Katha Ahura

හිතුවක්කාරයෝ |පස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3.2/5 - (10 votes)

පස්වැනි කොටස

කට්ටියම මතක විදිහට ආපු පාරෙන්ම එන්න ආවා..කට්ටියම එක එක දේවල් කියෝ කියෝ ආපස්සට එද්දි අපිට එකපාරටම ඉස්සරහින් ඇහුනෙ පොඩි සද්දයක්..කට්ටියගෙම ගමන එකතැන නතර වෙද්දි හැමෝම අවදානය දුන්නෙ ඒ ඇහෙන සද්දයට..

සරස් සරස් සද්දයක් එන්නෙ අපිට අඩි දෙක තුනක් ඉස්සරහින් තියෙන ලොකු මීවන පදුරු අස්සෙන්…ඒක කොච්චර ලොකු මීවන පදුරක්ද කිව්වොත් අපේ උස ඇති එක..ඒ ගාල අස්සෙන් එහා පැත්ත බලන් බැරි තරම් ඝනව වැවිලා ඒ කොල අතු…

” මොකද්ද බං ඒ සද්දෙ…” නිර්වාන් එහෙම කියලා කට ගන්න හම්බුන්නෑ ගාල අස්සෙ ඉදගෙන කඩාගෙන බිදගෙන එලියට ආවෙ කෑගහගෙන හාවො දෙතුන් දෙනෙක්..

” ඈ…” මං එකපාරටම ගැස්සිලා ගියා..ඉතින් මං කෑගහගෙනම ලග ඉන්නෙ කවුද අන්න උගෙ ඇගේ එල්ලුනෙ අපේ කකුල් අස්සෙන් වගේ දුවලා ගියපු කැලෑ හාවො ටික දැකලා බය වෙලා…

” බෙල්ල අතෑරපන් බං….උබ හදන්නෙ මාව මරන්නද…” හාවො දුවලා යන හැටි බලාගෙන හිටිය මට ඇහුනෙ මගේ කන ලගින්ම ඒ කටහඩ..ඔලුව හරෝලා බැලින්නං දෙයියනේ මං දෙනුවන්ගෙ බෙල්ල බදාගෙන හිටියෙ…පට ගාලා එයාගෙන් එහාට පැන්න මට බැලුනෙ රහල් දිහා..එයා මට රවලා වගේ අහක බලාගත්තෙ..ශික්…කැලේට ආවත් හරි හැමතිස්සෙම මාත් එල්ලෙන්නෙම දෙනුවන්ගෙ ඇගේනෙ..විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ…

” මොකෝ බං උබ හාවොන්ට ඔච්චර බයද….” නිම්සරා කින්ඩියට හිනාවෙලා එහෙම අහද්දි මං ඒකිට රැව්වා….ඇයි දෙයියනේ ඉතින් එකපාරටම ගාලක් අස්සෙ ඉදන් සතෙක් පැන්නම බයවෙන්නැද්ද…අම්මෝ..මට නං දාඩියත් දාලා..

” ශ්..ශ්..තව සද්දයක් ඇහෙනවා…” ශාක්‍ය එහෙම කිය කිය ගාල අස්සට කිට්ටු උනා..ඇත්තම තමා…මට තවත් කොල පොඩිවෙන සද්දයක් ඇහෙනවා…මං කොයි එකටත් කියලා සූදානං සරීරෙ හිටියෙ..ඉස්සෙල්ලාම ඕක අස්සෙන් හාවො පැනලා දිව්වා..දැන් අලියෙක්ද දන්නෑනෙ එන්න ඉන්නෙ..මං ඉන්න තැනම නතර වෙද්දි අපේ කොල්ලො සෙට් එක ටික ටික ඉස්සරහට ගියා…සදුනුයි ශාක්‍යයි නිර්වානුයි ගාල අස්සෙන් ඔලුව දාලා බැලුවා..

” අම්මෝහ්….” උන් තුන් දෙනාම පස්සට පැන්නෙ ක්ෂනිකව…

” ඇ..ඇයි..මොකද්ද ..මොකද්ද උනේ…මොනාද තියෙන්නෙ…” සැහැසි එහෙම ඇහුවා..

” තඩි පිඹුරෙක් හාවෙක්ව ගිල ගිල ඉන්නෙ…මේන් සයිස් උගෙ…අපි යං බං…” සදුන් කිව්වෙ කොදුරලා වගේ…අතින් පයින් ඇක්ට් කර කර…මොකක්..පි..පි..පිඹුරෙක්..අම්මෝ..

