Katha Ahura

❤තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හත්වෙනි කොටස| නවකතා

4/5 - (1 vote)

තිස් හත් වෙනි කවිය….

————————————————————————————————————–

පාර පුරා ඇවිදමින් දකින දකින් කෙනාගෙන් හිඟමන් යදින වීදි දරුවන් කිහිප දෙනෙක්…

ඒ පුංචි අහිංසක මූණූ තවමත් අවුරුදු දොළහක පහළවක වයසක් කියා පෑවා..

ඒ අතර හිටියා අවුරුදු හතක් විතර කියන්න පුලුවන් පොඩි දුවෙකුත්…

වැරහැලි ඇඳුම් කෑල්ලට ඒ දරුවන්ගේ ඇට කෝටු වෙලා තිබ්බ සියුර හංගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..

මටත් නොදැනිම මගේ හිතේ ලොකූ දුකක් මේ දරුවන් ගැන ඇති වෙලයි තිබ්බේ…

මං ටික වෙලාවක් මේ ළමයි තුන් දෙනා දිහා බලන් හිටියා…

මටවත් හිටන් ඉන්න බැරි තරමට අව්ව සැරයි.. ඒත් මගේ වයසින් කාලක් විතර වෙච්ච මේ දරුවෝ ටික මහ අව්වේ මිනිස්සුන්ගෙන් රුපියලක් දෙකක් සිඟා කනවා…

මං පාරේ ඇවිද්දේ ලියන්න දෙයක් හොයා ගෙන… මේක තමයි මන් ලියන්න ඕන යාථාර්තය…

රස කර කර බලන්න පුලුවන් සිනී බෝල කතන්දර ලියන්න මගේ කොහොමවත් අදහසක් නෑ…

සමාජයේ කතිකාවතක් හදන්න පුලුවන් දෙයක් කරන්නයි මගේ අප්පච්චි හැමදාමත් කැප වුණේ..

මං ඒ අප්පච්චිගෙම දුවනේ..

හොඳම ලිපියක් ලියනවට වඩා මං කරන්න ඕනි දැන්නන ලියන්න.. මිනිස්සුන්ට තප්පරේකට හරි හිතන්න දෙයක් ලියන්නයි මං මගේ පෑන මෙහෙය වන්න ඕනි…

මට මේ දරුවෝ එක්ක කතා කරන්න වුවමනා වුණා.. ඒත් රතු ඇපල් ගහෙන් සුදු ඇපල් එකපාර ගන්න බෑ වගේ මේ ළමයි එක්ක කතා කරන එක ලේසි නෑ..

හදිසියේවත් මේ ළමයි හිඟා කන්න හොදවලා තියෙන්නේ බජාර් එකේ අයියලා ටිකක් නම් මන් කලින් හිතුවා වගේ මටත් රජ කෑමක් සෙට් වෙයි..

හිතපාන්… මගේ කපටි මොළ පැට්ටෝ හිතපාන්….

හරි… ආවා අදහසක්… වෙනදා කරන දේම කරමු..

මං හෙමින් හෙමින් ඒ ළමයින්ට කිට්ටු වුණා… අනිත් අයට වගේම එයලා මටත් කිව්වේ නෝනා බඩගිනි.. අපිට කන්න කීයක් හරි දෙන්න නෝනා.. නංගිට බඩගිනි නෝනා….

ඒ වචන ටිකට හිත හත් අට පොළකට කැඩිලා ගියා.. ශනිකව මතක් වුණේ ලොකු සහෝදරයා…

“එන්න පැටියෝ.. අපි යමු කන්න…”

මං හරි ආදරයෙන් ඒ දරුවෝ ටිකව කතා කරන් මං කලින් ගියපු පොඩි හෝටලේටම ගියා…

හෝටලේ මුදලාලි මං දිහා බලන් හිටියේ ඇස් දෙක නලලේ තියන්…

හැබැයි අහින්සක පැටව්ගේ මූණු නම් එළිය වෙලා…

මං දරුවෝ වාඩි කරලා හොඳට කන්න අරන් දුන්නා.. කෑම මේසේට ආව ගමන් ළමයි කාගෙන කාගෙන ගියා..

