Katha Ahura

?ඒන්ජල්? | 43 කොටස | නවකතාව

3.5/5 - (6 votes)

71 කොටස

ඒත් එක්කම මට පුලුවන් වුනා ඒ අත ටිකක් බුරුල් කරලා හපලා දාන්න.ඉතින් මම මට පුලුවන් උපරිම හයිය අරගෙන දත් තිස් දෙකෙන්ම ඒ අත හැපුවා.එකපාරම මගේ මූනෙන් අයින්වුනු ඒ අත තියෙන මනුස්සයා කෑගහනවා ඇහුනා.ඒත් වැඩේ කියන්නෙ ඒ කටහඩ වෙන කාගෙවත් නෙවේ අවිරුගෙ…

” බුදු අම්මෝ..මෙන්න කෑවෝ..හයියෝ මගේ අ….”

එයා ඔහොම කෑගැහුවොත් අයියට විතරක් නෙවේ අම්මටත් ඇහැරේවි.පැනපු ගමන්ම මම කලුවරේම අවිරුගෙ කට කියලා අනුමාන කරපු තැන මගේ අත් දෙකෙන්ම වහගෙන එයාව බිත්තියකට හේත්තු කලා..

” කෑගහන්න එපා මනුස්සයෝ..ගෙදර අනිත් අයවත් ඇහැරවන්නද ඕනෙ..? ”

අවිරු මට මොනාද කිව්වත් මට ඒවා ඇහුනේ බොල බොල ගාලා සද්දයක්.ඒ සැරේ මගේ කන ඇහෙන්නෙ නැත්ද..ආ..මට අමතක වුනානෙ.මගේ අත්වලින් මම මෙයාගෙ කට වහගෙනනෙ ඉන්නෙ..මම ඉක්මන්ට මගේ අත් එයාගෙ කටෙන් අයින්කලා..

” අම්මෝ..රිදෙනවා දෙයියනේ..තුවාලවෙලාද කොහෙද.ඩෙවිල් හැපුවනම් සැපයි දෙයියනේ ..අනේ මගේ අසරණ අත…”

අවිරු කියෙව්වෙ ගොඩක් හෙමින් වුනත් මට එයා ගැන ආවෙනම් තරහක්..

” මොනාද අවිරු ඔයා මේ කරන්නෙ ? මම කොච්චර බයවුනාද කියලා ඔයා දන්නවද ? අනිත් එක මම මේ දවස්වල ඉන්නෙත් බයෙන්.මොකද අර නැන්දා ආයෙ අපිට මොනා කරයිද දන්නෙ නෑ ..එහෙම එකේ ඔයා මේ මහ රෑ මගේ කාමරේට පැනලා හොරෙක් වගේ මගේ කට අල්ලගෙන දගලනවා..මොකක්ද මේකෙ තේරුම ? ”

” හරි හරි වස්තුවේ..ඔයා එක්ක කතා කරන්න ඕන නිසයි මම දැන් ආවෙ..ඒත් කවුද දන්නෙ මට මෙහෙම නස්පැත්තියක් වෙයි කියලා ”

” ඉස්සෙල්ලා එන්න ඔයාගෙ අත බලන්න.මම හැපුවෙනම් හයියෙන්..”

මම ඉක්මන්ට ගිහින් ඇද එහාපැත්තෙ තිබුනු ටේබල් ලෑම්ප් එක ඔන් කලා.මම කාමරේ ලයිට් දැම්මෙ නෑ හදිස්සියෙන්වත් කවුරුහරි දැක්කොත් කියලා.අවිරු මේ මහ රෑ මගේ කාමරේ ඉන්නවා දැක්කොත් ඒක අපි දෙන්නටම හොද නෑනෙ..

ඒ එලියෙන් සම්පූර්ණයෙන්ම කලුවර වෙලා තිබුනු කාමරේ ටිකක් එලිය වුනා.මම අවිරුව එක්කන් ඇවිත් ඇදෙන් වාඩිකරලා මම හපපු අත අරගෙන බැලුවා.බල්ලෙක් හපපු පාරක් වගේ මගේ දත් පාර තදින්ම ඒ අතේ වැදිලා තිබුනා.ඒ විතරක් නෙවේ ලාවට ලේ බිංදු කීපෙකුත් ඇවිත් තිබුනා..

