Katha Ahura

❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020

4/5 - (3 votes)

❤️ ආඩම්බරකාරයා ❤️

විහාරා…. මොකද මෙච්චර වෙලා ගියේ ෆෝන් එක ආන්සර් කරන්න… කෙයුෂ් එහෙම ඇහුවෙ මං ෆෝන් එක ආන්සර් කරන්න චුට්ටක් පරක්කු වුණ නිසා…

අ–නේ කෙයුෂ් … මටත් ඉතින් අවශ්‍යතා තියෙනවනේ… මං කිව්වේ හිනා වෙවී..

වැරදි කරලා තව හිනත් වෙනවා… මොකක්ද දැන් මට කියන්න බැරි තරමට තියෙන අවශ්‍යතාව … කෙයුෂ් ආයෙත් අහනවා..

මං වොෂ් රූම් ගියා දෙයියනේ … බැරිම තැන මං ටිකක් සැරෙන් කිව්ව .

ඒක මිසක්.. ඕක ඉතින් මට කියන්න බැරිද .. හ්ම් ඒකට කමක් නෑ.. මං කතා කරේ හවස තුන වෙද්දී මං එනවා.. ලෑස්ති වෙලා ඉන්න කියන්න.. කෙයුෂ් එහෙම කිව්වම මට සතුටු හිතුනා.. මොකද මට කෙයුෂ් මීට් වෙන්න පුලුවන් නිසා..

හරි කෙයුෂ් .. ඔයා එන්නකෝ.. අපි කොහෙද යන්නේ? මං ඇහුවෙ හුරතල් වෙවී..

සප්‍රයිස් බබා.. ලේට් නොවී රෙඩි වෙලා ඉන්න.. මං අප්පච්චිට කියලා තියෙන්නේ .. එහෙම කියලා කෙයුෂ් ෆෝන් එක තිබ්බා…

වෙලාව 1.00යි.. තව පැය දෙකක් තියෙනවා කෙයුෂ් එන්න කියලා ඇදට පනිනකොටම, චූටි දූ… නිදිද… කියලා අප්පච්චි කාමරේ දොරට තට්ටු කරනවා ඇහුනා..

අප්පච්චි එන්න… කියන ගමන්ම මං ඇදෙන් නැගිට්ටා..

මං හිතුවෙ චූටි දූට නින්ද ගිහින් ඇති කියලා… කෙයුෂ් පුතා 3.00 වෙද්දී එනවා කියලා කෝල් කරා.. ඒක කියන්න මං ආවේ පුතේ.. කියලා අප්පච්චි මගේ ඔලුව අතගෑවා…

මට කෙයුෂ් කතා කරා අප්පච්චි … අප්පච්චි කෙයුෂ් කොහෙද යනවා කිව්වේ ? මං ඇහුවෙ අප්පච්චිගෙන් හරි කොහෙද යන්නේ කියලා දැනගන්න..

මං ඇහුවෙ නෑ චූටි … කෙයුෂ් පුතා මං අදුරන්නේ පොඩි කාලේ ඉදන් … මට කිසිම සැකයක් නෑ කෙයුෂ් පුතා චූටි දූට වැරද්දක් කරයි කියලා .. ඒකයි මං බය නැතුව දූ යවන්නේ… මගේ ඔලුව ඉඹින ගමන් අප්පච්චි එහෙම කිව්වා..

මමනේ කෙයුෂ්ගේ වැඩ ගැන දන්නේ කියලා හිතුවා විතරයි මං අප්පච්චිට කිව්වේ නෑ.. මට තනියම හිනා…

එහෙනම් චූටි දූ ටිකක් රෙස්ට් කරලා යන්න ලෑස්ති වෙන්නකෝ.. මං කාන්තිට කියන්නම් කෙයුෂ් එද්දි ජූස් මොනා හරි හදන්න කියලා … එහෙම කියලා අප්පච්චි කාමරෙන් යන්න ගියේ..

අනේ අප්පච්චි කාන්ති නැන්දට කියන්න එපා .. මං හදලා තියන්නම්… මං එහෙම කියලා දුවන්න ගියේ කුස්සියට..

හරි හරි පරිස්සමෙන් චූටි දූ… අප්පච්චි හිනා වෙවී එහෙම කියලා මගේ පස්සෙන් එනවා මට ඇහුනා ..

කාන්ති නැන්දා … කාන්ති නැන්දා .. මට පොල් ගෙඩියක් බිදලා දෙන්නකෝ… මං එහෙම කියාගෙන කුස්සියට ගියා..

