Katha Ahura

?බඹර ඉසව්ව ? | 65 කොටස | නවකතාව

5/5 - (1 vote)

”අම්මා දැන් කොහොමද …”

නර්ස් මගේ අතේ ගහපු කැනියුලාවට තව බේතක් විදින ගමන් ඇහුවේ …

”කෝ මිස් මගේ දරුවා …”
මගේ කොල්ලා කෝ….

මන් නස්ගෙන් ඇහුවේ මට දැනගන්නම ඕන දේ ඒක නිසා. .
නර්ස් අම්මා දිහත් බලලා මන් දිහා බැලුවේ සිනා මුසු මූනෙන් …

“අම්මාගේ පුතා හොදින් ඉන්නවා ..
හැබැයී අඩු මාසෙන් හම්බුන නිසා .. අපිට මාස දෙකක් වත් යනකන් මෙහෙ ඉන්න වෙනවා ..
බය වෙන්න එපා දරුවා හොදින් ”

” අනේ දෙවියනේ ..
මේ පාර දුකක් නොදී දෙවියෝ මගේ මූන බැලුවා …”

මන් උඩට ගත්ත හුස්ම ආයෙම පහත හෙලුවේ හරි සැහැල්ලුවකින් …
මගේ හිතට දැනුන සැහැල්ලුව වචන වලින් නිම කරන්න බැරි තරම් …

“විභූ…”

ආයෙම මගේ ජීවිතේ. මන් ඉස්සරහම බේරුවා … මට හරියටම එවෙලේ මතක නැති උනත් ..
විභූ මගේ ජිවිතේ මෙච්චරටම රකින්නේ ඇයී කියලා මට හිතාගන්න බැරි උනා …

මේ හැම කරදරයක් ම මටම සිද්ද වෙන්නේ ඇයි කියලත් හිතාගන්න බැරි උනා ..

“වි..භූ කෝ අම්මා ”

මගේ දරුවාගේ මූන බලන්නත් කලින් මට ඕන කලේ විභුගේ මූන දකින්න ..
සෙව් කිව්ව විදියට මාවයී දරුවවයී බලාගන්න එක එයාට ඒ තරම්ම වගකීමක් …

“පුතා ඒවී දෝනී .. එයාට වැඩ න්හ්හ් …”

අම්මා මගේ හිස අතගාලා එහෙම කිව්වම මන් ආයෙම පිච්චුනා
විභූගේ ජීවිතය මේ තරම්ම හිරවීමක් ඇයී .. මේතරම් දුකක් ඇයී …

ඇත්තටම එයාට වැඩද කියලා මට හිතාගන්න බැරි උනා ..

මට ඒ ගැන අම්මාගෙන් පන්න පන්න අහන්න හිතුනේ ..නෑ ..
මට දැනුනේ මුලු ඇගටම ලොකු වේදනාවක් .. .
ඇත්තටම මන් හිතින් මැරීගෙන යනවද කියලා හිතුනා …මෙච්චර දුක් උහුලපු මම හිතින් තවම නොමැරි ඉන්න එක මට පුදුමයක් …

“දෝනී…
මන් දන්නවා .. ඔයාගේ හිතට මේ දේවල් බරක් කියලා ..”

“මගේ හිතටත් … මොන අම්මාටද ඉවසන්න පුලුවන් ..තමන්ගේ දරුවා මරු කටේ ඉන්න එක …
කිව්වට අහන එකක්‍යෑ”

අම්මාගේ ඇස් වල කදුලු …

“අනේ අම්මා.. මන් අම්මාගේ හිත රිද්දන්න කිව්වේ නෑ”

මට දැනුනේ දුකක් …

“නෑ දෝනී .. මගේ හිත අමුතුවෙන් රිද්දන්න ඕනේ නෑ … ” පුතා ලග නැති එක දවසක් වත් මට නින්ද ගියේ නෑ….”

