Katha Ahura

??නත්තල සැරසූ සිව් මිතුරෝ??|කෙටි කතා|කතාඅහුර රචක|

3.6/5 - (11 votes)

??✨️නත්තල සැරසූ සිව් මිතුරෝ✨️??

හයියෝ මේ නත්තල් නිවාඩුවේවත් ටිකක් දවල් වෙනකම් නිදාගන්න දෙන්නෑනේ…….

ඊටත් වඩා මේ හිම වැටෙන සීතලේ……

අයියෝ මතක් වෙනකොටත් එපා වෙනවා…..

මේ කෙල්ලොන්ටනම් වෙන වැඩ නැද්ද දන්නෑ…

මන් එහෙම හිත හිතා අපේ රහස් කල්ලියේ අදුරු ගුහාවට ආවා.. ගුහාවක් කිව්වට ඉතින් එක හොද කාමරයක්……

ඒක තිබ්බෙ මගේ කාමරේ ඉදන් පොඩ්ඩක් එහායින්…….

ඒක වහලා දාලා තිබ්බ එකක්………

අපි දැන් ඒක හොර රහසේ ප්‍රයෝජනයට ගන්නවා…….

මන් ශේප් එකේ ඇතුලට ගියා….

හායි ෆ්‍රෙන්ඩ්ස්………

මන් ඇතුලට යනකොට කාගෙවත්ම කතා බහක් නෑ.. සසර කලකිරිලා වගේ…..

මොකෝ මේ නිකන් තරහා වෙලා වගේ කට්ටියම…….

ඔයා කොහොමද ඩේවින් ඔහොම සැහැල්ලුවෙන් ඉන්නෙ……

ආ……..හ් … මොකෝ ලියා ඔයා එහෙම අහන්නෙ……..

මෝකෝ කියන්නෙ…..
ඔයා නම් පුදුම කෙනෙක් ඩේවින්…..
ආලි බරබරේ දාන්න පටන් ගත්තා …

හරි …… හරි……. මොකක්ද දැන් මන් කරන්න ඕනි……….

පොඩ්ඩක් මේ වෙන දේවල් ගැන හිතලා බලන්න ඩේවින්…අපේ යාලුවෝ කී දෙනෙක් නම් දැන් අපිට නැති වෙලාද……? එයාලට මොනවා උනාද කියලා කවුරුත්ම දන්නෑ…

ඉතින් අනේ ඒක අපේ අති උත්තම මැඩම් සරාගිකාවත් දන්නෙ නෑනෙ….අපි කොහොමද ඒ ගැන දැන ගන්නෙ…….

තමුන් මේ ගැන සැහැල්ලුවෙන් හිතන්න ගියොත් මන් තමුන්ව මරනවා…
එක පාරටම මගේ බේල හිරකරගෙන් මා ගාවට ආවෙ ඩෙනී……

ආ………හ් …..
අතාරින්න.. අතාරින්න…..

ඇයි මහ ලොකුවට කතා කලේ… ඇයි දැන් අතාරින්න් කියන්නෙ……..

ආ………………..ව්……
හ… හරි…….
මන් ඔයාලට උදවු කරනම් ……

කොහොමද අපි ඔයාව විශ්වාස කරන්නෙ ඩේවින්…….

ඇයි නේ ඔයාලා එක්ක ඉන්න එකම පිරිමි පාර්ශවය මමනෙ ඉතින්… ඔයාලට වෙනවා මාව විශ්වාස කරන්නෙ……

අතාරින්න එපා ඩෙනී…

ආලි බෙරිහන් දෙන්න පටන් ගත්තා…
මේ සැරේ නම් වැඩේ බරපතල වෙයි වගේ…..

ආලි මගේ කපටිකම් ගැන හොදට දන්නවා… මොකද මන් හැම පාරම මොකක් හරි කපටි වැඩක් කරනවා කියලා එයා අත්දැකීමෙන්ම දන්නවා…

නෑ… හ්….. නෑ….
මන් කියන්නෙ ඇත්ත…
අපි අදම වැඩේ පටන් ගමු…….
දැන්වත් මාව අතාරිනවද………

හරි අපි ඔයාව විශ්වාස කරනවා.. හැබැයි ඉතින් ඔයා බොරුවක් කලොත් මන් ඔයාව මේකෙන්ම් මරනවා…
ඩෙනී එහෙම කිව්වෙ එයාගෙ අතේ තිබ්බ කඩුව මගේ පැත්තට එල්ල කරලා….

හරි.. හරි… ගයිස්…….
මන් බොරු කරන්නෑ……

හ්ම්ම්ම්.. හරි…
අපි එහෙමනම් අපේ වැඩේ පටන් ගමු….

මන් ඩේවින්… මගෙ අම්මා තාත්තා කවුද කියලනම් මන් දන්නෙ නෑ.. මන් සුටි කාලෙ…(මට මතක් තියෙන කාලෙ ඉදන් ඉතින් ) හිටියෙ මැඩම් සරාගිකා ගාව …

එයාට අපි සරාගිකා කිව්වට එයාගෙ ඇත්ත නම් සැග්‍රිනා… ඒත් ඉතින් ඕවා කියලා දිව පටල ගන්නෙ කොහොමද……..

ආලි ,ඩෙනී, ලියා … මෙයාලව මන් අදුන ගත්තෙ මැඩම් සරාගිකාගෙ නේවාසිකාගරයෙන්…

අපි කට්ටිය එකතු වෙලා ලොකු ලොකු අබිරහස් විසදනවා ඉතින්… මේ සැරේ අබිරහස වෙලා තියෙන්නෙ අපේ නේවාසිකාගරයේ ගැටලුවක්…..

මන් ඕක සීරියස් හිතුවෙ නැති උනාට ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්….. මොකද ඉතින් මේ ඉන්න ලමයා මේ අතුරුදහන් වෙනකොට…

ප්‍රශ්නයක් නෙමෙයිද ඉතින්….දැන් සතියක් තිස්සෙ ඔය ප්‍රශ්නෙ තියනවා… කවුද දන්නෙ ඊලගට මාව අල්ලන් යයිද කියලා… හී හී……

ඩෙවින් ඔයා ගිහින් ඉස්සෙල්ලම මැඩම් සරාගිකාගෙ රූම් එක සෝදීසි කරන්න..මොනවාම හරි සැක හිතෙන දෙයක් තියෙයිනම් අපිට කියන්න…

ඔන්න ඩෙනී පටන් ගත්තා වැඩ පෙන්නන්න… ඇත්තටම එයා තමා අපේ ටිම් එකේ ඉන්න ලස්සනම ගෑණු ලමයි…

එයාට තියෙන්නෙ ගොඩාක් දිග කොණ්ඩයක්… එයාව දැක්කම මටනම් හිතෙන්නෙ ඉටි රූපයක් කියල….