අනේ චූටි බේබිට බඩගිනි වෙලාද.. මං සමපෝෂ අග්ගලා ටිකක් ටක්ගාලා හදා දෙන්නම්… කාන්ති නැන්දා අතුගගා හිටිය කොස්ස බිම දාලා දුවගෙන ආවා..

මං කීපාරක් කියලා තියෙනවද කාන්ති නැන්දට මට බේබි කියන්න එපා කියලා .. මං බබෙක් නෙවෙයි අප්පා.. අනික මට පොල් ඕනි පොල් ටොෆි හදන්න .. මං එහෙම කිව්වේ හිනාවෙවී..

ඒකටනම් කාන්ති නැන්දටත් හිනා.. අද කෙයුෂ් මහත්තයා එනවද චූටි බේබි .. කියලා කාන්ති නැන්දා මගෙන් ඇහුවා ..

ඔ-ව්.. මං ලැජ්ජාවෙන් එහෙම කියද්දි චූටි බේබි මං පොල් ටොෆි හදලා දෙන්නම්.. කියලා කිව්වේ මට ආදරේට..

නෑ.. නෑ.. කාන්ති , දුව හදයි.. කාන්ති උදව් කරන්න.. කියලා අප්පච්චි කිව්වේ මේ හැමදෙයක්ම අහගෙන ඉදලා..

හොදයි ලොකු මහත්තයා .. කියලා කාන්ති නැන්දා පොල් ගෙඩියක් බිදලා දුන්නා.. මං ෆෝන් එකේ ඉවුම් පිහුම් ඇප් එකෙන් බලාගෙන පොල් ටොෆි හදලා මං හැදුවා කියලා කෙයුෂ්ට කියන්න එපා කියලා කාමරේට ගියේ වෙලාව 2.00 වෙලා තිබුණු නිසා..

බාත් රූම් එකට ගිහින් ෂවර් එක ඇරලා නාන ගමන් මං කල්පනා කරේ කෙයුෂ් මට මීට් වුන විදිය.. කෙයුෂ් මට මීට් වුනේ අහම්බෙන් වගේ.. සක්‍යා එකේ බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරද්දී එයත් ඒකට ඇවිත් හිටියා ..

මගේ අම්මා නැති වුනේ මාව හම්බවුන දවසෙමලු. ලේ කැටිති හිරවෙලා අම්මා මැරිලා තිබුනේ මාව මේ ලෝකෙට කිසිම කරදරයක් නැතුව එවලා.. මං මූසල කෙල්ලෙක් කියලා අම්මගේ පැත්තේ නෑදෑයන් වගේම අප්පච්චිගේ පැත්තේ නෑදෑයොත් මාව අනාත නිවාසයකට දෙන්න කියලා අප්පච්චිට ගොඩක් බල කරලා තියෙනවා .. ඒත් අප්පච්චි ඒකට අකමැති වුන නිසා මගේ අවාසනාව එයාලටත් බලපායි කියලා එයාලා අප්පච්චි එක්ක තිබ්බ නෑදෑකන් නවත්තලා..

කාන්ති නැන්දට අප්පච්චි සල්ලි දීලා කොහේ හරි යන්න කියලා තිබුනේ කාන්ති නැන්දත් අකමැත්තෙන් ඉන්නවා ඇති කියලා.. ඒත් කාන්ති නැන්දා කියලා තිබුනේ සීදේවි බේබි කෙනෙක් දීලා නෝනා අපිව දාලා ගියාට අපි කොහොම හරි බේබි ලොකු කරගන්න ඕනි..එතකොට තමා නෝනා දිව්‍ය ලෝකේ ඉදලා සතුටින් ඉන්නේ කියලා .. කාන්ති නැන්දා අප්පච්චි එක්ක එකතුවෙලා මේ වෙනකල් මාව බලාගෙන තියෙන්නේ ..

කාන්ති නැන්දයි අප්පච්චි දෙන්නම කියන්නේ මං හම්බ වුනාට පස්සේ අප්පච්චිට වාසනාව උදාවුනා කියලා.. පොඩියට තිබ්බ අප්පච්චිගේ බිස්නස් පිටරට යවන්න තරම් සාර්තක වෙලා තිබුනේ මං නිසා කියලා නිතරම විශ්වාස කරා.. ඉතින් අප්පච්චි නිතරම කිව්වේ කෙල්ලෙක් වුනත් මට බිස්නස් ගැන ක්නොලේඩ්ජ් එකක් තියෙන්න ඕනි.. ඒ නිසා ඒ ගැන ඉගෙන ගන්න කියලා..

