Katha Ahura

හිතුවක්කාරයෝ |හයවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා

3/5 - (2 votes)

හයවැනි දිගහැරුම

” ආහ්….අනේ….” මට එකපාරටම කියවුනා..දඩිබිඩි ගාලා නැගිටින්න හදද්දි ආයෙම මාව වැටුනෙ තවත් මාව අසරණ කරගෙන…ඈතින් අර යෝධ අලියා පිඹගෙන එනවා…වැඩිවෙලා මෙතන හිටියොත් මට වෙන්නෙ අලියා අතින් මළගම් යන්නයි..

” අනේහ්…සැහැසි…” මං කෑගැහුවෙ මගේ යාලුවොන්ට..ඒත් එක්කම මගේ ඉස්සරහින් දුවගෙන ගියපු නිම්සරා සැහැසි එක්ක ඉක්මන්ට දුවලා ඇවිත් මට නැගිටින්න උදව් කලා…කොල්ලො ටික නං මෙලෝ සංසාරයක දෙයක් දන්නෑ වගේ උන් ටික දුවනවා පන කඩාගෙන..

” නැගිටපන් බං ඉක්මන්ට …” සැහැසි වෙව්ල වෙව්ල මාව නැගිට්ටෙව්වෙ ..ඒ හාම උන් දෙන්නා මාව අල්ලන් හයියෙන් හයියෙන් දුවන්න ගියා..මගේ ඒ මුලට පැටලුනු කකුල වේදනා දුන්නත් ඒ වේදනාවට වඩා ජීවිතේ වටින හින්දා මං පුලුවන් හයියෙන් දිව්වා…අන්තිමේදි කොහොම හරි ටික දුරක් දිව්වට පස්සෙ එක තැනක් තිබුනා ගහක ලොකු කදක් හරහට වැටිච්ච එකක්…අපි කට්ටියම ගහේ කද උඩින් පැනලා එහා පැත්තට ගිහින් කදට මුවාවෙලා වගේ බිම වාඩි උනේ පිටිපස්ස බල බල….අලියා පේන්නවත් නෑ…අඩුමගානෙ සද්දයක්වත් නෑ….ඔව් ඉතින් අපි මීටර් සීය දාවන තරගයක්නෙ තිබ්බෙ…අපිත් එක්ක කොහෙ දුවන්නද තඩියා….අපි කට්ටියම කදට හේත්තුවක් දාලා වාඩිවෙලා හති ඇරියා….

” අම්මෝ…කකුල ඇමැට්ටි වෙලාද කොහෙද බං….” මං කකුල අල්ලන් කිව්වෙ මගේ දෙපැත්තේ හිටිය යාලුවො දෙන්නාට…උන් පොඩ්ඩක් මගේ කකුල බැලුවා…පුදුම වේදනාවක් තියෙන්නෙ දැන්නං….

” ඇයි..මොකද්ද උනේ…” දෙනුවන් ඇහුවෙ පුදුමයෙන් .ඔව් ඉතින්..මං වැටුන එක මේ ගෑනු ටික දැක්කෙ නෑනෙ…

” මොකද උනේ තමා…දැන්ද අහන්නෙ…අනේ තමුසෙලා වගේ යාලුවො….ආදි අලියට බයේ දුවලා එද්දි එකපාරටම වැටුනා…අපි දෙන්නා තමා කෙල්ලව නැගිට්ටෙව්වෙත්…තමුසෙලා ටික ගෑනු වගේ දිව්වෙ පස්සවත් බලන්නැතිව…” සැහැසි කෑගැහුවෙ කොල්ලො ටිකට..රහල් ඇස් ලොකු කරලා මා දිහා බැලුවෙ…ඉස්සෙල්ලා මාවත් අල්ලන් දුවලා යන මෙයා අලියා දැක්කා විතරයි මාව අමතක වෙලා ගියා .ඇත්තටම ඒකට නං මට දුකයි…ඒත් ඉතින් මං එයාට කැමති උනත් එයා මට කැමතිද නැද්ද කියලා කවුද දන්නෙ…

