තිස් හය වෙනි කවිය…
—————————————————————————————————————
කොයිතරම් හිතුවත් මේ මෝඩ හිත නතර වෙන්නේම හිත රිද්දන තැන් වලමයි……
කල්පනා කර කර හිටපු තැනින් නැඟිටිලා කම්බුල් උඩ තිබ්බ වේලිච්ච කඳුලු පාරවල් ටික මකලා දැම්මා… ආයෙම ඇස් වලට කඳුලු උනන්න කලින්….
මං අල්මාරිය ගාවට ගියා.. සුපුරුදු පරිදි ඔක්කොම ඇදුම් මගේ දෙපා නමදින්න ගත්තා…
අල්මාරිය උඩ තිබ්බ මගේ සූස් කේස් බෑග් එක ඇරල ඇඳට දැම්මා…
මං නිතරම අඳින මගේ ජාතික ඇඳුම් ටික අරන් නවල නවලා බෑග් එකට දැම්මා…
අහම්බෙන් වගේ අත ගැටුනේ එදා සර් මට අරන් දීපු ගවුම… අඳින්න හිත කිව්වත් ආසාවට වත් මං ඇන්ඳේ නෑ…
කොච්චර සොඳුරුයිද ඒ දවස්…
කොහේදෝ ඉඳන් ආපු සර්ගේ මතකය මාව වෙලා ගත්තා…
ලේට් කමර්… මට ඔයා තියපු නම… දෙන්න හිතෙනව දවසක් උණ ගැනෙන්න… මට කැත කාර්ඩ් එකක් දැම්මට…
අයියෝ.. එදා රෑ හොස්පිටල් එකේදි.. හරිම සියුම් විදියට මාව සිප ගත්තු හැටි… මට මැවිලා පේන්න ගත්තා..
එදා චූටිමවත් රිදුමක් නොදැනෙන්න ඔයා සිප ගත්තු මේ තොල් අද වේදනාවෙන් පුපුරු ගහනවා…
ආදරෙන් ස්පර්ශ කරපු මේ කම්බුල් අද ඉදිමිලා.. තාමත් රතු වෙලා…
එක අතකට ඔයා වැරදි නෑ සර්…
මමත් මගේ අහිංසක අප්පච්චිගේ මිනීමැරුවා ඉස්සරහ ඔහොම පාලනයක් නැතුව හැසිරෙයි… ඔයාටත් වඩා කේන්ති අරන් සමහරවිට ඔයා රිද්දුවටත් වඩා අනිත් අයව මං රිද්දයි..
ඒත් දෙයියනේ.. මේ වෙච්ච දේවල් වල වැරැද්ද කාගේද…??
සර්.. ඔයා කවි හොරා වෙලා දේව් නිසා බිදිච්ච හිත මටත් හොරෙන් සුවපත් කරා..
ඒ විතරක් නෙවේ.. මටවත් මරන්න බැරි ප්‍රේමයක් මේ හිතේ වපුරලා…
කවි හොරා… ඔයා ඇත්තටම හොරෙක්…
මගේ ඇස් පුර කදුල පෙර නිමිති සටහන් වෙන්නත් කලින් මං නැඟිට්ටා..
මට ඕන පොත් දෙක තුනකුත් බෑග් එකට දාගත්තා.. තව මොනාද…?
හිතේ පාලුව මැකුව කවි පොත ඔයා නැතුව මං කොහොම යන්නද…? කවි පොතත් දා ගත්තා…
මං කවි හොරාට ලියපු කවි කොළ ටිකත් කවි පොත ඇතුළෙම දාගෙන බෑග් එක වැහුවා..
බාත් රූම් ගිහින් උදේ පාන්දර සීතලේ ගැහි ගැහි හොඳට නෑවා… මව්තුමිය ගෙදර හිටියා නම් නාන්න දෙයිද පිංවතුනේ…? නෑනේ…
අම්මා නිදි ඇති.. තාම පාන්දරනේ…
මේ සිතල වතුර ටිකටත් බැරි වුණානේ මගේ හිතේ ගින්න නිවන්න….
මං ඇඳුමකුත් දාන් කොණ්ඩෙත් කඩා හැලෙන්න දාලා කණ්ණාඩිය ගාවට ගියා…
කම්බුලේ ඉදිමුම හින්දා කම්බුලේ මැද තියෙන ඩිම්පල් එක පේන්නෙත් නෑ..