ඒ නිසාමයි මං ඒලෙවල්වලට කොමස් කරේ.. මට කැම්පස් යන්න ලකුණු මදිවුන නිසා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරන්න කියලා යෝජනා කරේ අප්පච්චි .. අප්පච්චිගේ හිත රිද්දන්න බැරි නිසාම මං ආශාවෙන් ක්ලාස් ගියේ පූරනි එක්ක.. පූරනි මගේ හොදම යාලුවා.. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම… පූරනි මං වගේමයි.. අම්මා නැතිවෙලා තිබුනේ එයා ඉපදෙනකොටම.. පූරනිගේ තාත්තා එයාව දාලා ගිහින් තිබුනේ අම්මට පූරනි හම්බවෙන්න ඉද්දිමයි.. පූරනි ජීවත් වුනේ අත්තම්මා එක්ක.. පූරනි ගොඩක් දුප්පත් .. ඒත් හරිම හොදයි ..

ඒ නිසාම අප්පච්චි පූරනිගේ ඉගෙනීමේ වැඩවලට උදව් කරා.. පූරනි එක්ක තමා මං බිස්නස් මැනේජ්මන්ට් ක්ලාස් ගියේ .. ඩිප්ලෝමා එකේ ෆයිනල් එග්සෑම් දවසෙ කෙයුෂ් මට කතා කරා..

විහාරා . මට ටිකක් කතා කරන්න පුලුවන්ද ඔයා එක්ක?.. කෙයුෂ් ඇවිත් එහෙම ඇහුවම මං බය වුනා .. මොකද මගේ නම කියලා බෝයි කෙනෙක් කතා කරපු පලවෙනි පාර..

බ්….බැ.. බෑ… මට .. මං මො.. මොනා කතා කරන්නද… මං වෙව්ල වෙව්ල කියද්දි පූරනි මගේ අත තද කරලා අල්ලගත්තා..

එතකොටම කෙයුෂ් පූරනිගේ කනට කරලා මොකක්ද කිව්ව .. පූරනි බය වෙලා වගේ මගේ අත අතෑරලා සොරි විහාරා.. මං එලියේ ඉන්නම් කියලා ගියා.. මට හිතාගන්න බැරි වුනා මොනා කරන්නද කියලා .. එතකොටම කෙයුෂ් මාව බිත්තියට හේත්තු කරලා මගේ ලිප්ස් කිස් කරා.. ජීවිතේ පලවෙනි පාරට ලැබුනු හාද්දට මං අවනත වෙලා හිටියේ කැමැත්තෙන්… මටම පුදුමයි මං ගැන…

මං ඇස් පියාගෙනම ඉද්දි මට ඇහුනේ හිනාවෙන සද්දයක් .. මං හෙමින් ඇස් ඇරලා බලද්දි දැක්කේ කෙයුෂ් මගේ දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා..

මට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජයිනේ .. අනික නොදන්න මනුස්සයෙක් මේ වගේ දෙයක් කරනකල් සද්ද නැතුව හිටිය නිසා මං ගැන මොනා හිතනවද දන්නේ නෑ කියලා මට හිතුනා..

ක-ක-කවුද ඔයා… මං බයෙන් වගේ එහෙම අහද්දි කෙයුෂ් හිනාවෙවී හරි ෂෝක් කෙල්ල.. දන්නැති කොල්ලෙක් කිස් කරනකල් සද්ද නැතුව ඉදලා දැන් අහනවා කවුද කියලා.. හ්ම් පරිස්සමෙන් ගෙදර යන්න.. පූරනි එළියේ ඇති .. කියලා එයා යන්න ගියා..

ලැජ්ජාවයි බයයි,හිතේ තෙරපෙන අමුතු හැගීමකුයි එක්ක මං එලියට දුවද්දි පූරනි පැනලා මාව අල්ලගත්තා … යන්.. අන්කල් වෙහිකල් එක එවලා දැන් විනාඩි 10ක් විතර අපි එනකල් බලන් ඉන්නවා .. පූරනි එහෙම කියලා අප්පච්චි එවලා තිබ්බ වෙහිකල් එකට මාව ඇදගෙන ගිහින් වාඩි වුනා ..

චූටි බේබි අද ටිකක් පරක්කුයි නේද කියලා සුනිල් අංකල් අහද්දිම පූරනි ආ.. මෙයා යාලුවෙක්ට ගන්න වගයක් කියලා දුන්නා .. සුනිල් අංකල් ඇවිත් අපිව හොයයි කියලා මං එලියට ඇවිත් හිටියේ …කියලා මං උත්තරයක් දෙන්නත් කලින් කිව්වා..

පූරනි කවුද අර කොල්ලා. ඔයාට මොනවද කිව්වේ .. මං රහසින් ඇහුවා ..

