Katha Ahura

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 30 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

කතාව කොහොමද?

❤️නොපැතූ සෙනෙහෙ❤️
(දෙවන දිගහැරුම)

-30 වන කොටස-

“අහ් දේව්.. උඹත් ඉක්මනට ඇවිත් බලපන්කෝ…”

මං එතන්ට ගියම room එකේ උලුඅස්සට හේත්තුවක් දාගෙන හිටපු චනුක room එක ඇතුලට අතකුත් දික් කරගෙන පෙන්නුවේ බලන්න කියලා..

මාත් හිමිට හිමිට room එක ඇතුලට ගියේ කුතුහලයෙන්.. බෙරිහන් දෙන්න තරම් මොකද උනේ බලන්න..

මං room එකට ගිහින් වට පිට බැලුවාම දැක්ක දෙයින් මට බකස් ගාලා හිනා ගියා…

බුවනෙකයා වෙස් වලාගෙන තියෙන් විදිහ දැක්කහම හිනා නොවී පුලුවද… බඩ පැලෙනකන් හිනාවෙන්න පුලුවන්…

ඌ කලු උස ජබ්බෙක්.. කොහෙදෝ තිබ්බ ඇදුම් කෑලි ටිකකුත් ඇගේ දවටගෙන විග් එකකුත් දාගෙන මූණටත් මොනාදෝ උලාගෙන… බැලු බැල්මට් ඉති බය හිතෙනවා… ඇයි යකූ කලුම කලුපට එකා සුදු පටට මූණෙ උලාගෙන ඌ නිකන් සුදු හුණු ගාගෙන වගේ.. මහසෝනා පරදයි.. ඒ මදිවට පස්සත් වන වන ගෑනි වගේ කතාත් කරනවා.. අනිත් එවුවෝ ටිකත් බඩ අල්ල අල්ල හිනාවෙනවා..

“හානේ දේව්.. උයා ආවද.. එන්නකො පැටියෝ මෙහෙට..”

බුවනෙකයා කට උල් කර කර ගෑණියෙක් වගේ කතා කර කර මාව ඇදලා ගත්තා.. තව පොඩ්ඩෙන් මට නතරවෙන්න වෙන්නෙ ඔලුවත් පලාගෙන..

ඇයි යකූ ඇද්ද පාර මං ගිහින් නැවතුනේ බිත්තිය ලග.. මං හිනාව ආයාසයෙන් පාලනය කරගෙන මූණට ආරූඩ කරගත්තේ කේන්තියක්…

ඒ ගමන හැමෝම සද්දෙ නවත්තලා බලන් හිටියේ මං දිහා… කවුරුත් හ්ම්ම්ම් සද්දයක් නෑ..

“උඹලා බෙරිහන් දුන්නෙ මේකටද.. උඹලට පිස්සු හැදීගෙන එනවද.. මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දි විකාර කර කර දගලන්නෙ.. මං මේ දුවගෙන ආවේ හොදටම බයවෙලා මොකෝ උනේ බලන්න.. මුං මෙහෙ ආතල් ගන්නවා… මගේ යකා අවුස්සන්නෙ නැතුව හෙට වැඩේට ලෑස්ති වෙයන්… පොඩි මිස්ටේක් එකක්වත් වෙන්න බෑ…”

මට ලේසියෙන් කේන්ති යන්නෙ නෑ.. ආයි කේන්ති ගියොත් ඉතිං ඉවරම තමා.. අරුන්ටික ඒක අත්දැකීනෙන් දන්නවා.. ඒකයි මං බෙරිහන් දෙද්දිත් කට පියාගෙන් ඉන්නෙ කට්ටියම…

මං එහෙම කියලා ඉක්මනට එතනින් පැනගත්තෙ මං තද කරගෙන ඉන්න හිනාව කොයිවෙලේ හරි එලියට පනි කියලා හිතලා..

