Katha Ahura

හොල්මන් බංගලාව | පළවෙනී කොටස ☠️ | හොල්මන් කතා

4.1/5 - (417 votes)

1වන කොටස

මම තරැකි අමායා ගුණරත්න.මගේ අම්මායි අප්පච්චීයී තමයි මගේ ලොකේ . එකා යකා වගේ තමා ?. උසස් පෙල අවසන් වෙනවත් එක්ක අපි trip එකක් යන්න ලැස්ති උනේ . මගේ හොදම යාලුවෙක් උනු සදුනි අහින්සා ජයලත් එයාගේ අයියා උනු ශාලු නෙත්සිතු ජයලත් තමයි මගේ ක්‍රශ් එක.. හී ?. කොහොමහරි බොහොම අමාරුවෙන් ගෙදරින් කැමැත්ත ගත්තේ රටේ නැති බොරු ගොඩාක් කියලා . අපේ අම්මායි සදූගේ අම්මායී  ගොඩාක් ෆිට් ඒ හින්දා එච්චරම අමාරු උනේත් නෑ … කොහොමහරී හෙට තාමා අපි trip එක යන්නේ අපි හැමෝම නව දෙනෙක් යනවා. මමයී/සදූ කියන්නේ සදුනි එයට අදරේට තමයි සදු කියන්නෙ. ඉතින් එයා තමා මගේ බෙස්ටී .කරන හැම මගෝඩි වැඩේටම සහය පළ කරන මගේ අතිජාත මිත්‍රයා ..? එයාගේ අයියා උනු ශාලු අයියායී / මගේ යාලුවෙක් උනු නදී වගේම ශාලූ අයියාගේ යාලූවෝ උනු නදීක  අයියයි, භානුක අයියයි.. මගේ නැදෑ අයියලා දෙන්නයි . තමයී trip එකට එකතු උනේ. ඉතින් ඒ අයියලාගේ නම්   තමයි චතුක සහ රදීක……

එතකොට අපි ඉතින් යන්නේ පාන් බාගේ වගේ වැන් එකක . හී. පුරුද්දට කියන්නෙ පාන් බාගේ කියලා ?.

ඔන්න ඉතින් හෙට trip එක යන්න  පැය ගානක් බඩු ටික හොයන් ලෑස්තී උනේ අමතක උනු බඩු තියේද කියලත් බලන ගමන් . . මොකද  නැත්නම් ඕනී කරන දේවල් දාල ගියොත්..  අනේ ඉතින් ඒ තරමට මගේ මතක ශක්තිය හොදයී. පනාව ඔලුවේ ගහගෙන පනාව හොයන මිනිස්සුනි ඉතින් අපි.??

එතකොට මගේ අම්මා කතා කරේ කන්න කියලා.

” මාගේ කාන්ති කෙල්ල මොනවද? අනී ඉව්වේ . ම්ම්ම් සුවදේ බෑ ..”

“අනේ සුදු….පිස්සු නැතුව ඇවිත් කන්න. හෙට අරන් යන්න කැම වගේකුත් හැදුවා මතක් කරලා  බැග් එකට දාගන්න. , නැත්තන් ඒකත් තියලා යයී”

හී .. කොහොමහරි  ඉතිං කැම ටිකටත් වැඩේ දීලා . මගේ සෝස කැටේ හොයගේන ගියේ සපාන් නින්දක් දාන්න . කොහෙද ඉතින් ඇදට පැන්නා විතරයි මගෙ උම්මා කැටේ කැ ගන්න ගත්තනී වෙන කවුරුත් නෙවෙයි අනේ . මගේ 4න් එක..

“කරුනාකර ඔබ ඇමතූ ග්‍රාහකයා නිදියහනේ දොයි. පසුව අමතන්න.. ”

“ඒයි පිස්සි හෙට උදේ 4ට යනවා නැගිටපන් හරිද 3ට වත්”

“හරි වදේ” මේ සදුවට නින්ද යන්නැද්ද මන්දන්නෑ ඇයි වදේ මට නිදා ගන්න දෙන්නෙත් නෑනී.හිතුවා විතරයි කියන්න ගියේ නෑ. කියන්න ගියානම් මගේ අහින්සක කන් දෙකට ඇබ  දෙකක්  ගහගෙනත් මදී ඒ ටකරන් වොයිස් එකේ සද්දෙට. ගියාත්මේ ඝන්ටාර පූජා කරපූ මිනිස්සුනී ඉතින් .

දාහක් දේවල් කියා අවසනයේ 4න් රාජයාට වීවේකයක් ලබා දී  නිදාගන්නට ගියේ  හෙට ගමන ගැන බෝහෝ දේ සිතමින්. ඇදට වැටුනු සැනින් නිදිකුමරිය මා සොයා ආවේ   නින්ද ඉක්මනින් ම මා වෙත ලගා කරමිනි.