ඔයා දන්නේ නැද්ද සූරියබංඩාර ඇමතිතුමාගේ එකම පුතා කෙයුෂ් සූරියබංඩාර .. පූරනි ඇහුවෙ ඇස් ලොකු කරන්… එයා ඒක තමා කිව්වේ මට… පූරනි එහෙම කිව්වමයි මතක් වුනේ සූරියබංඩාර ඇමතිතුමා කියන්නේ අප්පච්චිගේ හොදම යාලුවෙක්…

මං පොඩි කාලේ ඉදන් කෙයුෂ් එක්ක සෙල්ලම් කරලා තියෙනවා .. කෙයුෂ් කියන්නේ මගේ යාලුවෙක් .. ඒත් ඕලෙවල් වලින් පස්සේ කෙයුෂ් රට ගියා.. කෙයුෂ් ලංකාවට ආවම මට කතා කරයි කියලා හිතුවත්‍ කෙයුෂ් ඇවිත් අවුරුද්දක් වෙලත් මට කියලා නෑ කිව්වම මට දැනුනේ දුකක්..
මං කෙකෙයුෂ්ට හිතින් ආදරේ කරා ගොඩක් .. එහෙනම් අද වුන දේවල් එක්ක කෙයුෂ් මට ආදරේ ඇති කියලා හිතුනත්….. ඒත් එක්කම හිතට මහා බයක් දැනුනේ ඇමරිකාවේ ඉදලා ඇවිත් කෙල්ලො කිස් කරලා පුරුද්දදටද දන්නේ නෑ මාව කිස් කරේ කියලා හිතලා…. අප්පච්චිගෙන් කෙයුෂ් ගැන අහලා බලන්න ඕනි කියලා හිතාගෙන මං ගෙදර ගියා..

සූරියබංඩාර ඇමතිතුමා කියන්නේ සමාජ මෙහෙවර කරන කවුරුත් ගරු කරන කෙනෙක් .. මට වගේම කෙකෙයුෂ්ගේ අම්මත් නෑ.. කෙයුෂ් තුන වසරේ ඉද්දි අම්මා කැන්සර් එකක් හැදිලා නැතිවෙලා තියෙන්නේ … ඒත් ආයේ කසාද නොබැද කෙයුෂ් ආදරෙන් බලාගන්න සූරියබංඩාර ඇමතිතුමා ගත්ත උත්සහය අප්පච්චි විතරක් නෙවෙයි මිනිස්සු කතා වෙනවත් මට ඇහිලා තියෙනවා .. හොර බොරු නැති සාදාරන මනුස්සයෙක් නිසා වෙන්න ඇති අප්පච්චිගේ හොදම යාලුවා වුනේ කියලා මට හිතුනා..

******************

එදා ගෙදර ගිය ගමන් අප්පච්චිගෙන් මං කෙයුෂ් ගැන ඇහුවා ..

අප්පච්චි … අප්පච්චිට මතකද සූරියබංඩාර අංකල්ගේ පුතා …එයා ලංකාවට ඇවිල්ලද? මං ඇහුවෙ දැනගන්න හදිසියෙන්….

ආ.. ඔව්.. කෙයුෂ් පුතා නේ.. මට හොදට මතකයි…ගිය අවුරුද්දේ ලංකාවට ඇවිත් තියෙන්නේ .. මිනිහත් බිස්නස් එකක් කරනවා.. අප්පච්චි හිනා වෙලා කිව්වා .. ඇයි දූ එකපාරටම කෙයුෂ් පුතා ගැන ඇහුවෙ … අප්පච්චි ආයෙම ඇහුවා ..

ආ… නි..කන් නිකන් අප්පච්චි … මං එහෙම කියලා කාමරේට ගිහින් සිංදුවක් අහන ගමන් කල්පනා කරේ අද සිද්ද වුනු දේවල් එක්ක.. එතකොටම තමා ෆෝන් එකට මැසේජ් එකක් ආවේ..

ඔච්චර හිතන්න එපා.. එග්සෑම් රිසල්ට්ස් ආවම ක්ලාස් එකේදී තව කිස් එකක් දෙන්නම්.. කියලා මැසේජ් එක ඇවිත් තිබ්බම මට පුදුම හිතුනා මං ඒ ගැන හිතනවා කියලා කෙයුෂ් දන්නේ කොහොමද කියලා..

