Katha Ahura

රන් තරු 9 කොටස

4.6/5 - (5 votes)

09 කොටස

” කසාද නොබැන්දත් මාත් දැන් තාත්තා කෙනෙක් නංගා…..පුංචි රෝස මලක් වගේ දූ පැටියෙක් ගේ තාත්තා මම දැන් ….”

” ඒ කියන්නේ බබාගේ අම්මා ඔයාව දාලා ගියාද….”

” නැහැ නංගි …එයා මාව දාලා ගියේ අපි ආදරය කරන කාලෙමයි….එදායින් පස්සේ මම ආදරයක් ගැන හිතුවේ නෑ ….

කොටින්ම කිව්වොත් කෙල්ලො කියන ජාතිය මට පේන්න බැරිව ගියා ….

මම හිතුවේ උන් ඔක්කොම බොරුකාරයෝ කියලා ….ඒකයි හවසත් මම ඔයාව අල්ල ගත්තේ දුවනකොට ….

මගේ අතින් කම්මුල් පාරක් වැදුණෙත් ඒ තරහටමයි නංගා ….

ඒත් අද මම තේරුම් ගත්තා හැම කෙල්ලෙක්ම එයා වගේ නැහැ කියලා ….ඔයයි ඒ දේ මට ඉගැන්නුවේ …”

” අනේ එහෙම කියන්න එපා අයියේ …. මම මොනවද ඔයා වෙනුවෙන් කරේ….”

” හැම දෙයක්ම කරලා පෙන්වන්නම ඕන නැහැ නංගා…..

කෙනෙක් ගේ වචන වලින් පවා පුළුවන් තව කෙනෙක්ට දෙයක් තේරුම් ගන්න …..වැරදි වැටහීම් නැති කර ගන්න …

හරියට අද මම ඉගෙන ගත්තා වගේ….”

” අනේ මට කියන්න අයියේ ඔයාගේ බබා ගැන…එයාගේ අම්මා ගැන…”

” කියන්නම් නංගා ….මගේ දෝණි පැටියට ලස්සන අතීතයක් නැහැ …ඒක දුක්බර කතාවක්…

ඒත් කවදම හරි ඒ ඇත්ත මගේ දෝණිට කියන්නම වෙයි නංගී….”

” ඇයි අයියේ …..”

” මගේ රෝස මලගේ අම්මා නැති වුණේ රෝස මල ඉපදුණු වෙලාවේ නංගි …ඩිලිවරි එකේදී එයාට ගොඩක් අමාරු වුණා …

ඩොක්ටර්ස් ලා කිව්වේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කියලා ….

දෝණිගේ අම්මා අවසන් කැමැත්ත දුන්නේ  රෝස මලව බේර ගන්න කියලා ….”

” ඉතින් ඔයා කිව්වේ නැද්ද අයියේ ඔයාට වයිෆ් වයි ඕන කියලා ….”

” මොන වයිෆ් ද නංගි ….”

” ඔයා කියන රෝස මලගේ අම්මා ….”

” ඕහ්..නෑ නංගා …

ඒ මගේ වයිෆ් නෙමෙයි …රෝස මලගේ අම්මා කියන්නේ මගේ හොඳම යාළුවෙක්ගේ වයිෆ් …”

” සොරි අයියේ …මම හිතුවේ ඔයාගේ වයිෆ් කියලා ….”

” නෑ නංගා . .රෝස මලගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරේ යුධ හමුදාවෙ …..

ඔයාම නේද කිව්වේ රණවිරුවෝ ඉන්නේ අනිත් අයගේ ජීවිත වෙනුවෙන් කියලා ….”

” ම්ම්…ඔව් අයියේ ….”

” ඉතින් රෝස මලගේ අම්මටත් ඕන උනේ එයාගේ ජීවිතේ දීලා රෝස මලව ජීවත් කරවන්න ….

