Katha Ahura

හිතුවක්කාර ආදරී | 13 කොටස | නවකතාව

4.9/5 - (7 votes)

13 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

මේ කටහඬ මට කොහෙදි හරි අහල පුරුදුයි වගෙයිනේ අනේ දෙවියනේ ඒ ගමන මේ මොකක්ද මේ කුණ්ඩවාලෙ

“හෙ..හෙලෝ කවුද මේ කතාකරන්නෙ”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“Come on baby,I am dhinusha”
(අයියෝ මොකක්ද බබා මම දිනූෂ)

“Your future hasband”
(ඔයාගේ අනාගත මහත්තයා)

ඒ කියපු දේට නිකියා බිබී ඉදපු වතුර එකත් පිට උගුරෙ ගියේ මගේ මුවත් ඇරෙද්දි

යකො මූ බලපල්ලකෝ ඔය නම් ඉතින් හදන්නෙ මගෙන් ඉල්ලන් කාලා මගේ හස්බන්ඩ් වෙන එක කෙසේ වෙතත් වෙන කෙනෙක්ට හස්බන්ඩ් වෙන්න තියන සුදුසුකමත් නැති කරගන්න හදන වැඩක්

මේ ගෙවල පෙරේතයට කොහෙන්ද මගෙ නම්බර් එක හම්බවුනේ

“හෙලෝව් බබා”


Are you there”
(ඔයා ඉන්නවද)

“ආහ් ඔව් ඔව්”

කල්පනාවෙ ඉදපු මං ඒ කටහඩට ගැස්සෙද්දි පැටලි පැටලි උත්තර දුන්නෙ ආපු කේන්තිය යටපත් කරගෙන

“ඒක නෙවෙයි දිනූෂ ඔයා මගෙ නම්බර් එක ඉල්ලගත්තෙ තාත්තාගෙන්ද”

මං ටිකක් නැලවිලා වගේ මිනිහගෙ කටට උත්තරේ දුන්නෙ නැත්නම් මට ඕන දේ දැනගන්න වෙන්නැති නිසා

“නෑ බබා මට නිලන්ති ආන්ටි තමා දුන්නෙ”

ඒක අහපු ගමන් මට කුඩම්මා එක්ක ඌරු ජුවල් නැග්ගෙ නිකියා ඇස් වලින් මට කලබල වෙන්න එපා කියලා ඉගි කරද්දි

“Why baby something is a problem”
(ඇයි බබා මොකක්හරි ප්‍රශ්නයක් ද)

“No no nothing”
(නෑ නෑ මුකුත් නෑ)

මං කේන්‍තිය ආයාසයෙන් යටපත් කරන් කිව්වෙ සැහැල්ලු හඩින්

“That’s not it, I miss you baby”
(ඒක නෙවෙයි මට පාළුයි බබා)

“Because baby we’re going to meet tomorrow”
(මොකද කියන්නෙ අපි හෙට මීට් වෙමුද බබා)

“පුහ්හ්හ්හ්හ්හ්”

සරාගී හඩින් දිනූෂ එහෙම කිව්වෙ මට එක පාරටම ඒ ඇහුන දේට උන් හිටි තැනුත් අමතක වෙලා නිකියගෙ කටින් හිනාවක් පනිද්දි

හැබැයි මං ඒකි දිහා බලලා රැව්වා විතරයි ඒකි හිනාව නවත්ත ගත්තෙ අත් දෙකෙන්ම කට වහගෙන

“Actually i am little  busy tommorow”
(ඇත්තටම මම හෙට ටිකක් කාර්යබහුලයි)

“So see you an another day”
(ඒ නිසා අපි වෙන දවසක හම්බවෙමු )

“බායි”

කියගන්න දෙයක් නැතිපාර මං එහෙම් කියල දඩස් ගාලා ෆෝන් එක තිබ්බෙ නිකියා දෙකට නැවීගෙන බඩඅල්ලන් හිනාවෙද්දී

“මේ බන් මොනා උනත් උබ එදා කියපු කතාව නම් සහතික ඇත්ත ඈ”

“ඌට තියෙන්නෙ එසේ මෙසේ අමාරුවක් නෙවෙයි වගේ පේන විදියට”

“ඌට පුලුවන් නම් උබත් එක්ක ෆෝන් එකෙන්ම හනිමුන් යන සීන් එකක් තිබ්බෙ”

“හැක හැක තමා”

නිකියා හිනාවෙවී කියද්දි මං එහෙම කියල කටත් ඇද කරන් කේන්තියෙන්ම කාමරේට ආවෙ නිකියටත් ගස්සගෙන

අර්ර්ර් අනේ ඇත්තමයි දිනූෂයෝ උබ මේ වෙලාවෙ මේ ලගපාතක මට අතට අහුවෙන හරියක හිටියනම් මං උබව මීට් නෙවෙයි ඊට් කරන්නෙ සැක් වස නෝන්ඩිය

දැන් ඉතින් ඔකි ඕක සතියක් යනකන්වත් කියව කියව මාව නෝන්ඩි කරයි ඔය සේරමත් හරි අයියලගෙ දිහා ගියාම ඒකි කියන කුප්ප කතා ටික අහන් ඉන්න බැරි

?????

