Katha Ahura

හිතුවක්කාර ආදරී | 14 කොටස | නවකතාව

5/5 - (3 votes)

14 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“මොන මගු……..”

ඒ බෙල් එක උඩ නැගන් ඉදපු එකාට බැනගෙනම නිකියා දොරත් බාගෙට  ඇරලා ඒ එළියෙ හිටන් ඉදපු එකා දිහා ගල් ගැහිලා වගේ බලං හිටියේ ඒකි කියන් ගියපු දෙත් නැවතිලා කටත් ඇරන්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“Hi sweetheart”

ඒත් එක්කම එහෙම කියාගෙන දොරත් ඇරන් ඒ ඇතුලට ආපු ඒ රුව දැකලා මගෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් වෙලා මුවත් ඇරුනේ මං ඉදන් ඉදපු තැනින් මාව නැගිට්ට්වෙද්දී

අනේ දෙයියනේ මේ ගෙවලපෙරේතයා මේ වෙලාවෙ මෙහෙට ආවෙ මොන එහෙකටද
අර්ර්ර් මූ නම් එන්න එන්නම මට මල වාතයක් වෙනවනේ සැක් විතරක්

“Hey baby are you ok?”
(හේයි බබා ඔයා හොදින් නේද)

හිතින් මේකට එකසියගානට දෙහි කප කප ඉදපු මං ගැස්සිලා ගිහින් සිහියට ආවෙ ඒකා මහෙ ඉස්සරහට ඇවිත් මගෙ උරහිසකට අත තියල ඒ අහපු දේට

“අ..ආහ් මෙ..මේ… ඔ..ව් ඔව්”

ඒත් එක්කම මං මූණත් හතරැස් කරන් වටපිට බල බල ගොත ගගහා උත්තර දුන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව

“අ….ම්.. ”

“ආ මේ මගෙ මස්සිනාත් ඉන්නෙ”

“හෙලෝ මචං කොහොමද ඉතින්”

මං අහන්න ගියපු දේත් නැවතුනේ මේ මී හරකා එහෙම කියාගෙන ගිහින් අපෙ අයියාව බදාගනිද්දී

අයියත් උන දේ හිතාගන්න බැරුව ගල්වෙලා වගේ බලන් හිටියේ අනික් ඩබලත් ඇස් කටේ දාන් මේ නාඩගම දිහා බලන් ඉද්දි

“ආ දිනූෂ අයියා මෙතනින් ඇවිත් ඉදගන්නකෝ”

“මං ඔයාට බොන්න හරි හදන් එන්නම්”

දොරත් වහලා ඇවිත් නිකියා එහෙම කිව්වෙ මං ඒ සැණින් එකී දිහා අමුවෙන් කන සයිස් එකට බලද්දී

යකෝ මේකිට මොලේ හොද නැද්ද මේ ගෑනු පෙරෙතයට ගෙයි ඉන්දෝලා තව බීමත් පොවන්න යන්නේ

ඒ සෑණින් නිකියා මට ඇස් වලින් කලබල වෙන්නෙපා කියල අපේ බීම වීදුරු ටිකයි අනිත් ට්‍රේ එකයි අරන් කුස්සියට ගියේ මාත් කේන්තිය ආයාසයෙන් යටපත් කරගෙන සෝෆා එකෙන් ඉදගනිද්දී

“ඒක නෙවෙයි දිනූෂ අයියා මොකෝ මේ හදිස්සියෙම මෙහෙ ආවෙ”

ටික වෙලාවකින් නිකියා එහෙම අහගෙන බීම වීදුරුවකුත් අරන් ආවෙ මං ඒකි දිහා ඔරවගෙන කන්න වගේ බලන් ඉද්දී

අනේ ඇත්තමයි මට පේන විදියට මේකිගෙ ඔලුව කොහෙහරි වැදිල වයර් මරු වෙලාද කොහෙද මං හිතන විදියට ඒ වැදුන පාරට ධනට ධන සෙට් වෙලා සෘණ ට සෘණ සෙට් වෙලා දැන් ශෝට් වෙනවා ඇති ඒකනේ මේ බූරුවට අයියා හුයියා ගාන්නෙ

“නෑ මේ හදිස්සියකටමත් නෙවෙයි”

“මං අන්කල්ව හම්බවෙන්න ගෙදර ගියාම මට නිලන්ති ආන්ටි තමයි කිව්වෙ ඔයා මෙහෙ ඉන්නේ ටිකක් ගිහින් කතා බහ කරල එන්ජෝයි කරල එහෙම ඉන්න කියල”