” රහල්..!!..උබ ආදි එක්ක නෙවේද ආවෙ…” දෙනුවන් ටිකක් සද්දෙන් ඇහුවෙ රහල්ගෙන්…ඒ පාර එයාට මොනා වෙලාද…

” ම්..අ..අනේ මන්දා…ම්..අලියාට බයේ දිව්වා මිස මට මතක් උන්නෑ කෙල්ලො ටිකව…” රහල් කිව්වෙ අප්සට් එකේ…හරි හරි දැන් ඉතින් ඕවැයින් වැඩක් නෑනෙ…ඕක අතෑරලා දැම්මනං හරි…ඒ වැඩෙන් මේ වැඩෙන් උනේ අපි කට්ටිය තව තව කැලේ ඇතුල්ට ආපු එකයි…

” කෝ බලන්න..පෙන්නපං කකුල මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න…” දෙනුවන් ඒ පාර නැගිටලා ඇවිත් මං ඉස්සරහින් වාඩි උනේ මගේ ඇමැට්ටි කකුල එයාගෙ උකුල උඩින් තියාගත්තා..කට්ටියම එක එකාගෙ මූණු බලන් හිටියෙ පුදුමයෙන් …

” තඩිස්සි වෙලා…මෙතනද අමාරු…” එහෙම ඇහුවෙ එයා මගේ වළලුකර අල්ලලා…එතන තමා රිදෙන්නෙත්..

” ආ..ආ…ඔ..ඔතන තමා…” මං එහෙම කිව්වම එයා එයාගෙ බෑග් එකේ තියලා එලියට ගත්තෙ මොකද්ද මංදා සුදුපාට ඩප්පියක්…

” මේවට උලුක්කු ඇරෙනවා…අම්මා කොයි එකටත් කියලා මුලු pharmacy එකම මගේ බෑග් එකේ එබුවා…” හිනාවෙවී දෙනුවන් මගේ කකුලෙ බාම් ගෑවෙ මට නොරිදෙන්න ..මං බලා හිටියෙ එයාගෙ මූණ දිහා..අනේ මංදා…මට මහ අමුත්තක් දැනෙනවා..වෙනදට වඩා අද මෙයාගෙ මූණ හරිම ලස්සනයි වගේ මට පේන්නෙ .කොහොමත් දෙනුවන් රහල් තරම් ලස්සන නැති උනත් සුදු උස මහත කඩවසම් කොල්ලෙක්…දෙනුවන් දිහා බලා ඉදලා රහල් දිහා බැලින්නං අම්මෝ…ඇස් දෙකත් රතූ කරගෙන දෙනුවන් දිහා බලා ඉන්නෙ තරහින්..මෙතන දෙන්නා මං හින්දා ඇරගනීද දන්නෑ…

” හරි දෙනුවන්…thanks …” මං එහෙම කිව්වම එයා බාම් ටික ගාලා නැගිට්ටා…දෙනුවන්ගෙ අම්මා pharmacist කෙනෙක්.ඉතින් ඒ හින්දම එයා ඔය බෙහෙත් ජාති ගැන දන්නවා…කට්ටිය කිසිම කතාවක් බහක් නැතුව ඔහේ වාඩිවෙලා හිටියා…දැන් වෙලාව හවස තුනයි..වටේ ලාවට අදුර අරක්ගෙන තියෙන්නෙ..අනේ අපිට රෑවෙන්න කලින් ගෙදර යන්න බැරිවෙයිද…එතකොටයි මට මතක් උනේ මං මෙහෙ ආව හැටිය අම්මාට කෝල එකක් දෙන්න කිව්වට දුන්නෑ නේද කියලා…මගේ අතේ phone එකකුත් නෑ…මං මොකද්ද කරන්නෙ…
හිත හිතම මං හැරුනෙ රහල් දිහාට…මෙයාගෙන් වත් ඉල්ලගන්නවා phone එක.

