Katha Ahura

?ඔහුත් නපුරෙක් ?| කොටස් වශයෙන් පළවන කතා | හත්වෙනි කොටස

5/5 - (1 vote)

 

? ඔහුත් නපුරෙක් ?

………………..හත්වෙනි කොටස……………………….

“හරි..යන්න ගිහින් නිදා ගන්න …උදේම කතා කරමු…”එහෙම කියපු අම්මියි තාත්තියි යන්න ගියේ මාත් මගෙ රූම් එකට යද්දි.

??????අද එතැන් සිට ????????

“ලොකූ…..ලොකූ……ඉක්මනට පහලට එනවා…”

හුටා…වොශ් එකක් දාගෙන නිදාගන්න කියලා ඇඳට ආවා විතරයි…මං හිතුවෙ තාත්තිලා නිදි කියලා…මං ඇවිල්ලත් ටිකක් සෑහෙන වෙලා.. කොහෙද බාත්රූම් එකට රිංගගත්තම සින්දුවක් කියාගෙන ආතල් එකේ හිටියා මිසක් එලියට එන්න ගානකුත් නෑනෙ මට… අනික මේ මොකද මහ රෑ යක්ශාරූඩෙන් වගෙ කෑ ගහන්නෙ තාත්ති…මං ඇඳ උඩට වෙලා කල්පනා කරේ ඒක…

“ලමයා…මගෙ යකා අවුස්සගන්නෙ නැතුව ඉක්මනට එනවා…”

ඒ පාර නම්  නට්ටෙටම තද වෙලා…ඇයි දන්නෙ නෑ…මං එහෙම හිත හිතම පහලට ගියේ ටිකක් බයෙන්…මොකද මේ වගෙ වෙලාවට තාත්ති කෑ ගහන එක ඒ තරම් සුබ දෙයක් නෙවෙයි නිසා..

පහලට යද්දි මං දැක්කෙ තාත්තියි අම්මියි චූටියි…එයාලත් එක්ක ගජසිංහ ඇමති තුමා  ඉන්නවා දැකපු මට හීනියට දාඩියකුත් දැම්මෙ තාත්තිගෙ මූන  තිබිච්ච හැටියට..ඒ තරම් හොද මූනක්නම් නෙවෙයි ….තමීරෝ අද උඹ ඉවරයි…චූටි මගෙ දිහා බලන් හිටියෙ හොද වැඩේ කියන්නා වගෙ බැල්මකින්..මේ මොකද දෙයියනේ වෙන්නෙ…

“ඇ….ඇයි තාත්ති…” මං පැටලි පැටලි වචන ගලපව්වෙ ඇමතිතුමා දිහත් ලාවට බලන ගමන්…

“ඇයි…..ඇයි තමා….කියපන් උඹ අහස් එක්ක ඩිනර් එකට නොයා කොහෙද රිංගුවෙ…”

තාත්ති එහෙම කියලා මගෙ කම්බුලට ගැහුවෙ මාව විසික් වෙලා බිමට ඇදගෙන වැටෙද්දි..

“අනේ මහත්තයා……….”

අම්මි එහෙම කියාගෙන මං ලගට ආවේ අඬ අඬා…කම්බුල් පාරේ සැරට මගෙ ඇස් වලින්  කදුලු බේරුනේ අම්මි මාව නැගිට්ටවද්දි…

“සුරනි…. අයින් වෙනවා ඔතනින්…අපි දරුවො කියලා මේ වගෙ උන්නෙ හදලා තියෙන්නෙ…මෙච්චර දේවල් උන්ට කරලත් අපි වෙනුවෙන් මුන්ට මෙහෙම දෙයක්වත්  කරන්න බෑ…”

තාත්ති කෑ ගහලා එතන තිබ්බ සෝෆා එකෙන් වාඩි වෙලා අත් දෙකෙන් මූන වහගත්තෙ ඇමතිතුමා මං ලගට එද්දි…

“දුව…..මොකද්ද උනේ කියලා අපිට කියන්න…පුතා මාවත් එක්කගෙන මේ මහ රෑ එක්ක ආවෙ කිසිම දෙයක් කියන්නෙ නැතුව…මේ දේවක කියන දේවල් ඇත්තද…ඔයා පුතත් එක්ක ඩිනර් එකට ගියෙ නැද්ද…”

ඇමතිතුමා එහෙම අහද්දි මං අඬ අඬම ඔලුව හෙලෙව්වෙ නෑ කියන්න…වචනයක් වත් කියාගන්න  බැරි තරම්  දුර්වල වෙලයි හිටයෙ මං..

