Katha Ahura

?ඒන්ජල්? | 42 කොටස | නවකතාව

5/5 - (1 vote)

70 කොටස

මම එහෙම කිව්වම අයියත් හිනාවෙවී ඇදෙන් නැගිට්ටා.එයා දොර ලගට යන්න හදනකොටම මම ආවෙ එයා ලගට.

” අයියා..”

” ම්ම්ම්..ඇයි ආශියෝ…? ”

” මාව පිටේ තියන් යන්නකෝ…අනේ….”

” මට ඉන්නෙ මැටි නංගියෙක්නේ..ආ එන්න එන්න..”

එයා එහෙම කියලා ටිකක් බිමට පහත්වුනා.ඊටපස්සෙ මම එයාගෙ පිටේ නැග්ගම එයත් මාව පිටේ තියාගෙනම පහලට ආවා.ඒක දැකපු අම්මා ,

” ඔය ළමයට පාඩුවෙ ඉන්න දෙන්න ආශී..බහිනවා බිමට..”

” නෑ නෑ අම්මා..මෙයා බර නෑ පොඩ්ඩක්වත්..”

අයියා එහෙම කියලා වටයක් කැරකිලා මාව බිමින් තිබ්බා.

” අම්මා…රෑ කෑමට තව කෙනෙක් එනවා.එයා එනකන් අපිට ඉන්න වෙයි ”

” ඒ කවුද ආශූ ? ”

” අවිරු..”

” ආ..අවිරු පුතත් එනවා කිව්වද ? කොච්චර දෙයක්ද ? අදනම් ගෙදරම පිරිලා තියේවි..”

අම්මා එහෙම කියද්දි අයියා මට ඇහැක් ගැහුවා.

” ආශී..කෝල් එකක් දාලා බලන්නකෝ අවිරු දැන් කොහේද කියලා .මටනම් දැන් යකෙක් කන්න බඩගිනියි..”

අයියා එහෙම කියලා කෑම මේසෙන් වාඩිවුනා.

” ම්ම්ම්..මොනාද අම්මා හැදුවේ..කෝ බලමූ..අම්මෝ ගොඩාක් දේවල් හදලා..අනේ ඇයි අම්මා මෙච්චර ගොඩක් හැදුවෙ ? ”

” ඔයා මේවා ගොඩක් කාලෙකින් කාලා නැතුව ඇතිනෙ.ඒකයි මම මේ දේවල් හැදුවෙ..”

එයාලා කතා කරන අස්සෙ මම එලියට ගිහින් අවිරුට කෝල් එකක් ගත්තා..

” හෙලෝ..කොහෙද ඉන්නෙ අවිරු ? මේ අම්මලා බලාගෙන ඉන්නවා ඔයා එනකන්..”

” මම දැන් ලග පැටියෝ..මම එන්නම් ”

එයා එහෙම කියලා කෝල් එක කට් කලා..මම මිදුලෙ තිබුනු බංකුවෙ වාඩිවුනා කලුවරේම.ඒ අතරෙ ඩෙවිලුත් ඇවිල්ලා බංකුව උඩට පැන්නා.ඊටපස්සෙ ඇවිත් මගේ උකුල උඩින් වාඩිවුනා.මම එයාගෙ ඔලුවත් අතගගා කල්පනා කලේ මේ රෑ අවිරුට තියෙන වැඩේ මොකක්ද කියලා .එයා කවදාවත් රෑ යන්නෙ නෑ මොන වැඩේ තිබ්බත්.අනේ මන්දා…

ටිකවෙලාවකින් මට ඇහුනා අවිරුගෙ කාර් එක එන සද්දෙ.ඉතින් මම ගිහින් ගේට්ටුව ඇරියම අවිරු කාර් එක මිදුලට දැම්මා.

කාර් එකෙන් එයා බැස්සද කියල පෙනුනෙත් නෑ මට .මොකද එයා ඇදගෙන හිටියේ බ්ලැක් ඩෙනිමට බ්ලැක් ෂර්ට් එකක්.ඒකත් අත් දිගටම දාලා.මොනාවුනත් ඉතින් එයාගෙ හැන්ඩි පාර්ට් එකනම් ඒකට කැපිලා පෙනුනා.ඒ අතරෙ මගේ හිතට සූටි ආඩම්බරකමක් ආවෙ නැත්තෙම නෑ..

මොකද මගේ අනාගත හබියා හැන්ඩියෙක්නේ..කොන්ඩේ ජෙල් කරලා ටිකක් උස්සලා. සෝස පාට තොල් හරියට කෙල්ලෙක්ගෙ වගේ.ෂර්ට් එකේ උඩ බොත්තම් ටිකකුත් ඇරගෙන.අනේ මන්දා මෙයානම්..

