Katha Ahura

හිතුවක්කාර ආදරී | 25 කොටස | නවකතාව

4.7/5 - (12 votes)

25 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

නින්දෙහි පසු වූ ශශී ගැස්සිලා ඇහැරුනේ විලාපයක් සේ ඇහුන ඒ හඩට

ඒත් එක්කම ඔහු දුටුවෙ සිහිනෙන් බිය වී කෑ ගසන සෝනූ වයි.ඒ සැනින් ඔහු ඉක්මණට සෝනූ ලගට ගියේ ඔහුගේ හදවතට දැඩි වේදනාවක් දැනෙද්දී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“මැණික කෝ මෙහ් නැගිටින්න”

“කෝ කෝ මෙහ් බලන්නකෝ”

එත් එක්කම හීනෙන් බයවෙලා කෑගහ ඉදපු මගෙ උරහිසින් අල්ලලා සොලවන ගමන් මාව අවදි කලේ මං බයේ වෙව්ලද්දි 

“මෙතන කව්රුත් නෑ ඒක හීනයක් මැණික”

“ඒක හීනයක් විතරයි”

“කෝ මේ වතුර එක බොන්නකෝ”

ඒ සැණින් බයවෙලා ඉදපු මාව ඒ පපුවට තුරුල් කරගනිමින් එයා එහෙම කිව්වෙ මාව සන්සුන් කරන්න වගේ

ටිකවෙලාවකින් ඒ හඩට සන්සුන් වුන මං ඒ වතුර වීදුරුව අරන් එක හුස්මට බීගෙන බීගෙන ගියේ නියගෙකට අහුවෙලා හිටියා වගේ

“ම්….ම්….මට බයයි”

ඒ සැණින් මං ඒ පපුවට බදාගෙන ඇස්වල කදුලුත් පුරවන් එහෙම කිව්වෙ එයා හෙමිහිට මගෙ ඔලුව අතගාද්දි

“ඇයි බය ම්ම්ම්…….ඒක හීනයක්නේ මැණික”

“න්…නැහ් නැහ් ඒ…ක හීනයක් නෙවෙයි”

“එයා මට කරදර කරන්න ආවා ම්….ම්…මං  මං එයාට…..”

එයා එහෙම කියනවත් එක්කම මං කලබලෙන් වගේ  පපුවෙන් මිදිලා පිස්සුවෙන් වගේ කියාගෙන ගියේ අන්තිම ටික කියාගන්න බැරිව මගෙ හඩ ඉකියක් බවට පත්වෙද්දී

“හරි හරි කූල් කූල් ඕකේ”

“දැන් ඒක ඉවරයි කෝ මේ බලන්නකෝ”

“හොද ළමයා වගේ කියන්නකෝ මට මොකක්ද වුනේ කියලා හරියටම”

ඒත් එක්කම සිද්දවෙච්ව හැමදෙයක්ම මං අඩ අඩම අකුරක් නෑර එයාට කියන් ගියේ ඒ මූණ කෝපයෙන් පුපුරු ගසද්දි

පර බල්ලා තෝ නම් මහා තිරිසනෙක් යකෝ තෝ මේ අතතිබ්බෙ මගෙ පණට

සෝනූ ව පපුවට තුරුල් කරගනිමින් ශශී ඔය අතරෙ එහෙම හිතුවෙ කෝපයෙන් නලියමින්

කොල්ලට හිතුනේ විනෝද්ව මරාගෙන මැරෙන්න ඒත් තම කෝපය ඔහු ආයාසයෙන් යටපත් කරගත්තේ එහෙම කළොත් යම් විදියකින් ඒකත් සෝනුට වැරදි විදියට බලපාන්න ඉඩතියනවා කියලා හිතුන නිසා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“ම්ම්ම්හ්හ්හ්………”

උදේ නැගිටපු මං දැක්කෙ මගෙ බදවටා එතිලා තියෙන රැවුලගෙ අත් එත් එක්කම මං ඊයේ හරි සනීපෙට මෙයාගෙ පපුවට ගුලිවෙලා නිදන් හිටියා කියලා මතක් වෙද්දි ඇතිවුන ලැජ්ජාවටම මගෙ මූණ රතුවුනේ මං ඒ ග්‍රහනයෙන් මිදෙන්න හදද්දී

“මුලුරෑම සනීපෙට මගෙ පපුව උඩට වෙලා නිදන් ඉදලා දැන් කොහෙද මේ පැනලා යන්න හදන්නෙ ම්ම්හ්හ්…..”

