Katha Ahura

හිතුවක්කාර ආදරී | 30 කොටස | නවකතාව

5/5 - (5 votes)

30 කොටස❤️❤️

(අවසානයට පෙර)

පසුගිය කොටසින් ,

ඒත් එක්කම මනමාල බැල්මක් දාලා මාව ඒ වතට හිරකරන් මගෙ මූණට එබිලා එයා එහෙම අහද්දී මට දැනුනෙ පොළොව පලන් යන්න තරම් ලැජ්ජාවක්

“අනේහ් යන්න දෙනවකෝ”

දැනුන ලැජ්ජාවට මං ඒ පපුවට හිසතියාන අතකින් ඒ පපුවෙ රටා මවමින් කිව්වෙ එයාගෙ මේ මුරණ්ඩු කම් වලට මගෙ යටිහිතත් ආසවුණු නිසා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
????

“ම්හු බැහ් තව එකක් දුන්නොත් ඉල්ලීම සලකලා බලන්න පුලුවන්”

අනේ ඇත්තමයි මාත් කරගත්ත මෝඩකමක් ආසාවට මේ පිස්සව කිස් කරන්න ගිහින් දැන්නම් ඉතින් මෙයාගෙන් ගැලවෙනවා බොරු

“බැහ් බැහ් අනේ”

“කෝලං කරන්නෙ නැතුව අහකට වෙන්නකෝ”

මං නොරිස්සුමෙන් වගේ එහෙම කිව්වෙ ඒ පපුවට මගෙ අත් තියලා එයාගෙන් ඈත් වෙන්න හදන ගමන්

“අහ් එව්වා කොහෙද නෝනෙ මාත් එක්ක”

“ඒයි මෝඩි”

“මොකක්ද එකපාරටම වුනේ”

ඒත් සැණින් එයා එහෙම කියාගෙන මාව ඒ වතට යටකරගන්න හදනවත් එක්කම මගේ බඩ කැලතිලා මට වමනෙට වගේ ආපු නිසා මං එයාවත් තල්ලු කරන් ඇදෙන් නැගිටලා කටත් වහන් බාතෘම් එකට දුවගෙන ඇවිත් දෙකට නැවීගෙන අමාරුවෙන් වමනේ කලේ එයාත් කලබලෙන් වගේ මගෙ පස්සෙන් දුවගෙන ඇවිත් මගෙ පිට අත්ගාද්දි

“ඒයි එකපාරටම ඇයි මෙහෙම වමනෙ ගියේ තමුසෙ මොනාහරි ජරාවක්වත් කෑවද”

වමනෙ කරලා ඉවර වෙලා මං එයාගෙ ගතට වාරු වෙලා අපහසුවෙන්ම ඇවිත් ඇදෙන් වාඩි වුනේ එයා මං දිහා ඇස් හීනි කරලා බලන් එහෙම අහද්දි

“පිස්සුද අනෙහ් එකපාරටම නෙවෙයි මට පෙරේදා ඉදලා මේක තියෙනවා”

“මොකක්”

මං වැඩිය ගණනකට නොගෙන එහෙම කියද්දි එයා මූණත් රතු කරන් ටිකක් සද්දෙට කෑ ගැහැව්වෙ මාව ගැස්සිලා යද්දී

“ඔහොම යකෙක් වගේ කන ළඟ ඉදන් කෑ ගහන්නෙපා මෝඩයෝ මට බය හිතෙනවනේ”

ඒ කටහඩට ගැස්සුන පාර මං අපහසුවෙන්ම එයා දිහා බලලා නොරිස්සුමෙන් වගේ එහෙම කිව්වෙ එය කලබලෙන් වගෙ මගේ ළඟින් ඉදගනිද්දී

“බබා ඔයාට ගියමාසෙත් පිරිඩ්ස් හැදුනෙ නෑ නේහ්”

“ආහ් ඔව්මයිනේ මට අමතක වුනානේ”

එහෙම්මම මගෙ අත අරගෙන පල්ස් චෙක් කරපු එයා එකපාරටම දෙයක් මතක් වුනා  වගේ ඇහැව්වෙ මං වැඩිය ගණනකට නොගෙන එහෙම කියද්දී