එයලා කන අතරේ මං විස්තර කතා කරා.. මෙයාලගේ අම්මා රට ගිහින්. තාත්තා වෙන කසාදයක් කරගෙන.. තාත්තා මැරුනම කුඩම්මා මෙයලව ටවුන් එකේ ලොකු සුදාට විකුණලා..

ලොකු සුදා ගාව මේ වගේ සිඟමනේ යොදවන දරුවෝ 30ක් විතර ඉන්නවලු…

අරහෙන් මෙහෙන් ප්‍රශ්න අහ අහ මං මේ විස්තර දැන ගත්තේ.. එක පාර අහන්න බෑනේ..

මං දැක්කා කවුද කෙනෙක් කැශියර් එක ළඟ ඉදන් අපි දිහා බලන් හිටියා..

මං බලද්දි චායවක් වගේ ආපු කෙනා යන්න ගියා.. ඒත් මට ශුවර් ඒ ආවේ මේ හිතේ ගින්න අවුලපු කෙනා..

සංදේශ් සර්…

ඔයා සැරින් සැරේ ඇවිත් මේ හිත අවුල් කරනවා..

ලොකු හුස්මක් අරන් මං ආයේ දරුවෝ එක්ක කතා කරා..

එයාලා ඉගෙන ගන්න ආසයිලු. ඒත් ආයේ කවදාවත් ස්කෝලේ යන්න ලැබෙන එකම් නෑ කියලයි එයාලා හිතන්නේ.. ඒත් මේ සඳු ඔයාලගේ අනාගතේ වෙනස් කරන්න ගොඩක් මහන්සි වේවි.. මං පොරොන්දු වෙනවා..

මෙයාලා රෑට නිදා ගන්නේ බාගෙට වැඩ නවත්තපු බිල්ඩින් එකක පහළ තට්ටුවේ පොළවේ පැදුරු එලන්ලු.. රෑට කෑම හම්බවෙන්නේ දවසේ හොඳ ගාණක් හම්බු කරලා දුන්නොත් විතරලු.. පව්… තුන් දෙනාටම දෙන්නේ පාන් බාගයක් විතරලු..

කොච්චර දුකක් මේ ජිවිත අස්සේ හැංගිලා තියෙනවද.. මේවා මාත් එක්ක කිව්වා කියලා දැනගත්තොත් මේ දරුවන්ට හොඳටම ගුටි කන්න වෙයිලු…

මෙයාලගේ අනාගතේ ඉරණම කොහොම විසදෙයිද…? ඒත් මං නම් බලන් ඉන්නේ නෑ…

දරුවන්ට අයිස් ක්‍රීම් කප් තුනකුත් අරන් දීලා මං ගියේ බිල ගෙවන්න..

“අන්කල් අපේ බිල දාන්න…”

“ටිකකට කලින් ඇවිත් ගියපු මහත්තයා නෝනලගේ බිල ගෙව්වනේ…”

ඒ කියන්නේ සර් තමයි බිල ගෙවලා තියෙන්නේ…

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් කමක් නෑ.. දරුවෝ වෙනුවෙන්නේ…

මං පටස් ගාලා හිත හදා ගෙන දරුවෝ එක්ක පාරට ආවා..

“ඔයාලා පරිස්සම් වෙලා ඉන්න.. මට කියපුවා කාටවත් කියන්න එපා.. යන්න පරිස්සමින් ඉන්න…”

සමු ගන්න ලොකු කැමත්තක් හිතේ නැති වුණත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ..

ලස්සන හිනාවකින් මගෙන් සමුගත්තු පුංචි ළමයි තුන්දෙනා පාරේ දිගේ ඉස්සරහට ගියා..

දරුවෝ ඉක්මනට ඔයාලා නිදහස් වේවි..