ක්‍රීම් ටිකක් ගෑවා නම් වේදනාව අඩු වෙයි.. ඒත් මට එහෙම වුවමනාවක් තිබ්බේ නෑ.. අලුත් දවසකට හිරු එළිය වැටෙද්දි ඕක මැකිලා යයි…
මං කාමරේ දොර ඇරියා…
අයියා තාම නිදි ඇති…
සැටියෙන් වාඩි වෙලා කොළයකුයි , පෑනකුයි ගත්තා අතට…
අයියේ…,
මං අපේ ගෙදර….
සඳු..
මං සඳු කියන නම අප්පච්චි නැති වුණාට පස්සේ පාවිච්චි කරේ නෑ..
ඒත් දැං මට ඒකට හයිය තියෙනවා…
කොළේ එහෙමම ස්ටූල් එක උඩ තිබ්බ මල් පෝච්චිය යටින් තියලා සාලේ දොරත් ඇරන් මං මිදුලට ආවා…
මං කෙලින්ම ගියේ අරලිය මාවතේ තියෙන අපේ ගෙදරට…
අප්පච්චි ඔන්න මං ජීවීතේට මූණ දෙන්න පටන් ගත්තා…
මං ඉස්සර හිටපු කාමරේට ගිහින් මුලු කාමරේම අස් කරා…
අස් කරා කිව්වට ලොකුවට කරන්න දෙයක් තිබ්බේ නෑ.. අම්මා හිටපු ගෙදරට වඩා මේ ගෙදර පිලිවෙලෙට තියන් ඉඳලා තියෙනවනේ…
ඇඟට මහන්සියක් දැනුණත් හිත ඒ හැමදේම දරා ගන්නවා..
හිතට බය ඇති හිතන්න චුට්ටක් හරි ඉඩක් ලැබුනොත් අඬන්න හේතුවක් හොයා ගනි කියලා..
දැං නම් එළිය වැටිලා…
දැනුයි මගේ වැඩ පටන් ගන්න ඕනි..
මං ගෙදරත් වහලා පාරට ආවා.. මඟින් විස්සක වඩේ ගත්තා නිකන් හප හප යන්න…
හිතට පොඩි හරි සහනයක් ලැබුනම බඩ පැලෙන්න කනවා…
එතකම් ඉවසපන් පණු පැටව්නේ… කොහොමත් ළඟදිම හොඳ කෑමක් මට සෙට් වෙයි වගේ..
අනේ අම්මපා… මීට වඩා හොඳ කෑමක් තියෙද මට කන්න….
මං ගියේ අම්මා බලන්න හිර ගෙදරට…
එක පාරක් ලොකු සහෝදරයත් එක්ක ඇවිත් ටිකක් පුරුදු හින්දා ලොකුවට අවුලක් වුණේ නෑ…
මං බලන් ඉද්දි අම්මා දැල ගාවට ආවා..
හිස් කඩදාසියක් වගේ ඒ මූණ.. කිසිම හැඟිමක් නැති ගානයි..
මේ දවස් ටිකට අම්මා සෑහෙන්න ඇදිලා ගිහින්…
ඉස්සර පස්සෙන් එළව එළව මාව පන්නපු අම්මා.. අද මෙහෙම නිහඬව ඉන්නකොට කොච්චර නම් දුකක් මේ හිතට දැනෙනවද අම්මේ…??
කඳුලු බිංදු බ්‍රේක් නැතුව ඇවිත් ඇස් අස්සේ රැඳිලා.. අම්මා ගාව අඬන්නේ නෑ කියලා හිතන් ආපු හින්දා හරි අමාරුවෙන් ඉවසන් හිටියා…
“අම්මේ….”
නිහඬතාවය වේදනාවක් වෙන්න කලින් මං අම්මට කතා කරා…
“සඳු… දරුවෝ මට සමාවෙන්න… මට වෙන….”