එක විට ඇසුනු ඝන්ටාර වොයිස් එකෙන්   උඩ ගිය මා දුටුවේ . මගේ හිතාදර බේස්ටි රවන රැවිල්ලයී. වේලාව බැලූ මා වොශ්  රූම් එක දෙසට දුවන්නට ඌයේ මේයාගේ කියවිල්ල අහන්න ගියොත් අද ගෙදර නතර වෙන්නට  නම් වෙන බව දැනගෙනයි.

“ඒයි සදූ හැමදම උදේට අපේ ගෙවල් ගවට වෙලා ඉන්නවකෝ.”

“ඒ මොකටද බන් ඒ” කියා ඇය කුතුහලයෙන් මා දේස බැලූවේ ඇස් ජිල් බෝල සයිස් කරගෙනයි.

“ඔයා කිකිළියෙක් වෙලා හැමදාම  උදේට …. උදේට…  බෙරිහන් දෙන්න. ගමම නැගිටියී . මගේ මැනිකගෙ කටේ සද්දේට….” ?

කියූ මා  වොශ් රූම් එකට දිව විත්  දොර වසා ගත්තේ , ගුටිකන්න ආසන්න  බව දන්න  නිසාය. කේසේ වෙතත් අවසානයේ ලෑස්තී වී දෙමාපියන්ට

වැද ඔව්න්ගේ ආශිර්වාදය මත පිටත් වීමට යාමේදී  ,   අම්මා  පැවසූවේ රාහු කාලය මගහැර  පිටත් වන ලෙසය. නමුත් අප එය ගනන් නොගෙන එවේලේම පිටත් විය.. . කේසේ හෝ මාගේ සොදුරු නින්ද නිසා අපි පිටත් වන විට පාන්දර 5 පසු වි තිබුනී

හැමෝම  මට බනින්නට ඌ අතර එයින් පලමු වැන්නා බවට සදු පත් විය. නමුත් එක් අයෙක් මට නොබැන්න අතර ඒ වෙනකයුරුත් නෙවෙයි  අනේ මාගේ ප්‍රේම භුංගරාජයා උනු. ශාලු අයියාය. ???. කයුරු බැන්නත් මට මොකද අනී. මේ සුටී සිත රිදෙන්නෙ එයා මොනා හරී කිව්වොත් තමයි..?. සාදු කාරය මැද්දෙන් ගමන ඇරඹූ අපී .සින්දු කියමින් . බෙර ගසමින්. නුවරඑළිය trip එක පටන් ගත්තා… ඉතින් අපේ වාහනයේ  driver වූනේ හැමදාම වගේ  භානුක අයියා තමයි. ලස්සන මියුරු කටහඩකට මෙන්ම කඩවසම් රූපයකට හිමිකම් කී ශාලු අයියා ඔහුගේ වයලීනය වාදනය කරමින් සින්දු කියන්නට පටන් ගත්තා .මන් ඔහු දෙස් වශී උවකු ලෙස බලා සිටියේ  වෙනම ලෝකයක අතරමන් වෙමින්. මන් එයා දිහා බලන් ඉන්න බව එක පාරට  ඒක එයාට මිටර් වුනා. වස නොන්ඩියනි ඉතිං ලැජ්ජාව ටැන්කියෙන් එකයි. එකවර මන් බිම බලා ගත්තා   .මනෝ පාරෙන්ම දන්නෙම නැතුව මට නින්ද ගිහින් . එකවර කන් දෙක කූන් ගාගෙන යන ටකරන් වොයිස් එක හින්දා මගේ සුන්දර නින්ද කැඩිලා ගියා…

——————————————————-

මන්= සනූ

කතාව කොහොමද යාලුවනේ….මේක මාගේ පලවෙනි කතාව අඩුපාඩු ගොඩාක් ඇති ඉතින් ඔයාලට තියෙන අඩුපාඩු ගැන කියන්න …. බුදුසරනයි දෙවිපිහිටයි.. පරිස්සමට ඉන්න

6 thoughts on “හොල්මන් බංගලාව | පළවෙනී කොටස ☠️ | හොල්මන් කතා”

  1. අද තමා හැබැයි කියෙව්වෙ. පටන් ගැන්ම මරු.අවසානය වෙනකම් ලස්සන ඇති කියලා හිතනෝ……..❤️?

    2
  2. හේ දැන් කියවන්න ගත්තෙ බලමු ඇත්තටම ලස්සනයි …❤️ ගොඩ කාලෙකින් ඇප් එකෙ කතවක් කියවන්නෙ මේ ආස හිතුන හොල්මන් ලුක් එකෙ කතවක් කියවන්න බලමුකො අපි ඉස්සරහට මොකද වෙන්න කියල

  3. හේ දැන් කියවන්න ගත්තෙ බලමු ඇත්තටම ලස්සනයි …❤️ ගොඩ කාලෙකින් ඇප් එකෙ කතවක් කියවන්නෙ මේ ආස හිතුන හොල්මන් ලුක් එකෙ කතවක් කියවන්න බලමුකො අපි ඉස්සරහට මොකද වෙන්න කියල

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.