මං room එකෙන් ආපු ගමන් මතක් උනේ තේනූට කෝල් එකක් ගන්න හැදුවා නේද කියලා.. මං පෝන් එක අතට ගත්තෙ කෝල් එකක් ගන්න..

දෙවියනේ නං දැක්ක දෙයින් මගෙ මුලු ඇගම cool වෙලා ගියා.. මගෙ 4n eke screen එකේ සටහන් වෙලා තිබ්බේ තෙනූගෙ ලස්සන photo එකක් එක්ක sweet heart කියලා..

ඇත්තම කියනවනම් මගෙ phone එකෙන් තෙනූට cll එකක් ගිහින්.. තාම cll එක cutවෙලත් නෑ.. කොහොම ගියාද මංදා කෝල් එකක්.. මං හිත හිතම phone එක කනේ තියාගෙන කතා කලා..

“හෙ.. හෙලෝ මැණික..”

“කරුණාකරලා ඔතන මොනාද වෙන්නෙ කියනවද මට.. ”

“ම්..මොනා ගැනද මැණික අහන්නේ..”

“මේ දේව්.. බබා වෙන්න හදන්න එපා..මට හැමදේම ඇහුනා.. මොකද්ද ඔතන වෙන්නේ.. එතකොට ඔයා කොහෙද ඔය ඉන්නේ?? කවුද ඔතන ඉන්න කට්ටිය..”

“මේ අහන්නකො රත්තරනේ…මෙගෙ යාලුවො ටිකක් ඉන්නේ.. වෙන කවුරුත් නෑ… මං ඉතිං Australia වලනේ..”

“ඔයා මට දැන් බොරුත් කරනවද දේව්.. ඇයි ඔයා එහෙම් කලේ.. ඇ..ඇයි මට ඇත්ත කියන්න බැරි… මගේ ආදරේ මදිද? ඔ.. යාව මං ගොඩක් විශ්වාසය කලා.. ඔයා අද ඒ විශ්වාසෙ කඩ කලා…”

“අනෙ මැණික.. අඩන්න එපා.. plz.. මේ අහන්නකො.. ඔයාගේ ආදරේ මට වැඩිත් එක්ක.. ”

බීප්… බීප්.. බීප්..

මට කියන්න පුලුවන් උනේ එච්චරයි.. එකපාරටම phone එක cut උනා..

මං සැරි සැරින් ආයිත් cll ගත්තා.. ඒත් වැඩක් උනේ නෑ.. phone එක off.. මට දැනුනේ කියාගන්න බැරිතරම් දුකක්.. පපුව නිකන් කවුරු හරි ඇවිල්ලා දෙකට ඉරනවා වගේ වේදනාවක් මට දැනුනේ..

මට ආපු දුකට මං අත මිට මොලවලා බිත්තියට 6 පාරක් විතර ගහගෙන ගියේ මුලු ගෙදරම දෙවනක් වෙන්න කෑ ගහගෙන.. මගෙ අතින් හොදටම ලේ බේරෙනවා. බිත්තිය පුරාම ලේ පැල්ලම්.. ඒත් මට ඒවා ගැන ගානක් උනේ නෑ.. මොකද අතට වඩා රිදුම් දෙන්න ගත්තෙ මේ හිත..

තෙනූ නැති එක මොහොතක්වත් මට හිතන්න බැරි තරම්.. ඒ මගෙ පණ.. එයා මෙහෙම මාත් එක්ක කතා නොකර phone off කරන් ඉද්දි මං කොහොම දරාගන්නද…

මගේ කෑගැහිල්ලට වෙන්නැති යාලුවෝ ටික එතනට දුවගෙන ඇවිල්ලා මාවත් වාරු කරගෙන මාව පුටුවක් උඩින් ඉන්දෝලා එක එක ප්‍රශ්න අහනවා.. තව කවුදෝ මගෙ අතට බෙහෙත් දානවා.. මට ඒ ගැන වගක්වත් නෑ.. මට ඕනි කලේ තනි වෙන්න.. මං අරුන්ව ගනන් නොගෙනම එතනින් නැගිටලා යන්නයි හැදුවේ.. ඒත් අරුන් මට යන්න නොදී තදින් අල්ලන් හිටියා..

