Katha Ahura

?ඒන්ජල්? | 49 කොටස | නවකතාව

5/5 - (1 vote)

77 කොටස

කාන්ති ඇන්ටි අපිට පෙන්නපු කාමරේට මමයි සෙනූයි ඇතුල්වුනා.ඒ වෙලාවෙ ආපු පුස් ගදටනම් මට වමනෙටත් ආවා.මම අතේ හිටපු ඩෙවිල්ව නහයට තද කරගත්තෙ ඒ කාමරේට වඩා ඩෙවිල් සුවද නිසා.එයාව හුරතල් කරනවා කියල හිතපු ඩෙවිල් මගේ මූනත් ලෙවකෑවා.

” පුංචි නෝනලා..කාමරේ හොදයි නේද ? ”
කාන්ති ඇන්ටි එහෙම අහද්දි මමයි සෙනුයි මූනට මූන බලාගත්තා.මීටවඩා හොදයි බ්ලූමැන්ඩල් කුණු කන්ද ලගින් ගෙයක් හදාගෙන පදිංචි වුනානම්..

” ෂාහ්…මරු ඇන්ටි…මට මේකෙ හොදට නින්ද යයි ”

මම එහෙම කියද්දි සෙනූ අතින් කට වහගෙන හිනාවුනා.

” මම දැනගෙන හිටියා නෝනලා මේකට කැමතිවෙයි කියලා..එහෙනම් මම යනවා.වැඩ ගොඩයි..මොනාහරි ඕන වුනොත් මට කතා කරන්නකො නෝනලා දෙන්නා..අර පුංචි මහත්තුරු දෙන්නටත් කාමරේ පෙන්නන්න එපැයි ”

කාන්ති ඇන්ටි එහෙම කියලා ගියාට පස්සෙ මම ඩෙවිල්ව පුටුවක් උඩින් තියලා කාමරේ පුරා ඇස් යැව්වා.කාමරේ ඇතුලෙ තිබුනු ලී බඩු ඔක්කොම වගේ පට්ට ඇන්ටික් බඩු.අර ඉස්සර කාලෙ ලී බඩුවල තියෙන කැටයම් එහෙම කාමරේ තිබුනු ලී බඩුවල අඩුවක් නැතුව තිබුනා.තව දේවල් ගොඩාක් ඉතින් අඩු නැතුව තිබ්බා.ඒ අතරින් පුස් ගදයි , දූවිලියි , මකුලු දැලුයි , සීතලයි , කලුවරයි ප්‍රධාන තැනක් ගත්තා.

අපිට නිදියන්න දීපු ඇදත් පරණ කාලෙ තිබුනු වගේ ඇදක්.අර උඩු වියන් එහෙම ගහපු ඇදක්.කාමරේ පුරාම සිත්ගන්නාසුලු දේකට තිබ්බනම් ඒ ඇද විතරයි.මහන්සිය නිවාගන්න කියල හිතාගෙන මම එතන තිබුනු පුටුවක් උඩින් වාඩිවුනා විතරයි ජරාස් ගාලා ආපු සද්දෙකුත් එක්ක මම පහලට කඩන් වැටුනා.

” අම්මෝ කොන්ද….”

” අක්කා..ඔයා හොදින්ද ? ”

” හරි සනීපයි බන්..මාව නැගිට්ටවහන්කො..”

මගේ ලගට දුවගෙන ආපු සෙනූට මම එහෙම කියද්දි එයා මගේ අත්වලින් අල්ලගෙන මාව නැගිට්ටෙව්වා.

” මට ඇදෙත් නිදාගන්න බයයි සෙනූ..ඒකත් මෙහෙම කඩන් වැටුනොත්..විශේෂයෙන් අර උඩට ගහල තියෙන වියන..අපි දෙන්නගෙ මූනු පොල් රොටී කරගෙන තමයි ගෙදර යන්න වෙන්නෙ ”

” අනේ මන්දා අක්කා..මේ ගෙදරනම් මහ අමුතුයි..”

” ලේඩීස්…! කාමරේ හොදයිද ? ”

අවිරු එහෙම අහගෙන අපේ කාමරේට ඔලුව දාද්දි අයියත් කාමරේ ඇතුලට ඇවිත් ඇවිද්දා.

