?කාලවනය?
4 කොටස
ඒ ලහිරුය .ඔහු ගඟ දෙසට මුහුණලා දිරා ගිය කොටයක් මත අසුන්ගෙන සිටියි.
” ලහිරු ……ලහිරු ………… මං නදීකා, ඔයා ඔතන මොකද කරන්නේ”
“ඔව් නදීකා මං ලඟට එන්න ………..”
නදීකා මෝහනයකට පත් වූවා සේ ලහිරුගේ බහට අවනතව ඔහු අසලට ඇදෙන්නට විය.නදීකා සෙමින් සෙමින් ගොස් ඔහු අසලින් ඉඳ ගත්තාය.
“නදීකා ඔයා මට කැමතිද?”
“ඔව් ලහිරු ගොඩාක් …..”
එක වරම නදීකාගේ ගෙලෙන් අල්ලා ගත් ලහිරු ඇගේ ගෙල මිරිකන්නට විය .
“හහ්හ්හ්හ් හාහ්හ්හ්ජ්හ්හ්,අද රෑට මොලයක් කන්න පුලුවන් ”
ලහිරු තොල කට ලෙවකමින් පැවසුවේ බල්ලෙකු මස් කට්ටක් දුටු කලෙක මෙනි.
නදීකා කෑගසන්නට උත්සාහ කළත් එය ඵලක් නොවීය.ඇගේ හඩ පිට නොවිනි.එතරම් දරුණු ආකාරයෙන් නදීකාගේ ගෙල සිරවී තිබුනාය.සුළු මොහොතකට පසු නදීකා තම අවසන් සුසුම මිහිතලයට පිට කර ඇය මියගියාය.
මොහොතකට පසු දුටුවේ ඇයි අදහා ගත නොහැකි දසුනකි.නදීකාගේ සිරිර වෙත නැමුණු ලහිරු නදීකාගේ එක ඇසක් ගලවා ගෙන තම මුඛය තුල ඔබා ගත්තේය.
“මිනී ඇස් වල අහ……ම්ම්ම්ම්ම්……,වරෙල්ලා යලුවනේ මුංගේ මස් කන්න වරෙන් ….වරෙන්……”
ලේ පෙරෙන මුඛයෙන් පැවසුවේ ලහිරුය.
එකවරම මහා සුලගක් කාල වනය පුරාම ගස් වැල් අබරවමින් හමා ගියේය.බිම වැටී ඇති වියලි කොල කැලය පුරා විසිරී යන්නට විය.කැලයෙහි පිවිසුම ඇති ස්ථානයේ තිබූ බුදු කුටියෙහි පූජා කර තිබූ මල් වට්ටි සුලගින් පෙරලී යන්නට විය.පහන් වැට පොලවෙන් ගැලවී විසිවී ගියේය. කූඩාරම් අවට පොලව දෙදරා යන්නට විය.කූඩාරම් ගැලවී ගියේ නිදා සිටි සියල්ලන්ම පිටතට නිරාවරණය කරමිනි..මේ අතරම ලහිරු නදීකාගේ මල සිරුරෙහි කුස තම දෙඅත් වලින් පලන්නට විය.ඔහුගේ රුව බොහෝසේ වෙනස් වන්නට විය .ඔහුගේ තරුණ්‍යය සහිත රුව ගිලිහී මියගිය සිරුරක් ඔහුට ආරෝපණය වී ඇත.ඔහුගේ මුහුණ කුණු වී ගොස්‍නි.මුඛය තුල ඉහද පනුවන් පිරී ඇත.අත් පා කුණු වී ගොසිනි.මේ අතරම චන්ද්‍ර දේව පුත්‍රයාණෝ වලාකුළු අතරින් මතුවී ආවේය. චන්ද්‍රා ලෝකයෙන් කාල වනය ආලෝක මත් විය.
“අනේ නිලූකා ඔය ෆෑන් එකයි ලයිට් එකයි ඕෆ් කරන්නකෝ…”නිදිමතින් සමීර දොඩවන්න්නට විය.
“සමියෝ නැගිටහන් ,බෑග් ටික ගනින් ,ලහිරුවා පෙරේතයෙක් ඊලගට අපිව කයි.නදීකාව මරාගෙන අනවා අර..”
“අඩේ ඔව් මයි,කස්සෝ,කෙල්ලෝ ටිකත් ඇහැරිලා ශේප් එකේ පනිමුද”
“වරෙන් සමියො….”
“අනේ මල්මී මට නම් බයයි .අනේ……”
“හර්ශනි ශේප් එකේ කසුන්ගේ පස්සෙන් යමු”
පැනයාමේ නඩය සූදානම් විණි.එයට කසුන් ,චාමර,පසිදු,මල්මි,ගවීශා ,හර්ශානි සාමාජිකයන් වූහ.කුඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත ගමන් මලු රැගෙන් පිරිස ,ලහිරු හට පිටු පසින් පැන යාමට සූදානම් වූවා පමණි.