” අනේ සොරි පැටියෝ…මම…හිතලා නෙවේ මෙහෙම කලේ..බලන්න මම ඔයාට කොච්චර රිද්දලාද කියලා..අනේ…මට සමාවෙන්න…ඉන්න මම බෙහෙත් අරගෙන එන්නම්…”

මම ඉක්මන්ට මගේ ටේබල් එකේ තිබුනු ෆස්ට්ඒඩ් බොක්ස් එක අරගෙන ඇදට ආවා.ඊටපස්සෙ මම එයාගෙ අත අරගෙන තුවාලෙට ගොඩක් පරිස්සමින් බෙහෙත් දැම්මා.හදිස්සියෙන්වත් එයාට රිදුනොත් කියලා මම එයාගෙ අතට පිබ පිබ තමයි බෙහෙත් දැම්මේ.ඊටපස්සෙ බැන්ඩේජ් එකකින් කවර් කලා..

මේ වෙනකන්ම මුකුත්ම නොකියා මගේ දිහාම බලාගෙන හිටපු අවිරු මම ෆස්ට්ඒඩ් බොක්ස් එක තියන්න යන්න හදද්දි මගේ අතින් අල්ලගත්තා.මම එයාගෙ දිහා බැලුවෙ ඇයි කියලා අහන්න වගේ..ඊටපස්සෙ එයා මගේ අතින් ඇදලා එයාගෙ උකුලෙන් වාඩිකරගත්තා..

” කෝ මගේ මැණිකගෙ මූන…ඇයි මේ ඇස්වල කදුලු ? කෝ එන්න මම පිහදාන්නම්..”

අවිරු එහෙම කිව්වමයි මම මගේ ඇස් අතගාලා බැලුවෙ..ඇත්තටම මගේ ඇස්වලට කදුලු ඇවිත් තිබුනා මටත් නොදැනීම..

” මගේ වැරැද්ද නිසා තමයි මෙහෙම වුනේ.මම ඔයාට කෝල් කරලා ආවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ.ඔයා දන්නවනෙ ඔයාගෙ අවිරුගෙ හැටි.මටත් ඕනවුනේ ඔයාව බය කරන්න..”

” කමක් නෑ අවිරු .ඒත් මට දුක ඔයාගෙ අත තුවාලවුනු එකට..”

” හිතන්න එපා ඒන්ජල් ..දැන් මම දන්නවනෙ මගෙ කෙල්ලගෙ දත් හයියයි කියලා ”

අවිරු හිනාවෙවී කියද්දි මම එයාට නොරිදෙන්න එකක් ගහලා උකුලෙන් නැගිටලා ඇවිත් ෆස්ට්ඒඩ් එක ටේබල් එකෙන් තිබ්බා.

” මාර වැඩේ අවිරු ..අයියා දැනගත්තොත් ඔයා ඇදේ නෑ කියලා ? ”

” එහෙම වෙන්නෙ නෑ ..මම කොට්ට ටිකක් තියලා ශීට් එකෙන් වහලා ආවෙ.තව ඔයාගෙ අයියා කිව්වා එයා නිදියන්න කලින් ගත්ත ඉන්ජෙක්ෂන් එකට හොදට නින්ද යනවා කියලා .ඉතින් ඔයා ඒ ගැන බයවෙන්න එපා..”

” ඔයානම් අවිරූ…! ”

” අපි බැල්කනි එකට යමුද..එතන හරි ෂෝක්නෙ කතා කරන්න..”

අවිරු ඇහුවම මාත් හා කියලා බැල්කනි එකට යන්න තියෙන ලොකු ජනේලෙ ඇරියා.ඊටපස්සෙ අපි දෙන්නම බැල්කනි එකට වෙලා කතාකර කර හිටියා..

