Katha Ahura

හිතුවක්කාර ආදරී | 15 කොටස | නවකතාව

5/5 - (6 votes)

15 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“I am really sorry !”

මං එහෙම කියාගෙනම ඒ කෙනා දිහා  බලන්නෙත් නැතුව ඉක්මනට නැවිල ඒ ෆෝන් එක අහුලලා ඒක එයගෙ පැත්තට දික් කරන් ඒ මනුස්සයා දිහා බැලුවාම ඒ හිටපු කෙනා දැකලා එකපාරටම මගෙ ඇස් ගැස්සිලා ගියේ මටත් නොදැනීම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි විනෝද් ඒත් මං ඒ කිසිදෙයක් නොපෙන්වා ෆෝන් එක එයා අතට දීලා ඒ ඇස් මග ඇරලා ආපහු එන්න හැරුනෙ ඒ ඇස් මං දිහා කෑදර බැල්මකින් බලන් ඉද්දි

මොනාවුනත් ඒ තරුලිගෙ හස්බන්ඩ් එහෙම තියෙද්දිත් එයා මං දිහා ඒ බලන් ඉදපු විදිය ගැන මට ඇති උනේ මහා පිළිකුලක් මං මේ වගේ මිනිහෙක්ට ආදරේ කලේ මොකටද කියලා මට නොහිතුනාමත් නෙවෙයි

“බබා”

“Are you ok?”
(ඔයා හොදින් නේද)

ඒත් එක්කම පිටිපස්සෙන් මට තරුලිගෙ කටහඩ ඇහෙද්දී මං ඒ දෙන්නා මග ඇරලා නිකියා ලගට යන්න හැදුවෙ ඒකි බයවෙලා වගේ මේ පැත්ත බලන් ඉද්දී

“උඩ බලාගෙනද ගෑණියේ පාරේ යන්නේ”

“අනේ ඇත්තමයි මුන් වගේ ජරා ගෑනු නිසා මිනිහෙක්ට නිදගසේ පාරෙ වත් යන්න බෑනේ”

මං ඉස්සරහට තියන්න හදපු අඩිය එහෙම්ම නැවතුනේ මගෙ පිටිපස්සෙන් ඒ ඇහුන දේට

අනේ අම්මපා මේකිගෙ කට අම්මා වගේම නැතැයි ඉතින් දුවත්

“මොකක්ද ඇහුවෙ”

ඒ සැණින් මං පිටිපස්ස හැරිලා එහෙම අහද්දී මාව දැකලා තරුලිගෙ ඇස් දෙකත් ගැස්සිලා ගියේ ඒ ඇස් මං ගැන කේන්තියෙන් පුපුරද්දි

“ආහ් මේ තමුසෙද”

“තමුසෙට නම් කොහොමත් ඉතින් බැදපු මිනිස්සුන්ගෙ ඇගේ හැප්පිලා හොදට පුරුදුයිනෙ”

ඒ සැණින් කටකොණකින් හිනාවෙලා තරුලි කිව්වෙ මගෙත් රතුකට්ට පනිද්දි

ඒත් එක්කම මට ආපු කේන්තියට මං මේකිගෙ කනට දෙකක් දෙන්න කියල ඉස්සරහට අඩිය තියද්දිම නිකී ඇවිත් මගෙ අතකින් අල්ලන් ඔලුව දෙපැත්තට වනලා එපා කිව්වෙ බබියා මගෙ ඇගෙ එල්ලෙද්දී

“මිසිස් තරුලි හිමංසා බණ්ඩාර මං එකසැරයක් කිව්වා ඒක් වැරදීමක් කියල”

“ඒ වගේම ඒ වෙච්ච වැරැද්දට මං මේ ඔයාගෙ මහත්තයාගෙන් සමාවත් ගත්තා”

මං බබියා දිහා බලලා හොද හුස්මක් අරන් කිව්වෙ තරුලි කටකොනකින් හිනාවෙලා අහක බලාගනිද්දී

