්‍ය ඉස්සර උනා….

” ආ….” ශාක්‍ය කෑගහගෙන දුවලා යන්න ගියේ ඉස්සරහට …ඒත් එක්කම දිවියා කටත් ඇරගෙන වේගෙන් පැන්නෙ ශාක්‍යගෙ ඇග උඩට…ශාක්‍ය දිවියත් එක්ක බිමට වැටෙද්දි එයාගෙ කටින් පිට උනේ මරලතෝනියක්…ඒත් එක්කම කොච්චර දැගලුවත් ශාක්‍යගෙ ඇග උඩ ඉන්න දිවියා ශාක්‍ය ව කන්න ගත්තෙ මං බයවෙලා වගේ බලන් ඉද්දි…

” දුවපල්ලා…” රහල්ද කොහෙද කියනවා ඇහුනා..ඒත් එක්කම කට්ටිය සී සීකඩ පැතිවලට දුවන්න ගනිද්දි දෙනුවන් මාවත් අල්ලන් අපි ආපු පැත්තටම දුවන්න ගත්තා….මං පස්ස බල බල දිව්වෙ දිවියා එයිද බලන්න…ඒත් දෙවියනේ මං දැක්කෙ ඌ ශාක්‍ය බෙරිහන් දිදී කෑගහද්දිම ශාක්‍යගෙ ඇග උඩ නැගගෙන එයාව කනවා…යාලුවො බලද්දි උනුත් පේන්නවත් නෑ…සැහැසි ,නිම්සරා..රහල්..සදුන්…නිර්වාන්…කවුරුවත් පේන්න නෑ…එයාලා කොහාටද දිව්වෙ…දැන් මේ අපි දුවන්නෙ අපි ආපු පාරෙම නේද…හිත හිතම මං හුස්ම ගන්නවත් වෙලාවක් ගන්නැතුව දුවගෙන ගියේ දෙනුවන්ගෙ පස්සෙන්…එයා පුදුම වේගෙකින් දුවනවා…මාව අල්ලන් ඉන්න හින්දා එයාගෙ වේගෙට දුවන්නත් ඕන…නැත්තං වැටෙනවා..හිතට හයිය අරගෙන කකුල් වලට පණ දීලා කොහොමහරි ඉස්සරහට දුවගෙන ගියා ගස්කොලන් අතරින්….මට හිතෙන විදිහට අපි කිලෝමීටර් එකහමාරක් විතර දිව්වා….අපි එද්දි දැක්ක සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ල පාස් කරන් ආවා…ඊට පස්සෙ හම්බුනේ පොඩ්ඩක් තිබ්බ මිනිස් ඇටකටු ටික…ඒවත් පහු කරගෙන අපි ඉස්සරහට දුවගෙන ආවෙ එකතැනක වත් නතර වෙවී හති අරින්නැතුව….හැබැයි පස්ස බල බල දිව්ව මට දිවියා අපි පස්සෙ පන්නනවා කියලා නං තේරුන්නෑ….ඌට අපිව මගහැරෙන්නැති…නෑ…ඌ අපිව එලවගෙන ආවෙ නෑනෙ…ඌ තාම ශාක්‍යගෙ මස් කනවා ඇති….හිත හිතම දුවගෙන එද්දි එකපාරටම දෙනුවන් දිවිල්ල නතර කරලා අපි ඉස්සරහින් තිබ්බ කද මහාත රූස්ස ගහක් පිටිපස්සෙ හැංගුනේ මාවත් එයා ලගින්ම තියාගෙන…

” හහ්…හහ්…ද්….ද්..දැන්…දැන් ඇති..මට…මට්ට මාන්සී…හම්මෝ..ඌ නෑ…ඌ අපිව එලවන්නෑ….අනේහ්….” මට හොදටම මහන්සියි..දුවද්දි වගේ නෙවේ…දුවලා දුවලා එකපාරටම නතර උනොත් පුදුම අමාරුවක් එන්නෙ….දෙනුවන් ගහට මුවාවෙලා අපි දුවගෙන ආපු පැත්ත දිහා බැලුවෙ සමහරවිට එයා බලනවා ඇත්තෙ දිවියා එනවද කියලා වෙන්නැති….

” හහ්..හම්මෝ…දිවියා නෑ…..අපේ වෙලාවට…හම්මෝ…” එහෙම කියාගෙනම එයා ගහමුල වාඩි උනේ හති ඇර ඇර….මාත් ගහ මුල වාඩි උනා… මට එකපාරටම ඇඩුනෙ මගේ යාලුවො මතක් වෙලා…

” ආදි…අනේ…ඇයි මේ…අඩන්නෙපා රත්තරං ….” නොහිතපු විදිහට දෙනුවන් මං අඩනවා දැකලා මාව බදාගත්තෙ එහෙම කියාගෙන…

” අනේහ්…දෙනුවන් අපේ යාලුවො….අනේහ්..හහ්..හහ්…එයාලට මොනා උනාද දන්නෑ…ශාක්‍ය…එයා..මැරුනද දෙනුවන්…ආ..එයා මැරුනද…” මං එයාගෙ තුරලට වෙලා හොදටම ඇඩුවා…ශාක්‍ය මැරෙන්නැති …එතකොට මගේ යාලුවො දෙන්නා..සැහැසියි නිම්සරායි…එයාලා පේන්නවත් නෑ….එයාලා කොහේ දිව්වද දැන් මොනා වෙලා ඇත්ද කියලා හිතාගන්න බෑ….අනේ එයාලා ආරක්ෂිත තනක ඉන්නවනං හොදයි…මුකුත් කරදරයක් නං වෙන්න එපා දෙවියනේ මගේ යාලුවන්ට…රහල්..එයා කොහේට උනාද දන්නෑ …සදුන් නිර්වාන්…එයාලා බේරිලා දුවන්න ඇති….අනේ…මට හරිම දුකයි දෙවියනේ …හිතුවක්කාර වෙලා මෙහෙම ලොකු දඩුවමක් විදින එක හිතට හරි අමාරුයි…මගේ යාලුවො එක්කෙනෙක්ට වත් මුකුත්ම කරදරයක් වෙන්න එපා…හමෝවම ආරක්ෂා කරන්න දෙවියනේ ….මං හිත හිතම දෙනුවන්ගෙ පපුවට තුරුල් වෙලා ඇඩුවෙ වේදනාව ඉවසන්නම බැරි නිසා…

********************

බලමු මොනාද වෙන්නෙ කියලා…මේ දෙන්නට බේරිලා යතෑකි ද..අනිත් අයව හම්බෙයිද…දැන් කතාව ඉවර වෙන්න ලගයි…ත්‍රාසජනක අත්දැකීමක් ඔයාලට දෙන්න පුලුවන් උනාද කියලා තවමත් මට හිතාගන්න බෑ..

M.Ashka Rashmi❤️

4 thoughts on “හිතුවක්කාරයෝ |දොළොස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Priyadarshani

    හම්මෝ ඔයා ත්‍රාසජනක අත්දැකීම නම් උපරිමයෙන් දුන්න මගෙත් කකුල් පන නැතුව ගියා මේක කියවද්දි ..
    කතාව සුපර්බ් …????
    Good luck …????
    ????

  2. ලස්සනයි අක්කියෝ කතාව… අනේ නිර්වාන් මැරෙන්නෙ නෑ නේද.. පව්නෙ එයා..

  3. තාසජනක අත්දැකීම නම් පට්ටයි… ඒත් මරන වැඩේට මං ආස නෑ…. සුපිරි කතාව…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.