එයාගේ අවසාන කැමැත්ත වුණේ ඒක…මගේ හොඳම යාළුවට දරා ගන්න බැරි වුණා එයාගේ වෙන්වීම…

ඒ දෙන්නටම නෑයෙක් කියලා කවුරුවත්ම හිටියේ නෑ නංගා ….උන් දෙන්නටම හිටියේ ආමි එකේ කොල්ලො කෙල්ලො ටික විතරයි….

ඊට පස්සේ තමයි රෝස මලව මට බාර දීලා කොල්ලත් රට වෙනුවෙන් ජීවිතය පුදන්න තීරණය කරේ…

ආදරය කරද්දී අපේ කොල්ලො ගොඩක් සංවේදී වුණත් රට වෙනුවෙන් මැරෙන්න හිත හයියයි නංගි ..

ඒකයි ඌ එහෙම තීරණයක් ගත්තේ …”

” ඉතින් රෝස මලව බාර ගන්න ඔයා කැමති වුණාද අයියේ ….”

” ඔව් නංගා ….මගේ යාළුවා වෙනුවෙන් මම ඒ දේ කරා….
මොකද ඌ ජීවිතේ පූජ කරේ රට වෙනුවෙන්….

ඉපදිලා සතියයි රෝස මල මම ගෙදර එක්කන් එද්දි….එතකොට අපේ අම්මත් නෑ ….

තාත්තයි මල්ලියි විතරයි ගෙදර හිටියේ ….ඒ දෙන්නා තමයි රෝස මලව බලා ගත්තේ …”

” ඉතින් එයා ඇඬුවේ නැද්ද අයියේ….චූටියිනේ එයා…අනික එයාට අම්මා කුක්කුත් නෑනේ .. ”

” නෑ නංගා …මොන හේතුවක් ද මන්දා මේ චූටි කෙල්ල අපිට කිසිම වදයක් දුන්නේ නෑ ….

ඇඬුවේ ගොඩක් අඩුවෙන් ….හිනා මූණෙන් තමයි නිතරම හිටියේ මගේ සුරංගනාවි ….”

” ඉතින් එයාට බඩගිනි වුණාම මොනවද ඔයාලා එයාට දුන්නේ ….”

” ඩොක්ට කෙනෙක්ගේ උපදෙස් එක්ක එයා හැදුණේ නංගා…එයා නිසාම සතියට වතාවක් ඩොක්ට එනවා අපේ ගෙදරට ….

එයාට දෙන්න ඕන කිරි වර්ග බෙහෙත් හැමදේටම ඒ ඩොක්ට උදව් කරනවා තාමත් …”

” ඉතින් එයාව බලාගන්න කරදර වුණේ නැද්ද …”

” නැහැ නංගා…එයා අපි තුන් දෙනාගෙම ජීවිත වලට වාසනාව අරන් ආවා කියලයි මට හිතෙන්නේ ….

මගේ ආදරේ නැති වුණාට පස්සේ යකෙක් වෙලා හිටපු මාව මෙල්ල කරන්න ඒ පුංචි කෙල්ලට පුළුවන් උනා….

මගේ පපුව උඩ තුරුල් වෙලා නිදාගන්න පුරුදු වුණා මගේ රෝස මල….”

” දැන් ලොකුයිද එයා…”

” තාම මාස හතයි නංගා වෙන්නේ…”

” අනේ තාමා චූටි බබෙක් නේ…මගේ ෆැකල්ටියේ හොඳම යාළුවටත් ඉන්නවා අයියේ ඔයා කියනවා වගේ චූටි බබෙක් ….

එයාගේ අයියත් හමුදාවෙ ….මං වගේම හමුදා හොස්පිට්ල් එකක වැඩ කරන්න කැමති යාළුවෙක් ….

එයාගේ කටේ දවසෙම තියෙන්නේ අර බබා ගැනමයි…හොස්ටල් ඉන්නේ නැතුව ගෙදර දුවනවා අර බබා නිසා….”

” එහෙනම් අපේ මල්ලි වගේ ඇති නංගා …අපේ එක්කෙන්ත් පැටියා නිසාම ගෙදර එන්නේ…මාත් නැති වුණාම පැටියට පාළුයි නේ…තාත්තා පව්……

” මනි අයියලත් දන්නවද බබාව….”

