Katha Ahura

හිතුවක්කාර ආදරී | 26 කොටස | නවකතාව

4.9/5 - (16 votes)

26 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

ඔය කිව්වට ඔය මෝඩයා බලන ෆිල්ම් එකක් නෑ අප්පා මැදක් හරිය වෙද්දී කරන්නෙ මාව බදාගෙන ඉබින එක

කොහොමරි හැබැයි මොනාවුනත් අන්‍තිමට සභාසම්මත වුනේ මගේ යෝජනාව තමා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“මට බඩගිනි”

“ඇහ්………”

මං එහෙම කිව්වා විතරයි මේන් මේකා මං දිහා බැලුවෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන්

“මේ දැනුත් අඹ මල්ලක්ම කෑවනේ”

“අනේ ඒ අඹනේ මට දැන් ඉස්සො වඩේ බඩගිනියී”

“ඕක බඩක්ද කලගෙඩියක්ද බන්”

මං ඉතින් ඇස් හීනී කරලා හරි හුරතල් හිනාවක් දාලා එයාගේ අතේ එල්ලිලා කිව්වෙ මගෙ බැල්මට එයා අහුවෙලා හීන් හිනාවක් ඒ දෙතොලත රදාගනිමින් මගෙ කොණ්ඩෙත් අවුල් කරගෙනම එහෙම කියන් ඇස් වලින් පුංචි තරවටුවකුත් කරගෙන මගෙ ළඟින් නැගිටලා යද්දී

“ආආ………..”

ටික වෙලාවකින් එයා ඇවිත් මගෙ ඇස් ඉස්සරහට වඩේ ප්ලේට් එකක් දික්කලේ මගෙ ඇස් දෙකත් දිලිසෙන්න ගනිද්දී

“යකෝ මේක පුදුම පෙරේත කමක්නෙ”

“ඇස් වලිනුත් එක්ක පෙරේත කම බේරෙනවා”

එයා මට ටිකක් නොරිස්සුමෙනුත් වගේ කිණ්ඩියටත් වගේ මට කියද්දි මං ඒ කිසිවක් ගනන් නොගෙන ඉස්සො වඩේ ටිකට වග කියන්න ගත්තෙ දැවිල්ලට සෑස් සූස් ගගා

අපි සැලෙනවද ඉතින් ඕවාට ඉස්සෝ වඩේ කියන්නෙ ඉතින් මගේ සංසාරගත ප්‍රේමය වගේ හරියට

කවදාම හරි මට ඉස්සො වඩේ වලිනුයි මේ රැවුලගෙනුයි දෙකෙන් එක්ක තෝරගන්න අවස්ථාවක් ආවොත් මං පැනපු ගමන් තෝරගන්නෙ මගේ සංසාරගත ප්‍රේමය තමා ඕ යෑස්

“ස්….ස්ස්ස්…ස්”

බඩජාරි කමට මුකුත් හිතන්නැතුව කෑවට මොකෝ අම්මෙ දැන් නම් කන් දෙකෙනුත් එක්ක දුන් දානෝ

“ඒ පාර මොකද”

දැවිල්ල වැඩි කමට පිඹ පිඹ එහාට මෙහාට ඇඹරෙන  මගෙන් එයා ඇහැව්වෙ නපුරු පෙනුමක් මවාගෙන

“දැවිල්ලයි අයියෝ ස්…ස්..ස්ස්ස්”

“ආ එහෙනම් ඔය ඉස්සරහ ඕන තරම් වතුර තියෙන්නෙ දුවන් ගිහින් පනින එකයි ඇත්තේ”

මං තව හයියෙන් කෑගගහා කියද්දි එයා මට කිණ්ඩියට වගේ ගනනකටවත් නොගෙන කිව්වෙ මුහුද පැත්තට අතත් දිකකරලා

අර්ර්ර් අනේ ඇත්තමයි වෙන වෙලාවක වගේ ඕක කිව්වනම් මං තල්ලු කරනව මේකාව මුහුදට

“අනෙහ්…. ස්…සූ…ස්ස්ස්”

“අනේහ්….. මොකක් හරි කරනවකෝ මෝඩයෝ දැවිල්ලයී”

ඒත් ඒක්කම මං ඒ අත්වල එල්ලිලා ඇස් වල කදුලුත් පුරවන් කිව්වෙ දගල දගල

“ම්ම්…….කරන්න නම් එකම එක දෙයක් තියේ”

“ඒ මොකක්ද”

මේකා මං දිහාවට මනමාල බැල්මක් දාලා මගෙ මූණට එබිලා මගේ වෙව්ලන දෙතොල් දිහා බලමින් කිව්වෙ මං මූණත් පිටිපස්සට කරන් සැකෙන් වගේ එහෙම අහද්දි

“නැහ් එක්කො ඕනේ නෑ”

ඒත් එක්කම මේකා එහෙම කිව්වෙ මගෙන් ඇස් අහකට ගනිමින්

“අනෙහ් නෑ නෑ මොකක් හරි කරනවකෝ”

“එහෙනම් මෙන්න මෙහෙ එනවකො”

“එ…ම්ම්ම්ම්හ්ම්ම්…..”

