Katha Ahura

හිතුවක්කාර ආදරී | 23 කොටස | නවකතාව

4.9/5 - (14 votes)

23 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“බබාහ්…..”

ඒත් එක්කම එකපාරටම මල්පෝච්චියක් බිදුන හඩින් ගැස්සිලා ගිය මං ගැහෙන පපුවට අතකුත් තියන් මගෙ බෑග් එකෙන් ෆෝන් ගන්න හිතන් සෝෆා එක ලගට දුවන්න හදද්දී මගෙ පිටිපස්සෙන් ඇහුන ඒ හඩින් මාව ගල්ගැහිල ගියේ ඒ අඩිසද්දෙත් මට ළඟ ළඟ ම ඇහෙද්දී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“අනේ මට සමාවෙන්න බබාහ්”

“ව්…වින්…නෝද්”

මගෙ උරහිසින් අල්ලලා ඒ පැත්ත හරවගෙන ඒ හිටපු කෙනා මට කියද්දී ඒත් එක්කම මගෙ මුවින් කැඩි කැඩි ඒ නම පිටවුනෙ නිරායාසයෙන්

අනේ දෙයියනේ මෙයා කොහොමද මේ ගේ ඇතුලට ආවෙ මගෙ හිත අහේතුකව ගැහෙන්න ගනිද්දී මං එහෙම හිතුවෙ ගල්වෙලා වගේ විනෝද් දිහා බලාගෙන

“ඔ..ඔය්..යා කොහොමද ඇතුලට ආවෙ විනෝද් ”

ගල්වෙලා වගේ ඉදපු මං එකපාරටම එහෙම අහද්දී මෙතෙක් වෙලා මගෙ වත පුරාම නොසන්සුන් ව දුවපු ඒ ඇස් ගැස්සිලා වගේ මගෙ දිහා බැලුවෙ මං ඒ අත් වලින් මිදිලා ටිකක් එහාට යද්දි

“ඇයි බබා ඔයා මං එනවට කැමති නැද්ද”

“අනේ මට සමාවෙන්න බබා”

“මං ඔයාට ආදරෙයි බබා ඔයත් මට ආදරෙයි නේද”

විනෝද් එහෙම කියනවත් ඒක්කම මතක් වුනේ  එදා ෂොපිං මෝල් එකේ  මෙයා මං දිහා බලන් ඉදපු විදිය

ඒත් එක්කම මේ ළඟදි අයියයි නිකියයිත් මෙයාගෙන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න කියල කියන්න ඇත්තේ මොනාහරි දෙයක් එයාලටත් ඉවෙන් වගේ දැනුන නිසා වෙන්න ඇති කියලා මට මතක් වුන හැටියේ මගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි බයක්

“Stay like that, Vinod Don’t come near me”
(ඔහොම නවතිනවා විනෝද් මගේ ලගට එන්න එපා)

විනෝද් එනපොට හොද නෑ කියලා තෙරුන මං දැඩි හඩින් එහෙම කිව්වෙ විනෝද් පුදුමෙන් වගේ මං දිහා බලද්දී

පුදුම වෙන්න දෙයක් නෑ විනෝද් ඔය වචන ටික ඇහුන ගමන් ඉස්සර මං ඔයා ලගට දුවන් ආවට දැන් නම් එහෙම වෙයි කියලා හිතන්න එපා ඒ ගොනා විකිණුවා විනෝද්

විනෝද් ගල්ගැහිල වගේ බලන් ඉද්දි මං එහෙම හිතුවෙ මට විනෝද් ගැන කියාගන්න බැරි පිළිකුලක් ඇති වෙද්දී

“මං අහපු දේට උත්තර දෙනවා විනෝද්”

“බබා ටිකක් මං කියන දේ අහන්නකෝ”

“සොරි බබා ප්ලීස් මට ඔයාව ඕනේ”

“ම්….මා..ව අතාරිනවා විනෝද් ”

“When you say that, Vinod leaves me”
(කිව්වම අහලා මාව අතාරිනවා විනෝද් ප්ලීස්)

මගේ හඩින් ගැස්සුන විනෝද් එකපාරටම එහෙම කියාගෙන ඇවිත් මාව බදාගත්තේ මං එයාගෙන් මිදෙන්න අසීරු උත්සහයක යෙදෙද්දි

“චටාස්ස්ස්ස්…….”