“එයා මොනවා කියන්නද අප්පච්චි….වෙච්ච දේවල් මෙන්න මෙයා කියයි..”

එහෙම කියාගෙන දොරෙන් ඇතුලට ආවෙ උස මහත සුදු ලස්සන කොල්ලෙක්…හැබැයි ඒ මූන තරහෙන් පිරිලා කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් මට ගියේ නෑ…ඒ කියන්නෙ මේ ඉන්නෙ අහස්…ඒ රූපෙ දැක්කම මගෙ හිතත් ගැස්සුනෙ නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්…මං හිතන්නෙ මම දැකපු කඩවසම් පිරිමි රුව…ඒත් එයාට පිටිපස්සෙන් හිටිය කෙනා දැක්කම තමා මට මූත්‍රා බරකුත් හැදුනේ ..

“ග….ගයනි…” මං තටම තටම ගයනිගෙ නම කියද්දි අහස්ගෙ මූනෙ ඇදුනෙ මහා සමච්චල් හිනාවක්…

“ආ….ඔය දන්නෙ ….අන්කල්, දැන් අහගන්න වෙච්ච දේ මෙන්න මෙයාගෙන්…” එහෙම කියලා අහස් ගයනිව තල්ලු කරේ තාත්තියි ඇමතිතුමයි ලගට…

“ගයනි….තමුන් කියනවා මොකද උනේ කියලා…අනික මේකට තමුන් ගෑවුනේ කොහොමද…”

තාත්ති උපරිමෙන් තරහව ඉවසගෙන නැගිටලා ගයනිගෙන් එහෙම ඇහුවෙ කෙල්ලත් බය වෙලා මගෙ දිහා බලද්දි…මේ වෙලාවෙ මං වගේම ගයනිත් අසරනයි..ශික්…ප්ලෑන් සක්සස් වෙලා පැයක් යන්නත් කලින් ගින්න පත්තු වෙයි කියලා කවුද දන්නෙ…අනේ දෙයියනේ මාව බේරන්න…මේතරම් ඉක්මනට ඇයි මාව අහුකලේ….තව දවසක් දෙකක් ගිහින් සීන් එක අහු උනානනම් නරකද…

“එයා දිහා නෙවෙයි ගයනි…මං දිහා බලාගෙන කියන්න…” ඒ පාර නම් තාත්ති ටිකක්  සැර උනා…

“අන්කල්….මේ…මේ…තමීරා …තමීරා මට සල්ලි දීලා කිව්වා අද ඩිනර් එකට අහස් එක්ක ය..යන්න කියලා එ..එයා වගේ….අනේ ..ඒකයි අන්කල් මං ගියේ…ප්ලීස් අන්කල් ප්ලීස්  මට යන්න දෙන්න…මම දන්නෙ එච්චරයි…” ගයනි අත් දෙකත් එකතු කරලා වැඳ වැඳ කිව්වෙ අඬාගෙනම…පව් මං නිසානෙ මේ හැම දේම….

“හරි එතකොට මට කියනවා තමුන්ට අහස් එක්ක යන්න කියලා අපෙ එකී කොහෙද රිංගුවෙ…”

තාත්තිගෙ ඒ වචන ඇහෙද්දි මට හිනා ගියෙ කම්බුලේ වේදනාවත් අමතක වෙද්දි.කොහෙද සිරා මූඩ් එකක ඉන්නම බෑ හිනාව ඉස්සර වෙනවනේ….ඒත් එක්කම තාත්ති ගයනිව අත ඇරලා මගෙ ලගට ඇවිත් අනිත් කම්බුලටත් ගැහුවෙ මං ආයෙමත් විසික් වෙද්දි.. තාත්ති එක්ක හැප්පෙනවා කියන්නෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්. 