ඒ කියපු දේත් එක්ක මට ඌරු ජුවල් නැග්ගේ දත්මිටිකැවෙද්දී

අනේ ඇත්තමයි ඒ ගෑණිටත් ඒ බෝක්කු  කටවහගෙන ඉන්න බැරි හැටියක්

“අ..මේ දිනූෂ ”

“මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ”

“ප්ලීස් විනාඩියක ට ටිකක් එළියට එනවද”

“මං දන්නවා ඔය කියන්න යන දේ”

තවත් මේ නාඩගම බලන් ඉන්න  බැරි තැන මං එහෙම කියලා නැගිටලා අඩි දෙකක් විතර එද්දි ඒකා ඒ කියපු දේත් එක්ක මං විදුලි වේගෙන් පිටිපස්ස හැරුනෙ ඒකා සෝෆා එකේ ඉදගෙනම මං දිහා බලන් ඉද්දී

“Oh come on baby!”
(අයියෝ මොකක්ද බබා)

“මට නිලන්ති ආන්ටි කිව්වා ඒ ගැන”

ඒ ගමන මොන මගුලක් කියලා හතරකොණ පැටලුවද දන්නෑ ඉදපන්කෝ තොපි දෙන්නටම අඹරන්න මං හොද ගුලියක්

“හරි දැන් මොනා ගැනද කිව්වේ”

කුඩම්මා ඔය කිව්වයි කියපු දේ ඉවෙන් වගේ දැනෙද්දී මං එහෙම අහගෙන ඇවිත් සැහැල්ලුවෙන් සෝෆා එකේ ඉදගත්තේ දිනූෂ ඇර අනිත් කට්ටියම පුදුම වෙලා මං දිහා බලන් ඉද්දී

“මෙහෙමයි බබා මං දන්නවා ඔයාට වෙන එෆෙයාර් එකක් තියෙනවා කියලා”

“ඔයා මාව මැරි කරනකන් කාව ආශ්‍රය කරත් කොහේ ගියත් මට කමක් නෑ”

“බට් අපි දෙන්නා මැරි කළාට පස්සෙ ඔයා ඒ විදියට හැසිරෙන වට මං කැමති නෑ”

ඒකා එහෙම කියාගෙන කියාගෙන ගියේ අයියායි භානුක අයියායි රැවුලයි මූණට මූණ බලාගද්දී

“වටින් ගොඩින් නැතුව කෙලින්ම කියන්න දිනූෂ”

මං එහෙම කිව්වේ අපේ නිකියා මේක දිහා බලන් ඉන්න විදිය දැකලා නැගෙන්න ආව හිනාව ආයාසයෙන් යටපත් කරන් බැරෑරුම් පෙනුමක් මවාගෙන

හැබැයි ආයි නෑ ඒ බලන් ඉන්න විදියට නම් නිකියා ඇදන් ඉන්න රෙදි කවුරුහරි ඇවිත්  ගලවන් ගියත් දන්නෑ

“ඔයා දැන් කා එක්ක කොහොම සම්බන්ධයක් තිබ්බත් මට අවුලක් නෑ හැබැයි අපි මැරිකලාට පස්සේ ඒ සම්බන්ධ කම් තියාගන්න බෑ ඕකේ”

යකෝ මූ දිනූෂ පුතේ උබ නම් ඔය හදන්නෙ ඉල්ලන්ම කන්න තමයි මගෙන් ඉදපන්කො උබට මං හොද වැඩක් කරන්න ආයෙ මේ පැත්ත නොඑන්නම

“නැහැ මං කසාදෙන් පස්සෙත් තියාගන්නවා”

“මොකක්ද ඒ කිව්වෙ”

මං හරිම සැහැල්ලුවෙන් සෝෆා එකේ හරි බරි ගැහිල ඉද ගන්න ගමන් නිවිහැනහිල්ලෙ ටිකවෙලාවකින් ඒකාව ගානකට නොගෙන කිව්වාම ඒකා  එකපාරම එහෙම අහන් සෝෆා එකෙන් නැගිට්ටෙ මං ඒ කියපු දේ හිතාගන්න බැරුව වගේ

මං ඒ කියපු දේට අනිත් කට්ටියත් මං දිහා බැලුවෙ කටත් ඇරගෙන

“ඒ කිව්වෙද”

“ඔයාව බදින්නම් එයාව තියාගන්නම් කියලා”

