Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් එක්වෙනි කොටස | නවකතා

5/5 - (1 vote)

හතළිස් එක් වෙනි කවිය….

—————————————————————————————————————–

“තමුසෙට මුකුත් අමුතු දෙයක් වුණේ නෑනේ…?”

මුගේ වර්ශන් එක නම් එන පොට හොඳ නෑ වගේ…

“මොකක්ද අප්පා සිද්දිය…?”

මට පේන්න බෑ මෙහෙම වටේ යද්දී..

එතකොටම කතෘ අන්කල්ගේ කාමරේ දොර ඇරුණා..

“මං මේ චණ්ඩි අහිංසකි එනකම් බලන් හිටියේ..”

“ඇතුළට ඇවිත් වාඩි වෙනවා..”

හපොයි මෙයා කලු කුමාරයාවත් දැකලාද..? බය වෙච්ච පාර මෙයාට ඩයලොග්ස් ටිකත් මාරු වෙලා..

මං කෝකටත් කියලා දෙවෙනි වර කියවන්න කලින් ගිහින් වාඩි වුණා..

සරුත් වාඩි වෙලා මුකුත්ම නොකියා මං දිහා තියුණු බැල්මක් දාන් හිටියා..

මාත් එක වසරේ මුකුත් නොදන්න පොඩි එකා වගේ අහිංසක මූණක් හදන් ඔහේ බලන් හිටියා..

“මොකක්ද අර කුඩු කේස් එකේ තත්වේ…? ”

“ඒ ලිපිය එතනම ඉවරද…? නැත්නාම්ම්ම්…?”

මොනවා වුණත් මුගේ ඇදිල්ල මට ඇල්ලුවේ නෑ…

“මං ඊළඟ ලිපිය ලියලා ඉවරයි සර්.. තව එක ලිපියක් හෙට අනිද්දා විතර දෙන්න පුලුවන් වෙයි සර්..”

කතෘ තුමාගේ මූණේ ලාවට හිනාවක් ඇදුණා..

“අද උදේ පාන්දරම මෙහෙට චණ්ඩි ටිකක් ආවා.. අර අර්ටිකල් එක ගැන හොයන්න..”

“ආයේ ඒ අර්ටිකල් එක පත්තරේ තියෙන්න බෑ කිව්වා…”

“ලිව්වේ කවුද කියලා උන් දන්නේ නෑ.. මෙකේ වැඩ කරන අය දන්නෙත් නෑ..”

යකෝ ඒ කියන්නේ ගින්න ඇවිලිලා…

මේකට අදාළ හැම එකාවම ලස්සනට නූලට පිච්චෙයි…

“එතකොට සර් මගේ අර්ටිකල් එක සර්ගේ පත්තරේ නැද්ද අද ඉඳලා…?”

අහන්න තිබ්බ එකන ප්‍රශ්නේ මං කෙලින්ම ඇහුවා.. වටේ ගිහින් බොරුවට කාලේ වළදන්න ඕනි නෑනේ…

“දිගටම අර්ටිකල් එක ලියනවද…?”

සර්ගේ ගැඹුරු ඇස් මගේ ඇස් දිහාම බලා ගෙන ඇහුවා…

“ඔව්… අවසානයක් දකින තුරාම ලියනවා සර්…”

ස්ථීර හඬකින් මං කිව්වේ මට මං ගැනම දැනුනු විශ්වාසයෙන්…

“එහෙනම් ඒ අවසානය මිනිස්සු දකින්නේ අපේ පත්තරෙන්….”

කතෘ තුමා, එයාගේ වචනේ දුන්නා..

දැනුයි අම්මපා හිත ටිකක් සැනසුනේ..

“ඒත් උපරිම පරිස්සම් වෙන්න ඕනි..”

මං සර්ගේ අතට ඊයේ ලියපු ලිපිය දීලා යන්නයි හැදුවේ..

යන්න ගියපු මාව සර් නවත්තගත්තා..

“දරුවෝ.. මේ පත්තරේ පටන් ගත්තු මුල් කාලේ ඔය දරුවට වගේ විසයක් තිබ්බ කෙනෙක් මෙහේ වැඩ කරා.. එයත් අන්තිම කාලේ ලිව්වේ කුඩු ගැනම තමයි..”

“ඒත් අන්තිමට ඒ මනුස්සයගේ මිනිය හොයලා දුන්නේත් පොලිසියෙන්..”

“එතකොට සර් කියන්නේ මෙච්චර දුර ඇවිල්ලා මට ලියන එක නවත්තන්න කියලද…?”

