Katha Ahura

?ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | අට වන කොටස

5/5 - (1 vote)

?ඔහුත් නපුරෙක් ?

……අටවන කොටස……..

ඇමතිතුමා එහෙම ඇහුවම ඇත්ත නොකියා බැරි නිසා මං කතාව කියන්න කට හැදුවා විතරයි..ඒත් එක්කම..

?????අද එතැන් සිට ??????????

ඒත් එක්කම ගේ ඇතුලට ආවේ අහස්…පොර මන් දිහා බලලා කින්ඩි හිනාවක් දාගෙන  එතන තිබුන සෝෆා එකෙන් වාඩි උනා…

“එයා කොහෙද ගියේ කියන්න මං දන්නවා…මං ම කියන්නද නැත්තන් තමීරා ඔයාම කියනවද…?” අහස් එහෙම කියලා බැලුවෙ මං දිහා…

“පුතා ඔයාම කියන්න..මේ ලමයව මට දැන් පොඩ්ඩක්වත් ශුවර් නෑ…කෙල්ලෙක් කරන වැඩද මේ…”

තාත්ති එහෙම කිව්වෙ මට රවලා..තාම ඒ තරහා නිවිලා නෑ වගේ..ඉබේම මගෙ අත් ගියේ කම්බුල් දෙකට. ශී…සෑහෙන කාලෙකින් මෙහෙම කෑවේ..ඒකත් මේ පොල් බූරුවා ඉස්සර…

“හරි එහෙනම් අහගන්නකෝ..මෙයාගෙ යාලුවාගෙ බර්ත් ඩේ එක අද..ඒ නිසා මෙයා අර ගර්ල් එක්ක එකතු වෙලා ප්ලෑනක් ගැහුවා මං එක්ක අර ගර්ල් තමීරා විදිහට යවන්නත් අපි ගිහාම මෙයා පාටි එකට යන්නත්..ඊටපස්සෙ අපි එන්න කලින් මෙයා ගේට් එක ලගට වෙලා ඉදලා මං අරයා බැස්සුවම තමීරා මං එක්ක ආව විදිහට අර කෙල්ලව යවලා ගෙදර ආවා…ඔන්න ඔච්චරයි..මං හරි නේද තමීරා..”

අහස් මහා චාටර් විදිහට බලද්දි ඇමතිතුමා මහ හයියෙන් හිනා වුනේ මං ටිකක් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉද්දි…

“හහ් හහ්  ..දුවත් මාරයිනේ ආ…මාර ප්ලෑන් තමා මේ කෙල්ලත් ගහන්නෙ…”

ඇමතිතුමා හිනාව අතරින්ම එහෙම කියද්දි මං පූස් බැල්මෙන් බැලුවේ අනිත් අය දිහාවෙ…චූටි අතින් කටත් වහන් හිනාවෙනවා..අම්මි කම්බුලට අතත් තියන් බලන් ඉන්නවා…තාත්ති රකුසු බැල්මෙන්..අහස් මහා චාටර් හිනාවක් දාගෙන..ඇමතිතුමා විතරයි හිනා මූනෙන්..මම එහෙමම බිම බලාගත්තෙ වෙච්ච ලැජ්ජාවට..ශී..පිට අය ඉස්සරහා මෙහෙම ලැජ්ජා උනාමයි..

“පුතා…ඔයා කොහොමද මේ දේවල් දැනගත්තෙ..මං කියන්නෙ තමීරා නෙවෙයි ඔයා එක්ක හිටියෙ කියලා…”

හිස් කෝප්පයත් මේසෙ උඩින් තියන ගමන් තාත්ති ඇහුවෙ මගෙ හිතෙත් තිබ්බ ප්‍රශ්නයක් ..සිරාවට කොහොම මේ සෙවල හිපාටුවා මේක දැනගත්ත ද මන්දා…මම අහස් දිහා රවාගෙන බලන් හිටියෙ පොර මං දිහත් බලලා කතාව පටන් ගද්දි..

“මේකනෙ අංකල්, මුලින්ම තමීරා විදිහට අර ගර්ල් නැංගම මට ටිකක් පුදුම හිතුනා..එයාගෙ ඩ්‍රෙස් එක කතා කරපු විදිහට මට හිතාගන්න බැරි වුනා මේ තමීරමද කියලා.. තාත්ති කියපු විදිහට අංකල්ගෙ පවුලම ගොඩක් ඩීසන්ට්…එහෙම එකේ මේ කෙල්ල මේ විදිහට ඉද්දි මට  තරහත් ගියා..අපි ඩිනර් එකට ගියාට පස්සෙත් ඒ කෙල්ල මගෙ කරේ විතරයි නැග්ගෙ නැත්තෙ..”