” මේ…ම්..රහල්…”

” ඇයි ආදි…ඔ..ඔයාට රිදෙනවද කකුල…??” රහල් ඇහුවෙ මගෙ කකුල දිහත් බල බල.

” ආ…නෑ..නෑ..ඒක අවුලක් නෑ දැන්..මේ..මට පොඩ්ඩක් phone එක දෙනවද අම්මාට කතා කරන්න…මෙහෙ ආව හැටියෙ කෝල් එකක් දෙන්න කිව්වා අම්මා…මට අමතක උනානෙ…දැන්වත් අම්මාට කොල් එකක් දෙන්න බැලුවෙ…” මං එහෙම කිව්වහම රහල් මට එයාගෙ phone එක ලොක් එක ඇරලා අතට දුන්නා..අම්මාට කෝල් එකක් ගත්තත් කරුමෙටම මෙහෙ සිග්නල් නැති හින්දා කෝල් ගන්න හම්බුන්නෑ….

” සිග්නල් නැති හින්දා කෝල් ගන්න බෑ රහල්…ආ…thanks …” මං එහෙම කියාගෙන එයා අතට phone එක දුන්නා..ඒත් එක්කම මට ඇහුනෙ අපේ පිටිපස්සෙන් අඩි සද්දයක්…බිම කොල පොඩි කරගෙන ඒ අඩි සද්දෙ මට ඇහුනෙ අපේ පිටිපස්සෙ එක පැත්තක ඉදලා අනිත් පැත්තට පාර හරහා යනවා වගේ…

” මො..මො..මොකද්ද …මොකද්ද ඒ සද්දෙ ….” මං ටිකක් කලබල උනේ වන ජීවී එකේ අයවත් අපිව හොයාගෙන මේ කැලේ ඇවිල්ලද කියලා හිතලා…එහෙම උනොත් ඒ අයත් එක්කම අපිට මෙහෙන් පිටවෙලා යතෑකිනෙ…

” මොකද්ද …මොකද්ද බං..” නිම්සරා මගෙන් ඇහුවෙ වට පිට බල බල..

” ශ්.ශ්…හොදට අහන් ඉන්න…අපිට පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහෙනවා….ඇහෙනවද ඔයාලාටත්…” මං එහෙම අහද්දි කට්ටියම මූණින් මූණ බලාගත්තෙ පුදුමයෙන් …

” උබට පිස්සුද ආදි…අපිටනං මොන සද්දයක් වත් ඇහෙන්නෑ….” සදුන් කිව්වෙ කින්ඩියට හිනා වෙලා..මොකක්..මේ මෙච්චර හොදට මට ඇහෙන සද්දෙ මේ නාකි රිලවුන්ට ඇහෙන්නැද්ද …මං ටිකක් ඉස්සිලා පිටිපස්ස බැලුවෙ ගහේ කද උඩින් ඔලුව දාලා…ම්හු…කවුරුවත් පේන්න නෑනෙ…ඒත් එක්කම ඒ අඩි සද්දෙ නැවතිලා ගියා….හරි පුදුමයි..මට ඇත්තටම අඩි සද්දයක් ඇහුනනෙ…ඒත් කෝ කවුරුවත් දැන් පේන්න නැත්තෙ ඇයි…හිතේ දාහක් ප්‍රශ්න ගොඩගැහෙද්දි මං ආයෙම බැලුවෙ යාලුවො දිහා..

” උබ හොදින්ද ආදි…..??” දෙනුවන් ඇහුවෙ මගේ ඇස් දිහාම බලාගෙන..

” ඔව්..මං හොදින්…ඔයාලා හිතන්නෙ මට පිස්සු හැදිලා කියලාද…නෑ අනේ මං ඇත්ත කිව්වෙ….මට හොදටම ඇහුනා කොල පොඩිවෙන සද්දයක් එක්ක අඩි සද්දයක්…” මං කිව්වා..