කොහොම වුනත් මට ඒ වෙලාවේ මාව පාලනය කරගන්න බැරිවුණා .. I love u Keyush.. ❤️❤️ කියලා දෙපාරක් නොහිතා මැසේජ් එකක් යැව්වේ ඒ ගමන්මයි…

එතකොටම කෙයුෂ්ගේ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.. මං බයෙන් බයෙන් ආන්සර් කරා.. හෙ…ලෝ.. හෙලෝ කෙයුෂ් .. මං කිව්වා ..

විහාරා පිස්සුද දන්නේ නැති කොල්ලෙක්ට ආදරේ කරන්න කියලා කෙයුෂ් අහද්දි මගේ ඇස්වලින් වැටුන කදුලු සද්ද නැතුව වැටිලා ගියේ කොට්ටේ උඩට.. එතකොටම තමා රේඩියෝ එකේ සුරේනි අක්කගේ සෝන්ග් එකක් ප්ලේ වුනේ..

ආඩම්බරයි බැලුවම නම්…
හොරහින් බලන්නේ ඇයි එහෙනම් ..
කම්බුල් සිඹින්න මගේ හොද නම්..
ආලෙන් වෙලෙන්න ඇයි තහනම් .. කියලා ..මං ටක් ගාලා ඇදෙන් පැනලා රේඩියෝ එක ඕෆ් කරා..

හා හා.. මරු සිංදු අහන්නේ ඔයා.. කියලා කෙයුෂ් හිනා වුනා ..

විහාරා ඔයා අඩන්නේ නෑනේ.. මේ පහලට එනවා… මට ඩැඩීලා දෙන්නා එක්ක කතා කර කර ඉදලා එපාවෙලා කියලා ෆෝන් එක කට් කරා..

මං ටක්ගාලා කදුලු පිහගෙන පුදුමෙන් වගේ පහලට දිව්වා..

විජේරත්න දූ ලස්සන වෙලා ලොකු වෙලා.. මට බැරි වුනානේ මීට කලින් එන්න දූ බලන්න.. කියලා සූරියබංඩාර අංකල් හිනා වුනා. කෙයුෂ් එලියේ ඉදන් එලියට එන්න කියලා අතින් කතා කරා.. මං හෙමින් හෙමින් එලියට ගියේ සූරියබංඩාර අංකල්ට වැදලා..

කෙයුෂ් … ඇයි මෙච්චර කාලයක් මෙහෙට ආවේ නැත්තේ??? මං ඇහුවෙ දුකින්..

ඔයාට කොල්ලෙක් එහෙම ඉන්නවද දන්නේ නෑනේ.. ඕවා හොයලා බලලා තමා ඉතින් මං හරි වෙලාවට ඔයා ලගට ආවේ .. කෙයුෂ් එහෙම කිව්වම නම් මට හිනා ගියා..

කොහොම හරි එහෙම පටන් ගත්ත අපේ ආදරේට දැන් අවුරුද්දක් වෙලා.. අප්පච්චිලා දෙන්නගෙම ආශිර්වාදය අපිට තිබුනා..

නාලා ඉවර වෙලා ටවල් එකත් ඇදගෙන කාමරේට ඇවිත් ඔරලෝසුව දැක්කම තරු පෙනුනා.. වෙලාව තුනට දහයයි.. කෙයුෂ්ට තරහ යයි කියලා හිතලා මං ටක් ගාලා හෙයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩය වේලගෙන ලා රෝස පාට ගවුමක් ඇදලා ලෑස්ති වුනේ පන්සලකට වුනත් ගැලපෙන විදියට .. මොකද කෙයුෂ් වැඩිපුරම මාව එක්ක ගියේ පන්සලකට… මාත් යන්න ආසයි කියලා කෙයුෂ් දන්නවා …

පින්ක් කලර් ෂූස් දෙකත් දාගෙන, ස්ට්‍රේට් කරලා තිබ්බ කොන්ඩේ හොදට පීරලා, චූටි මේකප් එකකුත් දාගෙන හෑන්ඩ් බෑග් එක අතට ගන්නකොටම තමා ගෙදර බෙල් එක වදිනවා ඇහුනේ..හරියටම වෙලාව තුනයි..

මං ඉක්මනින් පහලට දුවලා ගියා . අප්පච්චි දොර ඇරලා කෙයුෂ් ඇතුලට එක්කරගෙන .. චූටි දූ කෙයුෂ් පුතාට තේ එකක් හදාගෙන එන්නකෝ කියලා අප්පච්චි කිව්වම මං කුස්සියට ගියා ..

