Katha Ahura

හිතුවක්කාර ආදරී | 27 කොටස | නවකතාව

4.8/5 - (30 votes)

27 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

ඒත් එක්කම එතනට ආපු රැවුලා ඒ සැණින් හිතන්නවත් ඉඩක් නොතියා විනෝද් ට සැර අතුල් පහරක් දීලා එහෙම කියාගෙන දත්කූරු සපමින් ඒ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තේ මං ගල්ගැහිල යද්දී

මං විතරක් නෙවෙයි විනෝද් ඉන්නෙත් එකපාරටම උන දේ හිතාගන්න බැරුව ෆුල් හොල්මන් වෙලා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

“මේ අහපන් එදා තෝ කරපු කියපු හැමදෙයක් ගැනම මං ළඟ සාක්ෂි තියෙනවා හැබැයි මං තාමත් ඉවසන්නෙ ඒකෙන් මේ අහිංසකීටත් බලපෑමක් වෙන නිසා”

“තෝ කරන කියන හැමදේම ඉවසන් ඉද්දි තෝ හිතන් ඉන්නෙ අපි පො#%&#% කියලද යකෝ”

“අනේහ් අපි ය……….”

ඒත් එක්කම මගෙ හිතෙ ඇති වෙච්ච බයට මං රැවුලගෙ අතේ එල්ලිලා කිව්වෙ ඒ සැණින් එකපාරටම එයා ඇස් දෙකත් රතු කරන් ඒ නහරවැලුත් උලුප්පගෙන ඔරවගෙනම මං දිහාට හෙලපු ඒ දැඩි බැල්මට මං ගැස්සිලා ගිහින් මගෙ අත් දෙකත් ඒ අත්වලින් මිදෙද්දි

කේන්තිය වැඩි කමට එයාව වෙව්ලනවා නහරවැල් ඉදන් ඉලිප්පිලා

“මේක හොදට මතක තියාගනින් තෝ ආයි මේ කෙල්ලට කරදරයක් කරන්න තියා හිතලවත් තිබ්බොත් මං තෝව මරනවා දැනගනින්”

“වරෙන් යන්න”

ඒත් එක්කම එයා ඒ කියපු දේත් එකක මගෙ දෑස් ගැස්සිලා යද්දී එයා එහෙම කියලා විනෝද්ව තල්ලු කරලා දාලා මාවත් ඇදන් එතනින් එන්න ආවෙ මාව පරඩැල වගේ ඒ පස්සෙන් ඇඳිලා යද්දි

“නැගපන් වාහනේට”

“තොටත් මාර ආමාරුවක්නෙ තිබ්බෙ බීච් එන්න”

“දැන් සැප ඇතිනෙහ්”

මාව වාහනේ ලගට තල්ලු කරලා එයා සද්දෙට කෑ ගහලා එහෙම කිව්වෙ මගෙ ඇස් වලට කදුලු පිරෙද්දී

ඒත් එක්කම එයා මං දිහාවට බැල්මක්වත් නොහෙළා එහාපැත්තෙන් ගිහින් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තේ මාත් හරියට රොබෝ කෙනෙක් වගේ ගිහින් වාහනෙන් ඉදගද්දි

මං මේ එයාට මෙච්චර කේන්ති ගිහින් ඉන්නවා දැක්කමයි.තාමත් මගේ පපුව ගැහෙනවා

අර්පාට්මන්ට් එකට එනකන්ම අපි අතර තිබ්බෙ දැඩි නිහඩ බවක් ඒ වගෙම අර්පාට්මන්ට් එකට ආවටත් පස්සෙ එයා මාව මගඇරලා කතාබහක් නැතුවම වාහනෙන් බැහැලා යද්දි මට දුක හිතුන්නෑ කිව්වොත් බොරු

මේ ටික කාලෙට අපි කොච්වර රංඩු උනත් ඒ හැමදෙයක්ම ටිකවෙලාවකින් හරි ඒත් අද එයා මේ හැසිරෙන විදියට මගෙ හිතට දැනෙන්නේ වේදනාවක්

ඒ වගේ ම විනෝද් වගෙ මනුස්සයෙකුට ආදරේ කරපු එක ගැන මට හිතෙන්නෙ කියාගන්න  බැරි පසුතැවීමක් වගේම පිළිකුලක් කරපු පව් පස්සෙන් පන්නනවා කියන්නෙ මේකට තමා

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“සෝනූ සෝනූ”

“ම්ම්….හ්හ්හ්….”

