Katha Ahura

හිතුවක්කාර ආදරී | 16 කොටස | නවකතාව

4.9/5 - (15 votes)

16 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

ඒ පාර මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නෑ පේන විදියටනම් වැඩේ ටිකක සීරියස් කේස් එකක් වගේ සෝනූ

හිත එහෙම කියලා කෑ ගැහැව්වෙ මගෙ මොළෙත් ඒ කතාව අනුමත කරද්දී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“ආහ් කුමාරිහාමි උබට දැන් හරි සතුටු ඇති නෙහ්”

“මගෙ මිනිහව විනාස කරන්න ආපු හැතිරි”

අනේ ඇත්තමයි මේ ගැණිගෙ කට නම් අපෙ තාත්තා මේ ගැනිගේ මොකක් බලල කැමති වෙලා මේ වහන්තරාව බැදගත්තද දන්නෑ ශික්

එකපාරටම මගෙ ඇගට කඩාගෙන පැනපු කුඩම්මා දිහා පිළිකුලෙන් බලාගෙනම මං එහෙම හිතුවෙ නිලූ නැන්දත් බයෙන් වගේ මගෙන් ඈත් වෙද්දි

“මිසිස් නිලන්ති මං හිතන්නෙ ඔයාට අමතක වෙලා වෙන්න ඇති එයා ඔයාගෙ මිනිහා වෙන්න කලිනුයි මගේ තාත්තා වුනේ කියලා”

“නේද නිලූ නැන්දා”

මං කුඩම්මා දිහා බලල කටකොනකින් හිනාවෙලා එහෙම කියලා නිලූ නැන්දගෙන් ඇහැව්වෙ මං ඒ කියපු දේට කුඩම්මාගේ ඒ මූණ ඇකිලිලා යනවත් එක්කම වගේ නිලූ නැන්දා බය වෙලා වගෙ කුඩම්මා දිහා බලද්දි

“කටවහපන් සොනාලි”

ඒ සැණින් තාත්තා කේන්තියෙන් ගිගිරුවේ ඒ සද්දෙට මාවත් ගැස්සිලා යද්දි

“උබ උබ මාව කෑවා උබයි උබේ අර උබේ අනිත් එකයි දෙන්නම දෙන්නම එකයි”

“ඌ උගෙ තිබ්බ හිතුවක්කාර කමට ගිහින් හිගන්නියක් බැදගත්තා දැන් උබත් හදන්නෙ ඒකම කරන්නද ආහ්”

“අර දිනූෂ ළමයා කොච්චර වැදගත් ද එහෙව් ළමයට උබ අර කියල තියෙන්නෙ කොච්වර කැත කතාවක්ද”

අප්පට සිරි එහෙනම් ඒකා තමා ගින්නපත්තු කරලා තියෙන්නේ අනේ ඉතින් උගෙ වැදගත්කම මං කියන්නෑ ඉතින් ඕකට ගිහින් දෙන්නොනේ ලස්සන මල් මල් වැටුන චීත්තයක් කපලා මහලා ඇදගනින් කියලා

“කිසි කතාවක් නෑ ලෑස්ති වෙයන් හෙටම අර දිනූෂ ළමයාව කසාද බදින්න”

හිතින් දිනූෂයට බැන බැන ඉදපු මගේ ළගට ඇවිත් තාත්තා කේන්තියෙන්ම කියාගෙන ගියේ ඒ කියපු දේට මාව ගැස්සිලා ගියේ මගෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් වෙද්දී

යකෝ ඒ කියන්නේ මං අර වගේ කතාවක් කියලත් මේකා මාව බදින්න කැමති වුණාද අනේ ඇත්තමයි ලැජ්ජාවක් නැති හැටි චීත්තයක් නෙවෙයි දෙන්නොනේ ඕකට මල් මල් ජංගියක්