“එයා මේ අවුරුදු ගානටම ගෙදර හිටියෙත් නෑ..එක් මහ වේදනාවක් .. ගෙදර එන වෙලාවක් යන වෙලාවක් දන්නේ නෑ … ”

“පුතාලාගේ තාත්තාට කොච්චර ඕන කලාද පුතාව ඔය බිස්නස් එකේ තියන්න ..
අපි දෙන්නම හිත නිදහස් කරන් මැරෙන්න .. කොහෙද ..පුතාට ඕනම .. ඒ ජිවිතේ”

අම්මාගේ වේදනවට මගේ පපුව .. ඉරි තැලුනා ….
මන් පපුවට අත තියාගත්තේ ඒ නිසා ..

පපුවේ තිබ්බේ උනුසුමට වඩා .. මගේ ඉපදුන අලුත් පැටියා වෙනුවෙන් තෙමුන කිරි සුවද …

“මගේ මුනුබුරා හින්දා දුවගේ හිත පිච්චුනා වගේ ..
මෙච්චර උස්මහත් කරපු කොල්ලා වෙනුවෙන් මන් හැමදාම පිච්චෙනවා …”

දෙවියනේ ..අම්මා ඉකිගගහා අඩන්න ගත්තා ….
මට සනසවන්නවත් අමම ලගට යන්න බැරි හැටී මන් ඇදෙන් නැගිටින්න හැදුවේ …

“අම්මා .. ඇයි ..මෙහෙම කියන්නේ ….
ඇයී අම්මා ”

“මට දෝනිට හන්ගන්න බෑනේ ..
පුතාත් තුවාල වෙලා හොස්පිටල් …”

“ම…ගේ වි..භූ….අ….ම්…මා.”

මට කෑගැස්සුනා

“අනේ අම්මා මට කියන්න විභූ කෝ .. අනේ අම්මා මට බලන්න යන්න ඕන අම්මා ..මාව එක්කන් යන්න.. .”

“දෝනි මේ අහන්න…”

“මේ තත්වේ උඩ දෝනිට යන්න බෑ …
පුතාගේ තාත්තා ඉන්නවා පුතා ලග ඔයා හිතන්න ඕන ඔයාගැන දරුවා ..ගැන .ඔයා මේ අම්මා වගේ ජිවිත කාලෙම පිච්චෙන්න එපා දෝනී… පුතාව ඔය තැනින් ඈත් කරන්න දෝනී…

අම්මා අඩ අඩමයී මට එහෙම කිව්වේ…

“මොකද්ද අම්මා මට කියන්න … ඇයි මෙහෙම කියන්නේ …”

අම්මා පිට කලේ අවුරුදු ගානක ආදරය
අවුරුදු ගානක දුක
අවුරුදු ගානක .. ජීවිතය …
ඒ හැමදේම හිතුවක්කාර විභූ නිසා …
මගේ හිතුවක්කාරයා නිසා ..
මට ඕන කලා අම්මාගෙන් මේ හැමදේම දැන ගන්න . ..

“මට කියන්න අම්මා.හැමදේම කියන්න”

“හ්ම්ම්…
මගේ දරුවාගේ ජීවිතේ හැමදාම තිබ්බේ පිහියක් උඩ.. මගෙ කොල්ලට රිදි රිදී හැමදාම දිව්වේ මිනිස්සු වෙනුවෙන් දෝනී …
එයාගෙ ආසාවටමයී ඔය සී අයිඩී එකට ගියේ .. එයාගෙම ආසාවට ..
ඒත් එයාගේ කැපවීම හින්දාම .. වයසට වඩා කලින් කොල්ලාට ප්‍රමෝශන් ලැබුනා….”

අම්මා පිට කලේ. ලොකු සුසුමක් ..

