Katha Ahura

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දොරටුව

සිව්වන දොරටුව

හිම්සර මොකෝ යාලුවො එක්ක? මාව මුණගැහෙන්නද? හේමාලෝක හාමුදුරුවෝ මගෙන් ඇහුවේ අපි දොර ළගම හිටගෙන හිටිය නිසා වෙන්න ඇති .

හාමුදුරුවනේ අපි හාමුදුරුවෝ මුණගැහිලා කතා කරන්න ආවේ.. කියලා මම හාමුදුරුවන්ට වැන්දා.. උදේනක , ශානක , රවිෂාන් ඒත් එක්කම වැන්දා .

හදිසි දෙයක්ද? මේ පොඩි කලබලයක් වෙලා පුතාලා ..කියලා හාමුදුරුවෝ ඇහුවේ අපේ මූණ දිහා බලාගෙන .

ඇක්සිඩන්ට් එක නේද හාමුදුරුවනේ ? රවිෂාන් පැනලා කිව්වේ ..

හාමුදුරුවෝ පුදුමයෙන් වගේ අපේ දිහා බලද්දී සරත් අයියා

මම මෙයාලට කිව්වේ හාමුදුරුවනේ .. ඒකයි දන්නේ ..කියල කිව්වා .

ඇක්සිඩන්ට් එක ගැන හිම්සරට දෙයක් කියන්න තියෙනවා හාමුදුරුවන්ට . විනාඩි 10ක් ඇති හාමුදුරුවනේ … උදේනක ඉක්මනින් කිව්වේ පුරුදු කටකාරම ඉස්සරහට දාලා ..

හොදයි සරත් එහෙනම් ගිහිං අනික් ගුරුවරුන්ට කියන්න කලබල නොවී ඉතිරි පැය බාගෙත් උගන්නන්න කියලා .. ළමයින්ට මේ සිද්ධිය ගැන දැන්ම කියන්න එපා කියලා කියන්න … නැත්තම් අනවශ්‍ය කලබලයක් වෙයි ඉස්කෝලේ … කියලා හාමුදුරුවෝ සරත් අයියව පිටත් කරා.

කියමු බලන්න පුතා විස්තරේ… හාමුදුරුවෝ කල්පනාකාරීව බලා හිටියා .

මං දැකපු හීනේ ගැන හැම විස්තරයක්ම හාමුදුරුවන්ට පැහැදිලි කරලා කිව්වා … අන්තිමට මං කිව්වේ හැබැයි හාමුදුරුවනේ ඒක වෙන වෙලාවේ හීනේදී නම් මාත් එතන හිටියා කියලා .

හැමදේම සාවදානව අහගෙන හිටිය හාමුදුරුවෝ
හොදයි මේක කලින් නොකිව්වේ මොකද ? කියලා ඇහුවා .

හීනයක් ගැන කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑනේ හාමුදුරුවනේ . හිම්සර අපිට කියද්දී අපිත් හිනාවුණා … ඒත් හාමුදුරුවන්ට මේක කියන්න ඕනි කියලා හිතලා එද්දී තමා මේක වුණා කියලා ආරංචි වුණේ ..කියලා ශානක කිව්වා .

හොදයි .. මේ වගේ දේවල් වෙන්න පුලුවන් … අපි ඉස්සර වෙලා බලමු හිම්සර පුතා දැක්ක දේවල් හරිද කියලා … එහෙම කියලා හාමුදුරුවෝ කෝල් එකක් ගත්තා .

හෙලෝ ලොකු සර්… සිද්ධිය වෙච්චි තැනට ගියාද ? ආ එහෙමද? මට පොඩි කාරණා ටිකක් දැනගන්න ඕන . …. ඔව්… සදමාලී මැඩම්ගේ තත්ත්වේ කොහොමද ?,…. එහෙමද ? … සිහිය තියෙන අය ඉන්නවද? … එක එක විදියේ ප්‍රශ්න අහද්දී හාමුදුරුවන්ගෙ මුහුණ බැරෑරුම් විදියට වෙනස් වෙනවා අපි බලාගෙන හිටියේ පපුව එකසිය ගානට ගැහෙද්දි …

හාමුදුරුවෝ ෆෝන් එක කට් කරනකල් අපි බලාගෙන හිටියේ මරණෙන් නිදහස් වෙන්න ඉන්න සතෙක් බලාගෙන ඉන්නවා වගේ.