ඒ විසික්  වෙච්ච පාරට මාව කවුරු හරි අල්ලගන්නවා දැනෙද්දි මං බැලුවෙ ඒ කවුද කියලා..අහස්……මූ නිසා තමයි මේ සේරම….හිතේ වේදනාවට වගෙම පුපුරු ගහන්න තරම් රිදෙන කම්මුල්වල වේදනාවට ආයෙත් මගෙ ඇස් වලින් කදුලු වැටුනෙ මං දිහා බලන් හිටිය අහස්ගෙ ඇසුත් ගැස්සෙද්දි..ඒත් එයා ඉක්මනට මාව නැගිට්ටුවේ උබට කරන්නම් හොද වැඩක් කියලා වගෙ බැල්මක් දාන ගමන්…

“දේවක….ප්ලීස් ස්ටොප්….ගහලා බැනලා මේ දේවල් විසදන්න බෑ…රිලෑක්ස්…”

ඇමතිතුමා එහෙම කියලා තාත්තිගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ  අම්මියි චූටියි දෙන්නත් පැත්තකට වෙලා අඬද්දි…කොහොම හිටිය පවුල දෙයියනෙ මේ…අහස්…තමුන් නිසයි මේ සේරම…මං කදුලු පිහදගෙන බැලුවෙ අහස් දිහාවෙ..ඒ වෙද්දිත් ඒ ඇස් මං ලග….තමුන්ට හොද පාඩමක් මං උගන්නම්කෝ…බලා ගමු…හිතින් එහෙම හිතන ගමන් පොරට රවලා අහක බලාගත්තා.

“රිලැක්ස් වෙන්නෙ කොහොමද ගජේ …දැක්කා නේද මේකිගෙ නැහැදිච්චකම…මං මෙච්චර දේවල් කියද්දිත් මේකි හිනා වුන ලස්සන…දරුවො කිව්වට මුං සත්තුන්ටත් හපන්…මේ වගෙ එකියකටනේ මං මේ අහස් වගෙ ලමයෙක්  බන්දන්න හැදුවෙ…ඇත්තටම මට සමාවෙන්න……අපි නිසා ඔයාලට අවනම්බුවක් වුනා…”

තාත්ති එහෙම කියලා අත් දෙක එකතු කරේ ඇමතිතුමාගෙන් සමාව ඉල්ලන්න…

“පිස්සුද දේවක…මම මේ දේවල් හිතන්නෙ නෑ වැඩිය…අනික මේ ලමයි තාම පොඩීනේ….ඔය වගෙ දේවල් කරනවා…හරි අපි හෙමීට ගැන කතා කරමු…” එහෙම කියපු ඇමතිතුමා ඊගාවට බැලුවෙ අහස් දිහාවෙ..

“පුතා…මෙන්න මේ ලමයව ගෙදරට ඇරලවලා එන්න… “එහෙම කියලා ඇමතිතුමා ගයනිව පෙන්නුවා..

“මට බෑ අප්පච්චී….ඔන්න ඔහෙ යන විදිහකට  යයි..අනික මහ දුරක් ඈ…අද හවස ඉදන් මට පුදුම වදයක් දුන්නෙ..”

අහස් එහෙම කියලා ගයනිට රැවුවම ගයනි බිම බලාගත්තෙ ලැජ්ජාවටද කොහෙද…පව් අසරනී…මේ දේවල් ඉවර උනාම අද විඳපු දේවල්  වගෙ දෙගුනයක දඩුවමක් මං තමුන්ට දෙනවා මිස්ටර් අහස්..මං තදින්ම එහෙම හිතාගත්තෙ අහස් දිහා බලාගෙන..ගොන් වස්සා…

“පුතා…මේ ලමයා ගෑනු ලමයෙක්..මේ මහ රෑ කෙල්ලෙක් තනියම යන එක හරිද..අනික තමුන්මයි එක්කන් ආවෙත්…යනවා …ගිහින් දාලා එනවා..”

ඇමතිතුමා ටිකක් සැරෙන් කියද්දි අහස්  මූනත් ඇඹුල් කරගෙන එලියට ගියේ ගයනිත් ඒ පස්සෙන් යද්දි..හෙට කෝල් එකක් අරන් ගයනිට සොරි කියන්න ඕන..මං නිසානේ මේ හැමදේම….