“නෑ දරුවෝ.. ඒක එතනින් ඉවර වුණේ නෑ.. ඒ මනුස්සයාගේ හොඳම යාලුවා අවුරුදු ගාණක් හොයලා අර කුඩු කේස් එක ගැනම ලිව්වා.. අන්තිමට තනි වුණේ අර දරුවෝ දෙන්නා…”

මගේ කතාවම බොහොම කෙටියෙන් කතෘ තුමාම මට කිව්වා.. ඉතින් මං හිනා වෙන්නේ නැතුව මොනවා කරන්නද…? මං ලාවට හිනාවක් දැම්මා…

“සර්… අප්පච්චිට ඒ කේස් එක ඉවර කරන්න බැරි වුණාට එයාගේ එකම දුව ඒක ඉවරම කරයි…”

හරිම සරලව ඒ වචන ටික කියලා වන් ශොට් කන්තේරුවෙන් එළියට බැස්සා…

අද දවස ඇතුළත පොලිසියට අදාළ ෆ්යිල් එක ලැබෙයි.. එතකොට තමයි නියම සෙල්ලම පටන් ගන්නේ…

එදා දවසෙම මං කරේ පාලයව ෆ්ලොව් කරපු එක තමයි.. ඒක නම් මහ එපා කරපු වැඩක්…

මියැසියා කවදද කොල්ලෝ පස්සේ ගියේ…

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මේ යකා අන්තිමට ගියේ වනසිංහ මන්ත්‍රී තුමාගේ ගෙදරටනේ..

මං නම් දන්න මන්ත්‍රීයෙක් නෑ.. ඒක කිව්වේත් වීල් එකේ මනුස්සයා..

මූ එළියට ආවේ සෑහෙන වෙලාවකට පස්සේ…

මාත් මොකාද එකා වගේ ටවුන් එකේ පොඩ්ඩක් රස්තියාදු පාරක් දාලා ගාණට ගෙදර යන්න බස් එකට නැග්ගා..

මව්තුමිය ගෙදර වැඩ උන්නා නම් මේ මියැසියා කවදා ටවුමේ පාට දකින්නද..?

අම්මගේ නඩුව ඉක්මනට ළං වෙනවා..

ඒක මතක් වෙන්න මතක් වෙන්න පපුවේ පුරා පැතිරෙන්නේ දුකක්.. මහා මූසල දුකක්..

මට ලොකූ විශ්වාසයක් නෑ මං මේ කරන දේවල් වලින් අම්මව නිදහස් කර ගන්න පුලුවන් වෙයි කියලා..

ඒත් මගේ යටි හිත කොහේදෝ ඉඳලා කෑ ගහලා කියනවා මියැසියෝ තව ටික දුරයි කියලා..

අප්පච්චි.. ඔයා මං ළඟ ඉන්නකම් මේ මහා දුරත් මට නිකම්ම පියවරක් වෙයි…

මං බස් එකෙන් බැහැලා ගෙදරට පයින් යන්න පිටත් වුණා..

ටික දුරක් යද්දි සර්ගේ වාහනේ මාවත් පාස් කරන් අපේ ගෙවල් පාරේ ගියා..

සුදු ඇපල් ඩබල් වෙච්චාවේ කියලා මං ඇස් පියදලත් බැලුවා..

ඔව් ඔව්.. මේ කලු කෙස් ලෙචාගේ කාර් බට්ටම තමා..

එයාගේ ගෑස්.. හෝන් එකවත් ගැහුවේ නෑ..

එයා කොහෙද මෙහේ..?? මේ පාරේ කෙල්ලෙක් වත් ලයින් වෙලාද..?? නෑ නෑ.. මේ පාරේ මා ඇරුණු කොට තවත් සුරූපි ළඳුන් සිටීද…??

ගෙදර ගිහින් අයියගෙන්ම තමයි අහන්න ඕනි.. එයානේ ප්‍රේම කුමාරයා..

අපේ ගෙදරට ළං වෙද්දි මං දැක්කේ සර්ගේ කාර් බට්ට අපේ ගේ ඉස්සරහ පාරේ නවත්තලා තිබ්බා..

මෙයා මොකද අනේ මෙහේ..?

අපොයි.. අපේ අම්මගේ මිදුල..

මුලු මිදුලම විනාශ කරලා.. මල් පෝච්චි පොලවේ ගහලා.. ගෙදර ජනේලත් කුඩු කරලා..

මුලු මිදුලම වනසලා..

දෙයියනේ.. අම්මා දැක්කොත් විනාශයි..

