Katha Ahura

හිතුවක්කාර ආදරී | 17 කොටස | නවකතාව

5/5 - (2 votes)

17 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

මං පුපුර පුපුර කෑගැහව්වෙ එහාපැත්තෙ දොරත් ඇරන් වාහනෙන් බහින්න හදපු මනුස්සයාට

ඒත් එක්කම වාහනෙන් බැහැපු ඒ රුව දැකලා මගෙ ඇස් ජිල් බෝල සයිස් වුනේ ඒකා කටකොනකින් හිනාවෙලා මගෙ ඉස්සරහින් හිටගද්දි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හපොයි දෙයියනේ මං ඉවරයි මං කියපු දේවල් මේකට ඇහුනද දන්නනෑ සෝනූ මාලුවා නහින්නෙත් කට හින්දා කියනවනේ

අනේ දෙයියනේ මේකා උබේ ඔය මකර කට මහයිද දැන්නෑ

“ආ පුංචි නෝනා මොකෝ මේ පාර අයිනට වෙලා”

ඒත් එක්කම වටපිට බලල සාක්කු දෙකට අත් දෙකත් දාගෙම මට කිණ්ඩියට වගේ හිනාවෙලා ඇහැව්වෙ මගේ මූණ ඇද වෙලා යද්දී

ආපෝ මේකත් මෙහෙම හිටියට හොද බීබීසී රිපෝටර් කෙනෙක්ද කොහෙද හැබයි ඉතින් ඒ අහපු කතාවෙත් වරදක් නෑ සැක් මේකත් මේ වෙලාවෙම මෙතනට කඩන් පාත් උනානෙ

“පාර අයිනට වෙලා ඉන්නෙ ඉතින් පාරමැද හිටියොත් වාහන මගේ ඇග උඩින් යන නිසා”

යකෝ මේකා බලාපල්ලකෝ මෙගෙ මේ රැවුල ගිනිඅරන් ඉන්නවා මේකා එනවා මෙතන සුරුට්ටු පත්තු කරන්න

මාත් ඒකාට කිණ්ඩියට වගේ කිව්වේ ඒ මූණ හතරැස් වෙලා යද්දී

“මොක්…………..”

“ඒයි ඒයි ඔහොම ඉන්නවා පොඩ්ඩක්”

“තමුසෙගෙ මේ කම්මුලට මොකක් වෙලාද ආහ්”

කේන්තියෙන් මොකක්දෝ කියන්න හදපු රැවුලා එකපාරටම මගේ මූණට එබිලා කලබලෙන් වගේ මගේ කට දෙපැත්තෙන් අල්ලලා රිදුම් දෙන මගේ කම්මුල දිහා බලන් ඇහැව්වෙ මාව ගැස්සිලා යද්දි

“න්… නැ නැහ් ම්…මුක්…කුත් නෑ”

ඒ අත ගලවගන්න උත්සහ කරමින් මං ගොත ගගහා කිව්වෙ කලබලෙන් වගේ

“නැත්තෙ කොහෙද මේ බලනවාකො”

“හොදටම රතුවෙලානේ ටිකක් ඉදිමිලත් එක්ක”

“ආව්ව්ව්ව්ව්හ්”

ඒත් එක්කම රැවුලා එහෙම කියාගෙම මගේ රිදුම් දෙන කම්මුල ස්පර්ශ කලේ ඒත් එක්කම වේදනාවට මගෙ මුවින් කෙඳිරියක් නිකුත් වෙලා ඇස් වලට කදුලු පිරෙද්දී

අනේ ඇත්තමයි මේ රැවුලා ටත් ඕනේ නැති  දෙයක් නෑනේ

“මෙහ් අනික කෝ තමුසෙගෙ වාහනේ”

“අ..ම්.. අහ් ඒක මං අයිතිකාරයාට දුන්නා”

“මොකක්”

ඒ අහපු දේට කලබල වෙච්ච මං කලබලෙන් වගෙ කිව්වෙ මට වචනත් පැටලෙද්දී

“තමුසෙ ගෙදර ගියාද”

ඒ සැණින් වටපිට බලලා වෙලා තියෙන දේ තේරුණා වගේ රැවුලා මගෙන් ඇහැව්වෙ මං ගැස්සිලා එයා දිහා බලද්දී

“ඔ…ඔ..යා කොහොමද දන්නෙ”

“ඒක තමුසෙට වැඩක් නෑනේ”