” අනේ දැන් යන්න අවිරු ..මට බයයි හදිස්සියෙන්වත් අම්මා ඔයාව මෙතන ඉන්නවා දැක්කොත්…”

” බයවෙන්න එපා මැට්ටියේ..මම කියන්නම් මොනාහරි ඉල්ලගන්න ආවා කියලා..ඕහ්…ශිට්…කොහෙන්ද මේ වැස්ස ඇදන් හැලුනේ..”

එකපාරටම ඇදගෙන හැලුනු වැස්සෙන් අපි දෙන්නම තෙමෙද්දි අවිරු හැදුවෙ මාවත් ඇදගෙන ඇතුලට යන්න.ඒත් මම ආයෙත් එයාව ඇදගෙන වැස්සටම ආවා..පොඩිකාලෙ ඉදන්ම මම ගොඩාක් ආස දෙයක් තමයි වැස්සෙ තෙමෙන්න.ඒකෙත් තියෙන්නෙ අමුතුම ආතල් එකක්..

සීතල වතුර බිංදු මගේ කොන්ඩෙ දිගේ බේරිලා ඇවිත් මාව තෙමද්දි මම කලේ කැරකි කැරකි නටන එක..හීතල හුලගකුත් ඇවිත් අපේ වටේ එතෙද්දි මම ගුලිවෙලා බැලුවෙ අවිරුගෙ දිහා..එයා බලාගෙන හිටියෙ මම කරන විකාර දිහා.මම සීතලෙන් ඉන්නෙ කියලා දැකපු එයා ඉක්මන්ට ඇවිත් වැස්සෙම මාව එයාගෙ තුරුලට ගත්තා..

අවිරු ඇදගෙන හිටපු සුදුපාට ෂර්ට් එක තෙමිලා එයාගෙ ඇගටම ඇලිලයි තිබුනෙ.වතුර බිංදු එයාගෙ මූනෙ ඉදන් බේරීගෙන ඇවිත් වැටුනෙ මගේ මූනට.මම ඔලුව උස්සලා බැලුවෙ අවිරුගෙ මූන දිහා.තෙමි තෙමී හිටපු එයත් එතකොට මගේ දිහා බැලුවා..

අවිරු මට ලංවෙද්දිම මම එකපාරම එයාව තල්ලුකරලා දුවන්න හැදුවම එයා පැනලා ආයෙත් මගේ අත අල්ලගත්තා.මොහොතකට විතරක් නතරවුනු ඒ වැස්ස ඊටපස්සෙ වැටුනෙ ගොඩාක් හෙමින්..වැස්සත් රොමෑන්ටික් වෙලා කියලා මට හිතුනා..

අවිරු ආයෙත් මාව ඇදලාගත්තෙ එයාගෙ තුරුලට.ඒත් එක්කම මම වේගෙන් ඇවිත් වැදුනේ උඩ බොත්තම් ටික ඇරිලා තිබුනු අවිරුගෙ සීතල පපුවෙ.මගේ නිකටෙන් අල්ලගෙන හෙමින් මාව එයාගෙ මූනටම ලංකරගත්තු අවිරු දිගටම බලාගෙන හිටියේ මගේ තොල් දිහා.මමත් ගල්වෙලා වගේ බලාගෙන හිටියේ එයාගෙ දිහා..

ටික ටික ලංවෙන්න ගත්තු එයාගෙ තොල් මගේ ලගටම එද්දි මගේ ඇස් පියවුනේ මටත් නොදැනීම.මට දැනුනේ සීතල අතක් මගේ කම්මුල දිගේ ගිහින් මගේ මූනට වැටිලා තිබුනු තෙත කොන්ඩ කැරලි ටික අයින්වෙනවා කියලා..මම හෙමින් ඇස් ඇරලා බැලුවෙ අවිරු මොකක්ද කරන්න හදන්නෙ කියලා ..ඒ වෙද්දි එයා මොකක්ද කරන්න යන්නෙ කියලා මට නොතේරුනාම නෙවේ..