“අනිත් එක තමයි කවුරු කොහෙ කොහේ කාගෙ කාගෙ ඇගේ හැප්පෙනවද කියල මේ දෙනෝදාහක් ඉස්සරහ මගේ කට අවුස්සගෙන මට කියල තමුසෙගෙ රෙදිගලවගන්න ලෑස්තිවෙන්න වෙන්න එපා”

මගේ ඇගේ එල්ලිලා ඉදපු බබීයාව මගෙ ඇගෙන් ඈත් කරල මගෙ එක අතකින් ඒ චූටි අතක් අල්ලන් අඩියක් ඉස්සරහට තියල දබර ඇඟිල්ල උරුක් කරලා ඒ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වෙ ඒකි ගැස්සිලා යද්දී

“ආ තව දෙයක් තමුන්ගේ මහත්තයට ඔච්වරටම ආදරෙයි නම් ඊළඟ දවසේ ඉදන් එළියට පහළියට යවන්නැතුව ගේ ඇතුලෙම තියාගන්න”

ඒත් එක්කම එතනින් එන්න හදපු මං තරුලි දිහා බලලා කිණ්ඩියට හිනාවෙලා ටිකක් සද්දෙට කිව්වෙ වටේ පිටේ ඉදපු  කට්ටියටත් ආහෙන්නත් එක්ක

“යන්නං ඈ”

ඒ සැණින් නිකියා තාමත් මගෙ වත පුරාම දුවන විනෝද්ගෙ ඒ ඇස් දිහා බලල කිණ්ඩියට හිනාවෙලා එහෙම කිව්වෙ මං බබියාවත් වඩාගෙන ඒකිවත් ඇදගෙන එද්දි

අම්මෝ සාන්ත මේකිත් මරු වැඩ ඈ කරන්නෙ අර තරුලි අද ගෙදර ගිහින් විනෝද්ව ගලේ ගහලා අපුල්ලයිද දන්නෑ
???

බිල් එකත් ගෙවල අපි තුන්දෙනා එහෙම්මම ගෙදර ආවෙ එළියෙන් කාලා ගෙදර ගියොත් එහෙම අර ගෙදර උයල තියෙන කෑම අපි තුන්දෙනාට වමනෙ දදා හරි කන්න වෙන නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දැම්මා විතරයි බබීයා වාහනෙන් බැහැලා ගේ ඇතුලට දුවන් ගියේ කෑගහගෙන

ඒත් එක්කම මට කෝල් එකක් ආවෙ මං ඒ කවුද කියලාවත් නොබලා කෝල් එක ආන්සර් කරල කනේ තියාගද්දී

“හ්………..”

“උබ ඔය ඉන්න  තැනට ඇවිත් මං උබව කනෙන් ඇදන් යන්න කලින් මේ දැන්ම ගෙදර වරෙන්”

“ම්…………”

මං හෙලෝ කියන්නත් කලින් කේන්තියෙන්ම එහෙම කියාගෙන ගියපු තාත්තා මං උත්තරයක් දෙන්නත් කලින් ම දඩස් ගාල ෆෝන් එක්ක තිබ්බෙ මං තක්බීරි වෙලා වගේ ෆෝන් එක දිහා බලන් ඉද්දි

“මොකද බන් උබ ඕක දැන් දිහා කන්න වගේ බලන් ඉන්නෙ”

ෆෝන් එක දිහා කන්න වගේ බලන් ඉද්දි මං පියවි සිහියට ආවෙ නිකියා මගෙ උරහිසට තට්ටු කරල ඒ අහපු දෙයින්

“මොකෝ බන් කවුද කතාකලේ”

ඒ සැණින් ගැස්සිලා වගේ ඒකි දිහා බලපු මගෙන් ඒකි ඇහැව්වෙ අක්කත් ගෙයි ඉදලා අපි ඉන්න දිහාට එද්දි

“තාත්තා බන් කතාකලේ”

අපි ඉන්න තැනට ආපු අක්කා දිහාත් බලලා මං කිව්වෙ යටිතොලත් හපාගෙන

“මොකද කිව්වෙ”

“මොකක් හරි ප්‍රශ්නයක් ද නංගි ”