ඒ ග්‍රහණයෙන් මිදිලා හිමීට ඇදෙන් බහින්න යද්දිම එකපාරටම රැවුලා එහෙම කියාගෙන මාව ඇදලා ගත්තෙ මාව නැවතත් ඒ පපුව උඩටම වැටෙද්දී

“හිතුවක්කාරි දැන්වත් ඔය කටින් ආදරෙයි කියපන්කො බන් හිතේ තියන් ඉන්නැතුව තව”

ලැජ්ජාවට රතු වෙලා තිබ්බ මගෙ මූණ දිහා බලාගෙන එයා එහෙම කිව්වෙ ඒ සැනින් මගේ  මූණ කලුවෙලා යද්දි

“මං ගැන දැන දැන ම ඇයි මට ආදරේ කරන්නේ”

“දැන් ඒකද ප්‍රශ්නෙ ම්ම්… මං ඔයාගෙ රිපෝට්ස් බැලුවා අපි ට්‍රීට්මන්ට්ස් කරලා ඉක්මණට සනීපවෙමුකෝ ඕක මහලොකු දෙයක් නෙවෙයි ”

“මෝඩි මේ අහපන් ඔයාවගෙ ගොඩක් කට්ටිය ඉන්නව මේ ලෝකේ ට්‍රීට්මන්ට්ස් වලින් පස්සෙ බබලා ලැබුනු”

මං බිදුන කටහඩින් අහද්දි එයා හරිම සැහැල්ලුවෙන් කිව්වෙ මාව තුරුල් කරගන්න ගමන්

“ඒ……….”

“එහෙම නොවුනත් මගෙ ආදරේ අඩුවෙන්නෑ ඒ නිසා හිතුවක්කාර කම් කරන්නැතුව ඉදපන්”

මං කියන්න යන දේ දන්නවා වගේ මං කියන්නත් කලින් එයා තරවටුවක ස්වරූපයෙන් එහෙම කිව්වෙ මාව තව තවත් ඒ ගතට හිරකරගනිමින්

මං දන්නවා මෙයා ඔය දේවල් කියන්නෙ අගෙ හිත හදන්න කියලා ඒත් දැන් මට මොන හෙතුවක් නිසාවත් මේ ආදාරේ නැතිකරගන්න බැරි කමක්මගෙ හිතට දැනිලා ඉවරයි සමහර විට මං ආත්මාර්ථකාමී වෙන්නඇති ඒත් මං ඒ ආදරේට ලෝබයි

වෙලාවකට මේ ආදරේ හංගගන්න මගෙ හිතත් එක්කම සටන් කරලා මට දැන් හරි මහන්සියි

“කෝ දැන්වත් කියනවකෝ”

“ආදරෙයිද මට”

“නැහැ”

ටික වෙලාවකින් මගෙ කනට ලංවෙලා රහසින් වගේ  එයා ඇහැව්වෙ මං ටිකක් අවුස්සන්නත් එක්ක එහෙම කියද්දි

“ඇත්තටම නැද්ද”

“ම්හු”

ඒත් එක්කම මූණත් බෙරිකරන් ආපහු සැරයක් එහෙම අහද්දී මං හිනාවත් ආයසයෙන් මැඩගෙන එහෙම කිව්වේ ඒ මූණ තවත් හතරැස් වෙද්දී

“හිතුවක්කාරි”

එත් එක්කම මූණත් හතරැස් කරන් එහෙම කියාගෙන මටත් ගස්සගෙන වොෂ් රූම් එකට යන්න ගියේ මං මගේ හිනාව අමාරුවෙන් නවත්ත ගනිද්දී

“ඒයි රැවුලෝ ඔන්න තරහා වුනොත් මං ආදරේ නෑලූ හොදේ”

වොෂ් රූම් එකේ දොර වැහෙද්දිම මං සද්දෙට කෑගහලා එහෙම කිව්වෙ එකපාරටම මං කිව්ව දේ තේරුම් ගන්න බැරිවුන රැවුලා මටත් ඔරවලා දඩාස් ගහලා දොර වහද්දී

“හෝව් හෝව් මොකක්ද ඒ කිව්වෙ”

ටික වෙලාවකින් බයවෙලා වගේ එකපාරටම දොර ඇරපු රැවුලා මගෙන් එහෙම ඇහැව්වෙ ඒක ඒ  අහපු විදියට මගෙ කටින් හිනාවක් පනිද්දී

“දෙපාර දෙපාර පොල් ගාන්නෙ නෑ රැවුලෝ”

“මොකක්ද කිව්වෙ ඔහොම ඉන්නවා”

“හිතුවක්කාරි”

“මං ආදරෙයී රැවුලෝ”

ඒත් එක්කම මං හිනාවෙලා එහෙම කිව්වෙ ඒකා බොරු කේන්තියක් මවාගෙන මගෙ ලගට එන්න හදද්දී මං තව පාරක් කෑ ගහලා කියලා කාමරෙන් එලියට දිව්වෙ හිනාවෙවී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“සෝනූ අනේ උබට කරදරයක් නෑ නේද”

මාත් වොෂ් එකක් දාගෙනම රැවුලා ගෙනත් දීපු ඇදුමත් දාගෙන එළියට එද්දිම නිකියා කෑ ගහගෙන ඇවිත් මාව බදාගත්තේ මාව ගැස්සිලා යද්දි