ඩෙවී………………………………………………න්…

කන ලගින්ම ඇහුනු ටකරන් කටහඩට මන් ගැස්සිලා පියවි ලෝකෙට ආවා… අම්මෝ ඩෙනී… ලස්සන වගේ නෙමෙයි කට….. පුදුම කන්කරච්චලයක් ……හැබැයි ලොකු මොලකාරියක්…..

ඕ…ඕ….
ඔයා කියන්න මන් අහන් ඉන්නෙ…..

අපි කට්ටිය යනවා අතුරුදහන් උන කට්ටියගෙ කාමර වලට…. මොකක් හරි ආරංචියක් තියෙයිද බලන්න……

ආහ්…. ඔයාලා තුන්දෙනාම ඒකට යනවා…..මන් තනියෙන් අර යක්ශ සරාගිකාගෙ විමනට යන්න ඕනිද…අම්මෝ…….

ඩෙවින්…….ඔයාටනම් කොල්ලෙක් කියන්නත් ලැජ්ජයි……

ඈ…….
ඇයි ලියා එහෙම කියන්නෙ….
ඔයා යන්නෙ එක වැඩකට ඩෙවින්… අපි කී දෙනෙක් ගැන හොයන්නද…..වැඩේ මඩ කරගන්නැතුව ඉක්මන්ට ගිහින් එන්න අපිත් යනවා..

කෙල්ලොනම් ඔක්කොම එකයි……
මන් එහෙම හිත හිත ආවෙ සරාගිකාගෙ රූම් එක පැත්තට… මගෙ වෙලාවට වගේ එයා හිටියෙ නෑ ඒකෙ….

ඒත් ඉතින් හැම කබඩ් එකම ලොක් කරලා තිබ්බෙ… මන් කොහොම අරින්නද ඉතින් ඒවා…

එතකොටම වගේ කාමරේට කවුරු හරි එන අඩි සද්දාක් ඇහුනා.. මට ඉතින් උන් හිටිතැන් අමතක උනේ එතකොට තමයි…

මන් ඉක්මන්ට සරාගිකාගෙ මේසෙ යටට ගිහින් වාඩි වුනා .. මගෙ වෙලාවටද මන්දා ඒකෙ මේස රෙද්ද ගොඩක් දිගට දාලා තිබ්බා…

ඒක හිනදා කාටවත් පේන් නැතුව එතන් හැංගිලා ඉන්න් එක මට ලොකු පහසුවක් උන….

මිස්ටර් මෙල්බන්…

මට තවත් බෑ තවත් මේක බලන් ඉන්න…..අද වෙනකොට ලමයි කී දෙනෙක් අතුරුදහන් වුනාද…. අනික කිසිම හෝඩුවාවක් නෑ ඒ ලමයි ගැන….

මෙහේ ඉන්න් හැම ලමයගෙම වගකීම තියෙන්නෙ මගෙ අතේ…….මන් ඔයට්ට මේ ගැන හොයන්න බාරදුන්නෙ ඒකයි….පොලිසියේ උසස් නිලදාරියෙක් වෙලත් ඔයාට ඇයි මෙ වැඩේ කරන්න බැරි…….

මට මේ ලමයින්ට උනේ මොකක්ද කිය්ලා ඉකමනින් තොරතුරක් දැනන්න ඕනි……
පුලුවන් ඉක්මනින්….

එහෙම කියලා මැඩම් සරාගිකා ඵෝන් එක කට් කලේ තරහෙන් පුපුර පුපුර……

ටොක් ……….ටොක්………..ටොක්……..

ඒ එක්කම වගේ දොරට තට්ටු කරන් සද්දයක් ඇහිලා මගේ පපුව ගැහෙන වේගෙ එන්න එන්නම වැඩි වුනා……..ඇයි දෙයියනයි මන් මේක ඇතුලට වෙලා ඉන්නයැ දවසම……

මැඩ……

ඇයි මොකද ජූලියා….

මැඩම්ට ලිව්මක් ඇවිත්…..
කෝ දෙනවා ඕක මෙහාට……

ඔ………….හ්….නෝ…. නෝ………නෝ….
මේ කරදර අස්සෙ මන් මේවටත් යන්නෙ කොහොමද….
ඇ……ඇයි මැඩම්…..

බලනවා ……..දවස් 3…4……කට මැලබිනා එකට එන්නලු මට …..
මන් කොහොමද නොයා ඉන්නෙ……
ඒත් මේ කරදර අස්සෙ…..

මැ…මැඩම් යන්න මන් වින්සන්ටත් එන්න කියන්නම්…..අපි ලමයින්ව බලා ගන්නම්…….

හී …….ඒනම් හොදට තියෙයි…..මට ජූලියා කියන දෙය ඇහුනම හිනාව නවත්ත ගන බැරි උනා …ඒත් මන් මගේ හිනාව නවත්තන් හිටියෙ ලොකු අමාරුවකින්………….

ජූලියා කියන්නෙ අපිට සංගීතය උගන්වන කෙනා…
වින්සන් කියන්නෙ අපිට කිරි ගේන කෙනා…. එහෙම් නැත්තම් ජූලියාගෙ සිහින කුමාරයා….

හරි ජූලියා එහෙනම් මන් දැම්මම පිටත් වෙනවා ….. ඔයා ලමයි ටික පරිස්සමෙන් බලා ගන්න් ඕනි .හරි නෙ එහෙන්ම්ම් වගකීම තියෙන්නෙ ඔයාගෙ අතේ…….ලමයි කාටවත් දැන ගන්න තියන එපා මන් නෑ කියලා….

මන් පුලුවන් තරම් ඉක්මනින් එන්න බලන්නම්…..

හරි මැඩම් …..මන් ලමයින්ව හොදට බලාගන්නම්………..මැඩම් ගිහින් මැඩම්ගෙ වැඩ ටික ඉවර කරන් එන්න හිමීට……

මැඩම් සරාගිකා ඉක්මන් අඩි තියලා කාමරෙන් එලියට ගියා ….ඒ පිටිපස්සෙන් ජූලියත් ගියා..මන් ඉක්මනින් එලියට ආවෙ කාමරෙන් එලියට යන්න..

ඒත් මන් එතකොටයි දැක්කෙ මේසෙ උඩ තියෙන යතුරු කැරැල්ල……මන් ආයි දෙපාරක් හිතන්නැතුව මැඩම්ගෙ කාමරය පෙරලන්න පටන් ගත්තා..

