Katha Ahura

හිතුවක්කාර ආදරී | 24 කොටස | නවකතාව

4.2/5 - (12 votes)

24 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

ඉඩ ලැබුණු හැටියේ මං ක්ෂණිකව එතනින් නැගිටලා පුලුවන් තරම් හයියෙන් ගෙදරින් එළියට දුවන් ආවෙ විනෝද් වේදනාවෙන් වගේම කෝපයෙන් කෑ ගහද්දි

ගෙයින් එළියට ඇවිත් ඉරුණු ගව්මෙන් නිරාවරණය වෙලා තිබ්බ මගේ ලැමත් අත් දෙකෙන් වහගන්න උත්සහ කරමින් කොරිඩෝ එකේ පිටිපස්ස බල බල ඉස්සරහට දිව්වෙ හරියට පිස්සියෙක් වගේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“අහ්හ්හ්හ්………”

පිටිපස්ස බල බල දුවපු මං ඒත් එක්කම ඉස්සරහින් ආපු කාගෙදෝ ඇගක වැදිලා බිමට වැටෙන්න යද්දි ඒ කෙනා මාව වැටෙන්න නොදී මගේ බද වටෙන් අත දාලා ඒ පපුවට ඇදලා ගත්තේ එයා ළඟින් ආපු ඒ සුවඳින් ඒ කවුද කියලා මං අඳුන ගනිද්දි

“සෝනූ ඇයි මැණික මේ”

ඒත් එක්කම මං මෙතෙක් වෙලා හිරකරන් ඉදපු කදුලු පොකුරු පිටින් මගෙ ඇස් වලින් කඩා වැටෙන්න ගත්තේ මගේ කන ගාවින් ඇහුන ඒ ආදරණීය කටහඩට

“මැණික ඇයි මේ”

“මේ බලන්නකෝ ඔයාගෙ ඇග හැමතැනම තුවාල වෙලානෙ”

ඒ සැණින් මං රැවුලා ව දෑතින්ම බදාගෙන ඉකිගගහ අඬන්න පටන්ගත්තේ එයා බය වෙලා වගේ මගේ මූණ දෝතට අරන් මගේ මූණ පුරා මෙන්ම මගෙ මුලු වත පුරාමත් ඒ ඇස් කලබලෙන් එහා මෙහා ගෙනයමින් එහෙම අහද්දී

“තොලත් පුපුරලා”

“මේ ගවුම….ඔහ් ශිට් ”

වේදනාවට මගේ මුවින් කෙදිරියක් පිටවෙද්දි මගෙ තොල අගින් පහලට බේරුණ මගෙ ලේ ඒ මහපට ඇගිල්ලෙන් පිහදාන ගමන් ඒත් එක්කම ඉරුණු ගව්මෙන් නිරාවරණය වෙලා තිබ්බ මගෙ ලැම දිහා වගේම ගවුම පුරා තිබ්බ විනෝද්ගෙ ලේ පැල්ලම් දිහා බලලා එයා ඒත් එක්කම කේන්තියෙන් දෑත් මිටමොළවන් කෑ ගැහැව්වෙ මං තවත් සද්දෙට ඉකි ගගහා ඒ පපුවෙ මූණ හංගගනිද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“ම්ම්….. කෝ දැන් සේරම හරි”

“කෝ මං දිහා බලන්නකො මැණික”

“අපි දැන් ඉන්නෙ මගෙ ගෙදර මෙහෙ බයවෙන්න කිසිදෙයක් නෑ හරිද”

බයෙන් ගැහෙමින් ඉදපු මාව රැවුලාගෙ ගෙදරට එක්කන් ඇවිත් වොෂ් එකකුත් දම්මලා එයාගෙ ෂර්ට් එකකුත් අන්දලා බොත්තම් දමමින් රැවුලා සන්සුන් හඩින් කිව්වෙ තවමත් ඒ පපුවෙ මූණ හංගන් ඉන්න මට හරියට නිකන් මගේ බය නැතිකරන්න වගේ

ඇත්තම කිව්වොත් දැන් නම් මට තිබ්බෙ බයටත් වඩා රැවුලාගෙ මූණ බලන්න බැරි  ලැජ්ජාවක් ඒ වගේම රැවුලා ගැන මගෙ හිතේ ඇති වුනේ කියාගන්න බැරි සෙනෙහසක්

ටික වෙලාවකින් මාව ඒ පපුවෙන් ඈත් කරලා රැවුලා කුස්සියට ගිහින් ටික වෙලාවකට පස්සෙ එකපාරටම ගෙදර බෙල් එක වැදෙන සද්දෙට මාව ගැස්සිලා ගියේ විනෝද් ගේ ලේ ගලන් ගියපු අත මතක් වෙලා

ඒකා මැරිලද දන්නෑ දෙයියනේ අනේ මේ පොලිසියෙන්ද දන්නෑ මාව අරන් යන්න්නවත් ඇවිත් ද දන්නෑ.

