Katha Ahura

? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දොළොස් වන කොටස

5/5 - (1 vote)

? ඔහුත් නපුරෙක්?.

……………… දොළොස් වන කොටස………….

“මේ….උඹ අර අහස් කියලා කිව්ව කොල්ලව දන්නවද ? “

ආකාශ්ගෙන් සෑහෙන ගානක කාලා බීලා කතා කර කර ඉඳලා ගන්න තිබ්බ බඩුත් අරන් මායි විනුයි එන්න ආවෙ හවස තුනටත් කිට්ටු වෙන්න ආව නිසා…එන අතරමග විනූ මගෙන් එහෙම ඇහුවෙ අමතක වෙලා හිටිය සෙවල පෙඳෙයියව මතක් කරද්දි..

“මොකද යකෝ මම නොදන්නෙ…ඌ තමා ගජසිංහ ඇමතිතුමාගෙ පුත්‍ර රත්නය..කෙටියෙන් කියතොත් අපෙ තාත්ති මාව බන්දන්න ගියේ ඔය හිපයියට තමා.යකෝ උඹට නම මතක නැද්ද උගේ….”

වාහනෙත් ඩ්‍රයිව් කරන අතරෙ එහෙම කියලා මං බැලුවෙ විනූ දිහාව..ඇස් ටොම්බ සයිස් කරන් බලන් ඉන්න විනූව දැක්කමනම් මට හිනා යන්න ගත්තෙ පුදුම විදියට… ටිකක් වෙලා එහෙම හිටිය විනූ ලඟ තිබ්බ වතුර බෝතලෙ අරන් වතුර උගුරු ටිකක් බොන්න ගත්තෙ මගෙ හිනාව තව තවත් වැඩි වෙද්දි..

“හම්මෝ ..සීරියස්ලි ඒ ඌද ..යකෝ පොරගෙ ලස්සන..මට හිතා ගන්නත් බෑ…යකෝ එහෙම පොරවල් ලංකාවේ ඉන්නවද…මට ආකාශ්වත් අමතක උනා බං අරූව දැක්කම…”

විනූ නිකං පිස්සු හැදිච්ච එකියක් වගේ කියවනව..මේකිගෙ වෙන්ඩ හබියවත් දැනගත්තොත් එහෙම තමයි වැඩේ..

” අනේ මේ…. අහස් වගේ තමයි බං ආකාශුත්…හිටියටත් වඩා ඌත් හැන්ඩි වෙලානෙ…”

“ඒ උනාට යකෝ අහස් ලස්සනයි අරූට වඩා…” බ්ලා ….බ්ලා….බ්ලා…..

ගෙවල් ලඟටම එනකන් විනූගෙයි මගෙයි වැඩේ අහස්ගෙයි ආකාශ්ගෙයි ලස්සන ගැන කියවන එක…විනූවත් උන්ගෙ ගේ ලගින් බස්සපු මං හැටට හැටේ  පෑගුවෙ අපෙ ගෙවල් දිහාවට..

……………………………………………………….

“ඇස්වහක් වදින්න එපා මගෙ කෙල්ලො දෙන්නට…බලන්නකෝ දෙන්නගෙ හැඩ..හරියට ටුවින්ස්ලා වගේ ..”

හවස පාටියට යන්න ලෑස්ති වෙලා මායි චූටියි පහලට බහිද්දි අම්මි ඇවිත් අපි දෙන්නව තුරුලු කරගත්තෙ හරි ආදරෙන්.  කාලෙකට පස්සෙ තමයි අපි ඔක්කොම මෙහෙම එලියට යන්නෙ…චූටිත් මගෙ ගානම නිසා අද දෙන්නගෙම පෙනුම ගොඩක් ම එක වගේ…දෙන්නම එකම හෙයාර්ස්ටයිල් එකත් දාගෙන නිසා ඇත්තටම අපි දෙන්නා ටුවින්ස්ලා වගේ තමා පෙනුණෙ..

“ආහ්…..අපි විතරද…ඇයි අම්මිත්  කෙල්ල වගේ ඉන්නෙ..නේද චූටි…”

මං එහෙම කියන ගමන් අම්මිගෙ කම්බුලක් මිරිකව්වෙ අම්මි ලැජ්ජාවෙන් බිම බලාගද්දි…

“ආහා…… එයාලා විතරද….අපිත් හෙන හැන්ඩි කොල්ලො තමා නේද තාත්ති….”

එහෙම කියාගෙන අපි ඉන්න තැනට තාත්තිත් එක්ක ආවෙ යසිත්.  යකෝ මූත් යන්වද….මදැයි කොල්ලෙක්ට සීන් දාන්නම් කියලා හිතා ගත්තා…මූ දැන් බොඩිගාඩ් වගේ අපෙ පස්සෙන් කැරකෙයි ශුවර් එකට…

“අනේ යසී බබා ඔයත් යනවද…” චූටි හෙන හැපි එකේ ගිහින් යසිත්ගෙ අතේ එල්ලුනා…

“නැතුව නැතුව…මම නැතුව එහෙම යනවද ..නේද තාත්ති..” යසිත් එහෙම කියන ගමන් බැලුවෙ තාත්ති දිහාවෙ .