“නෑ අම්මේ… ඔයා හරි.. තමන්ගේ මහත්තයට අවනම්බුවක් නොදී ඔයා අප්පච්චිව බේර ගත්තා.. අප්පච්චිව ආරක්ශා කරා.. ඒත් අපි ගොඩක් වැරදි අම්මේ…”
“අපිට බැරි වුණා අපේ අම්මගෙයි, අප්පච්චිගෙයි නම්බුව ආරක්ශා කරන්න.. ඔයලව රැක ගන්න.. ”
“ඒකට සමාව දෙන්න අම්ම…”
“නොකරපු වැරැද්දකට ඔයා අද දඬුවම් විඳිනවා.. අපි ගොඩක් අසරණ වෙලා…”
තව ඒ ගැන කතා කරොත් මටත් මෙතන ඇඬෙනවා…
“අපි එපා හින්දා අප්පච්චිත් යන්න ගියා.. දැං ඔයත් යන්නයි හදන්නේ.. මාත් යනවා අම්මේ.. අප්පච්චි නවත්තපු තැන ඉඳන් ඉස්සරහට…”
“මට සමාවෙන්න අම්මගේ වචනෙට පිටින් යනවට…”
දැල් උඩ රැඳිලා තියෙන අම්මගේ ඇඟිලි මං හෙමින් අත ගෑවා..
“දන්නවද.. ඔයාගේ අප්පච්චි ඔයාව මුලින්ම අතට ගත්තු දවසේ මට කිව්වා.. ‘මැණික.. ඔයා මං හිතුවා වගේම පුරසඳක් මට ගෙනත්.. හැබැයි කෙල්ල නම් ඔයා වගේ’ කියලා…”
“මං එදා ඔයාගේ අප්පච්චිට කිව්වා.. රූපෙ මං වගේ වුණාට දුවගේ වැඩ නම් අප්පච්චි වගේම වෙයි කියලා..”
“පේනවද දිසා… ඔයාගේ සඳු ඔයා වගේමයි මහත්තයෝ…”
කඳුලු මැදින් අම්මා ලස්සන හිනාවක් මට දුන්නා..
ඒ වචන ටික මට ලොකු ශක්තියක් අම්මේ…
“මං ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි අම්මේ…”
තුරුල් කරන් අඬන්න තරම් හැඟීමක් හිතට එද්දි මං අම්මට සමු දීලා එලියට ආවා..
දැං නම් හිත ගොඩාක් සැහැල්ලුයි…
අප්පච්චි… දැං තියෙන්නේ මගේ දෙවෙනි පියවර…
මං ඊළඟට ගියේ තාත්තා වැඩ කරපු පත්තර කන්තේරුවට… මට එදා ඉන්ටවිව් එන්න කියලා ලියුම එවලා තිබ්වේ මෙහෙන්…
අප්පච්චිත් මේ පත්තරේ ආරම්භක සාමාජිකයෝ..කොටස් කාරයෙකුත් වෙනවා.. මං හිතන විදිය හරි නම් සර්ගේ තාත්තත් මේකේමයි වැඩ කරේ..
මං කවුද කියලා මෙහේ කාටවත් මං දැන ගන්න තිබ්බේ නෑ.. අමාරුවෙන් කර්තෘ තුමා මුණගැහුනා..
මගේ වාසනාවට එදා ඉන්ටවිව් ආපු කවුරුවත් කතෘ තුමාන්ගේ හිතට අල්ලලා නෑ… මට කිව්වා හෙට වෙද්දි ලිපියක් ලියන් එන්න කියලා…
ඒ වැඩෙත් හරි වගේ… කතෘ තුමා වෙලාවට මාව අදුර ගත්තෙ නැත්තේ.. මට නම් පොඩි මතකයක් තිබුනා කතෘ තුමා ගැන.. සමහර දවස් වලට මං අප්පච්චි එක්ක මෙහේ ඇවිත් තියේ..
නයි කයිද පරිප්පු වඩෙ කිව්වලු.. දැං නම් බඩේ පනුවොන්ගේ ඉවසීමේ සීමාවත් පැනලා කිලෝමීටර් 10ක් වත් ගිහින් වගේ..
ළඟ තිබ්බ කඩේකට ගිහින් බත් එකක් කෑවා.. කාන්තාරයකට වැහි බිංදු අරික්කාලක් වැටුණා වගේ..
කාලා බිල ගෙවන්න කැශියර් එකට ගියා..
කැශියර් එකේ හිටපු මුදලාලිට පිටි පස්සේ තිබුන පත්තර වැට ළඟ ඇස් මාව නතර කරා..
පත්තර වල පිටුවේ තිබ්බේ අපේ අම්මා ගැන..
හිටපු එල්ටිටී නායිකාවක් ගාණට දාලා පත්තර වල නිවුස් එක ලස්සනට හදලා තිබ්බා..
