Katha Ahura

හිතුවක්කාරයෝ |නවවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

4.8/5 - (9 votes)

නවවැනි දිගහැරුම

” අපි ඉස්සරහට ගිහින් බලමු හොද ගහක් තියෙනවද කියලා නැගලා ඉන්න පුලුවන් ….” රහල් කිව්වා..

” ඒත් මචං..මේ සිංහරාජෙ …යාල විල්පත්තු වගේ නෙවේ..ගස් උඩ හරියට සත්තු සර්පයො ඉන්නවා..අපි කොහොමද සතෙක් සර්පයෙක් නැති ගහක් හොයාගන්නෙ….” ඉදලා ඉදලා සදුන් ඇහුවෙ නියම ප්‍රශ්නයක් ..ඇත්තම තමා…අපි පොඩ්ඩක් ගහකට හේත්තු උනා විතරයි අර කුණ කටුවා කන්න පැන්නා…ඉතින් කොහෙද මේ කැලේ ගස් උඩ නැගලා ඉන්නෙ…අනික කූඩැල්ලො හැකරැල්ලොත් ඇති..ඊක්කා ….හිතනකොටත් ඇග හිරිවැටෙනවා..

” බලමුකො ඉස්සරහට ගිහින්…වාසනාවක් තිබ්බොත් අපිට ඉන්න තැනක් හම්බෙයි….” නිර්වාන් එහෙම කියාගෙන කට්ටිය එක්කම ඉස්සරහට ගියා…දැන්නං වටේ හොදටම කලුවරයි…ඒ මදිවට සීතල…කැලේ ඇතුලෙන් රෑ වෙලා යද්දි රැහැයියන්ගේ සද්ද බකමූණනෙ සද්ද තවත් එක එක නිශාචර සත්තුන්ගෙ සද්ද ඇහෙනවා…කට්ටියම බයෙන් බයෙන් ඉස්සරහට ගියේ වටපිටත් බල බල….අපි යන හරියෙනං නැගලා ඉන්න පුලුවන් විදිහෙ ගස් තිබුන්නෑ…අපි ටික ටික ඔහොම යද්දි ශාක්‍ය එකපාරටම කෑගැහුවා..

” අඩෝ..අර බලහං…දෙයියො අපේ මූණ බැලුවා එහෙනං….” ඌ එහෙම කියද්දි කට්ටියම බැලුවෙ ඉස්සරහ…දෙවියනේ …අපිට ඉස්සරහින් තිබ්බෙ ලොකු ගල් ගුහාවක්..මට නං සතුට නිම්හිම් නැති උනා…කට්ටියම එතනට දුවලා යන්න හදද්දි රහල් කට්ටියවම නැවැත්තුවා .

” ඉන්න ඉන්න…ඒකෙ සතෙක් ඉන්නවද දන්නෑ..ඉස්සෙල්ලා යන්න කලින් සෝදිසි කරලා යමු …” රහල් එහෙම කිව්වහමයි මටත් මතක් උනේ…ගල්ගුහා ඇතුලෙ මොකෙක් හරි සතෙක් හිටියොත්…කොටියෙක් හරි දිවියෙක් හරි වලහෙක් හරි හිටියොත් ..අම්මෝ…මං ටිකක් පස්සට එද්දි කොල්ලො ටික අපිව දාලා ලෙන ඇතුල්ට කිට්ටු උනේ හිමින් හිමින්….කොල්ලො ටික තම තමන්ගෙ phone එකේ torch එලි අල්ලලා ලෙන ඇතුල්ට ගියා..අපි තුන් දෙනා බයෙන් බයෙන් හිටියෙ දැන් දුවන්න වෙයි දැන් දුවන්න වෙයි කියලා හිතලා…