මම හෙමින් ඇස් ඇරලා බලද්දි අවිරුගෙ අතක් ඇවිත් මගේ ඇස් දෙක වැහුවා..ඊටපස්සෙ මට දැනුනෙ අවිරුගෙ සීතල තොල් ඇවිත් මගේ තොල්වලට තදවෙනවා කියලා..ඒත් එක්කම මෙච්චරවෙලා සීතලෙන් ගල්වෙලා වගේ තිබුනු මගේ තොල් ටිකක් උනුසුම් වෙන්න ගියේ පොඩි වෙලාවයි.අවිරුගෙ තොල් මගේ තොල් අතරෙ පැටලිලා ටිකවෙලාවක් තියෙන්න ඇති..

ඊටපස්සෙ අවිරු එයාගෙ තොල් ඈත්කලේ මගේ ඇස් වහලා තිබුනු එයාගෙ අත අයින් කරන ගමන්.අමුතුම හැගීමකින් සීතලවෙලා තිබුනු මගේ ඇගම ආයෙ කලින් තිබ්බා වගේ හෙමින් උනුසුම් වෙද්දි මම අවිරුගෙ මූනවත් නොබලා එයාගෙ පපුවෙ මගේ මූන හංගගත්තෙ ගොඩක් ලැජ්ජාවෙන් …

මට දැනුනේ අවිරු දිගටම මගේ නලලට තොල් තද කරනවා කියලා .ඊටපස්සෙ එයා හෙමින් ආයෙත් මාව බදාගත්තා.අපි සෑහෙන්න වෙලාවක් එහෙම ඉන්න ඇති.ටික ටික මේ ලෝකෙට ගොඩ බැහැපු මම හෙමින් අවිරුගෙන් ඈත්වුනා..

” ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා කෙල්ලගෙ මූන..කෝ බලන්න…”

අවිරු එහෙම කියද්දි මම කලේ අත්වලින් මූන වහගත්තු එක..

” මූන වහගන්න නෙවේ මැට්ටියෙ ගිහින් ඔලුව පිහදගන්න..හොදටම තෙමිලා.සීතල හැදෙයි..හෙට ලෙඩවෙන්නද ඕනෙ..දුවන්නයි කිව්වෙ ඇතුලට ..මාවත් ඇදගෙන වැස්සෙ තෙමිලා..”

” ඔයත් ඔලුව පිහදගන්න..මම ටවල් එකක් දෙන්නම්..”

මෙච්චරවෙලා ගොලුවෙලා තිබුනු මගේ වචන ටික මම ගැටගහගත්තෙ හෙන අමාරුවෙන්..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

ජනේලෙ වහලා ආයෙම ඇතුලට ආපු අපි දෙන්නා අත්වලින් කොන්ඩෙ ගස ගස වතුර අයින්කලා.මම ඉක්මන්ට ගිහින් කබඩ් එකෙන් ටවල් එකක් අරගෙන අවිරුට දුන්නා.එයා ඒකෙන් ඔලුව ටිකක් පිහදාලා ඊටපස්සෙ මගේ ඔලුව පිහදාන්න ගත්තා.

” ඔයාට තෙත පිටින් ඕක ඇදගෙන ඉන්න බෑනෙ අවිරු .ඉන්න මම ඔයාට ඇදුම් දෙන්නම්.”

” මට ඔයාගෙ ඇදුම් අදින්නද කියන්නෙ ? ”
” නෑ ..ඇයි මම එදා ඔයාලගෙ ගෙදර ඉදන් ඇදගෙන ආපු ඔයාගෙ කලිසමයි ටී එකයි තියෙනවා.”

මම කබඩ් එකෙන් ඇදුම් අරගෙන එයාට දුන්නම එයා නහයට ලංකරලා ඇදුම් ටික ඉබින්න ගත්තා.

” අම්මෝ සුවද..”

” මම ඔය ටික සෝදලා කපුරු එහෙම දාලා අරන් තියලයි තිබුනෙ..”