ඉදන් ඉදපු තැනින් නැගිටලා ඇවිත් දිනූෂ ගේ උඩ ඉදන් පහළට තියුණු බැල්මක් හෙලලා මං හරිම සැහැල්ලුවෙන් එහෙම කිව්වේ ඒකා ගල් ගැහිලා වගේ බලන් ඉද්දී

“ඔයා ඒකට කැමති නම් මට කිසි ප්‍රශ්නයක් නෑ අපි මේ දැන්ම මැරි කරමු ගිහින්”

“කෝ එන්නකෝ යන්න”

ඒකා ඒ බලන් ඉදපු විදියට මට නැගෙන්න ආපු හිනාවත් ආයාසයෙන් මැඩගෙන මං කිව්වෙ ඒකගෙ අතින් ඇදන් දොර ලගට යන ගමන්

“ම්..මෙ….මෙහ් නෑ නෑ බබා”

“මට එච්චර හදිස්සියක් නෑ අ..අපි පස්සේ දවසක හම්බෙමුකෝ”

“මං එහෙනම් යනවා”

“බායි”

ඒ සැණින් මේකා මගෙ අත් වලින් ඒකගෙ අත ගලවගෙන වචනත් පැටලි පැටලි එහෙම කියල පස්ස බලන්නෙත් නැතුව ගියේ ඇදුම් වල කහඹිලියා ගෑවුණ ගානට

අම්මෝ ඇතියාන්තම් ඒකත් ඉවරයි එහෙනම් දිනූෂයෝ උබට ලැජ්ජ නහරයක් කියල දෙයක් තියෙනවනම් උබ ආයේ මේ පැත්ත බලන් බත් වත් කන්නෑ

හිනාවෙවී ඒකා ගියපු පැත්ත දිහා බලන් ඉදපු මං දොරත් වහගෙන සාලෙට එද්දි මට ඇහුණේ අයියලා හූ තිය තිය හිනාවෙන සද්දේ
???

°°°°°°°°°°°°°°°°°°°°°°

නිකියා නම් නිදාගන්න ඇදට ඇවිල්ලත් කලේ මං දිනූෂයට කරපු දේ මතක් කර කර හිනාවුන එක

හෙට ඉරිදා දවසක් නිසා මං නිකියාට  කිව්වෙ උදේම අයියලගෙ දිහා ගිහින් ඉටපස්සෙ දවල් වෙලා ටිකක් ෂොපිං කරන්න ගිහින් සදුදා ඉදන් මට ඉස්කෝලෙට අදින්න සාරි ටිකක් එහෙම අරන් එමු කියලා

පහුවදා උදේ මායි නිකියයි කතා කරගත්ත විදියටම අයියලගෙ දිහා ගිහින් එකොළහට විතර ලෑස්ති වුනේ ෂොපිං කරන්න යන්න

අපි චූටි බබී වත් එක්කගෙනම ආවෙ අපි එන්න ලෑස්ති වෙද්දී මේකි මගේ ඇගේ එල්ලිලා අඩපු නිසා කොමහරි ඉතින් ඒකෙන් උනේ අපි එකොළහට එන්න ඉදපු ගමන තවත් පැයක් පරක්කු උන එක

අපි ඉතින් කඩේට ඇවිත් මුලින්ම ගත්තෙ මගෙ සාරි ටික ඊටපස්සෙ ඉතින් අපේ බබියට ඇදුම් ගත්තා ඉටපස්සෙ අපි ආවෙ මටයි නිකියටයි ඇදුම් ගන්න

අපේ බබියා නිකියා දිහා බලන් කියවන්නෙ හරියට නිකන් වයින් කරපු බෝනික්කෙක් වගේ

“ආහ්හ්හ්හ්හ්”

ඒ දිහා බලන් ආපු මං ඉස්සරහින් ආපු කෙනෙක්ගෙ ඇගේ හැපුනේ ඒ කෙනාගෙ අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටෙද්දී

“ඔහ් සොරි ඇත්තටම මං ඔයාව දැක්කෙ නෑ”

“I am really sorry !”

මං එහෙම කියාගෙනම ඒ කෙනා දිහා  බලන්නෙත් නැතුව ඉක්මනට නැවිල ඒ ෆෝන් එක අහුලලා ඒක එයගෙ පැත්තට දික් කරන් ඒ මනුස්සයා දිහා බැලුවාම ඒ හිටපු කෙනා දැකලා එකපාරටම මගෙ ඇස් ගැස්සිලා ගියේ මටත් නොදැනීම

_______________________________________

කවුරු කියලද හිතන්නෙ ඒ හිටියේ???

2 thoughts on “හිතුවක්කාර ආදරී | 14 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.