ඒ සැණින් නිකිය යි අක්කයි දෙන්නම ඇහැව්වෙ ටිකක් කලබලෙන් වගේ

“දන්නෑ බන් ගෙදර එන්න කියල කේන්තියෙන් කියල මං මුකුත් කියන්නත් කලින් දඩස් ගාලා ෆෝන් එක තිබ්බා”

“මේ ටික අරන් ඔය දෙන්නා ඇතුලට යන්නකෝ”

“මං මෙහෙම්මම ගිහින් ඇයි කියල බලල  ඉක්මණට එන්නම් ”

එහෙම කියල මං කලබලෙන් වාහනේ තිබ්බ අනික් ඇදුම් බෑග් ටිකත් අරන් අක්කා අතට දුන්නා

“මේ බන් මාත් එන්නද”

“නෑ නෑ ඕන නෑ බන්”

” මං ඉක්මණට එන්නම් ”

ඒ සැණින් නිකියා මගෙන් ඇහැව්වෙ මගෙ උරහිසකට අතතියලා

“අනේ නංගි ඉතින් කාලා පලයන්කෝ”

“නෑ අක්කා මං ඇවිත් කන්නම්

“පරිස්සමෙන් හරිද”

අක්කටයි නිකීයාට යි ඔලුවත් වනාගෙන මං වාහනේ ස්ටාර්ට් කරන් පාරට දැම්මෙ ඒ ගමන මොන ගිණිගෙඩියක්ද දන්නෑ කියල කල්පනා කරන ගමන්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ගෙදර ඇවිත් වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දානකොටම නිලූ නැන්දා ඉස්සරහට දුවන් ආවෙ කලබලෙන් වගේ

“මොකෝ නිලූ නැන්දා මේ බයවෙලා වගෙ”

මං වාහනෙන් බැහැලා නිලූ නැන්දා දිහා බලලා ඇහැව්වෙ එයා මගේ අතින් අල්ලාගනිද්දි

“අනේ පුංචි බේබි ලොකු මහත්තයාට හොදටම කේන්ති ගිහින් ඉන්නෙ”

එයා ඉතින් කොයි වෙලෙත් ඉන්නෙ දුම්මල වරම අතට අරන්නෙ ඕක අමුතුවෙන් කියන්න දෙයක් යැ

“අනේ පුංචි බේබි ලොකු මහත්තයා එක්ක රංඩු සරුවල් කරන්නෙ නැතුව කතාකරල තියෙන ප්‍රශ්නයක් විසදගන්නකො මයෙ බේබි”

මගේ කම්මුලකුත් අතගාලා අසරණව කියද්දී මට නිලූ නැන්දා ගැන හිතට දැනුනෙ දුක මිශ්‍ර සෙනෙහසක්

“හරි හරි නිලූ නැන්දා කලබල වෙන්නැතුව ඉන්නකෝ”

මං එහෙම කියලා කල්පනා කර කරම ගෙට ඇතුල් වුනේ නිලූ නැන්දා ඉස්සර වෙද්දි

කල්පනාවෙන්ම සාලෙට ආපු මං ගැස්සිලා ගියේ කවුරු හරි විසිකරපු නිසා ටයිල් පොලව දිගේ මගේ ඉස්සරහට ලෙස්සල ආපු ෆයිල් කවරයක් මගේ දෙපා ළඟ නතර වෙද්දී

ඒත් එක්කම ඉස්සරහ බලපු මං දැක්කෙ මූණත් රකුසුකරන් ඉස්සරහ හිටන් ඉදපු තාත්තවයි මාව දැක්ක හැටියේ ගස්සල අහක බලාගත්ත කුඩම්මවයි

ඒ පාර මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නෑ පේන විදියටනම් වැඩේ ටිකක සීරියස් කේස් එකක් වගේ සෝනූ

හිත එහෙම කියලා කෑ ගැහැව්වෙ මගෙ මොළෙත් ඒ කතාව අනුමත කරද්දී

_____________________________________________

ඒක තමයි ඒ ගමන බකට් එක මොකක්ද දන්නෑනේ????

3 thoughts on “හිතුවක්කාර ආදරී | 15 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.