නිකියා හීනෙන් වගේ කතාකරනවා ඇහෙද්දී මගේ හිස ඇතුලෙන් වගේම මුලු ඇගම තදින්ම වේදනා දෙද්දි මං අහපසුවෙන්ම ඇස් දෙක අරින්න උත්සහ කරත්ම එය අසාර්ථක වුනේ දැනුනු අපහසුවට මෙන්ම අධික සීතලට මගෙ මුවින් කෙදිරියක් නික්මෙද්දී

“අනේ මේ බලපන් උබේ ඇග ගිනිකබල වගේ බන්”

“සෝනූ සෝනූ කතාකරපන්කෝ බන්”

“ඉ…න්..න දි…ය..න්….කෝහ්”

කලබලෙන් වගේ  මාව නැගිට්ටවන්න උත්සහ කරපු නිකියට මං අපහසුවෙන්ම එහෙම කිව්වෙ ඒ වෙලාවෙ ඇගට තදින්ම දැනුනු අපහසුවට

ඒත් එක්කම ටික වෙලාවකින් මගෙ නලලට සීතලක් දැනෙද්දී මට එහෙම්මම නින්ද ගියේ ඇගට දැනුනු අමාරුවට

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඊයේ රෑ තරමටම මගේ ඇගට වගේ ම ඔලුවට වේදනාවක් නොදැනෙද්දි මං හෙමිහිට මගෙ ඇස් ඇරලා බලද්දි දැක්කෙ මගෙ එහාපැත්තේ ඇදවිට්ටමට ඔලුව ගහන් නිදන් ඉන්න රැවුලවයි සෝෆා එකේම නින්ද ගිහින් තියෙන නිකියවයි

ඒ මූණුවල තියෙන්නෙ තෙහෙට්ටු පාටක් ඒත් ඒක්කම මගේ හිතට ඒ දෙන්නාම ගැන දැනෙනෙ කියාගන්න බැරි සෙනෙහසක්

“මැණිකහ්”

“දැන් ඔයාට ටිකක් හොදයි නේද උනත් බැහැලා ගිහින්”

“ෂ්ෂ්ෂ්ෂ්ෂ්……….”

ඒත් එක්කම මං අපහසුවෙන්ම කෙළින් වෙන්න හදද්දී ගැස්සිලා වගේ ඇහැරුන රැවුලා කලබලෙන් වගේ මගෙන් එහෙම ඇහැව්වෙ මං ඒ දෙතොලත අතරට මගෙ දබර ඇඟිල්ල තියලා සොෆා එකේම නින්ද ගිහින් තියෙන නිකියව ඇස් වලින් පෙන්නද්දි

“ම..ට දැන් හොදයි”

“හොදයි තමා හිතුවක්කාරී”

“ඔයින් ගියා මදැයි තියෙන හිතුවක්කාර කමට ඊයෙ හවස වතුරෙ නටල නටලා”

එත් එක්කම මං ඒ පපුවට තුරුල් වෙලා රහසින් වගේ කිව්වෙ එයා තරවටුවක ස්වරූපයෙන් එහෙම කියල මගේ හිස්මුදුනෙ දෙතොල් තදකරද්දි

“නපුරා”

“ආව්හ්… යස්සණී”

එත් එක්කම මං ඒ පපුව ෂර්ට් එකත් එක්කම මගෙ දසන් වලින් අල්ලගත්තෙ එයා වේදනාවෙන් කෑ ගහද්දි ටික වෙලාවකින් ෂර්ට් එක එහා මෙහා කරලා ඒ දසන් පහර හිටලා තිබ්බ තැන මගෙ දෙතොල් තිබ්බෙ එයා හිනාවෙලාම මගෙ ඔලුව අතගාද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

එහෙම්මම සතියක කාලයක් ගෙවිලා ගියේ මගේ සෞඛ්‍ය තතවය යහපත් තත්වයට පත්කරමින් වගේම මාව මගේ සුපුරුදු දිනචර්යාවට අනුගත කරමින් වගේම හෙට තියෙන නිකියගේ එන්ගේජ්මන්ට් එක නිසා ඒ වැඩවලටත් මාව ඇර කට්ටියව ම කාර්‍ය්බහුල කරවමින්

