Katha Ahura

හිතුවක්කාර ආදරී | 28 කොටස | නවකතාව

5/5 - (30 votes)

28 කොටස❤️❤️

පසුගිය කොටසින් ,

“අනෙහ් මෙහ් සෝනූ තෝ මගෙන් කුණුහරුප අහගන්නැතුව ගිහින් වොෂ් එකක් දාගෙන වරෙන්”

මං ටිකක් සීරියස් පිට මේකිව අවුස්සනත් එක්ක කිව්වෙ මේකි මූණත් රතු කරන් එහෙම කියලා මටත් ගස්සලා කාමරෙන් එළියට යද්දි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“සෝනූ කෝ හරිද බන්”

“ආ හරි හරි ඇවිත් මෙන්න මෙහෙ කට්ට ගහපන්”

මං සාරියේ රැලි ටික හදන අතරතුරේ නිකියා කාමරේට එබිලා තුන්වෙනි පාරටත් ඔය කෑ ගැහැව්වෙ මාත් ඒකිට එහෙම කියද්දි

“මේ බන් උබ එහෙනම් මේකප් දාගෙන කොන්වෙත් හදාගෙන ශශි අයියා එක්ක ඉක්මණට වරෙන් මං භානුක අයියා එක්කලා යනවා ඈ”

මගේ කට්ට ගහලා මේකි මං මුකුත් කියන්නත් කලින් එහෙම කියාගෙන දිව්වෙ මාත් තුෂ්ණිම්භූත් වෙලා බලන් ඉද්දී

යකෝ මේකිට ඒ ගමන මොන යකෙක් වැහිලද හැබැයි ඔය යන විදියට මට ස්ථිරවම එක දෙයක් නම් කියන්න  පුලුවන්  ඕකිට අද කසාද සහතිකේට අත්සන් කරන්න වෙන්නෙ ඔය සාරිය අතට අරන් තමා

ටික වෙලාවකින් මාත් අර අක්කලට කියලා සිම්පල් මේකප් එකක් දාගෙන මගෙ දිග කොණ්ඩෙට සිම්පල් හෙයාර්ස්ටයිල් එකකුත් දාලා කඩා හැලෙන්න දැම්මෙ වැඩ සේරම ඉවර වෙලා කණ්ණාඩිය ළඟින් ගිහින් හිටගත්තාම මේ ඉන්නෙ මමද කියලා මටත් අදුරගන්න බැරිවෙද්දි

පළල් උරහිසත් පිරුණු උකුලත් මගේ හමේ පාටටම කැපෙන පොට කඩාහැලෙන්නට දාපු  රතු පැහැ සාරියත්,එම පාටින්ම මසා ඇති ඕෆ්ශෝල්ඩර් සාරි ජැකට් එකත් නිසාවෙන් මගෙ රුව තව තවත් කැපී පෙනිණි.

අර අක්කලා දෙන්නා අර්පාට්මන්ට් එකෙන් පිටවෙනවත් එක්කම දොරෙන් ඇතුලට ආපු රැවුලා මාව දැකලා මං දිහා කන්න වගේ බලන් ඉද්දි ඒ බැල්ම නිසාවෙන් මට දැනුනෙ මගෙ මගේ කන්දෙකේ ඉදන් රත් වේගෙන එනවා වගේ

ලැජ්ජාවට මං මූණත් බිමට හරවගෙන එයා ලගට ගියත් එයා ඇස් පිය නොහෙලා බලන් හිටියේ මං දිහා නිකන් ගල්වෙලා වගේ

යකෝ මේ මනුස්සයා ගල්වෙලාද නෑ නෑ කලින් මේ දොරෙන් හොදට ඇවිදන් ආවනේ

“ආව්ව්හ්හ්හ්හ්……”

“ආහ් කතාකරන්න පුලුවන්ද”

මං ඒ අත කොනිත්තන්වාත් එක්කම ඒ මුවින් වේදනාත්මක කෙදිරියක් පිටවෙනවත් සමාග ඒ මං කොනිති ගහපු අත පිරිමදිමින් ඒකා මං දිහා බැලුවේ මං කිණ්ඩියට වගේ එහෙම අහද්දි

“අහ්…ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ඒ සැණින් මාව ඒ පපුවට ඇදලා අරන් ඒ දෙතොලින් මගෙ දෙතොල් අල්ලගත්තේ නොහිතපු වෙලාවක මේ වුන දෙයින් මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙද්දි

“ම්ම්…….ස්ටෝබරි රසයි ඈ”

“අනේ……හ් යනවා යන්නහ් මෝඩයා”

ඒත් එක්කම ටික වෙලාවකින් මගෙ දෙතොල් වලින් මිදිලා ඒ දෙතොල් වල ගෑවිලා තිබ්බ මගේ ලිප්ස්ටික් ඒ මහපට ඇගිල්ලෙන් පිහින ගමන් මගෙ මූණට එබිලා මනමාල බැල්මක් දාලා එයා මට කිව්වෙ මං ලැජ්ජාවට එහෙම කියාගෙනම ඒ පපුවට බරවෙද්දී