“ඒකනෙ පුතා….ඔයත් අපෙ පුතානෙ…දැන් යන් නේද…තවත් පරක්කු වෙන්න බෑ..ලොකූ අර ගිෆ්ට් එක ගන්න..සිරියා…කෑම කාලා නිදා ගන්න…අපි එනකන් ඉන්න ඕන නෑ …” එහෙම කියපු තාත්ති අම්මිත් එක්ක එයාගෙ කා එකේ යන්න ගියේ අපිට යසිත් එක්ක එන්න කියන ගමන්….

………………………………………….

ශ්‍රැංගිලා එකේ තමා පාටි එක තියනවා කිව්වෙ…කා එක පාක් කරලා අපි තුන් දෙනත් තාත්තියි අම්මියි එක්ක එකතු උනේ වට පිටාවෙ ලස්සන ගැනත් විග්‍රහ කරන අතරෙ…ඒ තරම් ලස්සනට හෝල් එක  සරසලා…

“ඒයි චූටි…තමුසෙ කියපු කතාව ඇත්ත ඕයි.. බලනවකො හෝල් එකේ ලස්සන..වෙඩින් එකක් වගේනෙ…ඇවිත් ඉන්න සෙනඟ…ශුවර් එකට මේ මනුස්සයා එසේ මෙසේ එකක් නෙවෙයි..”  හෝල් එකට ඇතුල් වෙද්දිම මං චූටිගෙ කනට කරලා එහෙම කිව්වෙ…

” ඒකනෙ සිස් මං එහෙම කිව්වෙ….මේ එසේ මෙසේ පාටි එකක් එහෙම නෙවෙයි…”

එහෙම කියන ගමන් චූටි යසිත්ගෙ අතේ එල්ලුනේ මාව තනි කරලා…යකෝ මේකි…අක්කවත් දාලා යසිත් එක්ක යන ලස්සන…අම්මිත් තාත්ති එක්ක ඉස්සර වෙලා යනවා…තනියම පිටිපස්සහින් ආව මං වටේ පිටේ ලස්සන දිහා බලාගෙන යනකොට මට ඇහුනෙ හුරු පුරුදු කටහඬක්..

“හලෝ දේවක….” ඒ කෙනා එහෙම කියද්දි තමා මාත් ඒ දිහාව බැලුවෙ..

“ගජසිංහ ඇමතිතුමා….” 

 මං කටත් ඇරන් බලන් හිටියෙ ඒ දිහාවෙ…ඇමතිතුමා ලඟම හිටියෙ කට පුරා හිනා වේගෙන අම්මිව බදාගන්න ගෑණූ කෙනෙක්…ශුවර් එකටම ඇමතිතුමාගෙ වයිෆ් වෙන්න ඕන..ඒ කියන්නේ සෙවල පෙඳෙයියගෙ අම්මා…මොනා උනත් හරි කරුණාවන්ත ලස්සන පෙනුමක් එයාට තිබිබෙ..දැන් මෙහෙමනම් ඒ කාලේ කොච්චර ලස්සන ඇත්ද..ඒ මොනා උනත් ඇමතිතුමා මොකද මේ අපිව පිලිගන්නෙ…මේක එයාලගෙ පාර්ටි එකක්ද…එතකොට බර්ත් ඩේ එක ඇමතිතුමාගෙද…? දාහක් ප්‍රශ්න ඔලුවට එද්දි  ඒවට උත්තර හොය හොය හිතත් එකක ෆයිට් කර කර හිටිය මං ගැස්සිලා ගියෙ කවුරු හරි මගෙ අත් දෙකෙන් අල්ලගද්දි…

“දෝණි…..” මගෙ  අත් දෙකත් අල්ලන්  ඇමතිතුමා කතා කරද්දි තමා මං සිහියට ආවේ…

“ආ…මේ…අංකල්…. හැපි බර්ත් ඩේ…” එහෙම කියලා මං හිනා උනේ අංකලුත් හිනා වෙද්දි…

“අද බර්ත් ඩේ එක අංකල්ගෙ නෙවෙයි දෝණි…” එහෙම කියලා ඇමතිතුමාගෙ වයිෆ් මාව බදා ගත්තෙ හරි ආදරෙන්.  මාත් ලස්සන හිනාවක් දැම්මෙ වෙච්ච ලැජ්ජාවටත් එක්ක…ඇයි යකෝ පැනලම අන්කල්ට විශ් කරානෙ…

“යං කට්ටියම ඉස්සරහට…අපි මේ ඔයාලා එනකම්මයි හිටියෙ…” එහෙම කියලා ඇමතිතුමා ඉස්සර වෙද්දි පෙඳෙයියගෙ අම්මා ඇවිත් මගෙ අතින් අල්ලන් ඉසිසරහට ගියේ හැමෝම අපි දිහා බලාගෙන ඉද්දි…ශික් යකෝ ..මම නිකන් ආරාධිත අමුත්තා වගේනෙ…එහෙම් මෙහෙන් ෆොටෝසුත් ගන්නවා.. වීඩියොත් කරනවා…ටීවි එකට දෙන්නද දන්නෙ නෑ…එහෙමම  ඉස්සරහට ගිහින් නතර වෙලා ලස්සනට ඩෙකරේට් කරපු ටේබල් එකක අපි කට්ටිය වාඩි වෙද්දි ඇමතිතුමායි එයාගෙ වයිෆුයි ටිකක් එහාට ගියේ ආයෙම අපි ඉන්න තැනට එන්නම් කියලා කියන ගමන්…