අත් දෙකත් දෙපැත්තට දාගෙන එයා ආවෙ මගේ පැත්තට.වෙන මොනාටද ඉතින් මාව බදාගන්න මිසක්.මම ඉක්මන්ට පැත්තකට පැන්නා.

” අයියා ඉන්නවා මෝඩයෝ…! ”

” එහෙමයි කියලා මට මගේ කෙල්ලව බදාගන්න තහනමක් නෑනෙ..මෙන්න මෙහෙ එනවා..”

එයා එහෙම කියලා මාව එයාගෙ පපුවට ඇදලගත්තා.මම දගල දගල එයාගෙන් ගැලවෙන්න තමයි හැදුවෙ.මෙයාටත් ඉතින් මේවා වෙන තැනක කරන්න බෑ.හතරවටින් කට්ටිය ඉන්නකොට තමයි මෙයාට මාවත් බදාගන්න ඕන..

” මාව අතාරිනවා මැට්ටෝ..දැන් අම්මා ආවොත් ඉවරයි..”

” එයා දැනගනීවි එයාගෙ බෑනා කවුද කියලා ”

එයා මාව තවත් තදකරගෙන කිව්වා.අපි දෙන්නම උඩ ගියේ එකපාරටම ඇහුන කටහඩකින්.

” ආ මස්සිනා…”

අවිරු මාවත් ඉක්මන්ට අතෑරලා බැලුවමයි දැක්කෙ අපි ලගට එන අයියව.හයියෝ…අයියා දැක්කද දන්නෙත් නෑ..

” මම මේ බැලුවෙ නංගි තනියම එලියට ගිහින් ඇයි මෙච්චරවෙලා නැත්තෙ කියලා..බලද්දි මෙයා මෙතන වැඩක්නේ..”

අයියා එයාගෙ ඉනට අත් දෙක ගහගෙන හිනාවෙවී කියද්දි මම බිම බලාගත්තා.අවිරුත් හොරාට වගේ මගේ දිහා බලනවා වගේ මම ලාවට දැක්කා.

” නෑ අයියා..මේ…”

” අයියෝ ඕක මොකක්ද මගෙ වෙන්න මස්සිනා …මම විතරයිනෙ දැක්කෙ..මගෙ ආශිට මෙච්චර ආදරේ කරන කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද..පොරොන්දු වෙනවා ඔය දෙන්නටම මම දවසක අම්මා බෑ කිව්වත් එයාව කැමති කරවගෙන ඔයාලව එකතු කරනවා කියලා..ප්‍රොමිස් ”

අයියා එහෙම කියද්දි මම එයා දිහා බැලුවෙ ගොඩක් ආදරෙන්..ඇත්තටම නංගියෙක්ට මෙහෙම අයියෙක් ලැබෙන්නෙ ටිකක් කලාතුරකින්.ඒ වගේම අයියෙක් නංගිට ආදරේ කරන්නෙ, නංගිව පරිස්සම් කරන්නෙ හරියට තාත්තෙක් වගේ.ඒත් හැම අයියම නංගි තමන්ගෙ කැමැත්තට හොයාගන්න කෙනාට එකපාරම කැමැත්ත දෙන්නෙ නෑ..ඒත් ඉතින් එහෙම කරන්නෙත් නංගියට තියෙන ආදරේටම තමයි.මොකද එයා කැමති නෑ එයාගෙ නංගිට කවදාවත්ම දුකක් දැනෙනවට..

ඒත් එක දෙයක්..අයියා කෙනෙක් නංගිට කවදාවත් පේන්න එයාගෙ ආදරේ දෙන්නෙ නෑ .හරියට තාත්තා වගේ..එහෙම දෙන අයත් ඉන්නවා.හැබැයි ඒ ගොඩක් කලාතුරකින් .ඒ කොහොමවුනත් අයියා කෙනෙක් කියන්නෙ තමන්ගෙ නංගිට තවත් තාත්තෙක්ම තමයි….

අයියගෙ කටහඩින් මම ආයෙත් මේ ලෝකෙට ගොඩ බැස්සා..

” එන්න අවිරු .අපි යමු ඇතුලට .අම්මත් බලන් ඉන්නවා ඔයා එනකන්..”