ඒත් මට කිසිම හෝඩුවාවක් කියලා දෙයක් නම් හම්බුනේ නෑ… මට හම්බුනේ අමුතු වරගයේ සපත්තු කූට්ටම් ටිකක් විතරයි…..ඒවැයි තිබ්බ් අලස්සන් නිසාම මන් ඒ පෙට්ටියත් අරගෙන ….

කාමරයෙන් එලියට ගියා… හැබැයි ඉතින් මන්‍ එන්තරු කැරැල්ලත් අරන් තමා එලියට ආවෙ….මන් කෙලින්ම ගියේ අපේ රහ කාමරයට….මන් යනකොට කෙල්ලො ටික ඔක්කොම ඇවිත්…….

ඔය මොනාද ඩෙවින් ……
ලියා එහෙම ඇහුවෙ මන් ගෙනාව පෙට්ටිය දැකලා……..
? ?????????????

ආ…………………….
ඔයාලම බලන්නකෝ……..
මන් එහෙම කියලා පෙට්ටිය තිබ්බා බිමින්….

ශා ……..ලස්සනයි………….ලස්සන සපත්තු…….ඒත් ඒවා වෙනස්නේ…

ආලි ……………………………..

ඕ ඩෙනී……ඔයත් බලන්නකෝ අනේ…..අපි කට්ටියට බෙදා ගන්න පුලුවන්නෙ ඉතින්…..

කෝ දෙනවා බලන්න…….

ඩෙනී ඒ සපත්තුව දැකලා ගල් ගැහිලා වගේ බල්න් හිටියා…

ඇයි ඩෙනී ලස්සනද….

ලස්සනයි තමයි ඩෙවින්….ඒත් මේවා දෙන්නෙ නත්තල් සීයා… එයාගෙ නෝනා ක්ලෝස් මහත්මිය හැම නත්තලකටම හොද වැඩ කරන ලමයින්ව තෝරලා මේ සපත්තු තෑගි විදියට යවනවා….

ආ……………
අපි තුන්දෙනාම ඩෙනී කියන කතාව අහන් හිටියෙ කටත් ඇරගෙන….

මේ සපත්තු ඇත්තටම ගොඩාක් විශේෂයි… මේ තියෙන පිහාටු නිසා සපත්තු දෙක කකෞලට දා ගත්තම උඩින් යන්න පුලුවන්…..

ශා………………………………………….
මරු ඒකනම්

ඔව් …..ඔව්…….
ඒක ඇත්ත………

ඔයාට කොහෙන්ද ඩෙවින් මේක…….

මැඩම්ගෙ කාමරේ තිබ්බෙ…..

ම්ම්ම්…..

මැඩම්ට කොහෙන්ද මේවා….

ආ…..ඩෙනි…. මට කියනා අමතක උනා..මැඩම් දවස් 4 කට එඉතර මෙහේ නෑ……

එයාට මැලබිනා එකට එන්න කියලා ලිවුමක් ඇවිත්…..එයා දැන් එහෙට යන්න පිටත් උනා….

ශා……….නියමයි….
අපිටමේක නම් ලොකු අවස්තාවක් කර ගන පුලුවන්………..

හරි දැන් ඔය සපත්තු ටික පැත්තකින් තියලා අපි අපේ වැඩේ ගැන බලමු….. ඩෙවින් ඔයාට මොනාද හම්බුන තොරතුරු….

මට නම් විශෙෂ කිසිම දෙයක් හම්බුනේ නෑ.. හැබැයි මැඩම් සරාගිකා මේ ගැන හොයන්න පොලීසියට බාරදීලා තියෙන්නෙ…

හරි…..අල්ලි කියන්න….

මට හම්බුනා ලමයි 3 දෙනෙක් ඩයරි ටිකක්…..ඒවායෙ තියෙන ඒවා දැක්කම මට හිතෙන්නෙ මෙයාලා නත්තලට වෛර කරනවා කියලා…

ඒ ඇයි….
මුලදි නත්තල් සීයගෙ තෑගි ගැන ලොකු ලොකු හීන තිබිලා තියෙනවා …..ඒත් මෙයාලට එහෙම් මොකුත් හම්බවෙලා නෑ…. ඒක හින්දා මෙයාලා විශ්වාස කරන්නෙ නත්තල් සීයා කියලා කෙනෙක් නෑ කියලා…..

නියමයි ආලි……

ලියා……ඔයා කියන්න……

මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා…එයාලා නත්තල ගැන් ..නත්ත්ල් සීයා ගැන කුරුමිට්ටො ගැන කිසිම විශ්වාසයක් නැති අය……

හ්ම්ම්ම්ම්ම්……..
ඔව් ඔයාලා හරි…..
අතුරුදහන් වෙලා තියෙන හැමෝම ඒ වගේ අය…….

ඉතින් අපි කොහොමද එයාලව හොයා ගන්නෙ …….

ම්ම්… ඒකට තියෙන්නෙ එකම එක විදියයි….

ඒ මොකක්ද…………

අපි යන්න ඕනි උත්තරධ්‍රැවයට…….නත්තල් සීයව හොයාගෙන…….හැබැයි අපිට වැඩි කාලයක් නෑ…. නත්තල උද වෙන්න කලින් යන ඕනි….

මොකක්……….

අපි යන්න ඕනි උත්තරධ්‍රැවයට …..

ඒක කරන්නෙ කොහොමද…..

මන් ඒ සැරේ නම් බය උනා… ඇයි අප්පා මේ හිම වැටෙන් කාලෙ ඕවැයි යන්නෙ කොහොමද ……

මෙහෙට මෙහෙම හිම වැටෙනවා නම් එහේ කොහොම ඇත්ද…
අම්මෝ….හ් මතක් වෙනකොටත් දත් ටික හිරි වැටෙනවා……………………..

දැන් මැඩම් සරාගිකත් නෑනෙ….අපි යමු ඩෙනී මමනම් කැමතියි…..

ආලියා නම් ඉතින් ඕන් අමගුලට එක පයින්…

මාත් කැමතියි….
ඒ ලියා… ඕකිටත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ… වන වනා යන්න තියෙයිනම්……

එතකොට ඩෙවින්……
කෙල්ලො තුන් දෙනාම එක හඩින් එහෙම ඇහුවා….

ම…. මාත් කැමතියි.. මන් මේ ඔයාලා කැමති නැද්ද කියලා බැලුවෙ..

කොහොම හරි ජන්මෙ බේරගන්නවත් එපැයි…. නැත්නම් විලි ලැජ්ජව…

ආ… එහෙමද…

හරි එහෙනම් ඕනි කරන බඩු ටික රෙඩි කරගන්න ඉක්මන්ට හරිද .. කාටවත් දැනගන්න තියනවා නෙමෙයි මේ ගැන…..
අමතක නොකර ජර්සියක් ගන්න …

හරි … අපි 10 මිනිට්ස් වලින් මෙතන…
ඩෙවින් ඔයත් ඇවිත් ඉන්න…

මන් උත්තරේ දෙන්නත් කලින් උන් ටික දුවලා ඉවරයි….