පුලුවන් උපරිම වෙර දාලා විනෝද් ව තල්ලු කරලා මං අත දිගඇරලා විනෝද් ට වේගවත් කම්මුල් පහරක් එල්ල කලේ ඒ මූණ පැත්තකට හැරවෙද්දී

“අනෙහ් මෙහ් විනෝද් තමුන් කවදාවත් මට ආදරේ කරේ නෑ එදා ඉදලම තමුන්ට ඕන වෙලා තිබ්බෙ මගෙ ඇග විතරයි”

“ඒ වගේ දෙයකට මගෙන් ඉඩ ලබෙන්නෑ කියල දැන දැන ම තමුන් මං ළඟ ඉදන් රගපෑවෙ මගේ සල්ලි වලට තියෙන කෑදර කමට”

“අනික මගෙ හිතේ දැන් තමුන් ගැන කිසිම හැඟීමක් නෑ.”

“මට දැන් තමුන් ගැන තියෙන්නෙ අප්පිරියාවක් විතරයි”

“කරුණාකරලා එළියට යනවා විනෝද්”

මට ආපු කේන්තියට මං කෑ ගහලා දොර පැත්තට අතකුත් දික්කරලා කිව්වෙ විනෝද් තාමත් ඒ හිටපු ඉරියව්වෙන්ම කම්මුලට අතකුත් තියන් ඉද්දී

ඒත් එක්කම විනෝද් ඇස් දෙකත් රතුකරන් මගෙ දිහා බලපු විදියට මාව ගැස්සිලා ගියේ ඒ ඇස් වලතිබ්බ යක්ෂ පෙනුමට

“ආහ්හ්හ්හ්…….”

“කොහෙද උබ දුවන්න හදන්නෙ ආහ්”

“චටාස්ස්ස්……..”

ඒත් එක්කම මං දොර පැත්තට දුවන්න හදද්දිම එකපාරටම විනෝද් මාව ඇදලා අරන් එහෙම අහලා කනට ගැහැව්වෙ මාව විසිවෙලා ගිහින් මල්පෝච්චියකුත් පෙරලන් බිමට වැටෙද්දී

ඒ ගහපු පාහරෙ සැරට මගෙ යටි තොල අගින් පුපුරලා ගිහින් මගේ දිවට ලේ රසක් දැනුනේ ඒ පහරේ වේදනාවට මගෙ ඇස් වලට කදුලු පිරෙද්දී

“ඔව් ඔව් මට ඕනේ උබේ ඔය ඇග විතරයි”

“මීට අවුරුදු තුනකට කලින් උබව ලේසියෙන් අයින් කරලා දැම්මට එදා ෂොපිං මෝල් එකේදි දැක්කයින් පස්සෙ උබව අතඅරින්න හිත දෙන්නැන්නේ”

“ප්ලීස් විනෝද් මට කරදර කරන්නෙපා”

“කරුණාකරලා මෙහෙන් යනවා”

මගේ ළගට එනගමන් විනෝද් කිව්වෙ මං බයටම එහෙම කිය කිය කකුල් ඇද ඇද පස්සෙන් පස්සට යන්න යන්න හදද්දී

“ඉතින් බබා ඔයාත් කැමති උනානම් අපි දෙන්නටම හොදට එන්ජෝයි කරන්න තිබ්බනේ”

“Wow! You look so sexy now baby”
(වාව්! උබ දැන් මාර හැඩ වෙලානේ හරිම සරාගී යි බබා)

“ඔය අතගන්නවා වනචරයා”

“චටාස්ස්ස්ස්…….”

“මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා විනෝද් ප්ලීස්ස්”

මගෙ ලගට ඇවිත් මගෙ නිකටට අත තියලා මං බිම වැටෙද්දී එහා මෙහාඋන ගවුමෙන් නිරාවරණය වුන මගෙ දෙපා දිහා කෑදර බැල්මක් හෙලලා මගෙ  මූණට එබිලා එහෙම කිව්වෙ මං අප්පියාවෙන්ම ඒ අත ගසලා දාලා නැවත වතාවක් එකාට පුලුවන් තරම් වෙර දාලා කන හරහා පාරක් දෙද්දී

“පට්ට බැල්ලි තොට කොහෙන්ද යකෝ මට අත උස්සන්න තරම් හයියක්”

“ආඅහ්හ්හ්……….”