මං ගෙට ගොඩ වෙන්නත් කලින් ගෙදරින් එළියට ආපු අයියා මාව ඇදන් ගෙට ගියා..

තව පොඩ්ඩෙන් මං දොරෙත් හැප්පෙනවා.. වැඩ දන්න හින්දා නූලෙන් බේරුණා..

අයියා මාව ගෙනත් අත ඇරියේ සාලේ මැද්දේ..

දවස් ගාණක් තිස්සේ මේ ඇස් හොයපු රුවත් මං දිහා රවන් බලන් ඉන්නවා මං ලාවට වගේ දැක්කා..

“නංගී.. උත්තර දෙනවා.. අද කොහෙද ගියේ..?”

මේ ලොකු සහෝදරයට නම් අද මළ යකාටම කේන්ති ගිහින්..

කටහඬ ඒ තරම්ම තරහවෙන් මත් වෙලා වගේ..

“අයියේ.. අයියේ මං.. වැරදි ගමනක් ගියේ නෑ..”

අමාරුවෙන් අමාරුවෙන් වචන ගළපන් මං උත්තරයක් දුන්නා..

අයියගේ කේන්තිය ලාවට වගේ නිවුණා.. එතකොට මං කොලේජ් ආවේ නැති කේළම ලොකු සහෝදරයගේ කනේ තිබ්බේ මෙයාද..?

මං සර් දිහා බලාගෙනම හිතුවා.. සර්ට රවන්න ලොකූ ඕනකමක් තිබ්බත් මට රැවුනේ නෑ..

“එතකොට අර මිදුලට වෙලා තියෙන දේවල් වලටයි, දවල් ගෙදරට මැරයෝ ඇවිල්ලා අල්ලපු ගෙවල් වල මිනිස්සු බය කරපු එකටයි, මොකක්ද කෙහෙල්මලක යන ආටිකල් එකටයි තමුන් සම්බන්දම නෑ…”

මේකට කොහොමද අප්පා උත්තරයක් දෙන්නේ..? බාගයක් ඇත්ත.. බාගයක් බොරු..

මං නොපෙනෙන ගාණට ඔලුව හෙල්ලුවා…

එතකොටම පොලිස් ජිප් එකක් ඇවිත් ගේ ඉස්සරහ නතර කරා…

අයියා පොලිසීත් ගිහින්ද..?

“මං පොලිසියත් එක්ක කතා කරලා එනකම් තමුන් ගේ ඇතුළෙම ඉන්නවා…”

“මෙයාව ටිකක් බලා ගන්න..”

යකෝ ඒක කිව්වේ සර්ට…

මට තරහෙන් කියලා කේළම් ලෙක්චර්ට සත්ව කරුණාවෙන් කියන්න..

මං මූණත් හකුලන් සර් දිහාත් නොබලා දොර ගාවට ඔලුව දාලා ඕපයක් ලයින් කර ගන්නයි බැලුවේ..

එතකොටම සර් මාව වැලමිටෙන් අල්ලන් මගේ කාමරේටම ඇදන් ආවා..

යකඩ වගේ අත් එක්ක කොහොමද මේ දර කෝට්ට දඟලන්නේ…

“අත අරිනවා මාව…”

කාමරේට ගෙනල්ලා දොරත් වහලයි මෙයා මාව අත ඇරියේ…

මාව වහපු දොරට හේත්තු කරගෙන මගෙන් නිකටෙන් අල්ල ගෙන මාව හය්යෙන් හිර කර ගත්තා..

“මේක හොඳට අහ ගන්නවා මියැසි.. මං කිව්වේ.. හොඳට අහගන්නවා..”

“තමුන් අයියට මොනවා කිව්වත් මං දන්නවා පත්තරේ යන ඩ්‍රග් කේස් එක ගැන ලියන්නේ තමුන්.. ඒකටයි මේ මුන් පිස්සු හැදිලා වගේ තමුසේ පස්සේ එන්නේ..”

“මං හරි නේද..?”

මගේ ඇස් ඇතුළටම එඹිලා සර් එහෙම අහද්දි මගේ ගැලවිජ්ජා මොළේ අන්තෙටම අසරණ වුණා..

සර් කියපු වචනයක් ගාණෙම ඇත්ත හින්දා…

“අදින් පස්සේ තමුන් ඒ ආර්ටිකල් එක ලියන්නේ නෑ…”

“තේරුණාද…?”

සර් කොහොමද මට නීති දාන්නේ..