” මට බලන්න ආසයි…කෝ බලමු…” රහල් එහෙම කියාගෙන ගියේ ගාල අස්සට..මටත් පොඩි ආසාවක් නැතිවම නෙවේ …එක්කො..පොඩ්ඩක් ඔලුව දාලා බලනවා..හැමදාම ඕවා දකින්නත් නෑනෙ…එහෙම හිතලා මාත් රහල් එක්කම ගාල අස්සට ගියා…කොල එහෙ මෙහෙ කරලා බැලින්නං ඇත්තම තමයි…තඩිම තඩි දිග පිඹුරෙක් හාවෙක්ව ගිලිනවා…එහෙට මෙහෙට ඇඹරි ඇඹරි හරිම අප්‍රසන්නයි ඒ දර්ශනය…

” ඊයා…” මට එකපාරටම කියවෙද්දී ඒත් එක්කම මං දැක්කෙ ඒ පිඹුරාට ටිකක් එහායින් බිම තිබ්බ කොලරොඩු ගොඩ හෙලවෙනවා වගේ…ඇස් පොඩ්ඩක් හීන් කරලා බැලින්නං දෙවියනේ තව පිඹුරෙක්…

” ආහ්…” මගේ කටින් එහෙම කියවෙනවත් එක්කම ඌ අපිව දැක්කා…එකපාරටම කොල රොඩු ගොඩේ ඉදලා ඌ අපි දිහාට ඇදෙන්න ගත්තෙ වේගයෙන්…

” හෑ…..” මං කෑගහගෙන ගාල අස්සෙන් රහල්වත් ඇදගෙන එලියට ආවෙ දුවන්න කියලා..

” අම්මට හුඩු…අන්න අරූ …දුව..පා….න්…” කැලේ දෙවනත් වෙන්න කෑගගහා අපි ආපස්සට දුවගෙන යන්න ගියේ අපිව එලවගෙන එන පිඹුරාගෙන් බේරෙන්න…..රහල් මාවත් අතින් ඇදගෙන දුවන්නෙ මාර වේගෙකින්…කට්ටියම ඉස්සරහින් දුවනවා..මට නං කිසිම සිහියක් පතක් නෑ ඔහේ දුවනවා ගස්කොලන් අතරින්…ටික ටික පස්ස බල බල දිව්වෙ මං..මං දැක්කෙ ඒ තඩි පිඹුරා අපි පස්සෙ තවමත් එලවගෙන එනවා..මට මතක් වෙන්නෙ ඇනකොන්ඩා ෆිල්ම් එක..ඒකෙ ඇනකොන්ඩා මිනිස්සුන්ව එලවන් එන්නෙ කොහොමද එච්චර ලොකු වේගයක් නැති උනත් තරමක වේගෙකින් මූත් අපිව හඹා එනවා..

” අනේහ්…ඌ …ඌ..නතර වෙන්නෑනෙ….” මං පස්ස බල බල දුවන ගමන් කිව්වෙ..මේ වෙද්දි අපි කලින් ආපු දිය ඇල්ල ලගට ඇවිල්ලා හිටියෙ..ඒත් පිඹුරා නතර වෙන පාටක් තිබ්බෙ නෑ..සදුනුයි නිර්වානුයි දිය ඇල්ලෙ ගල් උඩින් උඩින් දුවලා යන්නෙ එහා පැත්තට යන්න…අපිත් වෙන කරන්න දෙයක් නැති හින්දම උන් පස්සෙන් දිය ඇල්ල හරහා එහා පැත්තෙ මූකලානට දුවලා ගියා…එහා පැත්තට ගිහින් බැලින්නං පිඹුරා දකින්න හිටියෙ නැහැ …ඌට කොහොමත් දිය ඇල්ල හරහා එන්න බෑනෙ…එක්කො ඌ ඇල්ල හරහා එන්න ඇවිල්ලා වතුර සැරට ගහගෙන යන්නැති…නැත්තං ඌ අපි එනකන් එහා පැත්තෙ මග රැකගෙන ඇති…

” ඌ sure එකට එහා පැත්තෙ ඇති….අපෝ..ඌ යනකං ආයෙ ඒ පැත්තට යනවා බොරු….” සදුන් කිව්වෙ හති ඇර ඇර..ඔව් ඒක ඇත්ත තමයි..ඌ කොච්චර ලොකු පිඹුරෙක්ද කියනවනං ඌට එකසැරේට අපි දෙන්නෙක්වවත් ගිලතෑකි..අම්මෝ..ආයෙනං ඒ පැත්තට යන්න තියා හිතන්නවත් බෑ…ඒත්..ඒත් අපි කොහොමද හවස් වෙන්න කලින් මේ කැලෙන් එලියට යන්නෙ…

” ඌ ඉක්මන්ට යයිද බං…අපි කොහොමද මේකෙන් එලියට යන්නෙ…” මගේ හිතේ තියෙන ප්‍රශ්නෙම ඇහුවෙ දෙනුවන්…

