Katha Ahura

?ඒන්ජල්?| තුන් වනදිගහැරුම| නවකතාව

3/5 - (14 votes)

??ඒන්ජල්??
???තුන්වන දිගහැරුම ???

අම්මට හොරෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුනා.මගෙ හිත ගැන මටත් වඩා හොදට අම්මා තේරුම් අරන් තිබ්බා.මගෙ අම්මා හිත හදාගෙනයි හිටියෙ.මටත් කිව්වෙ ඒ දේවල් ගැන නොහිත හිත හදාගන්න කියල.දැන් මමයි අම්මව බලාගන්න ඕනෙ.තාත්තව මතක් කරපු නිසා අම්මට දුක හිතෙන්න ඇති.පොඩ්ඩක් හිනස්සන්න ඕන.
“ආව්ව…රිදෙනව අම්මා..ආව්ව්ව්”
“කොහෙද පුතේ”
“මෙන්න මෙතන.”
මම එහෙම කියල කම්මුල් පෙන්නුවා.
“මගෙ හොර කෙල්ල..මම දන්නව බෙහෙත්”අම්මා හිනාවෙවී එහෙම කියල මගේ කම්මුල් හයියෙන් ඉම්බා.
“ඇතිද මගෙ ආශි බබාට”
“ඇයි අම්මා මගේ නම කිව්වෙ..වෙනදට කියන්නෙ පුතා කියලනෙ..”මම ඇහුවෙ කට උල් කරගෙන..
“ඒ නමට අම්මා කැමතීනෙ පුතා.”
“එහෙනම් ඇයි අම්මල මට පොඩි කාලෙ ඉදල පුතේ කිව්වෙ..ආශි නොකිය”
“අපට පුතෙකුටත් දුවෙක්ටත් දෙකටම හිටියෙ ඔයානෙ පුතා.නම කියනවට වඩා පුතා කියද්දි ගොඩක් ආදරේ හිතෙනවනෙ”අම්මා එහෙම කිව්වම මම අම්මව හයියෙන් බදාගත්තා..
“කෝ කෝ දැන් ලේස්ති වෙන්න..ඔයාට යන්න පරක්කු වෙයි..මාත් ටිකකින් යන්න ඕන පුතා..දැන් ඔලුව රිදෙන්නෙ නෑ නේද..”
“නෑ අම්මා..දැන් හොදයි..මම ලේස්ති වෙන්නම්”
මම එහෙම කියල ඇදෙන් නැගිට්ටා.අම්මා අයිස් වතුර භාජනෙත් අරන් කුස්සියට ගියා.

මම නාලා ටවල් එක ඇදන් ආවෙ කණ්ණාඩිය ඉස්සරහට.ඒකෙන් පේන මගේ රූපෙ දිහා මම බලන් හිටියා.
“දැන් මට විස්සක් නේද..ඒ කියන්නෙ ටීනේජර් කෙනෙක් නෙවේ..කමක් නෑ.ඒකත් හොදයි.”මම එහෙම හිතුවෙ තනියම හිනාවෙවී.කවුරුහරි දැක්කනම් හිතයි මට පිස්සු කියල.මට හිනා ගියේ දෙයක් මතක් වෙලා..අම්මා මගේ කේන්දරේ ලගදි බලවල තිබ්බ.බලපු කෙනා කිව්වලු මට අවුරුදු විස්සෙදි කෙනෙක්ට කැමැත්තක් ඇති වෙනව කියල.
“පුහ්..රෙද්ද තමයි..මෙච්චර කාලෙකට කවුරු ගැනවත් මට ඔහොම හිතිල නෑ..බලමුකො..”

මම ආශිංසනා සෙහෙනි දිසානායක.ගොඩක් අය මට කිව්වෙ ආශි කියල.ඒ මට තියෙන ආදරේටද නැත්නම් මගේ නම දිග වැඩි නිසාද මම දන්නෑ.අම්මයි තාත්තයි නම් පොඩි කාලෙ ඉදල මට කිව්වෙ පුතා කියල.