මොකද හාමුදුරුවනේ වෙලා තියෙන්නේ ? උදේනක ඇහුවේ අපි හැමෝටම අහන්න ඕනි වෙලා තිබ්බ ප්‍රශ්නයක් .

හ්ම්… හිම්සර දැක්කා කිව්ව දේවල් ඒ විදියටම වෙලා තියෙනවා .. ඒ නිසා මේ හීනේ ගැන මට පිළිගන්න වෙනවා..හාමුදුරුවෝ කිව්වේ කල්පනා කර කර..

ඒ කියන්නේ ? මං අමාරුවෙන් වචන ගළපන්න උත්සාහ කරා.

දැන් කලබල වෙලා ඵලක් නැහැ . මේකේ මොකක් හරි සම්බන්ධයක් ඇති. අගක් මුලක් හොයාගන්න ඕන . ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි . හිම්සර පුතා ආයෙත් මොකක් හරි දැක්කොත් කලින්ම ඇවිත් මාව දැනුවත් කරන්න .. ඒ වගේම ඔය හැමෝම මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා. මොකද ඒක ඔය ළමයින්ගේ ජීවිතවලට කොහොම බලපායිද දන්නේ නෑ.. හොදයි . දැන් කලබල නොවී පංතියට යන්න … අපි මේක ලිහාගන්න බලමු මේ කරදරේ ඉවර වෙලා … කියලා කිව්ව හාමුදුරුවෝ ඔෆීස් එක පැත්තට ගියා .

අපි හතරදෙනා ඇවිදින රොබෝල වගේ පුරුද්දට පංතියට ගියා.. ඉස්කෝලේ ඇරෙන්න බෙල් කරාට පස්සේ අපි හතර දෙනා එකටම එළියට ආවා … ගේට් එක ළගදී නංගි අපි එක්ක යන්න ආවා. ඇක්සිඩන්ට් එක ගැන මුලු ගමේම ලැව්ගින්නක් වගේ පැතිරිලා තිබුණේ ඒක වෙලා තිබුණේ ඉස්කෝලේට වංගු දෙකකට එහා කහටගොල්ල කඩේ හංදිය ළග නිසා .

ළමයි ඔක්කොම වගේ ඒ පැත්තට ගියේ ගමේ ගොඩක් අය ඒ ගැන කතා කර කර ඒ පැත්තට ගිය නිසා .. අපි පස්දෙනත් ගොලුවො වගේ එහෙට ගියේ හිතේ බයෙන්..

බස් එක පහළ බෑවුමට නොවැටී නවත්තගෙන තිබ්බත් ඉස්සරහ කුඩු පට්ටම් වෙලා තිබුණා .. පොලීසියේ අයට කඩේ මුදලාලි සිද්ධිය පැහැදිලි කර කරා හිටියේ …

පොලීසිය සැක කරේ වරුණ අයියට නින්ද ගිහිං තියෙන්න ඇති කියලා වුණත් මුදලාලි වරුණ අයියා නිදාගෙන හිටියේ නෑ කියලා විශ්වාසෙන්ම කිව්වා ..

යසට ආව බස් එක එක පාරටම පෙරළෙන්න ගියා .. වරුණ ළමයා දන්න අඩව් සේරම දාලා ඒක නවත්තගත්තත් ගල් කණ්ඩියේ බස් එක වැදුණු නිසා බස් එක ඇල වෙලා කට්ටියම ඉස්සරහට විසිවුණා… ඒකයි වැඩිපුරම කට්ටියට තුවාල වුණේ ..කියලා මුදලාලි පොලීසියට කිව්වා .
අපි කට්ටියම එකතු වෙලා යන එන වාහන නවත්තගෙන ඔක්කොම ඉස්පිරිතාලෙට ඇරියා… කියලා කිව්වේ සේතුං මාමා… සේතුං මාමා ඒ වෙලාවේ කඩේ තේ බිබී ඉදලා ..