” ඇතුල safety ..එන්න කෙල්ලනේ…” ශාක්‍ය ඇවිත් කියද්දි අපි තුන්දෙනත් ලෙන ඇතුල්ට අඩිය තිබ්බා….ගුහාව ඇතුල මාරම කලුවරයි..ඒ කලුවර මකන්න කොල්ලො ටිකගෙ ටෝච් එලි වලට අමාරුයි..ඒත් ඒ ටෝච් එලි වලින් අපි දැක්කෙ ඒක ලස්සන ගල් ලෙනක්..ඒ වගේම ලොකුයි ඒක…ගුහාව ඇතුලෙ එක පැත්තකට වෙන්න තරමක උස ගල් තලාවක් තිබ්බා….කට්ටියම කලේ ගියපු ගමන් ඒ ගල් තලාව උඩට නැගලා ඉදගත්තු එක…ගල් තලාව උඩ මාරම සීතලයි…ගල් ලෙන උඩට ටෝච් එලි අල්ලලා බැලින්නං ගල් වල චූටි චූටි පාසි වගේ බැදිලා තිබ්බා…ගල් තලාව උඩ නං හරිම පිරිසිදුයි වගේ..හැබැයි පහල නං තණකොළ වැවිලා තිබ්බා….තනකොල අස්සෙ කූඩැල්ලො ඉදී කියලා තමා මං නං ඉක්මන්ටම ගල්තලාව උඩට නැග්ගෙ….

” මේ..දැන් හැමෝගෙම phone වල ටෝච් එලි ඕන්නෑ…ඔක්කොගෙම phone වල චාර්ජ් බස්ස ගන්නැතිව එකෙක්ගෙ phone එකක් විතරක් අද රෑ පාවිච්චි කරමු….” දෙනුවන් කිව්වා..

” හරි..මගේ එක හොදට එලියයි..මේක පාවිච්චි කරමු…” රහල් එයාගෙ phone එකේ ටෝච් එලිය පෙන්නලා කිව්වෙ..ඒ හාම අනිත් අය තම තමන්ගෙ phone වල ටෝච් ඕෆ් කලා…

” බඩගිනී බං…උබලට බඩගිනි නැද්ද….” නිර්වාන් ඇහුවා..කට්ටියම ඉතින් ඔව් කිව්වෙ හැමෝටම බඩගිනි යහමින් දැනිලා තිබුනෙ…

” මං ගාව පාන් තියෙනවා..තව බිස්කට් පැකට් එකකුත් තියෙනවා…” මං කිව්වා..

” අපි ලගත් බිස්කට් තියෙනවා…” කට්ටියම එහෙම කිව්වා..

” මෙහෙම කරමු..අපිට හෙටත් කීයවෙද්දි මේ කැලෙන් යන්න වෙයිද කියලා දන්නෑනෙ…කෑම ටිකක් පිරිමහගන්න ඕන…අද රෑට අපිට ආදිගෙ පාන් කතෑකිද…කට්ටියටම කන්න පාන් තියෙනවද…” දෙනුවන් ඇහුවා..

” ඔව්..හැබැයි පාන් පෙති ජෝඩු දෙක ගානෙ තමා කන්න පුලුවන් ඇත්තෙ…කමක් නැද්ද …” මං කිව්වා..අම්මා කොහොමත් මට ට්‍රිප් යද්දි යහමින් කෑම ටිකක් ඔතලා දෙන්නෙ හැමෝමත් එක්ක බෙදාහදා ගෙන කන්න…මේ පාරත් අම්මා සම්පූර්ණ පෙති පාන් එකක්ම බටර් රුයි ජෑමුයි ගාලා දුන්නා ගෙනියන්න කියලා…ඒ ටික දුන්නෙ හවසට එද්දි කන්න කියලා…

” ඒ ඇති බං….ගනින් ඒ ටික කන්න…බිස්කට් ටික තියාගමු හෙට දවසට කන්න….” දෙනුවන් එහෙම කියද්දි කට්ටියම එයාගෙ කතාවට එකග උනා…අපි රෑට කෑවෙ මගේ පාන් පෙති ටික..හැමෝටම දෙක ගානෙ කන්න පුලුවන් උනා…මට නං මදි…ඒත් මොනා කරන්නද..අඩුපාඩුවට කට්ටියම වතුර බිව්වා…

” මේ…රෑට මේකට සත්තු රිංගයිද බං…” මගේ යටිහිතේ තිබ්බ ප්‍රශ්නයක් ඇහුවෙ නිර්වාන්…

” මං හිතන්නෑ බං….වෙන කැලවල් වගේ නෙවේ සිංහරාජෙ …කොටි වලස්සු නිතරම පේන්න නෑ..විශේශයෙන් උන් ගුහා අස්සෙ නං නෑ…උන් ගුහාවල ඉන්නවද කියලා කියතෑකි ගුහා අවට සත්ව ඇටකටු තියෙනවනං…අපි දැක්කෙ නෑනෙ එහෙම ඒවා…ඉතින් මේක නිකන්ම නිකං ගුහාවක් විතරයි…සත්තු ඉන්න එකක් නෙවේ…හැබැයි ඉතින් ඔය හැකරැල්ලො කූඩැල්ලො ඇරෙන්න…” රහල් කිව්වෙ හිනා වෙවී අපි දිහා බලලා…අපි තුන්දෙනාගෙම මූණු ඇඹුල් උනා..