මෙච්චර දුරක් ආවේ මෙහෙම හැරෙන්න බලන් නෙවෙයි…

අනිත් එක මට මෙහෙම නියෝග කරන්න එයා කවුද මගේ..??

තාත්තගේ මිනීමරුවගේ දුවට එයාගේ ගෙදරවත් එයාගේ හිතේ වත් ඉඩක් නෑ කිව්වනේ..

එහෙව් එකේ දැං මං ගැන මොනවා හොයනවද..?

“ගන්නවා කෝල් එකක්.. අරන් කියනවා පත්තරේට අද ඉඳන් තමුන් පත්තර රස්සාවේ නෑ කියලා..”

ඒ වචන ටිකට නම් මගෙත් මෝහිණී ආවේශ වුණා..

“මගේ ජීවිතේ ගැන කවදා ඉඳන්ද සර්ට තීරණ ගන්නේ ලැබුණේ..? අනිත් එක සර් මගේ කවුද මට එහෙම නීති දාන්න…”

නොහිතපු වෙලාවක මගේ කම්බුලකට වැදුනේ සර්ගෙන් මට ලැබුන දෙවෙනි කම්බුල් පාර..

ගොඩක් රිදෙන්නම ගැහුවේ නැතත් ඒ පාරේ මගේ වචන වලට සර්ට දැනුනු වේදනාව තිබ්බා..

මං සර්ගේ පපුවෙන් අල්ලලා සර්ව පිටිපස්සට තල්ලු කරා..

“මං තමයි පත්තරේට ඒ කේස් එක ලියන්නේ.. ඒ කේස් එක නිසයි තුට්ටු දෙකේ චණ්ඩියෝ මගේ පස්සේ පන්නන්නේ.. ඒත් මං බය නෑ.. මං ලියන එක නතර කරන්නෙත් නෑ.. දිගටම ලියනවා..”

“ඔයාගේ තාත්තා වගේ මැරෙන්න වුණත්, මගේ අප්පච්චි වගේ මැරෙන්න වුණත් මං දිගටම ලියනවා.. ”

හිතේ තිබ්බ ලොකූ ආවේගයක් මං එක පාට පිට කරලා දැම්මා..

ඒත් ඇස් ලොකූ වේදනාවකින් පිරිලා..

සර් ආයෙම මට ළං වුණා.. ඇඟේ ගෑවෙන තරම් මට ළං වෙලා..

“සඳු කියන්න.. මං ඔයාගේ කවුරුත් නෙවේද…? ම්ම්ම්ම්ම්ම්ම් කියන්න සඳු..”

සර් මාව හයියෙන් තුරුල් කර ගත්තා..

පිරිමි උණුසුමක් මේ හිතට ලැබුණේ ලොකූ කාලයකින්… මගේ ඇස් වලිනුත් කඳුලු කඩන් වැටෙන්න ඇති…

“මේ දැනෙන හැඟීම, අයිතියක් නෙවේද සඳු…?”

ඔයා මාව අඬවනවා සර්.. මං තවත් ඒ පපුවේ උණුසුම හෙව්වා..

“නියෝගයක් නම් නෙවෙයි කෙල්ලේ.. මේක පුංචි ඉල්ලීමක්.. මේක නතර කරන්න.. පත්තරේට ලියලා අපිට ඔයාවත් නැති වෙයි සඳු…”

ගොඩාරියක් ආදරණීය විදියට කියපු සර් එක පාරටම මාව අත ඇරලා දොරත් ඇරන් යන්න ගියා…

ඔහොම කියද්දි සර් මේ හිතට අකීකරු වෙන්න හිතෙන්නේ නෑ..

ඒත් අම්මවයි, අප්ප්ච්චිවයි ඇස් ඉස්සරහ මැවෙද්දි මට නතර වෙන්න හිත හදා ගන්න කොහොමටවත් බෑ…

මං එහෙම්ම ඇඳෙන් වාඩි වුණා…

————————————————————————————————————–

මියැසි මොනවගේ තීරණයක් ගනීද…?

සර් හෙටවත් සර්ගේ හිත කියාවිද…?

මේ මියැසි කෙල්ලවයි, කලු ලෙක්චර්වයි යාලු කරන්නේ කවදද…?

දෙයියනේ.. මේ ළමයි අහන ප්‍රශ්න…..

හැමෝටම ආදරෙයි හොඳේ.. පැලෙන්න..

අදහසකුත් කියාගෙනම යන්න වස්තුලා…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

136 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් එක්වෙනි කොටස | නවකතා”

    1. Nimesha perera

      සුබපැතුම් සුදු……❤️❤️❤️
      අපි දෙන්නම එක………???
      මන් ගානේ ඔයාට..??????