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

අපි දෙන්නම අර්පාට්මන්ට් එකේ ඉදලා මග දිගට එන ගමනුත් විනාඩි පහෙන් පහට මේ මනුස්සයා මගේ අත අරන් පිටිඅල්ල ඉබින ගමන් තමයි වාහනේ ඩ්‍රයිව් කලේ

මේකත් වෙලාවකට පුදුම කෝලමක් තමයි බොරු කියන්න ඔනි නෑ ඉතින් අද මගෙ කොලු පැටියත් මාරම හැන්සම් ඈ මගේ ඇදුමටම මැච්වෙන්න ඇදලා අම්මෝ අද නම් මේකාව පරිස්සම් කරගන්න වෙයි වගේ මට

ඇස් වලින් මගෙ කොලු පැටියව අනුභව කරමින් ඉදපු මං ගැස්සිලා ගියේ එකපාරටම මෙයා වාහනෙ අයියලගෙ වත්ත ඇතුලට දාද්දී

ටිකකින් වාහනේ නවත්තලා මෙයා වාහනෙන් බැහැලා යනවත් එක්කම සමහර විට අයියලත් අපි එක්කම යන්න එනවා ඇති කියලා එයාගෙ පස්සෙන් මාත් ගේ ඇතුලට ගියේ මගේ හිතේ පුංචි සැකයක් මතු වුනත් ඒක වැඩිය ගණනකට නොගෙන

ගෙට ඇතුල් වෙනවත් එක්කම මගෙ ඇස් ජිල්බෝල සයිස් වෙලා මාව ගල්ගැහිලා ගියේ ඇතුලෙ හිටපු කට්ටිය දැකලා වගේම  ලස්සනට සරසලා තියෙන ගේ දැකලා

ඇහ් යකෝ මේ මොකද මේ කට්ටියම මෙතන හරි නම් භානුක අයියාලගෙ දිහානෙ ඉන්න ඔනෙ මේ අය

රෙජිස්ට්‍රාර් කියලා හිතන්න පුලුවන් ගෑනු කෙනෙක් මේසෙක වාඩිවෙලා මොනවදෝ ලියමින් ඉද්දි මං දැක්කෙ ඊට එහාපැත්තෙන් මං දිහා ලස්සනට හිනාවෙලා බලන් ඉන්න රැවුලගෙ අම්මයි තාත්තයි වගේම අපේ අයියයි අක්කයි

“මැණිකහ්”

එත් ඒක්කම මගේ චූටි බබියා ලස්සන රෝස පාට ගවුමක් ඇදගෙන නිකියගෙයි භානුක අයියවයි අල්ලන් ඇස් නටව නටව හරි හරියට කියව කියව ඉන්නවා දකිද්දී මං ගැස්සිලා ගියේ ඒ කටහඩට

“කෝ දැන් මනමාල මහත්මයයි මනමාල මහත්මියයි ඇවිත් මෙතනින් ඉදගත්තනම්”

රෙජිස්ට්‍රාර්තුමිය හිනාවෙලා එහෙම කියනවත් එක්කම කට්ටිම ලස්සනට හිනාවෙලා අපි දෙන්නා දිහා බැලුවෙ මාව නිකන් කරකෝලා අත්ඇරියා වගේ වෙද්දි

අනෙහ් දෙයියනේ එත්කොට මේ මෝඩයා මාවද අද කසාද බදින්නද හදන්නේ

“මැණික කෝ එන්න යං අපි”

මගෙ මුලු ඇගම සීතල වෙලා යද්දි මගෙ හිතට ඉවෙන් වගේ යමක් තේරෙද්දි මගෙ හිතේ ඇතිවවුන පුදුමෙත් , සතුටත් , කෝලබවත් නිසාවෙන් මගෙ ඇස් වල හීන් කදුලු පටලයක් ඇඳුණේ ඒත් එක්කම ලස්සනට හිනාවෙලා එහෙම කියාගෙන මගේ රැවුලා මගෙ කරවටෙන් අතදාගෙන ඒ පපුවට මාව ලංකරගනිද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“සොනාලි අහස්මා දිසානායක වන මම මෙහි සිටින ශශික කේනූර් අබේනායක යන අයව මාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිළිගන්නා බවටත්, සැපේදිත් දුකේදිත් මොහුගේ ළඟින් ම ඉන්නා බවටත් මෙහි සිටින සියලුමදෙනා ඉදිරියේ දිව්රාපොරොන්දු වෙම්.”