හැබැයි වරද්දන්නැතුව අර මන් උස්සන් ආපු සපත්තු නම් උස්සන් ගිහින්.. මටම කියලා එකක් විතරක් ඉතුරු වෙලා …..

මන් ඒකත් අරන් මගෙ කාමරයට ගිහින් රෙදි ටිකකුයි කෑම ටිකකුයි දාගත්තා..

ඊට පස්සෙ මන් පට පට ගාලා ආව අපේ සෙට් එක හොයන්… මන් යනකොටත් මුන් ඇවිත්… බලගෙන යනකොට මුන් කෙල්ලො නෙමෙයි යක්කු…..

හරි එහෙනම් අපි යමු…..

අපි සිව් දෙනාම නේවාසිකාගාරයේ පිටිපස්සෙ දොරෙන් එලියට පැන ගත්තා… හිම වැටිලා ඇවිදින්නවත් බැ… කකුල් එරෙනවා .. ..

ටික දුරක් ගියාම අපි යන පාර වැටුනෙ කැලේ පාරකට…. මොනවා උනත් මිඋට කලින් අපි ඔය පාරෙන් ගිහින් තිබ්බෙ නම් නෑ… ඒත් අද යන්න වෙනවා…

මන් ඉතින් ටෙස්ට් එකටත් එක්ක අර පිහාටු තියෙන සපත්තු දෙක දා ගත්තා… ඒක කකුල් වලට හරිම සැහැල්ලුයි…..

ඒත් ඉතින් උඩ නම් ගියේ නෑ…. මන් සපත්තු දෙක දාලා හැඩ බලලා ඉස්සරහා බලනකොට අනිත් කට්ටිය නෑ… කැලේ පාරෙ ඉන්න හින්දා මට බයත් හිතුනා…

මන් ටිකක් හෙමින් ඉස්සරහට ඇවිදලා ගියා…

හහ්……..හහ්….හහ්……..හා…………

එක පාරටම කැලේ දෙවනක් කරමින් ඇහුන හිනා හඩ නිසා මගෙ හතර හංදි පන නැතුව ගියා….

හහ්……හහ්…….හහ්……..හා……….

ආයිමත් ඒ හිනා හඩඇහෙන්න් පටන් ගත්තා… ඒ සැරේ නම් මන් දෙපාරක් හිතන්නැතුව දුවන්න පටන් ගත්තා…
? ?????????????

ඒත් ඉතින් මට වැඩි දුරක් නම් දුවන්න උනේ නෑ.. එක පාරටම මාව උඩට උඩට යන්න පටන් ගත්තා…

අනේ….. අනේ මාව බේර ගන්න ……..ඩෙනී……ලියා………….ආලි……
මට උදවු කරන්න…. මට පුලුවන් තරම් හයියෙන් මන් කෑ ගහන්න පටන් ගත්තා….

මාව එන්න එන්නම උඩට ඇදෙන්න් අපටන් ගත්තෙ එහාටයි මෙහාටයි වීසි වෙවී………..

හී…………….හිහ්…….හි….හි….
අයි සැරයක් මට හිනාවෙන සද්දයක් ඇහුනා… හැබැයි ඉස්සෙල්ලා හිනා හඩ නම් නෙවෙයි….
මන් බැලුවෙ ටක්ගාලා බිම… කෙල්ලො තුන්දෙනා මගේ දිහා බලාගෙන හිනා වෙනවා… මන් හිටියෙ හොදටම බයවෙලා…

අයියෝ ඩෙවින් ඔය සපත්තු දෙක හින්දා ඔයාව උඩ ගියේ… බොරුවට කෑ ගහන්නැතුව එන්න අනේ බිමට…

කොහොමද එන්නෙ…මට බයායි…..

ඔයා ඇග බැලන්ස් කරන්න… එතකොට ඔයාට පහලට එන්න පුලුවන් ….

එයාලා කිව්ව විදියටම මන් කලා… වැඩි වෙලාවක් යන්න කලින් මට බිමට එන්න පුලුවන් උනා…හැබැයි මන් එයාලා ඉන්න ටැන නම් නතර උනේ නෑ.. ටක් ගාලා ඉස්සරහට ගියා.. නැත්නම් මාව චාටර් කරලම මුන් මරයි….

…………………………………………………………………………

අපි පැයක්විතර ඔය විදියට හීතලේ ගැහි ගැහි ගොඩාක් දුරක් ආවා…

ඊලගට අපි නතර උනේ උමගක් වගේ එකක් ගාව …..ඇතුල කලිවරම කරුවලයි…දැක්කහමත් බය හිතෙනවා…

ඇයි දෙයියනයි මොන යක්කු ඉන්නවාද දන්නෑනෙ ඔය මගුල ඇතුලෙ..

අපි පොඩ්ඩක් මෙතන නතර වෙලා මොනවා හරි කාලා යමු නේද……

ඔව් ……ඔව්…..ඒක ඇත්ත…

මන් ගත් කටටම එහෙම් කිව්වෙ ඇත්තටම බඩගින්නක් තිබ්බ නිසා….

අපි කෑම කාලා උමග ඇතුලට යන්න පටන් ගත්තා.. කට්ටියම ගෙනල්ලා තිබ්බ ටෝච් ටික පත්තු කරගත්තා…

ඒත් ඇතුලට යන්න යන්න මට දැනුනෙ නම් ලොකුම ලොකු අමුත්තක්…

හහ් … හහ්… හහ්…..හා..

ඒ දේ මට විතරක් නෙවෙයි අනිත් අයටත් දැනෙනෙවා කියලා මන් දැන ගත්තෙ එයාලගෙ මූනු වලින්….

ආලි ඔයාට මොකුත් ඇහෙන්නෙ එහෙම නැද්ද…..

මොකක්ද ලියා … මට නම් මොකුත් ඇහෙන්නෑ…

ආ… නෑ.. මොකුත් නෑ…..

හහ්…..හහ්…..හහ්..හා..

එක පාරටම ඇහෙන්න ගත්තෙ කැලේ ඇතුලට එද්දි මට ඇහුනු වියරු හිනා හඩ….

හතර දෙනාම අත් අල්ලගත්තෙ ඇත්තටම බය වෙලා….
උමග ඇතුලෙ තිබ්බ් කෑලි කපන්න පුලුවන් කරුවලක්…

අපේ ටෝච් එලියෙන් හතර වටේම බලන්න තරම් ආලෝකයක් තිබ්බෙ නෑ…
මන් ටිකක් වටේට ටොච් එක අල්ලලා බැලුවත් කිසිම දෙයක් දැක්කෙ නම් නෑ…

චට… චාට… චටා………..ස්….. ඩොන්…..