      1. Amesha Sonali

        මේෂා අක්කි..congratulations …
        නිමේෂා , අමේෂා..

        මේෂා අක්කියි මේෂා නංගියි දෙන්නම එක නේ..??????❤️?????

  1. ? නවෝද්‍යා දිසානායක ?

    අමේශා සුභ පැතුම් නංගී….කතාව ඉවර වෙන්න ආසන්න වගේ…කතාව පට්ට මාධි අක්කා..

    උක්කුං අයියේ….ඔයාගේ නිසදෙට ගොඩක් ස්තුතියි……මදූ අක්කි ඔයාටත්….
    සදූ අක්කී ඔයාගෙ කතාවටත් කමෙන්ට් එකක් දැම්මා…????

    1. උක්කූං පුතා

      හයියෝ ඉස්තූතියි එපා සමාවෙන්න ඕනේ ලියාලා දෙන්න පරක්කු උනාට මම ඉතිං ඒ වෙලාවට නිදි නේ

    2. Amesha Sonali

      දිසා අක්කි ..???❤️???

      කොහොමද මගේ අක්කියො..exam තියේද..තිබ්බොත් හොදට ලියන්න..හොදේ..තෙරුවන් සරනයි මගෙ අක්කිට..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..❤️?

  2. උක්කූං පුතා

    හීන මන්දාරමේ
    පිපුන රන් සමනලී
    එනවදෝ මා සොයා
    ආයෙමත් පෙම් හීනයේ

    සොඳුරු මල් මාලතී
    දෙකෙපුලේ සුව දිදී
    හිදින්නකෝ සියුමැලී
    මගේ තුරුලටම වී

    සිහින මල් මාවතේ
    ඇවිද යන් පෙරවගේ
    හදෙහි බැදි ආදරේ
    නුඹම විතරයි ලදේ 

    කතාව නං සුපිරි මාධවී නංගී අවුලකට තියෙන්නෙ 39 කොටසට 40 වෙනි කොටස දාපු එක…ඔයා නං ඉතින් සැබෑ දක්ෂ ලේඛිකාවක් තමයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කතාව නම් සුප්පා මේ වගේ ලස්සන කතා හැමදාමත් liyanna

      1. උක්කූං පුතා

        බොහොමත්ම ස්තුතියි රශි නංගි.. මොකෝ වෙන්නේ ඉතින්.. මං අර කොමෙන්ට් 100 පුරවන්න ට්‍රයි කරනවා කවුරුත් නෑනෙ ඉතින්

        1. ?රශී ?

          අනේ මාත් කමෙන්ට් ටිකක් දැම්මා අයියේ….එපා වෙනවා අලේ එකක් දාන්න සෑහෙන වෙලාවක් යනවා…

  3. ?රශී ?

    අනේ තව චුට්ටක් දිගට තිබ්බනම් මරේ මරු නන්ගෝ…හොදම තැනින් නවත්තනවනේ…ඇයි අප්පා…

    කලු කෙස් ලෙචාට පිස්සු ඩබල් වෙලාවත්ද….මියැසියාට බැනලා හිතේ ඉඩක් නෑ කියලා දැන් හොල්මන් වෙන කතා අහනවා…ඔය වෙලාවට තමයි දෙන්න හිතෙන්නේ දෙකක් එළොව පොල් පේන්න….ඇයි වදේ ….අපේ මියැටියට දිවැස් තියෙනවා කියලවැයි….

    හයියෝ කේස් එක දරුණුවටම පැතිරිලා වගේ….කුඩු කාරයෝ ටික ගෙදරටත් ඇවිත් කියන්නේ ආර්ටිකල් එක ලියන්නේ මියැසි කියලා දන්නවනේ….මියැසිට කරදරක් වෙන්න දෙන්නෑ මොනා උනත් සර්….කොච්චර කීවත් ආදරෙයිනේ සර් මියැසි කෙල්ලට….හැබැයි මියැසි බය නැතිව ලියන එක තමයි හරි….

    කුඩු කියන්නේ පිළිලයක් වගේ….මුළු සමාජයක්ම වනසලා දාන……ඒක නැති කරලා දාන එක රටට කරන ලොකු සේවයක්….ගොඩක් අය මරණය අතේ තියාගෙන පත්තර වලට ලියනවා…ජීවිතෙන් වන්දි ගෙව්වත් ඒ කරන සේවය ඇත්තටම වටිනවා…ඒකට අපි ගරු කරන්නම ඕනා….