“මේ අහනවා මැණික ඔහොම්මම ඉන්න මං ඉක්මණට ම එන්නම් හරිද”

“කොහෙවත් යන්නෙ නෑ ඔහොමම ඉන්නවා හරිද”

“ක්…”

ඒත් එක්කම එයා මගෙ නලල සිපගෙන මං මුකුත් කියන්නත් කලින් කලබලෙන් වගේ ෆෝන් එකත් අරගෙන කාමරෙන් එළියට ගියේ මං පුදුම වෙලා එයා දිහා බලන් ඉද්දි

යකෝ හොදට හිටපු මනුසායට එකපාරටම මොකද මේ වුනේ

“ම්…..මෙහ්…..”

පැයබාගෙකින් විතර එයා මගෙ ඉස්සරහට ඇවිත් ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන ස්ට්‍රිප් එකක් දික කලේ ඒක දැකලා මගෙ ඇස් ජිල් බෝල සයිස් වෙලා මුවත් ගොලුවෙලා ගොත ගැහෙද්දි

“ම්..ම්ම්මේක මොකටද”

“ඒ…එහ් ක්..කියන්නෙ ම්…මං ”

“ඇතුලට ගිහින් මේක කරගෙන එන්නකෝ මැණික”

ඒත් එක්කම මං ඇස් වල කදුලුත් පුරවන් ගොත ගගහා එයාගෙන් එහෙම ඇහැව්වෙ එයා මාව ඒ පපුවට තුරුල් කරන් මගෙ නලලත් සිපගෙන මගෙ අතට ඒ ස්ට්‍රිප් එක දීලා එහෙම කියද්දී

ප්‍රශ්න දහසක් මගෙ හිත ඇතුලෙන් මතුවෙද්දි මං ඒකත් අරන් වොෂ් රූම් එක ඇතුලට ගියේ හීනෙන් වගේ

ටිකවෙලාවකින් ඒ ස්ට්‍රිප් එකේ පොසිටිව් ලෙස සදහන් වෙනවත් එක්කම මාව ගල්වෙලා ගිහින් ඇස්වලට කදුලු පිරුනේ හිතේ ඇතිවුන සතුටටත් වගේ ම පුදුමයත් නිසාවෙනි

ඒ සැණින් මං කෑගහගෙන ගිහින් එයාව බදාගත්තේ ඒ ස්ට්‍රිප් එකත් එයාගෙ අතට දීලා

ටිකවෙලාවකින් එයා මාව කිටිකිටියේ වැළදගත්තෙ පිස්සුවෙන් වගේ මාව ඉඹිමින්

“අනේහ් එ……එයා ඇවිත් ”

ටික වෙලාවකින් එයා ඒ ගතින් මාව ඈත්කරපු ගමන් මං මගේ කුස පිරිමදින ගමන් ඇස් වල කදුලුත් පුරවන් එහෙම කිව්වෙ එයා ඇස් වලිනුත් එක්ක හිනාවෙවී මං දිහා බලන් ඉද්දි

“එ..ඒත් ……ක්”

“ඔය හැමදේකමටම තව දවස් දෙක තුනකින් උත්තර හම්බෙයි මැණික”

ඒ සැණින් මට මතක් වුන දෙයක් එක්ක මං එයා දිහා බලද්දී මං අහන්න ගියපු දේ තේරුණා වගේ එයා එහෙම කිව්වෙ මගේ කරවටින් අතදාලා මාව ඒ පපුවට තුරුල් කරගන්න ගමන්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඊට දවස් දෙකකට පස්සෙ අපි දෙන්නා හොස්පිට්ල් එකටත් ගිහින් එයා එහෙම්මම මාව අයියලගෙ දිහා එක්කන් ආවෙ මං ඇහැව්වත් මට කිසිම දෙයක් නොකියා

එයාගෙ අම්මයි තාත්තයි නිකියයි භානුක අයියයිත් එහෙට ඇවිත් ඉන්නවා දකිද්දී මගෙ හිතට අමුත්තක් දැනුනත් මං ඒ වෙලාවෙ ඒක වැඩිය ගණනකට නොගෙන ආවෙ එයාත් මගෙ පස්සෙන් වැටෙද්දී

