Katha Ahura

?ඒන්ජල්? | 52 කොටස | නවකතාව

5/5 - (1 vote)

*80 කොටස*

අවිරු එයාගෙ අතේ තිබුනු කොළය දිග අරිද්දි මම ඩෙවිල්වත් වඩාගෙන ඒකට එබුනා.

” මේ මරණ දැන්වීමක්නෙ..”

” කාගෙද අවිරු ? ”

” දිනූෂා විජේසේකර…උපත 1975.10.11 විපත…”

” ඕක වීසිකරලා එන්න අවිරු..මේ භූත බංගලාවෙන් ඔහොම එකක් හම්බුනාම මටත් බය හිතෙනවා.”

” නෑ ආශි…ඔහොම ඉන්න..මට මේ කෙනාව මතකයි..”

” මතකයි ? මේ ඔයා දන්න කෙනෙක්ද ? ”

” පොඩ්ඩක් ඉන්න…මේ ඉන්නෙ ඔයාගෙ අම්මගෙ යාලුවගෙ නංගි..”

” ඒ කියන්නෙ මේ අනූෂා ආන්ටිගෙ නංගි..”

” ඔව්..”

” ඒත් රාජා අංකල් කිව්වෙ මෙයා රට කියලා නේද ? ”

” ඒකනෙ…ඇයි එයා එහෙම බොරු කිව්වෙ ? ”

අපි ඒ මරණ දැන්වීමත් අතේ තියාගෙන කල්පනාකර කර ඉන්නකොට එකපාරටම ඒ කාමරේ තිබුනු පිත්තල මල් වාස් එකක් බිමට වැටුනෙ ලොකු සද්දෙකින්.හුලගක්වත් නොතිබ්බ ඒ වෙලාවෙ ඒක බිමට වැටුනෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.ඒත් ඒ වාස් එක නිකන් වැටෙන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ..

අවිරුගෙ අතින් අල්ලගත්තු මම එයාවත් ඇදගෙන කාමරෙන් එලියට ඇවිත් පඩිපෙළ බැහැලා දිව්වෙ වෑන් එකට…

ශීට් එකේ වාඩිවෙලා හති අරින අපි දිහා අනිත් අය බලාගෙන හිටියෙ පුදුමෙන්.

” ඇයි අවිරු ? මේ ඇයි බයවෙලා වගේ ? ”

අරවින්ද අංකල් පිටිපස්ස හැරිලා අහද්දි මම මෙච්චරවෙලා ගිලගන්න අමාරුවෙන් තිබ්බ කෙල ටික උගුරෙන් පහලට තල්ලු කරගත්තා..

” අපි මෙහෙන් ඉක්මන්ට යමු අංකල්..මේක එච්චර හොද තැනක් නෙවේ..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

යන ගමන් මමයි අවිරුයි විස්තර කියද්දි එයාලගෙ මූනුවල තිබුනෙ විශ්වාස කරන්න අමාරුයි වගේ පෙනුමක්..

” ඒක නිකන් වැටෙන්න ඇති ළමයෝ..”

” ඔව් ආශි..අපි රැයක් ඉදලත් අපිට කිසිම කරදරයක් වුනේ නෑනෙ..”

” ඒකනෙ..ඕගොල්ලො නිකන් බයවෙලා..”
” අරවින්ද අංකල්..අපි අර එදා පාර අහපු එලවලු කඩේ ගාවින් නවත්තන්නකො..”

” ඇයි ආශි ? ”

” නවත්තන්න කියන්නකො අංකල්..මම ඔයාලට ඊටපස්සෙ කියන්නම් ”

අරවින්ද අංකල් ඩ්‍රයිවර්ට කියලා එදා අපි පාර අහපු එලවලු කඩේ ගාවින් වෑන් එක නතර කලා.වෑන් එකේ දොර සම්පූර්ණයෙන්ම ඇරපු මම වෑන් එකෙන් බැහැලා එදා හිටපු කෙනා ගාවට ගියා.

” මොනාද මිස් ඕනෙ ? කැරට් තියෙනවා..අලුත්ම ඒවා.අද උගුලපු ඒවා..”

” නෑ නෑ මට කැරට් ඕනෙ නෑ..මට දෙයක් ගැන දැනගන්න පුලුවන්ද ? ”

මම ඇහුවෙ වෑන් එකේ හිටපු අනිත් අයටත් ඇහෙන විදිහට..