ඉගුරු දාලා හදන්නෝ… කියලා කෙයුෂ් පොඩි එකෙක් වගේ කෑ ගහද්දි මට විතරක් නෙවෙයි කාන්ති නැන්දටත් හිනා.. ඇස් වහක් කට වහක් නෑ.. රට හිටියට මොකද ගමේ විදියට හිතන සිරියාවන්ත මහත්තයෙක් චූටි බේබිට හම්බවෙලා තියෙන්නේ කියලා කාන්ති නැන්දා කිව්වම මට ආඩම්බර හිතුනා ..

තේ දෙකකුත් හදාගෙන පොල් ටොෆි ප්ලේට් එකකුත් අරං මං කෙයුෂ් ලගට ගියා… අප්පච්චි තේ බොන්න කියලා මං අප්පච්චිට තේ දුන්නා … තේ එක නම් සවුත්තුයි… පොල් ටොෆි නම් රහයි… කාන්ති නැන්දා හදපු නිසා වෙන්න ඇති .. කියලා කෙයුෂ් හිනා වුනා ..

කෙයුෂ් මාව අවුස්සන්න ඔහොම කියනවා කියලා මං දන්නවා …

චූටි දූ තමා තනියම හැදුවේ කෙයුෂ් පුතාට කියලා අප්පච්චි කිව්වම මං දන්නවා අංකල් මං විහිලුවක් කරේ.. හරිම රසයි විහාරා… කියලා කෙයුෂ් කිව්වම මට සතුටු හිතුනා …

තේ බීලා ඉවර වෙලා අපි යන්ද කියලා කෙයුෂ් මගෙන් අහලා අප්පච්චිට දණ ග්හලා වැන්දා.. මාත් අප්පච්චිට වැන්දා .. අප්පච්චි මං රෑ දහයට කලින් විහාරා ගෙනත් බස්සනවා… කියලා කෙයුෂ් අප්පච්චිට කිව්වම මට හිතුනා ගොඩක් දුර ගමනක් යනවා ඇති කියලා ..

කෙයුෂ් අපි කොහෙද යන්නේ … මං කාර් එකට නැගලා ඇහුවා …

යන්කෝ පැටියෝ… මං ඔයාට කරදරයක් කරන්නේ නෑ.. වැඩිම වුනොත් කිස් කරයි කියලා කෙයුෂ් හිනා වුනා ..

අනේ ඔයා නම්… කියලා හෙමින් කෙයුෂ්ගේ අතට තට්ටුවක් දාලා මං එළිය බලාගෙන ආවා.. අතරමගදි ? එහෙම කාලා අපි 6.30 වෙද්දී නුවර ටවුන් එකට ආවා.. පුෂ්පදාන ස්කූල් එක ලගින් බහිරවකන්ද පාරේ උඩට කාර් එක හැරෙව්වා..

ආනේ අපි නුවරද ආවේ කෙයුෂ් ? කියලා ඇස් ලොකු කරලා මං ඇහුවෙ මං නුවරට ගොඩක් ආසා නිසා..

ඉන්නකෝ තව චුට්ටක් … කියලා කෙයුෂ් වාහනේ ගේට් එකක් ගාව නතර කරලා ගේට් එක ඇරලා වාහනේ ඇතුලටම දැම්මා.. කාර් එකෙන් බැස්ස කෙයුෂ් මගේ පැත්තට ඇවිත් කාර් එකේ දොර ඇරලා මට බහින්න කිව්වා.. ලස්සන තට්ටු දෙකේ ගෙයක්… වත්තේ ලස්සනට මල් වවලා.. කෙයුෂ් යතුරක් අරං ගෙදර දොර ඇරියා..

යමු ඇතුලට මගේ මැණික කියලා කෙයුෂ් මාව අලල්ගෙන ගේ ඇතුලට ගිහින් ලයිට් ඔන් කරා..

ලස්සනයි කෙයුෂ් …. කාගෙද මේ ගෙදර .. මං ඇහුවෙ හරි ලෝබකමකින් ..

යන්කෝ මැණික උඩට.. කියලා කෙයුෂ් මාව උඩට එක්කරගෙන ගියා.. බැල්කනි එකට ගියාම දළදා මාළිගාව , බෝගම්බර වැව ලස්සනට පෙනුනා … මං දවසක් බහිරවකන්ද පන්සලට ඇවිත් කෙයුෂ්ට කිව්වා මේ වගේ ඈත දළදා මාළිගාව පේන්න ගෙදරක් තිබ්බ නම් ෂෝක් කියලා ..

කාමරේ ඇතුල බලද්දි දැක්කේ කාමරේ පුරාම කෙයුෂ්ගේ මගෙයි ෆොටෝ කියලා … ඒ කියන්නේ මේ අපේ ගෙදර ..