හතර අතම ඇස් කරකවන කොට තමා මං දැක්කෙ හුරු පුරුදු මූනවල් ටිකක්…දෙයියනේ යසිත්ලගෙ ගෙදර අය…හිතට පොඩි සතුටක් මෙව්වා උනේ දන්න කියන කට්ටියක් හරි ඉන්නවනෙ කියලා හිතාගෙන..

ඒත් එක්කම වගේ දාලා තිබ්බ මියුසික් එක අඩු වෙද්දි මං බැලුවෙ ඉස්සරහා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හේ හේ…..මොන වගේ පාටියක්ද බං ඒ…???

 

 

53 thoughts on “? ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | දොළොස් වන කොටස”

  1. අනේ දිසා අක්කේ….. මට උණ වගේ අප්පා…. මගෙ ගොන් බූරු මල්ලියා වෛරස් උණක් මුළු ගෙදරටම බෝ කළානේ…… හොඳ වුණු ගමන්ම කමෙන්ට් කරන්නම්…..

      1. ගොන් බූරු තමයි…. ලෙඩ බෝ කිරීමේ මූලාරම්භය තමුන්නෙ…. මට එක්සෑම් එකට යන්නත් නෑ…..

    1. Nawodya Dissanayake

      මටත් එහෙමයි අනේ …දැන්නම් උන නෑ… හෙම්බිරිස්සාව අඩු නෑ…මුලු ගෙදරටම…බෝ කරේ ඉතින් මම තමා..?… පරිස්සමින් කවී… බුදු සරණයි ♥️

          1. රිතූ ?

            දඟ පවුලට සාදරයෙන් පිළිගන්නවා මල්ලියෝ ???

            1
    1. Nawodya Dissanayake

      නෙරංජලා…. අලුත් කෙනෙක්ද…..?…තෑන්ක්ස් කමෙන්ට් එකට…

  2. හිමා?

    කතාව ගොඩක් ලස්සනයි අක්කී?
    අහස්ගේ නේද බර්ත්ඩේ පාටි එක
    තමීරට ප්‍රපොස් කරන්න නේද යන්නේ

  3. රිතූ ?

    හත්තික්කේ ???

    පැනපු ගමන් ඇමති තුමාට විෂ් කරා ???? හයියෝ ??

    හම්මේ බර්ත්ඩේ එක වෙඩින් එකක් වගේ ගන්නවා නම් වෙඩින් එක කොහොම ගනීවිද ?? තමීරා ලකී ඈ

    බර්ත්ඩේ එක අහස් ගේ කියලා දැනගන්නකොට තමීරාගේ මූණ බලාගන්න තිබ්බා නම් ?

    තමීරාට ප්‍රපෝස් කරයිද ???

    අනේ දිසා අක්කේ…. දැන් නම් කතාව කියවනකන් ඉවසිල්ලක් නෑ ???

    ගොඩක් ලස්සනයි කතාව ❤

    මේ දිසා අක්කේ ? යෝජනාවක් තියේ…
    ඔයාගේ බර්ත්ඩේ එක දවසට බෝනස් කොටසකුත් දෙන්නකෝ ? අනේ… අනේ… අනේ… ප්ලීස් ?

    1. Nawodya Dissanayake

      මගේ බර්ත් ඩේ එක අනිද්දා…??? මම ඇඩ්මින් සර් ට කියන්නම් කෝ…තැන්කිව් රිතූ…♥️

    1. Tharusha Nethmal

      ඔයාගෙ නම,ගම,වයසත් කියන්නකෝ රිතූ අක්කියෝ දැන ගන්න ???

      1. රිතූ ?

        ම්ම්ම්??? ගම නම් වාද්දුව ? උපන්දිනය 2003.4.1. ?? අප්‍රේල් පලවෙනිදා ???

  4. වෙඩින් එකක් වගේ බර්ත්ඩේ පාර්ටි එකක්…. මට නිකන් මැවිලා පේනවා වගේ අක්කියෝ…. මට ඔය වගේ අවස්ථාවක් ලැබෙන්නෙ නෑනෙ… මටත් හිතෙනවා අහස් පාටි එකේදි තමීරාට ප්‍රපෝස් කරයි කියලා… ඒක දැන ගන්න ඉතින් ඊළඟ කොටස දානකල් ඉවසන්න එපැයි…. කතාව හුඟාක් ලස්සනයි අක්කියෝ…. තව තවත් ලස්සන අදහස් ගොඩක් ඔයාගෙ හිතට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා…. පරිස්සමින් ඉන්න අක්කියෝ…. ජේසු පිහිටයි…. බුදු සරණයි….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.