Katha Ahura

? ඔහුත් නපුරෙක්?| කොටස් වශයෙන් පළවන කතා| එකොළොස් වන කොටස/ නවෝද්‍යා දිසානායක

5/5 - (2 votes)

? ඔහුත් නපුරෙක්?

………. එකොළොස් වන කොටස……

“ආ…ඔයා දන්නවද යසී බබා…අද එක්කෙනෙක්ට මාර වැඩේ උනේ.. “

කෑම කාලා ඉවර වෙලා ටිකක් එහෙට මෙහෙට වෙවී හිටිය මං රූම් එකට යන්න යද්දි මට ඇහුනෙ චූටිගේ කට හඬ .. කැකිරි පල පල යසිත් එක්ක කතාව..කෝකටත් කියලා මං ටිකක් නතර වෙලා අහන් හිටියෙ මේකි මොනවද කියන්නෙ බලන්න..

“ඔව්…ඔව්…පව් අනේ …එයා හිතන් ඉන්නේ තාත්ති ඒක එයාට ගෙනාවා කියලා…හි හී….”

මේකි හැක හැක ගගා කියවනවා…” යකෝ තමීරා..ඒ උඹ ගැන කියන්නෙ…තව ටිකක් සායම යවන්ට කලින් ඉක්මනට පලයන්..” හිතෙන් මටම කියනකොට මං ඉක්මනට දුවගෙන ගිහින් චූටිගේ කනේ තිබ්බ ෆෝන් එක උදුරන් බැලුවෙ ඇත්තටම යසිත් එක්ක කෝල් එකකද කියලා බලන්න….

“හූ…හූ…රැවටුනාද මගෙ අක්කා….”

හැක හැක ගගා හිනා වෙවී චූටි එහෙම අහනකොටනම් මට සැනසුම් සුසුම් හෙලුනෙ …වෙලාවට මේකි යසිත් ට කියලා නෑ..මොනා හරි දෙනවා කියලවත් ශේපක් දාගන්න ඕන..නැත්තන් මට වෙන්නෙ නිරුවත් වෙන්න උනා වගෙ වැඩක්..මොකද යසිත්ගෙ කට ආය චූටිගෙ කටට හපන්..

“චූටි….මේ…. වඳින්නම් යසිත්ට කියන්න එපා ඕයි…තමුසෙට මොනවද ඕන කියනවා ..කීය උනත් කමක් නෑ අරන් දෙන්නම්..මං  කොහොමත් හෙට විනූ එක්ක ශොපින් යන්න ඉන්නෙ”.

බටර් පාරක් ගාන ගමන් මං එහෙම කියද්දිනම් මේකිගේ මූන එලිය වැටුනා….දැන් ඉතින් හෙට මගෙ සල්ලි ඉවර වෙයිද දන්නෙ නෑ..මොකද එක දෙයක් ඉල්ලලා සෑහිමකට පත් වෙන එකියක් නෙවෙයිනෙ…

“ආ….එහෙමද…. ඉන්නවා පොඩ්ඩක්  හෙට ඇඳන් යන්න එකක් තියනවද බලන්න..”

එහෙම කියලා චූටි එයාගෙ අල්මාරිය ඇරලා තිබ්බ ඇඳුම් තෝරන්න ගත්තා…

විනාඩි දෙක තුනක් ගියාට පස්සෙ අල්මාරිය වහපු චූටි ආයෙම හැරුනෙ මං දිහාවට…

“ලොකූ…ඇඳපු නැති එකක් නෑ. .හැම එකම ඇඳලා…තමුසෙ හෙට ගන්න හැම එකකින්ම   මටත් ගේනවා…මට හිතෙන්නෙ හෙට පාටි එක එසේ මෙසේ කෙනෙක්ගෙ වෙන්න බෑ..ඒ හන්දා වෙනදට වඩා හොඳට යන්න ඕනෙ..”

එහෙම කියලා චූටි ඇඳෙන් වාඩි උනා…දැන් ඉතින් හෙට හොඳ බිලක් එයි…මටත් හොඳ වැඩේ…මාලුවා නහින්නෙ කට හින්දා කියනවා වගේ වැඩක් මටත් උනේ…ඔලුවත් වනලා මගෙ රූම් එකට යන්න හැරුන මම ආයෙම චූටි දිහාවට හැරුනෙ දෙයක් මතක් වෙලා..