    ජීවිතේ නුඹයි මගේ
    හිත කියයි හැම වෙලේ
    රකින්නට වෙහෙසෙන්නේ
    හිමි නිසයි මේ භවේ
    විදවන්න දුන් නිසා
    දුක ඇති මහමෙර වගේ
    හිත ගලක් වීලාද
    දුන් දුකට හැම සැරේ
    ආදරේ හිත හොයන
    තරම නිතරම වගේ
    ඔය හිතේ ඉඩ නැතිද
    නවතින්න පෙර වගේ…..

  4. Amesha Sonali

    මාධි අක්කි..මරු අනේ..ලස්සනයි ..මියැසි නම් තෝයි අලේ..මාධි අක්කි අක්කිගේ කතා වලට නම් මම පිස්සු වැටිලා..මේ කතාව දානකම් බලන් ඉන්නේ පිස්සු වැටිලා..අක්කිගේ කතාවක් නැත්තම් කලින් එකක් හලි ආයෙම කීවනෝ…අක්කි ..මේ කතාව ත් මරු..හැම කතාවක්ම එකට එක වෙනස්..අක්කිගෙ හැකියාව නම් මරු..අනේ ඒක තවත් දියුනු වෙන්න..මගෙ අක්කියෝ..හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් මගෙ අක්කිට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️????

          1. Amesha Sonali

            පත්තටත් කීලා කිව්වේ..අයියා කොහෙද ඉන්නේ..covid නිසා ඇහුවේ..

          2. Amesha Sonali

            Wow..මගෙ grany ගේ ගම…පරිස්සමෙන් ඉන්න හාද..?පාඩම් කරනව නේද..මොකද්ද අප්පා මේ පැත්තේ එන්නකෝ..ඔයත් කලුනික වගේ..?

  5. Amesha Sonali

    දග පවුලේ හැමෝටම Good evening …ලොකූට Gn..

    අනේ මාත් යනව නිදා ගන්න..ඊයේ පාන්දර 1 ඉදන් පාඩම් කලා..ඊට පස්සේ උදේ 7.30-12.30 maths clz..දැන් දෝ මතයි..මම දො ගන්නෝ..gn..?

  6. Imasha Shehani

    මාධවී අක්කියෝ කතාව නම් superb ?
    ඇක්කි, ඔය කලු කෙස් ලෙක්චට මියැසි කෙල්ලගෙ වැඩවලට අත දාන්න දෙන්න එපා.

    1. Imasha Shehani

      ඇයි වදේ නිතරම මියැසි කෙල්ලගෙ හිත රිදෙන වැඩ කරලා පස්සෙ එනවා අයිතියක් ගැන කියවන්න.?? මියැසි කෙල්ල නම් පට්ට කෙල්ලෙක් ඉතින්. තනියම උණත් අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා. කතාව serious කියවන්න හදනකොටම අක්කි මද්දෙන් එක එක වචන කෑලි දාලා serious mood එක නැති කරලම දානවනේ.?? ඒකත් හැබැයි මරු.
      මන් නම් ගොඩාරියක් ආසාවෙන් කියවන කතාවක් තමයි අක්කියෝ මේක.?? පුලුවන් නම් මග ඇරුණු කොටස් ටිකත් දෙන්නකො අනේ.
      ඉතින් අක්කි ඔයාගෙ දක්ෂකම ගැන කියන්න නම් වචන නෑ ඔන්න.මන් app එකේ ඉන්න ලේඛිකාවන්ගෙන් ආසම කෙනා තමයි ඔයා.??
      අක්කිගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න වගේම මේ වගේ තවත් ලස්සන කතා ලියන්න අක්කිට ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.????????

  7. Imasha Shehani

    මදූ අක්කි කොච්චර කිව්වත් එක එක තැන් touch කරන්න යන්න එපා කියලා ???? comment එක type කරද්දී ඒකමයි අලේ වෙන්නෙ.?? ඒ නිසා අදත් comment එක බාගෙට කොටද්දි post උණානේ.කියලා වැඩක් නෑ.??

  8. Sandu 1995 thanamalwila

    ..දඟයිනේ මන් ගෙදර ආව 5.45 වෙද්දී.. ගොඩක් මහන්සි නිසා නිදාගන්නම්.. හාද.. මගෙ කතාවට කමෙන්ට් දාපු හැමෝටම හෙට රිප්ලයි දෙනවා.. එතකන් සමාවෙන්න හොඳ පැටව් වගේ..
    සිග්නලුත් අඩුයි මට..

