Katha Ahura

හොල්මන් බංගලාව | අවසන් කොටස ☠️ | හොල්මන් කතා

2.2/5 - (269 votes)

11වෙනි කොටස  (අවසාන කොටස)

එදා දවස උදා උනේ සිතට ලොකු තිගැස්මක් ගෙන එමින්. එදා උදේම කාර් එකකින් හැඩි දැඩි වයස හැටකට ආසන්න නපුරු පෙනුමැති මිනිසෙක් හෝටලය තුලට ඇතුලු ඌයේ අප කාගේත් සිත් කලබමින්… ඔහු හෝටලය වටේටම ඇවිද යමින් මැනේජර් සමග යමක් කතිකා කරන අයුරු අපට පෙනී ගියේය..

අප ආහර ගැනීමට පහල මහලට පැමිනි අතර ඔහු එවිට හෝටලය ඇතුලට පැමිනෙන්නට විය. ඔහු හෝටලය තුලට ඇතුලුවෙත්ම එලිය විහිදුවමින් තිබූ බල්බය එකවර ටාන් යන ශබ්දයෙන් පුපුරා ගිය අතර දැඩි සුලගක් හමා ගෙන ගියේ හෑමෝටම දැඩී සීතලක් ගෙන එමිනි….  එසේම එම විජේසේකර නැමැති මිනිසාගේ මුහුන යම් පසුබෑමක හැගීමක් ඇති කලේ මේ සිදුවීමත් සමගය.නැවත් සිනහවක් මුහුනට ආරූඪ කරගත් ඔහු ඉදිරියට පැමිනියේය.

“ආආ මේ මහත්තයාලා නේද? මේ hotel එක ගන්නවා කිවුවේ.. මෙකෙන් ලොකු ගානක් හොයා ගන්න. පුලුවන්. මහත්තයලා මේ පැත්තේ නෙවේ නේද? .. මේකනී දැන් මගෙ වයසත් එක්ක  අමාරුයි මේක කරන්න.  ඒකයි මන් මේ මේක විකුනන්න  කියලා හැදුවේ”

“අන්කල් අපී මේ පැත්තේ නෙවෙයි තමා … අන්කල් අපි මේක ගන්න තමයි හිටියේ ඒත් පොඩි ප්‍රශ්නයක් තියේනි”

“මහත්තයලා සල්ලි ගැන වද වෙන්න එපා.හිමිහිට සල්ලි දුන්න නම් ඇති .මට ඉක්මන්ට මේක විකුනගන්න තමයි ඕනී”

“සල්ලි ගැන නේවේ අන්කල් . මේකේ හොල්මන් ඉන්නවා කියලා කතාවක් යනවා නේද? ඒක ඇත්තක්ද අන්කල් … ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනම් අරගන්නත් බෑනී ” ඔහුගේ මුහුන හොල්මන් කතාව ඇසූ සැනින් අදුරු වී ගීයේය. එසේම නැවතත් ආරෝපනය කරගත් දැඩි සිනහවෙන් ඔහු කතා කරන්නට විය .

“හක හක …. පිස්සුද මහත්තයා මමනම් ඔය හොල්මන් කතා විශ්වාශ කරන්නෑ ඔය බොරු කතානී. අනික තමා හොල්මන් කියලා දෙයක් නෑ. අනික මිනිස්සුන්ගේ බොරු දෙවල් ඔය…. .”කියමින් ඔහු සිනාසුනු අතර එකවර දැඩි ශබ්දයක් මිදුල දෙසින් ඇසෙන්නට විය.අපි වහා එතනට දිව ගිය විට ලොකු ගල් පහරක් වැදී විජේසේකරගේ වාහනයේ ඉදිරිපස වීදුරුව කුඩු වී තිබූ අතර එහී ලේ පැල්ලම් කිහිපයක්ද විය. එවෙලේ විජේසේකරගේ මුහුන බියෙන් වෙව්ලා යන්නට විය. එසේම එවේලේ මා සිටියේ අනිත් හැමදෙනාටම පිටුපසිනි. අයියා මා හට අමතන හඩ ඇසිනි.

“මැණික මේ මන් බය වෙන්න එපා මන් තමා ඒ වැඩේ කරේ . විජේසේකර අද මේ හෝටලයෙන් එලියට යන්න බෑ…. ඒත් මැණික මට ඌට ලන් වෙන්න විදිහක් නෑ.. ඌ සුරයක් දාගෙන ඉන්නේ .”