“ඒයි එයි කොහෙද මේ ආයෙත් ගාල කඩාගත්ත වැස්සි වගෙ දුවන්නෙ ආ”

ඒත් එක්කම මං බයවුන පාරට දුවන් එද්දි කුස්සියෙ ඉදන් සාලෙට එමින් හිටිය රැවුලා ගේ ඇගේ ආපහු හැප්පුනෙ කලබල වැඩිකමට ඒ ඇගේ හැප්පිලා වැටෙන්න ගිය මගෙන් එහෙම අහන ගමන් ආයිත් ඒ වතට ඇදලා ගනිද්දී

ඒත් එක්කම මං ගැහි ගැහි දොර පැත්තට ඇඟිල්ලක් දික්කලේ ඇස් වල කදුලුත් පුරෝගෙන

“ඒයි මෝඩි ඒ ඔයාගෙ බෙහෙත් ටික වෙන්නැති”

“කෝ ඉන්න මං ගිහින් බලලා එන්නම්”

මාව ඒ පපුවට තවත් තුරුල් කරගනිමින් රැවුලා කිව්වෙ ඒ සුරතින් මගෙ ඔලුවත් අතගාන ගමන්

“ඉ….ඉ..න්න ම්..මාත් එනවා”

“දැන් ඔහොමද එන්න හදන්නෙ එතකොට”

“ඇයි ඒ ඇවිත් ඉන්න මනුස්සයට ෆ්‍රී ෂෝ පෙන්නන්නද”

දොර අරින්න යන්න හදපු රැවුලා ගෙ අත දෝතින්ම බදාගෙන මං කියද්දි ඒකා මගෙ හිසේ සිට පාදාන්තෙටම බලලා මං ඇදන් ඉදපු රැවුලාගෙ ෂර්ට් එකෙන් නිරාවරණය වෙලා තිබ්බ මගේ සුදු කලවා ඇස් දෙකෙන් පෙන්නන ගමන් නපුරු හඩින් ඇහැව්වෙ
මං ඒ සැණින් මගෙ අත් වලින් ඒ ෂර්ට් එක දෙපැත්තට අදින්න ගනිද්දී

“කෝ යන්න කාමරෙට මං එන්නම් ඉක්මණට”

රැවුලා හිනාවක් ආයාසයෙන් යටපත් කරගන්න ගමන් කිව්වෙ මං ඒ වෙලාවෙ ලැජ්ජාවටම ටික ටික රතු වෙගෙන ආව මගෙ මූණත් හංගන් හරියට පොඩිඑකෙක් තාත්තගෙ අණට කීකරු වුනා වගේ මං ඔලුවත් දෙපැත්තට වනලා සුටුස් ගාල එතනින් වාෂ්ප වෙලා කාමරේට ආවෙ රැවුලා හිනාවෙවී ම ගිහින් දොර අරිද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“කෝ එහෙනම් අපි කාලා ඉමු.”

කාමරේට වෙලා කල්පනාවෙ ඉදපු මං රැවුලගේ හඩට ගැස්සිලා ගියේ එයා කෑම පිගානකුයි වතුර විදුරුවකුයි අතැතිව කාමරේට එබිලා එහෙම කියපු නිසා

රැවුලා මගෙ ලගට ඇවිත් පැත්තකින් ඉදගෙන පුංචි පුංචි බත් කටවල් අනලා හරි පරිස්සමට මට කැව්වෙ මගෙ හිතේ රැවුලාගේ මේ ආදරේ ගැන මහා ලෝබකමක් ඇතිවෙද්දි

මට කෑම කවලා ඉවර වෙලා බෙහෙත් එක්කලා මට වතුර වීදුරුවකුත් දික්කරලා රැවුලා කුස්සියට ගියේ මං ඇදේ හාන්සිවෙද්දී

“කෝ බබා නැගිටින්න මේ ක්‍රීම් එක ඔය තුවාල වල ගාන්න ඕනි කෝ”

“ම්…මං ග්…ගාගන්නම්”