” ඔව්.නංගා …

මනියි කලුයි එක්ක හරි එකතුයි…අපේ ගෙදර ආවම මුන් දෙන්නට බේරෙන්න බෑ….

වඩාගෙන උඩ දානවට හරි කැමතියි …මුන් දෙන්නා දන්න කෝළම් ඔක්කොම පුරුදු කරලා තියෙන්නේ කෙල්ලට…..”

” එයා නිදියන්නේ තනියමද…..”

” නැහැ නංගා …තාත්තා උකුලේ තියලා නිදි කරනවා….

ඒත් මම ඉන්න දාට එයා යන්නේ නෑ තාත්තා ළඟට ….මම නිතරම ළඟ හිටියේ නැතත් මම ගෙදර ආපු ගමන් මගේ කෙල්ල හොයන්නේ මාව නංගා.. .

මට තාමත් තේරෙන්නේ නෑ ඇයි මේ පුංචි කෙල්ල මේ තරම් මාත් එක්ක බැඳිලා තියෙන්නේ කියලා …..

ඒකත් හරියට ආත්ම ගානක් පතාගෙන ආපු බැඳීමක් වගේ…..”

” අනේ මට බලන්න ඕනි එයාව….”

” ඔයා දැන් අපේ ගෙදරනේ යන්නේ …ගියාම බලන්න පුළුවන් ….”

” ඉතින් ඔයා ළඟ ඉද්දි ඔයත් උකුලේ තියලද එයාව නිදි කරන්නේ ..   ”

” නෑ නංගා …මගේ කෙල්ල මට පොඩ්ඩක් වත් වද දෙන්නේ නෑ ….එකම දෙයයි කරන්න ඕන ….

මගේ ශර්ට් එක ගලවලා එයා මගේ පපුව උඩින් තියාගන්න විතරයි …..

ඊට පස්සේ මගේ පපුව උඩ ගුලි වෙලා හා පැටියෙක් වගේ නිදි එයා….”

” අනේ මට ලෝබයි අයියේ ඔයා එහෙම කියද්දි ….”

” මටත් ලෝබයි නංගා….අම්මා කෙනෙක්ගේ උණුසුමක් ලැබුණේ නෑනේ කවදාවත් එයාට…..

එයා ඒ අඩුව මගේ  පපුව උඩ පිරිමහ ගන්න හදන හැටි දැක්කම මම අඬපු වාර ගාණ අනන්තයි නංගා …

එයා තමයි දැන් මගේ ජීවිතේම….”

” අනේ මාව එක්කන් යන්නකෝ අයියේ එයාව බලන්න ….”

” එහෙනම් හොඳ ළමයා වගේ තව පොඩ්ඩක් නිදා ගන්නකෝ….උදේට අපි යනවනේ…..”

එහෙම කිව්වම තමයි රනුදි ටිකකට හරි ඇස් දෙක පියව ගත්තේ .

මගේ රෝස මල නම් දැන් නිදි ඇති .පව් මගෙ චූටි සුරංගනාවි .

අපේ ගෙදර ගිහින් විවේක ගන්න පුළුවන් නිසාම අකිලට කියලා අපි රනුදි ව එක්කන් ආවා.

අම්මලා ගෙදර නැති නිසාම රනුදිලගේ ගෙදරට ගිහින් එයාගේ පොත් ටිකයි ඇඳුම් ටිකයි ඒ ගමන්ම අපි අරගෙන ආවේ ආයෙත් මේ පැත්තට වත් එන්න ඕන නැති නිසා .

ඇයගේ ඉල්ලීම නිසාම අළුත් සිම්කාඩ් එකක් ඇයට අරන් දුන්නා මම.

රනුදිගෙ අම්මට කතා කරලා කියන්න කීවත් එයා ඒකට පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ .

අන්තිමට මගේ බල කිරිල්ලටම ඇය මව හා කතා කරා.ඒත් ඇය ඉන්න තැනක් ගැන නොකියා ඉන්න අපි පරිස්සම් වුණේ රනුදි ගැන හිතලා.

වීල් එකේ යන්න අමාරු නිසාම මනී උදේම වීල් එක අපේ ගෙදරට දාලා වෑන් එක අරගෙන ආවේ රනූගේ තුවාලෙ ගැස්සෙනකොට පෑරෙයි කියන බයටම.

තුවාලෙ වේලෙනකම් කොහොමත් රනූට ටික දවසක් පරිස්සම් වෙන්න වේවි .

වෑන් එකේ සද්දෙට තාත්තා එළියට ඇවිත් හිටියේ .මම ඩ්‍රයිවින් ශීට් එකේ ඉඳපු නිසා මනී රනුදිව වත්තන් කරගෙන වෑන් එකෙන් බස්සගෙන ආවා .

එකපාරටම තාත්තා දැකපු රනුදි ඇස් දෙකත් ලොකු කරගෙන තාත්තා දිහා බලාගෙන හිටියේ ඇයිද කියලා මට තේරුණේ නෑ .

තාත්තත් රනුදි දිහා බලාගෙන හිටියේ පුදුමෙන් වගේ.ඒත් එක පාරටම මනීගෙන මිදුණු ඇය මගේ තාත්තා ළඟට දුවගෙන ගියේ ඇගේ කුසේ තිබුණු තුවාලය පවා අමතක කරලා.

39 thoughts on “රන් තරු 9 කොටස”

  1. Thanks මල්ලි හරි කොටස ඉක්මනින් දැම්මා ට.මොකද කතාව ගොඩක් ආශාවෙන් කියවන නිසා චුටි අඩුවක් වුනත් ඉක්මනින් දැනෙනවා.
    …….. තමන්ගේ නොවුනත් පුංචි දරුවෙක් ට තාත්තෙක් වෙන්න පුළුවන් ගොඩක් ලොකු හදවතක් තියෙන කෙනෙක් ට විතර යි.අම්මා ගෙදර බුදුන් නම්, තාත්තා ඒ ගෙදර ඉෂ්ඨ දෙවතාවා.ඉතින් දෙවියන් ට සමාන කරන තාත්තා කියන සොඳුරු ම මිනිසා ට ලොකු හදවතක් අනිවාර්යෙන්ම තියෙන්නේ ඕනි.මොකද ගෙදරක ආරක්ෂකයා වගේම දරුවාගේ මාර්ගොපදෙශකයා වෙන්නේ තාත්තා.
    ………..ඒ වගේම පවුලක ශක්තිය ඔහුයි.තාත්තා දුකෙදි අඩන්නෑ,සතුටෙදි නටන්නෑ තමයි.ඒත් ඒ ආදරේ චුටිවත් අඩුවක් නෑ.එයාට ඕනෑ දුකෙදි වගේම සතුටෙදිත් ලොකු පවුරක් වගේ පවුලට ශක්තිය ක් වෙන්න
    ……….ඒ නිසාම යි මං කියන්නේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් හොඳ හදවතක් තියෙන කෙනෙක් ට විතර කියලා.
    ……… ටිකක් දිග වැඩි වුණා.තාත්තා ගැන හරියට කියන්න මෙ වචන මදි.ඔයා මෙම කතාවෙන් හැම බැදීමක් ම ඒවාට අලුත් අරුතක් ගෙනවා.හරිම අපුරු යි.all the best

    1. Samawenna akke ekata wardimak una heta admin aiyyta kiyala kotas dekak illamu ha da aniwarenma akke ekenma akkage comment ekagayi budusaranyi akke

  2. රනූගෙ යාලුවා තරූගෙ මල්ලි නේද.
    කතාව නම් මාරම මාරයි.????
    කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ.
    තරූ රනූට ආදරේ කරයි නේද ඉක්මනට❤️❤️❤️❤️❤️
    එක දිගට කියවන්න තිබුනනම් කියලා හිතෙනවා.???
    ඒ තරමටම කතාව ගොඩාක් ලස්සනයි.
    අයියයි නංගියි ලස්සනට වැඩේ කරලා තියෙනවා.
    සුභ පතනවා කරන කියන සියල්ලම සාර්ථක වෙන්න කියලා.????