    මගෙ ලොක්කයියේ.. මන් ඒ 100 පුරවන්නම් රිප්ලයි වලින්…

    ගොඩක් ස්තූති අයියටයි කතාවෙ කමෙන්ට් පුරවපු හැමෝටමයි…

    1. අති උත්තම Fire ball ? බූබූ

      කොහොමද සලා අක්කේ ?
      අපිව මතකද….??
      සලාදේ…?

      1. සලා..❤️❤️

        අනේ බුබූ මල්ලියා???
        ඔයාව මතකයි ඉතින්..මට ඔයාව අමතක වෙනෝද ආ??

  9. Kohomada daga pataw.ada kattiyama wela paha nidaganna gihinda??.kauluwath naddooo??.
    Hmm math yanawa doiyanna?.Good night daga pataw.
    Good morning loku.
    Theruwan saranai.

  10. Amesha Sonali

    Gm දග බබාලා හැමෝටම…..ලොකූ..ඔයාටත් මේ වෙලාවේ නම් gm නේ…

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න..ආදරෙයි හැමෝට ම ගොඩාරියක් ගොඩාරියක්..???

    1. ගුඩ් මෝනින් සොනා මැනික
      පරිස්සමින් ඉන්න
      බුදු සරණයි
      හොදට පාඩම් කරන්න හරිද…. ඔයාට පුලුවන් ????

      1. Amesha Sonali

        Gm අක්කියෝ..අක්කිත් පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න හාද…පාඩම් කරනවා අක්කි..මට පුලුවන් උපරිමයෙන් ..ඒත් උගන්නලා නැති ඒවා..අනේ මන්දා….කොවිඩ් නිසා ඉගෙනීම ම ඉවරයි…

  11. Amesha Sonali

    චරිත්දිල් අයියා , සංජු අයියා , අර්ජුන් අයියා , දේවාෂි අක්කි, චූටි කවී අක්කි ,, කවී අක්කි, නොහදුනන්නී අක්කි, ප්‍රමෝද්‍යා අක්කි , ලුවීනා අක්කි , විෂ් අක්කි , බුද්ධිනී අක්කි , අමා අක්කි , සෙව්මි අක්කි ,කෞෂි අක්කි,සද අක්කි , දිල් අක්කි , අනූ අක්කි , අභී මැනික …

    කෝ ඔයාලා…හොඳින් නේද…මතක් වෙනෝ ගොඩාක්…

    පරිස්සමෙන් හිනාවෙල සතුටින් ඉන්න …ආදරෙයි …

    ගොඩ දවස් ආවේ නැති අය ඇහුවේ..? නම් නැත්නම් තොලි..ආව අයගේ නම් නැතෝ…???

    1. Amesha Sonali

      හිමාෂි මදු අක්කි , නෙතූ අක්කි , නිරෝ අක්කි..

      තව නම් මතක් උනොත් දන්නම්..

        1. Amesha Sonali

          කෝෂි අක්කි..(මගෙ අක්කි ඔය..එයත් කාලයක් හිටියා .දැන් ලොග් වෙන්න බෑලු…ඔන්න ඔහේ මතක් කලා ..නැත්නම් ඉතින් මම පව්..???? )

          1. Amesha Sonali

            කතා අහුරේ රචක අක්කිලා අයියලා..එයාලා ත් එන්නේ නෑනේ..ඔන්න මත කලා..

            තව……
            නිශා අක්කි..විෂ් අක්කිගේ අක්කා white sharke ….
            ඔච්චරයි මතක..නම් නැත්තන් මේ සූටි මට සමාවෙන්න..

            අනේ ඔයාලා එක්ක කොච්චර ෆන් එකේ හිටියද….කෝ දැන් ඔයාලා..ආයේ එන්න plz..වැඩ ඇති..ඒත් හොදින්ද කීලා කීලා යන්න..

            පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ..අමතක වෙන්නේ නෑ අනේ මේ දග යෝ ටික..??

  12. Sandu 1995 thanamalwila

    ….අම්මෝ කම්මැලි ඳගයො ඔක්කොම නිදි නෙ…

    ගුඩ් මෝනින් හැමෝටම…
    ????????

  13. Nimesha perera

    ගුඩ්මෝර්නින් මගේ දග පවුලේ හැමෝටම ……..❤️❤️??

    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න….

    බුදුසරණයි දෙවි පිහිටයි හැමෝටම …
    ??????

    1. ?රශී ?

      නන්ගි බෝලේ ගුඩ් මෝර්නින් ….????
      පරිස්සමින් සතුටින් ඉන්න ඔයත්….