හදිස්සියෙම භානුක අයියට අවුරුදු දෙකකට රට යන්න වෙන නිසා පුලුවන් තරම් ඉක්මණට පොඩියට එන්ගේජ්මන්ට් එක ගන්න ඕනේ කියලා ගෙවල් වලින් කියනවයි නිකියා කිව්වෙ මං අසනීප වුනාට පස්සෙ දවසේ

ඔය දේවල් වලට මහන්සි වෙලා මං අසනීප වැඩිකරගනියි කියලා ඒකියි රැවුලයි දෙන්නම ඒ වැඩ වලට ‍රෑ දවල් නොබලා මහන්සි වෙද්දී මට වුනේ ඒ ඩබලගෙ අණට කීකරු වෙලා නිවාස අඩස්සියෙ ඉන්න

ඒත් මාත් සමහරක් වෙලාවට පණ්ඩිත වැඩක් කරන්න ගිහින් මට වෙන්නෙ අන්තිමට නිකියගෙන් පලුයන්න අහගෙන මූණත් හතරැස් කරන් පැත්තකට වෙන්න

එකිගෙ එන්ගේජ්මන්ට් එක දවසට මං අදින සාරියෙ ඉදල අනිත් හැමදේම ඒකි හොයලා බලල අරන් එද්දි මට වුනේ උඩ බලන් ඉන්න හරි නම් වෙන්න ඕනෙ ඒකෙ අනික් පැත්තනෙ වෙලාවකට මට කෙන්තියිත් එක්ක මේකි එක්ක ඒකියි මනමාලි ඒකි හරියට හැසිරෙන්නෙ මං මනමාලි වගේ

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“සෝනුවෝ නැගිටපිය”

“ම්ම්….හ්හ්හ්හ්”

“මට කියන්නෙ තෝව ඇද පිටින් උස්සන් යන්න  කියලද”

පහුවදා උදේ නිකියගෙ සද්දෙට මං නිදිමතේම ඇදේ එහා මෙහා පෙරලෙද්දි නිකියා සාරියකුත් පටලගෙන මාව නැගිට්ටවමින් කලබලෙන් කාමරේ එහා මෙහා දිව්වේ මං නැගිටලා ඇද විට්ටමට හේත්තු වෙලාම මේ වැඩ දිහා බලන් ඉද්දි

ඔව් ඔව් ඉතින් තොට පුළුවන්නම් ඒකත් කරයි තමා

“උබ දැන් ගල්ගිලල වගේ ඉන්නේ ඇයි යකෝ අනේ අම්මපා අද කසාදයක් බදිනවයි  කියලා තොට ගානක්වත් නැති හැටි”

“ඉතින් යකෝ මං යැ බදින්නෙ තෝනේ බදින්නෙ අනික මං ඔතනට වෙලාස්සනින් ඇද පැළඳගෙන ගියයි කියල තොපි එකෙක් වත් මට වැඩක් කරන්න දෙන එකක් යැ”

“මට තියෙන්නෙ තොපි කරන වැඩ දිහා බකන්නිලං බලාන් ඉන්න තමා”

නොරිස්සුමෙන් වගේ මං ඒකි දිහා බලලා කියල දැම්මෙ ඒකි තාමත් කලබලෙන් එහා මෙහා දුවද්දී

“හරි හරි බන් ඉක්මණට ගිහින් වොෂ් එකක් දාන් වරෙන්කෝ අර මේකප් දාන අක්කලත් ඇවිත් පරක්කු වෙනවා යකෝ”

“යකෝ මට කිව්වනම් මං ඊයේ රෑම ලස්සනට උබේ මූණත්තහඩුව පාට කරල තියෙනවනේ මොකටද නිකන් මේ උදේ ම වෙන මිනිස්සුන් ගෙ කාලෙ කන්නෙ”

“එනම් උබට තියෙන්නෙ උදෙම නැගිටලා ඔය යාර හය ඔතාගෙන සුබමුහුර්තියෙන් ගමන් පිටත් වෙන්නනේ”

“අනෙහ් මෙහ් සෝනූ තෝ මගෙන් කුණුහරුප අහගන්නැතුව ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන්”

මං ටිකක් සීරියස් පිට මේකිව අවුස්සනත් එක්ක කිව්වෙ මේකි මූණත් රතු කරන් එහෙම කියලා මටත් ගස්සලා කාමරෙන් එළියට යද්දි

______________________________________________

කමෙන්ට් එකක් දාගෙන යන්නෝ

4 thoughts on “හිතුවක්කාර ආදරී | 27 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.