ඒ සැණින් විනෝද් වියරුවෙන් වගේ එකපාරටම මගෙ කොණ්ඩෙන් ඇදලා අරන් මගෙ මූණට එබිලා ඇහැව්වෙ වේදනාවට මගෙ මුවින් කෙදිරියක් පිටවෙද්දි

“අද උබව මං………”

“විනෝද් මාව අතාරිනවා ප්ලීස්”

“ආව්හ්… අම්මා..”

“ම්…මට පාඩුවෙ ඉන්න දෙනවා විනෝද්”

“ආ…හ්හ්හ්…..අනේ කව්රුවත් නැද්ද”

“අම්මා……හ්හ්හ්….”

ඒත් එක්කම විනෝද් පිස්සුවෙන් වගේ මගේ ගවුම කර හරියෙන් ඉරලා දාලා යටි ඇදුමෙන් නිරාවරණය වෙලා තිබ්බ මගෙ ලැම දිහා කෑදර බැල්මක් හෙලලා මගෙ ඇගට බර වුනේ මං ඒකාව නවත්තතන්න  මගෙ අත්පා ගසමින් අසීරු උත්සහයක යෙදෙද්දි

මගේ  වතට බරවුණු විනෝද ඒ සැණින් මගේ බෙල්ල ලැමත් එක්කම සපාකමින් වියරුවෙන් වගේ ඉබින්න ගත්තෙ මං වේදනාවෙන් වගේම අප්පියාවෙන් කෑ ගගහ ඒ ග්‍රහණයෙන් මිදෙන්න හදද්දී

ඒත් එක්කම විනෝද්ගෙන් බේරෙන්න අසීරු උත්සහයක යෙදුන මට මොන හේතුවකට දන්නෙ නෑ එකපාරටම රැවුලව මතකෙට ආවෙ මගේ හිත තවත් අසීමිතව රිදුම් දෙද්දී

ඒත් එක්කම දගල දගල ඉදපු මගෙ අතට අහුවුනේ බිඳුණු මල්පෝච්චියක වීදුරු කෑල්ලක්

“මොන…………….”

“ආහ්හ්හ්හ……………”

විනෝද් ගෙන බේරෙන්න වෙන ක්‍රමයක් නැති නිසා මං මගේ හිත දැඩිකරගෙන ඒ සැණින් මං පුලුවන් උපරිම වෙර දාලා විනෝද් ව තල්ලුකරලා දාලා මගේ අතේ තිබුන වීදූරු කෑල්ලෙන් ඒකාගෙ අතකට ඇන්නේ ඒකා වේදනාවෙන් කෑගහද්දි

“ඔහොම නැවතියන්”

“පට්ට බැල්ලි මං අද තෝව මරනවා”

ඉඩ ලැබුණු හැටියේ මං ක්ෂණිකව එතනින් නැගිටලා පුලුවන් තරම් හයියෙන් ගෙදරින් එළියට දුවන් ආවෙ විනෝද් වේදනාවෙන් වගේම කෝපයෙන් කෑ ගහද්දි

ගෙයින් එළියට ඇවිත් ඉරුණු ගව්මෙන් නිරාවරණය වෙලා තිබ්බ මගේ ලැමත් අත් දෙකෙන් වහගන්න උත්සහ කරමින් කොරිඩෝ එකේ පිටිපස්ස බල බල ඉස්සරහට දිව්වෙ හරියට පිස්සියෙක් වගේ

______________________________________________

4 thoughts on “හිතුවක්කාර ආදරී | 23 කොටස | නවකතාව”

  1. කෝ යකෝ මේ රැවුලා මොනාද කරන්නෙ අපේ සොනුට මෙච්චර දෙයක් වෙනකම්? . බලමුකො හෙට අපේ වීරයා එයිද කියලා? . කාතාව හරිම ලස්සනයි අක්කෙ ?

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.