” ඊයා…රෑට මේක ඇතුල්ට සර්පයො ඒමි ඇදෙන එකක් නෑනේද….” සැහැසි ඇහුවෙ බයෙන් බයෙන්..

” නෑ මං හිතන්නෙ…කොයි එකටත් හැමෝම ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න…සත්තුන්ගෙන් කරදර වෙන්නෙපා කියලා හිතින් හිතලා නිදාගන්න….” දෙනුවන් කිව්වෙ අපි බයවෙලා ඉන්නෙ කියලා දැනිලා වගේ….

” මගේ කකුල් රිදෙනවා හොදටම….” මං කිව්වෙ සපත්තු ගලවන ගමන්…සපත්තු ගලවලා බැලින්නං අඩ අදුරෙ උනත් මං දැක්කෙ මගේ කකුල් රතුවෙලා ඉදිමිලා තියෙනවා..අපි කොච්චර දුර ඇවිද්දද…ඒ හින්දා වෙන්නැති…

” මගෙත් රිදෙනවා බං…” නිම්සරාත් කිව්වෙ සපත්තු ගලවන ගමන්.මං බෑග් එක ඇරලා ගත්තෙ සිද්දාලේප කුප්පිය…කැලේ එන හින්දා අම්මා කිව්වා කොයි එකටත් බෙහෙත් ජාති ටිකක් අරන් යන්න කියලා…මං වගේම අනිත් හැමෝමත් සිද්දාලේප ගෙනත් තිබුනා කියලා මං දැක්කෙ අපි තුන් දෙනා විතරක් නෙවේ කොල්ලො ටිකත් සපත්තු ගලවගෙන කකුල් වල බාම් ගාන්න ගත්තැයින්…මාත් කකුල් දෙකේම බාම් ගාගෙන ටිකක් කකුල් අතගෑවෙ වේදනාව යන්න කියලා…කට්ටියම නෝ කතා නෝ සිනා… දැන්නම් නිදිමතයි හොදටම..

“නිදිමතයි බං හොදටම..” මට කියවුනා..ඉතින් කට්ටියම ලෑස්ති උනේ ගල්තලාවෙ වැතිරිලා නිදාගන්න…

මායි සැහැසියි නිම්සරායි ගල්තලාවෙ මුල් හරිය අල්ලගත්තා නිදාගන්න කියලා…කොල්ලො ටික අපිට අඩි දෙක තුනක් විතර එහායින් ඇලවුනා…සැහැසි හිටියෙ ලෙන් දොර කිට්ටුව..මැද්දෙන් නිම්සරා ඇලවෙද්දි මං තමා කෙරෝලෙම…හැබැයි බයක් දැනුන්නැත්තෙ මට අඩි දෙකතුනක් එහායින් රහල් ඇලවුන හින්දා…රහල්ට එහායින් නිර්වාන්..ඊට එහායින් සදුන් ඇලවුනා..සදුන්ට එහා ශාක්‍ය …කෙලවරේම දෙනුවන් …

රෑ හින්දා ගල් ලෙන ඇතුල මාරම සීතලයි..ජර්සිය දාන් හිටියට ඒ සීතල අරින්න බෑ…රහල්ගෙ phone එකේ torch එක නිව්වට පස්සෙ ඇතුල මාරම කලුවරයි..වටේ පිටේ ඉන්නෙ කවුද කියලවත් පේන්නෑ …කමක් නෑ…ඇස්දෙක පියාගත්තහම සේරම හරියයි…හිතාගෙනම මං ඉතිපිසෝ ගාතාව හිතින් හිතලා ඇස් පියාගෙනම නිම්සරාව බදාගත්තෙ නිදාගන්න කියලා….ලෙන ඇතුල මට නං මාරම බයයි…මහ රෑ මේකට සතෙක් වත් රිංගුවොත් අපේ අවසානෙ තමා…හිත හිත ඉද්දි මට නින්ද ගියා…