එක පාරටම අපේ අතේ තිබ්බ් ටෝච් පුපුරලා ගියේ අපේ තිබ්බ බය දෙගුන තෙගුන කරන ගමන්….

ඩෙනී……. දැන්නම් මට බයයි ඩෙනී……
එකපාරටම ආලි අඩන්න පටන් ගත්තෙ පොඩි එකෙක් වගේ…..

ටික වෙලාවක් යද්දි සද්ද බද්ද මොකුත්ම නැති වෙලා ගියා… මන් ලියාගෙ අත අල්ලන් ඉන්නවා කියලා මට මතක් උනේ ඒ වෙලේ…..

මන් ටක් ගාලා මගෙ අත ලියාගෙන් ගන්න හැදුවෙ . ඒත් මට මගෙ අත ගන්න බැරි උනා..

අයියෝ ලියා…
ඇයි මොකද වදේ….. මගෙ අත අතාරිනවකො …රිදෙනවා මට….

ඔයාට පිස්සුද ඔයානෙ මගෙ අත අල්ලන් ඉන්නෙ……ආව්……. රිදෙනවා….

ලියාත් හයියෙන් කෑ ගැහුවා…

ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්…………

මගේ අතත් එන්න එන්නම තද වෙන්න පටන් ගත්තා….

මට ඉන්නම බැරි තැන මන් මගෙ අත අල්ලන් ඉන්න කෙනාට පයින් ගහන්න පටන් ගත්තා ….

ඒත් මට නම් දැනුනෙ මන් කලු ගලකට පයින් ගහනවා කියලයි…..

ලියා මොකද වෙන්නෙ….
ඩෙනි කෑ ගහන්න පටන් ගත්තා…..

එත් මේ කට්ට කලුවරේ මන් නම් කවුරුවත්ම දැක්කෙ නෑ……………

මගේ ඇස් යාන්තමින් වගේ කලුවරට හුරු වෙන්න පටන් අරන් තිබ්බෙ.. මන් එතකොට බැලුවෙ මගෙ අත අල්ලන් ඉන්නෙ කවුද කියලා…

මන් දැක්කෙ ඇට කෑලි ටිකක් මගේ අත අල්ලන් ඉන්නවා වගේ … මන් ඒ අත ගලවන්න උත්සාහ කරන්න කරන්නම මගෙ අත තව තවත් තද වෙන්න පටන් ගත්තා………….

එක පාරටම ඒ අදුර අතරි රතූපාටට දිලිසෙන ඇස් දෙකක් විතරක් දැකක් විතරක් අපි ඉන්න පැත්තට එනවා දැක්කා…

ඩෙනී…. ක… කවුද එනවා… දුවමූ…..
මන් හයියෙන් කෑ ගැහුවා… දඩ බඩ ගාලා කට්ටිය දුවනවා මට ඇහුනා ඒත් මන් දුවන්නෙ කොහොමද…..

අත නැති උනත් කමක් නෑ කියලා මාත් දුවන්න හැදුවෙ… ඒත් ඊට කලින් මාවත් ඇදගෙන කවුරුම හරි දිව්වා…හිතට සහනයක් දැනුනෙ එතන ලියාත් ඉන්නවා කියල්ල එයා කෑ ගහන සද්දෙන් මටත් ඇහුන නිසා…..

මන් නම් ඇස් දෙක තද කරන් පියා ගෙන හිටියෙ…..
මම නම් හිතන්නෙ දැන් මගේ ඇගේ අවයව අඩු ඇති… මොනවා උනත් දුවන කෙනා දුවන් වේගෙට මාව ඉතුරු උනොත් ඇති…..

එක පාරටම මගේ ඇස්වලට ලොකු ආලෝකයක් වැටුනා… මන්ටක් ගාලා ඇස් ඇරියෙ අපි කොහෙද ඉන්නෙ බලන්න… ඒත් මන් දැක්කෙ අපි වට වුනු බිත්තියක් ඇතුලෙ ඉන්නවා වගෙයි…

මන් හෙමින් සැරේ නැගිට්ටෙ මන් ඉන්නෙ කොහෙද බලන්න්…
දෙයියනේ මායි ලියයි ඉන්නෙ ටිකක් ඉස බාජනයක් ඇතුලේ…. මගේ පපුව ආයිමත් සැරයක් මැරතන් දුවන වේගයෙන් ගැහෙන්න පටන් ගත්තෙ ඉබේටමයි….

මන් හෙමින් සැරේ ඉස්සිලා එලිය බැලුවා……. දෙයියනේ මේ මොකෙක්ද…. මට මගේ ඇස් අදහා ගන්න බැරි උනා….මෙච්ච්‍ර වෙලා අපිව මෙහෙට ඇදන් ඇවිල්ලා තියෙන්නෙ රතුම රතුපාට ලේ පෙරෙන් ඇස් තියෙන ඇට සැකිලි ගොඩක් කියලා දැක්කම……

ලියා නම් හිටියෙ සිහි නැතිවෙලා… නැත්නම් මෙතන දෙවනක් වෙන්න කෑ ගහලා….

ටික වෙලාවකින් ඒ ඇටසැකිල්ල අතුරුදහන් වෙලා ගියා.. මට නම් දැන කෙල ගිලෙන්නෙත් නැති තරම්……

මන් ලියාට කිට්ටු වුනේ එයාව නැගිට්ටවන්න… කවුරුත් නැති වෙලේ මෙතනින් පැන ගත්තොත් ඇගට ගුනයිනෙ ………

ලියා………….
ලියා………………..

මන් පුලුවන් තරම් හෙමින් ලියාට කතා කලා….
ඒත් එයා ඇහැරුනේ නම් නෑ.. බැරිම තැන මන් ලියාව අල්ලගෙන වේගෙන් හෙලෙව්වා….

ආව්…….
ලියා ඒ පාරනම් දෙවනක් වෙන්න කෑ ගැහුවා… මන් ටක් ගාලා ලියාගෙ කට තද කර ගත්තා . නැත්නම් මෙතන මොන මගුලක් නටයිද දන්නෑනෙ…..

කෑ ගහන්න එපා… මෙතනින් ඉක්මන්ට පැනගන්න ඕනි … නැගිටලා මට උදවු කරන්න…

ඇ… ඇයිඅපි මේ කොහෙද ඉන්නේ….

හී… වලදක් ඇතුලෙ… නැගිටිනවා ඉක්මන්ට… මෙතනින් පැනගන්න ඕනී….