මම ආඩම්බරෙන් එහෙම කියද්දි අවිරු එයාගෙ අතේ තිබ්බ ටවල් එක මගේ ඔලුව වටේට දැම්මා.

” පිස්සි මගේ..ඔයත් ඔය ටික ගලවලා වෙන ටිකක් ඇදගන්න.මතක ඇතුව හොදට ඔලුව පිහදාගන්න..තේරුනාද ? මම යනවා එහෙනම්..”

අවිරු මගේ කම්මුලට සීතල කිස් එකක් දීලා කාමරේ දොරත් වහගෙන ගියාට පස්සෙ මමත් වොශ්රූම් එකට ගිහින් වෙන පිජාමා කිට් එකක් ඇදගත්තා.ඩ්‍රයර් එකෙන් කොන්ඩෙ වේලගෙන මම එහෙමම වැටුනෙ ඇදට..

ටිකකට කලින් වුනු දේවල් ටික මගේ ඔලුවෙ ආයෙමත් ප්ලේ වෙන්න ගත්තා.ඒ දේවල් මතක්වුනාම මට හිතුනෙම ඒවා හීනයක්දෝ කියලා..

ඕනම කෙල්ලෙක්ට ඒ වගේ දේකට ඉස් ඉස්සෙල්ලම මූනදෙන්න වුනාම පොඩී අමුත්තක් දැනෙන්නෙ නැත්තෙම නෑ ඉතින්..ඒත් ඒක හරි අමුතු අත්දැකීමක්නේ..

මට ඒත් එක්කම මතක්වුනේ අර සිංදුව..ඔය දෙතොල මත තබා දෙන්නද ප්‍රථම හාදුව…
අවිරු ඒ ඉල්ලීම එයාගෙ ඇස්වලින් අහිංසකව ඉල්ලපු හැටි මට මතක්වුනාම මම ශීට් එකෙන් මූන වහගත්තා…

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

ජනෙල් තිර අස්සෙන් ඉර එලිය ඇවිත් මගේ මූනට වැටිලා දැන් නැගිටපාන් කියලා මට කරදර කරද්දි මම ඉරටත් රව රව ඇදෙන් බැස්සා.එතකොට මට දැනුනේ මගේ නහය නිකන් මොකක්ද මොකක්ද වේගෙන එනවා වගේ කියලා.

හච්චීන්…

හම්මෝ..මේ ජරා හෙම්බිරිසාව…හච්චීන්…

මම අතින් නහය වහගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් පිලිකුල් භාවනාව වැඩුවේ රතුවෙලා හොටු බේරි බේරී තිබුනු මගේ නහය දිහා බලාගෙන..

මදැයි ඊයෙ වැඩ්ඩා වගේ වැස්සෙ තෙමුනා..දැන් ඉතින් අවිරුගෙන් කුනු බැනුම් තමයි අහගන්න වෙන්නෙ..

හා..හාච්චීං…

මම ටිෂූ දෙකක් අරගෙන දිගට අඹරලා නහයෙ දෙපැත්තෙන්ම ගහගෙන අමාරුවෙන් පහලට බැස්සා.කුස්සියට ගෑටුවේ අම්මගෙන් උනු වතුර එකක් ඉල්ලගන්න කියලා හිතාගෙන.

මම කුස්සියට යද්දි අම්මා නැගිටලා උදේට උයන්නත් රෙඩී වෙනවා.මම එයාගෙ පිටිපස්සෙන් ගිහින් වතුර එකක් ඉල්ලගන්න හදනකොටම එයා එකපාරටම මගේ පැත්තට හැරිලා අතේ තිබ්බ පෑන් එකත් සල බලාං කියලා බිම දැම්මෙ එයාගෙ පපුවට අතකුත් තියාගෙන..