සේතුං මාමේ ගොඩක් තුවාලද කට්ටියට? කියලා නංගි ඇහුවේ අපි කොල්ලෝ හතර දෙනාටම දැනගන්න ඕනි වෙලා තිබුණු දෙයක් .

ඔව් දුව .. අපිට විනාඩියක් ගියේ නෑ බස් එක ළගට යන්න .. ඒ යනකොටත් වරුණ පුතාගේ හුස්ම ගිහිං … අනෙ තව බඩදරු ටීචර් නෝනෙක් හිටියේ .. බලන්න දුකේ බෑ…. ජනේල පොල්ලක් බඩ මැදින් ගිහිං .. පව් කිරි සප්පයා.. මොන වැරැද්දක් කරාටද..වනේ වන සතෙකුටවත් මෙහෙම විපත්තියක් වෙන්න එපා… අනේ අප්පොච්චෙයේ.. කියලා සේතුං මාමා කම්මුලේ අත තියාගත්තා… ආ… අර නිමල්ලගේ කොලුවත් නැති වෙලා හිටියේ … තව කීදෙනෙක් නම් හිටියද තුවාල වෙලා … කියලා සේතුං මාමා කිව්වේ සදුන් ගැන..

වචනයක් කතා කරගත්තා බැරුව අපි ගොලුවෙලා ඉද්දි තාත්තා අම්මා එක්ක මිනුලිලාගේ ලොරිය ඇවිත් අපි ළගින්ම නතර කරේ මිනුලිලාගේ අයියයි තාත්තයි එක්ක..

-හිම්සර තවත් හීන දකීද? ඇයි හිම්සරටම මෙහෙම හීන පේන්නේ ? දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ඕනි නම් හැම බදාදම කතාව කියවන්න හොදේ ? –

හැමෝම ඉල්ලීම් කරනවා කතාව තව දවස් දෙකක් තුනක් හරි දාන්න කියලා . ඇත්තටම මට අමාරුයි එහෙම දාන්න.. තරහ නොවී සතියකට සැරයක් කියවන්න ඉතින් ?❤

– නයෝමී නදීරා ධීරසිංහ –

11 thoughts on “මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා”

  1. Ammoh.. thawa heena penunata kmk na.. ara wage bayanaka heena saba nowi…

    Kathawa godak lassanai akkiyo…
    All the best…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  2. Ranmali subasinghe

    ලස්සනයි නන්ගෝ .. ඇයි අනේ සතියකට දෙපාරක්වත් දාන්න බැරි???? තරහයි අප්පා… ?????

    හුගක්ම අසාවෙන් කියවන්නේ… ඒකයි ඉල්ලන්නේ… කමක් නෑ සූටියෝ ඔයාගේ කැමැත්තක්… ??සතුටින් ඉන්නකෝ හොදේ??

    දිගගගගගග කොටස් වත් දාන්න ඉතින් අපිට කියවන්න….

    සුභ පැතුම් !!! ????????????
    ටටා බායි…

    1. nayomi nadeera

      තරහ වෙන්න එපා අනේ ?? සතියකට සැරයක් මං දිග කොටස් දාන්නම් ඒකට… ස්තූතියි කතාව කියවනවට ❤

  3. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි සුද්දී කතාව. හා ඉටිම් ඔයා කියන නිසා අපි ඊළග වීක් එක එනකල් ඉන්නම්කෝ ඊළඟ එපිසොඩ් එක කියවන්න. සතියකට එකක් නිසා මීට වඩා දිග එපිසොඩ් එකක් දෙන්නවත් බැරිද ස්වීටියෝ….???

    1. nayomi nadeera

      ෂුවර් එකටම ආයේ දිග කොටස් දාන්නම් … ස්තූතියි කතාව කියවනවට චතූ… ❤❤❤?

  4. නිශා එම්. සුදිරික්කු.

    කතාව නියමයි.???????? කුතුහලය උපරිමයි.??????? Good luck. Keep it up.??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.