” මේ චූටි…තමුසෙ කොහොමද දන්නෙ හෙට පාටි එකේ අයිතිකාරයා එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි කියලා..”

“නෑ ඉතින් බලනවා…අර වොච් එකේ ප්‍රයිස් එක….ඔය වගේ වටින දෙයක් දෙනවා කියන්නෙ ඒ මනුස්සයා හෙන පොරක් වෙන්න ඇති.  නැත්තන් තාත්තිට පිස්සුයෑ එච්චර ගානක දෙයක් දෙන්න..”

චූටි එහෙම කියද්දි තමයි මටත් තේරුනෙ…යකෝ මේකිගෙ තාර්කික මොලේ. ශී…ශී….  මටත් නෑනෙ යකෝ ඒ වගෙ මොලයක්…චූටිගෙන්වත් ඉගෙන ගන්න ඕන..එහෙම හිතන ගමන් මාත් මගෙ රෑම් එකට ගිහින් අර වොච් එක තිබ්බ බොක්ස් එක ලස්සනට රැපින් කරේ පුදුම ලෝබකමෙන්..

……………………………………………………

“මේ….අන්න අර ෆ්‍රොක් එක මරු…චූටිටයි උඹටයි එකම කලර් එකෙන් ගනින්…”

පහුවදා උදේ දහයට විතර විනුයි මායි ආවේ ශොපින් කරන්න…චූටිවත් යුනිවර්සිටි එක ලඟින් දාපු අපි දෙන්නා කෙලින්ම ගියෙ ලොකු ශොපින් මෝල් එහෙකට..පාටි එකට අඳින්න ඇඳුම් තෝරන අතරෙ තමා විනූ ඒ අතරෙ තිබ්බ බ්ලැක් ඇන්ඩ් වයිට් මික්ස් වෙච්ච දිග ෆ්‍රොක් එකක් පෙන්නුවේ…

” වාව්….ඒකෙ ලස්සන..”

අතේ තිබුන වොලට් එක විනූට දීලා මං ෆ්‍රොක් එක තිබ්බ තැනට දිව්වෙ පුදුම සතුටකින්…ඒත් ඊලඟට  දුවගෙන ගියා විතරයි මට මතක…ඊලඟ පාර මං හිටියේ  කාගෙ හරි අතක් උඩ….ශේප් එකේ එක ඇහැක් ඇරලා මං බැලුවෙ ඒ කෙනාගෙ මූන දිහා..

“හායි ඒන්ජල්…. ” 

ඒ කෙනා එහෙම අහද්දි තමා  මං ඇස් දෙක ඇරලා හොඳට ඒ මූන දිහා බැලුවෙ..

“ආකාශ්…..” 

ඉබේටම මගෙ කටින් එහෙම කියවෙද්දි ආකාශ් හරි ලස්සනට හිනාවුණා..

“අඩෝ තමීරා….උඹට අවුලක් නෑ නේද “

විනූ එහෙම අහගෙන එතනට එද්දිම තමයි මං ආකාශ්ගෙන් ඈත් උනේ…එතකොට තමයි මං හරියට මූව දැක්කෙ…යුනී එකේ හිටිය කාලෙටත් වඩා මේකා හැන්ඩි වෙලානෙ…මොහොතකට මං ආකාශ්වයි අහස්වයි කම්පෙයා(ර් ) කරන්න ගත්තෙ කවුද මුන් දෙන්නගෙන්ම හැන්ඩි කියලා බලන්න..ම්හු….වෙනසක් නෑ… දෙන්නම එක වගේ හැන්ඩියෝ….කාටද ඉතින් ආඩම්බර… හ්ම්…

“යකෝ තමීරා…..උඹ සිහියෙන්ද ඉන්නෙ…අරූ දිහා බලාගෙන භාවනා කරනවද ?”