    2. Amesha Sonali

      Gm අක්කි..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි

    1. ගුඩ් මෝනින්…
      අක්කෙක්ද් නංගියෙක්ද කියලනම් දන්නෙ නෑ. මම 99යේ

  14. කස්ටිය මේකෙද මං අනිත් කතාවේ අයියෝ….
    Good morning හැමෝටම????????????????උක්කුං අයියෙ ඔයාට Good afternoon??????????????????????
    මදූ අක්කෙ ඔයාට දැන් හොඳයිද….

  15. අද kauruth නැද්දෝ…..
    උක්කුං අයියෙ කතා දානකම් ඉන්න එපා අයියෝ පුලුවන් වෙලාවට එන්නකෝ..
    එතකොට හැමෝම එනවා..

    1. ?රශී ?

      අක්කි මාත් ආවෝ….අනේද කියන්නේ අප්පා…අයියා ඔය කීවට එයි අනේ…

  16. පෙම් කවක් ලියනවා මම අායේ
    මල් ගහක් ගහක් ගානෙ…
    ඔබ ටිකක් නතරවී බැලුවෝතින් හමුවේවි හිත මාගේ..
    හමු වේවි හිත මාගේ…

  17. පාලුවේ තනි වෙලා හඬයි හිත රෑ දිවා
    මුලු ලොව පුරා මම සොයනවා
    මට අහිමි මගෙ අාදරේ
    ඔබ ගිය නිසා හදවත දවා
    කඳුලක් වෙලා ජීවිතේ…

  18. සිත ඔබට මුවාවී ඉකි බිඳිනා
    ඔබ අැය හා සිනාසී සුව විඳිනා
    prema ලොවේ දොර කව්ලු වැසී
    සිත ඉකි ගසමින් හඬන හැටි
    සිත පෙමට මුලා වූදා ඉඳලා..

        1. ?රශී ?

          අප්පච්චියෝ ශෙනූ බෝලේ මාව පේනවද අලේ….බෝලයක් වගේ තියේ මූණනම් අප්පා…ඒම චබී නෑ අනේ මන්…චුට්ටක් විතර මහතයි ඉතින්….

  19. ?රශී ?

    රාත්‍රියේ පිපෙන්නම්
    තරු ඇසක් වසා
    තුරුලේ නිදන්නම්
    සිහිනයක් වෙලා
    සිහිනයක් වෙලා

  20. ?රශී ?

    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
    හමු වේවි සිත මාගේ

    1. අද අැප් එක හරි පාලුයි නේද නංගා…බූබු කොල්ලත් නෑනෙ ටිකක් අවුස්සල හිනාවෙන්නවත්…

  21. මාධි නංගා මංනම් හිතුවෙම මියැසි කෙල්ලව ජොබ් එකෙනුත් අස් කරයි කියලා…හිතන එකක්වත් හරි යන්නෙ නෑනෙ..අර මැරයො දැනගෙන නේද පත්තරේට ලියන්නෙ මියැසි කියලා…එ්කනෙ ගෙදරට අැවිල්ල යකා නටල තියෙන්නෙ..දැන්නම් මියැසිට තවත් පරිස්සම් වෙන්න වෙයි නේද..
    සර්කාරය බලන්නකො අනේ දෙන්න හිතෙනව හොම්බට..එ්ත් ඉතින් පව් නේද මොනා කරත් මියැසිට අාදරෙයිනෙ..දැන්නම් කතාව ඉවර වෙන්න ළඟයි නේද නංගා…තවත් මේ වගේම ලස්සන කතාවක් ලියන්න අපිට බලන්න…
    ජේසු පිහිටයි නංගා….

    කවිපද සැමදා නොලියූවත්
    ගීවැල් සැමදා නොකීවත්
    හිතේ ගෙතෙන දේවල් ගොලු වූවත්
    සැමදා ඔබ ගැන හිතනව සත්තයි

  22. දැන් නම් කතාවෙ හොදම ටික ??? ..කතාව ගොඩක් ලස්සනයි මාධි ??????????????????♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    1. Amesha Sonali

      හිමා අක්කියෝ..අයියූ..ඔයාගේ නම දාන්න අමතක උනා..තොලී..කොහොමද මගෙ අක්කි බෝලේ..??

    1. Amesha Sonali

      අම්මෝ..අයේෂා අක්කි..ඔයා නම් ඉතින් එනෝනේ..කොහොමද මගෙ අක්කි..අද කාලුත්නෑ..සෝචනීයයි..නේ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.