මගෙ පෙනුම ගැන කියනවනම්….
මට තියෙන්නෙ මහතත් නැති ඒත් කෙට්ටුත් නැති ඇගක්.රෙදි කඩවල් වලට ගියාමනම් තෝරගන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිවෙන තරමට ඇදුම් තිබ්බා.

මං හිතන්නෙ මං සුදුයි.ඉස්කෝලෙ යන කාලෙ මගෙ යාලුවො කියල තියෙනව මම සුදුයි කියල.අනිත් එක,,මගෙ අම්මත් සුදුම සුදුයි.මගෙ කොන්ඩෙ මොණර පිලක් වගේ තියෙන,බිම ගෑවෙන්න තරම් ලොකු කොන්ඩයක් කිව්වොත් ඒක ටොම් පචයක් වෙනව.මගෙ කොන්ඩෙ තියෙන්නේ උරහිසට වඩා චුට්ටක් පහලට..ඒකත් පොඩ්ඩක් කලර් කරලා.දැනට ඒ ඇති..

“අනේ ලමයො තවම ලේස්ති වුනේ නැද්ද..” අම්මා ඇහුවෙ කාමරේට ඔලුව දාලා.
“බලන්න වෙලාව කීයද කියල ”
“කීයද අම්මා….”
“අටට දහයයි”
“හුටා…එච්චර පරක්කුද..මං ඉක්මන්ට ලේස්ති වෙන්න ඕන..”
“එහෙනම් මම යනව පුතේ..පරෙස්සමින් යන්න හරිද..හොද සිහියෙන්…ඕන වුනොත් මට කෝල් කරන්න පුතා..කෑම හදල තියෙන්නෙ.ඔයාගෙ කෑම එකත් රෙඩී.එහෙනම් මම ගියා..”
“අම්මා….අම්මා…”
“ඇයි පුතා..”
“කෝ ටිකක් එන්නකෝ.මගෙ අම්මගෙ හැඩ බලන්න..”
සාරියට අම්මා ගොඩක් ලස්සනයි.සාරියට විතරක් නෙවේ මගෙ අම්මා ඇත්තටම ගොඩක් ලස්සනයි..ඒත් සාරිය ඇන්දම එයාගෙ ලස්සන තව වැඩී.
“ලස්සනයි….”
මම අම්මා වටේ කැරකිල එහෙම කිව්ව විතරයි එකපාරටම මම ඇදන් හිටපු තුවාය බිම වැටුනෙ ලොකු අසරණකමක් එක්ක..
“අනේ අනේ කෙල්ලෙ…ඕක ඇදගන්න..”
අම්මා එහෙම කියල හයියෙන් හිනාවුනා.මම ඉක්මන්ටම පහත් වෙලා තුවාය අරන් ඇදගත්තා..
“මම යනව පුතා..මේ කෙල්ලගෙ කෝලම් බල බල හිටියොත් මාව රස්සාවෙනුත් එලවයි..බුදු සරණයි පුතා..”
“බුදු සරණයි අම්මා..”

මාව දැක්කට කමක් නෑ.ඒ මගෙ අම්මනෙ..මම හිතුව..මගේ අම්මා අනූ දිසානායක..මගේ අම්මට තාත්තව හම්බෙලා තියෙන්නෙ පේරාදෙණියෙ කැම්පස් එකේදි..දෙන්නම ඉදල තියෙන්නෙ සයන්ස් ෆැකල්ටියෙ..ඒ කාලෙ අම්මගෙ පස්සෙන් ගොඩක් අය ආවලු.ඒ මගෙ අම්මගෙ ලස්සන නිසා තමයි ඉතින්..මට වඩා දිග කොන්ඩයක් අම්මට තියෙනව..එයා මහත නෑ.කෙට්ටුත් නෑ.මං වගේම තමා..ඕන කෙනෙක් එයා දිහා හැරිලා බලන්න තරම් රූපයක් තවම එයාට තියෙනවා.