අර්ර්ර් අහුවෙයන්කො ඔය ගෑනුකිචා මට ගලවනවා බෙල්ල මං ඕකාගේ සැක් විතරක්

“මට බෑ”

දිනූෂව මරන් කන්න තරම් කේන්තියක් එද්දි ඒක මං ආයාසයෙන් යටපත් කරන් ඒ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ස්ථිර හඩින් මං කිව්වෙ නිලූ නැන්දගෙ අතකින් මුව වැහිලා ඒ ඇස් බයෙන් ගැහෙනවා මං ඇස් කොනින් දකිද්දී

“මොකක්ද උබ කිව්වෙ”

“කිව්වෙ ඇහුන දේ තමා”

ඒත් එක්කම කුඩම්මා මැද්දට පැනලා ඒ ඇස් වලින් ගිණිපිටවෙද්දි මගෙන් ඇහැව්වෙ කේන්තිය ආයාසයෙන් යටපත් කරන් මං ස්ථිර හඩින් එහෙම කියද්දි

“චටාස්ස්ස්ස්ස්”

“අනේ දෙයියනේ පුංචි බේබි”

ඒ සැණින් මට වැදුන ඒ කම්මුල් පාරෙ සැරට මගෙ ඇස් වලින් කදුලු පැනලා මාව විසිවෙලා ගිහින් බැලන්ස් නැතුව බිම වැටුනෙ නිලූ නැන්දා කෑ ගහගෙන ඇස් වල කදුලුත් පුරවගෙන මං ලගට දුවන් ඇවිත් මාව නැගිට්ටවද්දී

“උබට කොහෙන්ද මෙච්චර හයියක්”

“මගේ තීරණ වලට විරුද්ධ වෙන්න තරම්”

“මතක තියාගනින් මං උබේ තාත්තා කියලා උබේ ජීවිතේ ගැන තීරණය කරන්නෙ මං”

තවමත් කම්මුලට අත තියන් එයා දිහාබලන් ඉදපු මං දිහා බලන් කේන්තියෙන් ගිගිරුවෙ කුඩම්මා මං දිහා බලලා සමච්චලයට වගේ හිනාවෙද්දී

ජීවිතේ පළවෙනි පාරට තාත්තා මට අද  අත උස්සපු එකට දුක හිතුනෙ නැහැයි කිව්වොත් බොරු දුක හිතුනා ඒත් මට කුඩම්මා ඉස්සරහ ඒ බවක් පෙන්නලා දුර්වල වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ

මං ගැන ආදරෙන් හොයලා නොබැලුවට මගෙ අම්මගෙ තැන මේ වගේ ගෑණියෙක් ට දුන්නට මගෙ හිතේ තාත්තා ගැන තරහක් නොතිබුණාම නෙවෙයි

ඒත් මං මෙච්වර කාලයක් ඉවසුවෙ මොනාවුනත් ඒ මගේ තාත්තා නිසා ඒත් අද මේ හැසිරෙන විදියට මගෙ හිතේ තිබ්බ ඒ හැඟීමත් නැතිවෙලා ගියේ තාත්තා ගැන මගෙ හිතේ කලකිරීමක් ඇති වෙද්දි

“තමුන් මගේ  තාත්තා නිසා වෙන්න ඇති නෙහ් අර වගේ රට වටේටම ගෑණු තියන් ඉන්න දවස ගානෙ ගෑණු එක්ක හොටෙල් අස්සෙ රිංගන මිනිහෙක්ව මගෙ කරේ එල්ලන්න හදන්නේ”

“හිතන්න එපා මං ඒ කිසිදෙයක් දන්නෙ නෑ කියල”

මං කේන්තියෙන්ම කෑ ගහලා කිව්වෙ මං ඒ කියපු දේට ඒ ඇස් ගැස්සෙද්දි

“උබ වගේ වද ගෑණියෙක් ට ඒ වගේ මිනිහෙක් හරි හම්බුන එක ගැන සතුටු වෙයන්”

