Katha Ahura

?ඒන්ජල්? | 53 කොටස | නවකතාව

5/5 - (1 vote)

*81 කොටස*

අර හොල්මන් බංගලාවෙ හිටියා වගේම කාමර ටික බෙදාගන්න අපිට පුලුවන් වුනා.ඒ බංගලාවෙ වගේ නෙවේ ඒ හොටෙල් එකනම් මරේ මරු.ඩෙවිල් තියාගන්නත් ප්‍රශ්නයක් වුනේ නෑ.මමයි සෙනූයි අපේ කාමරේට ඇවිත් බෑග්වලින් ඇදුම් ගත්තෙ වොශ් දාන්න.අපි ගත්තු කාමර ටිකේ හීටර් තිබුනු නිසා සීතලේ ප්‍රශ්නෙකුත් නෑ.මම ජර්සි එක ගලවලා දාලා ජනේලෙට දාලා තිබුනු ලොකූ ජනෙල් තිරය මෙහාට ඇද්දා.

පිටින් පේන පුදුමතරම් ලස්සන පරිසරය දිහා මම බලාගෙන හිටියෙ වශීවෙලා වගේ.ඒත් එක්කම අපේ කාමරේ දොරට කවුරුහරි ගහනවා ඇහිලා සෙනූ නැගිටලා ගිහින් දොර ඇරියම මම දොරෙන් එබිලා බැලුවෙ ඒ කවුද කියලා.වෙන කවුද ඉතින් ඒ අපේ අයියා පනයි අවිරු පනයි..

” ආ..ලේඩීස් ඇන්ඩ් ඩෝග්ස්…! කොහොමෙයි සැප දුක් ? ”

අවිරු ඇහුවෙ ඇදේ දිගාවෙන ගමන්.අයියත් ගිහින් සෙනූ ලගින් වාඩිවෙද්දි මම හිනාවෙවී බැලුවෙ අවිරුගෙ දිහා..

” ඔයාලට සතුටු හිතෙන නිව්ස් එකක් කියන්නයි අපි මේ ආවෙ ”

” ඒ මොකක්ද ? ”

” ඔයාලගෙ අල්ලපු කාමරේ ඉන්නෙ අපි දෙන්නා..”

අවිරු එහෙම කියද්දි මම නිකටට අත තියන් බලාගෙන හිටියෙ ඒ දෙන්නා දිහා.

” අනිච්ඡාවත සංඛාරා කිව්වලු..ඇයි යකෝ උඹලා දෙන්නා අපේ පස්සෙන්ම එන්නෙ ? ”

” බලන්නකො අවිරු මෙයාගෙ කතාව..ඒ අදහස වැඩිහිටියො හැමෝගෙම.නංගිලා දෙන්නා පරිස්සම් කරන්න අයියලා දෙන්නා ලග ඉන්න ඕනි කියන එක නිසා තමයි එයාලා නිතරම ඔයාලා ගාවින් අපිව තියන්නෙ..”

” ෂෝක්…ගින්දරයි පුලුනුයි එකට තිබ්බා වගේ තමයි ”

මම හිනාවෙවී කියද්දි අවිරු ඇවිත් මගේ කන මිරිකුවා.

” ඇන්ඩ්..ලේඩීස්..තව දෙයක් හැමෝගෙම අයිඩියා එක මේ දවල් කාලයේ හොදට රෙස්ට් කරලා හවසට ග්‍රෙගරි පාර්ක් එක පැත්තෙ යන්න..ඔයාලටත් ලෑස්තිවෙන්න කිව්වා.”

” ෂාහ්..නියමයි…දැන් ඔයාලා එලියට යන්න..මටයි සෙනූටයි හවසට අදින ඇදුම් ප්ලෑන් කරන්න තියෙනවා ”

මම අයියගෙයි අවිරුගෙයි අත්වලින් ඇදගෙන යන ගමන් කිව්වා..

” ඒ වරෙන් මල්ලි යන්න..ගෑනු ඔහොම්මමයි..”

අයියා එහෙම කියාගෙන ගියාට පස්සෙ මම ගිහින් හිනාවෙවී දොර වැහුවා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

දවල් කෑම අපි ඒ හොටෙල් එකෙන්ම අරගෙන අපි ආවෙ හොටෙල් එකේ ගෙස්ට්ලට වෙන් කරලා තිබුනු පැත්තට.එලියෙ තිබුනු පට්ට සීතල නිසා අපිට එලියෙ නම් ඇවිදින්න බැරිවුනා.ඉතින් අපි ටික උනු උනු කෝපි ටිකක් රසවිදින ගමන් සතුටු සාමිචියක යෙදුනා.

අපේ කතාවෙ මාතෘකාව වුනේ අද කාලේ වෙඩින් සහ මනමාලයෝ..මගේ ඉස්සරහින් වාඩිවුනු අම්මයි මංගලා ආන්ටියි කතා කරන ගමන් මගේ පැත්තට හැරුනා.