හරි… හරි මොකක්ද කරන්න ඕනි කියනවකෝ… මන් ඔයාව උස්සන්නම් … ඔයා මේකෙන් එලියට බැහැලා කොහොම හරි මාව ගන්න.. හරිද…

ඕකේ …
ලිආමගෙ කරට කකුල් දෙක තියලා හිට ගත්තා… මන් හෙමින් සැරේ නැගිට්ටා… ලියාගෙ ඇග මාර ස්ලිම් ඒක හින්දා එයාට ඔය වගේ වැඩ හොදට පුරුදුයි…

ලියා නම් කොහොමින් කොහොම හරි දගලලා එලියට ගියා… ඒත් මම තාම ඇතුලෙ… ටික වෙලාවක් යද්දි මන් හිටිය බාජනය එගාට මෙහාට පැද්දෙන්න පටන් ගත්තා.. ලියානම් හිටියෙ හිනා වෙවී…

එකපාරටම ඒක බිමට වැටිලා කුඩුවෙලා ගියේ ලියාගෙ හිනාව වැඩි කරමින්… ඒත් ඉතින් මට එයානෙ උදවු කලේ මන් එහෙම හිතලා ලියාවත් ඇදගෙන දුවන්න පටන් ගත්තා…

අපි දෙන්නා ගිහොන් නතර උනේ තුම්මන් හංදියක් වගේ තැනක… එතන හැම පැත්තටම වගේ උමං තිබ්බා…

ඩෙවින් .. දැන් කොහෙටද යන්නෙ…

දකුනට යමු…

නෑ ….නෑ…… වමට යමු…….

ඒනම් මෙගෙම කරමු අපි දෙන්නම මැද එකෙන් යමු… ඉවරයිනෙ ප්‍රශ්නෙ… එහෙම කියලා අපි දෙන්නා ආයිමත් සැරයක් දුවන්න පටන් ගත්තා….

…………………………………………………………………………

ඩෙනී……… කොහෙද ඔයා…….
ඩෙනී……………………….

ආලිය දුවන කොට ඩෙනීව මග හැරිලා .. නත්තල් සීයව හොයාගන්නත් ඕනි… කමක් නෑ මන් තනියම හරි මේ ගමන යනවා…

එහෙම හිතලා ආලියාට වැඩි දුරක් නම් යන්න හම්බුනේ නෑ…….

කරුවල අතරින් ඉස්සරහට ගියා මිසක බිම බලන්න සිහියක් ඒ වෙලේ ආලියාට තිබ්බෙ නෑ… උමගේ එක කොටසක් අවසන් වෙලා ….

ආලියා ඒක දැනන් හිටියෙ නෑ… එක පාරටම ආලියාව පල්ලමකට ඇද වැටෙන්න පටන් ගත්තා…

ආආ…………………………………………………… අ..අනේ මාව බේර ගන්න.. ක… කවුරුත් නැද්දෝ…………….

ජබුඃ…………… ජබුඃ…….
ම්ම්ම්ම්ම්… හා………ම්ම්ම්ම්ම්ම් ……හා…

ආලියාව වැටුනෙ පල්ලෙන් තිබ්බ වතුර වලකට… හැබැයි ඒක අපි දන්න් වතුර වලවල් වගේ නෙමෙයි … වෙනස්….

ආලියාව වතුරට වැටුනු පාර ටිකක් විතර යටට ගියත් ගියාට වඩා වැඩි වෙගකින් ආලියාව නැවතත් උඩ ගියා… ආලියාට වෙන දේ තේරුම් ගියේ ටික වෙලාවකින්….

ආ………..හ් …..
මේ වතුර නිකන් රබර් වගේනෙ….මාව මේ ටෙනිස් බෝලයක් වගේ බම්ප් වෙන්නෙ ……

ආලියා හයියෙන් හින උනේ සතුටට…..

ආලියා ආයිමත් යන්න පටන් ගත්තා.. ඒත් එයාට වැඩි දුරක් යන්න හම්බුනේ නම් නෑ….

ආලියා…. ඩෙනී ඔයාලා කොහේද…..
ආලියා… ඩෙනී…

ආලියාට ඇහුනෙ ඩෙවින් කෑ ගහන සද්දය…ආලියා ඉක්මන්ට එතනින් ඉස්සරහට දිව්වෙ එයාලව හම්බෙයි කියලා හිතගෙන…

ඩෙවීන්…. කොහෙද ඔයා….

ආලියා කා ගගහා දිව්වා…

ඒ ඩෙවින් ඒ ආලියා නේද…ඔව්.. ඔව්.. එයා වෙන්න ඕනි.. නේද ඩෙවින්….

මටත් හිතෙන්නෙ එහෙමයි.. අපි යමු ඉක්මන්කරලා… එයා ඉන්නෙ කොතනද කියලා දන්නෑනෙ… කට්ටියම කටහඩවල් ඔස්සේ දුවන්න පටන් ගත්තා…

දඩස්……………

එක පාරටම ආලියාව බිම ඇදගෙන වැටුනෙ මොහොක හරි වැදිලා…

ආව්…

ඩෙවින්…. ලියා.. ඔයාලා…
ඔව්ව්ව්ව්…. මේ ඔයාලා… ආලියා ඇවිත් ඩෙවින්වයි ලියාවයි බදාගත්තෙ සතුටින්……

ඒත් එයාලට දෙයක් අමතක උනා එකිනෙකාව හමු උන සතුටට…
මොකක්ද දනවද දැන් එයාලා ඉන්නෙ ගුහාවෙ නෙවෙයි කියන එක…

ඩෙවින්…. අ.. අපි.. මේ ඉන්නෙ…

ඇ.. ඇයි ලියා…

අපි…

ඕහෝ… අපි ඉන්නෙ එලියෙ… ඒ කියන්නෙ අපි ඇවිත් ඉන්නෙ දැන් උත්තරධ්‍රැවයට … ඔව්ව්ව්…

ඒත් ඩෙනී නෑනෙ…

ඩෙනී…. නැත්තෙ නෑ.. එයා ඉන්නවා…

ආලි එකපාරටම බිමදිගේ වැටිලා තිබ්බ අඩිපාරකට එබෙනගමන් එහෙම කිව්වා… ඔව් මේ තියෙන්නෙ එයා ගිය අඩි පාර වෙන්න ඕනි…

අපිත් යමු ඉක්මන් කරන්න… අපි තුන් දෙනාමා අඩි පාර දිගේ දුව දුව යන්න පටන් ගත්තා.. ඒත් ඉතින් මේ හිම ගොඩේ යනවා කියන්නෙ ඒ තරම් ලේසි පහසු කටයුත්තකුත් නෙවෙයිනේ…..