“ඉපදෙනකොටම අම්මා මරාගෙන ආව මූසලී”

කුඩම්මා ඒ කියපු දේට මගෙ ඇස් වලට නැගෙන්නට ආපු කදුලු මං ආයාසයෙන් සගවා ගත්තේ යටිතොල හපාගෙන මගෙ ඇස් වෙනතකට යොමු කරමින්

“අනිත් එක මතක තියාගනින් උබ අර ක්ලබ් ගානේ ගිහින් උබ බිබී ජොලී කරලා කාල ඇදලා ඉන්නෙ මගෙ මිනිහගෙ සල්ලී වලින් කියල”

“ඒ නිසා උබ වැඩකරන්න ඔනෙ අපි කියන විදිහට”

ඒ සැණින් කුඩම්මා කටකොණකින් හිනාවෙලා කියපු දේට මට ආපු කේන්තියට මං නිලු නැන්දගෙ අතත් ගසා දාලා ගෙයින් එළියට ඇවිත් වාහනේ දොර ඇරලා ඒක ඇතුලෙ තිබ්බ මගෙ සයිඩ් බෑග් එක අරන් වේගයෙන් ගේ ඇතුලට ගිහින් බෑග් එක ඇතුලෙ තිබ්බ බැංකු කාර්ඩ් එකයි සල්ලි යි වාහනේ යතුරයි සෝෆා එක උඩ වාඩිවෙලා ඉදපු තාත්තගෙ ඉස්සහින් තිබ්බෙ කට්ටියම පුදුමෙන් මං දිහා බලද්දී

“මං තමුන්ගෙන් මිනිහගේ සල්ලි වලින් යැපුනා කියලා තමුන්ට ඕන විදියට නටන්න මං ලෑස්ති නෑ”

“අනිත් එක තමයි තමුන්ගෙ දුව වගේ අවලමේ යන මිනිහෙක් බෙල්ලෙ එල්ලගන්න තරම් මොලේ අමාරුවක් මට නැහ්”

ඒත් එක්කම තාත්තා ළඟ ඉදන් ඉදපු  කුඩම්මා දිහා එක එල්ලෙ බලලා මගෙ ඇස් වලින් ගිණි පිටවෙද්දී මං එහෙම කිව්වෙ ඒ මූණ කලුවෙලා යද්දී

හිතන් ඇති විනෝද් ව මගෙන් ඈත් කරලා දුවට බැන්දුවයි කියල එයා දින්නා කියලා විනෝද් කියන්නෙත් දිනූෂ වගෙම කෙනෙක් කියලා මං දැනගත්තාම ඒ වගේ මිනිහෙක්ගෙන් ගැලවුණ එක ගැන සතුටක් ඇතිවුනත් මට තරුලි ගැන දැනුනේ අනුකම්පාවක්

“අද ඉදන් තමුන්ගෙන් මේ එක සතයක්වත් මේ කිසිම දේපළක්වත් මට එපා”

“අද ඉදන් මං යැපෙන්නේ තමුන්ගෙන් නෙවෙයි ඒ නිසා මට කිසිම බලපෑමක් කරන්න කාටවත් බෑ”

කුඩම්මාගේ ඇස් සතුටින් නළියද් දි තාත්තා ලගට ගියපු මං එහෙම කියලා මං ගෙයින් එළියට ආවෙ නිලූ නැන්දා ඇස් වල කදුලු පුරවන් මං දිහා අසරණව බලන් ඉද්දී

ගේට්ටුවෙන් එළියට ඇවිත් ගේ දිහා ආපහු වතාවක් හැරිල බැලුවෙ මගෙ ඇස් වල කදුලු පිරෙද්දී 