##################################################################
ගස් අතරින් මතුවූනේ අමනුස්ස කණ්ඩායමකි.ඒ කණ්ඩායම අමනුස්සයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විතය.ඔවුන් ගේත් අත් පා කුණු වීය.සමහරුන්ගේ අත් නැත .අතරින් පතර කාන්තා අමනුස්සයන්ද සිටී.මේ අතරම ලහිරු නදීකාගේ අභ්‍යන්තර අවයව පිටතට ගෙන අනුභව කරන්නට විය.
“අනේ මට ඉක්මනටම මෙතනින් පැනගන්න ඔනි,මේ පෙරේතයන් ගෙන් “යැයි පවසා අතුරු පාර දෙසට දිවයන්නට වූයේ හර්ශානිය.අවාසනාවක තරම ඇයට වැඩි දුරක් දිවයාමට නොහැකි විනි.දත් විලිස්සාගෙන ඇය වෙත පැන ඇගේ ගෙල මුඛයයෙන් සිර කරගත්තේ ලහිරුය .එහෙත් නදීකාගේ සිරුර අසල තවමත් ලහිරු සිටියි.හර්ශානි ඔහුගේ මුඛයෙන් ගැලවීමට උත්සාහ කලත් ගැලවීමට නොහැකිවිනි.ඔහු හර්ශානිව අල්ලාගෙන සිටින්නේ ගොදුරක් ඩැහැගත් කොටියෙකු මෙනි.හර්ශානි කෙමින් කෙමින් අඩ පණ විය.ඔහුත් හර්ශානිගේ ගෙල සපා කා රුධිරය බොන්නට විය.
“අඩෝ සද්ද කරන්න එපා,මුං සද්දෙට සංවේදී කියන්නේ මුං සොම්බිලා,ගස් අස්සේ ඉන්න එවුනුත් සොම්බිලා ,කෑ ගහන්නැතුව මෙතන බිමින්ම වාඩි වෙලා බලං ඉමු ,නදීකා ටයි,හර්ශානි ටයි කරන්න දෙයක් නෑ,දුකයි,කරන්න දෙයක් නෑ”
කසුන් රහසින් මෙන් තම මිතුරන් ඇමතීය.
කසුන්ගේ අදහසට එකගව සියල්ලෝම අසල තිබු ගසක් අසලින් අසන් ගත්තේය.මුළු පරිසරයම සද එලියෙන් ආලෝක මත් විනි.ලහිරුලා දෙදෙනාම හර්ශානි ගේ හා නදීකාගේ මල සිරුරු බුදින්නට විනි.ගස් අසලින් මතුවූ අමනුස්සයෝ ද සෙමින් සෙමින් මල සිරිරු කෙරෙහි ඇදීයයි..
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
සමීර හට නිවසෙහි සිටින ඔහුගේ බිරිද නිලූකා මතකයට නැගිනි.ඔහුගේ දෙනෙත් අගින් කදුලු ගලා යන්නට විය.ප්‍රථම වතාවට ඔහුට මරණ බිය
දැනිනි.සියලු දෙනාගේම සිත් තුල මහා දුකක් තම මිතුරියන් දෙදෙනාගේ ඉරණම පිලිබද ඇතිවී තිබිණි..
වාසනාවකටදෝ අහස දෙස බැලූ චාමර සද එලියෙන් ඔවුන් අසල තිබූ සුවිසල් ශාකය හදුනා ගත්තේය.ඒ බෝධීන් වහන්සේ නමකි . එයින් චාමරගේ සිතෙහි නව ජවයක් ඇතිවිණි.
මේ අතරම සමීරගේ අතට අසුවුනේ බිම වැටී තිබූ………………………………………………………………………………………………………………………..
අවසාන කොටසින් හමුවෙමු
සියලු අයිතීන් කර්තෘ සතුය
Kasun gayantha
බුදු සරණයි!
කර්තෘ අයිතිය සුරකින්න.
ඔන්න හතවෙනි කොටස දැම්මා. තව කොටසයි තියෙන්නේ ඉවරවෙන්න , තරහාවෙන්න එපා යාලු කතාවට ප්‍රතිචාර නම් අඩුයි.
කතාව නවත්තන්නත් හිතෙනවා………… බලමු……
???????????????????????
ඒ මොකක්ද අප්පා ඒ වුණේ…. මටනම් හිතාගන්නත් බෑ…මොනා වුණත් අපි ඉන්නවා අනේ ඔයා එක්ක හැමදාමත්…. බුදු සරණයි! නංගෝ…
කතාව හරිම ලස්සනයි .
හැමදාම කතාව කියවනවා .
All the best.
???????
අනේ එහෙම කරන්න එපා … අපි හැමදාම කියවනවා … හුගක්ම ලස්සනයි කතාව… ??????? බයත් හිතෙනවා … හෙටත් දිගගගගගග කොටසක් දාන්න …
සුභ පැතුම් !!! ????????
අම්මෝ සුපිරි කතාව…පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා…
Kathawa lassanai .ath ai ikmanata iwara karanna ane..all the best…
Ammoo a kathawa nam harima lassanai.
Good luck ??