කොච්චර වෙලා නිදාගත්තද මට මතක නෑ…මං එකපාරටම ඇහැරුනේ ගොරවන සද්දයක් ඇහිලා…ඇහැරිලා බැලින්නං මොරසූරන වැස්සක් වහිනවා…හෝහෝ ගාලා මහ සද්දෙන් වැස්ස වහින්නෙ.අපි ඉන්න ලෙන ඇතුල්ටත් වතුර ගලාගෙන එනවා..හොදවෙලාවට අපි ඉන්නෙ උස ගල්තලාවක් උඩ හින්දා අපිව වතුරෙන් යට වෙන්නෑ….ඒ මදිවට පට පට ගගා හෙණ පිපිරෙනවා මහ සද්දෙන්…විදුලි කොටද්දි ඒ එලිය ලෙන ඇතුල්ට වැටිලා මං දැක්කෙ හැමෝම හොදටම නිදි….ඒත් දැන්නං මගේ නින්ද අහලකවත් නෑ…එහා පැත්ත හැරිලා බැලින්නං විදුලි එලියට මං දැක්කෙ රහල් නිර්වාන් ව බදාගෙන හොදටම බුදි…වැස්ස හින්දා හිරිකඩ ගුහාවට ඇවිත් පට්ට සීතලයි…මං ඇහැරගෙන මක් කරන්නද කියලා හිතලා ආයෙම ඇලවෙලා නිම්සරාව බදාගත්තෙ සීතල හින්දා..ඒත් ..ඒත් එකපාරටම මට දැනුනෙ මගේ පිටේ මොකෙක් හරි යනවා යනවා වගේ කියලා…හිතහිතම මං පිට අතගාලා බැලින්නං ඇත්තම තමයි….පිටේ ඇදුමට උඩින් අල්ලලා බැලින්නං මොකද්දෝ මන්දා අහුවෙනවා..ඒක ටිකක් එබෙනවත් වගේ…ඊක්කා…මොකෙක් හරි අසමජ්ජාති සතෙක්ද කොහෙද…අයියෝ..මේ මහ රෑ කට්ට කරුවලේ මං කොහොමද දෙයියනේ දැන් මේ සතාව අරන් දාන්නෙ…අනික මට අල්ලන්නත් හිරිකිතයි…අම්මෝ..ඌ කූඩැල්ලෙක්ද දන්නෑ…කූඩැල්ලා මතක් උන හැටිය මට මේ සීතලේ දාඩියත් දැම්මා…දැන්නං ඉවසන්නම බෑ….ඌ එන්න එන්න පිට දිගේ පහලට යනවා…හයියෝ….මුරුගන්…ජේසු…මට උදව් කරන්නකෝ….මං කලබලෙන් හැදුවෙ නිම්සරාව කූද්දන්න…ඒකිටවත් කියලා මේ ජරා සතාව අහක් කරගන්න…දෙවියනේ …ඌ හදිස්සියෙවත් ගරුඩෙක් හරි පත්තෑයෙක් හරි උනොත්….හෑ…..අයියෝ….අනේ මාව බේරගන්න …

**********************

ඌ මොකෙක් වෙන්නැද්ද…අනුමාන කරන්න පුලුවන්ද ..

M.Ashka Rashmi❤️

3 thoughts on “හිතුවක්කාරයෝ |නවවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Thakshi Deepali Jayasuriya

    දෙනුවන් වත්ද ?????? බලමුකෝ නේ…අැහැරෙන්නේ නම් දෙනුවන්ම තමා…අැයි අනේ තුන් කොන් ප්‍රේම වෘත්තාන්තම ලියන්නේ රශ්මි අක්කියෝ…පිස්සු හැදෙනවා…..පියුමි අක්කාත් එහෙමයි…දෙන්නම එකයි…වැඩේ කියන්නේ කතා අහුරේ මං කැමතිම දෙන්නෙක් ඔයාලා…මාව පිස්සු හදෝනවනේ…එ්කයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.