“මට යන්න දීපන්.. මට තනියම ඉන්න ඕනි.. වද දෙන්න එපා.. ”

මං බෙරිහන් දුන්නෙ කේන්තියෙන්..

“ඒකනම් කොහොමටවත් කරන්න බෑ.. උඹ අවුලෙන් ඉන්නෙ ඇයි. එක පාරම මොකද උනේ… ඇයි උඹට අපිට කියන්න බැරි.. අපි යාලුවො නෙවෙයිද..”

චනුක අසරණ විදිහට මං දිහා බලලා එහෙම ඇහුවාමනම් මට මං ගැනම ඇති උනේ තරහක්.. මගේ දුකටත්,සැපටත් ඉන්න යාලුවෝ ටික මේවට වැරදි නෑනේ.. උන් මෙච්චර මා එක්ක ඉද්දි මං උන්ව එලෝගන්න හදනවා.. උන්ටත් මං එහෙම කරද්දි දුක ඇතිනේ..

“අපිටත් උඹගේ හිතේ තියෙන ප්‍රශ්නෙ කියලා උඹගෙ හිත relax කරගනින් දේව්.. ඕනිම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙනවා… දැන් ප්‍රශ්නෙ කියපන් බලන්න..”

ඩෙවෝන් මගෙ ළගින් ඉදගෙන ඇහුවේ මගේ අතට බෙහෙත් දාන ගමන්..

අම්මෝ.. ගහගත්තා වගේ නෙවෙයි.. දැන්නම් හිත වගේම අතත් හොදටම රිදෙනවා..

මං ලොකූ හුස්මක් පිටකරන ගමන් වෙච්ච සිද්දිය එකින් නෙක මං එයාලා ඉස්සරහා කියන්න පටන් ගත්තා.. ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන් උන් මේ කතාව අහන් හිටියෙ පුදුමෙන් කියලා උන් දිහා බැලුවාම තේරෙනවා..

“තෙනුෂි කොහොමද එච්චර නපුරු උනේ?”

“මං දන්නෙ නෑ බං.. මට හිතාගන්න බෑ මොකද උනෙඩ් කියලා.. මං කියපු දේවල් වලින් එයා ඔච්චර අවුල් යන්න තරම් දෙයක් නෑ.. මට පිස්සු වගේ. මොකා කරන්නද මංදා… හිතට ලොකු බයකුත් දැනෙනවා මට මගේ කෙල්ල ගැන..”

“ගෙදරට අරන් බලපන්කෝ දේව්..”

“ගත්තා බං.. කවුරුත් answer කරන්නෙ නෑ… මට මුකුත් තේරෙන්නෙ නෑ.. ඇයි තෙනූ එහෙම හැසිරුනේ කියලවත් කියන්න මං දන්නෙ නෑ.. මගෙ ඔලුවත් පුපුරන්න වගේ..”

මං ඔලුව අත්දෙකෙන්ම බදාගත්තේ ඉවසගන්න බැරිතරම් කැක්කුමක් ආව නිසයි..

“මේ panadol එක බිලා ඉදහන්කෝ… දැන් කලබල නොවී ඉන්නකෝ.. අපි මොකද උනේ කියලා බලමු… කෙල්ල විහිලුවක් කරනවද දන්නෙ නෑනේ..”

“නෑ සලිත… මං හොදටම දන්නවා තෙනූ ගැන.. කෙල්ල ඔහොම විහිලු කරන්නෙ නෑ…”

“කිහෙද උඹ ඔය යන්න හදන්නේ??”

මං panadol එකත් බීලා බයික් එකේ යතුරයි,හෙල්මට් එකයි අරන් එලියට බැස්සා විතරයි ඔක්කොමලම මගෙ පස්සෙන් දුවගෙන ඇවිත් බෙරිහන් දෙන්න ගත්තා..