    1. Thank you so much onna mama Nam danne na eka hode hehehe sathutuyi godak kathawata mechchara asa karanwata budusaranyi thank you so much

  3. Admin aiyyata kiyamu heta 10 weni kotasa dala 11 kotasa bonus kotasak denna kiyala Ada 10 weni kotasath kiyawapu nisa ekata kamthi Aya mekata like ekak damu balanna

  4. ටිකක් බොලද වැඩියි වගේ. නරකම නෑ . ඒත් මීට වැඩිය තාත්වික වුනා නම් හොදයි . මං නම් ආසම නෑ නංගිට නංගා කියනවට. එච්චර බොලද වෙනවද කොල්ලො.පලවෙනි episode එකනම් ලස්සනයි . ඒත් අන්තිම හරිය වෙද්දි එච්චරම attractive එකක් නෑ..
    අනේ හිත රිද්දන්න හිතාගෙන කිව්ව නෙවෙයි හොදේ . මේක ලියන්නෙ සිත්මි විහාරද ,sumith boy කියන කෙනාද කියල මං දන්නේ නෑ . ඒ කාගෙ හරි හිත මගෙ අදහස නිසා රිදුනනම් සමාවෙන්න යාලුවේ.

    1. Na na hitha redenne na moko API janapriya Katha liyana Aya newe ne eka nisa wardi athi kathawata adare karana Aya wagema ewage adu padu dakina Aya Inna one aniwarenma Sithmi nangiya liyanne meke thank you so much budusaranyi

  5. Hashini Navanjana.

    අනේ අද හරීම ලස්සනයී අයියේ… ???? ඒත් කදුලු ආවා කියවනකොට.. ??? චූටි පැටික්කියෙක් අම්මෙක් තාත්තෙක් නැතිව හදනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද… මට තවමත් ඇඩෙනවා ඔයා ඒ දූ පැටියා ගැන කියලා තිබුන විදියට.. මාත් කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ මට දැනෙන්නේ.. ඒ තරම් හිතට දැනෙනවා.. ඔයා මේ කතාවෙන් අපේ ආදරනීය රණවිරුවන්ගේ තියෙන උතුම් මානුෂිකත්වය හැම පැත්තෙන්ම පෙන්නලා දෙනවා අයියේ… ඒ උත්සාහය 100%ක් ම සාර්ථකයි.. ????
    කියන්න වචන නෑ… ඔයාලා දෙන්නගේ මේ ටැලන්ට් එක ගැන. ඔයා ලියලා තියන රෝස මලත් මගේ පැටියා වගේමයි අයියේ.. මේ ඇත්තමයි.. එයත් අඩන්නෙම නෑ… ගොඩාක් බඩගිනි උනොත් චූට්ටක් වගේ අඩනවා.. දොයි කරන්න ඕනිත් නෑ… මං තුරුලු කර ගත්තම එයා දොයි ගන්නවා.. කොච්චර රෑ උනත් මං නිදා ගන්න ඇදට එනකල්ම එයා සෙල්ලම් කර කර ඉන්නවා දොයියන්නේ නැතිව. මං ලගට ආව ගමන් දොයියනවා.. කිසිම වදයක් නැති දරුවෙක්.. ඒ නිසාම ඔයා මේ කියලා තියන දේවල් ගොඩාක් දැනෙනවා මට. මේ කතාවෙ එන ගොඩක් දේවල් මගේ ජීවිතේටත් සමීප දේවල්නේ… ඒ නිසාම වෙන්නැති මේ කතාව මගෙ හදවතට ❤ මේ තරමට දැනෙන්නේ.. ඔයාලා දෙන්නට ගොඩාක් පින් අයියේ මේ වගේ ලස්සනම ලස්සන ආදර්ශමත් වටින කතාවක් අරන් ආවට… මේ හදවතින්ම එන දේවල් කියන්නේ… ❤❤❤
    ඒ නිසා ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නේ නෑ අයියේ…
    අපේ හිත් මේ වගේ සතුටු කරන්න පුලුවන් වෙන එක ලොකු පිනක් ඔයාලට…
    දිගටම ලියන්න….. ????
    බුදු සරණයි.. ?????