“ප්‍රමොශන් කොච්චර ලැබුනත් මොකටද දෝනී .මන් හැමදාම පිච්චුනා .. ගිනි ගොඩක හිටියේ .. දරුවා ගැන බයෙන් හිටියේ .. .
පුතාට කොච්චරවත් කිව්වා ඔය ජොබ් එකෙන් අයින් වෙන්නම කියලා .. ඒත් එයාට ඕන කලේ ඒකමයී ..
ජීව්ත් වෙන්න මේ තියෙන බිස්නස් ඇති දෝනී අපිට ..
මේ සල්ලි ඇතී ..
මෙහෙම මැරි මැරි ඉන්න ඕනේ නෑනේද මගේ දෝනී …
මන් දන්නවා .. ඔයා කොච්චර දුකක් ඉහිලුවද කියලා ..
මන් මගේ දරුවා වෙනුවෙන් මෙච්චර දුක් වෙද්දී ..එයාගේ දරුවෙක් බඩේ තියාගෙන මගෙ දෝනි විදවපු තරම් .. මට කියන්න ඕනි නෑ දෝනී ….”

අම්මා හැඩූ කදුලෙන් මගේ හිස අතගාද්දී මෙච්චර කාලයක් පපුව ට නොදැනුන අම්මාගේ ආදරේ මට දැනුනා ..
මන් දෑස් පියාගෙනම ඒ ආදරේ විදගත්තේ ඒ ආදරේට මන් ලෝබ නිසා ..

“මගේ බලේටම මහත්තයා පුතාට .. බිස්නස් බාර දෙන්නමයී හැදුවේ .. ඒත් පුතා ඒවා ගනන් ගත්තෙම නෑ ..
ගෙද්‍ර එන්නෙත් සතියට සැරයයී දෙකයී කොයින්වෙලේ එනවද යනවාද දන්නේන්නෑ ..

හැමදාම පොලිස් මුරකාරයෝ ගේ ඉස්සරහ …

අපේ නිදහස සම්පූර්ණ යෙන්ම කැප කලා මේ රට වෙනුවෙන් …
මගේ පුතාගේ ආසාව වෙනුවෙන් …”

අම්මා එක හුස්මට කියාගෙන ගියේ …

විභූ ගේ කලින්. තිබ්බ හැසීරිම ගැන .. මට තිබ්බ .. සමහර ප්‍රශ්න අම්මාගේ කතාවත් එක්ක විසදෙනවා කියලා මට දැනුනා ..
මන් විභූගෙන් ඈත් වෙලා ඉද්දී විදපු දුකම මේ අම්මාත් ඒ විදියටම විදලා තියෙනවා …

“එක දවසක් පුතාම ඇවිත්. කිව්වා එයා .. බිස්නස් බාරගන්නවා කියලා. … ”

එදා මහත්තයා ට වඩා සතුටු උනේ මන් .. දෝනී ..මගේ කොල්ලා එහෙම තීරනයකට ආවා කියන්නේ ටිකෙන් ටික හැමදේම හරියනවා කියලා මන් දැනන් උන්නා …

මන් මහත්තයා එක්ක කිව්වා .. පුතා ඒ ජොබ් එකෙන් අයින් වෙලා .. බිස්නස් බාරගන්න එකම ලොකු දෙයක් නේද කියලා …

හිතේ තිබ්බ බර සැහැල්ලු උනා දෝනී …..

ඒත් මන් හිතුවා වැරදී කියලා මන් දැනගත්තේ ..
ගොඩක් කල් ගිහින් ..
පුතා බිස්නස් බාරගත්තා කියලා වෙනසක් උනේ නෑ ..
කලින් වගේම ගෙදර ආවේ නෑ ..