මං කාටත් හොරෙන් රෙකෝඩ් දාලා තිබ්බ ෆෝන් පොඩ්ඩා අතට ගත්තා.. දැං තියෙන්නේ මියැසියෝ… උඹේ ටයිම් එක…

මං කෙලින්ම ගෙදර ආවා.. මිදුලේ නවත්වපු බයික් එකෙන් මං හිතා ගත්තා ලොකු සහෝදරයා සම්ප්‍රප්ත වෙච්ච බව..

ඊයේ වගේ දුකක්, ආවේගයක් දැං මගේ හිතේ නැති නිසා මං හිටියේ ටිකක් නිවිලා…

ඒත් හිත අස්සේ පැසවන වේදනාව නම් අඩුවක් නැතිවම තිබ්බා…

කරන්න ඕනි කියලා තීරණය කරපු හුඟක් දේවල් මං කොහොමහරි කරපු නිසා හිතට වේදානාවන් අස්සේ සැහැල්ලුවක් දැනුණා..

මාව දැකපු අයියා මාව බදා ගත්තා..

“ඔයාට කොහොමද සඳු..? ඔයා ගෙදර නැති වුණාම මං ගොඩක් බය වුණා.. කතා කරන්නකෝ සඳු…”

බ්‍රේක් නැතුව එයාම කියවලා දැං දෙයියනේ එයාම කියනවා කතා කරන්නලු…

“මං හොඳින් අයියේ… හැමදේම විසදෙනකම් මං හොඳින්… අයියා කාලද..? මං අද ඉඳන් හැමදාම ඉන්නේ මෙහේ.. මං අම්මටත් කිව්වා.. තව මං පත්තරේකටත් ලියනවා අද ඉඳන්…”

මාත් එක හුස්මට කියන් කියන් ගියා හයිස්පීඩ් ප්‍රයිවට් බස් එකක් වගේ…

අයියගේ ඇස් පුදුමෙන් මහත් වෙලා…

“නංගි.. සමාවෙන්න මට.. අම්මව බේර ගන්න බැරි වුණාට.. ඔයාට මේ ගෙදර ගැන හැංගුවට…”

අයියගේ ඇස් වල කඳුලු පිරිලා.. මගේ ඔලුව අත ගගා ඔහොම කියද්දි මටත් ඇඬුම් එනවා…

“අපි වරදක් කරලා නෑ අයියේ.. හැමදේම හොඳට වෙයි… ”

මං කිව්වේ ආයාසයෙන් මූණට හිනාවක් අරන්…

“දැං අයියා කඩේ ගිහින් නූඩ්ලස් හදන්න බඩු ගේන්නකෝ.. මං වොශ් එකක් දාන් ඇවිත් පටස් ගාලා හදන්නම්…”

අයියවත් අමාරුවෙන් කඩේට යන්න තල්ලු කරලා මං කාමරේට ආවා..

දිග දවසක්… අප්පච්චී මං හරි නේද..?

ඇඟ සෝදන් ඇවිත් අයියයි මායි එකතු වෙලා ෆුල් ගේමක් දීලා නූඩ්ලස් එකක් හැදුවා..

අම්මෝ රස නම් එල.. අම්මා හිටියා නම් ගොඩක් සතුටු වෙයි අපි මෙහෙම කාලෙකින් එකතු වෙලා ඉන්නව දැකලා..

ඇත්තටම කාලෙකින් අපි මෙහෙම එකට හිටියේ…

හැබැයි කුස්සිය දැක්ක නම් අම්මගෙන් අපි දෙන්නටම උදේ කෑම නෑ.. ඒ තරම් ලස්සනයි කුස්සිය…

හැමදේම අස් කරලා අපි දෙන්නම ගියා දොයියන්න..

මං නම් ආවේ ලිපිය ලියන්න..

ආයේ මුල ඉඳන් රෙකෝඩ් එක අහලා මං ලියන්න ගත්තා..

අප්පච්චි මට ශක්තිය විතරක් දෙන්න…

වීදී දරුවන්ගේ අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් යොමු කරමින් දරුවන්ගෙන් හම්බ කරන් කන සමාජය ගැනත්, ඒ දරුවන් විඳින දුක් ගැහැටත් මං ඇත්ත ඇති සැටියෙන්ම ලිව්වා මං..