” උදේ පාන්දර ඔහොම බය කරන සිරිතක් තියෙනවද ළමයෝ..? මම කොච්චරනම් බයවුනාද ? බලනවා හැටි..කොන්ඩෙත් අවුල් කරගෙන මූනත් රතුවෙලා ඒ මදිවට නහයෙ දෙපැත්තෙ ටිෂූ ගහගෙන..පිස්සුද ළමයෝ ? ”

” නෑ අම්මා..මේ..හච්චීන්…අනේ මේ…හෙම්…හච්චීන්…”

” ආ..හෙම්බිරිස්සාවක් හදාගෙන නේද ? ඇයි එකපාරටම ? ”

” දන්නෑ අම්මා..හච්චීන් …ඊයෙ හුලංපොදට වෙන්න ඇති…හච්චීන්…”

මම උදේම තඩී කේප්පයක් ඇද බෑවෙ එයා දිහා හොරෙන් බලාගෙන.

” ඉන්න මම ඔයාට ස්ටීම් කරන්න උනු වතුර එකක් දෙන්නම්..”

අම්මා එහෙම කියලා කේතලේ ලිපේ තිබ්බම මම පුටුවක් ඇදගෙන වාඩිවෙලා ටිෂූ දෙක තව හොදට නහයෙ ගහගත්තා.

හා..හා…හාච්චියෝන්….

” කාගෙ නහයෙද උදේ පාන්දරම කටුස්සෙක් රිංගලා තියෙන්නෙ ? ”

අයියා ඇස් දෙක පොඩි කර කර කුස්සියට ඇවිත් ඇහුවා.

” ගුඩ් මෝනිං අම්මා..ගුඩ් මෝනිං ආශී..”

” ගුඩ් මෝනිං ආශූ..”

” ගුඩ් මෝනිං…හච්චීන්…අයියා…”

” ආ…මෙයාටද මේ කටුස්සා ගිහින් තියෙන්නෙ ? ”

” බලන්න ආශු..නංගිට හෙම්බිරිසාව හැදිලනෙ..කෝ අවිරු පුතා ? එයා තාම නිදිද ? ”

” ඔව් අම්මා..මම නැගිටිද්දිත් එයා නිදි.මම ඉතින් එහෙමම ආවා..”

හහ්..එයා බලන්නකො.රෑ හොදට මාත් එක්ක වැස්සෙ තෙමිලා දැන් හොදටම නිදි..වතුර පාරක්වත් ගහන්න තියෙනවනම්..ෂික්..කොහෙද මේ හෙම්බිරිස්සාවක් හැදිලා හච්චීන් ගගා මම වතුර ගහද්දි එයාට කොහොමත් ඇහැරේවි..නැගිටපු දෙන්කෝ උලමා…

මම හිතෙන් බැන බැන ඉන්නකොට ඔලුවත් අතගගා කුස්සියට ආවෙ අවිරු ..

” ආහ්..ගුඩ් මෝනිං මස්සි…නෑ මං කිව්වෙ…අවිරු ..! ”

අයියා අවිරු දිහා බලලා කියද්දි මම අයියට රැව්වා..

” ගුඩ් මෝනිං අයියා…හච්චීන්…! ”

එයා නහයත් අල්ලගෙන කියද්දි මමයි අයියයි අම්මයි තුන්දෙනාම උඩගිහින් බැලුවෙ අවිරුගෙ දිහා……
——–
කතා අහුරට ලියන්නෙ choco fairy

9 thoughts on “?ඒන්ජල්? | 43 කොටස | නවකතාව”

  1. Nirosha Lakmali

    හුරේ දෙන්නටම හච්චීන් යනවා… ෂෝයි කතාව. හරිම ලස්සනයි. සුපර්…. Excellent…… Good Luck…..

  2. අයියනන් දෙන්නගෙ හොරේ අල්ලගනී වගේ… දෙන්නටම හෙම්බ හැදුන නිසා එකපාරම… අනා.. කතාව ශෝක් අලේ… හරිම ආසාවෙන් කියවන්නෙ…

  3. Hashini Navanjana.

    හරීම ලස්සනයී අනේ අද.. ?? හුරතලේ බෑ අප්පා… ???????
    ආස හිතෙනවා….. ????
    ❤❤❤❤

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.