“හරී අයියේ මන් ඒක ගලවන්නම්.ඔහොම ඉන්නකෝ”කියූ මා සෙමින් ඒ විජේසේකර අසලට ගියේය.

“අන්කල් වාහනේට වීදුවක් දාගන්න වෙයි නේද? මන් හිතන්නේ උඩ තට්ටුවෙන් මොකක් හරි වැටෙන්න ඇති”

“ඔව්. එහෙම වෙන්න ඇති” ……ලෙස පැවසූ ඔහු උනන්දුවෙන් මා දෙස බලා සිටින්නට විය. ඉට කලින් දැකපු කෙනෙක් ලෙස මා දෙස බලා සිටි ඔහු.මා දෙස නැවත බලා සිනාසුනී”

“ඔයා වගේ දුවෙක් මට හිටියා කලින්,  ඒත් ඉතින් එයා අනතුරක් වෙලා නැති උනා” ඔහු දුක්මුසු පෙනුමක් මුහුනට නගා ගනිමින් පැවසූවේය.   ඔව් ඉතින් කලින් ආත්මේ මාව මැරුවේ තමුසෙනි. දැන් එනවා මෙතන බොරු කියවන්න. හිතුවා විතරයී කියන්න ගියේ  නෑ … නැත්තන් අපේ plan එක අවුල් යනවනී”

“අහ් අනේ පව් අන්කල්.”

“ඔව් ඒ ළමයා ගොඩාක් හොදා තමයී ඒත් ඉතින් ගේනාපු ආයුශ ඉවරයීනී” අන්කල්ගෙත් ආයුස අදින් ඉවරයී මන් හිමින් මිමිනුවාය.

” මොකක් හරි කිව්වද? ඔයා ”

“නෑ අන්කල් මොකුත් කිවුවේ නෑ”

කොහොමහරී මන් එකවර ඔහු දෙසට වැටුනේ බොරු ක්ලාන්තයක් මවා ගනිමිනි. එකවරම ඔහුගේ ගේලේ තිබූ සුරය මා කඩා ගත්තේය. හැමෝම මා වෙත දිව ආවේ ඔවුන් මගේ රගපෑම ගැන නොදත් නිසාය. මාව  ශාලු අයියා ඔසවා කාමරයට ගෙන ගිය අතර ඔහු මා තබා යන්නට හැරුනු විට මා ඔහුට කතා කලේය.

“ශාලු අයියේ . ඔහොම ටිකක් ඉන්න.”

“ඔයා බොරුවටද එතකොට”

“ඔව් ඔව් අනී . මේ බලන්නකෝ.සුරය මේක ගලවගන්න තමා ඕනී උනේ අපේ අයියට ලන් වෙන්න බෑනී”

“ඒ… හොර කෙල්ල . අපි ඒත් බය උනා ඒ පාර මොකද්ද උනේ කියලා”

“හී හී හී පිස්සුද අනී”

…………………………………………………

“අන්කල් අන්තිම ගාන කීයද මේ හෝටලය දෙන …… ” චතුක අයියා පැවසුවේ යාප්පුවෙනි.

“ලක්ශ 50ක් ඉතර.”

“අපි කතා කරලා බලන්නම්  අන්කල් අද ඉන්නවා නේද? යන්නෑනී.කාර් එකත් කැඩිලනී”

“ඔව් මන් අද නවතිනවා. මැනේජර් මට කාමරයක් ලෑස්ති කරන්න.”

“කොහොමහරී එදා දවස ඉක්මන්ටම රෑ උන නිසා   හැමෝම කාමර වලට ගියේ නිදා ගන්න කියලා .  ඒත් ඉතින් මොන නිදි ද, නින්ද  අහලකටවත් ළගා උනේ නෑ”

රෑ 12ට ආසන්න වන විට විජේසේකරගේ කාමරේන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුනු අතර    ඒ ශබ්දේ ක්‍රමක්‍රමයෙන් වැඩි උනේ හෝටලය පුරාම දෝන් කාර දෙමින්…..

