Katha Ahura

හිතුවක්කාර ආදරී | 29 කොටස | නවකතාව

5/5 - (10 votes)

29 කොකොටස❤️❤️

පසුගිය කොටසින් ,

“ඕනෙම නම් තව ටිකදවකින් අපි ඔයාගෙ යාලුවන්ටයි මගේ යාලුවන්ටයි කතා කරලා  ඩිනර් එකක් වගේ දෙමු”

“එහෙම හොදයිනේ”

එයා පසුතැවිල්ලෙන් වගේ එහෙම අහද්දි මං කිව්වෙ එයා ලස්සන හිනා වෙලා මාව තවත් ඒ පපුවට තුරුල් කරගනිද්දි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“ඒක නෙවෙයි මට තව දෙයක් දැනගන්න තියේ”

“අනේ බන් ඔව්වා නම් පස්සෙ උනත් කතාකරගන්න බැරියැ ඊට කලින් කරන්න කොච්වර වැදගත් වැඩ තියෙනවද”

“ඒ මොනාද”

මං කියනවත් එක්කම එයා මං දිහාවට මනමාල බැල්මක් දාල කටත් හද හද කියද්දි මං සැකෙන් වගේ එහෙම ඇහැව්වෙ මෙයා මේ කි‍යන්න යන දේ ඉවෙන් වගේ තේරෙද්දි

“මේවනෙ බන්”

“ඒයිහ්හ්…….පිස්සා”

ඒ සැණින් මට හිතන්නවත් ඉඩක් නොතියා මං කෑ ගහද්දිම ඒ වගක් ගනනකටවත් නොගෙන එයා මාව ඇදේ පෙරලගත්තේ මාව ඉබින ගමන්

මගේ දෙතොල් ඒ දෙතොල් වලින් අල්ලා ගනිමින් වෙනදා මෙන් නොව අද ඒ දෙතොල් මගේ දෙතොල් පෙති අතර නොසන්සුන් වෙද්දි ටික වෙලාවකින් ඒ ආදරණීය පහසට මාත් නතු වෙද්දි

අපේ සුසුම් වැල් නොසන්සුන් වෙද්දි එයාගෙ වගේම මගේ සලුපිලිත් අපිට නොදැනීම අපේ ගතින් ගැලවිලා ගියේ හිතන්නවත් ඉඩක් නොතියා

වෙනදට සීමාවකට විතරක් කොටුවෙමින් මට ආදරේ දුන්න එයා අද මගේ ගතේ සෑම තැනක්ම අතොරක් නෑර සිපගත්තෙ ඒ පහසින් මත් වෙල හිටපු මාත් එයා එක්ක හරි හරියට එකතු වෙද්දි

ඒත් එක්කම ටික වෙලාවකින් මට දැනුනු වේදනාවත් සමගම මගෙ ඇස් වලින් කදුලු ගලන් ගියේ ඒ පිට මගේ නියපොතු වලට සීරිලා යද්දි ඒත් එක්කම මගෙ මුවින් නැගුනු හීන් කෙදිරියත් සමග ම මං නපුරු රැවුලාගෙම වුනේ සිතින් මෙන්ම ගතින්ද මං එයාගෙ සදාකාලික පතිනිය වෙමින්

ඒත් සමගම ටික වෙලාවකින් මගේ  නලලත මෙන්ම දෑස්ද සිපගෙන හති අරිමින් මගේ ළය මතට කඩාවැටුනේ මගෙ ඇතැගිලි ඒ හිසකෙස් අතර සනීපෙට දගකරද්දි

ටිකවෙලාවක් එහෙම ඉදපු එයා මගේ ගතින් ඈත් වෙලා අපි දෙන්නම වැහෙන්නම් බෙඩ්ශීට් එකත් පෙරවලා මාවත් ඒ උණුසුම් පපුව මත හොවාගෙන නින්දට ගියේ මාත් ඒ උණුහුමේ සනීපෙට නිදිදෙව්දුව වැළඳගනිද්දි

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“ට්..ට්‍රීංංංං”

එකිනෙකාගේ උණුහුමේ වෙළී හිතේ සැහැල්ලුවෙන් මෙන්ම සනීපෙට නිදන් උනු අපි දෙන්නා උඩගිහින් ඇහැරිලා ඉද්ද ගැහුවා වගේ ඇදේ කෙලින් වෙලා ඉදගත්තේ එකපාරටම කනගාවින් ඇහුන ඒ එලාම් සද්දෙට

“එලාම් එකක් නේද බබා ඒ”