    1. Ammo digama diga lassan comment ekak hithatama wadinawa ane apitath balanna denna ko a rose mala asayi balanna aththatama adu padu penawana comment wagema Katha liyanna asa karana me wage comment dakkama patta happy nangiya thank you so much rose mala mathak karanna hode aththatama sathutuyi budusaranyi nangiya oyath thawa ekak liyanna hode

      1. Hashini Navanjana.

        මේකෙන් ෆොටෝස් එවන්න පුලුවන් උනා නම් මං එයාගේ ෆොටෝ එවනවා අනේ අනිවාර්යයෙන්ම… ???

  6. Hashini Navanjana.

    ආහ්හ්… තව දෙයක් අමතක උනානී… රනූ අදුනගත්තා නේද තරූගේ තාත්තව. ඒ රනූගේ තාත්තගේ හොඳම යාලුවා කියලා.. ???
    හරිම ලස්සනට ඔයා කතාව ප්ලෑන් කරලා… අනේ මං 10 කොටස කියෙවුවේ නෑ හොඳද.. ඒ නිසා ඒ කොටසත් හෙට ඕනී… ඒ එක්කම 11 කොටසත් ඔයා දෙනවා නේද ඇඩ්මින් අයියේ…………… ??????

  7. Dunasha Gamage

    Ada kotas dekakma kiyawann puluwan unane yalu.niymai niymai hdada.kathawa nam maru.?
    Mekata nam prize akak oyalata hambennam one……
    Me oya kathawa ikmanata iwara karanawada kiyala mata poddak kiyanna yalu oyata puluwan nam witharak.mokada mage 4n aka mawa dala tika dawaskin amma lagata yai wage mage exam laga nisa.☹️

    1. Ane ehema karanna epa Meka ewara unu gamanma adaraniya kathwak genawa ekath balanna Inna thank you so much budusaranyi kotas Nam tikak thiye thawa eth exam eka watinawa ayth awama balanna hode Best of luck

  8. Kathawa kiyawanna enna parakku una ada aiya… kathawa genannm kiyanna wachana ne e tharam lassanata liyala. Eth dukai ane rosa mala paw…

  9. Nirosha Lakmali

    මේ ඉන්නේ රනුගේ තාත්තාගෙ යාළුවා. ඒකයි රනු තරූගේ තාත්තව අදුරගන්නේ. එතකොට රනු ආදරේ කරේ තරූට. මට හිතෙන දේ කිව්වේ. අයියයි නංගියි මොනවද දන්නෙ නැහැ හිතලා තියෙන්නේ. හැමදාමත් වගේ හරිම හරිම හරිම ලස්සනයි. තව ටිකක් දිගට කොටස් දාන්න බෑද? කියවලා ඉවර වෙන කොට හරිම දුකයි. අනේ තව කියවන්න තිබුණ නම් කියලා හිතෙනවා. දෙන්නටම හදවතින්ම සුබ පතනවා. Good Luck…. ????????????????????????????????????????????????

    1. Admin aiyyata heta kotas dekak ma denna kiyamu hode thank you so much budusaranyi adaren balanwata hehehe nangigen ahala thamyi kiyanna wenne

  10. Ranudi aduragaththa randige thaththage yaluwawa ehema neda wenne aiye. Kathawa lassanai aiye wenad wagema mn dn tikakt kalin kiyeuwa app eke dala thibba keti kathawa samaye ginidal ekath ranaviruwek ganane thiyenne kiywaddin aduna aiye ape ranviruwo adare karapu ayawa atharala jiwithe puja karal ape rata araksha karddi eyalge paule aya adare karapu gf kochchar loku wedanawak widinna adda aiye. Digatam mn kathawath ekka innawa aiye oyla dennat thawath hodat liynn suba pathnawa mn bs pi aiya, nangi ??

