Katha Ahura

හිතුවක්කාර ආදරී | 18 කොටස | නවකතාව

4.7/5 - (12 votes)

18 කොටස ❤️❤️

පසුගිය කොටසින් ,

අනේ දෙයියනේ ඒ මොකක්ද ඒ වුනේ අනේ ඒ ඇස් දෙකහරිම අමුතුයිනේ අද හපොයි දෙයියනේ මං ඒකා දිහාකන්න වගෙත් බලාගෙන හිටියා නේ අර්ර්ර්ර් මොන ලැජ්ජාවක්ද මේ ඒකා මොනා හිතුවද දන්නෑ

තාමත් ගැහෙන පපුවට අතත් තියාගෙන  මං කල්පනා කලේ හිතේ දහසක් ප්‍රශ්න ඇති වෙද්දී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මං වොෂ් රූම් එකට ඇවිත් වොෂ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන ඇවිත් මුකුත් කන්නෙත් නැතුවම පැනඩෝල් දෙකක් බීලා ෆෝන් එක චාර්ජ් වෙනකන් කියල ඇදේ ඇලවුනේ ඇගට දැනුන තෙහෙට්ටුවට

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

නින්දෙ ඉදපු මං ගැස්සිලා වගේ ඇහැරුනෙ මගෙ කම්මුලක් කවුරු හරි පිරිමදිනවා වගේ දැනෙද්දී

ඇස් ඇරලා බලද්දී යි මං දැක්කෙ මගෙ ලගට වෙලා මූණත් බෙරි කරගෙන ඒ චූටි අතකින් හරිම පරිස්සමට මගෙ කම්මුලක් පිරිමදින චූටි බබී

“බේබී උයාත සිදෙනෝද”

“මං තීයා එක්ක තලාම තලායි එයා උයත ගුති දුන්නනී”

ඒ සැණින් පොඩි එකී මූණත් හතරැස් කරන් ඒ කියපු කතාවට මගෙ ඇස් ජිල් බෝල සයිස් වුනේ මාව ඇද උඩ ඉන්දවෙද්දි

යකෝ ඒක කොහොමද මේ ගම්බිරිස් ඇටේ දැනගත්තෙ

“කව්ද පැටියෝ ඔයාට එහෙම කිව්වෙ”

මං කෙල්ලවත් උකුලට අරගෙන ඒ කම්මුලක් සිපගෙන ඇහැව්වෙ කෙල්ල ඒ සැණින් මගෙ උකුලෙන් පැනල මං දිහාවට හොර බැල්මක් දාද්දී

“අපෙ අම්මි තමයි තාත්තිත කූවෙ”

ඇහ් අපෙ අක්ක කොහොමද ඒක දන්නෙ අර්ර් අර මෝඩ රැවුලා අපෙ අයියගෙ කනේ තිබ්බද දන්නෑ

මොනා වුනත් අනෙ ඇත්තමයි මුන් දෙන්නටම කට පරිස්සම් කරන් ඉන්න බැරි හැටියක් මුන් දෙන්නා ලව් කරන්නෙත් මේ පොඩි එකී ඉස්සරහද දන්නෑ

“ඒයි හොර කෙල්ල මං කියල තියෙනවා නේද කව්රුත් කතාකරන දේවල් හොරෙන් අහන් ඉන්න හොද නෑ කියලා”

“ඒවා නෝටි වැඩ”

මං ඇහැව්වෙ ඇස් හීනි කරල බබීයා දිහාවට තාරවටු බැල්මක් හෙලලා

“ඉතින් මං ඔලෙන් ආන් ඉතියෙ නෑනි අලෙ මත ඇඋනනී”

“අම්මි තමා මත ඇඑන්න කූවෙ අම්මි තමා නෝතියා”