“මං තෙනූගෙ ගෙදර යනවා… මගෙ කෙල්ලට කරදරයක්ද දන්නෙ නෑ.. ගෙදරට ගත්තට answer කරන්නෙත් නෑ.. මං යනවා..”

“විකාර නොකර මෙන්න මෙහෙට වරෙන්… පිස්සුද බං උඹට.. මේ රෑ අච්චර දුරක් කොහොම යන්නද… අනික මේ වගේ තත්ත්වයක් උඩ උඹව කොහොමවත් දැන් යවන්න බෑ…”

“ඒ… ඒත් මගේ කෙල්ල… එයාට කරදරයක්නම්.. මං එයා ලගින් ඉන්න් ඕනි… මට යන්න දීපන් බං..”

“උඹ දැබ් එතන්ට ගියොත් තව ප්‍රශ්න ගොඩක් ඇතිවෙයි… උඹගෙ අම්මලා,තෙනූ,තෙනූගෙ ගෙදර අය හැමෝම දැනගනී ඔයා ගැන… එහෙම උනොත් වෙන්නෙ ලොකු ප්‍රශ්නයක්.. හිතින් නෙවෙයි.. මොලේ කල්පනා කරලා වැඩ කරපන් දේව්… උඹ කොහිමද මෙච්චර නොසැල්කිලිමත් උනේ..”

චනුකගේ කතාව ඇත්ත… මටත් දැනුයි හැමදේම තේරුනේ.. මං කොහොමද මෙච්චර නොසැලකිලිමත් උනේ… මං එතන්ට ගියානම් චනුක කිවුවා වගේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා… දැන්ම මං එයාලා ඉස්සරහට යන එකෙන් වෙන්නෙ එයාලට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙන එක.. එහෙම් වෙන්න දෙන්න බෑ කොහොමටවත්…

“උඹ අවුල් නොගෙන හිටහන්කෝ.. මං මිනූට කෝල් කරලා කියන්නම් මොකද උනේ බලන්න කියලා…”

“උඹනම් දෙයියෙක් බං.. වෙලාවට උඹට මිනූව මතක් උනේ.. මට මතක් උනේම නෑ උඹ කියනකන්.. දැන්ම cll කරලා අහපන්කෝ චනුකයෝ…”

චනුකගේ ඒ ideaවටනම් මට ආවේ එසේ මෙසේ සතුටක් නෙවෙයි… මිනූ තෙනූගේ හොදම යාලුවා නිසා අනිවා තෙනූගේ වෙනසට හේතුවත් දන්නවා ඇති… ඒ වගේම තෙනූට කරදරයක්නම් එයාට ඉක්මනටම ආරන්චි වෙනවා… මිනූගෙන් විස්තරේ දැනගන්න පුලුවන් වෙයි… දැන්නම් හිත ටිකක් සැහැල්ලුයි..ම් ඒත් බයනම් එහෙම්මමයි..

❤️❤️❤️

තෙනූට මොකද එක පාරම උනේ.. ඔයාලට මොකද හිතෙන්නෙ තෙනූගේ මේ වෙනස්වීම ගැන.. කට්ටියට හිතෙන දේවල් කියාගෙන යන්නකො බලන්න… කවුද බලමු හරියටම ගෙස් කරන්නේ??

31ත් අරගෙන හෙට එන්නම්.. ඔන්න මං ගියෝ…

බුදු සරණයි…

මං,
✴️Nawa✴️

3 thoughts on “❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 30 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

  1. Matanam hitenne buwaneka kellek wage kata karapu eka thenu ta ahunu nisai thenu ta taraha yanna athte. ????????????
    Katawa godaaaak lassanai. Hetath digaaaaaaaaaa kotasak danna.
    Good luck. ? ? ? ? ? ? ? ? ? ???????????????

  2. දේව්ගෙ ගේම් එකට තෙනූගෙ උදව් ඕන කරනවා.එයාවත් ගේම් එක ඇතුලට ගමු නේද යාලුවනේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.