“සුරනි නංගි…..කොල්ලා අර ලමයව දාලා එනකන් ඔය ඇඬිල්ල නතර කරලා අපිට බොන්න මොකුත් හදන්න…මහ රෑ උනාට කමක් නෑ…”

එහෙම කියපු ඇමති තුමා හිනා වෙවී ම වාඩි උනේ අම්මියි චූටියි කදුලු පිහදගෙන කුස්සියට යද්දි…දැන් වෙලාව රෑ දොළහයි.. ශික් සැප නින්දක් දාන්න තිබ්බ වෙලාව..

“තමීරා දුව….කෝ මගෙ ලගින් ඇවිත් වාඩි වෙන්න…”

එහෙම කියපු ඇමතිතුමා එයාගෙ ලග තිබුන පුටුව පෙන්නුවම මං බැලුවෙ තාත්ති දිහා….ඒ මූනේ තරහව නම් ටිකක් නිවිලා වගෙ…ඒත් ඇමතිතුමාගෙ මූනෙ මං දැක්කෙ තරහක් නෙවෙයි හරි නිවිච්ච පෙනුමක්..

“කෝ එන්න …එහෙම කියලා ඇමතිතුමා මාව එයා ලගින් වාඩි කරගත්තා…”

මගෙ මූන දෙපැත්තට හරවලා බලපු ඇමතිතුමා බර හුස්මක් පිට කරේ ලොකූ කතාවකට මුල පුරන්න…

“දුව දන්නවද…මගේ වයිෆ් ඉස්සර ඔයා වගේමයි…හරි ලස්සනයි….දුව වගේම හරිම දඟයි…ඒ දැඟලිල්ටමයි මං කැමති උනෙත්…”

එහෙම කියපු ඇමතිතුමා හිනා උනේ ඒ හිනාවට මං වගේම තාත්තිත් එකතු වෙද්දි..

“ඉතින් ඉතුරු ටිකත් කියන්නකෝ අන්කල්…”

කතාව අහන්න තියන ආසාවටම මං එහෙම කියද්දි  අම්මියි චූටියි දෙන්නා එතනට ආවේ තේ හදාගෙන…ඒ දෙන්නා පුදුමෙන් වගේ අපි දිහා බලන් හිටියෙ මෙච්චර වෙලා අඬා දොඩා ගෙන කෑ ගහගෙන හිටිය අය එකපාර හිනා වෙලා ඉන්න නිසා වෙන්න ඇති ….

ඇමතිතුමා අහස්ගෙ අම්මා ගැනයි අහස් ගැනයි කතා කරන්න ගත්තෙ හරි සතුටින්…මට හරියට පුදුමත් හිතුනා..මොකද මං හිතුවටත් වඩා අහස්ගෙ තාත්තා හරි හොද මනුස්සයෙක්..

“දුව දන්නවද…මං දවසක් දුවව දැක්කා පාටි එහෙකදි..එතකොට මං හිතන්නෙ දුවට එච්චර වයස නෑ..දහනවයක් විතර ඇති මගෙ  හිතේ..නේද දේවක…”

ඇමතිතුමා එහෙම කියන ගමන් බැලුවෙ තාත්ති දිහාවෙ..මට පුදුමත් හිතුනා…ඊයෙ කාපු දේ මතක නැති මට අවුරුදු පහකට කලින් වෙච්ච ඒවා මතකැයි…අනික එක පාටියක් යෑ…අවුරුද්දකට කී වතාවක් තාත්තිගෙ බිස්නස් පාටි වලට යනවද…

“ඔව් ඒ වගෙ ඇති මට හිතෙන්නෙ …” තාත්ති තේ එකත් බොන ගමන් එහෙම කිව්වා….