අවිරු ගේ ඇතුලට යද්දි අයියා ඇවිත් මගේ අතින් අල්ලගෙන මාවත් ගේ ඇතුලට එක්කන් ගියා.ඒ විතරක් නෙවේ..ඩෙවිලුත් ආවා අපි පස්සෙන්ම…

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

අම්මා ගොඩාක් සතුටුවුනා අවිරුත් අද රෑ අපේ ගෙදර ඉන්නවා කිව්වම.අපි තුන්දෙනාම කෑම ටික කෑවෙ ගොඩාක් ආසාවෙන්.කට්ටියම අම්මව වර්ණනා කරන්නත් අමතක කලේ නෑ.අයියනම් කෑමවලට ගොඩාක් ආසවුනා.මොකද එයා ඉස්සෙල්ලාම කාපු කෑමත් අද රෑ කෑමෙ තිබුනා.කොස්ඇට කලුපොල් එයා මුලින්ම කාලා තිබුනේ අද තමයි .ඒත් වැඩේ කියන්නේ එයත් ආසවුනේම මම ආස දේවල් වලටම තමයි .

කොහොමින් කොහොමහරි ඔන්න රෑට කාලා ඉවරවෙලා මම උඩට ගියේ අයියලට කාමරයක් ලෑස්තිකරන්න.එදා අවිරුගෙ අම්මට දීපු කාමරේම මම ලෑස්තිකලා එයාලට.ඩෙවිල් ඇදට පැනලා මඩ ගාන නිසා මම එයාව පහලට යැව්වා.අම්මා පහල ඉදලා කෑගහලා කිව්වා අයියලට නිදියන්න කියලා.ඒත් එයාලගෙන් කිසිම සද්දයක් නෑ.ඒත් එක්කම මම කාමරෙන් එලියට එද්දි අම්මත් ආවා මගේ ඉස්සරහට .

” ආශුයි අවිරුයි දැක්කද මැණික ? ”

” නෑ අම්මා..මම මේ කාමරේ ලෑස්තිකලා .”

” ගෙදර කොහේවත් නෑ ”

” සමහරවිට කතාකර කර ඉන්න එලියෙ බංකුවට යන්න ඇති..”

” අනේ මේ ළමයිනම්..මේ සීතලට පින්නත් එක්ක ලෙඩවෙයි දෙන්නම..”

” ඉන්න අම්මා ..මම බලන්නම්..”

මම එලියට දුවන ගමන් කිව්වා.

” ඇතුලට ඇවිත් නිදියන්න කියන්න මැණික ..දැන් ගොඩක් රෑ වෙලානෙ..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

මම එලියට ආවෙ අයියලව හොයන්න.මම එතකොට දැක්කෙ මිදුලෙ බංකුවට වෙලා කයියක් දාගෙන ඉන්න අවිරුයි අයියයි.මම එතෙන්ට ගියේ එයාලව එක්කන් එන්න හිතාගෙන.ඒත් මම එයාලගෙ ලගට යනකන්ම එයාලා මාවනම් දැක්කෙ නෑ.ඒ තරම් ලොකු කතාවකද එයාලා ඉන්නෙ..

මම තවත් ලගට යද්දිම මට ඇහුනෙ අයියගෙ කටහඩ..

” හොද පාඩමක් උගන්නන්නම වෙනවා.ලේසියෙන් අතාරින්නෙ නෑ..එයා කොහොමද එච්චර….”

ඒත් එක්කම අවිරු බැලුවෙ මං දිහා.අයියගෙ දිහා බලපු එයා ආයෙම මගෙ දිහා බැලුවම අයියත් කිය කිය හිටපු එක නවත්තලා මගේ දිහා බැලුවා..

” ආශි..ඔ..ඔයා කොයිවෙලාවෙද මෙතෙන්ට ආවෙ ? ”

” දැන් ආවෙ..ඒකනෙවේ අයියා කාවද ලේසියෙන් අතාරින්නෙ නැත්තෙ ? ”

” ආ..මේ…මං කිව්වෙ…”

අයියා අවිරු දිහයි මගේ දිහායි මාරුවෙන් මාරුවට බල බල කිව්වා.

” මං කිව්වේ..ඩෙවිල් ගැනනෙ..එයා මගේ සපත්තුවක් කාලා..ඉතින් එයාට පාඩමක් උගන්නන්නම වෙනවා..”

අයියා අමාරුවෙන් හිනාවක් අරගෙන කියද්දි මට හොදටම තේරුනා එයා කියන්නෙ බොරුවක් කියලා .

” ඔයා කියන්නෙ බොරුවක් නේද ? අවිරු ඔයාටවත් බැරිද මට ඇත්ත කියන්න ? ”

” ආශි..මම කියන්නම්..ඒත් අපි යමු දැන් නිදාගන්න.දැන් ඒක කියන්න වෙලාව නෙවේ..”

අවිරු එහෙම කියලා බංකුවෙන් නැගිට්ටා.අයියත් මං දිහා නොබලා ගේ ඇතුලට ගියා.