අයියෝ මම මනෝ පාර දාගෙන හිටපු වෙලාව විනාඩි 10ක්..දැන් වෙලාව අටයි..මම ඉක්මන්ට මගේ යුනිෆෝම් එක ඇදගත්තා.යුනිෆෝම් කිව්වට ඒක කොට ගවුමක්.දනහිසෙන් පොඩ්ඩක් උඩට තියෙන ලා නිල් ඉරියි සුදු ඉරියි තියෙන එකක්.කොලර් එකට පහලින් දකුනු පැත්තෙ ” Awiru Cake Shop ” කියල ගහල තියෙනව.

ඔව් මං වැඩ කරන්නෙ කේක් ෂොප් එකක.මම ඒ ලෙවල් කලේ එක පාරයි.ඒකෙන් මට සී තුනක් ලැබුනා.ආයෙ මට විභාගෙ කරන්න කියල අම්මා කිව්වත් මම කලේ නෑ.මට ඕන කලේ ජොබ් එකක් කරන්න.අම්මට ලැබෙන පඩිය අපි දෙන්නටම ඇති තමා.ඒත් එයාට විතරක් පවුලෙ බර තනියම ගන්න දෙන්න බැරි නිසා මමත් ජොබ් එකක් කරන්න ගත්තා.ඒ මගෙ හොදම යාලුවෙක්ගෙ කේක් ෂොප් එකක.

මම ඇරෙන්න ෂොප් එකේ තව තුන්දෙනෙක් වැඩ කරනවා.මට තිබුනෙ කස්ටමර්ස්ලට ඕන දේවල් ගෙනත් දෙන්නයි කේක් අයිසින් කරන්නයි විතරයි.ඒත් වෙලාවක් තිබ්බොත් මම ෂොප් එක ක්ලීන් කරනව.ෂොප් එකේ අයිතිකාරයා,ඒ කියන්නෙ මගෙ යාලුව,අවිරු.එයා ඕලෙවල් ක්ලාස් වලදි මට හම්බුන හොද යාලුවෙක්.එයත් නුවර.එයාට හොදට ඉගෙනගන්න පුලුවන් වුනත් එයා ඒ ලෙවල් කලේ නෑ.ඒ කාලෙ එයාලා ගොඩක් දුප්පත්.ඒ නිසා එයා කොළඹ ඇවිත් ජොබ් එකක් හෙව්වා.එයා වැඩ කරන්නෙ කේක් ෂොප් එකක කියල මට අහන්න ලැබුනා.ඒත් පොඩි කාලෙකින් ඒ ෂොප් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන එයා එයාගෙම කියල ෂොප් එකක අයිතිකාරයෙක් වුනා.

ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ දවසක් අහම්බෙන් වගේ මම ගියේ එයාගෙ ෂොප් එකට.වුන හැමදේම එයාට කිව්වට පස්සෙයි අවිරු කිව්වෙ එහේ වැඩට එන්න කියලා.එයාට කලින් ජොබ් එක හොයල දුන්නෙ මගෙ තාත්තා.එයා මගෙ තාත්තට ගොඩක් ගරු කරනව.එයා මට ජොබ් එකට එන්න කියන්න ඇත්තෙ තාත්තා නිසා.මට කරන්න තිබ්බෙ පොඩි වැඩ ටිකක් වුනත් අවිරු මට දුන්නෙ ලොකු පඩියක්.මම ඒකට අකමැති වෙලා නොයා ඉන්න හැදුවම අපෙ ගෙදර ඇවිත් අම්මටත් කියල මට බල කලා.ඒකයි මම එන්නත් කැමති වුනේ.