දරුවන්ගේ අනාගතේට යමක් කරන්නයි මට ඕනි වුණේ..

ලිපිය ලියලා ඉවර වෙද්දි 1ත් පහුයි..

හෙට මං කොලේජ් යන්නත් ඕනි…

කොලේජ් එකට යන්න කලින් පත්තර කන්තෝරුවට ගිහින් මේ ලිපිය බාර දෙන්න ඕනි..

කවි හොරා හිටියා නම් ඔයාටත් කවියක් ලියලයි නිදා ගන්නේ.. ඒත් අපි ගොඩක් ඈතයි සර්..

*************************

අයියටත් වැදලා මං ගෙදරින් ආවේ පත්තර කන්තේරුවට යන්න..

අම්මා ළඟ උන්නා නම් අද සතුටු වෙයිද දුක් වෙයිද..? මට හිතා ගන්න බෑනේ මියැසි කෙල්ලේ..

අප්පච්චි මං ඉල්ලනේ ශක්තිය විතරයි.. හැමදේම දරා ගන්න.. ඔයාගේ හැකියාව නම් මං ඉල්ලන්නේ නෑ.. ආදරෙයි ගොඩක්.. අම්මා ඔයාටත් මං ගොඩක් ආදරෙයි…

පත්තර කන්තේරුවට ගිහින් ලිපියත් බාර දුන්නා.. හවස් වෙද්දි කෝල් කරන්නම් කිව්වා..

කොලේජ් එකට යද්දි මං අදත් පරක්කුයි…

උදේ තියෙන්නේ සංදේශ් සර්ගේ ලෙක්චර් එක… මට බනීවිද…?

බැන්නත් කමක් නෑ.. ඒ මගේ සර්.. සර් විතරයි.. මගේ හිත ගත්තු කවි හොරා නෙවෙයි..

ලොකූ හුස්මක් පපුවට අරන් මං හෝල් එක ඇතුළට ගියා..

සර් පරක්කු වෙලා ආපු මං දිහා බැලුවා…

—————————————————————————————————————
අපේ මියැසි කෙල්ලට කලු කෙස් ලෙක්චර් මොනවා කියයිද…?? කෝ කෝ ගෙස්ට් කරන්නකෝ වස්තුලා..

මේ ගෙවෙන්නෙ අවසන් කොටස් කිහිපය…

ඒ නිසා ඔයලට කතාව ගැන හිතෙන දේ මටත් කියා ගෙනම යන්න… කවි කෙල්ල ඔක්කොම කමෙන්ට්ස් කියවනවා…

ආදරෙයි හැමෝටම පැලෙන්න…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි….!!!

92 thoughts on “❤තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හත්වෙනි කොටස| නවකතා”

    1. Fire ball ? බූබූ

      Congratulations ආයූ අක්කේ ??
      මඳෑ….. එක වෙන්න ආවා,ආයු එක නිසා ආයේ හැරිලා යන්න වුණා …??

    2. ?රශී ?

      අක්කි සුභ පැතුම්……
      මදැයි එක වෙන්න දුවගෙන ආවට අක්කි එක වෙලානේ ඉතින් …..

        1. ?රශී ?

          අනේ අක්කියෝ කියන්නකෝ අප්පා ඒ සාස මටත් ඒ විදියට එන්න ආයේ…ඇවිත් first වෙන්න ….???

    3. congratulations nanga??? අලුත් කොටස දාල නේද මං හිතං හිටියෙ මෙි iye කොටස කියලනෙ…දැං දැක්කෙ 37 කියලා..

  1. Fire ball ? බූබූ

    අපේ කලු කෙස් ලෙක්චර් කියයි,දුවේ පරක්කු වෙලා ආවනම්,ඉස්සරහට ඇවිල්ලා ඉඳගන්න කියලා …???
    හරි නේද අක්කේ ….???

    ගොඩක් ලස්සනයි කතාව ???
    උම්ම්ම්ම්ම්මා…….??????

    1. ?රශී ?

      අනා බූබූ අපේ ක්ලාස් වල සර්ලත් ඔහෝමමයි…එකෙන්ම පළමු පෙළ අසුනමයි දෙන්නේ….