ඒත් එක්කම අයියාගෙ එහාපැත්තෙ ඉදගෙන ඉදපු අපෙ තාත්තගෙ ලෝයර් දැක්කට පස්සෙ මගෙ ඇස් ජිල් බෝල සයිස්  වුනේ අද මොන හෙනගෙඩියක් පාත් වෙන්න යනවද දන්නෙ නෑ සෝනුවෝ කියලා මගෙ හිත කෑ ගහලා කියද්දි

“මං එහෙනම් ගිහින් එන්නම් දරුවෝ”

ඒත් එක්කම ලෝයර් අංකල් අයියගෙ පිටට තට්ටුවකුත් දාලා යන්නම් කියලා මගෙ හිසත් අතගාගෙන එහෙම කියලා ලස්සනට හිනාවෙලා එතනින් ගියේ මං තක්බීරි වෙලා වගේ බලන් ඉද්දි

“දුව ඇවිත් මෙතනින් වාඩිවෙන්නකෝ මුලින්ම”

ඒත් එක්කම මං කිසිම දෙයක් හිතාගන්න  බැරුව අයියා දිහා බලද්දි එයාගෙ තාත්තා මට එහෙම කිව්වෙ හරියට මං ඉන්න තත්වෙ තේරුම් ගත්තා වගේ

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“තාත්තා කුඩම්මාව ඩිවෝස් කරලා නංගි”

“පුහ්හ්හ්……….”

“පුතේ බලාගෙන”

“මැණිකහ්…”

අයියා එහෙම කිව්වා විතරයි මං බිබී ඉදපු බීම එකත් මට පිටඋගුරෙ ගියේ හැමෝම ටිකක් කලබල වෙද්දී

“මෝඩයා මං කියලා තියෙනවා නේද කන බොන වෙලාවල් වලට එහෙම ඔය වගේ දරුණු ගණයේ විහිළු කරන්න එපා කියලා”

ටික වෙලාවකින් මගෙ බ්ලව්ස් එකේ හැලුනු බීම ටිකත් පිහදාන ගමන් මං  ඔරවගෙනම අයියට එහෙම කිව්වෙ මේකා ඔහේ මං දිහා බලන් ඉද්දි

“නෑ පුතේ ඒක ඇත්ත”

ඒත් එක්කම එයාගෙ තාත්තා මං දිහා බලලා කිව්වෙ මගේ දෑස් නලලට යද්දී

“හරි දැන් එතකොට තාත්තා කෝ කුඩම්මා කෝ එයාට මොකො උනේ”

“කුඩම්මා හිරේ පුතේ තාත්තා ඒ ගේ ඔයාගෙ නමට ලියලා බිස්නස් එක අයියට පවරලා රට ගියා”

“මොකක්”

තාත්තගෙ හඩින් ඒ ඇහුන දේත් එක්ක මාව ගල් ගැහිලා යද්දි මේ කිසිම දෙයක අඟක් මුලක් ගළප ගන්න බැරිව මං හිටියෙ නිකන් හොල්මං වෙලා වගේ

ඒත් ඒක්කම තාත්තා ගැඹුරු හුස්මක් අරගත්තේ ලොකූ කතාවකට මුලපුරමින්

°°°°°°°°°°°°°°°°°°°°°°°°°

“පුතේ ඔයාලගේ තාත්තා මුලින්ම නිලන්ති එක්ක සම්බන්ධයක් තිබ්බා එත් නිලන්ති ට පුතාලගේ සීයලා කැමති වෙලා නෑ. ඒකට හේතුව නිලන්ති ටිකක් සංකර කෙනෙක් නිසා ඇත්තම කිව්වොත් ඉතින් නිලන්ති කලින් යාලු වෙලා ඉදපු කෙනත් අතැරලා පුතාලගේ තාත්තා එක්ක සම්බන්ධ කමක් පටන් අරන් තියෙන්නෙත් පුතාලගෙ තාත්තගෙ සල්ලිවලට තියෙන කෑදර කමට”

______________________________________________

ඔන්න ලමායී?????? එහෙනම් ඊළඟ කොටසින් කතාව ඉවරයි

කමෙන්ට් එකක් දාගෙන යන්නෝඕඕඕඕඕ ?????????????

1 thought on “හිතුවක්කාර ආදරී | 30 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.