අවිරු හොද කෙනෙක්.තේරෙන විදිහට කිව්වොත් පට්ට බොක්කක්.මාව දන්න කාලෙ ඉදන්ම අයුතු යෝජනා නොකරපු එකම කොල්ලා.අයුතු යෝජනා කිව්වෙ යාලුවෙන්න අහපු එක.ඉස්කෝලෙ කාලෙ ගොඩක් කොල්ලො පස්සෙන් ආවා.ඒත් මං උන්ව ගනන් ගත්තෙ නෑ.මට වෙන ආදරයක් ඕන වුනේ නෑ.මොකද මගේ අම්මයි තාත්තයි මට ඇතිවෙන්න ආදරේ දුන්නා.

ගනනින් කිව්වොත් කොල්ලො දහයක් පහලවක් වගේ වෙන්න ඕන.මට ඇණයක් වුන කොල්ලොන්ටත් මං පොඩි පොඩි රිටර්න් නොදීපු අවස්ථා ද නැතුවාම නොවේ.එකපාරක් මට වදයක් වුන කොල්ලෙක් අපේ ගෙදර ඉස්සරහ පාරෙ කැරකෙන්න ගත්තා.එදා ගෙදර හිටියෙත් සර්වන්ට්ලා දෙන්නෙක් විතරයි.මම බැල්කනි එකේ ඉදන් පාර දිහා බලන් හිටියමයි ඌව දැක්කෙ.

‎ගේට්ටුව ඇරල තිබ්බෙ.එහාපැත්තෙ ඉදන් කොන්ඩෙත් අතින් හද හද මගේ පැත්ත බලන් ඉන්නව.ටික වෙලාවකින් මූ තාප්පෙ එහා පැත්තෙ ඉදන් කොල වගයක් ඔතපු ගල් විසිකරන්න ගත්තා.අපේ ගෙදර හිටියා ලොකු සයිස් බල්ලො දෙන්නෙක්.ලොකු කිව්වට ඉතින් උන් උස මගේ ඉන ගාවට විතරයි.එයාලව ගේ ඇතුලෙ විතරයි තියාගත්තෙ.එලියට යැව්වොත් මිනිස්සුන්ට මොනා කරයිද දන්නෑ උන් දෙන්නා.

මම හෙමින් එලියට ඇවිත් ගේට්ටුව පැත්තට ඇවිදන් එද්දි කොල්ල හිතුවෙ මම ඌට කතා කරන්න එනව කියල වෙන්නැති.ඒ නිසා ඌත් හෙමින් ඇවිදන් ආවෙ මගෙ පැත්තට.ඒත් එකපාරටම ඒකා නතර වුනේ යකෙක් දැක්කා වගේ……

??choco fairy??
……………………………………………………………………………………………………………

අනේ ප්ලීස් … ලෝබ වෙන්නැතුව කතාවට ලයික් කමෙන්ට් දාගෙන යාලුවනෙ …. කතාව ලියන කත්‍ෲ වෙනුවෙන් සාදාරණයක් කරන්න ….????

6 thoughts on “?ඒන්ජල්?| තුන් වනදිගහැරුම| නවකතාව”

  1. Mata hithenne kollata return eka denna kella ballo dennava damma vage??
    Ekath maru vade nedaa??
    Kathavanam godak lassanai dear????????
    Oyage vada katayuthu siyallama sarthaka venna mama prarthana karanava???????

    1
  2. Ranmali subasinghe

    හුගක්ම හුගාක් ලස්සනයි …. ??????????? ලස්සනට ලියලා තියෙනවා … හෙටත් දිගගගගගග කොටසක් දාන්න… ?????????

    සුභ පැතුම් !!! ?????????????????????????????

  3. කතාව ගොඩ…. ගොඩ …… ගොඩාක්
    ලස්සනයි ….?‍??‍❤️‍?‍??‍❤️‍?‍?☺️☺️☺️?
    ☺️☺️☺️☺️☺️☺️☺️☺️?????????????☺️ය්‍යාස්ස්%/

    1

Leave a Comment