මගෙන් ඈතට යන්න ගියපු එයාගෙ අත දොතින්ම බදාගනිමින් මං ඇවටිලි කලේ එයා මගෙ දිහාවට මනමාල හිනාවක් දාලා එකපාරටම මාව ඒ පපුවට ඇදලා අරන් ඒ දෙතොලින් මගේ දෙතොල් අල්ලගනිද්දි

“මෝඩ රැවුලා”

මාත් ඒ දෙතොල් අතර හරි හරියට දඟ කරද්දි ටිකවෙලාවකින් එයා මගෙ දෙතොලින් මිදුනේ මං ලැජ්ජාවට ම එහෙම කියලා රැල්ල පාගන්න දුවන් යද්දී

ටිකවෙලාවකින් මං ඉන්න තැනට එයත් ආව නිසා අපි දෙන්නම රැල්ල පෑගුවෙ මගෙ හිතේ කියාගන්න බැරි සතුටක් ඇතිවෙද්දි

ඒත් එක්කම මං ඉස්සහින් එන රැල්ල දිහා බලලා මං මේකාව නාවන්න කියලා හිතාගෙන තල්ලු කලේ මේකා බැලන්ස් නැතිවුන පාර මාවත් ඇදගෙනම බිමට වැටෙද්දී

“ඈඈඈඈඈඈ……….”

ඒ සැණින් අපි දිහාවට ආපු රැල්ලෙන් අපි දෙන්නවම නෑවිලා ගියේ මං යටිගිරියෙන් කෑ ගහගෙන රැවුලා ව දෝතින්ම බදාගෙන ඒ පලුවට ගුලි වෙද්දි

“ඒයි මෝඩි ආපහු නාන්න ඕන වෙලාද තව ඔහොම ඉන්නෙ”

ඒත් එක්කම ඒ පපුවට තාමත් ගුලිවෙලා ඉද්පු මගෙ උරහිසකට තට්ටු කරලා රැවුලා ඇහැව්වෙ මං වෙච්ච ලැජ්ජාවට වටපිට බලලා දඩබඩ ගාලා ඒ ඇග උඩින් නැගිටිද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“හා හා ඔය නැටුවා මදැයි හරියට තෙමිච්ච කිකිළියෙක් වගේ”

“කෝ යං යං අර මිනිස්සුත් බල බල යනවා”

ටික වෙලාවකින් රැවුලා මට එහෙම කියලා මාව එතනින් එක්කන් ආවෙ මං මූණත් හතරැස් කරන් එයා පස්සෙන් වැටෙද්දී

“අනේ මට අයිස්ක්‍රීම් එකක් ඔනී”

“නෑ නෑ වතුරෙ නටල නටල තව අයිසුත් කන්න මෙතන අසනිපයක් එහෙම හැදුනොත්”

ඒත් එක්කම එයා සැරෙන් වගේ එහෙම කිව්වෙ මගෙ කට ඇදවෙලා යද්දි

“අනෙ අනේ එකම එකාක්”

“ඔයා ඉතින් මගෙ උක්කුං බෝලෙනේ හා නේද”

එත් සටන අත්නොහැරපු මං එයාගෙ අතේ එල්ලිලා මගෙ ඇස් හීනි කරලා හිනාවෙලා හුරතල් හිනාවක් දාලා ඒ කම්ම්මුල් දෙකෙන් දෙපැත්තට අදින ගමන් කිව්වෙ ඒ මුවේ ලස්සන හිනාවක් ඇදෙද්දී

“උබ නම් මහා පිස්සු කෝලමක්”

“මෙතන ඉන්නවා මං අරන් එන්නම්”

ඒත් ඒක්කම එහෙම කියාගෙන එයා එත්නින් ගියේ මං එයා යන දිහා හිනාවෙවී ම බලන් ඉද්දි

“ආහ් හාමු නෝනා”

“එදා එහෙනම් උබ මගෙන් බේරුනා නෙහ්”

මගෙ පිටුපසින් ඇහුන ඒ කටහඬට එකපාරටම මං ගැස්සිලා ගිහින් පිටිපස්ස හැරුනෙ මගෙ හදවත එලියට පනින්න තරම් වේගෙන් ගැහෙන්න ගනිද්දී

ඒ හිටියේ විනෝද් එදා සිද්ධියෙන් පස්සෙ මං විනෝද් ව මේ දකින්නෙ අද තමයි ඒත් එක්කම මං බයෙන් වටපිට බැලුවෙ මට කර කියාගන්න දෙයක් නැතිවෙද්දි

“වාහ් දැන්නෙ උබේ ලස්සන හරියටම පෙන්නෙ”

“මොකද කියන්නෙ එදා නතර කරපු තැනින් පටන් ගමුද බබාහ්”

ඒත් ඒක්කම තෙමිච්ච ඇදුමින් කැපිලා පෙනුනු මගේ වත පුරාම ඒ ඇස් නොසන්සුන් ව කෑදර කමින් එහෙ මෙහෙ යද්දි යටිතොලත් සපාගනිමින් සරාගී හඩින් විනෝද් අහැව්වෙ මං බයටම අඩියක් පිටිපස්සට තියද්දි

“චටාස්ස්ස්ස්…………”

“පර බල්ලා”

“මොකක්ද යකෝ තෝ ඒ කියපු පාහර කතාව”

ඒත් එක්කම එතනට ආපු රැවුලා ඒ සැණින් හිතන්නවත් ඉඩක් නොතියා විනෝද් ට සැර අතුල් පහරක් දීලා එහෙම කියාගෙන දත්කූරු සපමින් ඒ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තේ මං ගල්ගැහිල යද්දී

මං විතරක් නෙවෙයි විනෝද් ඉන්නෙත් එකපාරටම උන දේ හිතාගන්න බැරුව ෆුල් හොල්මන් වෙලා

______________________________________________

ඔන්න වළියාක්……….

2 thoughts on “හිතුවක්කාර ආදරී | 26 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.