” ඇයි මට මේවා හංගන්නෙ අවිරු ? ”

” ඒක ලොකු දෙයක් නෙවේ මැට්ටියේ..මම නිදහස් වෙලාවක කියන්නම්කො ”

” ප්‍රොමිස් ? ”

” ඔව් ඔව් පැටියෝ..යමු නිදියන්න..එන්නකො මගෙ හොද ළමයා වගේ..”

” හ්ම්ම්..”

අවිරු මාව කාමරේට එක්කන් ගිහින් කාමරේ දොර වහලා එයා නිදියන්න ගියා.ඉතින් මම ඩෙවිල්වත් බදාගෙන ශීට් එක ඇගට දාගත්තා.

රෑ තිබුනු සීතලත් එක්කම මට හොදට නින්ද ගියා.ඒ අතරෙ හීනත් පෙනුනා.

මම හිටියෙ ලොකූ මල් යායක් මැද්දේ.කහපාට මල්.මං හිතන්නෙ ඒ සූරියකාන්ත වෙන්න ඕන.හීනයක් නිසා හරියටම පැහැදිලි නෑ .මං හිතන්නෙ ඒ හීනෙ මෙගාපික්සල්වල ප්‍රශ්නයක් .

මම එතන හිටියෙ නිකන් අර දිල්වානියා දුල්හානියා ලේ ජායෙන්ගේ ෆිල්ම් එකේ කාජල් වගේ.එතකොට කෝ මේ ශාරුක් ? නෑ නෑ මගේ අවිරු ඛාන්..

එතකොටම අවිරු දුවගෙන ආවා.නිකන්ම නෙවේ..

‘තූජේ දේකා තෝයේ ජානා සනම්…’
කියාගෙන..ඊටපස්සෙ මමත් ඒකම කියාගෙන දුවගෙන ගියේ එයා ලගට.ඒත් එක්කම බිම තිබුනු සූරියකාන්ත මලකට පන ඇවිත් එකපාරටම ලොකූ වෙලා ඇවිත් මාවයි අවිරුවයි අල්ලගත්තා.ඊටපස්සෙ ඒ මල අපිව අරන් යද්දි එයාගෙ අතින් අපිව බුරුල්වෙලා බිමට වැටුනා..

ඒත් එක්කම මට ඇහැරුනා.ඒත් වැඩේ කියන්නෙ මම හිටියෙ ඇදේ නෙවේ බිම.මහ විකාර හීනයක් …

කලුවරේ නිසා මම අරෙහෙන් මෙහෙන් අතගගා ඇද හෙව්වා.මට ඇදනම් අහුවුනා.ඒත් මම දැක්කෙ කවුරුහරි මගේ කාමරේ දොරත් ඇරගෙන මම ලගට වේගෙන් එනවා කියලා .කලුවරේ නිසා මට මුකුත් නොපෙනුනත් මම කෑගහන්න කට ඇරියම ආපු කෙනා මගේ කටට එයාගෙ අත තියලා තද කරලා මාව ඇදන් යන්න හැදුවා.

මම දැගලුවේ මට එතනින් ගැලවෙන්න ඕන නිසාම නෙවේ මට ඒ වෙද්දි හුස්මගන්නත් බැරුව හිටිය නිසා.ඒත් එක්කම…..
——–
කතා අහුරට ලියන්නෙ choco fairy

8 thoughts on “?ඒන්ජල්? | 42 කොටස | නවකතාව”

  1. කතාව ගොඩක් ලස්සනයි…. room එකට එන්නැත්තෙ අවිරු වෙන්නැති… ඒත් ඉතිං sure මත් නෑ.. වෙන කවුරු හරිද දන්නෙත් නෑනේ… කොහොම නමුත් වෙනදවගේම කතාව ගොඩාරියක් ලස්සනයි…
    ❤️❤️❤️❤️❤️❤️

  2. Nirosha Lakmali

    අනේ මේ මොකක්ද වෙන්න යන්නේ. ආශිට කරදරයක් කරන්න නම් එපා. මෙයාලගේ සතුට නැති කරන්නත් එපා. මොනවා වෙයිද හෙට කියලා දැන් බයෙන් ඉන්නේ මං. නරකක් වෙන්න දෙන්න එපා. හරිම ලස්සනයි කතාව. Wish your all the best.

  3. Hashini Navanjana.

    හීනයක් ඇතුලෙ හීනයක් වත්ද…
    ????
    නැත්නම් අවිරු වෙන්නැති ආවේ… හරිම ලස්සනයී අනේ ඔයාගේ කතාව.. මේ සතුට හැමදාම තියන්න හොඳද… ????
    බකට් නම් පෙරලන්න එපා…
    ????
    ❤❤❤❤

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.