හිතට ආපු ආවේගෙට පත්තර වැටම ගිනි තියන්න තිබ්බා.. ඒත් ඒකෙන් අම්මට නැති වුණ ගෛරවය ලැබෙන්නේ නෑනේ..
හිත තවත් හදන් බිලත් ගෙවලා එළියට බැස්සා…
දැං තියෙන ලොකුම ප්‍රශ්නේ පළවෙනි ලිපියා මොකක් ගැනද ලියන්නේ කියලා..
ගෙදර ගිහින් අම්මගෙන් ඇහුවා නම් කියයි.. හොඳම අදහස් කවදත් මව්තුමියගෙනේ…
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
හිත ආයේම ඩෝං ඩෝං ගාලා කැඩිලා ගියා…
මට සමාවෙන්න අම්මේ.. මං ඔයා අකැමැති දෙයක් කරලා හිත රිද්දනවා නම්.. ඒත් මේ මියැසි කෙල්ලත් හිත හදා ගන්න ඕනි…
මං ඔහේ ඇවිද ගෙන ඉස්සරහට යද්දි….
—————————————————————————————————————-
ළමායි…. අපේ මියැසි කෙල්ල මොනවා ගැන ලියයිද…??
අනේ මන්දා…
මේ අහන්න වස්තුලා.. ඉරිදට ඔයාලා ෆ්‍රී වුණාට මේ කවිකාරිට වැඩ වැඩිම දවස ඉරිදා…
ඉතින් පැට්ටෝ කතාව නෑ කියලා අඬන්න හෙම නෑ.. ශෝයි බබාලා වගේ ඉන්න ඕනි…
ආදරෙයි පැලෙන්න..
ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!!!
???
හයියෝ මදැයි first වෙන්න ආවා…ගිනි බෝලේ සුභ පැතුම් හොදේ….
හිහි…..??
ස්තූතියි රශී අක්කේ ?
congratulations bubuu….???
හංසනී අක්කේ ,ස්තූතියි හොඳේ…..???
සුබපැතුම් ගිනී..??
ස්තූතියි මගේ නිදි කුමාරියේ …???
Subapathum bubu baba…
ස්තූතියි හංසරැජිනියේ…..???
සුභ පැතුම් මල්ලි ඔන්න මං ඔයාගෙ කතාවේ කොමෙන්ට් දා පසු කරා
මං දැක්කා අයියේ …
ගොඩක් ස්තූතියි ???
Congratulations gini❤❤❤❤❤
ස්තූතියි ජයශානි අක්කේ ???
Congratulations gini❤❤❤❤
congratulations බූබූ සහෝදරයා ??
ස්තූතියි ෂෙහා සහෝදරී ???
අනේ මන්දා බූබුවෝ එක එක දවසට එක එක නම් කියනෝ??
?????
සුභපැතුම් ගිනී
ස්තූතියි අමා…..??
සුභ පැතුම් බුබූ මල්ලියෝ…?
Kathawa marama lassanai akki
සාමින්දි ,අලුතෙන් ද ???
සාමින්දි නෙමේ..මං හිතන්නේ ගිනී සමින්දි..අපේ නෑයො වෙන නන්ගියෙකුත් ඉන්නෝ සමින්දි කීලා..??
ඔව් නේද අක්කේ ?
අපේ ක්ලාස් එකේ ශාවින්දි කියලා කෙල්ලෙක් ඉන්නො.ඒකයි මං එහෙම හිතුවෙ ???
Mn me para A/L liynw
මන් සමින්දි තමා
කීය වසරෙද ඉන්නේ…?
Ou mn aluthen
සමින්දි අලුත් වගේ තමයි….