“ඊයෙ ශශී අයියා කතාකරල උබට කරදරයක් නෑ කිව්වට උබව දකිනකන් මං හිටියේ ඇගේ ලේ වතුර වෙලා”

“ඌ කොහොමද බන් ගේ ඇතුලට පැන්නෙ”

“හරි හරි බන් ටිකක් ඉදගනින්කො මෙන්න මෙහෙන්”

ආපු ගමන් මාවත් අල්ලගෙන නවත්තන්නෙ නැතුව කියවගෙන කියවගෙන යන නිකියට මං එහෙම කිව්වෙ ඒකි කතාව නතරකරලා ගිහින් ඇද උඩින් වාඩිවෙද්දි

“අරයා ඒක අයියටත් කියලද බන්”

“උබට මොලේ හොදනැද්ද ගෑණියේ”

” උබේ ෆෝන් එකට ඊයෙ කෝල් අරන් උබ ආන්සර් කරන්නැති කොට තමයි මං ශශී අයියට ගත්තෙ උබව ටිකක් බලන්න කියන්න එතකොට තමා ඒකා මටත් මේක කිව්වෙ”

“අනික උබ හිතනවද සොහාන් අයියා මේක දන්නවනම් නිකන් ඉදී කියල එහෙනම් මේ වෙනකොටත් අරූ සමාදානයෙන් සැතපෙනවා”

ඒත් එක්කම නිකියා කේන්තියෙන්ම කියවගෙන කියවගෙන ගියේ මගෙ හිත ටිකක් සැහැල්ලු වෙද්දී

“මේහ් ඒකනෙවෙයි උබත් ශශී අයියට රැවුලා කිය කිය බැන බැන ඉදලා අන්තිමේදි ඒකා එක්කම කොක්ක අමුණගත්තා නෙහ්”

ඒත් එක්කම නිකියා මං දිහා බලලා කිණ්ඩියට හිනාවෙලා ඇහැව්වෙ ලැජ්ජාවට මගේ මූණත් එක්ක රතු වෙද්දී

අපොයි සැක් විතරක් දැන් ඉතින් මේකි ඕකට මාව මාසයක් විතර යනකන් නෝන්ඩි කරයි

“මේ මං භානුක අයියා එක්ක ගිහින් අර ඊයෙ යකානටපු ගේ එහෙම අස් කරලා දාන්නම් උබ ඒක ඉවර උනාම එහෙට වරෙන්කෝ”

“ආ මේ මතක් කරලා කාලා බෙහෙත් ටික බීපන් ඈ”

ටික වෙලාවකින් නිකියා එහෙම කියාගෙන මං ළඟින් ගියේ මාත් ඒකි පස්සෙන් සාලෙට යද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එදායින් පස්සෙ මාසයක කාලයක් ගෙවිලා ගියේ දිනෙන් දින මාව සුපුරුදු තත්වයට පත් කරමින් වගේම මගෙයි රැවුලා ගෙයි ආදරෙයි දවසෙන් දවස දළුලා වැඩෙද්දි

ඒ වගේම අපි දෙන්නගෙ ආදරේ අක්කටයි අයියටයි ත් රහසක් නොවුනෙ රැවුලා අර සිද්දිය ඇරෙන්න මං එකාට කැමති වුනා කියලා පහුවදාම අපෙ අයියගෙ කනේ තියලා තිබ්බ නිසා

හැබැයි ඉතින් ලව් කලා කියලා මගෙයි මගේ රැවුල් බබාගෙයි රංඩු නම් නැවතුනේ නෑ.අඩුම තරමෙ සතියකට එකපාරක් හරි මොකක් හරි හිතුවක්කාර වැඩක් කරලා මගෙ රැවුලාව අවුස්සගෙන බැනුමක් ඇහැව්වෙ නැත්නම් මට මාර අඩුවක් දැනෙන්නේ හරියට රෙදි නැතිව ඉන්නවා වගේ

අද ඉතින් ඉරිදා දවසක් මටත් නිවාඩු මගෙ රැවුල් බබාටත් අද නිවාඩුද කොහෙද නිකියත් ගෙදර නෑ පට්ට කම්මැලි ඒ නිසා මං රැවුලා වත් ඇදගෙන බීච් එකට ආවෙ ඒකා ගෙදර ඉදන් ෆිල්ම් එකක් බලමු කියල එතන පරල වෙන්න යද්දී

ඔය කිව්වට ඔය මෝඩයා බලන ෆිල්ම් එකක් නෑ අප්පා මැදක් හරිය වෙද්දී කරන්නෙ මාව බදාගෙන ඉබින එක ඒහෙම නැත්නම් මාව බදාගෙන නිදාගන්න එක

කොහොමරි හැබැයි මොනාවුනත් අන්‍තිමට සභාසම්මත වුනේ මගේ යෝජනාව තමා

______________________________________________

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.