මේ ගේ ඇතුලෙ වැඩිපුරම මට තිබ්බේ දුක්බර මතක උනත් මේ මගෙ අම්මා ජීවත් වුන ගෙදර

බල සුසුමක් හෙලලා පිටිඅල්ලෙන් කදුලුත් පිහදාගෙන මං කල්පනා කර කරම පාරට ආවෙ බස් එකේ යන්නවත් මගෙ අතේ සතයක් නැතිවෙද්දි

අයියට හරි නිකියට හරි කෝල් එකක් දෙන්න
ෆෝන් එක අතට ගත්තත් මගෙ වෙලාවට ඒ මගුලත් ඕෆ් වෙලා මං එහෙම්මම පාරට ඇවිත් අයිනකට වෙලා හිටන් හිටියෙ කිසිදෙයක් හිතාගන්න ගන්න බැරුව

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“බරාස්ස්ස්……….”

කල්පනාවෙ ඉදපු මං ගැස්සිලා ගියේ පාරෙ අයිනට වෙන්න හිටපු මගෙ ඉස්සරහින් බ්‍රේක් ගහලා නවත්තපු වාහනයක් නිසා

අනේ  ඇත්තමයි මෙච්වර පාරෙ ඉඩතියෙද්දී මේ බඩකඩිත්තුවත් ගෙනල්ලා මෙතන ගැහැව්වනේ මං ටිකක් එහාට ගියෙ නැත්නම් මාව හොයගන්න වෙන්නෙ මේකාගෙ වාහනේ යටින් තමා

“මොන මගුලක්ද ඕයි”

“තව ටිකෙන් මාව ස්ටිකර් වෙනවා තමුන්ගේ මේ ලදරමට”

මං පුපුර පුපුර කෑගැහව්වෙ එහාපැත්තෙ දොරත් ඇරන් වාහනෙන් බහින්න හදපු මනුස්සයාට

ඒත් එක්කම වාහනෙන් බැහැපු ඒ රුව දැකලා මගෙ ඇස් ජිල් බෝල සයිස් වුනේ ඒකා කටකොනකින් හිනාවෙලා මගෙ ඉස්සරහින් හිටගද්දි

______________________________________________

ඒකනේ තවටිකෙන් ආප්ප හැන්දක් තමයි අරන් යන්න වෙන්නෙ ස්ටිකර් වෙලා ඉන්න සෝනූ ව ගලවන්න?????

ඔයාල හිතන්නෙ ඒ ආවෙ කව්ද??????

7 thoughts on “හිතුවක්කාර ආදරී | 16 කොටස | නවකතාව”

  1. රිතූ ?

    Sleeping beauty අක්කේ ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා ????

    මුතූ අක්කේ ඔයාටත් සුබම සුබ උපන්දිනයක් වේවා ????

    1
  2. රිතූ ?

    සුබම සුබ උපන්දිනයක් වේවා නුදී ??????

    සුබම සුබ උපන්දිනයක් වේවා මිතූ අක්කේ ??????

  3. Hee පිස්සු නුදියො…කොහොමද ඉතින් ..අඩේ සොරි හොදේ ටිකක් පරක්කු වුනාට… දවල් මතක් වුනා ඒත්.ක්ලාස් ඇරිල ගෙදර ආවෙ දැන් පැයකට වගෙ කලින්…. හේ ඉතින් පිස්සු පුසියෙ හැපි බර්ද්දෙ කිව්ව මැට්ටියෙ ?❤️?? කොහොමද ඉතින් හැපි එකෙ ඉන්නොද

    කොහොමද ඉතින් අනිත් ඈයොන්ටත්…

    තව අපෙ බියුට් නැන්දියගෙ උපන්දිනෙත් තිබ්බ ඉතින් ඔයාටත් හැපි බර්ධ්හෙ පිස්සියෙ…

    හේ ශේන් හැපි බර්ද්දෙ කිව්ව ඕන් ❤️ඔයාවනම් හැබැයි ලොකුවට මතක නෑ….?

  4. රිතූ ?

    දියමන්තිය…… සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ??????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.