ගත්කටටම ඒ චූටි ඇගිල්ලකුත් කටේ ගහන් ඒ බෝල ඇස්දෙකත් නටව නටව මේකි කිව්වෙ නැතැයි

අනේ අම්මපා කොහෙන් ඉගෙන ගෙනද මන්ද මේ වගේ පැහිච්ච කතා

මං බබියාවත් වඩාගෙන සාලෙට යනකොට අම්මෝ ඉතින් පිරිවරම ඉන්නවා සාලෙ මං ඉතින් ශේප් එකේ ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තෙ බබීවත් උකුලට අරන්

එත් එක්කම නිකියා ඇවිත් බබියට චොක්ලට් එකක් දික්කලා විතරයි මේන් මේකි පැනපු ගමන් ඒකත් උදුරන් ඒකි එක්ක ගියේ කුස්සියට

“නංගි අද ගෙදර ගියාද”

ඒත් එක්කම අයියා ඒ නිවිහැනහිල්ලෙ අහපු දේ එක්ක මාව ගැස්සිලා ගියේ ඒත් එක්කම මං අක්කා දිහා බලද්දි නම් අක්කා ඇස් වලින් කිව්වෙ කලබල වෙන්න එපා කියලා

“හ්ම්”

“එහෙදි මොනවද උනේ කියලා මං අහන්නෑ මට නිලූ නැන්දා කතාකරලා කිව්වා”

අයියා ඒක කිව්වා විතරයි මැවිලා පෙනුනේ  ඒ වෙලාවෙ කේන්තියෙන් ගෙයින් එලියට බහිද්දි නිලූ නැන්දා ඇස් වල කදුලුත් පුරවන් අසරණ ව මං දිහා බලන් ඉදපු විදිය ඒ සැණින් මට නිලූනැන්දා ගැන කියාගන්න බැරි සෙනහසක් ඇති වුනේ

“මේ අහනවකෝ නංගි ගිය දේ ගියා දැන් ඒ දේවල් ගැන හිතන්න එපා තෙරුනාද”

“හෙට ඉදන් ඔයා අලුතින් පටන් ගන්න හදන ජීවිතේ ගැන හිතන්න”

“හැමතිස්සෙම උබේ ළගින්ම මං ඉන්නවා”

මගෙ ඔලුව පිරිමදින ගමන් අයියා ඒක කිව්වෙ හරිම සන්සුන් ව ඒත් එක්කම අගෙ ඇස් වලට කදුලු පිරෙද්දී මං අයියාට තුරුල් වුනේ එයත් මගෙ ඔලුව අතගාන ගමන් මාව තුරුල් කරගනිද්දි

“තාතී…..”

“උයා ඇයි මගෙ බේබිව ඇදෙව්වෙ”

“උයා නෝතියා මං තලායි උයා එක්ක”

ඒත් එක්කම එතනට දුවන් ආපු බබියා ඉනටත් අත් දෙක තියන් මූණත් රතු කරන් කිව්වෙ කට වටේම චොක්ලට් ගාගෙන ඉන්න පොඩි එකීව දැකලා අපි හැමෝටම හිනා යද්දී

“ඉනා එන්නෙපා නෝතිඇඩ කලල”

ඒත් එක්කම කෙල්ල ගස්සලා අයියට කිව්වෙ මේ පැහිච්ච කතාවලට අපිට තවත් හිනායද්දි

ඒත් එක්කම අක්කා ගිහින් බබීගෙ කම්මුලක් සිපගෙන කෙල්ලව තුරුල් කරගත්තේ අයියත් ගිහින් ඒ දෙන්නටම එකතු වෙද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එහෙම්මම මාස තුනක් ගෙවිලා ගියේ හීයක වේගෙන් ගුරුවරියක් විදියට මාව වෙනස්ම කෙනෙක් කරලා

ගුරුවරියක් විදියට මං ආදර්ශයක් වෙන්නොනේ මගෙන් ඉගෙන ගන්න දරුවන්න ඒ නිසා මං ක්ලබ් ගමනටත් සමුදුන්නේ සදහටම

හැබැයි ඉතින් එහෙමයි කියලා මගෙ හිතුවක්කාර වැඩ නම් නැවතුනේ නෑ

ඉස්කෝලෙට ගිහින් ළමයි එක්ක කාලෙ ගතකරද්දී කාලේ ගෙවෙනවා දන්නෙම නැතුව

ඔය කාලේ සිද්දවුන වැදගත්ම දේ තමයි රැවුලයි මායි දවසගානේ මොකක්ම හරි කොක්කක් දාගන්න එක දැන් මටත් ඒකා එක්ක කොක්කක් දාගත්තෙ නැත්නම් නිකන් හරියට කෑවෙ නෑ වගේ
???