මං  මනෝ ගහන අතරේ  විනූ මගෙ අත කොනිත්තලා එහෙම අහද්දි තමා මං මනෝ ලෝකෙන් බැස්සෙ..ශැක්..ලැජ්ජාව ටැංකියෙන් එකයි…මං මෙච්චර වෙලා මූ දිහා බලාගෙන ඉඳලනෙ…මේකා හිතුවද දන්නේ නෑ මං උට වශී වෙලා කියලවත්.

“කොහෙද මේ ඉදිකට්ට පස්සෙ නූල යනවා වගේ දෙන්නා යන්නෙ..”

විනූගෙයි මගෙයි සද්දයක් නැති තැන ද කොහෙද ආකාශ් කතා කරන්න ගත්තෙ…

“ශොපින් මෝල් එහෙකට එන්නෙ ඉතින් ශොපින් කරන්න මිසක් කෝප්ප හෝදන්නයෑ…නේද බං…”

මං එහෙම කියද්දි ආකාශ්ට එහා පැත්තෙන් රෙදි තෝර තෝර හිටිය ග(ර්)ල්ස්ලා  දෙන්නෙක් හිනා උනේ  අකාශ්ගෙ මූන රතු වෙද්දි…”යකෝ තමීරා….හරියට කතා කරපන් යකූ….” මගෙ හිත මට අන කරද්දි මං ආයෙත් ලස්සන හිනාවක් ආකාශ්ට දාලා බැලුවෙ විනූ දිහා..ඒත් ඒ වෙනකොටත් ඒකි ඇස් ලොකු කරන් බලන් හිටියෙ වෙන පැත්තක්..මහසෝනා ගහලා වගේ මේකි බලන් ඉන්නෙ මොකක් දිහාද කියලා බලන්න මාත් ඒ පැත්ත හැරුනා..

“අහස්….”

අපිට ටිකක් එහාට වෙන්න තවත් බෝයි කෙනෙක් එක්ක ඇඳුම් තෝරන අහස් දිහාවෙ බලාගෙන  මං එහෙම කියද්දි විනූ එක පාරට හැරුනෙ මං දිහාවට…

” උඹ ඒ බෝයිව දන්නවද? ”

විනූ එහෙම අහද්දි මං ඔලුව වැනුවෙ ඔව් කියන්න.. අහේතුකව අහස්ව දැක්කා විතරයි මගෙ හදවත ගැහෙන්න ගත්තෙ පුදුම වේගෙන්..තාමත් අපි ඉන්නවා අහස් දැක්කෙ නැති නිසා මං විනූවත් එක්කර ගෙන අර ගවුම ලඟට ගියෙ විනූ තව මොකක් හරි කියන්න කට අරිද්දිම…

“පාටි එකක්ද….? ”

මං විනූ පෙන්නපු ෆ්‍රොක් එක අතට ගද්දි  ආකාශ් ඇහුවමයි මටත් මතක් උනේ  ආකාශුත් අපි ලඟ කියලා..

“ආහ් ඔව් ආකාශ්…අද පාටි එකක්…මං මේ ෆ්‍රොක් එක බලන්න එද්දි තමයි ඔයාගෙ ඇඟේ වැදුනෙ…සොරි ආකාශ්…මම දැක්කෙ නෑනෙ…”

ඉස්සෙල්ලා කතා කරපු විදිහත් හරි නැති නිසා මං ආකාශ් එක්ක හොඳට කතා කරන්න ගත්තෙ මොනා උනත් ඒ මගෙ යුනිවර්සිටි එකේ හිටිය කෙනෙක් නිසා..

” ඉට්ස් ඕකේ ඒන්ජල්…ඒක නෙවෙයි. ඔය ගවුම ඔයාට ලස්සනයි…කලර් එකත් නියමෙට මැච්…ඒ නිසා ඕක ගන්න…”

ආකාශ් එහෙම කියද්දි මං ඔලුව වනලා ඒ ෆ්‍රොක් වර්ගෙන්ම ඒ කලර් එකෙන්ම තව එකක් ගත්තෙ චූටිට..ෆ්‍රොක් දෙකක්ම ගත්ත නිසා ද කොහෙද ආකාශ් මූනත් අමුතු කරන් බලන් හිටියෙ…

” මේක අපෙ චූටිට…” මං එහෙම කියද්දි ආයෙම  ආකාශ් හිනා උනා..