අඩහෝරාවක් විතර අදික හිම ගොඩේ ගිගින් මහා පුදුමාකාර තැනකට කියලයි මට හිතුනෙ…

හැමතැනම හිටියෙ කුරුමිට්ටො….
බඩු කරත්ත අරන් එහාටයි මෙහාටයි යනවා…ඒ අතරෙ අපිට හුරු පුරුදු කෙනෙකුත් හිටියා.. වෙන කවුරුත් නෙවෙයි ඒ .. අපේ ඩෙනී…

ඒ ඩෙනී………අපි මෙහේ….

ලියා එක පාරටම කැ ගහන්න ගත්තා…
ආලියත් ලියාට එකතු වුනේ ඇත්තටම ඩෙනීව දැක්ක එක ගැන අපි හිටියෙ ගොඩාක් සතුටින් නිසා…

ඩෙනී අපි දිහා බැලුවෙ පුදුමයෙන් වගේ.. එයා දුවගෙන ඇවිත් අපිව බදාගත්තා…

ඔයාලා ඉන්නවා… මන් බය උනා.. මට මගෙ යාලුවන්ව නැති උන කියලා….

හරි ඩෙනී .. දැන් අපි ආවනේ… ඒත් නත්තල් සීයා හම්බුනාද ඔයාට…

නෑ ඩෙවින්… නත්තල් සියා තව ටිකකින් එනවා කිව්වා…

කවුද කිව්වෙ ක්ලෝස් මහත්මිය… එයාලා මේ නත්තලට ලමයින්ට දෙන්න සෙල්ලම් බඩු හදනවා.. එන්නකෝ යන්න…

එහෙම කියලා ඩෙනී අපිව අරන් ගියේ හිම වලින් හදපු ගුහාවක් ඇතුලට… ඒත් ඒවා ඇතුලෙ තිබ්බෙ මීටර් ගනන් දිග සෙල්ලම් බඩු පෝලිම් … ඒවා හැදුවෙ කුරුමිටි යාලුවෝ… මන් ලටත් අරන් ඒ දිහාවෙ බලන් හිටියෙ … ඇත්තටම මට නම් පුදුමයි……….

ටික වෙලාවක් යද්දි අපිට ඇහුනෙ සීනු හඩක් … අපි කට්ටියම ගුහාවෙන් එලියට ආවෙ කවුද කියලා බලන්න…

ඕඔ… ඇත්තටම මේකනම් හීනයක් වගේ නත්තල් සීයා… ඔව්… ඇත්තටම සැන්ටාක්ලෝස්…..

පිනිමුවෝ ඉන්න කරත්තේන එනව්වා මන් බලන් හිටියෙ හරිම සතුටින්න්…..

හොඃ හොඃ හොඃ හොඃ……….

නත්තල් සීයා සුපුරුදු සිනහවෙන්ම අපි ඉන්න තැනට ආවා

ආලියත් ලියාත් හිටියෙ පුදුමයෙන් වගේ… ඩෙනී නම් හිටියෙ කට ඇරන්…

හොඃ හොඃ හොඃ……………..

මේ ලමයි මෙහෙ ආව කාරණය මන් දන්නවා…. බය වෙන්නැතුව එන්නකො ලමයි මාත් එක්ක යන්න…

එහෙම් කියලා නත්තල් සීයා අපිව අරන් ගියේ තවත් උමගකට… ඒ උමග ඇතුලෙ ඇතුලෙ කවුරුවත්ම පේන්න හිටියෙ නැ…

ඒත් උමග මැද ලෝකු බෝලයක් සවි කරලා තිබ්බා… හරියටම ඒක ලෝක ගෝලය වගේ…. ඒ බෝලෙ කහපාටට පුංචි එලි ගොඩාක් පත්තු වෙවී තිබ්බා..

හරියට නිකන් කනාමැදිරියෝ වගේ… ඒත් එක්කම පෙලක් තැන වල ඒ එලි නිවිලා ගියා… නත්තල් සීයා කතා කරන්න පටන් ගත්තෙ එතකොටයි….

දැක්කද ලමයි…

ඔය කහපාට එලිවලින් පෙන්නන්නෙ ඇත්තටම නත්තල් සීයා ඉන්නවා නත්තල කියන්නෙ ඇත්තක් කියලා විශ්වාස කරන ඔයාලා වගේ පුංචි ලමයි…

ඔය දැන් නිමිලා යන එලි වලින් පෙන්නන්නෙ නත්තල ගැන් විශ්වාසයක් නැති අය… ඒ කියන්නෙ අන්ධකාරයේ දූතයාට අහු උන ලමයි…

ආ…..හ්…
ඒ කවුද නත්තල් සීයෙ…..

ම්ම්ම්ම්ම්හ්…

එයා තමයි ලමයිනෙ නත්තලේ ඉන්න හතුරා… එයා මේ නත්තලට වෛර කරනවා….

මොකද දන්නවාද… එයාට කවදවත් නත්තලට තෑග්ගක් හම්බෙලා නෑ. ඒ එයා කියන දේ අහන්නැති මුරණ්ඩු කෙනෙක් උන නිසා…

ඒත් දැන් එයා බිහිසුනු රාස්සයෙක් වෙලා.. එයා නත්තල ගැන විශ්වාසයක් තියන් ඉන්න ලමයිව බය කරලා නත්තලට තියෙන විශ්වාසය නැති කරලා දානවා..

ඊට පස්සෙ ඒ ලමයිනුත් ඒ රාස්සයට වශී වෙලා එයා එක්කම යනවා…

ආ………..හ් .. ඒ කියන්නෙ අපේ යාලුවොත් අරන් ගිහින් තියෙන්නෙ එයා..

ඔව්.. ඔව්……… ඒත් කොහොමද එයාලව බේරගන්න පුලුවන්….

පුලුවන්..

එයාලා මේ නත්තල විශ්වාස කලාම… ඒ දේ කරන්න පුලුවන්ද පුලුවන්ද ඔයාලට…

ඔව්.. පුලුවන්…

මන් එක පාරටම එහෙම කිව්වම ඩෙනී මගෙ දිහා බැලුවෙ පුදුමයෙන්…

ඇයි ඉතින් දෙන තරමක් මන් දෙන්නෙ ගොන් පහේ අයිඩියානෙ…

ඩෙවින් ඔයා මොකක්ද දෙන අදහස කියන බලන්න…

මෙහෙමයි ……
අපි නත්තල් සීයව අපේ යාලුවෝ ලගට අරන් ගියොත් එයාලා ඒක විශ්වාස කරනවා.. මොකද එයාලා නත්තල් සීයව දැකලා නෑනෙ කවදාකවත්….

ඩෙවින් ……. දැන්වත් ඔය මෝඩ අදහස් දෙන එක නතර කරන්න..