අහස් මූනත් ඇඹුල් කරගෙන කියද්දි මට හිනා යන්න ආවත් මං අමාරුවෙන් ඒක නතර කරගත්තෙත් තවත් කට්ටිය ඉස්සරහා තාත්තිගෙන් බැනුම් අහන්න බැරි නිසා .හොඳ වැඩේ මුට..මං හිතින් හිතන ගමන් අහස් දිහාවෙ බැලුවෙ එයා ආයෙම කතාව පටන් ගද්දි..

“පස්සෙ ඩිනර් එකට ගිහින් මං ඒ ගර්ල්ව එතන තියලා වොෂ් රූම් යන්න යද්දි මෙහෙ ඉන්න මගෙ යාලුවෙක් ව මීට් වුනා..අංකල් දන්නවත් ඇති නිතින් පලිහවඩන කියලා බෝයි කෙනෙක්ව..” අහස් එහෙම කියලා බැලුවෙ තාත්ති දිහාවෙ..

“ආහ්…මොකද මම නොදන්නෙ…ඒ ලමයව මම දන්නවනෙ..සුරනි….ඔය කියන්නෙ අර මිස්ටර් පලිහවඩනගෙ පුතා..අපිට ඔය ලමයව නිතර හම්බවෙනව පාර්ටීස් වලදි..” තාත්ති එහෙම කියන ගමන් අම්මි දිහාත් බලලා ඇමතිතුමයි අහසුයි දිහා බැලුවා..

“ඉතින් මොකද වුනේ පුතා…” ඒ ඇහුවෙ ඇමතිතුමා..

“පස්සෙ මම ආව කාරනෙ කියද්දි නිතින් හිනාවුනා..මට කිව්වා ඔය ඉන්නෙ දේවක අංකල්ගෙ දුව තමීරා නෙවෙයි කියලා ..අර හිටපු ගර්ල්ගෙ විස්තරත් මට කිව්වා….නිතින් ගියාට පස්සෙ මම මොකුත් නොදන්න ගානට අර ගර්ල් එක්ක හිටියා..පස්සෙ මම අර ගර්ල්ව බස්සවලා ටිකක් ඉස්සරහට ගිහින් බලන් හිටියා මොකද වෙන්නෙ කියලා..ටිකක් ඈතින් නතර කරපු නිසා මට එතන වෙච්ච දේ හරියට පෙනුනෙ නෑ..හැබැයි කැබ් එකකට කවුරැ හරි නගිනවා දැක්කා..මම ආයෙම ඒ කැබ් එක ෆලෝ කරා..එතකොට මම දැක්කා මං එක්ක හිටිය ගර්ල් බැහැලා ගෙදරකට යනවා..සිද්ද වෙච්ච දේ හිතාගන්න බැරුව මම පුදුම තරහකින් හිටියෙ…සෝ සොරි අංකල්..ඒ වෙලාවෙ මම ඔයා එක්කත් තරහෙන් හිටියෙ..මට හිතුනෙ ඔයාලා අපි රැවැට්ටුවා කියලා..ඒ නිසා තමයි මම තාත්තිවත් අරන් මෙහෙට දාලා අර ගර්ල්ව ගේන්න ගියේ..එයාගෙන් තමා මෙයා ගිය තැන මම දැනගත්තෙ…”

එහෙම කියලා අහස් බැලුවෙ මං දිහා..ඒ වෙලාවෙ ඒ ඇස් වල තිබ්බ දේනම් මට තේරැම් ගන්න අමාරැයි. මොනා උනොත් මූ මාර යකෙක්නෙ.අනික අර නිතින් කියන එකා..මොන හිපාටුවෙක්ද ඒ…ආවා මෙතන තමීරගෙ ඇත්ත නැත්ත හොයන්න…අහු වෙයිනේ…තව දවස් දෙක් තුනක්ම පහු වෙලා මේක උනානම් මොකද..ශික් …ජයග්‍රහණයේ විජයග්‍රහණය සමරන්නවත් මූ දුන්නෙ නෑනේ..මම අහස්ට රවන ගමන් හිතුවා… 

“පෙනේද මේ ලමයගෙ වැඩ මහත්තයා…හම ගහන්න තියෙනනෙ..අර ලමයට අසනීපයි කියලා ගෙදරින් ගිහින් කරලා තියෙන වැඩ....” තාත්තිගෙන් වචනයක් බලාපොරොත්තු උනත් පලවෙනියට කට ඇරියෙ අම්මි..

“ඒක තමා සුරනි…මේ ලමයා නිසා චූටිත් නරක් වෙයි ද දන්නෙ නෑ “..

තාත්ති එහෙම කියද්දි චූටි හොර පූසි වගෙ හිනා වුනෙ  මට තරහා යද්දි…තාත්ති දන්නවනම් මේකි මටත් වඩා පැහිලා කියලා ඔය කතා කියන්නෙ නෑ..හිතින් හිතුවා විතරයි මම…කටින් කියන්න ගියොත් මට කටක් ආයෙ ඉතුරැ වෙන්නෙ නෑ…ගහපුවගෙ රිදිලා තාම එහෙමම…ඉබේම මගෙ අත් ගියේ කම්බුල් දෙකට.