” මොකෙක් හරි සතෙක් වෙන්නැති….ඔය ඉන්නෙ මුගටියො හෝතම්බුවො වගේ..ඒ වගේ එකෙක් වෙන්නැති ..” නිර්වාන් කිව්වෙ .

” හරි හරි…අපි අද මෙතනම ඉන්නද කල්පනාව…යන්නැද්ද බං අද…කෝ..නැගිටිමු…නැගිටිමු..” එහෙම කියාගෙන ශාක්‍ය බිමින් නැගිට්ටා…කට්ටියම නැගිටිද්දි මාත් සැහැසියි නිම්සරාගෙයි උදව්වෙන් නැගිට්ටා..දැන්නං කකුල ඒ හැටි අමාරුවක් නෑ…ඇවිදගෙන යතෑකි…

” අපි කොහෙටද බං යන්නෙ…ආපිට යන්ද….” රහල් ඇහුවෙ පිටිපස්ස බලලා..ආපිට යන්න ඕන තමා..ඒත් අර අලියා හිටියොත් මොකද අපි කරන්නෙ…

” අ..අර…අර අලියා හිටියොත් මොකද්ද කරන්නෙ අපි…අනේ…” සැහැසි ඇහුවෙ බයෙන් බයෙන්..

“හ්ම්..ඒකත් ඇත්ත තමා…”

” මචන්ලා අපි මෙහෙම කරමුද..තවත් අපි ටිකක් ඉස්සරහට ගිහින් බලමු පාරක් හම්බෙයිද කියලා…” සදුන් ඇහුවා..තව ඉස්සරහට යන්න..අපෝ බෑ…තව ඉස්සරහට යන්න යන්න කැලේ ඇතුල්ටමනෙ අපි යන්නෙ…කැලේ ඇතුලෙ වෙන මොන පාරවල්ද…

” අනේ සදුන්…තව ඉස්සරහට යන්න යන්න අපි යන්නෙ කැලේ ඇතුල්ටමනෙ…අපි බලන්න ඕන කැලෙන් බේරිලා යන්න පාරක්…බලන්න දැන් හවසුත් වෙලා…රෑ වෙන්න කලින් අපි යමු අනේ…” මං කිව්වෙ ඇත්තටම මට අහේතුකව ලොකු බයක් දැනෙන්නෙ…

” මෙහෙම කරමු..අපි ආපස්සට යං..හැබැයි ආපු පාරෙ නැතුව…අපි වෙන පාරක් හදාගෙන යං…එතකොට අර අලියා අපිට හම්බෙන එකක් නෑ…” දෙනුවන් කිව්වා..එයා කියන එක නං හරි..එහෙම කලොත් අපිට ආපිට යන්නත් පුලුවන් ඇල්ල ලගට…අලියත් මගහැරෙනවා…ඉතින් අන්තිමේදි දෙනුවන්ගෙ අදහසට හැමෝම එකග උනා…කට්ටියම ලෑස්ති උනේ වෙනත් පැති පාරකින් පාර හොයාගෙන ආපිටට දිය ඇල්ල ලගට යන්න…හිටපු තැනින් මග හරහා වැටිලා තිබ්බ ලොකු ගහට උඩින් කට්ටියම එහා පැත්තට පනින්න හදද්දි එකපාරටම සැහැසි මට ඇගිල්ල දික්කරලා පෙන්නුවෙ ගහේ දිරලා ගිය කද දිහා…

” මේ බලපං බං….” ඒ ඇගිල්ල ඔස්සේ බලපු මං දැක්ක දෙයින් මගේ ඇස් ලොකු උනා…

******************

මොකද්ද ආදි දැක්කෙ…ගහේ කදේ මොනා තියෙන්න ඇත්ද…මං නං හිතන්නෑ කාටවත්ම අනුමාන කරන්න පුලුවන් වෙයි කියලා….හෙට බලමු..මොනාද වෙන්නෙ කියලා..

M.Ashka Rashmi❤️

3 thoughts on “හිතුවක්කාරයෝ |හයවැනි දිගහැරුම |ත්‍රාසජනක කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.