    1. Me app eka nisa Mata hodma yaluwo wage mage jivithe labunu hodama comment labuna ekata oyala okkomatama godak thanks .. aniwarenma balamu wenne mokadda kiyala budusaranyi

  11. අද තියෙන සමාජෙත් එක්ක සමහරු තමන්ගෙ ළමයටවත් ආදරේ නෑ…ඒ වගේම සමහරු කැමති නෑ වෙන කෙනෙක්ගෙ ළමෙක් හදාගන්න ගන්න… තමන්ගෙ ළමයා විදිහට… එහෙම මිනිස්සු ඉන්න සමාජෙක තමන්ගෙ ලෙයින් ඉපදුනෙ නැතත් මේ වගේ ආදරෙන් තමන්ගේ ළමෙකුට වගේ සලකන්න පුලුවන් හොද හදවතක් තියෙන කෙනෙක්ටම විතරයි…

    මේ කතාව ලොකු ආදර්ශයක්… කතාව ගොඩක් ලස්සනයි… හැමදාමත් වගේ…

    අනෙ හෙට 11 කොටසත් දෙන්නකො… මං 10 කියෙවුවා… එහෙම උනොත් ඉතුරු ටික දැනගන්න අනිද්දා වෙනකන් ඉන්න වෙනවනේ… එච්චර ඉන්න බෑ අප්පා… මේ අසරණ අපි ගැනත් හිතලා හෙට 10,11 කොටස් දෙකම දෙන්න ඇඩ්මින් අයියෙ…

  12. Chathu indeewaree

    මටනම් කියන්න වචන නෑ අයියේ. ඒ තරම්ම සුපර්බ් කතාවනම්. කතාව කියවන්න ගත්ත දවසේ ඉඳන් ඔයා අපිව අඬවන එකනම් වරද්දන්නැතුවම කළා අයියේ. කතාව කියවන හැමදාම නොදැනුවත්වම අපේ ඇස් අඟ කඳුළු. ඒ තරම්ම සංවේදියි අයියේ කතාව.. ලෝකයේ විශිෂ්ඨතම භාෂාවක් තමයි සිංහල භාෂාව කියන්නේ. ඒ විශිෂ්ඨ භාෂාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ඔයාලා අරන් තියෙනවා අයියේ. මොකද අපේ හිත් මේ තරම්ම සංවේදී වෙන්නේ අයියයි නංගියි මේ කතාව ලියලා තියෙන භාෂාව විලාශය අනුවයි. ඒ අතින් ඔය දෙන්නා මාරම ටැලන්ටඩ් අයියා.. ?????

    අද කාලේ කියවන්න ලැබෙන කතා එක්ක බලද්දී ඒ හැම කතාවකටම වඩා මේ කතාව ගොඩාක් වටිනවා අයියේ. හැමෝම ආදරය, විරහව වගේ දේවල් ගැන කතා කරද්දි ඔයාලා කතා කරන්නේ අද සමාජයේ වැඩිය කතා නොකරන , ඒත් අනිවාර්‍යෙන්ම කතා කළයුතු පැත්තක් ගැනයි. ඒකට ඔයාටයි නංගිටයි දෙන්නටම ගොඩාක් පින් අයියේ.. අනේ මේ කතාව අපේ රටේ පාලකයින්ට කියවන්න සලස්වන්න තිබුණානම් කියලා මට හිතෙනවා. එතකොට ඒ අයට තේරෙයි අපේ සිංහ පැටව් තමන්ගේ ජීවිතේ රට වෙනුවෙන් සින්නකරම ලියලා දීලා තියෙද්දිත් තමන් ඒ අය වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ, මොනාද කරලා නැත්තේ කියලා… බාහිර සැප සම්පත් නැතත් අඩුගානේ මේ කොල්ලොන්ගේ නැතිවුණ ගෞරවය , අභිමානය ලබාදෙන්න කටයුතු කරන්නවත් ඇස් පෑදේවි එතකොට….