” ඔව් මංගලා..මමත් දැන් අපේ ආශිට කෙනෙක්ව හොයලයි තියෙන්නෙ ”

අම්මා කියපු ඒ කතාවට මම බිබී හිටපු කෝපි එක මට හිරවෙද්දි අයියා අවිරුට වැලමිටෙන් අනිනවා මම ඇස් කොනින් වගේ දැක්කා.

” මොකක්ද අම්මා ඒ කතාවෙ තේරුම ? ”

” ඇයි ආශු ? ඔයාගෙ නංගි දැන් ලොකුයිනෙ ”

” මොන ලොකුද අම්මා..මේකි මේ බටු ඇටේ වගේනෙ තාම ඉන්නෙ.අනික දැන්ම මොකටද මේකිට කොල්ලො හොයන්නෙ ? ”

” ඔයා ඉන්නකො ආශු..මගේ ආශි මම හොයල දෙන කෙනාට කැමතිවෙනවා..එහෙම නේද ආශි ? ”

අම්මා මගේ දිහා බලලා අහද්දි මම මොනා කියන්නද කියලා අහන්න වගේ අයියගෙ දිහා බැලුවා.මුකුත් කියන්නෙපා කියලා කියන්න වගේ අයියා එයාගෙ අතින් අනිත් අයට නොපෙනෙන්න මට කියද්දි මම බිම බලාගත්තා.

” කෙල්ලට ලැජ්ජ හිතිලා වගේ..නේද අනූ ? ”

” නෑ මංගලා ආන්ටි..මට ඕවට ලැජ්ජ හිතෙන්නෙ නෑ..මගේ අම්මයි මම කියන කෙනාට කැමති වෙන්න ඕන.ඔයා කැමති වෙනවා නේද අම්මා ? ”

” ආශී..! ඒ කියන්නෙ ඔයා දැනටමත් කැමති කෙනෙක් ඉන්නවද ? ”

” න්..නෑ ..මම කිව්වෙ කවදහරි..”

මම අවිරුගෙ ඇස් දිහා කෙලින් බලාගෙන අහද්දි එයා මං දිහා බලලා අයියා දිහා බැලුවා.

” ආශි..ඒවා අපි පස්සෙ බලමු..මම කෙනෙක්ව බලලයි තියෙන්නෙ..”

” අම්මා..ඔයා දැන්ම මාව යවන්න හදන්නෙ ඔයාට මාව තියාගන්න බැරි නිසාද ? ”

” කවුද කිව්වෙ දැන්ම ඔයාව මං යවනවා කියලා…ඒකට තව කල් තියෙනවා..”

” හරි..හරි..දැන් ඒ කතාව නවත්තමු ”

මම ඉන්නෙ තරහින් කියලා දැකපු අයියා එහෙම කියද්දි මම එතනින් නැගිටලා ආවා.තිබුනු සීතල නොබලාම මම එලියට ගිහින් ගාඩ්න් එකේ තිබුනු ඔංචිල්ලාවක වාඩිවුනා.මම සද්ද නැතුව පැද්දි පැද්දි ඉන්නකොට මගේ ලගට ආපු අවිරු මගේ එහාපැත්තෙන් වාඩිවුනා.

” ආශි…”

” ම්ම්ම්…”

” මං අපි ගැන අම්මට කියන්නම්..”

” හ්ම්ම් ..”

” ඇයි ආශි මේ ? අම්මා කිව්වෙ කෙනෙක්ව බැලුවා කියලා මිසක් ඔයාව බන්දවනවා කියල නෙවෙයිනේ..”

” එහෙම කලොත් ? ”

” ඔයාව මට නැතිවෙන්න දෙන්නෙ නෑ..මම ඔයාගෙ අම්මව අදුරන්නැති කෙනෙක් නෙවෙයිනෙ.එයා මං කියන දේ අහවි..බලමු අපි..”

” කවද්ද ඔයා කියන්නෙ අවිරු ? ”

” මේ ට්‍රිප් එක ඉවර වෙනකන් ඉන්නකො ඒන්ජල්..ඊටපස්සෙ මම එයත් එක්ක මේ ගැන නිදහසේ කතාකරන්නම්.”

” ම්ම්ම්…”

” දැන් ඒ ගැන හිතන්න එපා..”

” මගේ හිතේ මේ වෙනකන් තිබුනු සතුට නැතිවුනා අවිරු..”

” හිතන්න එපා මැණික ..මම ඔයාව වෙන කාටවත් දෙන්නෙ නෑ ..”

අවිරු මගේ අතේ තොල් තදකරලා කියද්දි මම බලාගෙන හිටියෙ පිනි වැටිලා දිලිසෙන තණකොළ දිහා..