“බේර ගනීයෝ……. බේර ගනීයෝ….මෙන්න යකෙක්ක්ක්ක්ක්ක්……..” කියමින් ඔහු කෑ ගැසූ අතර අප සියල්ලම පහලට එක්කාසූ ඌයේ සිදු ඌ දේ පැහැදිලි කරගනිමිනි….. එසේම දැඩි වැස්සක් සමග විදුලි බල්බ සියල්ල නීවී ගියේ සිතන්නටවත් ඉඩක් නොතබමිනි…. ඔව් අයියා වැඩේ පටන් අරන්….. අපි සියල්ලම ඔව්න් ගීයේ කොහෙදැයී සොයා යාමට සැරසුනත් දැඩි වැස්ස නිසාත් ආලෝකය නොමැති නිසාත් යෑමට නොහැකී විය. එසේම රාත්‍රියේ බිය ත්‍රාසය ආදී හෑගීම් මත අපි සියලු දෙනා සිටී අතර වැස්ස මදකට පායන විට සියලු දෙනාටම පහල මාලයේ නින්ද ගොස් තිබිනි. මා මගේ දුරකතනයේ ආලෝකය මතින් එලියට බැස ගත්තේ මාගේ අයියාව සොයා ගැනීමේ අරමුනීනී. නරියන්ගේ හූ කීම් මෙන්ම විවිද සතුන්ගේ නාද වරින් වර ඇසෙන්නට විය. එකවරම මා යමක ගැටුනු අතර මට කෑගැසී බිම පතිත විය.

“මැණික මේ මම බය වෙන්න එපා. දැන් හැමදේම විසදුනා …”

” ඒ කි..ය…න්…නේ…..”

“ඔව් මැණික ”

“එතකොට අයියේ ඔයා ය….න….වද දැ…න් අ…නේ ක්.ක්ක්ක්ක්”

“මැණික මන් කියන දේ හොදට අහගන්න…. මන් මේ හෝටලය ඔයාගේ නමට අයිතිකරා. විජේසේකර මැරුනා ඒත් ඔයාලා කාටවත් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෑ . පොලිසියට මිනිය  හොයාගන්න පුලුවන් කමක් නෑ . ඒ වගේම ඔයා , …… මායී සීයායී වෙනුවෙන් දානයක් දෙන්න ඕනී. එතකොට අපි දෙන්නගෙම ආත්ම මේ හෝටලයෙන් නිදහස් වේවී.

“එතකොට මට. අ… අ…ආයේ ….ක්.ක්.ක් .. ක.ව…දා…ව….ත්…මා…. ඔයා..ව ද..කින්.න බැ.යිද ?”

” දැනට මන් මෙහේ ඉන්නවා මැණික ඔයා ලග. අපි බලමුකෝ….”

කොහොමහරී අයියා ආයේ අවේ නෑහෑ මාව බලන්න. ඒ වගේම විජේසේකරගේ කාර් එක වැවෙන් හම්බුනා මිනිය හොයා ගන්න පුලුවන් උනේ නෑ … ඒ වගේම සතියක් ඉතර ආයෙත් හෝටලයට කොටු උනු අපිට පොලිසියෙන් කිවුවේ ගෙදර යන්න පුලුවන් කියලා.ඒත් හදිසි ප්‍රශ්න කීරිම් වලට එන්න වෙයි කියලත් කිව්වා…. ඉතින් අපී ගෙවල් වලට   ගිහින් මාසෙකට පස්සෙ ආයෙත් හෝටලයට ආවේ මගේ අයියාටයී සීයටයී දානයක් දෙන්න සිතාගෙන. කොහොම හරී දානේ වැඩ කටයුතුත්  වේගයෙන් ඉවර උනේ .බලා පොරොත්තු උනු විදිහටමයි…. දානේ වැඩත් ඉවර කරලා හෝටලයේ ඇදකට වැටුනු මට නින්ද ගොස් එකවර අවදි උනේ මැණික මැණික කියන ආමන්ත්‍රණයනී .

ඔව් මගේ අයියා කාලෙකින්.මාව බලන්න ඇවිත්.

අයියේ අයියේ…. ඔයා මාව බලන්න ආවද? …

“ඔව් මැණික  .. මට දැන් මගේ ආත්මේ නිදහස් කරගන්න පුලුවන් උනා . මන් දැන් මෙහෙන් යනවා මැණික .”

“එතකොට ආයේ ඔයාව මට දකින්න බැරි වෙයිද අයියේ”අනේ අයියේ.. කමක් නෑ ඔයා හොද ආත්මෙකට යන්න…” අපිට ආයේ ලබන ආත්මෙවත් එකතුවෙන්න බැරි වෙන එකක් නෑ”

“ම්ම්ම්ම් ..මන් මගේ මැණිකගේ පලවෙනි දරු පැටියා විදිහට ඉපදෙන්නම්..එතකොට මේ ආත්මෙම ආයේ අපිට හම්බෙන්න පුලුවන්නී…..”