” මචං…මේකෙ එලියට යන්න එක පාරක් නෙවේ පාරවල් කිහිපයක් ම ඇති…අපි වෙන පාරක් හොයාගමු…” නිර්වාන් කිව්වා..ඒත් වෙන පාරක් හොයාගන්නෙ කොහොමද..හදිස්සියෙවත් පාරක් හොයාගන්න බැරි උනොත්….අපි මොකද්ද කරන්නෙ…

” පාරවල් හොයාගන්න පුලුවන් වෙයිද බං…හදිස්සියෙවත් බැරි උනොත්….” සැහැසි ඇහුවා..

” මෙහෙම කරමු…මේ පැත්තෙන් ගිහින් බලමු අඩි පාරක් හම්බෙයිද කියලා…හම්බුන්නැති උනොත් ආපිට එමු මෙතෙන්ටම…එතකොට කොහොමත් ඒ වෙද්දි අර කැ@$%& පිඹුරා ගිහින් ඉදීනෙ…” නිර්වාන් පැහැදිලි කරලා දුන්නා..අනේ මන්දා මට නං කිසි දෙයක් තේරෙනෑ…අපි අඩි පාරවල් හොයාගෙන කොච්චර දුර යන්නද..අනික හවස් උනොත් අපි මොනාද කරන්නෙ…හවස් වෙන්න කලින් අපිට මේ කැලෙන් යාගන්න බැරි වෙයිද..හිතේ එකපිට එකපිට ප්‍රශ්න රාශියක් ඉතුරු වෙද්දි මට හිතුනෙ මේ කොල්ලො ටිකත් එක්ක කැලේ පැන්න එක අපරාදෙ කියලා…

කට්ටියම නිර්වාන් කිව්ව දේට එකග වෙද්දි අපි හැමෝම ඝන මූකලානට අඩිය තිබ්බා…අපි ආපු පැත්ත වගේ නෙවේ මේ පැත්ත…හරියට ගස් කොලන් තියෙනවා…ඒවත් මහ රූස්ස ගස්…රූස්ස ගස්කොලන් අතරින් අපි ටික ටික තවත් කැලේ ඇතුල්ටම ඇවිදන් යනවා..දැන් දැන් නං මේ හරිය ටිකක් අදුරුයි..සීතලයිත් එක්ක….හිරු එලියක් නැති තරං…කිලෝමීටරයක් වගේ අපි ඉස්සරහට ඇවිදන් ආවත් පාරක් හොයාගෙන යන්න තරම් අඩිපාරක් හම්බුන්නෑ…මටනං හරිම මහන්සියි…

” මට හරි මහන්සියි..පොඩ්ඩක් නතර වෙමුකො…” බැරිම තැන මං එහෙම කිව්වා..ඒ ගමන කට්ටියම පොඩ්ඩක් නතර වෙලා රූස්ස ගස්වල පත මුල් උඩ වාඩි වෙලා හති ඇරියා..ටිකක් සීතල තිබ්බ හින්දා මං මගේ ජර්සිය ඇදගත්තා…වතුර ටිකකුත් බීලා අපි කට්ටිය ආයෙම ඉස්සරහට යන්න ගත්තා….

” මේ…මේ කැලේ නපුරු සත්තු එහෙම නෑනෙ..නේද….” මං ඇහුවෙ මට සිංහයොයි කොටියොයි මතක් වෙලා…හදිස්සියෙවත් කොටියෙක් කඩන් පැන්නොත් එහෙම මොන දෙයියන්ට කියන්නද…

” නපුරු සත්තු කියන එකෙන් ඔබ කුමක්ද අදහස් කරන්නෙ සොදුරිය….” ඒ පාර සදුන් ඇහුවෙ ලතාවකට..මට බකස් ගාලා හිනා ගියා…

” මේ…කොටි..වලස්සු…සිංහයො වගේ…”

” අනේ සත්තලන්…මෙහෙ සිංහයො නෑ බබා…වලස්සුත් නැද්ද කොහෙද….කොටිත් නෑ …හැබැයි දිවියො නං ඉන්නවා….” සදුන් කිව්වා…මොකක්…දිවියො ඉන්නවා…

” හා හා සදුනො..උබ මේ අනුන්ගෙ කෑලි වලට සත්තලන් සත්තලන් ගාන්න ගිහින් අයිතිකාරයොන්ගෙන් ගුටි කන්නෙපා….” ශාක්‍ය කිව්වෙ හිනාවෙලා..මට නං ලැජ්ජාවේ බෑ..කවුද අප්පේ මාත් නොදන්න මගේ අයිතිකාරයා ..