” හොද…මේක ෆයිව් ස්ටාර් හොටෙල් එකකට වඩා කම්ෆටබල් අවිරු..කියල වැඩක් නෑ..අර පුටුව කොච්චර කම්ෆටබල්ද කිව්වොත් වාඩිවුනාම පස්ස යටටම යනවා…තව පොඩ්ඩෙන් මගේ කොන්ඩ සිග් සැග් වෙනවා.ඔයාලගෙ කාමරේ කොහොමද ? ”

” ඒකත් මේ වගේ තමයි..සෙවන් ස්ටාර් හොටෙල් එකක් වගේ..මායි අයියයි මකුලු දැල් වලින් හෙයාර් ස්ටයිල් දදා හිටියෙ..”

අවිරු හිනාවෙවී කියද්දි අයියා අතින් කට වහන් හිටියා.

” පහලට ගිහින් බලමු අපි අම්මලගෙත් කාමර මොන වගේද කියලා ”

අයියා එහෙම කියලා පඩිපෙළ බහිද්දි මමයි සෙනූයි අවිරුයිත් පහලට ගියා.අපි පහලට යද්දි රාජා අංකල් අපේ බෑග් කාමරවලට ගෙනියනවා.කට්ටියක් කතා කරන සද්දයක් ඇහුනු කාමරයකට අපි ගියා.ඒ කාමරේ හිටියෙ අම්මයි සුමනම්මයි.

” අම්මා..කාමරේ කොහොමද ? ”

” අපි හිතුවට වඩා මෙහේ දැන් ගොඩක් පරණයි වගේ.කමක් නෑ ළමයි.අදට විතරක් ඉවසන්නකො..අපි හෙට හොටෙල් එකකට යමු..”

” හම්මේ ඇති යන්තම්..”

අයියා එහෙම කියද්දි මම එයාගෙ ඇගට හේත්තුවක් දැම්මා.එතකොට මංගලා ආන්ටියි අරවින්ද අංකලුයි අපි හිටපු කාමරේට ආවා.ඒගොල්ලොන්ගෙත් මූනු තිබුනෙ හරියට කල් ඉකුත් වෙච්ච කිරි හට්ටි වගේ..මට ඒ මූනු දැක්කම හිනත් ගියා.

” අනූ…හෙට අපි හොටෙල් එකකට යමු..මෙහේ ඉන්න බෑ..දැන් රෑත් වෙලානෙ.ඒ නිසා අදට විතරක් මෙහෙම ඉමු..”

” ඒකතමයි අරවින්ද මාත් මෙයාලට කිව්වෙ.අපි ආවෙ විනෝද වෙන්න මිසක් මේ අයගෙ මූඩ් මෙහෙම අවුල් කරන්න නෙවේනේ..”

” කොහොමහරි අද දවස ඉවසන්න වෙනවා අයියා ”

මම එයාට කියද්දි එයත් ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

මමයි සෙනූයි අපේ කාමරේට එද්දි අවිරුයි අයියයි එක එක භූත සද්ද දදා අපේ පස්සෙන් ඇවිත් එයාලගෙ කාමර වලට ගියා.

” කොහොමත් භූතයො දෙන්නෙක්නේ..ඒ සද්ද එයාලට ගැලපෙනවා.”

මම ඇද උඩ ඉදපු ඩෙවිල්ව වඩාගෙන කියද්දි සෙනූට හිනා ගියා.

” කොහොම වුනත් අක්කා මේකත් වෙනසකට හොදයි.මං මීටකලින් මෙහෙම වලව්වක ඉදලා නෑ ”

” එහෙනම් අද ඉදලා බලන්නකො සෙනූ..අද රෑට අපි නිදාගෙන ඉන්නකොට හොල්මන් නාවොත් තමයි පුදුම ”

එතකොටම ආපු භූත සද්දයක් නිසා මම වගේම සෙනූත් ගැස්සුනා.සෙනූ දුවලා ඇවිත් මාව බදාගනිද්දි අපිට ඇහුනේ මහ හයියෙන් හිනාවෙන සද්දයක්.ඒ සද්දෙ ඇහුනෙ වෙන කොහෙන්වත් නෙවෙයි.අපේ අල්ලපු කාමරේ ඉන්න පිස්සු වාත දෙකෙන්.අපේ කාමරෙයි අල්ලපු කාමරෙයි වෙන්වෙලා තිබුනු බිත්තිය සිවිලිමට එනකන් උස තිබ්බෙ නෑ.ඉතින් එහා කාමරේ ඉදලා මොනා කතා කලත් අපේ කාමරේට ඒවා ඇහෙනවා වගේම අපේ කාමරේ කරන සද්දත් ඒ කාමරේට ඇහෙනවා ඇති.