“අයියේ ඔයා ඇත්තටමද කියන්නේ. එතකොට අයියේ එහෙම කරන්න පුලුවන්ද? අනේ අයියේ මට ගොඩාක් සතුටුයි”එතකොට අයියේ අපේ සීයා…..”

දුවේ මාත් ඔයාව බලලා යන්න අවා අපි දෙන්නටම මේ ආත්ම වලින් නිදහස් වෙන්න උදව් කරාට පින් මගේ චූටි දුවේ. අපි දැන් මේහෙන් නිදහස් වෙලා .යන්නම්.කියා කියූ   ඔවුන් දෙදෙනාම මා හට සමුදී ඈත අහසේ පාවී නොපෙනී යන්නට විය.මාගේ ඇස් වලින් කදුලු කැට ගලා යන්නට වූයේ ලොකු දුකක් හදවතෙන් පිටවෙමිනි.

ඇත්තටම අයියව දකින්න ආයේ ලැබෙන්නෑ කිවුවම ගොඩක් දුකයි ඒත් එයා එයාගේ ආත්මෙ නිදහස් කරගත්ත එක ගැන හිතුවම හරීම සතුටුයී. කොහොමහරී මෙහෙම මේ ප්‍රශ්නෙ විසදුනු එක නම් ගොඩක් හොදයී….කොහොමහරී අපී ආයේත් ගෙදර ගියේ ජීවිතේ ඉදිරියට ගමන් කරමිනි  .        . අතීතයට සමුදුන් මා ඒ මතක හදවත ඇතුලට දමා අගුල් දමා ගත්තේ ඒ මතකයන් මට බොහෝ සෙයින් වටින නිසාය ..  A/l රිසල්ට් වලින් campus  ජීවිතේ ආරම්බ කල මා ගුරුවරියක් විදිහට පත්වීම ලබා ගැනීමට සමත් විය…. ඉට අවුරුදු 5කට පමන පසු ශාලූ අයියාත් සමග විවාහ වු මට පුංච් පැටියෙක් හම්බුනා.මගේ අයියාගේ වගේම ඇස් තිබ්බ ඒ පුංචි පැටියට සාමික කියලා නම දැම්මේ අයියට මන් උනු පොරොන්දුවට අනුවයි .මොකද එයාගෙ කලින් ආත්මෙ නමනී . අයියා කොහොමහරී මට උනු පොරොන්දුව ඉෂ්ට කරලා චූටී පැටියෙක් විදිහට ඉපදුනා. දැන් අපි හරිම සතුටින් ජීවත් වෙන්නේ හැමදේ ගැනම ලොකු අවබෝදයක් ඇතුව, විශෙශයෙන්ම හොල්මන් ගැන  ? ??? . මොකද ඉතින් හොල්මන් එක්කත් කාලයක් ජීවත් උනානී. ඔන්න ඔය විදිහට අපේ ජීවිත නැවතත් වෙනත් මාවතක් ඔස්සෙ ගලා යන්නට     පටන් ගෙන  ඇත්තේ අලුත් විදිහකටයී. විවිද මාර්ග ඔස්සේ අලුත් බලාපොරොත්තු මත අපේ ජීවිත ඉදිරියට ගලාගෙන යන්නේ සිතිමටවත් නොහැකි අයුරිනි…

………………………………………………….

මන්=සනූ

ඔන්න ඉතින් කතාව ඉවරයී .අඩුපාඩු තියේනම් කියන්න කතාව ලස්සනයිනම් කියන්න හරිද? ….මේක මගේ පලවෙනි කතව මන් හිතනවා සාර්ථක අවසානයක් කතාවට ලැබෙන්න ඇති කියලා… එනම් ඔයාල හැමෝටම බුදුසරණයි….දෙවිපිහිටයි…………..පරිස්සමට ඉන්න…….

6 thoughts on “හොල්මන් බංගලාව | අවසන් කොටස ☠️ | හොල්මන් කතා”

  1. ඔන්න දැන් තම කතව කියවල ඉවර කරෙ ලස්සන කතවක් මුලිම් පොඩ්ඩක් වගෙ බයක් ආව පස්සෙ හරි ගියා … දැනට අවුරුද්දකට වගෙ කලින් ලියපු කතවක් ..මගෙම කලින් කමෙන්ටුත් තියෙ මේකෙ කොම හරි කතව ගොඩක් ලස්සනයි දිගටම ලියන්න පුලුවන් කම ලැබෙව … ඇත්තටම ලස්සන කතවක් ❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.