ඒ හැමදේම පුතාගේ ජොබ් එකේ කොටසක් කියලා දැනගද්දී දෝනි ප්‍රෙග්නට් …”

දෙයියනේ ..
අම්මා කියන කතාව මට හිතාගන්න බැරි උනා ..
එතකොට .. මම.. ප්‍රෙග්නට් වෙන එකත් එයාගේ. ප්ලෑන් එකක් ද ..
නෑ …
විභූ මට එහෙම කරන්නේ නෑ .. එයා මට කිව්වා ආදරෙයී කියලා ..
මගේ ඇස් වල කදුලු කැට එක දිගට වැටුනා

අම්මාත් ඇස් වලින් කදුලු පිහනවා ම්න් දැක්කා.. මත්. මගේ බෙඩ් ජැකට් එකෙන්ම වැටුන කදුලු පිහලා දැම්මා…

පුතාගේ රාජකාරි කොටසක් .. පුතා කලේ .. මොකද ඕන කෙනා හිටියේ .. ඔෆිස් එක ඇතුලේ ..
ඒකයී ..දෝනී

ඊලග කොටසට

“එක දවසක් පුතාම ඇවිත්. කිව්වා එයා .. බිස්නස් බාරගන්නවා කියලා. … ”

එදා මහත්තයා ට වඩා සතුටු උනේ මන් .. දෝනී ..මගේ කොල්ලා එහෙම තීරනයකට ආවා කියන්නේ ටිකෙන් ටික හැමදේම හරියනවා කියලා මන් දැනන් උන්නා …

මන් මහත්තයා එක්ක කිව්වා .. පුතා ඒ ජොබ් එකෙන් අයින් වෙලා .. බිස්නස් බාරගන්න එකම ලොකු දෙයක් නේද කියලා …

හිතේ තිබ්බ බර සැහැල්ලු උනා දෝනී …..

ඒත් මන් හිතුවා වැරදී කියලා මන් දැනගත්තේ ..
ගොඩක් කල් ගිහින් ..
පුතා බිස්නස් බාරගත්තා කියලා වෙනසක් උනේ නෑ ..
කලින් වගේම ගෙදර ආවේ නෑ ..

ඒ හැමදේම පුතාගේ ජොබ් එකේ කොටසක් කියලා දැනගද්දී දෝනි ප්‍රෙග්නට් …”

දෙයියනේ ..
අම්මා කියන කතාව මට හිතාගන්න බැරි උනා ..
එතකොට .. මම.. ප්‍රෙග්නට් වෙන එකත් එයාගේ. ප්ලෑන් එකක් ද ..
නෑ …
විභූ මට එහෙම කරන්නේ නෑ .. එයා මට කිව්වා ආදරෙයී කියලා ..
මගේ ඇස් වල කදුලු කැට එක දිගට වැටුනා

අම්මාත් ඇස් වලින් කදුලු පිහනවා ම්න් දැක්කා.. මත්. මගේ බෙඩ් ජැකට් එකෙන්ම වැටුන කදුලු පිහලා දැම්මා…

පුතාගේ රාජකාරි කොටසක් .. පුතා කලේ .. මොකද ඕන කෙනා හිටියේ .. ඔෆිස් එක ඇතුලේ ..
ඒකයී ..දෝනී

ඊලග කොටසට

9 thoughts on “?බඹර ඉසව්ව ? | 65 කොටස | නවකතාව”

    1. ..Sandashen..

      Ada kathawata nam poddak duka hithuna aneee…kathawa godak lassanai. Ape podi viduta api namak damuko lassana namak hode ??????????

  1. Anee chutii vibu hodin neda ammooo loku deyak adath katawa lassanai hetat enna akkiyo me wage diga kotasak aran
    Budusaranai akki parissamin inna ??????????????????????????

  2. Chamodya Madusanki

    අනේ පැටියට කරදරක් නෑනේ…..
    විභූට අමාරු නෑ නේද
    නේද
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න …
    කතාව ගොඩාක් ලස්සනයි

  3. සෙසඳි

    මං දැනුඉ කතාව දැක්කෙ අනේ… උදේ 10ට නොටිෆිකේශන් 1 ආවට කතාව නෑනෙ හැමදාම… ඉතිං දකින්නෙ පරක්කු වෙලා… සොරී මැණික කතාව නම් දුකයි අනෙ…

  4. සේනක නිසා වෙන්න ඇති විභූ ofz එකේ වැඩ භාර ගන්න ඇත්තෙ ?….කතාව ගොඩක් ලස්සනයී ??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.