හොඃ හොඃ හොඃ……………..

හොඃ හොඃ හොඃ……………..

නෑ … නෑ… එයා කියන එක ඇත්ත…අපි දැන්මම යමු ඔයාලගෙ යාලුවන්ව බේර ගන්න…..

එහෙම කියලා නත්තල් සියා උමගෙන් එලියට ආවා.. අපිත් ඒ පිටිපස්සෙන්ම ආවෙ ඇත්තටම මොකක්ද කරන්නෙ කියලා හිත හිතා…

නගින්න ලමයි මේකට… නත්තල් සීයා එහෙම කිව්වෙ කරත්තෙ ගාවට ගිහින්…

අපි හතර දෙනා මූනට මූන බලාගත්තෙ ඇත්තටම පුදුමෙන්….

ඉක්මන් කරමු…
අපිත් ඉක්මන් කරලා කරත්තෙට නැග ගත්තෙ හීනයක් සැබෑ උනා කියලා හිතින් හිතා ගෙන…..

ටික වෙලවකට පස්සෙ අපි ආවෙ අදුරෙන් වෙලී ගිය පැත්තකට… මට නම් හිතුනෙ මෙහෙ මිනිස්සු නැතුව ඇති කියලා.. ඒත් මන් හිතුවා වැරදියි..

මෙහෙ මිනිස්සු ඉන්නවා…ඒත් ඒ හැමෝම අන්දකාරයේ මායාවකට අහුවෙලා… ඔව්.. නත්තල අවිශ්වාස කරන කට්ටිය…

ඒත් නත්තල් සීයා කරත්තෙන් බැහැලා ගියේ ලොකු පැලක් වගේ තැනකට…

ටික වෙලාවක් යද්දි එතනින් එලියට ආවෙ හෙලවෙන සෙවනැල්ලක් වගේ කෙනෙක්…

එහෙන්ම්ම් ඔයා ආවා මා ගාවටත් නත්තල් සීයෙ…

ඔව් මන් ආවා… මගේ ලමයින්ව බේරගන්න මන් ආවා අන්දකාරයේ භූතයෝ…

හහ්……හහ්……..හ්හ්හ්……….හා..
ඒත් ඔයාව විශ්වස කරන කවුරුත් නෑ…
කවුරුත්ම නෑ…
හහ්…….හහ්…….හ්හ……..හා…………..

නෑ… මන් විශ්වාස කරනවා.. මන් අඩියක් ඉස්සරහට තියලා හයියෙන්ම කිව්වා…

අපිත් විශ්වාස කරනවා…

මගෙ යාලුවොත් මාත් එක්කම ඉස්ස්‍රහට අඩියක් තිබ්බා..

ඒ වෙලේ මගෙ ඇහට ආවෙ අමුතුම හයියක්… අදුරෙන් වැහිලා තිබ්බ පරිසරය එන්න එන්නම ආලෝකමත් වෙන්න පටන් ගත්තා…

නත්තල් සීයා…

නත්තල් සීයා ඇවිත් … මෙන්න නත්තල් සීයා ඇවිත්… අපිට ඇහුනෙ සතුටෙන් කෑ ගහන කටහඩවල් ගොඩාක්….

අන්දකාරයේ භූතයා වේදනාවෙන් කෑ ගැහුවා…

නෑ මේක වෙන්න බැ… මමයි මේ ලෝකෙ රජ කරන්නෙ … එපා… එපා…

ඒත් ඒ අදුර පරයා නැගෙන ආලෝකය බලවත් උනා.. අදුරේ ගිලුනු මුලු පරිසරයම ආලෝකමත් උනා…

නත්තල් සීයා අපි හතර දෙනා දිහා බලන් හිටියෙ හරිම කරුණාවෙන…

ඩෙවින්… මෙහාට එන්න…
මේ සපත්තු දෙකයි පෑනයි මගෙන් ඔයාට…

නත්තල් සීයා එහෙම කියලා මගෙ තින් තිබ්බෙ ලස්සන සපත්තු දෙකක්… ඒ වගේම අමුතුම පෑනක්…

අනිත් අයටත් ඒ තෑගිම දුන්නා….එයාලත් හිටියෙ හරිම සතුටින…

…………………………………………………………………………
හොඃ හොඃ හොඃ හොඃ හොඃ හොඃ..

එක පාරටම මට ඇහුනෙ නත්තල් සීයගෙ හින හඩ…

ඩෙවින්… නැගිටිනවා.. නැගිටිනවා…

ඒ ඇහුනෙ මැඩම් සරාගිකාගෙ සද්දය කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

මන් දඩි බිඩි ගාලා ඇදෙන් නැගිටලා බිම හිට ගත්තෙ මන් අද නැගිටින්න ඇත්තෙ ගොඩාක් පරක්කු වෙකා කියලා හිතලා..

ඩෙවීන්..
මොකෝ මේ බය වෙලා …..

මෙන්න් ඔයාට මගෙන් නත්තල් තෑග්ගක්…
මැඩම් සරාගිකා හිනාව පිරුනු මුහුනෙන් යුතුව මට තෑගි පෙට්ටියක් දීලා එලියට ගියා…

මන් ටක් ගාලා පෙට්ටිය ඇරලා බැලුවෙ ඇත්තටම ඒ මොනාද කියලා හිත හිත…

මොනවා… එතන තිබ්බෙ නත්ත්ල් සීයා මට දුන්න සපත්තු දෙකයි පෑනයි…

මන් ඒ ටිකත් අරන් දුවගෙන ගියේ ඩෙනී ඉන්න දිහාවට.. මන් යනකොට ඩෙනී ආලි ලියා තුන් දෙනාම මන් ඉන්න පැත්තට දුවන් එනවා මන් දැක්කා..

එයාලා හිටියෙත් ඒ තෑගි අතේ තියන්…

එ… එතකොට ඒක හීනයක් නෙවෙයිද…

නෑ… ඒක ඇත්තක්…
යේ….. හූ……………….

ඇත්තක්… ඒක………………………………………

………………………………………………………………………… කතාව නම් කොහොමද දන්නෑ.. අත රිදෙනකම් ටයිප් කලා…

නත්තල් සීයා ඇත්තටම ඉස්සර් කාලෙ ඉන්න ඇති කියලා මන් හිතනවා… ඒකයි මේ වගේ කතාවක් ලිව්වෙ….

??kk??

6 thoughts on “??නත්තල සැරසූ සිව් මිතුරෝ??|කෙටි කතා|කතාඅහුර රචක|”

  1. Priyadarshani

    වෙනස්ම විදිහට හිතලා තියෙනව ඔයා….
    කතාව ලස්සනයි ….??????
    තව කතා ලියන්න ….
    ???????????
    Wish you all the best ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.