රෑ වෙලා එන්නම් මාධී කමෙන්ට් එකක් දාන්න …
මාධවී නංගි මොකද දැන් කතාව වෙලාවට දෙන්නැත්තෙ ආසාවෙන් බලන කතාව වෙලාවට දෙන්නකෝ…
කතාව නං සුපිරි ඕනේ ඇත්තටම ආසාවෙන් කියවන්න පරක්කු වෙන එක තමයි දුක ඔයා ඉතින් කොහොමත් දක්ෂ ලේඛිකාවක් නේ හැමදාම මේ විදියට තියාගෙන යන්න ඔය හැකියාව තෙරුවන් සරණයි ඔයාට ලස්සන දවසක්
තරු ඉගිකරනා
මේ අනන්ත රාත්‍රියේ
නුඹ ඉන්නවා නම්
මා ළගින්
ආසයි කියන්නට
කවි පද වැල් ගොතා
නුඹ නමින් මට ඉතිං
සංසාරෙ දුර ඈත වුව
කෙදිනකහෝ
හමුවී අපි ආයෙමත්
වෙන්නම් නුඹෙම
සාංසාරික ප්‍රේමය
මම ඉතිං තව වරක්
නිසදැස් රජ්ජුරුවෝ ,නිසදැස ලස්සනයි ???
ලස්සනයි ලොකු..??
ලස්සනයි අයියේ..
ලස්සනයි ලොකු සුදු
Godak lassanai akkiyo kathawa ❤❤❤❤❤
?????
කතාව නියමයි මාධි අක්කියෝ☺️☺️☺️☺️☺️☺️☺️
මං මේ මුළු කතාවම කියෙව්වා ඒ නිසා මීට වඩා දිග කමෙන්ට් එකක් දාන්න නම් තෙරෙන්නේ නෑ
මං ඒකේ දිග කමෙන්ට් එකක් දැම්මා ඒ නිසා තරහා වෙන්න එපා හොදේ ☺️☺️☺️☺️☺️☺️
අභී නන්ගෝ….???
☺️☺️☺️☺️
කතාව නම් සුපිරි මාධි අක්කියෝ. හැමදාම කතාව කියවන්න ආසාවෙන් බලන් ඉන්නෝ අනේ. ඒත් හැමදාම නැති එක තමා ප්‍රශ්නේ. ඔයාට ගොඩක් වැඩ වැඩි ඇති නේද. කමක් නෑ අක්කි පුළුවන් විදියට කතාව දාන්න. අපි ආසාවෙන් බලන් ඉන්නේ. ❤️❤️❤️❤️❤️
වැරද්දක් නෑ නුබේ
හැසිරීමේ කලෙසවත්……
සිතා ගන්නට බෑ මෙසේ
දුක් දුන්නේ කෙලෙසදෝ…..
වෙහෙස වෙමි අද පටන්
නුඹ නමින් දිවුරලා……
සොයා ගමි කෙලෙස හෝ
වැරදිකරු කවුරුදෝ…..
❤️❤️❤️❤️❤️❤️
ඒක ලස්සනයි ??? සමා අක්කේ ???
Thx මගේ වදුරු පැටියෝ
සමා අක්කී..ලස්සනයි ..??
නිදි නගෝ………☺️
සමාධි නන්ගියෝ ලස්සනයි….??
ස්තුති රශි අක්කියෝ
මාධවී අක්කියෝ, කතාව නම් මාර ලස්සනයි .අක්කි කොහොමත් පට්ට වැඩ්ඩියෙක් කියලා දන්නවා. මොකද අක්කිගෙ අනිත් කතාත් සුපිරි නිසා.
මන් අක්කිගෙ කතා කියෙව්වෙ ඇබ්බැහි වෙලා වගේ. එච්චරටම අක්කිගේ කතා වලට මන් ආසයි.? ?
මේ කතාව ගැනත් කියන්නන වචන නැ.නියමයි.උපරිම කුතුහලයක් ඇති වෙන්න අක්කි නියමෙට ම කතාව ලියනෝ.අක්කි කොහොමත් දක්ෂයිනේ.
අනේ අක්කියෝ අක්කි busy ඇති. ඒත් කොහොමහලි daily කතාව දාන්න සූටි try එකක් දෙන්න හොදී.
ඉතින් මේ වගේ ලස්සන කතා ලියන්න අක්කිට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.??
මාශා නන්ගෝ…
මාධී අක්කේ ….???
කොහෙද ඉන්නේ ඔයා ….???
දැකලම නෑනේ මෙයාව….????
කතාව සුපිරියි ,අති සුපිරියි….??????
දෛනිකව එන්නෙ නැති එක තමා අවුල….???
මොනා කරන්නද ඉතින් ?????
අඬවන අස්සෙත් හිනාගස්සනවනෙ මෙයා…. කතාව මුලම….???
ඉක්මනට අනික් කොටසත් එක්ක එන්නෝ….????
ආ බූබු….??