” කියන්න නෝනා..”

” මට දැනගන්න ඕන ඕර්ෂියල් බංගලාව ගැන…”

” මොකක්…මං…මං මුකුත් දන්නෙ න්..නෑ නෝනා..”

” බොරු කියන්න එපා..අපි දැනට ටිකක් දන්නවා..අපිට සම්පූර්ණ විස්තරේ දැනගන්නයි ඕනෙ..”

” අනේ නෝනා..මම සැරයක් කිව්වනෙ..මං දන්නෙ නෑ..”

” මේ අහන්න…අපි ඊයෙ රෑ එහේ ඉදලයි ආවෙ..”

” මොනවා..! නෝනලා එහේ ඊයෙ රෑ හිටියද ? ”

” ඔව්..දැන්වත් ඇත්ත කියන්න ”

” නෝනලාට කිසිම කරදරයක් වුනේ නැද්ද ? ”

” නෑ ..මේ අපි හොදට ඉන්නෙ ”

” නෝනලා දෙවියන්ට ස්තූති වෙන්න ඕන මේ විදිහට ආවට…”

” ඇයි එහෙම කිව්වෙ ? ”

මම එහෙම අහද්දි ඒ කෙනා වෑන් එකේ දොර ලගට ඇවිත් ටිකක් නැමුනෙ අනිත් අයටත් එයාගෙ කතාව ඇහෙන විදිහට..

” ඔය බංගලාවෙ හිටපු පොඩි නෝනා තමයි දිනූෂා නෝනා..ඒ නෝනා දැන් අවුරුද්දකට කලින් ඔය උඩ තට්ටුවෙ කාමරේක එල්ලිලා මැරුණා..අන්න එදා ඉදලා ඔය බංගලාව භූත බංගලාවක්..”

” උඩ තට්ටුවෙ ? මොන හරියෙද ? ”

” උඩ තට්ටුවෙ තියෙන නාන කාමරේට අල්ලපු කාමරේ..”

ඒ කෙනා එහෙම කියද්දි මට මතක්වුනේ අපි ඩෙවිල්ව හොයන්න ගිහින් මරණ දැන්වීමත් හම්බුනේ ඒ කාමරෙන් නේද කියලා..

” ඔය බංගලාවෙ පිලී ජාති මුකුත්ම හදන්න බෑලු..එහෙම හැදුවොත් ඒ උයපු භාජනවල පහුවදා ලේ තියෙනවලු..”

ඒ නිසා තමයි එහෙනම් අපිට දුන්නු කෑම වේලවල් හැම එකක්ම නිර්මාංශ වුනේ..

” ඔය බංගලාව බලාගන්න ඉන්න ජෝඩුවත් ඉන්නෙ සෑහෙන්න අමාරුවෙන්..ඔය ගෙවල් අයිතිකාරයෝ සෑහෙන්න ගානක් ඒ ජෝඩුවට දෙන නිසා තමයි ඔහොමහරි ඔතන ඉන්නෙ..අනිත් අය දැන් ඉන්නෙ එක එක තැන්වල..මට පුදුම නෝනලාට ඔහොමහරි එන්න පුලුවන් වුනු එකට..”

” අපි කාටවත් වැරැද්දක් කරලා නෑනෙ මල්ලි..දෙවියෝ අපි එක්ක හැමදාම ඉන්නවා..”

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

මගදි එන ගමන්වත් කිසිම කෙනෙක් කිසිම දෙයක් කතා කලේ නෑ..දැන් වුනු දේවල් ඔක්කොම අමතක කරන්න කියලා අරවින්ද අංකල් කියද්දි මම අවිරුගෙ මූන දිහා බලලා ලාවට හිනාවුනා..

ටිකවෙලාවකට පස්සෙ අපි ආවෙ ලොකූ හොටෙල් එකක් ලගට.මෙච්චරවෙලා මගේ උකුලෙ නිදාගෙන හිටපු ඩෙවිල් නැගිටලා වටපිට බලන්න ගත්තා.අපේ බෑග් ටික අරගෙන අපි ටික හොටෙල් එකට ඇතුල්වෙද්දි අරවින්ද අංකල් අපිට රූම්ස් ටික බුක් කරලා යතුරු අරගෙන ආවා..

5 thoughts on “?ඒන්ජල්? | 52 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.