කෙයුෂ් … මේ ගෙදර අපේද? මං ඇහුවෙ සතුටින් …

ඔව් මැණික .. මේ අපේ ගෙදර … මං හැදුවේ අපි දෙන්නට ඉන්න… ඔයා ආසම විදියට … කියලා කෙයුෂ් මට කිස් එකක් දුන්නා ..

තෑන්ක් යූ කෙයුෂ් … තැනක් යූ සෝ මච්…… මං එහෙම කියලා කෙයුෂ් ට තුරුළු වුනා …

එන්නකෝ තව දෙයක් පෙන්නන්න… කියලා කෙයුෂ් මාව තව කාමරේකට එක්ක ගියා.. පුංචි තොටිලි දෙකක් එක්ක සෙල්ලම් බඩු පුරවපු කාමරයක්… මගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී අපි මැරි කරලා ආවම අපිට ලැබෙන දුවටයි පුතාටයි මං මේක ලෑස්ති කරේ කෙයුෂ් මගෙ කනට කරලා කියද්දි ලැජ්ජාවෙන් රතු වුනා ..

අනේ කෙයුෂ් .. තව කොච්චර කල් තියෙනවද ඒකට.. මං හෙමින් කිව්වම

නෑ මැණික … නෙක්ස්ට් මන්ත් අපි මැරි කරමු… මට තවත් නම් ඉන්න බෑ ඔයා නැතුව කියලා කෙයුෂ් මාව කිස් කරන්න පටන් ගත්තා…

කෙයුෂ්ගේ ආදරේ විදගෙන මං ඇස් පියාගත්තේ ආශාවෙන් …

-නිමි-

හැමෝම අවාසනාවන්තයි කියලා කියද්දි නිහඩව ජීවිතේ විදගෙන ආදරේ කරන්න ලස්සන හදවත්ක් විහාරට ලැබුනා.. මේ කතාවෙන් මට කියන්න ඕනි මිනිස්සු ඔයාලා ගැන මොනා කිව්වත් ඒවට නොසැලී හොද විදියට ජීවිතේ ගෙනියන්න .. අනිවාර්යයෙන් ජීවිතය ජයගන්න පුලුවන් ..

– නයෝමී නදීරා ධීරසිංහ-

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

68 thoughts on “❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020”

      1. උක්කූං පුතා(SuMi )

        පොඩ්ඩක් හින්දාන් කතාව කියවලා කොමෙන්ට් එකක් දාන්න..

        1. සෙසඳි

          සමාවෙන්න දිල් මැණික අක්කිට…. දිල් දුල් ටැපලිලා රත්තරනේ … ???????

    1. සෙසඳි

      බොරුවට පාට් දැම්මට නපුරුකම් කරාට ආඩම්බරකාර නපුරො ඉන්නවා පෙන්නන්නෙ නැතුව ලව් කරන… ඒ වගේ ආදරයක් ලබන් කෙල්ලො හරිම ලකී.. ??????
      කවුරු කිව්වත් අපෙ හැසිරීම තමයි අපිව කාලකණ්ණි කරනවද හොඳ කෙනෙක් කරනවද කියලා තීරණය කරන්නෙ… ලස්සනයි මැණික කතාව.. සුභ පතනවා තව මේ වගේ කතා ලියන්න… ????

    1. උක්කූං පුතා(SuMi )

      හා දුල් බාබා මොකෝ වෙන්නේ අපේ චූටි හොඳින් නේද එයාව ආදරෙන් මතක කරා කියන්න.. පරිස්සම් වෙන්න ඕනේ මේ දවස්වල තෙරුවන් සරණයි නංගි

    2. මන් හොදින් ඉන්නවා අයියේ.. කෝමද ඔයාට… චූටි දූ හොදින් ඉන්නවා… අපේ කතා වලට තමා කොමෙන්ටුවක් කොටාන යන්න බැරි නේහ්..??

        1. රිප්ලයි එක දැක්කෙ දැන් අක්කියෝ….. රිප්ලයි දැම්මා… තලහා වෙන්න ඔට්ටු නෑ.. කලින් වගේ දිග…………….. කමෙන්ට් දාන්න බෑ අක්කියො.. සොලී……… ආදරෙයි අහස තරම්… ???????

    3. කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ.. අක්කි කොටයක් වෙන්න ඇති නේ…..??

      තමන් තමයි ලෝකෙ ඉන්න අවාසනාවන්තම කෙනා කියලා හිතෙනෙවා ජීවිතේ ගොඩක් තැන් වලදි.. එහෙම හිතිලා තමන්ගෙ වගේම අනිත් අයගෙ ජීවිතත් විනා කරන මැටි මෝල් ගස් අනන්තවත් ඉන්නවනෙ මේ ලෝකේ…. ??? ඒත් නැවතිල්ලේ හිතලා බැලුවොතින් අවාසනාව කියලා දෙයක් නෑ… හැමදේම වෙන්නෙ හොදට කියලා හිතුවොත් බඩුම තමා…. අවාසනාව පෑල දොරෙන් පැනලා දුවනවා ආය නෑ පණත් එපා කියලා…. ??