“ඒන්ජල්…..කාලෙකින්නෙ මීට් උනේ අපි…..මොනාහරි බොමුද..අද මං ගානෙ…මොකද කියන්නෙ…”

ආකාශ් එහෙම කියද්දි මං බැලුවෙ සද්දයක් බද්දයක් නැති විනූ දිහා…මේකි තාම අර අහස් හිටිය දිහාව බලාගෙන…අනේ මන්දා මෙහෙමත් එකියක්…ඔච්චර බලන්න තරම් මොනාද දන්නෙ නෑ සෙවල පෙඳෙයියගෙ තියෙන්නෙ..මං එහෙම හිතන ගමන් පෑගුවෙ විනූගෙ කකුල…ආකාශ් හිතනවද දන්නෙ නෑ අපි කොල්ලො දැකලා නැ කියලා..

” ආව්ව්………..”

විනූ ටිකක් සද්දෙට කෑ ගහද්දි ඇස් කොනෙන් මං දැක්කෙ අහස් අපෙ පැත්තට හැරෙනවා…මං අහස්ව නොදැක්ක ගානට විනූවත් එක්කන් ආකාශ්ගෙ පස්සෙන් යන්න ගියේ කොෆි ශොප් එකට යන්න..තවත් බඩු ගන්න තියන නිසා ෆ්‍රොක් දෙක ශොප් එකේ වැඩ කරන කෙනෙක්ට දුන්නෙ ඒක වෙනම අයින් කරලා තියන්න කියන ගමන්.. නැත්තන් ඉතින් ආයෙ එන ටිකට ඕක අන්තරස් දාන උනොත් එහෙම කොහෙන් හොයන්නද..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

 

 

 

 

 

26 thoughts on “? ඔහුත් නපුරෙක්?| කොටස් වශයෙන් පළවන කතා| එකොළොස් වන කොටස/ නවෝද්‍යා දිසානායක”

  1. රිතූ ?

    කවුද බොලේ ආකාෂ්??? ඕක නම් අහස්ව තවත් කේන්ති ගස්සන වැඩක් තමා ?

    අහස්, ආකාෂ් ? එක වගේ නම් දෙකක්… එකම තේරුම තියෙන්නේ
    අපේ දඟ පවුලේ දෙනෙත්(ඩොකා අයියා), දෙනුවන් (සිරිමත්) වගේ ???? එකම තේරුම තියෙන නම් දෙකක්
    සහෝදරයෝ ද දන්නෑ ??

    අඩේ විනූට මොකෝ වෙලා තියෙන්නේ ? අහස් ගැන හිතක්වත් පහල වෙලාද ??? අනේ එහෙම නම් වෙන්න එපෝ…. අහස් තමීරාගේ ?

    මොනවා වෙයිද මන්දා ??

    කතාව ගොඩක් ලස්සනයි දිසා අක්කේ ❤

      1. රිතූ ?

        අප්පටසිරි ???? ඔව්මයි කවියෝ ???? ඔයා දැන් කිව්වම මට මතක් වුණේ ?????

        ආක්ෂා කිව්වේ දිසා අක්කේ…. අර “සඳ අයිති අහසට “, ” ක්‍රොස් මයි හාර්ට් ” කතා ලියපු අක්කා….. ඒ කතා දෙකෙන් ඉන්නවා නේ අහස් , ආකාෂ් දෙන්නෙක් ????

        1. රිතූ ?

          හත්තික්කේ කවී ??‍♀️ එයා ආක්ෂා නෙමේ ? ආශ්කා…. මටත් ටැපලුණා?

  2. කතාව හුඟාක් ලස්සනයි දිසා අක්කියෝ….. තරහ වෙන්න එපා පොඩි කමෙන්ට් එකක් කියලා…. නිදහසක් ලැබුණු ගමන්ම දිගම දිග කමෙන්ට් එකක් දාන්නම්……

  3. Hi ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????☕????????????????????????
    Don’t touch my food

    Hi everyone how are you ????????????

    1. රිතූ ?

      අප්පටසිරි මිදි මලයා ??? කොහොමෙයි බොල… කාලෙකින් මේ පැත්තේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.