අද මං ඉස්කෝලෙ ඉවර වෙලා අර්පාට්මන්ට් එකට ආවෙ නිකියාත් නිවාඩු නිසා වෙනදට නම් මං අයියලගෙ දිහා ගිහින් බබියා එක්ක නටල නටල තමා ගෙදර එන්නෙ නිකියා වත් ඔෆිස් එකෙන් අරන්

අර්පාට්මන්ට් එකට ඇවිත් මං ලිෆ්ට් එකට ගොඩවෙද්දිම ඒත් එක්කම රැවුලා ත් මට ඔරවගෙනම ලිෆ්ට් එකට ගොඩ වුනෙ මං ඒකාට ගස්සල අහක බලාගනිද්දී

පුහ් යකෝ මේකගෙ ලොකුකම අනේ මට පාන් යැ මාත් ගණන් ගන්නෑ හුම්
???

ඇත්තටම මේකා ඩොක්ටර් කෙනෙක්ද කියලා දැන්නම් මට සාධාරණ සැකයක් එනවා

ඇයි යකෝ මෙහෙම හිතුන හිතුන වෙලේට ගෙදර එන්න මේකා වැඩ කරන්නෙ මේකාගෙ තාත්තාගෙ හොස්පිට්ල් එකේද හොස්පිට්ල් එක තාත්තගෙ උනත් එහෙම එන්න දෙනවයැ

සමහර විට මේකා ඩොක්ටර් කෙනෙක කියලා ලස්සනට ඇදපැලදගෙන පොල්වත් කඩන්න යනවද දන්නෑ

එහෙම හිත හිතම රැවුලා ව ගණන් ගන්නෙ නැතිව මං මගෙ අතේ තිබ්බ බීම බෝතලේ කඩලා කටේ තියාගන්නවත් එක්කම වැහීගෙන යන ලිෆ්ට් එකේ දොරෙන් මං දැක්කෙ ලිෆ්ට් එක පැත්තට දුවන් එන දිනූෂ යාව

ඒක දැක්කා විතරයි මට උන් හිටිතැනුත් අමතක වෙලා හීන් දාඩිය දැම්මෙ මං අද මූට සෙට් කරපු ලණුවට අද මූට මාව අහුවුණොත් මූ මාව පණපිටින් ආදාහනය කරයි කියලා මගෙ මොලෙන් අනතුරු ඇඟවීම් කරද්දි

“මොන මගු……”

“ෂ්ෂ්ෂ්….”

ඒ සැණින් මං මගෙ එහා පැත්තෙ ඉදපු රැවුලා වත් තල්ලු කරන් ලිෆ්ට් එකේ බිත්තියට ඒකාව හේත්තු කරලා මාත් ඒකාගෙ පපුවෙ ඔලුව තියාන් එක අතකින් ඒකාගෙ කටත් වැහුවෙ බගෙට වැහිලා තිබ්බ දොරෙන් දිනූෂ ට අපිව නොපෙනෙනුත් මේ මකර කටේ සද්දෙට වෙන මොකක් හරි බකට් එකක් පෙරලෙයි කියල හිතලා

ඒත් එක්කම කෙල්ල එකපාරටම මේ කරපු දේත් එක්ක ශශී හිටියෙ ගල්වෙලා වගේ ඒත් එක්කම කෙල්ල කොල්ලගෙ පපුවට ගුලිවෙලා ඉන්න විදිය දැක්කම කොල්ලට ලෝබකමේත් බෑ