මං කලබල වෙලා ගොතගගහ කියද්දී එයා සැරෙන් වගේ කිව්වෙ මාව ගැස්සිලා යද්දී

“මොකද උනේ ආහ්”

“තාත්තා ගැහුවද තමුසෙට”

රැවුලා එහෙම අහනවත් එක්කම ගෙදර වුන දේවල් මට එක පෙළට මැවිලා පෙනෙද්දී මගෙ ඇස් වලට කදුලු කැට බිමට කඩන් වැටුනෙ මගෙ ඔලුව බිමට බරවෙද්දී

ඒයි මෝඩ රැවුලෝ තමුන් ඔය කරන්නෙ අඬන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩක්

“කියනවා”

ඒ සැණින් රැවුලා කෑ ගහලා වගේ  මගෙන ඇහැව්වෙ මං ගැස්සිලා කදුලු පිරුණ දෑසින්  එයා දිහා බලද්දී

“ඔහ් ශිට් ”

“නගිනවා වාහනේට”

“ඒ මොකටද මට බෑ”

මගෙ කදුලු දැක්ක ගමන් ඒ ඇස් ගැස්සෙද්දි  එයා කලබලෙන් වගේ කෑ ගහල කියලා මගෙ අතින් අල්ලන් වාහනේ ළගට තල්ලු කරල කිව්වෙ මං ඒ අත ගසලා දාලා නොරිස්සුමෙන් වගෙ අහක බලාගනිද්දී

“මේ මං උබේ බෙල්ලෙන් අල්ලලා වාහනේ ඇතුලට ඔබන්න කලින් නැගපන් වාහනේට”

ඒ සැණින් මගෙ අතින් ඇදලා අරන් මූණත් රතුකරන් මගෙ මූණ ට එබිලා දත්මිටිකාගෙන රැවුලා එහෙම කිව්වෙ මං ඒ බැල්මට ගැස්සුන පාර හැරෙන තැපෑලෙන් දුවලා ගිහින් වාහනෙන් ඉදගනිද්දී

හපොයි දෙයියනේ ඒ මොකක්ද ඒ උනේ ඒකා එකපාරයි රැව්වේ තව ටිකෙන් උබට එතනම සුලුදිය පහවෙනවා හපොයි හපොයි මේ මොන ලැජ්ජාවක්ද මේ

කල්පනාවෙ ඉදපු මං ගැස්සුනේ එකා වාහනෙට නැගලා දොර වහද්දී

එහෙම්මම කිසිම දෙයක් කතානොකර රැවුලා වාහනේ පාරට දැම්මෙ මාත් ඒකාට ඔරවගෙන අහක බලාගෙන ඉද්දී

“ඔහොම ඉන්නවා මං ඉක්මණට එන්නම්”

ටික වෙලාවකින් ෆාමසි එකක් ලගින්  වාහනේ නතර කරන ගමන් රැවුලා කිව්වෙ මං දිහා බලලා

මේකා මොකටද මේ හදිස්සියෙම ෆාමසියකට යන්නේ සමහරවිට මේ රැවුලා  මොකක්හරි මැන්ටල් කේස් එකකට බෙහෙත් එහෙම ගන්නවද දන්නෑ

එහෙම හිතන ගමන් මගෙ කම්මුලත් එක්කම ඔලුවත් රිදුම් දෙන නිසා මං එහෙම්මම ශීට් එකට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තේ එත් එක්කම බඩගින්නකුත් දැනුන නිසා

ඔය අතරේ ෆාමසි එකට ගිහින් ආපු ශශී දැක්කෙ කෙල්ලට නින්ද ගිහින් තියෙනවා

ඒත් එක්කම කෙල්ලගෙ රතුවෙලා ඉදිමිලා තිබ්බ කම්මුල දැකලා කොල්ලට ඇතිවුනේ වේදනාවක්

සද්දයක් නොනැගෙන පරිදි මං වාහනෙට නැගලා හෙමීට වාහනේ ස්ටාර්ට් කරගත්තෙ හැමදේම හිතේ හිරකරන් පිටට පේන්න හිනාවෙලා ඉන්න කෙල්ලගෙ මූණ දිහා බලන් කියාගන්න බැරි සෙනෙහසින්

ඒත් එක්කම කොල්ලට මතක් වුනේ මීට අවුරුදු හතරකට කලින් කොල්ලට සෝනූ ව මුණ ගැහුණු විදිය