එහම්මම අදට සති දෙකක කාලයක් ගෙවිලා ගියේ අර දිනූෂයා දවස ගානේ මට මාර හිසරදයක් වෙද්දී

හවස් වෙලා කම්මැලිකමට මං ටීවී එකත් දාගෙන සලේට වෙලා ඉද්දි නිකියා එක්ක ඉස්සරහ දොරෙන් ඇතුලට ආවෙ භානුක අයියා

ඒත් එක්කම ඊට පිටිපස්සෙන් අපෙ අයියගෙ කරට අතත දාගෙන ගෙට ඇතුල් වුන කෙනා දැකලා මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙලා මුවත් ඇරුනේ මාව ඉදන් හිටපු තැනින් නැගිට්ටවෙද්දී

වෙන කව්රුත් නෙවෙයි ඒ රැවුලා හපොයි දෙයියනේ මේකා කොහොමද අපෙ අයියාව දන්නේ

“මොකද බන් උබ නිකන් යකෙක් ගැහුවා වගේ ඔහොම ඉන්නේ”

“උබ මාව අද ද දැක්කේ”

ඒත් එක්කම අයියා මගෙ ලගට ඇවිත් මගෙ උරහිස් වලින් හොල්ලලා එහෙම ඇහැව්වෙ මං පියවි සිහියට එද්දී

“ඒක නෙවෙයි ශශියා ටිකක් මෙහෙ වරෙන්කො”

“මේ තමයි මගෙ නංගි”

“එතකොට මේ තමයි කැම්පස් එකේ ඉදන් මගෙයි භානුකයාගෙයි බොක්ක”

අයියා එහෙම කිව්වා විතරයි මට හීන් දාඩිය දැම්මෙ එදා මං බීලා මේකගෙ ගෙදර ගිහින් නටපු නාඩගම මට මැවිලා පෙනෙද්දී

හපොයි දෙයියනේ උබ ඉවරයි සෝනූවෝ දැම්මම මල් ශාලාවට කතාකරලා හොද සුවපහසු පෙට්ටියක් බුක් කරගත්තා නම් හොදයි වගේ

“උබ ඉතින් ඉස්සරහ අර්පාට්මන්ට් එකේ ඉන්න නිසා මේකිව අදුරනවත් ඇති ”

“අම්මේ ඔව් ඔව් මචං මං හොදට අදුරනවා”

කටකොණකින් හිනාවෙලා මට කින්ඩියට වගේ එකා කිව්වෙ තවත් එතන රැදෙන්න තිබ්බ අපහසුවට මං අයියලාට වාඩි වෙන්න කියලා ශේප් එකේ කුස්සියට යද්දී

අර්ර්ර් මෝඩ සෝනූ උබේ ඔය මෝඩ මොළේට නිකන්වත් කල්පනා වුනේ නැත්තෙ ඇයි යකෝ භානුක අයියා අපෙ අයියාගෙ හොද යාලුවෙක් නම් ඒකා එක්කම ඉන්න මේ රැවුලත් අපේ අයියගෙ යාලුවෙක් වෙන්න ඇති කියල

ඒත් මේකාව  මං අපෙ අයියා එක්ක දැක්කෙ අදමනේ භානුක අයියා නම් අපෙ දිහා ඇවිත් තියෙනවා මේකා ඉතින් එන්න එපැයිනෙ මං දකින්න

මොනා උනත් දැන් ඉතින් වෙලා ඉවරයිනෙ
හපොයි දෙයියනේ මේ මොන විලි ලැජ්ජාවක් ද මේ උනේ මාත් එදා බීලා මේකගෙ ගේ අස්සටම රින්ගුවනේ මේකා දැනටමත් ඕක අපෙ අයියගේ කනේ තියලාද දන්නෑ

නෑ නෑ වෙන්න බෑ එහෙනම් මං මේ වෙනකොටත් කනත්තෙ සමාදානයෙන් සැත්පිලා

කල්පනා කර කරම කුස්සියට ආපු මං නිකියටත් උදව් කරලා ඒකි බීම වීදුරු ටික අරන් සාලෙට යද්දි කේක් එක්ක කෙසෙල්ගෙඩි තියලා තිබ්බ අනික් ට්‍රේ එකත් අරන් මං සාලෙට ගියේ නිකියගෙ පස්සෙන්

ඔය අතරෙ මං ලබන සදුදා ඉදන් ස්කූල් එකේ වැඩ බාරගන්නවා කියල කිව්වෙ භානුක අයියා කෑ ගහලා මට විශ් කරද්දී  නිකියනම් සතුටට කෑගහගෙන ඇවිත් මාව බදාගනිද්දී

ඒත් එක්කම අයියත් ඇවිත් මාව තුරුල් කරන් මගෙ ඔලුව අතගෑවෙ මාත් පොඩි එකෙක් වගේ අයියට තුරුල් වෙද්දී

ඔය අතරෙ රැවුලා මං දිහා ලස්සනට හිනාවෙලා බලන් ඉන්නවා දැක්කත් මං බලද්දී ම මේකා ටග්ගාලා අහක බලාගත්තෙ නැතෑ සැක් විතරක් මේකගෙ ලොකුකම විතරක් මොකො මට විෂ් කලා කියලා මේකගෙ කටේ ගෙඩි දානවද දන්නෑ

ඒත් එක්කම ටික වෙලාවකින් ගෙදර බෙල් එක එකදිගට වැදුනේ නිකියා ඉතින් ගෙදර බෙල් එක ගලවන්න යනවා කිය කිය ඒකාට කුටු කුටු ගගා බැන බැන දොර අරින්න යද්දී

“මොන මගු……..”

ඒ බෙල් එක උඩ නැගන් ඉදපු එකාට බැනගෙනම නිකියා දොරත් බාගෙට  ඇරලා ඒ එළියෙ හිටන් ඉදපු එකා දිහා ගල් ගැහිලා වගේ බලං හිටියේ ඒකි කියන් ගියපු දෙත් නැවතිලා කටත් ඇරන්

_______________________________________

1 thought on “හිතුවක්කාර ආදරී | 13 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.