“රියලි සොරි පුතා…ඔයා අපි ගැන තරහා ගන්ත එක ගැන  පුදුම වෙන්නත් බෑ..මේ වගෙ දෙයක් වෙද්දි ඔයා එහෙම හිතන එක සාධාරණයි..”

තාත්ති දුකෙන් එහෙම කියද්දි නම් මට හිතුනෙම තාත්ති ව බදාගෙන අඬන්න..එයා මේ වගෙ කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕන කෙනෙක් නෙවෙයි…ඒකත් මං නිසා..මම නම් මහ නරක කෙල්ලෙක්..හිත පුරාවට වැරුද්දක් කරා කියන හැඟීම වෙලා ගද්දි ඇස් වලට ආව කඳුලු කාටත් නොපෙන්න මං පිහා ගත්තා…මොනා උනත් ආයෙනම් අම්මිවයි තාත්තිවයි රිද්දන්නෙ නෑ..මං මටම පොරොන්දු උනා..

“හ්ම්….දරුවො ඔහොම තමා දේවක…වයසින් ලොකු උනත් මුන් තාම පොඩි ලමයි..” එහෙම කියපු ඇමතිතුමා හිනා උනා..

“ඒකනම් එහෙමයි…ඒත් අද මේ ලමයා කරේ හොද වැඩක් නෙවෙයි…අද ඔතන ඔයාලා නැතුව වෙන අය හිටියනම් මීට වඩා තත්වෙ වෙනස් වෙන්න තිබ්බා..ගජේ…අහස් පුතා…ඔයාලට කැමති තීරනයක් ගන්න…මේ ලමයව අපි ඔයාට යෝජනා කරාට මට හිතෙනවා දැන් තමීරව පුතාට ගැලපෙන්නෙ නෑ කියලා..මොකද පුතා හොද දරැවෙක්..”

තාත්ති එහෙම කියලා නැගිටලා ගිහින් අහස්ගෙ ඔලුව අත ගෑවා…හිතනම් රිදුනා මගෙ හොදටම…තාත්තිට මට වඩා පිට එකෙක් ලොකු වෙලා..හිර කරන් හිටපු කඳුලු එලියට ගලාගෙන එනකොටම ඉකියක් පිට වුනේ  අනික් අයත් මං දිහා බලද්දි..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වැඩේ දෙල් උනා නේද ලමයි…පවු තමීරා?

 

 

24 thoughts on “?ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | අට වන කොටස”

      1. තැන්කූ රිතූ?…අලුත් නැහැ අනේ…ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවෙ හැබැයි …?

      1. තැන්කූ ලකී?…මන් ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවේ අද…මන් හිටපු දවස්වල නම් ඔයා උන්නෙ නැහැ …ඒ නිසා දන්නේ නැතුව ඇති ?

  1. රිතූ ?

    අනේ පව් තමීරා ???

    අහස්ට දුක හිතේවි නේ මෙයා අඬනවා දැක්කම ??

    සැක් නිතින් තමා එහෙනම් වැඩේ කාලා තියෙන්නේ ????

    අහස් පව් අප්පා ???? ගයනි හොඳට වද දීලා වගේ ???????

    තාත්තත් පව්… තමීරා කරපු දේ නිසා එයා කොච්චර අසරණ වෙන්න ඇතිද? ???

    චූටි නම් නරක් වෙන්න දෙයක් නෑ…. එයා තමීරාට වඩා නරක් වෙලා ඉවරයි ????

    අනේ ඊළඟ කොටස ඉක්මනට කියවන්න ඕනි ?? බෝනස් කොටසක් දෙන්න බැරි වෙයිද දන්නෑ ??

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

  2. රිතූ ?

    මලීගේ උපන්දිනය කවදද ???

    ඔයාගේ ඔක්කොම කමෙන්ට්ස් පෙන්ඩින් නේ ???

    1. රිතූ ?

      හප්පොච්චියේ මලී අක්කෙක් ?? සොරි වෙන්න ඕනි නම කියලා කතා කරාට…

      උපන්දිනය දවස? ???

      අක්කට වෙන account එකකින් එන්න බැරි වෙයිද? අක්කගේ ඔක්කොම කමෙන්ට් පෙන්ඩින් නිසා කමෙන්ට් බොක්ස් එකේ පෙන්නන්නේ නෑ ???

  3. Good morning කස්ටිය……..මලී කියලා කෙනෙක් මට පෙන්නේ නැනී…….??????ඈ?‍♂️

    1. රිතූ ?

      ගුඩ් මෝනින් පිනෝ. ?

      එයා invisible ??? එයාව පේන්නේ විශේෂ හැකියාවන් තියෙන අයට විතරයි පිනෝ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.