“ඔන්න ඉතින් මං දුව දිහා බැලුවෙ අපෙ අහස්ගෙ අම්මා නිල්මිණි පොඩි කාලෙ වගේ නිසා..ඔහොම ටිකක් බලද්දි තමා මං දැන ගත්තෙ මේ දේවකගෙ දුව කියලා..ටික දවසක් ඉදලා මං දේවකගෙන් ඔයාව ඉල්ලුවෙ  මං වගේම අහස්ගෙ අම්මත් ඔයාට කැමති නිසා…එතකොට ඔයාට වයසක් නෑනෙ  එච්චර…ඒ නිසා තමයි අපි මේක පස්සට දැම්මෙ..ඒ කාලෙම මං අහස්ට ඔයා ගැන කියලා තිබුනෙ රට යන්න කලිශ්..හැබැයි කෙල්ල කවුද කියලා මං පෙන්නුවෙ නෑ..

හුටා…..ඒ කියන්නෙ  ඇමතිතුමා මාව ඒ කාලෙම ලේලි කරගෙන…වෙලාවට මං කොල්ලෙක් එක්ක යාලු නොවුනෙ…එහෙනම් අද තාත්ති නෙවෙයි ඇමතිතුමා තමා මට ගහන්නෙ..

“ඒක නෙවෙයි දුව…අපිට කියන්නකෝ අහස් එක්ක නොයා ඔයා කොහෙද ගියේ කියලා..” ඇමතිතුමා එහෙම ඇහුවම ඇත්ත නොකියා බැරි නිසා මං කතාව කියන්න කට හැදුවා විතරයි…ඒත් එක්කම…..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අද ටිකක් දිග එපිසෝඩ් එකක් ආ දුන්නෙ…????

 

 

 

15 thoughts on “?ඔහුත් නපුරෙක් ?| කොටස් වශයෙන් පළවන කතා | හත්වෙනි කොටස”

  1. හිමා?

    කතාව ලස්සනයි අක්කී?

    තමීරගේ වැඩේ මාට්ටු උනා නේද?
    ඇමතිතුමා හොද නිසා කොහොම හරි වැඩේ ශේප් උනා.

    තමීරා කතාව කියන්න හදද්දී කවුරු හරි ආවවද්ද?ඒ ආවේ අහස් ද?

  2. ඕයේ……?????????????ඔන්න වැඩේ මාට්ටු….??????????????

    නියමයි අක්කියෝ කතාව…සුපිරි………❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඊලග කොටස එනකල් දැන් ඉවසිල්ල නෑ…

    මන් අද්මද කොහෙදෝ මේ කමෙන්ට් එකක් දැම්මේ අක්කිගේ කතාවට…සොරි ඈ…තරහා නෑ නේ…

  3. රිතූ ?

    මං හිතුවා ඔහොම වෙයි කියලා ???

    හැබැයි තාත්තට තිබ්බා එකපාරටම පිට මිනිස්සු ඉස්සරහ එහෙම අත උස්සන්නේ නැතුව වෙච්ච දේ අහලා ඉන්න..??? පව්.. ගුටිත් කෑවා…. හැබැයි ඉතින් එයාම එදා කිව්වනේ ගුටි කන්නත් ලෑස්ති පිට මේක කරන්නේ කියලා ???

    ගයනිත් පව්… මොනවා වුණත් තමීරා කියපු නිසානේ එයා එහෙම කරේ… හැබැයි එක අතකට හොඳ වැඩේ ?? ආයේ කොල්ලෝ එක්ක නටන්න කලින් දෙපාරක් හිතයි ???

    අහස් ???? හයියෝ…. ඔච්චරටම කේන්ති යන්න තරම් ගයනි සුපිරියටම වද දීලා ඒ කියන්නේ ?????? හයියෝ පව් ????

    ඔන්න ඔන්න තමීරා ගේ හිත මෙව්වා වුණා ? ඔන්න ලව් එක පටන් ගන්න යන්නේ ??? ඔය පලි ගන්නවා කිව්වට ඕක කරන්න බෑ ? තමීරා කැමතියි අහස්ට….. අහසුත් කැමතියි තමීරාට ?

    කවුද දැන් කතාවට බාධා කරේ අහස්ද ???

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

  4. අනේ දිසා අක්කේ….. කතාව කියවන්න වෙලාවක් නෑ ?? මට exam නිසා ෆෝන් එක හම්බෙන්නෙත් නෑ???? exam ඉවර වුණාට පස්සෙ කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම් අක්කියෝ…..????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.