      ආයම පාරක් කියන්නම් කතාව ගොඩ ගොඩාරියක් ලස්සනයි අක්කියෝ… සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි….!!!

    1. ඔබේ අතින් අල්ලා
      හදේ මැදින් තියලා
      මගේ පනයි කියලා
      රැකගන්නම් මියෙනා තුරා.

      පායන් ලදේ සද වෙලා මාගේ ලෝකේ
      සදාකල්ම ඔබමයි හදේ ස්නේහේ

      කතාව ගොඩාරියක් ලස්සනයි. සතුටු හිතෙන අවසානයක් දුන්නට තෑන්ක්ස්.ආඩම්බර , නපුරු කොල්ලන්ගේ ආදරේ ගොඩක් ලස්සනයි.
      ඉතින් යාලු තව තවත් කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න .
      බුදු සරණයි

          1. nayomi nadeera

            අනේ එහෙමද ?? සොරි .. මට සිංදු අහන්නම වෙන්නේ නෑ.. මං දන්නේ නෑ.. ඒකයි.. කොහොම වුනත් ස්තූති ඔයාට…

  1. උක්කූං පුතා(SuMi )

    කතාව නං ඇත්තටම සුපිරි.. මොකද ගොඩක් අයට වැරදුනු තැනක් තමයි අවාසනාවන්තයි කියලා ජීවිතය විනාස කරගන්න එක.. වාසනාවන්ත වෙලා ඉන්න උන්ගෙත් ජීවිතේ විනාස කරන එක අවාසනාවන්තයි කියලා හිතාගෙන.. කතාව බලන හැදෙන අයට ගොඩක් වැදගත් කතාවක්.. සුපිරි පට්ට මේ වගේ කතා තවත් ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

      1. උක්කූං පුතා(SuMi )

        ගොඩක් හොඳින් ඉන්නවා නංගි .. ඔයාට කොහොමද.. පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  2. Akki godak lassanai katawa godak ayta waradina thanak tamai akki etana akki eka lassanata pennala dila tiymva attatama akki gdak gdak gdak pin me wage kata danawata gdaaaak lassanai akki tawa kata liynna shakthiya labenna koyla parthana krnwa
    Budusaranai parissamin inna akkiyoo ❤❤❤❤❤❤❤❤❤

  3. හරිම ලස්සනයි කතාව .ජීවිතයක් වාසනාවන්ත ද අවාසනාවන්ත ද කියලා තිරණය වෙන්නේ ඒක අපි ගෙවන විදියට.තමන් අවාසනාවන්තයි කියලා අනික් අය කිවට ජිවිතේ අසාර්ථක කර ගන්න එක මහා මෝඩකමක්.කිසිම කෙනෙක් වාසනාව අවාසනාව අතේ තියන් එන්නෙ නෑනේ මේ ලෝකේට

  4. ලස්සනයි කතාව….. තව මෙහෙම ලස්සන කතා ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…❤❤??

  5. නයෝ මධූ

    ලස්සන කතාවක්. තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා…….

  6. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි අක්කියෙද කියලානම් දන්නෙ නෑ..
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න????

    1. Chamodya Madusanki

      තවත් මේ වගේ ලස්සන කතා ලෛයන්න ශක්තිය ලැබෙන්න ඕනියෙ

  7. නෙතු ලඟ දඟ කරනා ආඩම්බරකාරි
    ඉඟසුඟ ගස්සසන ආඩම්බරකම මට සීදේවී
    කෙදිනක හෝ නුඹ මගේ ලග නවතීවී
    සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරි …..

    නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා
    සිත රහසේ බැදුනා
    ඔය වත කමලේ පුන්සඳ සේ
    රුව ආඩම්බර පානා ගතියට
    ආල හැගුම් මැව්නා…..???❤️❤️❤️

    දැන් තමා කතාව කියෙව්වේ ඉතින් .හරිම ලස්සනයි .පට්ට සුපිරි එලකිරි නියමයි .සුබ පතනවා හදවතින්ම .
    ජේසු පිහිටයි !!!!

  8. කතාව ගොඩක් ලස්සනයි නයෝමි ??????…..තවත් ලස්සන කතා අරං එන්න….good luck & all the best ?????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.