..ඕ ලොක්කයියේ සමාදි නංගා.. ලස්සන නිසදැස් දාලා…????
Thx සදු අක්කියෝ. ☺️☺️☺️☺️
කතාව ලස්සනයි අක්කෙ
?????
…මෙන්න බලහල්ලකො වැඩක් දඟයිනේ.. කිරි බොන දරුවෙක් කිරි ඉල්ලලා අඩද්දී මොන අම්මද බොල වැඩ වැඩ කියලා දරුවා බඩගින්නෙ තියන්නෙ.
මාදියො කෝමහරි කෝම කෝම හරි අපිට කතා ඕනි.. නැත්තන් අපි බඩගින්නෙ.. ඉදලා ඉදල කතාවෙ චූට්ටක් කියෙව්වම මටත් දැනෙන්නෙ නිකන් කාන්තාරෙට වැහි පොදයක් වැටුන වගේ කෙල්ලේ..
ඒ නිසා මට මුලු කතාවම ඉක්මනට ඕනි…
ලස්සන කතාවක් ඔහොම පරක්කු කරන්න එපෝ.. අපි පව්…
සදු අක්කි….???
කතාව ගොඩාක් ලස්සනයි මාධි අක්කී..??
නුබට පෙම් කලා මං
දන්නවද එක සිතින්
නමුත් නුබෙ නපුරු කම්
බින්දා මගෙ සිත සෙමින්
දැනෙන මේ වේදනා
පපුව තුල සිර කරන්
අඩනවා හුන් රැයම
කදුලු බිදු සිර කරන්
පුරුදු නෑ මට මෙහෙම
කදුලු නම් කිසිම දින
නමුත් ගලනා කදුලු
නවතන්නේ කෝම මම
දන්නවා මං හොදට
නුබෙ සිතත් රිදුනු වග
මං මෙන්ම නුබත් නුබෙ
පියා ගැන තැවෙන බව
අප්පච්චී හැර ගියත්
ඒ සුවද ලග රැදුනා
ලගින් සිටි අම්මවත්
තනි කරලා දුර ඇදුනා
ජීවිතේ සැනසුමක්
ලැබෙයි කවදාම හරි
එතෙක් ඉවසන්න මට
දිරි දෙන්න පියානෙනි
නුබේ පුන් සදයි මං
ඉටුකරමි නුබෙ පැතුම
නිවන්නට සියලු දුක්
පෑන ගන්නෙමි මෙමං…❤❤
….ස්ලීපින්…. ????????????????? හොඳේ….
සදූ අක්කී..??
ඒක පට්ට නන්ගියෝ ?????
රශී අක්කී..??
ලස්සනයි නිදීයෝ……
සමාදි අක්කී.??
හරි පුදුම ඔබේ ඔය
ආදරේ හිත දරන්
උන්නා මතකයි තවම
ජීවිතේම ඔබ කරන්
හැංගුමක් ඇති දිවියේ
පැරදුමක් අත දරන්
දිනුමකට මග සොයන
නුඹේ දුවයි අම්මේ මන්
අප්පච්චිගේ මගම
ආදරෙන් පිළි අරන්
නැවතුමක් සොයන්නට
ඉන්නේ මන් දින ගැනන්
මාධි කතාව ලස්සනයි නන්ගෝ.පුලු පුලුවන් වෙලාවට පොඩි කොටසක් හරි දාන්න.ඔයා බිසි ඇති තමයි.කතාව ගෙනකන් අපිත් බලාගෙන ඉන්නවනෙ ඉතින් බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..
??????
?????
තැන්කූ නන්ගෝ …???
ලස්සනයි රශී අක්කී..??
නිදී නංගියෝ කෝ අනේ අද ඔයාගේ කතාව නැද්දෝ……… ????
තැන්කූ නන්ගෝ….????
.
දගයිනේ අපේ ආදරණීය අසහාය ප්‍රහසන නලු ටෙනිසන් කුරේ මහත්මයාට නිවන් සුව පතමු..
මිනිසුන්ගේ සිත් තුල ප්‍රීතිය පමණක්ම ඉපැද්දූ ඔහුට නිවන් දකිනා තුරු එවන් සේවයක් කිරීමට වාසනාවත් දීර්ඝායුශත් පතන්නෙමු..
ආදරණීය නලුවානෙණි ඔබ යලිත් අප අතරෙම ඉපිදේවා..!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️