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” අක්කා..ඔහොම මූන එල්ලන් ඉන්න එපා..මම දන්නවා ඔයා ඔහොම ඉන්නෙ ඇයි කියලා..”

සෙනූ කිව්වෙ ග්‍රෙගරි වැව දිහා බලාගෙන ඉන්න මං දිහා බලලා..

” ඔයා කවදහරි ආදරේ කරලා ඔයාටත් මේ වගේ වුනාම මම දැන් මේ ඉන්න විදිහ ඔයාට තේරෙයි සෙනූ..”

” මට තේරෙනවා අක්කා..දැන් හිතන්න එපා..”

” යමු සෙනූ..අනිත් අය අපි එනකන් බලන් ඉන්නවා..”

ඩෙවිල්ගෙ ලීෂ් එක අල්ලගෙන එයාවත් එක්කගෙන යන ගමන් මම කිව්වා.

සෙනූ එක්ක ශීට් එකේ ඉදගත්තු මම ඩෙවිල්ව එයාගෙ උකුලට දීලා ශීට් එකට ඔලුව තියාගත්තා.

” ආශී…සිංදුවක් පටන් ගන්නකෝ..”

යන ගමන් අරවින්ද අංකල් පිටිපස්ස හැරිලා කියද්දි මම සෙනූගෙ පැත්තට හැරිලා ,

” මම නිදි කියන්න ”
කියලා හෙමින් ඇස් පියාගත්තා.එතකොට අවිරු ශීට් එක අතරින් එයාගෙ අත දාලා මගේ අත අල්ලගත්තා.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷

” ඔය දෙන්නා ඉතින් දැන් ඔහොම මූනු එල්ලගෙන ඉන්න එපා..උඹලට බැරිනම් මම අම්මා එක්ක මේ ගැන කතා කරන්නද ? ”

අයියා ඇහුවේ රෑ කෑමෙන් පස්සෙ අවිරු එක්ක අපේ කාමරේට ඇවිත්.සෙනූ ඩෙවිල්ට බිස්කට් දෙද්දි අවිරු ජනේලෙ වීදුරුවට මූන තද කරගෙන එලිය බලාගෙන හිටියා.

” ඕන්නෑ අයියා..මමම කියන්නම් ”

මම ඇදේ තිබුනු කොට්ටයක් අරගෙන බදාගෙන කියද්දි අවිරු ,

” නෑ ආශි…මම කියන්නම්..ඔයා ඉවසලා ඉන්න..අනික..”

එයා ඉතුරු ටික කියද්දිම රින්ග් වෙන්න ගත්තු එයාගෙ ෆෝන් එක සාක්කුවෙන් අරගෙන ස්ක්‍රීන් එක දිහා බලපු අවිරු අයියගෙ මූන දිහා බලලා කාමරෙන් එලියට ගියා.

” ඔයා හිතන්න එපා ආශි..අම්මා අපි කියන දේ අහන්නෙ නැතිවෙන තරම් දරුණු කෙනෙක් නෙවෙයිනේ..”

අයියා එහෙම කියද්දි මම බැලුවෙ ඩෙවිල් දිහා.සෙනූගෙ උකුලෙම නින්ද ගිහින් තිබුනු එයාගෙ කොලර් එකෙන් ලීෂ් එක ගලවපු මම එයාව අරගෙන ඇදෙන් තියලා එයාගෙ පැනල් රෙද්ද ඇගට දැම්මා.

කාමරේට ආපු අවිරු අයියවත් එක්කගෙන එලියට ගියේ අපිට ගුඩ් නයිට් කියාගෙන.සෙනූටත් නිදියන්න කියලා මමත් උකුලෙ තිබුනු කොට්ටෙ අරගෙන ඇදෙන් තිබ්බා.

6 thoughts on “?ඒන්ජල්? | 53 කොටස | නවකතාව”

  1. මං හිතන්නෙත් ආශිගෙ අම්මා කියන්නෙ අවිරු ගැන කියලා… එහෙම උනොත්නම් හොදයි…. අදත් කතාව ලස්සනයි…

  2. අනිවාර්යයෙන් අවිරුව තමයි ආශිට තෝරලා තියෙන්නෙ.???
    කතාව ගොඩාක් ලස්සනයි.❤️❤️❤️❤️
    All the best ?????

  3. Nirosha Lakmali

    හරිම ලස්සනයි කතාව. අවිරු ගැන වෙන්න ඇති අම්මා කියන්නේ. බාල්දි නම් පෙරලන්න එපා. අවිරුගෙයි අයියගෙයි මොකක්ම හරි රහසක් තියෙනවා. ඒක නම් තාම හිතා ගන්න බෑ. Wish your all the best…

  4. Ruwanthi Lakshani

    Kathawa lassanai ane amma aviruwa thorala nam hodai ashita dukak nam denna apa. Lassana awasanayak ona… best of luck oyata….☺☺☺

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.