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ශශී අවුරුදු හතරකට කලින් සෝනූ ව දකින්නෙ පන්සලේදි

දණහිස ලගට වෙනකන් දිග සුදුගව්මක් ඇදලා දිග කොන්ඩෙ තනි කරලකට ගොතල පිළිම වහන්සේ ඉදිරියෙ ඇස් දෙකත් වහගෙන වැදගෙන ඉන්න සෝනූ ව දැක්කම කොල්ලගෙ හිතට දැනුනෙ අමුතු හැඟීමක් හරිම පින් පාටයි

පන්සලෙන් එළියට එනකන්ම කොල්ලගෙ ඇස් නතර වෙලා තිබ්බෙ කෙල්ල ළඟ ගෙදර ඇවිල්ලාත් කොල්ලගෙ හිතේ හොල්මන් කලේ ඒ පුංචි කෙල්ල

ඊට සතිදෙකකට වගේ පස්සෙ කොල්ලා කෙල්ලව දකින්නෙ බීච් එකෙදි ඒකත් තනියම නෙවෙයි විනෝද් එක්ක ඒක දැක්කම කොල්ලගෙ හිතට කියාගන්න බැරි වෙදනාවක් දැනුනෙ කොල්ල මේ වෙනකොටත් නමක් ගමක් නොදන්න ඒ පුංචි සුරංගනාවිට ආදාරේ කරන්න පටන් අරන් තිබ්බ නිසා

ඒත් කොල්ලා ඒ දෙන්න මැද්දට ගිහින් තුන්වෙනියෙක් නොවී කෙල්ලගෙ සතුට වෙනුවෙන් කෙලගෙන් ඈත් වුනේ ඒ ආදරේ හිත ඇතුලෙම තියාගෙන

ඊට මාස හතරකට පස්සෙ කොල්ල රට ගියේ ඒ ආදරේ හිත ඇතුලෙම හංගගෙන

ඒත් ලංකාවට ආවට පස්සෙ කොල්ලා ඉස්සෙල්ලා ම කෙල්ලව දැක්කෙ කෙල්ල බීගෙන කොල්ලගෙ ගෙදරට ගිය වෙලේ

හරියටම අවුරුදු හතරකට පස්සෙ කෙල්ලව ඒ දැකපු විදියට කොල්ලට අදහගන්න බැරි වුනා තාමත් කොල්ලගෙ හිත අස්සෙ ඉන්න අර දගකාර අහිංසක හුරතල් කෙල්ල අද මේ විදියට බීගෙන තමන්ගෙ ඉස්සරහ ඉන්නවා දැක්කම කොල්ලට වේදනාවක් එක්කම දැනුනෙ කෝපයක්

පස්සෙ කොල්ල නිකිණිගෙන් කෙල්ල ගැන දැනගත්තට පස්සෙ කොල්ලට කෙල්ල ගැන දැනුනෙ ලොකු වේදනාවක් ඒත් එක්කම කොල්ල හිතාගත්තේ මේ පාර මොනදේ උනත් කෙල්ලව අතාරින්නෑ කියලා

එත් කොල්ලා තාමත් කෙල්ලට මේ බවක් නොපෙන්නා සුපුරුදු විදියට ආඩම්බරෙන් නපුරු විදියට කෙල්ල ඉස්සරහ හැසිරෙන්නෙ සෝනූ ට හිතහදාගන්න කාලය දීලා

මොකද මේ වෙලාවෙ කෙල්ලගෙ මානසික තත්වෙත් එක්ක මේකත් කෙල්ලගෙ ඔලුවට දාලා අනවශ්‍ය බරක් කෙල්ලගෙ හිතට දෙන්න කොල්ලා කොහෙත්ම කැමති නෑ ඒ නිසයි කෙලින්ම කොල්ලා මීට සති දෙකකට පෙර මේ ගැන සොහාන් එක්ක කෙළින්ම කතාකලේ

°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“ඒයි නැගිටිනවා”

සුව නින්දක ඉදපු මං ගැස්සිලා ගිහින් ඇහැරුනෙ රැවුලා මගෙ කණ ලගට ඇවිත් කෑගහපු නිසා

“ඕකට ඔච්වර කෑ ගහන්න ඕනෙද මෝඩයෝ හිමින් කිව්වනම් නැගිටින්නැද්ද මං”

කණත් අල්ලගෙන මං නොරිස්සුමෙන් වගේ ඒකා දිහා බලල ඇහුවෙ එකා මං දිහා කන්න වගේ බලද්දී

“අම්මේ ඔව් ඔව්”