හැබැයි ඉතින් එහෙමයි කියලා කොල්ලට මෙහෙම ඉන්නත් බෑ පහුගිය ටිකේම සෝනූ ශශී පෙරලපු බාල්දි වල හැටියට මෙහෙම ඉදලා අන්තිමට කොල්ලා කෙල්ලට අතවරයක් වත් කරා කියලා කාගහුවොත් එහෙම ඒ තරම් පරම විශ්වාසී ඩයල් එකනෙ මේ

අපොයි දෙයියනේ මං මේ රැවුලා ට නේද යකෝ ලස්ස්නට මුක්කුව ගහන් ඉන්නෙ සැක් අර දිනූෂ යට ලණුවක් දුන්නට මොකෝ මේ යන විදියට මට නම් ලණුවක් ඉබේම සෙට් වෙයි වගේ

ඒ සැණින් කෙල්ල ගැස්සිලා වගේ කොල්ලගෙන් ඈත් වුනත් තාමත් කෙල්ලගෙ අතකින් කොල්ලගෙ කට වැහිලයි තිබ්බේ

ඒ වෙලාවෙ කලබලේට ඒ වගේ දෙයක් කරාට මොකද දැන්නම් කෙල්ලට කොල්ලගෙ මූණ බලන්නත් ලැජ්ජයි වගේ

ඒත් ලැජ්ජාව වගෙද මෝඩ සෝනූවෝ අර කුලුමීමාට අහුවුණොත් ඌ දැන් කෙළින්ම මාව හොයන් යන්නෙ අර්පාට්මන්ට් එකට වෙන කරන්න දෙයක් නෑ දැන් ඌ යනකන් කොහෙට හරි මුවා වෙලා තමා ඉන්න  තියෙන්නෙ

ඒත් එක්කම කොල්ලා එක අතකින් කෙල්ලගෙ උරහිසකට තට්ටු කලේ කල්පනාවෙ ඉදපු කෙල්ල ගැස්සිලා වගේ කොල්ලා දිහා බලද්දී

ඒත් එක්කම ශශී ඇස් වලින් පෙන්නුවෙ තාමත් කොල්ලගෙ කට වැහිලා තියන කෙල්ලගෙ අත

“ස්..සොරි ”

ඒ සැණින් ගැස්සිලා වගෙ කෙල්ල තමන්ගෙ අත ඇදල ගත්තේ කෙල්ලගෙ මේ දගකාර හිතුවක්කාර වැඩ වලට ශශී ට  යන්න  ආපු හිනාව ආයාසයෙන් මැඩගෙන නපුරු කමක් මවා ගනිමින්

අප්පට සිරි මෙච්වර වෙලා මං මේකාගෙ කට වහන්ද ඉදලා තියෙන්නෙ ඒක තමයි ටිං බෙලෙක්කෙ හොලවන සද්දේ ආවෙ නැත්තේ දැන් සෑහෙන වෙලේක ඉදලා

“ම්…”

ඒත් එක්කම විවර වුනු ලිෆ්ට් එකේ දොරෙන් කෙල්ල කොල්ලවත් ඇදන් පස්ස බල බල දිව්වෙ කොල්ලාගෙ කටත් ලොක් වෙලා ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් කෙල්ල දිහා බලන් ඉද්දී

“අනේ අම්මෝ මේකා රෑට රෑට යකඩ ද මන්දා කන්නෙ මේකාව ඇදන් දුවන් ආවට මට ගාණක් දෙන්න ඔනේ”

අනේ මගෙ හුස්ම හිරවෙලා මෙතනම මැරිලා වැටෙයිද දන්නෑ ඒ තරම් මහන්සි

රැවුලාටත් කුටු කුටු ගගා බැන බැන මං හති ඇරියේ ඒකා මං දිහා කටත් ඇරන් බලන් ඉද්දි

_______________________________________

ඒ මොකක්ද ඒ ලණුව ???

1 thought on “හිතුවක්කාර ආදරී | 18 කොටස | නවකතාව”

  1. Sandu (kandy girl)

    හෑ….කෝ මේ ඇප් වාසීන්..මේ පැත්තට එන්න අමතක වෙලා වගේ…

    ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.