  2. ?දුලා?(හස්තිශෛලපුර 2000)

    ලොවක් හදුනන
    සිනා සාගරය
    ඔබයි අපගේ
    විකට නළුවාණන්
    රටක් හඬවා
    ගියත් අද ඔබ
    හඳේ රැදෙනවා
    සදා ඔබ අපේ
    යලිත් එන්න ඔබ
    අපි අතරටම
    නිවන් සුව ඔබට
    පතමි හදවතින්…

    ටෙනිසන් කුරේ රංගධරයාණෙනි ඔබට නිවන් සුව…

    ????

    1. Fire ball ? බූබූ

      හස්තිශෛලපුර…..???
      තුන් තේරවිල්ලක්ද…..?

      හස්ති නම් ඇතු
      ශෛල නම් ගල්
      පුර නම් පුර
      හස්තිශෛලපුර = ඇතුගල්පුර …??

      ටෙනී මාමේ,ඔබට නිවන් සුව ලැබේවා
      ලැබේවා ???

  3. සිනා හසකැන් දෙතොලෙ සැඟවිලා
    ආදරේ හදපතුලෙ ලොක් වෙලා
    දරාගන්නට බැරිව හිත තුල
    නුහුරු හැඟුමක් ඇත නිධන්වෙලා

        1. ?රශී ?

          මලා අක්කි ඒනම් ලොක් එක අරිනවා බොරු..කපාගමුද යතුරක් අපි…???

          1. යතුර කපන්න ගිහින් හාට් එක ඩැමේජ් උනොත්…හතර රියනේ තමා යන්නවෙන්නේ???

        2. මගේ එකත් හොයා ගන්න බැරිව ඉන්නෙ… ඔයාගෙ එක හමිිබුනොත් ගෙනත් දෙන්නමි.??

        1. ?රශී ?

          මාත් හොදින් අනේ ඔයා අක්කියෙක්ද නන්ගියෙක්ද දන්නෑ අප්පා…

  4. ?රශී ?

    අහිංසක ජීවිත වලින් හම්බ කරගෙන කන අය ඕනා තරම් ඉන්නවා මේ සමාජේ…ඇත්තටම පොඩි දරුවෝ තමයි ගොඩක් වෙලාවට අසරණ වෙලා මේ තත්වෙට පත් වෙන්නේ…අපි පව් කියලා එයාලට උදවු කලාට එතන වෙනම රැකියා වෙළදපලක් වගේ……

    මියැසි අයියයි එකතු වෙලා කුස්සිය වනසලා ඇති මෙලහට …අම්මා හිටියනම් ඒම දෙන්නටම හොද පාර හම්බෙයි…..

    ආයේ මොනාද අපේ මියැසි කෙල්ලගේ නික් නේම් එකෙන්ම කලු කෙස් ලෙක්චර් කතා කරයි ඉතින්…ලේට් කමර් කියයි එකෙන්ම…හැබැයි මියැසි කියලවත් කතා කරයිද දන්නෑ ඔන්න…මාධි කරන්නේ ඔහොම වැඩමනේ ඉතින්…

    අදනම් වෙලාවට කතාව දාලා…. නන්ගෝ තැන්කූ හොදේ….

  5. මාධි නංගා කතාව නියමයි හොදේ.අද නම් සර් මොකුත්ම කියන එකක් නෑ.ගිහින් ඉදගන්න කියයි….?
    කතාවෙ හොදම කොටස් ටික තමා යන්නේ…මම නම් හිතන්නේ..පට්ට ලස්සනයි නංගියා කොහොමත් ඔයාගෙ කතා කියවන්න ආසයි.බෝරින් නෑ..වෙනස් විදියට ලියනවා…❤️❤️❤️

    සුබ පතනවා ඔයාට හදවතින්ම..තව ලස්සන කතා ලියන්න…පරිස්සමෙන් සතුටින් සනීපෙන් ඉන්න..
    ජේසු පිහිටයි !!!!❤️??