“මං කී සැරයක් කතාකලාද ඕයි”

“පුදුම නින්දක්නේ අයිසේ”

“හරි ඉතින් එහෙමයි කියලා කණලගට ඇවිත් ඔහොම බෙරිහන් දෙනවද”

“මගෙ කණත් කීන් ගෑවා”

ඒකා මූණත් රතු කරන් කේන්තියෙන් කියද්දී මාත් එකාට නොදෙවෙනි නොවී ටිකක් සද්දෙට වගේ කියලා එකාටත් ගස්සල වාහනෙන් බැහැලා ආවෙ ලිෆ්ට් එක ලගට

ලිෆ්ට් එකෙන් එලියට ඇවිත් මං අර්පාට්මන්ට් එකේ දොර ලගට එද්දිම රැවුලා මගෙ වැලමිට ලගින් ඇදලගත්තෙ ඒ ඇද්ද පාරට මාව විසිවෙලා ගිහින් ඒකගෙ පපුවෙ වදින්න

ඒ වුන දේට මාව ගැස්සිලා ගියේ ඒ සැණින් මං රැවුලා ගාවින් ඈත් වෙලා මූණත් රතු කරන් ඒකා දිහා බලද්දි

ඔහොමත් අදිනවද අප්පා ඒ ඇද්ද විදියට තව ටිකෙන් මගෙ අතත් ගැලවෙනවා අනික මේකා යකඩද මන්දා කන්නේ

“ආ මේක ගාගන්නවා ඔය ඇදවෙලා තියෙන කම්මුලේ”

එත් එක්කම වගේ එහෙම කියලා රැවුලා මගෙ ඉස්සරහට දික කලේ බෙහෙත් ටියුබ් එකක්

“මට එපාහ්”

එක පාරටම මං එහෙම කියල ඒකාට ගස්සල අහක බලගත්තේ මේකා කිණ්ඩියට වගේ කියපු කතාවට

මේ අතරේ ශශිට කේන්ති ගියේ කෙල්ලගෙ මේ හිතුවක්කාර කමට

ඒ සැණින් මං කෙල්ලව ඇදලා අරන් බිත්තියට හිරගත්තේ කෙල්ල බයවෙලා වගේ ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් මං දිහා බලන් ඉද්දී

ඒ රෝස පාට තොල් දෙක දැක්කම මගෙ ඇවිස්සෙන තුරුණු හැගුම් මං ආයාසයෙන් යටපත් කරන් ඒ බෙහෙත් ටියුබ් එකෙන් ටිකක් අරන් ඒ කම්මුලේ තැවරුවෙ කෙල්ල ගල් වෙලාවගෙ මගෙ දිහා බලන් ඉද්දී

“හ්ම් දැන් හරි යනවා”

කෙල්ල ඒ මං දිහාබලන් ඉන්න විදියට මට හිනා යන්න ආවත් මං ඒ හිනාව ආයාසයෙන් මැඩගෙන කෙල්ලගෙන් ඈත් වෙලා ඒ අත උඩින් බෙහෙත් ටියුබ් එකත් තියලා කිව්වෙ ටිකක් සැරෙන් වගේ කියලා මං දොරත් ඇරන් අර්පාට්මන්ට් එකට ආවෙ කෙල්ල දිහා බලල කෙල්ලට නොපෙනෙන්න ලා හසරැල්ලක් මුවේ රදවගෙන

ඒත් එක්කම උන දෙ හිතාගන්න බැරුව ගල් ගැහිලා වගෙ කොල්ලා දිහා බලන් ඉදපු කෙල්ල ගැස්සිලා ගියේ ඒ හඩට

අනේ දෙයියනේ ඒ මොකක්ද ඒ වුනේ අනේ ඒ ඇස් දෙකහරිම අමුතුයිනේ අද හපොයි දෙයියනේ මං ඒකා දිහාකන්න වගෙත් බලාගෙන හිටියා නේ අර්ර්ර්ර් මොන ලැජ්ජාවක්ද මේ ඒකා මොනා හිතුවද දන්නෑ

තාමත් ගැහෙන පපුවට අතත් තියාගෙන  මං කල්පනා කලේ හිතේ දහසක් ප්‍රශ්න ඇති වෙද්දී

_______________________________________

ඔන්න එහෙනම් ඒකත් එහෙමලු ඈ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.