” කවුද ශාක්‍ය ඒ….” සැහැසි මගේ දිහත් බලලා ශාක්‍ය ගෙන් ඇහුවෙ හිනාවෙවී..

” මේ…ර..යන්නෙන් පටන් ගන්න නමක් තියෙන්නෙ ..” ශාක්‍ය එහෙම කියනකොටම මං දැක්කෙ රහල් උගෙ බඩට එකක් අනිනවා හයියෙන්..ඌ බඩ අල්ලන් පාත් උනේ අම්මෝහ් ගාලා …ඒ කියන්නෙ මං වගේම රහලුත් මට කැමතිද…මට දැනුනෙ සතුටක්…හැබැයි අනේ මංදා…වෙනදා තරම් ලොකු සතුටක් මට දැන් දැනෙන්නෑත් වගේ..ඒ ඇයි…

” මේකෙ වැඩිපුරම ඉන්නෙ කොල දිවියො….කොටි නෑ…දන්න තරමින් නං වලස්සුත් නෑ…අලි ඉන්නෙත් දෙන්නයි තුන්දෙනයි වගේ…” රහල් කතාව ශේප් කරන්න එහෙම කියද්දි කොල්ලාට කියලා කටගන්න හම්බුන්නෑ අපිට අඩි තුනක් හතරක් පිටිපස්සෙන් ඇහුනෙ අලියෙක්ගෙ කුංචනාදයක් .කට්ටියම ගල් ගැහිලා වගේ නතර වෙද්දි හැමෝම එකපාරටම පිටිපස්ස හැරුනා…

” බුදු අම්මෝ…හ..ස්..ති…රා….ජයෙක්….දුවපා…….න්…”මොනදේටත් ඉස්සෙල්ලාම බයවෙන සදුන් කෑගහන්න ගත්තෙ අලියව දැකලා.. ඒත් එක්කම මං දැක්කෙ ඒ පත අලියව.අපිට තරමක් එහායින් ගස්කොලන් අතරෙ හිටිය අලියා හොඩේ උස්සලා සද්දෙන් කුංචනාද කරේ ගස් වල අතු උඩ වහලා හිටිය කුරුල්ලො අහසෙ සී සීකට විසිරිලා පියඹලා යද්දි…ඒත් එක්කම අපි දැක්කෙ ඌ හොඩේ උස්සගෙනම කෑගගහා අපි ඉන්න දිහාවට එන්න හදනවා.අවට ගස්කොලන් අඹරවගෙන ඌ දුව දුව අපිදිහාට එනවා…

” ට හුඩු යකෝ…බලන් ඉන්නෙ..දුවපල්ලා….” නිර්වාන් එහෙම කියද්දියි කට්ටියටම දුවන්න මතක් උනේ..හැමෝම ඉස්සරහට පණ එපා කියලා දුවලා ගියේ ගස්කොලන්වල හැපි හැපි අසිහියෙන් වගේ….ඒත් ටික දුරක් දුවද්දි මගේ කකුල ගහක මුලක පැටලිලා එකපාරටම මාව බිම ඇදගෙන වැටුනෙ කට්ටිය ඉස්සරහට දුවගෙන යන අතරෙ…

***********************

මොකෝ වෙන්නෙ කෙල්ලට…හෙට බලමු..කතාව අවුලක් නැද්ද..??

M.Ashka Rashmi❤️

6 thoughts on “හිතුවක්කාරයෝ |පස්වැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

  1. Thakshi Deepali Jayasuriya

    අැයි දැන් අාදි කැමති දෙනුවන්ටද…..අනේ මොනා උනත් කතාව නම් ෂෝයි….????

  2. ?K.Kanchana Damayanthi?

    ආදි දෙනුවන්ටත් කැමැත්තෙන් වගේ එහෙනම්… කොහොමත් ආදිටනම් කරදරයක් වෙන එකක් නෑ.. මේ සැරේ එයාව බේර ගන්නෙ දෙනුවන් … කතාව නියමයි අක්කියෝ…??

  3. Priyadarshani

    අම්මෝ අපේ වත්තෙත් පිඹුරෙක් හිටියා මේ ලගදි අනේ ඌත් මගේ පස්සෙන් එලවයිද දන්නෑ ඔයවගේ…????
    රහල්ට තමයි කෙල්ලව දෙන්න ඕන දෙනුවන්ට නෙවෙයි ..???
    අක්කී කතාව ගොඩාක් හොදයි …????????
    Good luck ????????

  4. nayomi nadeera

    Ada tama mulu kathawama kiyawanna welawak labune. Oyage hama kathawak wagema mekath maarama lassanai .. hamadama comment kare nathath man kathawa kiyawala rate karanawa nangi… ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.