  6. සර් කාරයා මියැසි කෙල්ලට මුකුත්කියන එකක් නැති වෙයි කියල හිතෙනවා…එ්ත් ඉතිං කියන්න බැහැ…මාධි කෙල්ල ඉතිං වෙනස්නෙ???කතාව නමිි ගොඩාාාක් ලස්සනයි නංගා හරිම අාසාවෙන් කියවනව…හැමදාම කතාව දෙනවනමි ඉතිං තවත් හොදයි???????

        1. ?රශී ?

          ඒකනම් ඇත්ත අක්කි එයි තව ටිකෙන්….නර්ස් අක්කා පේනවද මන්දා හීනෙනුත් ඇහැරෙන්නැත්තේ….??????

          1. Mn dakka comment ekka thiyenwa sinduwaka weda wagayak thiynwa kiyla..eka hinda wenna athi..

        2. ?රශී ?

          ආ ඔව්මයි ඒකනම් මාත් දැක්කා තවම සින්දුවේ වැඩ ඇති ඒනම්..ඒත් වෙන්න බෑනේ දැන් පාන්දරනේ….ගොරව ගොරව දොයි ඇති අනේ…

    1. ?රශී ?

      සංසාරේ මගෙන් තැවුල් ඔබට වෙන්නැති
      ඒ හින්දා නුඹේ හිත රළු පරළු වෙන්නැති….
      නුඹේ හිත පරළු වෙන්නැති

    1. ?රශී ?

      උමතුවෙන් මත් වෙලා
      රාගයට ලොල් වෙලා
      මනස වීදෝ මුලා
      සුමුදු මල් පරවෙලා

    1. ?රශී ?

      ගිම්හානය මා මග හැර
      යළි නොඑනා ලෙස ගියේද
      වසන්තයේ මල් පියවිලි
      යන එන මගතොට තියේද

  7. මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙල්‍රෙ
    මාහා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්
    ඔබ සිටියා නම් …….

  8. මල් මකරන්ද දෝතට අරන්
    නෙතේ කඳුලැලි දරා
    මම මඟ බලා සිටියා
    නෙතු ඝනදුරට තරුවක් වෙලා
    ඔබ එතැයි සිතා
    සිල් බිද ලන්න නොහැකි නිසා
    මම මඟ බලා සිටියා…

    1. ?රශී ?

      අක්කියෝ අනේ අනේ දැන්ම දොයියන්නද හදන්නේ…හා එනම් ගුඩ් නයිට් මගේ අක්කියෝ …..බුදු සරණයි ඔයාට උදේන්ම එන්න එන්නම්….?????????

  9. ගුඩ් නයිට් අක්කි …????

    මමත් ඉතින් තව ටික වෙලාව තම ඉන්න වෙන්නේ.අසනීප නිසා පෝන් එබිල්ල තහන්ම් ????

    1. ?රශී ?

      අනේ පරිස්සම් වෙන්න අක්කි…පෝන් එකේම ඉන්න එපා ඇස් වලට හොද නෑනේ….

      1. Imasha Shehani

        රශී අක්කී කෝමද සැප දුක්? සුවයෙන් ඇතැයි මම සිතමි. ??
        එහෙම නේද?

        1. ?රශී ?

          ඔව් ඔව් නන්ගි බබෝ සුවෙන් සැපෙන් ඉන්නවා මේ…හම්මෝ කියලා වැඩක් නෑ ඒ ගැනනම් අප්පා…ඔයාට කෝමද ඉතින් …

  10. Imasha Shehani

    මාධවී අක්කියෝ, කතාව ඉවර වෙන්න ළගයි කිව්වහම මගේ හද පොජ්ජ මොකක්ද උනා.?

    කතාව ගැන නම් කියන්න දෙයක් නැතේ. ඒ තරමටම ලස්සනේ.??
    ඉතින් අක්කි, අක්කිට ජය වේවා! අක්කිගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.??

  11. ? මහිංසා ?

    ???????? කතාව ගොඩක් ලස්සනයි …හිතාගන්න බෑ …දැන් තමයි කියෙව්වෙ ….????? good luck …All the best Madhi

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.