“දැන් එහෙනම් මනමාල මහත්මයා මෙහෙම කියන්නකෝ”

මං එහෙම කියලා ඉවරවෙද්දිම රජිස්ටාර්තුමිය කිව්වෙ එයා දිහා බලලා

“ශශික කේනූර් අබේනායක වන මම මෙහි සිටින සොනාලි අහස්මා දිසානායක යන අයව මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් පිළිගන්නා බවටත් සැපේදිත් දුකේදිත් මැයගේ ළඟින් ම ඉන්නා බවටත් මෙහි සිටින සියලුමදෙනා ඉදිරියේ දිව්රා පොරොන්දු වෙමි.”

ලියාපදිංචියෙන් පස්සෙ හැමෝම ඇවිත් අපි දෙන්නාටම සුබපැතුම් එක්කරද්දි එයාගෙ අම්මායි තාත්තයි මගේ ලගට ඇවිත් මගෙ මගේ ඔලුව අතගාලා හැමදාම දෙන්නත් එක්කම මේ වගේම හිනාවෙලා සතුටින් ඉන්න කියල කිව්වෙ මං ඇස් වල කදුලු පුරවන් ඒ දෙන්නටම දණගහලා වදිද්දි

හැමෝමත් කාලා බීලා සතුටු වෙලා අපි එහෙන් එද්දි මං අයියටයි අක්කටයි දණගහලා වැන්දෙ අක්කනම් ඇස් වල කදුලුත් පුරවන් මාව බදාගනිද්දී එහෙම්මම බබියා එක්කත් චුට්ටක් හුරතල් වෙලා අම්මටයි තාත්තටයිත් වැදලා අපි එහෙන් පිටත් වෙලා කෙළින්ම මගෙ හබියගෙ අර්පාට්මන්ට් එකට ආවෙ මගේ හිතේ උත්තර දැනගන්න ප්‍රශ්න සීයක් විතර තියෙද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“මොනාද මැණික ඔච්වරටම කල්පනා කරන්නෙ”

“වෙඩින් එකක් ගන්න බැරිවුන එක ගැන දුකයිද”

රෑටත් කාලා එයා වොෂ් එකක් දාගෙන එනකන් ඇදට වෙලා ඇද විට්ටමට ඔලුව තියන් ඇස් දෙකත් වහගෙන කල්පනාවෙ ඉදපු මං ගැස්සිලා ගියේ මගේ කනගාවින් ඇහුන ඒ කටහඩට වගේ ම මගේ කම්මුලකට දැනුනු ඒ සීතල දෙතොල් පහසින්

“එහෙම නෑ ඒත් ඇයි මේ හදිස්සියෙම”

ඒත් එක්කම එයා හොදහුස්මක් අරන් ඇද එහා පැත්තෙන් ඇවිත් මාව ඒ පපුවට තුරුල් කරගත්තෙ මගෙ නලලත සිපගන්න ගමන්

“ඒ හැමදේකමටම මට දැම්මම උත්තර දෙන්න බෑ ලමයෝ මේ ඒකට වෙලාව නෙවෙයි හරි වෙලාව ආවාම ඒ හැමදේකටම උත්තර ලැබෙයි තේරුනාද”

එත් එක්කම එයා එහෙම කියලා මගෙන් අහද්දි මගේ හිතේ දහසක් ප්‍රශ්න ඇතිවුනත් මං ඔලුව වනලා ඔව් කිව්වෙ එයා ලස්සනට හිනාවෙද්දී

“දුකයිද වෙඩින් එකක් ගන්න බැරිවුන එකට එහෙනම් අපි තව මාස හයකින් වගේ ලස්සනට ගමු වෙඩින් එකක්”

“නෑ නෑ එහෙම ඕනේ නෑ නිකන් අපරාදේ අපි ඒ සල්ලි වලින් වලින් අම්මලා තාත්තලා නැතිවුන එහෙම චූටි පැටව් ඉන්න තැනකට මොකක් හරි උදව්වවක් කරමු”

“ඕනෙම නම් තව ටිකදවකින් අපි ඔයාගෙ යාලුවන්ටයි මගේ යාලුවන්ටයි කතා කරලා ඩිනර් එකක් වගේ දෙමු”

“එහෙම හොදයිනේ”

එයා පසුතැවිල්ලෙන් වගේ එහෙම අහද්දි මං කිව්වෙ එයා ලස්සන හිනා වෙලා මාව තවත් ඒ පපුවට තුරුල් කරගනිද්දි

______________________________________________

ඔන්න එහෙනම් දෙන්නව බන්දලත් දැම්මා හොදේ??????❤️❤️❤️???

කතාව ඉවර වෙන්න ළගයි යාලූ ඉතින් කමෙන්ට් එකක් දාගෙන ම යන්නෝ????

6 thoughts on “හිතුවක්කාර ආදරී | 28 කොටස | නවකතාව”

  1. Congratulations sonu akki and shashi ayya . Ekath ehenam jaya siri managalam una ne hmm kathawa harima lassanai akkiyo hetath kathawa aniwaren danna honda

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.