බෙඩ්ශීට් එකත් පපුව ලගට කරගෙන එකපාරටම වෙච්ව දේ හිතාගන්න බැරුව උතුර දකුණ මාරු වෙලා හිටිපු මං බයවෙලා වගේ එයා දිහා බලද්දි එයාත් ඇහැව්වෙ මං දිහා බලල පුදුම වෙලාවගෙ

ඒත් එක්කම ඇදේ එහාට මෙහාට දඟලලා අපි ඔලුව දාන පැත්තෙ මෙට්ටෙ යටින් පාන්දර තුනාමාරට එලාම් එක තියපු ඔරලෝසුවක් ඇදලා ගත්තෙ මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙද්දි

“මැණික ඔයාද මේක තිබ්බෙ”

“කවුරු තිබ්බත් වැඩක් නැහ් මට නම් තව ඇහැරිලා ඉන්න බෑ නිදිමතයි”

ඒත් එක්කම ඒ එලාම් එක ඕෆ් කරලා පැත්තකින් තියලා මේකා එහෙම කියලා එහෙමම ආපහු ඇදට වැටුනෙ මං ඒ හිටපු ඉරියව්වෙන්ම ඒකා දිහා ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් බලන් ඉද්දි

ඇහ් ඒ මොකක්ද යකෝ ඒ වුනේ මටපේන්නෙ නිකියයි භානුක අයියලයි එකතු වෙලා අපි දෙන්නට හොද පෝරියල් එකක් සෙට් කරලා වගේ

“ට්..ට්‍රීංංංං”

ටිකවෙලාවක් එහෙම ඉදලා මාත් ඇදේ ඇලවෙන්න හදදිම ආපහු වතාවක් තව එලාම් එකක් වැදුනේ ආපහු වතාවක් අපි දෙන්නම ගැස්සිලා යද්දි

“ඒ පාර තව එකක් නේද”

ඒ සද්දෙට ගැස්සිලා ඇහැරුන එයා ආපහු ඇදේ ඉද්ද ගැහැව්වා වගේ ඉදගෙන ඒක අහපු විදියට මට හිනාවක් යන්න ආවත් මං යටිතොලත් හපාගෙන ඔලුව උඩට  පහලට කලේ පනින්නට වෙර දරපු හිනාව ආයාසයෙන් මැඩගෙන

“ඒය්හ්…මෝඩයෝ”

“ඕ සොරි පැටියෝ”

ඒත් එක්කම මං පපුවට කරන් ඉදපු බෙඩ්ශීට් එකත් ඇදගෙන එයා ඇදෙන් බහින්න හදදිම මං මූණත් රතු කරන් ලැජ්ජාවෙන් කෑ ගැහැව්වෙ එයා මං දිහා බලලා හිනාවෙලා බෙඩ්ශීට් එක අතඇරලා දාලා ඇදපල්ලෙ වැටිලා තිබ්බ එයාගෙ ෂෝට අරන් ඇදගත්තේ මං ලැජ්ජාවට අහක බලාගද්දී

අර්ර් අනේ ඇත්තමයි මේ මොඩයා නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති හැටියක්

“අර්ර්ර් මේ භානුකයා නම්…. කළොත් කරන්නෙ ඔය වගේ අමන වැඩක්ම තමා”

“ශිට් නින්දත් කෑවා එහෙම පිටින්ම”

කාමරේ පුරාම හොයලා ඇදයටින් එකකුත් සෝෆා එක පිටිපස්සෙ හංගලා තිබ්බ එකකුයි වගේ එලාම් තුනක් එයා හොයාගත්තේ භානුක අයියට පලු යන්න බැන බැන

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“ම්ම්…..හ්හ්හ්”

නින්දේ හිටපු මට මගේ කම්මුල් කවුරුහරි සිපගන්නවා වගේ දැනෙද්දී ඒක වැඩි තැකීමකින් තොරවම මං නින්දෙන්ම කෙදිරි ගාගෙන ආපහු එහාපැත්ත හැරුනෙ නැවත නැවතත් ඒ දෙතොල් පහස මගෙ ගෙලට උරහිස්වලට වගේම කම්මුල් වලටත් දැනෙද්දි

“ඒයි මෝඩි උදේ පාන්දරම ආපහු මාව අවුස්ස ගන්න ඕන වෙලාද මේ සේරම එළියෙ දාගෙන ඉන්නෙහ් ම්ම්……..”