” හූ හූ…බලනවා දෙන්නගෙ කලිසම් තෙත් වෙලාද කියලා..”

අවිරුගෙ කටහඩ අපිට ඇහෙද්දි මම වටපිට බැලුවෙ එහා කාමරේට උඩින් යවන්න හොද දෙයක් ලග පාතක තියෙනවද කියලා.ඇද යටට එබුනු මට අහුවුනේ දූවිලි පිහදාපු රෙද්දක්.ඒක පොඩිකරලා මම පුටුවක් උඩ නැගලා ඒක වීසිකලේ එහා කාමරේට වැටෙන්න.

” ආශී..මොකක්ද ඒ කරපු ඔලමොට්ටල වැඩේ..අපි දෙන්නම දූවිලි නෑවා..ශිට්..”

අයියගෙ කටහඩ එහෙම ඇහෙද්දි මම උඩ පැන පැන හිනාවුනා.

” හොද වැඩේ..කටට වැටෙන්නයි තිබුනෙ.ආවා මෙතන අපිව බය කරන්න.ඇද්ද මහලොකු පොඩි මහත්තුරු දෙන්නට..”

” ඉන්නවකො..තොපි දෙන්නටත් අපි දෙන්නම්කො රිටර්න්..දැන් හිනාවෙයල්ලා..”

අවිරු එහෙම කියල කෑගැහුවා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” සෙනූ..මට වොශ් එකක් දාන්න ඕන.මෙහේ වොශ්රූම් එක කොහේද දන්නෑ නේද ? ”

මම ඇහුවෙ බෑග් එකෙන් රෑට අදින්න ඇදුම් එක්ක ටවල් එකක් ගන්න ගමන්.

” මට ඇහුනු විදිහට නම් ඒක තියෙන්න ඕන මේ තට්ටුවෙම කොනට වෙන්න.අපි කෝකටත් ගිහින් බලමුකෝ.”

සෙනූ එහෙම කිව්වම මම එයත් එක්ක අපේ කාමරෙන් එලියට ඇවිත් අපේ කාමර තිබුනු කොරිඩෝවෙ දිගටම ඇවිදන් ගියා.අලුත්වැඩියා කරපු වීදුරු දොරක් තිබුනු කාමරයක් ඉස්සරහා අපි නැවතුනා.

” මං හිතන්නෙ මේක වෙන්න ඕන..ඕක අරින්න අක්කා.”

සෙනූ එහෙම කියද්දි මම ඒ දොර අතින් තල්ලු කලා.එතකොට මට ඇහුනෙ කටහඩක්.

” ඒ මොකක්ද බන් මේ සබන් ? මාර සුවදයිනෙ..”

” ඉක්මන්ට නාගනින් අයියෙ..නැත්නම් අපි හීතලේම මැරෙයි..”

වොශ්රූම් එක ඇතුලෙ කොට කලිසම් දෙකක් ඇදගෙන සබන් ගගා හිටියෙ අයියයි අවිරුයි.දොර ඇරගෙන බලාගෙන ඉන්න අපි දෙන්නව දැකපු ගමන් ඒ දෙන්නා විලාප තියන්න ගත්තා.

” තොපිලට ලැජ්ජ නැද්ද කොල්ලො නාන දිහා බලන් ඉන්න ? සික්…ලැජ්ජයි තොපි ගැන..”

අවිරු කෑගහ ගහ කියද්දි මායි සෙනූයි හිනාවෙවී දොරත් වහලා කාමරේට දිව්වා.
——–

3 thoughts on “?ඒන්ජල්? | 49 කොටස | නවකතාව”

  1. Meyalatanam holaman vei vage.
    Trip eke vishesha deyak thiyanava neda.mata hithenne me trip eka nisa ashui senui love karai kiyala.
    All yhe best

  2. අනා ශෝක් අප්පා කතාව… ඇත්තටම ඒක භූත බංග්ලාවක්ද… මොකක් හරි හොරයක් තියෙනවා වගේ…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.