ටික වෙලාවකින් ආයෙත් කාමරේට ඇවිත් මගේ පැත්තට ක්‍රීම් එකක් දික් කරලා එයා කිව්වෙ මං ගොත ගගහා එහෙම කියද්දි

“මෙන්න මෙහාට එනවා පැහෙන් නැතුව”

“මේ මං ඩොක්ටර් කෙනෙක් හරිද ඔව්වා ඕන තරම් මං දැකලා තියෙනවා”

” පුදුම හිතුවක්කාර කමක් මේක නම්”

ඒ සැණින් එකපාරටම මගෙ ලගින් වාඩිවුන රැවුලා නොරිස්සුමෙන් වගේ එහෙම කිය කිය ෂර්ට් එකේ බොත්තම් විවර කර බෙහෙත් ගල්වන ගමන් කිව්වෙ මං ලැජ්ජාවට මූණත් රතු කරන් යටිතොලත් හපාගෙන අහක බලන් ඉද්දි

“හා  හා ඔය රතු උනා මදැයි ඔන්න වැඩේ හරි”

ටික වෙලාවකින් මගෙ ෂර්ට් එකේ බොත්තම් දාලා රැවුලා සැහැල්ලු හඩින් එහෙම කියල නගිටල වොෂ් රූම් එකට ගියේ හිනාවෙවී

“මොකෝ නිදාගන්න කල්පනාවක් නැද්ද ම්ම්ම්…….”

“අහ්හ්හ්……….”

වොෂ් රූම් එකෙන් එලියට ඇවිත් ඇදෙන් කොට්ටෙකුත් අරගන්න ගමන් රැවුලා මගෙන් ඇහැව්වෙ කල්පනාවෙ ඉදපු මං ආයෙත් ගැස්සිලා වගේ එයා දිහා බලද්දී

“ය්…යන්…න එප්..පා ම්…මට තනියම ඉන්න බ්….බයයි”

ඒත් එක්කම එතනින් යන්න හදපු එයාගෙ අතක් අල්ලගෙන මං ඇස්වල කදුලුත් පුරවන් ඒ අත තදකරගෙන කිව්වෙ එයා මගෙ ළඟින් ඉදගනිද්දි

“මේ අහන්නකෝ මැණික මං කොහෙවත් යන්නෑ හරිද”

“මං නිදාගන්නෙ අර සෝෆා එකේ ඔයා ලගම ඉන්නෙ හරිද”

මගේ අතත් අල්ලගෙන මගෙ කදුලු පිහදාන ගමන් එයා මට කිව්වෙ හරිම සන්සුන් හඩින්

“ඒ නිසා බය නැතුව නිදගන්න කිසිකෙනෙක්ට දැන් ඔයාට මුකුත් කරන්න බෑ තේරුනාද”

“දැන් හොද ලමයා වගේ නිදාගන්නකෝ ම්ම්ම්…..”

ඒත් එක්කම මාව ඇදේ හාන්සි කරවලා රෙද්දත් පෙරවලා මගෙ ඔලුව සනීපෙට අතගාන ගමන් එයා කිව්වේ මගෙ ඔලුවට දැනුනු ඒ සුරත් පහසේ සනීපෙට ඉබේම මගෙ ඇස් පියවෙද්දී

ඔය අතරේ ශශී තම ඇදෙහි නිදිදෙව්දුව වැළඳගෙන සිටි ඇයෙගේ නලලත මත හාදුවක් සටහන් කලේ දැඩි සෙනෙහසිනි.ඒත් එක්කම ඇගෙ තුවාල කැලැල් දැක ඔහුට ඇතිවුනේ ඉමහත් වේදනාවක්

නැවත වතාවක් ඇයෙගේ නලලත් සිපගෙන ඔහුත් සෝෆාවේ වැතිරුනේ ඇයගේ මුහුණ දෙසම බලාගෙනයි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“අන්…නේ එපාහ් මට කරදර කරන්නෙපාහ්”

“අම්මා….හ්”

“අනේහ් මං එයාව මැරුවෙ නෑහ්”

නින්දෙහි පසු වූ ශශී ගැස්සිලා ඇහැරුනේ විලාපයක් සේ ඇහුන ඒ හඩට

ඒත් එක්කම ඔහු දුටුවෙ සිහිනෙන් බිය වී කෑ ගසන සෝනූ වයි.ඒ සැනින් ඔහු ඉක්මණට සෝනූ ලගට ගියේ ඔහුගේ හදවතට දැඩි වේදනාවක් දැනෙද්දී

_______________________________________

1 thought on “හිතුවක්කාර ආදරී | 24 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.