ඒත් එක්කම මගෙ කනගාවින් ඇහුන ඒ කටහඩට මගෙ නින්ද වාෂ්ප වෙලා ගිහින් මං ඉන්න විදිය මතක් වෙනවත් එක්කම මගෙ මූණ ලැජ්ජාවටම රතු වෙලා ගිහින් මාව ඉද්ද ගැහැව්වා වගේ නැගිට්ටුනෙ ලැජ්ජාව වැඩි කමට මගේ කම්මුල් දෙකත් රත් වේගෙන එනව වගේ දැනෙද්දී

“දැන් වහගෙන වැඩක් නැතෝ ඊයේ රෑ කලුවරට හරියට බලාගන්න බැරිවුන ටික මං දැන් නම් ඇති වෙනකන් බලාගත්තෝ”

ඒත් එක්කම මං පෙරවන් ඉදපු බෙඩ්ශීට් එක ඉනගාවට වෙනකන් කඩා වැටුනෙ මං මූණත් රතු කරන් එයා දිහා ඔරවලා බලලා බෙඩ්ශීට් එකත් ඇගවටේම ඔතාගෙන බාතෘම් එක ඇතුලට දිව්වෙ එයා සද්දෙට කෑ ගහලා එහෙම කියලා හිනාවෙද්දී

මං වොෂ් එකක් දාගෙන ටවල් එකපිටින් එළියට එද්දි ඉතින් එයා ඉන්නවා ඇදට වෙලා මං දිහාම බලාගෙන ඒ වෙලාවෙ ඒ මූණ බලන්න බැරි කමට මං ලැජ්ජාවෙන් ම මූණත් රතුකරන් අල්මාරිය ළගට ගිහින් ඇදුමක් තෝරන්න ගත්තෙ එයා හෙමින් හෙමින් මගෙ ලගට එනවා දැනෙද්දී

“මගෙ මැණික”

එත් එක්කම මගෙ ලගට ඇවිත් මගෙ බදවටා ඒ අත යවලා මාව පිටිපස්සෙන් ඒ උනුසුම් පපුවට තුරුල් කරන් ඇදරෙද්ද මත ඇති ලේ පැල්ලම ඒ දිලිසෙන ඇස් වලින් මට පෙන්නලා එහෙම කිව්වේ මගෙ කම්මුලක් ආදරෙන් සිපගන්න ගමන්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඔහොම්මම මාස පහක කාලයක්  හීයක වේගයෙන් ගෙවිලා ගියේ එයාගෙයි මගෙයි ආදරේ මැද්දෙ අපේ පවුල් ජීවිතේ ලස්සනට ගලාගෙන යද්දී ඔය අතරෙ ඉතිං පුංචි පුංචි රංඩු එහෙම නොතිබුනාමත් නෙවෙයි

හැමදාම වගේ ඉතින් මං අදත් උදේම නගිටලා එයගේ කම්මුලක් සිපගෙන ඒ තුරුලෙන් මිදිලා වොෂ් එකක් දාන්න යන්න කියලා හිතන් ඇදෙන් බහින්න හැදුවත් එකාපාරටම දැනුනු කැරකිලි ගතිය නිසාවෙන් මං ටිකක් වෙලා ඇදේ වාඩිවෙලා ඇදවිට්ටමට ඔලුව තියන් හිටියෙ ඒ ආඩම්බර මූණ දිහා ආදරෙන් බලාගෙන

ටික වෙලාවකින් ඇදෙන් නැගිටලා මං  යන්න හදද්දී මට ක්ෂණිකව ආපු සිතිවිල්ලකට මං ඒ දෙතොල් මත සිපුමක්  තියලා නැගිටිනවත් එක්කම මාව ඇඳිලා ගිහින් ඒ පපුව මතට වැටුනෙ මං බයවෙලා වගේ එයා දිහා බලද්දී

ඒත් එක්කම එයා හරිම සන්සුන්ව ඒ ඇස් පිහාටු විවර කලේ මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙද්දී

ආපෝ මෙකා නැගිටලද ඉදල තියෙන්නෙ මං කිස් කරද්දි වස ලැජ්ජාව යි සෝනුවෝ

“උදේ පාන්දරම හොරෙන් මාව කිස් කරල කොහෙද මේ දුවන්න හදන්නෙ ම්ම්…….”

ඒත් එක්කම මනමාල බැල්මක් දාලා මාව ඒ වතට හිරකරන් මගෙ මූණට එබිලා එයා එහෙම අහද්දී මට දැනුනෙ පොළොව පලන් යන්න තරම් ලැජ්ජාවක්

“අනේහ් යන්න දෙනවකෝ”

දැනුන ලැජ්ජාවට මං ඒ පපුවට හිසතියාන අතකින් ඒ පපුවෙ රටා මවමින් කිව්වෙ එයාගෙ මේ මුරණ්ඩු කම් වලට මගෙ යටිහිතත් ආසවුණු නිසා

______________________________________________

1 thought on “හිතුවක්කාර ආදරී | 29 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.