    මොනා වුණත් අයියේ ඔයාලගෙ කතාවෙන් අපේ සිංහ පැටව් ටිකට ඒ අයට ලැබෙන්න ඕන ගෞරවයනම් අඩුවක් නැතිවම ලැබෙනවා. ඉදිරියේදිත් එය එසේම වේවි කියලා මට හිතෙනවා අයියේ. ඔයාටයි නංගිටයි හදවතින්ම සුභ පතනවා අයියේ අගනා වූ යුග මෙහෙවර තවත් චිරාත් කාලයක් යනතුරු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා කියලා. බුදු සරණයි!! අයියටයි නංගිටයි ඇප් එකේ හැමෝටමයි…

    1. Kohomada reply karanne kiyala matama hitha ganna ba a tharam hadawathata danene comment ekak hadawathinam ekagayi comment ekata oyala wage adaren sathutin comment Dana nangila nisa mama thawa katha liyanna hithenne time ekak nathi nisa onna nangita kiyala thawa ekak liyala dannam ko Meka ewara unu gaman hamdma me wage comment denawata godak pin eka Mata sakathiyak budusaranyi good night nangiya

  13. අයියේ ක්මෙන්ට් කරන්න ලේට් උනා…ඒත් කතාව දාපු ගමන් කොටස් දෙකම කියෝලා එක්සලන්ට් රේට් කරා ඉතිම් ………..?️?️?️
    මොනා කියන්නද කියලා තේරෙන්නෑ අයියේ….පට්ට ලස්සනයි ඇත්තටම අයියෙ කතාව….මේ කතාවේ ජීවිතයේ එක් පැතිකඩක් නෙවෙයි හැම පැතිකඩක්ම ගොඩාක් ආදරනීය විදියට ඔයා අපට පෙන්වලා දෙනව අයියේ …….ගොඩාක් ප්‍රසිද්ද ලේඛකයන්ගේ කතා වලට වඩා මටනම් අවන්කවම ඔයාගෙ මේ කතා අහුරේ යාලූවන්ගේ කතා හිතට දැනෙනවා….
    ඇත්තටම මේ ඔයාගෙ අදහස් වලින් ඔයාත් නන්ගාත් ගොඩාක් ආදරනීයයි කියල තේරෙනව අයියේ….
    ඔයාල අපේ හදවතට දැනෙන්නට ලියනව අයියේ….ඒක තේරුම් ගන්නත් හොද හදවතක් තියෙන්නොනි කියල මම නම් හිතන්නෙ…සුභ පතනව අයියේ ඔයාට………..??????♥️♥️♥️?????

    1. Aniwarenma a adaraniya hadawathk thiyena nisayi godak than Wala API mansain watene duk vidinne API a okoma hethuwak Karan Ada Hoda than Wala innawa sathutuyi me wage comment dakkama ape withatak newe oyalageth nangiya nathi Nam me wage comment Dana hithenne na oyalata godak thanks nangiya budusaranyi

  14. Ranmali subasinghe

    රනූ පොඩි කාලේ ආදරය කලේ තරූට නේද??? තරූගේ තාත්තා රනූගේ තාත්තා ගේ හොදම යාලුවා නේද??? ෆැකල්ටි එකේ රනූ එක්ක ඉගෙන ගන්නේ තරූගේ මල්ලි නේද?? ඒ දෙන්නා හොදම යාලුවො නේ…. ?? මම හරි නේද මල්ලියෝ…

    කතාව හුගක්ම ලස්සනයි? දැන් තමයි කතාවේ ලව් ස්ටෝරිය පටන් ගන්නේ නේද ?? හරිම ලස්සනයි? ලස්සනයි?

    දිගටම ලියන්න… සුබපැතුම් !!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.